කඳුළු ගෑස් ප්‍රහාරයකදී ආරක්ෂා වන හැටි
උද්ඝෝෂණවලින් කළ හැකි දේ අවමය. උද්දේශනයෙන් බොහෝ දේ කළ හැකිය. උද්දේශනය යනු අරමුණු වෙනුවෙන් පෙනී සිටිමින්, සංවාද කරමින්, වෙනස්කම් නිර්මාණය කිරීමට උත්සාහ කිරීමයි. එවැනි අවකාශ බොහෝ තිබේ. පාර්ලිමේන්තුවට, එහි මන්ත්‍රීවරුන්ට ඍජුව බලධාරීන් සමග එක්ව කටයුතු කළ හැකිය. උද්ඝෝෂණ අත්‍යවශ්‍ය නැත. වර්තමානයේදී උද්ඝෝෂණ පවත්වන්නේ බලය පෙන්වීමට බව කවුරුත් දනිති. එය බල දේශපාලනයයි. එය වැරදි යයි මම නොකියමි. ඒ වෙනුවෙන් මැදිහත්වීම හෝ පාවිච්චි වීම තමන්ගේ කැමැත්තකි. එහෙත්, තමන්ගේ ආරක්ෂාව ගැන ද සිතීම ඉතා වැදගත්ය. එහෙයින්, කලකට ඉහතදී මාධ්‍ය සංවිධානයක් වෙනුවෙන් කරන ලද පරිවර්තනයකින් උපුටාගත් මෙම කොටස මෙහි පළකරමි. සාමාන්‍යයෙන් කඳුළු ගෑස් විදිනු ලබන්නේ හිස් තුවක්කු පතුරමක් ආධාරයෙන් තුවක්කුවක අගට සවි කරනු ලබන බෝම්බයක ආකාරයටයි. එබැවින් කඳුළු ගෑස් විදින කල ද වෙඩි තබන ශබ්දය ඇසේ. ඔබට වෙඩි වැදුණා යයි වරදවා වටහා නො ගන්න. කලබල වෙන්න එපා. වෙඩි ඇසුණු කල උඩ බලා කඳුළු ගෑස් බෝම්බය එන මාර්ගයෙන් ඉවත් වන්න. කඳුළු ගෑස් බෝම්බ බොහෝ විට ගුවනේදී ම පිපිරේ. දුම් පිට වන ලෝහමය කෑනයක් බිමට වැටේ. මෙම කෑනය ඉතා උණුසුම් විය හැකි ය. එබැව...