ආණ්ඩුවට බදු ගෙවමින් ටෙලි බැලීමේ සංස්කෘතික අභිමානය හා රූපවාහිනී බද්ද
(2011 ජනවාරි 22, W3Lanka) රූපවාහිනි ආයතන විසින් ගෙන්වන ලද විදේශීය චිත්‍රපට, විදේශීය ටෙලි නාට්‍ය හා විදෙස් වෙළෙඳ දැන්වීම්වලින් පසුගිය වසර පහ තුළ රජය රුපියල් හැටපන් කෝටි අසූ එක්‌ලක්‌ෂ තිස්‌තුන්දහස් නවසිය තිහක බදු මුදලක් උපයා ඇතැයි ආණ්‌ඩු පක්‌ෂයේ ප්‍රධාන සංවිධායක දිනේෂ් ගුණවර්ධන කොළඹ දිස්‌ත්‍රික් මන්ත්‍රී (එජාප) රවී කරුණානායක ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඊයේ (21 දා) පාර්ලිමේන්තුවේදී සභාගත කළ ලේඛනයක සඳහන් වේ.
ඒ අනුව 2010 වසරේ දී රුපියල් දොළොස් කෝටි හැටතුන් ලක්‌ෂ තුන්දහස් හයසිය පනහක්, 2009 දී රුපියල් පහළොස් කෝටි දාහතර ලක්‌ෂ නවදහස් නවසිය පනස්‌හයක්, 2008 දී රුපියල් දහතුන් කෝටි විසිහත්ලක්‌ෂ පනස් හතරදහස් එකසිය පනහක්, 2007 දී රුපියල් දාහත් කෝටි දෙලක්‌ෂ එක්‌දහස් හයසිය හැත්තෑ හතරක්, 2006 දී රුපියල් හත්කෝටි හැත්තෑ හතර ලක්‌ෂ හැටහතර දහස් පන්සියයක් මෙසේ බදු ලෙස උපයා ඇත.
සිළුමිණ පුවත්පතේ 2010 පෙබරවාරි 21දා 'පික්චර් පිස්සා' යන කොලම යටතේ පළ වූ විස්තරයක සඳහන් වන පරිදි "2006 අංක 1 දරන ටෙලිනාට්‍ය, චිත්‍රපට සහ වාණිජ වැඩසටහන් බද්ද යන නමින් හැඳින්වෙන බද්ද පැනවීමේ අරමුණු කීපයක් තිබෙනවා. මා ළඟ ඇති මූලාශ්‍රවලට අනුව එහි ප්‍රධාන අරමුණු හතරක් විතර මෙසේ ගොනු කරන්න පුළුවන්.
(1) හරසුන්, බොළඳ ටෙලිනාට්‍ය, චිත්‍රපට සහ සදාචාර නොවන වෙළෙඳ දැන්වීම් ආනයනය කර ප්‍රදර්ශනය කිරීම වැළැක්වීම, කෙසේ වෙතත් අවම කිරීම (ජනමාධ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ඒ. දිසානායක කළ ප්‍රකාශයකින්)
(2) විදේශ නිෂ්පාදන නිසා මේ රටේ සිදුවන සංස්කෘතික හානිය අවම කර ගැනීම (ජැක්සන් ඇන්තනිගේ 'බද්ද දෙස මැද්දේ සිට බැලීම හෙවත් ලංකාවේ ටෙලිවිෂන් අර්බුදය හඳුනා ගැනීම' පොත)
(3) ලාංකේය ටෙලි නිෂ්පාදන කණ්ඩායම්වල වෘත්තීය කඩා වැටීම අවම කර ගැනීම (ඉහත පොත)
(4) මෙරට නිෂ්පාදනය කරන ටෙලිනාට්‍ය, චිත්‍රපට හා වාණිජ වැඩසටහන්වල ගුණාත්මක භාවය හා ප්‍රමිතිය වැඩි දියුණු කිරීම හා පාලනය කිරීම. (සරසවිය පුවත්පතේ පළවූ ප්‍රවෘත්තියක්)"
දැන් බලන්න මේ බදු ආදායමෙන් ඉහත කී අරමුණු කිසිවක් ඉටු වෙලා තිබෙනවාද කියා?
හරසුන්, බොළඳ ටෙලිනාට්‍ය, චිත්‍රපට සහ සදාචාර නොවන වෙළෙඳ දැන්වීම් විකාශය නතර වී තිබේ ද?
සංස්කෘතිය යනු වෙනස් නො වී පවතින දෙයක් නො වෙයි. එහෙත්, හොලිවුඩ් හා බොලිවුඩ් වැනි සංස්කෘතික පරමාදර්ශ ආක්‍රමණික ස්වරූපයකින් සංස්කෘතීන් මතට කඩා වදින ඒවායි. ඒවා නිසා මේ රටේ සිදුවන සංස්කෘතික හානිය අවම කර ගැනීම සඳහා මේ බද්ද හඳුන්වා දුන් ක්‍රියාමාර්ග මොනවා හරි තිබේ ද?
අංක තුන හා හතර වශයෙන් දක්වා ඇති කරුණු සම්බන්ධයෙන් කිසිවක් සිදු වී නැති බව බැලූ බැල්මට ම පෙනෙනවා.
අවසානයේදී සිදු වී ඇත්තේ 'නටපු තොවිලෙකුත් නැහැ; බෙරේ පලුවකුත් නැහැ' යන කතාවෙන් කියැවෙන ආකාරයේ දෙයකි. එය පිච්චර් පිස්සාගේ ලිපියේ සඳහන්ව ඇති ආකාරයට මෙසේ ය:
"වෙලා තියෙන එකම දේ ගෙවන බදු මුදල දැන්වීම්වලින් ආවරණය කර ගැනීම හේතුකොටගෙන ප්‍රේක්‍ෂකයන්ට ටෙලි නාට්‍යයට වඩා වැඩිකාලයක් වෙළෙඳ දැන්වීම් දෙස ඔහේ බලාගෙන ඉන්ට සිදුවීම පමණයි."
පිච්චර් පිස්සාගේ කොලමේ තවත් අපූරු සඳහනක් වෙනවා. "අද අපේ රටේ පැවැත්වෙන සමහර මඟුල් ගෙවල්වල අනුගමනය කෙරෙන සිරිත් විරිත් පවා ‘මහගෙදර’, ‘ප්‍රවීණා’ වැනි ටෙලිනාට්‍යවල විවාහ මංගල්‍යයෝත්සවවල දක්නා ආකාරයේ හින්දු චාරිත්‍ර වාරිත්‍රවලින් හැඩ ගැසුණු ඒවා බව සඳහන් වෙනවා."
අපි දිගින් දිගට ම මේ බ්ලොග් අඩවියෙන් පෙන්වා දුන් කරුණක් තමයි, අද වන විට මේ රටේ මිනිසුන් දැඩිව ම සූරා කන ආයතනය වන්නේ රජයයි කියන එක.
මේ කාරණයෙනුත් ඔප්පු වන්නේ එයමයි. සුරංගනා කතා කියමින් පනවනු ලබන මෙවැනි බදු වලින් අපයන ආදායමෙන් අවසානයේදී ඇත්තෙන් ම සිදු වන්නේ මේ ආණ්ඩුවෙන් වාසි ලබන දේශපාලක හා නිලධාරි පැළැන්තිය සැප විඳීම පමණයි.
තව සමහරු කීවා මේ බද්දේ ආදායමින් රන්මිහිතැන්නේ හොලිවුඩ් වැනි සිනමා ගම්මානයක් හැදුවා කියලා. අනේ සාදු! දැන් එහේ හෝ ගාලා චිත්‍රපටි ගහනවා ඇති! හියැක් හුක් හූ!
මේවා මාර ප්‍රගතිශීලී පියවර යයි වර්ණනා කරන කලාකාරයන්ටත් උන්ගේ පංගුව ලැබෙනවා. අපි අතින් කාලා මේ කලා හරක් නටන ජවුසන් බලා ඉන්නවා.
ලංකාවේ මිනිස්සුන්ට හොඳයි පරණ වංගෙඩියක් වහලේ එල්ල ගත්තා නම්. ඒක හොඳට පද්දලා ඒකට පිට අල්ලන්න පුළුවන්.
Bookmark, remember easily and come again
http://www.w3lanka.com/

pudgalika ayathana anduvata gevana hema badu mudalakama anthima gevum karuva paribogikaya kiyala minissu danne nehe sema pracharana kalavakama badda vetenne mahajanayata.bahujathika samagam paradige gahana saban kiripity poster un apasu company genyanne ne irala parata damanne, evata sudda karanna palath palana ayatana badu ganneth janathavagen.evagema moda velada denveem paribogikaya marabiyen kulmath karanava, hodama udaharanaya me dinavala Ca unathavata vayasata yanakota bonna kiyala kiyana ratakiri eka , meka loka vihiluvak,me vage moda add danna madya ayathana lajja venna oni. ay janathavagen ganna badu mudal valin add vala gunathmaya thahavuru karanna niladariyek danna beri.
ReplyDelete8 pass nethi paribogika emathy kenek inna rataka jahamanayata kevitakama pihitay.
ReplyDelete