Posts

Showing posts from January, 2011

ළමයි 21කට කන්න දෙන්න සිඟමන් යදින ජාතික ළමාරක්ෂක අධිකාරිය

Image
(2011 ජනවාරි 31,  W3Lanka )   නමින් ජාතික වන ළමාරක්ෂක අධිකාරිය නාහෙන් අඬ අඬා නිකුත් කළ නිවේදනයක් ඊයේ ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වනු අසන්නට ලැබිණි. ඒ නිවේදනයෙන් කියැවුණේ වැලිමඩ පාලම අසල අනාරක්ෂිත තත්වයක සිටියදී ළමාරක්ෂක අධිකාරිය භාරයට ගෙන ළමා නිවාසයකට ඇතුළත් කර තිබෙන ළමයින් 21දෙනෙකුට කන්න, අඳින්න දෙන්න සල්ලි නැති ය කියා ය. මේ ළමයින්ට කන්න, අඳින්න දෙන්න උදව් කරන්නැයි ඉල්ලමින් ළමාරක්ෂක අධිකාර්ය ප්‍රසිද්ධියේ සිඟමන් යදියි. ජාතික ළමාරක්ෂක අධිකාරිය  මේ කරන්නේ ජාතියේ ආඩම්බරකාර තාත්තාට අවමානයකි. කළ යුතුව තිබෙන හොඳ ම දෙය වන්නේ ළමයින් 21කට කන්න දෙන්න බැරි ජාතික අධිකාරිය වසා දමා යතුරු භාර දීම නො වේ ද? ජනමාධ්‍ය වෙත යන්නට හැකි සෑම අවස්ථාවකින් ම ප්‍රයෝජන ගන්නට දඟලන්නේ නැතිව මෙවැනි සම්මාදම් 'ජාතියට' අවමානයක් නො වන පරිදි කර ගැනීමට සමත් නිලධාරීන් අදාළ ආයතනවලට පත් කර ගැනීම රජයට හොඳ විය හැකි ය.

ලංකා ඊ නිව්ස් ගිනි තැබීම

Image
ලංකා ඊ නිව්ස් කර්තෘ  සඳරුවන් සේනාධීර කලකට ඉහතදීපහර කෑමට ලක් වූ මාධ්‍ය සංවිධාන නායක පෝද්දල ජයන්ත සමග (2011 ජනවාරි 31,  W3Lanka )   මාලෙබ්හි පිහිටි ලංකා ඊ නිව්ස් කාර්යාලයට ගිනි තබා ඇත. පරිගණක, ආම්පන්න, ලිපිද්‍රව්‍ය ආදාය ගිනි ‍ගෙන විනාශ වන්නට ඇත. එහෙත්, වෙනත් මාධ්‍ය මෙන් නො ව වෙබ් අඩවියක් ඒ අන්දමින් නැවැත්විය නො හැකි ය. කවුරු මේ දීන ක්‍රියාව කළාදැයි කිසි දිනෙක හෙළිදරව් නො වනු ඇත. එහෙත්, පාලකයින්ට ඇඟිල්ල දිගු වීම වළක්වන්නට බැරි ය. මන්ද, ලංකා ඊ නිව්ස් වනාහි ආණ්ඩු විරෝධී හා විපක්ෂ ලැදි ජනප්‍රිය මාධ්‍යයක් වන හෙයිනි. සිද්ධිය සිදු වන්නේ ලංකා ඊ නිව්ස්හි කලක් වැඩ කළ ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් වී මසක් ගෙවී යමින් තිබියදී ය. ඕනෑ නම් ලංකා නිව්ස් වෙබ් මෙන් ලංකා ඊ නිව්ස් ද ලංකාවේ අයට බලන්නට බැරි පරිදි බාධා කරන්නට විදුලි සංදේශ නියාමන කොමිෂමට පුළුවන. එහෙත්, ප්‍රොක්සි වෙබ් අඩවි හරහා තහනම් කළ අඩවි බලන එක වළක්වන්නට ක්‍රමයක් නැත.

සෑම වැසියන් තිදෙනෙකුගෙන් ම එක්කෙනෙක් අන්ත දිළින්දන් වන මොනරාගල පැවැත්වෙන දැයට කිරුළ සැණකෙළිය

