කටකතාවලට තිත තියන්න ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරන්නැයි ජනරාල්ට කියන්න


(2009 ඔක්තෝබර්  18 - W3Lanka) අසත්‍ය ප්‍රචාර ගෙන යන මාධ්‍ය ආයතනවලට එරෙහිව දැඩි පියවර: සරත් ෆොන්සේකා සහ රජය අතර ගැටුමක් නෑ!
- හමුදා මාධ්‍ය ප්‍රකාශක

මේ ආණ්ඩුවේ ඉරිදා හොරණෑව වන සිළුමිණ පුවත්පතේ ප්‍රධාන ප්‍රවෘත්තියයි.

සෙනසුරාදා දිනම්ණ පුවත්පතේ ප්‍රධාන ප්‍රවෘත්තිය වූයේ ද මෙයමයි. ඒ මෙසේය: ජෙනරාල් සරත් ෆොන්සේකා සමඟ ආණ්ඩුවේ කිසිදු ගැටුමක් නැහැ

බොරු ප්‍රචාරවලට නීතිමය පියවර - බ්‍රිගේඩියර් උදය නානායක්කාර

එක ම ප්‍රවෘත්තිය එක ම ආයතනයේ දින දෙකක පුවත්පත්වල ප්‍රධාන ප්‍රවෘත්තිය වීම අසාමාන්‍ය බව පුවත්පත් කලාව ගැන දන්නා අය දනිති. 


ජනරාල් සරත් ෆොන්සේකා පිළිබඳ පැතිර යන කට කතා හේතුවෙන් ආණ්ඩුව කෙතරම් කලබලයට පත්  වී තිබේ ද යන්න පිළිබඳව මෙය කදිම සාක්කියකි. 

මේ කටකතා බොරු බව කීම සඳහා රජය කළ යුතුව තිබෙන්නේ තමන්ගේ ජනමාධ්‍යවල ප්‍රධාන පුවත ලෙස මෙවැනි පුවත් නැවත නැවත පළ කිරීම හෝ ජනරාල්වරයා පිළිබඳ පුවත් පළ කරන කර්තෘන් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම නොව ජනරාල් සරත් ෆොන්සේකාට මේ පිළිබඳව ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරන ලෙස දැනුම් දීමයි. 


එම ප්‍රකාශය ජනමාධ්‍යවලින් ප්‍රසිද්ධ වූ විට මේ කටකතාවලට තිත තැබෙනු ඇත.

Comments

  1. ඔන්න ඔය පත්තර කන්තොරුයි,රුපවාහිනි,ගුවන විදුලි ආයතනයි තවත් ඕනැ නම් කොත්තු කඩ ටිකයි ආණ්ඩුවට ගන්න මහින්ද.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා