Posts

Showing posts from June, 2020

ලංකාව අලුත් වටයකින් චීන ණය උගුලට අසුවන ලකුණු

Image
June 29, 2020   admin   Development   International අජිත් පැරකුම් ජයසිංහ ශ්‍රී ලංකාවේ රාජපක්ෂ ආණ්ඩුව අලුත් වටයකින් චීන ණය උගුලට හසු වන ආකාරය දක්නට ලැබෙන බව අපි වාර්තා කරන්නෙමු. එසේ සිදු වන්නේ, ඉන්දියාව හා චීනය අතර දකුණු ආසියානු කලාපයේ ආධිපත්‍යය සම්බන්ධයෙන් තිබෙන ගැටුම සියුම් ලෙස භාවිතා කරමින් ශ්‍රී ලංකාව අලෙවි කරගැනීමට මෙරට පාලකයන් දරන මුග්ධ උත්සාහය බව අපේ වැටහීමයි. ලංකාව කරන්නේ ඉන්දියාවෙන් මුදල් ඉල්ලා ඉන්දියාවට එම ඉල්ලීම ඉටු කිරීමට නොහැකි වූ විට අපි එහෙනම් චීනෙන් ගන්නවා ය කියා ඉන්දියාවට උජාරුව පෙන්නා අවසානයේදී හරි ආඩම්බරෙන් චීන උගුලට පැනීමයි. නැවත වතාවක් එය සිදු වෙමින් තිබේ. ලංකාවේ දේශපාලකයන් හිතන්නේ මෙය මාර දක්ෂ රාජ්‍ය තාන්ත්‍රිකභාවයක් ය කියා ය. එහෙත්, මෙය කරගන්නට දෙයක් නැති අසරණභාවයේ ම තවත් අදියරක් පමණි. ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව බලයට පත් වූ අලුත ම ඉන්දියාවෙන් විදේශ විනිමය සංචිත සඳහා මුදල් හුවමාරුවක් කරගැනීමට උත්සාහ කළේ ය. කොරෝනා අර්බුදයෙන් පසුව ද ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් එවැනි ණයක් බලාපොරොත්තු විය. පෙබරවාරියේදී අගමැති මහින්ද රාජපක්ෂ කළ දිල්ලි චාරිකාව අතරතුරදී ණය පිළිබඳ ස

ගෝලීය වසංගතවලට ජාතිකවාදී විසඳුම්

Image
June 27, 2020   admin   Politics අජිත් පැරකුම් ජයසිංහ මේ වන විට ලංකාවේ සමාජයෙන් කොවිඩ්-19 රෝගීන් හමුවීම මුළුමනින් ම නතර වී ඇත. එසේම, ලංකාවේ ලොකුම කොරෝනා පොකුර වූ නාවික හමුදාවේත් රෝගීන් පාලනය වී ඇත. මෙම සටහන පළ වන විට ලංකාවේ මෙතෙක් වාර්තා වූ කොරෝනා රෝගීන් ගණන 2,000 ඉක්මවා තිබෙන්නට පුළුවන. මේ වන විට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 සංඛ්‍යාලේඛන ඉහළ යන්නේ විදේශයන්හි සිට ආපසු පැමිණෙන ශ්‍රී ලාංකිකයන් නිසායි. රටකින් පිටත්ව රටකට පැමිණෙන මිනිසුන්ට කොවිඩ්-19 වැළඳී නැති බවට එම මගියා පිටත් වන රට වගකිව යුතුයි. වුණත්, ලංකාවට පැමිණ පීසීආර් පරීක්ෂණ සිදු කරන විට එම පුද්ගලයන්ට කොවිඩ්-19 වැළඳ තිබීමෙන් පෙනී යන්නේ කොරෝනා වයිරසයේ ආක්‍රමණශීලී ස්වභාවයයි. මේ වන විට ආපසු සිය රට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටින ශ්‍රී ලාංකික විදෙස්ගත ශ්‍රමිකයන්ගේ සංඛ්‍යාව 50,000ක් පමණ වේ. ඔවුන්ගෙන් අති විශාල පිරිසකට මේ වන විට රැකියා අහිමි වී ඇත. බොහෝ දෙනෙකුට නවාතැන්, ආහාර ආදිය පිළිබඳ ප්‍රශ්න ඇති වී තිබේ. ශ්‍රී ලංකා රජය කල්ගනිමින් සිටින්නේ ඇතැම් රටවල් කොවිඩ්-19 මැද ම යථා තත්වයට හැරෙමින් පවතින නිසා මේ අතරින් යම් පිරිසකට ආපසු රැකියා ල

ව්‍යාපාර ලෝකයේ ලාංකික කාන්තාවට සංකේතාත්මක ජයග්‍රහණ දෙකක්

Image
June 26, 2020   admin   Business   Women ශ්‍රම බලකායේ කාන්තා සහභාගිත්වය ද 2010දී 41%ක මට්ටමක තිබී 2018 වන විට 34% දක්වා පහත බැස්සේ ය. මෙයට සාපේක්ෂව ශ්‍රම බලකායේ පිරිමි සහභාගිත්වය 73%කි. ව්‍යවසායකත්වයේදී හා ව්‍යාපාරකරණයේදී ද ශ්‍රී ලාංකික කාන්තාව සිටින්නේ පසුපසිනි. ව්‍යාපාර ලෝකයේ ශ්‍රී ලාංකික කාන්තාවගේ දායකත්වය අවම ය. ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනෙකු මෑතදී ලබාගත් ජයග්‍රහණය ඇගයීමට ලක් කළ හැක්කේ මෙම සංදර්භය තුළයි. මෙලනි ජනීන් කනකා පසුගියදා කළමනාකරණ ගණකාධිකාරිවරුන්ගේ වරලත් ආයතනයේ (CIMA) 101වන වාර්ෂික මහා සභාවේදී ගෝලීය උප සභාපති ධුරයකටතේරී පත් වූවා ය. බ්‍රිතාන්‍යයෙන් පරිබාහිර රටක කාන්තාවක් CIMA ගෝලීය නායකත්ව තනතුරකට පත් වූ පළමු වතාව එයයි. ඇය ක්ෂේත්‍රයේ 30 වසරක අත්දැකීම් හා කීර්තියක් සහිත කාන්තාවකි. මේ අතර, කස්තුරි චෙල්ලරාජා විල්සන් හේමාස් ගෘප් පීඑල්සී සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි තනතුරට පත් වී ඇත. ඇය ශ්‍රී ලාංකික ව්‍යාපාර සමූහයක ප්‍රධාන විධායක නිලධාරි තනතුරට පත් වූ පළමු කාන්තාව ලෙස ඉතිහාසගත වේ. ඇය එම සමාගමේ හිටපු කළමනාකාර අධ්‍යක්ෂවරිය වන අතර ශ්‍රී ලංකාවේ ජාතික මට්ටමේ වෘත්තී

ගල්කිස්ස වෙරළේ වැලි හා සංවර්ධන සන්නිවේදනයේ ගැටලු

Image
June 25, 2020   admin   Communication   Development අජිත් පැරකුම් ජයසිංහ මුහුදින් පොම්ප කර ගල්කිස්ස වෙරළේ වැලි පිරවීම හා එම වැලි සේදී යාම සමග ශ්‍රී ලංකාවේ සමාජයේ හා මාධ්‍යවල ඇති වූ කතාබහ ගැන විමසා බැලීම ඉතා වැදගත් ය. රු. මිලියන 890ක වියදමින් ඩෙන්මාර්ක සමාගමක් විසින් කරන ලද කොන්ත්‍රාත්තුවක් වූ මෙමගින් කළුතර කැලිඩෝ වෙරළේ, රත්මලානේ හා ගල්කිස්සේ වැලි පුරවන ලදී. ගල්කිස්සේ වැලි පිරවීම සිදු වුණේ අප්‍රේල් මාසයේ කොරෝනා ඇඳිරි නීති මැදයි. එම හේතුවෙන් එය ගැන සැක සංකා මතු විය. ලංකාවේ රජයේ හා නිලධාරීන්ගේ වැඩ ජනතාවගේ සැකයට භාජනය වීම ඉතා සාමාන්‍ය තත්වයකි. එහෙත්, වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරන දෙපාර්තමේන්තුව පවසන පරිදි සිදු වී තිබෙන්නේ ඩ්‍රෙජිං යන්ත්‍ර නතර කිරීම අධික වියදමකට හේතු වන නිසා මෙම වැලි පිරවීම කල් දැමීමට බැරි වීමයි. ගල්කිස්සේ පිරවූ වැලි සේදී යාමත් සමග එම ව්‍යාපෘතියේ අයිතිකාරයන් සොයාගන්නට නැති විය. ආණ්ඩු විරෝධීන් මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ආණ්ඩුව විවේචනය කරද්දී, ආණ්ඩුව ව්‍යාපෘතියේ වගකීම පසුගිය ආණ්ඩුව මත පටවන්නට උත්සාහ කළේ ය. මේ අතර වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරන දෙප

40,000 EXPAT SRI LANKAN WORKERS YET TO RETURN

Image
June 25, 2020   admin   English   News Sri Lanka government revealed that 40,000 Sri Lankan expatriate workers are waiting for flights to return home. As of 25th June, 52,401 Sri Lankan expatriate workers have applied to return to Sri Lanka, cabinet spokesman Bandula Gunawardane announced today. They belong to an estimated total migrant labour force of over 1.3 million Sri Lankans. Meanwhile, the Minister told that 9,580 of them from 38 countries have already been brought back to the island. Ten more flights from ten destinations are planned in June, Minister Gunawardane said. The expatriate workers who return to Sri Lanka have to undergo quarantine of 14 days at a government-designated place. Thousands of Sri Lanka expatriate workers are undergoing utmost difficulties in the countries they worked previously. Some of them have already overstayed in those countries. Many have lost jobs and find it extremely difficult to seek food and lodging. People lament about the

චේට ගිය කල

Image
June 25, 2020   admin   Life චේ ගුවේරා වගේ විප්ලවීය දේශපාලන චරිතයක් ජනප්‍රිය සංස්කෘතියට ඇතුළු වුණේ ඔහුගේ රූපයේ චිත්‍රමය හා ග්‍රැෆික් ප්‍රතිනිර්මාණත් එක්කයි. එහිදී ඔහු අත තිබුණු අවියට වඩා රැවුල, තොප්පිය හා මුව රැඳුණු සුරුට්ටුව ජනප්‍රිය වුණා. ඔහුගේ ඒ රූපමය ප්‍රකාශනය අවසානයේදී දේශපාලන ප්‍රකාශනය අභිභවා ගියා. බොබ් මාලි ජනප්‍රිය සංස්කෘතියේ සංකේතයක්. ඒත්, වඩා ජනප්‍රිය සංස්කෘතීන් තුළ බොබ් මාලිගේ සංගීතය හා රස්තෆානියන් දැක්ම වෙනුවට ගංජා එක්ක ඔහුගේ තිබුණු සම්බන්ධය ඉස්මතු වුණා. ලංකාවෙ වර්තමානයේදී පහළ මට්ටමේ ජනප්‍රිය සංස්කෘතිය ඇතුළෙ චේ හෝ මාලි කියන්නෙ සාරයක් තිබෙන සංකේත නෙමෙයි. ඒ සංකේත කොච්චර නිස්සාර ද කියනවා නම් සම්පූර්ණයෙන් ම වෙනස් සංදර්භ දෙකකට අයත් චේයි මාලියි ඔවුන්ට පැටලෙනවා. හැබැයි, ඒ පැටලිල්ල ඇතුළෙ සංගීතයවත්, විප්ලවයවත් මොකුත් නැහැ. තිබෙන්නේ ගංජා විතරයි. ගංජා කියන්නෙ රැඩිකල් පොරත්වයේ සංකේතයක්. ප්‍රභූ, නිර්ප්‍රභූ කවුරුත් ගංජා පුම්බනවා. සූස්තියක් ගහනවා කිව්වා ම, බොනවා, සිගරැට් බොනවා කියනවාට වඩා මොකක්ද ගතියක් තියෙනවා ය කියලා පොදු ප්‍රකාශනයක් තියෙනවා. සූස්ති ගහන එකා අමුතු ඩයල් එකක් වග

MAHINDA IN POLITICS FOR 50 YEARS

Image
June 24, 2020   admin   English   Politics Mahinda Rajapakse is not a mere celebrity in Sri Lanka but also a true legend of the modern politics in Sri Lanka. A basic feature of these types of legendary characters is the collection of stories around their characters that infuse bravery to such individuals. The majority of   such stories are exaggerations. There are many such stories on other legends like J. R. jayawardena, Vijaya Kumaranathunga, Gamini Fonseka and H. R. Jothipala, They go to history with these stories. The true character of the historical legend is usually overwhelmed by the fictional versions. Mahinda sees it while he is alive. Mahinda was an average politician who suddenly emerged as a a brilliant leader with the ethnic war. He was successful in defeating Tamil Elam liberation struggle and consolidating the victory of the Sinhala nationalist movement. He was not ready for that. Also, he was not a visionary but a populist. He is a shrewd politician who is

හරින් ප්‍රනාන්දු කාදිනල් ගැන කී දෙය නම් හරි ය

Image
June 23, 2020   admin   Politics අජිත් පැරකුම් ජයසිංහ පාස්කු ප්‍රහාරය සම්බන්ධ කරගෙන අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් පොහොට්ටුවට පක්ෂපාතී දේශපාලනයක නියැලුණ බව හරින් ප්‍රනාන්දු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මේ වන විට දැවැන්ත ආන්දෝලනයක් ඇති වී තිබේ. ඔහු ජාතික ලැයිස්තු අපේක්ෂකත්වය දරණ සමගි ජන බලවේගය පවා ඔහුට එරෙහිව අවි අමෝරාගෙන ය. ජාතික සමගි ජනබලවේගය තුළ ඇති බල අරගලය හේතුවෙන් හරින් සමග පෞද්ගලික තරහ මරහ ඇති කාවින්ද ජයවර්ධනගේ සිට සජිත් ප්‍රේමදාස දක්වා පිරිස් හරින් ප්‍රනාන්දුට පහර දෙන්නට පටන් ගෙන තිබේ. එහෙත්, හරින් ප්‍රනාන්දු කීවේ බොරුවක් නොවේ. ඇත්තකි. පාස්කු ප්‍රහාරය සමග කාදිනල් රංජිත්ගේ චර්යාව තුළ දක්නට ලැබෙන්නේ තනිකර පොහොට්ටු හිතවාදී දේශපාලනයකි. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඉතා සරල සත්‍යයක් තිබේ. මුස්ලිම් අන්තවාදයේ අයන්නේ සිට අංයන්න දක්වා සියල්ල දන්නා විශේෂඥයන් දැන් පඳුරක් පඳුරක් ගානේ සිටිති. එහෙත්, ඒ කිසිවෙකු 2019 අප්‍රේල් 21දාට කලින් මේ තරම් දරුණු ප්‍රහාරයක් මුස්ලිම් අන්තවාදී කල්ලියක් විසින් එල්ල කළ හැකි බවට අනතුරු අඟවා තිබුණේ නැත. ප්‍රහාර ගැන අනතුරු අඟවන්නට පුළුවන. මීට කලින් මුස

උතුරේ තරුණයෙකුට හමුදාවෙන් වෙඩි

Image
June 22, 2020   admin   Crime උතුරේ මුහමාලෙයි ප්‍රදේශයේදී හමුදා වෙඩිතැබීමක් හේතුවෙන් 24 හැවිරිදි තරුණයකු මියයාමත් සමග කලබලකාරී තත්වයක් නිර්මාණය වී තිබේ. පේදුරුතුඩුව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන තිරවියම් රාමලිංගම් නමැති මෙම තරුණයා මියගොස් තිබෙන්නේ වැලි ට්‍රැක්ටරයක ට්‍රේලරයේ ගමන් කරමින් සිටියදී පොලිස් වෙඩි පහරකින් බව වාර්තා වේ. සිද්ධිය සිදු වී තිබෙන්නේ සෙනසුරාදා සන්ධ්‍යාවේ ය. මෙම තරුණයා පලෙයි රෝහලට ඇතුළත් කරන ලද නමුදු ඔහුට ප්‍රතිකාර කිරීමට විනාඩි 45ක් පමණ ප්‍රමාද වී තිබේ. රාමලිංගම්ගේ නෑදෑයෝ හා මිත්‍රයෝ ඒ-9 මාර්ගයේ වාඩි වී සිටිමින් පසුගිය සෙනසුරාදා සවස විරෝධය පළ කිරීමක් ද කළ හ. නීති විරෝධී වැලි ජාවාරම මේ වන විට උතුරු නැගෙනහිර ඇතැම් ප්‍රදේශවල ද ව්‍යාප්ත වී තිබෙන අතර මීට පෙර වැලි ජාවාරම් සම්බන්ධ ගැටුමකින් 2017දී ද දෙමළ තරුණයකු පොලිස් වෙඩි පහරින් මිය ගියේ ය. ටැමිල්නෙට් ඇතුළු දෙමළ ජාතිවාදී වෙබ් අඩවි මෙම සිදුවීම අධි සංවේදී ආකාරයකින් වාර්තා කරන ආකාරය ද දැකිය හැකි ය. ඡායාරූපය මරණයෙන් පසු පලෙයි රෝහල ඉදිරිපිට දර්ශනයකි. Adapted from praja.lk

අපරාධකාරී සිවුරුකාරයන් හිරගෙට; අන්තවාදී මහණුන්ට වැට; ප්‍රභූ භික්ෂූන් උපදේශක සභාවට

Image
June 21, 2020   admin   Religion අජිත් පැරකුම් ජයසිංහ සිවුරේ බලයට ආවරණය වෙමින් විවිධ අපරාධ හා වැරදි ක්‍රියාවල නියැලුණ භික්ෂූන්ට අධිකරණයෙන් දැඩි දඬුවම් පමුණුවන ස්වභාවයක් නව රජය බලයට පැමිණීමෙන් පසු දක්නට ලැබේ. මෙම සටහන තබන විට ආසන්නම සිද්ධිය වන්නේ නව හැවිරිදි දැරියක දූෂණය කළ කොළොන්නාවේ විහාරස්ථානයක 47 හැවිරිදි හිමි නමකට කොළඹ මහාධිකරණය විසින් බරපතල වැඩ සහිතව අවුරුදු අටක සිර දඬුවමක් හා දඩයක් පැනවීමයි. ඊට පෙර, පසුගිය ජුනි 01දා ද විහාරාධිපති හිමි නමකට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කරන ලදී. මාලිගාවත්ත ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ විහාරාධිපති ඌවතැන්නේ සුමන හිමි ටී-56 ගිනි අවියක් ලඟ තබා ගැනීමේ චෝදනාව මත මෙසේ ජීවිතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිර දඬුවමකට ලක් විය. වාරියපොල පොලිසියට පැමිණ පොලිස් පරීක්ෂකවරයකුට තර්ජනය කර කළහකාරී ලෙස හැසිරුණු වඩුගෙදර සාරානන්ද හිමිට පසුගිය අප්‍රේල් 25දා අධිකරණය ඇප ලබාදුන්නේ දැඩි කොන්දේසි මත ය. එහෙත්, එහිදී ද භික්ෂුවක් වීම යන කරුණ කෙරෙහි අවධානය යොමු කරන බව වැඩබලන මහේස්ත්‍රාත්වරයා අවධාරණය කළේ ය. පවුලේ ආරාවුල් හේතුවෙන් රැකබලා ගත නොහැකි බව පවසා භික

පොළී අනුපාතික අඩු කිරීම නිසා උග්‍ර වන වැඩිහිටි ජනගහණයේ ගැටලුව

Image
June 20, 2020   admin   Economy   Elderly   Life පොළී අනුපාතික අඩු කිරීමට රජය ගත් තීරණය හේතුවෙන් ඇති විය හැකි විපාක පිළිබඳ ආර්ථික විශේෂඥයෝ විවිධ කරුණු ඉදිරිපත් කරති. කෙසේ වෙතත්, මහජනතාවගේ පැත්තෙන් බැලූ කල, ණය පොළී අනුපාතික අවම වීම ව්‍යවසායකත්වය පැත්තෙන් ඉතා හොඳ ය. මිනිසුන් ව්‍යවසායකත්වය පැත්තට යොමු වීම රටේ සංවර්ධනය පැත්තෙන් හොඳ ය. ලංකාවේ ජනතාව අතරින් ව්‍යවසායකයන් සිටින්නේ 5%කටත් අඩු පිරිසකි. වැඩි වැඩියෙන් පිරිස් ව්‍යාපාර වෙත යොමු වීම හොඳ තත්වයකි. කොවිඩ්-19 ඇඳිරි නීති අවසන් වීමෙන් පසු මහාමාර්ග අයිනේ සිටින බොහෝ පදිංචිකරුවන් වත්තේ පොල් ගෙඩිය, රඹුටං ගෙඩිය, දූරියන් ගෙඩිය හෝ පාර අයිනේ තබා විකිණීමට උත්සුක වනු දක්නට ලැබේ. ජීවත් වීම දුෂ්කර වන තරමට මිනිසුන් වැඩියෙන් වැඩ කිරීමට පෙළඹේ. ව්‍යවසායකයත්වයට පෙළඹෙන මිනිසුන්ට තමන්ගේ නිෂ්පාදනයට වටිනාකමක් එකතු කරන්නට රජය උදව් කළ යුතු ය. උදාහරණයක් ලෙස මේ දිනවල බහුලව ඇති රඹුටන් මද ටින් කර අපනයනය කරන්නට යොමු වන්නට බැරි ඇයි? මූලික ගැටලුව වෙළඳපොළයි. ඒ වෙනුවෙන් උත්සාහ කරන ව්‍යවසායකයන්ට වෙළඳපොළ සොයා දීමට කටයුතු කළ යුත්තේ රජයයි. එහෙත්, රජයට මේ සම්බන්ධ

මිලිටරි බැණීම හා ආර්ථිකය හැදීම

Image
June 19, 2020   admin   Governance   Politics අජිත් පැරකුම් ජයසිංහ, ලංකා පුවත්පතේ පැරාගේ විරාමය කොලම, 2020 ජුනි 20 පහළ නිලධාරීන් කැඳවා ප්‍රසිද්ධියේ දෝෂාරෝපණය කිරීමේ හා තමන් අසාර්ථක යයි සිතන නිලධාරීන් අවඥාවට ලක් කිරීමේ මිලිටරි උපාය මාර්ගය අනුව යමින් ජනාධිපතිවරයා ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් කැඳවා මාධ්‍ය ඉදිරියේ ඔවුන්ට දොස් පැවරුවේ ය. මිලිටරි ක්‍රමය අනුව බලාපොරොත්තු වන්නේ මෙමගින් නිලධාරීන්ගේ අභිමානය බිඳ දමා ඔවුන් අණට කීකරු වන තත්වයට පත් කරගැනීම විය හැකි ය. රාජ්‍ය නායකත්වය යනු මෙවැනි ක්‍රමවේදයක් අනුගමනය කිරීම යයි සිතන ලාංකිකයන් විශාල පිරිසක් මේ රටේ සිටින නිසා මෙම සිද්ධිය ගැන පුදුම විය යුතු නැත. එමගින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රජාතාන්ත්‍රික නොවන නැඹුරුවට ආවඩන පිරිස් අමන්දානන්දයට පත් වනු ඇත. එහෙත්, එමගින් කාර්යක්ෂමතාව හා ඵලදායිතාව ඉහළ යනු ඇද්ද යන්න අපි නොදනිමු. සියල්ල අසාර්ථක වී තිබේ යයි සලකන තැනක ඒ අත්හදා බැලීම කර බලන්නට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ලැබී තිබෙන ජනවරම ගැන අපි ප්‍රශ්න කරන්නේ නැත. සරලව කියනවා නම් කරලා පෙන්විය යුතු ය. එහෙත්, මේ ටිකත් මතක් කර දිය යුතු ය. මේ රජය

හාල් මිල ගැන ගොවියකුගේ අදහස්

Image
June 17, 2020   admin   Agriculture මනෝජ් ප්‍රේමකීර්ති, බුත්තල පහුගිය දවස්වල ආයෙත් හාල් මිල ගැන ලොකුවට කතා වුණා. හාල් හදන්නෙ වී වලින්. වී මිල වැඩි වෙනකොට හාල් මිල වැඩි වෙනවා. ගොයම් කපන කාලෙට වී මිල අඩු වෙනවා .ගොවියෝ වගා කරන්නේ හතර අතට ණය වෙලා ගොයම් කපා ගත්ත ගමන් ඒ ණය ගෙවන්න ඕන. ඒ වෙලාවට පවතින මිළට කීයට හරි වී ටික විකුණා ගන්න තමයි ගොවියෝ බලන්නෙ. ගොවියන්ගේ වී ටික ව්‍යාපාරිකෙයො ගබඩා කර ගත්තට පස්සේ වී මිල ටික ටික වැඩි වෙනවා .ඒ එක්කම හාල් මිලත් වැඩි වෙනවා. කුඹුරු අක්කරයකින් සාමාන්‍ය අස්වැන්න වී බුසල් 80යි . සීයක්ම ගත්ත කියමුකො (කිලෝ දෙදාහයි). වී මිළ රුපියල් පනහ වුනොත් රුපියල් ලක්ෂයයි. කුඹුරු අක්කරයක වියදම රුපියල් 65,000 පනිනව. වී කිලෝව රු. 30ට 35 ට දුන්නොත් වියදම් කරපු මුදලවත් නෑ. හැම ගොවියාට ම කුඹුරු නෑ. අනුන්ගේ කුඹුරක් අරගෙන කරොත් අයිතිකාරයට හතරෙං පංගුවක් දෙන්නත් ඕන. එහෙම වුණොත් ලොකු අමාරුවක වැටෙන්න වෙන්නේ. පටන් ගත්ත තැන ඉඳන් අවසානය දක්වා ම වියදම ගන සැරේට. කීදෙනෙක් ගෙන් නං කියල ආරක්ෂා කරගන්න ද ? හාල් සල්ලි වලට අරන් කන පාරිභෝගිකයො ලංකාවෙ විශාල ප්‍රමාණයක් ඉන්නවා. කුඹුරු ග