Image
(2011 ජනවාරි 30,  W3Lanka )  බඩු මිළ අහස උසට ගොසිනි. දුප්පත්තු බඩගින්නේ ය. එහෙත්, ආණ්ඩුව සැරසෙමින් සිටින්නේ මහා සංදර්ශනයකටයි. ඒ පෙබරවාරි 4දා දිවයිනේ දිළිඳු ම දිස්ත්‍රික්කයක් වන මොනරාගලදී ආරම්භ වන දැයට කිරුළ ප්‍රදර්ශනයයි. මොනරාගල රාජපක්ෂවරුන්ගේ බල මර්මස්ථානයක් වන හම්බන්තොටට අල්ලපු දිස්ත්‍රික්කය වන අතර එම දිස්ත්‍රික්කය අයත් වන ඌව පළාතේ මහ ඇමති වන්නේ ජනාධිපති‍ගේ වැඩිමල් සොයුරාගේ පුත්‍රයා වන ශශීන්ද්‍ර රාජපක්ෂයි. 1990/1991ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දිළින්දන් ගණන් ගැනීම අනුව මොනරාගල දිස්ත්‍රික්කයේ දිළිඳුකමේ ප්‍රතිශතය 33.7%කි. 2006/2007 දත්ත අනුව මෙය වෙනස් වී ඇත්තේ 33.2% දක්වා පමණි. ඒ දිළිඳු ජනයා වෙනුවෙන් පවත්වනු ලබන දැයට කිරුළ සංදර්ශනය වෙනුවෙන් කරන වියදම‍ කොතරම්දැයි තවම දැනගන්නට නැත. එහෙත්, ප්‍රදර්ශනය නිමිති කොටගෙන කරන ලද යටිතල පහසුකම් සංවර්ධනයන්ට රු. බිලියන 20ක් වැය කර ඇති බව ආණ්ඩුව පවසයි. යටිතල පහසුකම් සංවර්ධනයෙන් දිළින්දන්ට යම් සෙතක් වන බව පිළිගත යුතු ය. එහෙත්, මෙම යටිතල පහසුකම් සංවර්ධනයේ ඉලක්කය දිළිඳුකම දුරලීම නො වේ. එය අතුරු ඵලයකි. අරමුණ නිෂ්ඵල සංදර්ශනයක් සඳහා පහ

එස්.බී. මේ කියන්නේ රාජපක්ෂවරුන්ට දුන් ආචාර්ය උපාධි ගැන ද?

Image
(2011 ජනවාරි 29  W3Lanka )  ප්‍රමිතියකින් තොරව දේශපාලඥයින්ට ආචාර්ය උපාධි පිරිනැමීම නැවැත්විය යුතු බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක උසස් අධ්‍යාපන සුදුසුකම් පිළිබදව ප්‍රතිපත්ති රාමුවක් සැකසීම පිළිබදව ජනවාරි 28දා කොළඹදී පැවති වැඩමුළුව අමතමින් ප්‍රකාශ කළේය. ඇල්කෙමියාගේ රසායනාගාරය නම් බ්ලොගයේ දැක්වෙන අන්දමට "ආචාර්ය මහාචාර්ය වරු සිව් වැදෑරුම් වේ. 1. පළමුව පිළිගත් විශ්වවිද්‍යාලයක මූලික උපාධිය ලබා, දෙවනුව වසර 3-4 (එංගලන්තය වැනි රටවල) හෝ වසර 5-7 ක් (අමෙරිකාව වැනි රටවල) දහදුක් විඳ “උපයා ගන්නා ආචාර්ය උපාධිය (Earned Doctorate)”. උදා. මහාචාර්ය ජී. එල්. පීරිස්, මහාචාර්ය නන්දදාස කෝදාගොඩ වැන්නවුන්…. 2. තම ක්‍ෂෙත්‍රයේ උන්නතිය උදෙසා මහඟු මෙහෙයක් කර, එම ‍ක්‍ෂෙත්‍රයේ “පොරක්” බවට පත්වීමෙන් විශ්වවිද්‍යාලයක් මඟින් දෙනු ලබන සම්මානනීය ගෞරව ආචාර්ය උපාධිය. උදා. ආචාර්ය තිස්ස අබේසේකර වැන්නවුන්…. 3. නොදී බැරිකමට හේතුවක් හොයාගෙන තම පැවැත්ම සඳහා රටේ නායකයන්ට දෙනු ලබන ආචාර්ය උපාධිය. ආචාර්ය මහින්ද රාජපක්‍ෂ, ආචාර්ය ගෝඨාභය රාජපක්‍ෂ වැන්නවුන්…. 4. කොහේ හෝ අටවාගත් අධ්‍යාපන කඩයකින් මුදලට හෝ බයට

ජනතාවනි, මහජන ආරක්ෂකයන්ගෙන් පරිස්සම් වෙනු!

Image
(2011 ජනවාරි 29,  W3Lanka )  මහජන ආරක්ෂාව සඳහා ය කියමින් ආයුධ සන්නද්ධව සිටින පොලිස් නිලධාරීන් හා බන්ධනාගාර නිලධාරීන් වැනි අය ගැවසෙන තැන්වලදී මහජනතාව පරිස්සම් විය යුතු ය. හේතුව, මෙම පුද්ගලයන්ගේ ඉලක්ක බොහෝ විට කකුලට තිබ්බොත් ඔලුවට හා උඹේ ඔලුව‍ට තිබ්බොත් මගේ ඔලුවට වදින වර්ගයේ ඒවා වීමයි. අපරාධ 93ට වරෙන්තු 80ක් තිබූ පාතාල අපරාධකරුවකු වූ පී. සනත් චන්දන සිල්වා නොහොත් ‘චූටි පුතා’ නමැත්තා ජනවාරි 26දා උදේ ගල්කිස්ස අධිකරණයට ගෙන ආ අවස්ථාවේ බන්ධනාගාර නිලධාරීන් තල්ලු කර දමා පලා යද්දී බන්ධනාගාර නිලධාරියකු තැබූ වෙඩි පහර සාමාන්‍ය පුද්ගලයකුට වැදී ඔහු බරපතල ලෙස තුවාල ලැබ අද අළුයම 1.00ට පමණ මිය ගියේ ය. මේ අහිංසකයාගේ මරණය පිළිබඳ අපේ සාතිශය සංවේගය ප්‍රකාශ කරමු. එසේ ම ඊනියා මහජන ආරක්ෂකයන්ගෙන් පරිස්සම් වන ලෙස අපි ජනතාවට අනතුරු අඟවමු.  මෙම සටහනත් කියවන්න:  විද්දෙ චූටි පුතාට; වැදුණෙ නඩුවකට ආපු පුතෙකුට .

මංජුල වෙඩිවර්ධනගේ අනෙකාව කියවන්න සූදානම් වන්න

Image

රජයේ බෙහෙත් ත්‍රිරෝද රථවල විකිණීම හා බහු ජාතික සමාගම්වලට රටේ ජන ජීවිත විකිණීම

Image
(2011 ජනවාරි 29,  W3Lanka )   වකුගඩු රෝගීන්ට ලබාදෙන ඉතා මිල අධික වන, එහෙත් රජයේ රෝහල්වලට රජය විසින් නොමිලේ නිකුත් කරනු ලබන,  රජයේ නිල ලාංඡනය  සහිත  ඖෂධ අලෙවි කරමින් සිටි ත්‍රිරෝද රථයක් පසුගිය සතියේ පේරාදෙණිය රෝහල ඉදිරිපිටදී අත්අඩංගුවට ගනු ලැබූ බව මාධ්‍යවල වාර්තා විය.  මෙසේ රජයේ නිල ලාංඡනය සහිත ඖෂධ අලෙවි පෞද්ගලිකව අලෙවි කිරීම තහනම් ක්‍රියාවකි. එසේම විලවුන් උපකරණ හා ඖෂධ අධිකාරියේ ප්‍රතිපත්තිය යටතේ  ඖෂධ ප්‍රවාහනය සඳහා හිතකර පාරිසරික තත්ත්ව ත්‍රිරෝද රථවල තිබේ යයි සැලකෙන්නේ නැත.  මෙකී ත්‍රිරෝද රථයෙන් ඖෂධ මිලදී ගැනීමට රෝගීන් යොමු කර ඇත්තේ කවුරුන්දැයි සොයා බැලීමටත් සිද්ධිය පිළිබඳ පොලිසිය සිදු කරන පරීක්ෂණයට අමතරව අමාත්‍යාංශය මට්ටමින් වෙනම පරීක්ෂණයක් සිදු කිරීමටත් සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන විලවුන් උපකරණ හා ඖෂධ අධිකාරියට උපදෙස් දී ඇති බව රජයේ මාධ්‍ය පවසයි. රජයේ රෝහල්වල ඖෂධ පෞද්ගලික ඔසුසල්වල අලෙවි කිරීම වැළැක්වීමේ විශේෂ පනතක් පාර්ලිමේන්තුවට මේ වසරේ ඉදිරිපත් කිරීමට සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇති බවක් අද දිනමිණේ පළ වී තිබේ. මෙවැනි වැරැදි සම්බන්ධයෙන් කටයුතු කිරීමට අ

පළාත් පාලන ඡන්දයෙන් දිනන්නේ කවුරු ද?

Image
(2011 ජනවාරි 28,  W3Lanka )  පළාත් පාලන ඡන්දයේදී මේ දේශපාලන ක්‍රමයේ පළමු පරාජය සලකුණු වූයේ තැපැල් ඡන්ද ඉල්ලුම් කිරීමේදී ය. සාමාන්‍යයෙන් රජයේ සේවකයෝ  විශාල පිරිසක් තැපැල් ඡන්ද ඉල්ලුම් කරති. ඒ මැතිවරණ රාජකාරි ගිය විට ඔවුන්ට ඡන්දය දැමීමට නො ලැබෙන බැවිනි. මෙවර ඔවුන් බහුතරයක් තැපැල් ඡන්ද අයදුම් ‍කළේවත් නැත.  තත්වයේ බරපතලකම කොතෙක් ද යත්, රජයේ සේවකයන් මැතිවරණ රාජකාරිවලට නො එනු ඇතැයි දැන් මැතිවරණ දෙපාර්තමේන්තුව බිය වී තිබේ. ඡන්දය දැමීමේ හිමිකම ඉදිරිපත් කරමින් මැතිවරණ රාජකාරි මගහැරිය නො හැකි බව දැන් මැතිවරණ දෙපාර්තමේන්තුව තර්ජනාත්මක ස්වරයෙන් පවසයි.  එහෙත්, 'තැපැල් ඡන්ද ඉල්ලුවේ නැතිනම් නිකම් හිටපියව්' කියා මැතිවරණ රාජකාරිවලට යොදවා ඇති අයකු තමන්ගේ ඡන්දය ප්‍රකාශ කිරීම වළක්වන අන්දමේ පියවර ගැනීමට සදාචාරමය හිමිකමක් රජයට නැත.  මේ වනාහි රජයේ සේවකයන් විසින් රටේ පවතින දේශපාලන ක්‍රමයට එල්ල කරන ලද අතුල් පහරකි. කෙටියෙන් කිව්වොත් මේ වනාහි 'තොපේ ඡන්දය තොපි ම කර ගනිව්' යන පණිවුඩයයි. දැන් ටොමී, ජිමී, පපී, සොපී වැනි අකුරු දෙකේ බජාර්කාර නම් ඇති මූණේ ලේ කළඳක් නැති වචනයේ පරිසමාප්ත අරුතින

විද්දෙ චූටි පුතාට; වැදුණෙ නඩුවකට ආපු පුතෙකුට

Image
(2011 ජනවාරි 27,  W3Lanka )  අපරාධ 93ට වරෙන්තු 80ක් තිබූ පාතාල අපරාධකරුවකු වූ පී. සනත් චන්දන සිල්වා නොහොත් ‘චූටි පුතා’ නමැත්තා ඊයේ උදේ ගල්කිස්ස අධිකරණයට ගෙන ආ අවස්ථාවේ බන්ධනාගාර නිලධාරීන් තල්ලු කර දමා පලා යද්දී බන්ධනාගාර නිලධාරියකු තැබූ වෙඩි පහර සාමාන්‍ය පුද්ගලයකුට වැදී ඔහු බරපතල ලෙස තුවාල ලබා තිබේ. ලංකාවේ ගිනි අවි දරණ පිරිස්වල ඉලක්ක ගැනීමේ හැකියාව බරපතල ප්‍රශ්නයක් වී තිබේ. ඒ නිසා ඔවුන් හාවාට විද්ද හැම විට ම වදින්නේ පඳුරට ය. ගිය අවුරුද්දේ දවසක පොලිසියත්, මංකොල්ලකරුවන් පිරසකුත් අතර පෙට්‍රල් ෂෙඩ් එකක පැවති වෙඩි හුවමාරුවකින් තාත්තාගේ ත්‍රිරෝද රියෙන් ඉන්ධනහලට පැමිණි පුංචි පුතෙක් මරු මුවට පත් විය. හොරු පළා ගිය හ. පොලිසිය අත්අඩංගුවෙන් පළා යන අපරාධකරුවකුගේ කකුලට වෙඩි තිබ්බොත් එය වදින්නේ ම ඔලුවට ය. ඔන්න බලන්න ඕනැ නම් මේ චූටි පුතා අහු වුණොත් මොකද වෙන්නෙ කියලා.  චූටි පුතා කියනවා එයා ළඟ ආයුධ තියෙනවා පෙන්නන්නම් කියාලා. ඉතින් පොලිසියේ මාමලා එයා එක්කගෙන යනවා ආයුධ අරන් එන්න. චූටි පුතා හංගලා තිබුණ ආයුධයක් අරගෙන පොලිස් මාමලාට වෙඩි තියන්න හදනවා. එතකොට පොලිස් මාමලා 'යටත් නො වුණොත් මම ඔබට වෙඩ

හාමුදුරුවන්ට බයට හෝ වැඩ බැරි දාසලා, වතීලා ගැන අනුකම්පාවට හෝ ගුරු පත්වීම් දීම හෙවත් අනාගත පරම්පරාවලට කෙළවීම

Image
(2011 ජනවාරි 27,  W3Lanka )  සම්බුද්ධ ජයන්තියට හෙවත් බුද්ධත්වයෙන් වසර 2600ක් සපිරෙන්න කලින් දහම් පාසල් ධර්මාචාර්ය විභාගය සමත් අයට රජයේ ගුරු පත්වීම් ලබා දීමට රජය කටයුතු කරන්නේ නැතිනම් සමස්‌ත ලංකා ශාසනාරක්‍ෂක බල මණ්‌ඩලයේ සියලුම හිමිවරුන් තනතුරුවලින් ඉල්ලා අස්‌ වන බව සමස්‌ත ලංකා ශාසනාරක්‍ෂක මණ්‌ඩලයේ ලේඛකාධිකාරී පූජ්‍ය ගෝනදූවේ ගුණානන්ද හිමි දෙසැම්බර් 27 දා ත්‍රිකුණාමලය විද්‍යාලෝක ජාතික පාසලේ අස්‌ගිරි පාර්ශ්වයේ මහානායක උඩුගම බුද්ධරක්‌ඛිත මහනායක හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති දහම් පාසල් සිසු ඇගයීම් උත්සවයකදී අනතුරු ඇඟවූ බව ඒ දිනවල පුවත්පත්වල වාර්තා වුණා. මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අගමැති හා බුද්ධශාසන ඇමැති දී. මූ. ජයරත්න මහතා සහභාගි වීමට නියමිතව තිබුණත් අයහපත් කාලගුණික තත්ත්වය නිසා ඔහු නොපැමිණි බව වාර්තා වේ. ආවා නම් මේ තර්ජනය අසාගෙන ගොස් ජනාධිපතිතුමන්ගේ කණේ තබන්නට අවස්ථාව තිබිණි.  කොහොම ද බුදුන් බුද්ධත්වය ලබා වසර 2600ක් පිරීම නිමිත්තෙන් අපේ සංඝයා වහන්සේ ඉදිරිපත් කරන ඉල්ලීම්! තැනින් තැන සැරිසරමින් බහුජනයාගේ හිත සුව පිණිස කටයුතු කරන්නැයි සංඝයාට උපදෙස් දුන් බුදුන් දෙසූ ධර්

කෝ ඔය එලියන්ත වයිට්? ඇයි එතුමාට ජනාධිපතිතුමාව සනීප කරන්න බැරිවුනේ?

Image
(2011 ජනවාරි 26,  W3Lanka )   "ඔන්න දැන් ජනාධිපති තුමා බෙහෙත් ගන්නවා ඇමෙරිකාවේදී. කෝ ඔය එලියන්ත වයිට්? ඇයි එතුමාට ජනාධිපතිතුමාව සනීප කරන්න බැරිවුනේ?" මේ අප පසුගිය 2010 මාර්තු 30දා ජනාධිපතිගේ ජීවක එළියන්ත වයිට් ගැන තැබූ සටහනකට අද කිසිවකු විසින් දක්වන ලද ප්‍රතිචාරයකි.  ජනාධිපතිතුමා ඇමරිකා ගොස් සිටින්නේ ප්‍රතිකාර ගන්න නම් ඇත්තෙන් ම එළියන්ත වයිට්ගේ ගුප්ත බල සහිත විස්මිත ආයුර්වේද වෙදතම ගැන එතුමන්ට විශ්වාස නැතුවා ඇති. නැතිනම් මේ ජාතියක් ජන්මයක් පැහැදිලි නැති එළියන්ත ලින්ඩ්සේ වයිට් දැන් ඉන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ වන්නට ද පුළුවන.  කෙසේ වෙතත්, ගුප්ත බලවේග විශ්වාස නො කරන අප විසින් එදා ඔහු ගැන තබන ලද සටහන කියවීම රසවත් විය හැකි බැවින් එයට සබඳතා පුරුක යළි මෙහි දක්වමු.  ලංකා ජනපතිගේ අලුත්ම ආශ්චර්යය එලියන්ත වයිට් | Sri Lanka President's latest miracle , Eliyantha White Bookmark, remember easily and come again   www.w3lanka.com

ජනාධිපතිවරණ දූෂණයට වසරයි

Image
(2011 ජනවාරි 26,  W3Lanka )  මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා දෙවන වරට ජනාධිපතිවරණය ජය ගෙන අදට වසරකි. එසේ ම, ඔහුගේ ප්‍රතිවාදී ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකා දඩයමි කිරීම ආරම්භ වන්නේ ද වසරකට පෙර අද වැනි දිනෙකයි.  එසේ ම, වසරකට පෙර අද වැනි දිනක් උදා වන්නේ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් වී තිබියදී ය.  වසරකට ඉහතදී ජනාධිපති මහින්ද රාජපක්ෂ ලැබූ ජයග්‍රහණය බොහෝ දෙනෙක් සැක කළ හ. දිනුවත්, දිනුවේ ලක්ෂ 18ක වැඩි ඡන්ද ප්‍රමාණයකින් ද යන්න රාජපක්ෂ පිලේ අයගේ පවා සැකයට භාජනය විය.  ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය නිල බලය හා රාජ්‍ය දේපල භාවිතා කරමින් කළ ප්‍රජාතන්ත්‍ර හා සදාචාර විරෝධී එකකි. එවැනි ජනාධිපතිවරණ ව්‍යාපාරයක් අවසානයේදී පවා තරගය තියුණු මට්ටමක තිබිණි. ජනවාරි 26 වන දින පස්වරු 1.30ට පමණ රාජ්‍ය ජනමාධ්‍ය විපක්ෂ ජනාධිපති අපේක්ෂකයා ඡන්දදායකයකු ලෙස ලියාපදිංචි වී නැති බැවින් ඔහු දිනුවත් ජනාධිපති ධුරයේ දිවුරුම් දිය නො හැකි බවට මතයක් ගොඩනැඟුවේ පැවති අවිනිශ්චිත තත්වය නිසා ය.   ඡන්ද විමසීම අවසන් වන්නට ආසන්නව තිබියදී ප.ව. 3.30 සිට පසුදින ප.ව. 4.45 දක්වා කාලය තුළ මැතිවරණ කොමස

ලාබයි! ලාබයි! දේශපාලන පක්ෂ ලාබයි! එන්න! ගන්න!

Image
(2011 ජනවාරි 25,  W3Lanka )   ලංකාවේ ලියාපදිංචි දේශපාලන පක්ෂ 67ක් ඇති බව වාර්තා වේ. ඒ අතරින් ලියාපදිංචි දේශපාලන පක්‍ෂ තුනකට එම පක්‍ෂවලින් ඉදිරි පළාත් පාලන මැතිවරණය තරග කිරීමට නොහැකි බව මැතිවරණ කාර්යාලය දැනුම්දී තිබේ. එම පක්ෂ නම් ප්‍රගතිශීලී පෙරමුණ, ජාතික සංවර්ධන පෙරමුණ හා ඊළාම් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී විමුක්‌ති පෙරමුණ එම පක්‍ෂවේ. ඒ අතරින් ප්‍රගතිශීලී පෙරමුණ යනු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කැඩී ගිය රැඩිකල් නායකයකු වූ ආරිය බුලේගොඩ විසින් පිහිටුවන ලද පක්ෂයකි. 1989 මර්දනයෙන් පසු ජනතා විමුක්ති පෙරමුණ 1994දී මුල් වරට මහ මැතිවරණයට තරග කර හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් එක් ආසනයක් දිනා ගත්තේ ප්‍රගතිශීලී පෙරමුණේ මල් පෝච්චිය ලකුණෙන් තරග කරමින් ය. බුලේගොඩගේ මරණයෙන් පසු මෙම පක්ෂය කලක් රොහාන් ජයතුංග නම් පුද්ගලයකුට හිමි වී තිබිණි. ඔහු එය එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග සම්බන්ධ කර තිබුණු අතර එය එම සන්ධානය විසින් මැතිවරණ ප්‍රචාරක කටයුතුවලදී ව්‍යාජ අපේක්ෂකයන් ඉදිරිපත් කිරීම සඳහා මෙම පක්ෂය පාවිච්චි කළේ ය.  අනෙක් පක්ෂ දෙක අප දන්නා ආකාරයට ජාතික වශයේ වැදගත් දේශපාලන මැදිහත්වීමක් කළ අය හා සම්බන්ධ නැත.

හදිසි නීතිය රිචුවල් එකක් හෙවත් අභිචාරයක් වීම

Image
(2011 ජනවාරි 24,  W3Lanka )   සාමාන්‍ය නීතිය අභිභවා යන හදිසි නීති තත්වයක් රටකට අවශ්‍ය වන්නේ යුද්ධයක්, මහජන කැළඹීමක්, ආපදාවක් වැනි තත්වයකදී ය. එවැනි අවස්ථාවකදී මතු වන අවශ්‍යතාවන් අනුව රජයට සාමාන්‍ය නීතිය යටත් නො ලැබෙන සීමිත බලතල ප්‍රමාණයක් තාවකාලිකව ලබා දීම ප්‍රජාතන්ත්‍රවාදී රටක හදිසි නීතියෙන් බලාපොරොත්තු වේ. නිදසුනක් ලෙස, 2004 සුනාමිය වැනි ආපදාවකදී විශාල මළ මිනී සංඛ්‍යාවක් සම්බන්ධයෙන් ක්ෂණිකව කටයුතු කිරීම පිණිස මරණ පරීක්ෂණයකින් තොරව මළ මිනී වැළලීමේ බලය රජයට කෙටි කාලයකට අවශ්‍ය විය හැකි ය. එහෙත්, එවැනි බලතල රජයට හැමදාමත් අවශ්‍ය වන්නේ නැත. එසේ ම, යම් දේශපාලන ව්‍යාපාරයක් මැඬලීම පිණිස රජය එවැනි බලතල පාවිච්චි කරන්නට යනවා නම් එය ප්‍රජාතන්ත්‍රවාදී, යුක්ති සහගත පියවරක් වන්නේ දැ නැත. ලංකාවේ හදිසි නීතිය වනාහි 1983 ජුලි මාසයේ සිට වසර 28කට ආසන්න කාලයක් තිස්සේ ක්‍රියාත්මක වන්නකි. අප දන්නා තරමින් මෙම කාල සීමාව තුළ හදිසි නීතිය ක්‍රියාත්මක නො වුණේ ආර්. ප්‍රේමදාස ජනාධිපති යටතේ 1989 වසරේ මාස කීපයක කාලය සඳහා පමණි. හදිසි නීතිය දීර්ඝ කරන්නේ මාසයෙන් මාසයටයි. ඒ වෙනුවෙන් විවාදයක් හා ඡන්ද විමසීමක් ද සි

මැති ඇමතිකම් වෙනුවෙන් අම්මා වුණත් විකුණන සමයක ජවිපෙ ප්‍රතිපත්තිගරුකකම

Image
(2011 ජනවාරි 23,  W3Lanka )   ඇමතිකමක්, මන්ත්‍රීකමක් වෙනුවෙන් සමාජ ක්‍රියාකාරිකයකු ලෙස, වෘත්තිකයකු ලෙස, විද්‍යාර්ථියකු ලෙස, කලාකරුවකු ලෙස හෝ හොඳ මිනිසකු ලෙස දීර්ඝ කාලයක් තිස්සේ අමාරුවෙන් ගොඩනඟා ගත් කීර්තිය කැප කරන්නට බුද්ධිමත් මිනිසුන් පවා පොළඹවනසුළු ධනයක් හා බලයක් පර්ලිමේන්තු මන්ත්‍රීකමක, ඇමතිකමක තිබේ. එසේ ම, එය වනාහි මහජන මුදලින් ධනවත් වීමේ හා සුර සැප විඳීමේ ද, ඒ දහ ජරා වැඩේ කරන ගමන් ම ඒ වෙනුවෙන් බදු බරට කර ගසා සිටින මිනිසුන්ගේ වන්දනාවට පාග්‍ර වීමට ද හැකි මාර්ගයකි. එහෙයින්, අද කාලයේ ලංකාවේ මිනිස්සු පාර්ලිමේන්තු මන්ත්‍රීකමක් වෙනුවෙන් අම්මා වුණත් විකිණීමට සූදානම් ය. ජනතා විමුක්ති පෙරමුණේ ලක්ෂ්මන් නිපුණආරච්චි කොළඹ දිස්ත්‍රික් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු හමුදාපති හා පරාජිත ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකා යුද අධිකරණයක් විසින් සිරගත කිරීම හේතුවෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරයේ දිවුරුම් නො දී එය අහිමි කර ගන්නේ මෙම සංදර්භය තුළ ය. අද කාලයේ සිදු වන හැටියට ප්‍රතිපත්ති පාවා දී මොකක් හෝ බොරු තර්කයක් මවා පා මේ මන්ත්‍රීකමේ දිවුරුම් දී ආණ්ඩුවට හේත්තු වීම සුළු දෙ

ආණ්ඩුවට බදු ගෙවමින් ටෙලි බැලීමේ සංස්කෘතික අභිමානය හා රූපවාහිනී බද්ද

Image
(2011 ජනවාරි 22,  W3Lanka )   රූපවාහිනි ආයතන විසින් ගෙන්වන ලද විදේශීය චිත්‍රපට, විදේශීය ටෙලි නාට්‍ය හා විදෙස්‌ වෙළෙඳ දැන්වීම්වලින් පසුගිය වසර පහ තුළ රජය රුපියල් හැටපන් කෝටි අසූ එක්‌ලක්‌ෂ තිස්‌තුන්දහස්‌ නවසිය තිහක බදු මුදලක්‌ උපයා ඇතැයි ආණ්‌ඩු පක්‌ෂයේ ප්‍රධාන සංවිධායක දිනේෂ් ගුණවර්ධන කොළඹ දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී (එජාප) රවී කරුණානායක ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඊයේ (21 දා) පාර්ලිමේන්තුවේදී සභාගත කළ ලේඛනයක සඳහන් වේ. ඒ අනුව 2010 වසරේ දී රුපියල් දොළොස්‌ කෝටි හැටතුන් ලක්‌ෂ තුන්දහස්‌ හයසිය පනහක්‌, 2009 දී රුපියල් පහළොස්‌ කෝටි දාහතර ලක්‌ෂ නවදහස්‌ නවසිය පනස්‌හයක්‌, 2008 දී රුපියල් දහතුන් කෝටි විසිහත්ලක්‌ෂ පනස්‌ හතරදහස්‌ එකසිය පනහක්‌, 2007 දී රුපියල් දාහත් කෝටි දෙලක්‌ෂ එක්‌දහස්‌ හයසිය හැත්තෑ හතරක්‌, 2006 දී රුපියල් හත්කෝටි හැත්තෑ හතර ලක්‌ෂ හැටහතර දහස්‌ පන්සියයක්‌ මෙසේ බදු ලෙස උපයා ඇත. සිළුමිණ පුවත්පතේ 2010 පෙබරවාරි 21දා 'පික්චර් පිස්සා' යන කොලම යටතේ පළ වූ විස්තරයක සඳහන් වන පරිදි "2006 අංක 1 දරන ටෙලිනාට්‍ය, චිත්‍රපට සහ වාණිජ වැඩසටහන් බද්ද යන නමින් හැඳින්වෙන බද්ද පැනවීමේ අරමුණ

එයාලා ගමේ ගිහින්

Image
( 2011 ජනවාරි 20,  W3Lanka )  රජතුමා සහ පවුලේ තවත් අය පෞද්ගලික නිවාඩුවකට ගමේ ගිහින් ය. මේ ගම තියෙන්නේ බොලාගේ අපේ ගම් මෙන් සිංහල බෞද්ධකම රජ කරන ලෝකෙන් උතුම් ම රටේ නො ව, ඩොලර් කාක්කන් ඉන්න, කොටින්ට කත් අදින, ලංකාව බෙදන්නට දත කන, උදේ ඉඳන් රෑ වනකල් ඒ ගැන ම කල්පනා කරමින් සිටින, පුක නො සෝදන සුද්දන් ඉන්න ඇමරිකා එක්සත් ජනපදයේ ය. එහේ ඉන්න කුමන්ත්‍රණකාරයන් මොනවා කරයි ද දන්නේ නැත. මතක ද, රැජිනගේ දේශය බලන්නට ගිහින් වෙච්ච අලකලංචිය? ඒ නිසා, පඩි ලැබෙන විට වැඩි කරන බව කී 2500 පඩි පතේ නැති වුණොත්, දත් මිටි කන්නේ නැතිව, දැන් ලෝක වෙළඳ පොළේ තෙල් මිළ වැඩි වෙමින් තිබෙන බව සිහිපත් කරගෙන දෙයියන් බුදුන් සිහිපත් කරගෙන හිටියොත් හොඳට හැදී දෙවියොත් නමට වඳී Bookmark, remember easily and come again   http://www.w3lanka.com/

කැහි ගෑනි දී හොටු ගෑනි ගන්න යන එජාපය

Image
( 2011 ජනවාරි 19,  W3Lanka )  අනේ මේ දුප්පත්, අසරණ එක්සත් ජාතික පක්ෂයට හරි අපූරු නායකයෙක් ලැබෙන්න යයි. උන්නැහේ අ‍පි නො දන්න ආර්.ප්‍රේමදාසගේ පුත්‍ර රත්නයයි.  උන්නැහේගේ වැඩ කෙසේ වෙතත් කට නම් ෂෝක් ය. පහුගිය අවුරුදු ගණනාවක් තිස්සේ පාර්ලිමේන්තුවේදී මේ කට ඇරුණේ කැන්ටිමෙන් කන්න පමණ ය.  පස්සේ රනිල්ට කෙළවන්න ආණ්ඩුව සජිත්ට ජනමාධ්‍ය විවර කර දුන්නේ ය. එවිට උන්නැහේ කළේ ඔය හම්බන්තොට පැත්තේ පැල් කොටයක් ඇතුළේ කැමරාව අටවාගෙන වහල උඩ යන තරමින් ගිරිය පුප්පා කතා පැවැත්වීමයි. මේ මාධ්‍ය කණ්ඩායම් කිසිදා සෙනග පැත්තට කැමරාව අල්ලා නො පෙන්නන්නට පරිස්සම් වූ හ.  ලබන අප්‍රේල් 12 වෙනිදාට පෙර පක්ෂ නායකත්වය භාර ගන්නා සජිත් ප්‍රේමදාස දැන් වහසි බස් දොඩවයි. පක්ෂය තුළ කොතරම් ප්‍රශ්න තිබුණත් තමාට පක්ෂ නායකත්වය ‍ලබා දෙන්න බොහෝ දෙනා සූදානම් බව සජිත් ප්‍රේමදාස අවධාරණය කරයි. ඔහුගේ කතා තුළ ඇති ස්වරය වන්නේ තමන් කෙක්කෙන් හෝ කොක්කෙන් හෝ පක්ෂයේ නායකත්වය සියතට ගන්නා බවයි. ඒ එජාපය  ඔහුගේ අප්පාගේ බූදලය නිසා වන්නට පුළුවන. හරි හමන් නායකයකු නම් කළ යුතුව තිබෙන්නේ තමන්ට නායකත්වය ලැබෙන තෙක් නො සිට ඉදිරි පළාත් පාලන මැතිවරණයේ