Posts

Showing posts from 2012

මේ ප්‍රාණ මිතුදම් වී අලුත් - රැඳේවා අහසේ සිත් - auld lang syne

ම ේ තමයි ල ෝක ය ේ ප්‍රසිද්ධම නව අවුරුදු ගීතය. එහි සම්භවය ති බෙන් න ේ ස් ක ොට්ලන්ත ය ේ. ඉංග්‍රීසි කිවියර ර ොබට් බර්න් ස් තමයි එය ප්‍රසිද්ධ ක ළ ේ. අපි ඒ අදහස හා තනුව අනුව යමින් ගීයක් නිර්මානය කරන්න උත්සාහ කළා. ගයන්න පුළුවන්ද කියා උත්සාහ කර බලන්න. මෙය ප්‍රස ිද්ධ auld lang syne කියලායි. ඒ කියන් න ේ බ ො හ ෝ ඈත කාලයක සිට ක ි යන අරුතයි. Should old acquaintance be forgot, and never brought to mind ? Should old acquaintance be forgot, and days of old lang syne ?     CHORUS:     For auld lang syne, my dear,     for auld lang syne,     we'll take a cup of kindness yet,     for auld lang syne. And there’s a hand my trusty friend ! And give us a hand o’ thine ! And we’ll take a right good-will draught, for auld lang syne. මේ ප්‍රාණ මිතුදම් වී අලුත් රැඳේවා අහසේ සිත් මේ ප්‍රාණ මිතුදම් වී අලුත් ඇත ඈත කාලෙ සෙයින්   CHORUS බෝ ඈත කාලෙ සෙයින්, මිතුරනි බෝ ඈත කාලෙ සෙයින් අපි මේ ලෙසින් සව්දිය පුරමින් බෝ ඈත කාලෙ සෙයින් ආ මෙන්න අතක් මා සුහද මිතුරෝ දෙන්න ඔබේ අත දැන් ද

හඳගමගේ හොලිවුඩ් ත්‍රිලර්එක හා දිමිත්‍රි‍‍ගේ කොලිවුඩ් කමෙන්ට්එක

Image
දෙමළ ජාතික විමුක්ති අරගලය දෙමළ ජාතිවාදයෙන් වෙන් කරගන්න බැරිවුණ එක ලංකාවේ වාමාංශිකයන් අතින් වුණ බරපතල වරදක්. සිංහල ජාතිවාදී මහා ආඛ්‍යානය තුළ දෙමළ විරෝධය මුල්බැසගෙන තිබෙන්නා වගේම දෙමළ ජාතික විමුක්ති අරගලය තුළත් ජාතිවාදය මහා ආඛ්‍යානයක්. රොමැන්තික අනුරාගය විසින් සිංහල වාමාංශිකයන්ගේ දෑස් මේ කරුණ ඉදිරියේ අන්ධ කළා. පුදුවෛ රත්නදුරෛ වගේ මාඕවාදී රොමැන්තික කවියන් කෙසේ වෙතත් ඊරෝස් සංවිධානයේ සිට කොටි සංවිධානයට එක්වූ බාලකුමාර් වැනි දෙමළ වාමාංශිකයන් ට වෙනස් උපායමාර්ගයක් තිබුණා කියා අනුමාන කරන්න පුළුවන්. ඒත්, කෙතරම් උපාශීලීව කටයුතු කළත්, ඔවුන්ටවත් මේ දෙමළ ජාතිවාදී මහා ආඛ්‍යානය වෙනස් කරන්න බැරිවුණා. සමහරවිට, එයට හේතුව අරගලයේ පදනමම එය වූ නිසා වෙන්න ඇති. දෙමළ වාමාංශිකයන් දෙමළ ජාතිවාදය හමුවේ මුහුණදීපු අර්බුදයට සිංහල වාමාංශිකයන් මුහුණ දුන්නේ නැහැ. ඔවුන්ට මෙය හඳුනාගන්න පුළුවන්කම තිබුණා, රොමැන්තිකවාදී අනුරාගයෙන් මිදී යථාර්ථවාදී වුණානනම්. මේ රොමැන්තිකවාදී අනුරාගයත් හරියට වාමාංශික ව්‍යාපාරයේ මහා ආඛ්‍යානයක් වගේ. සමාජවාදය සඳහා නොනිමි (සන්තත - continuous) අරගලයේ එක් වගකීමක් තමයි මේවාට එරෙහිව සටන් කිරීම. කොහොම

ඉනි අවන් - හඳගමගේ කුරිරු අපගමනයකි

Image
(හඳගම ටොරොන්ටෝ ජාත්‍යන්තර සිනමා උළෙලේදී - නිර්මානය බිහිවූ සංදර්භීය යථාර්ථයන් නොදත් මිනිසුන්ගේ කියවීම් මත පදනම් වූ සහතික රැගෙනවිත් දේශීය සිනමා රසිකයාට තොරොම්බල් කිරීම ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ කාලයේ සිටම තිබුණු දෙයකි.) හඳගම හොඳ සිනමාකරුවකුමුත් හොඳ කතාකරුවකු නොවේ යයි කියන මේ කියමන මගේ පෞද්ගලික අදහසකැයි ඔබට ඕනෑනම් කීමට නිදහස තිබේ. සිනමාකරුවකු කතාකරුවකු වීම අනිවාර්ය අවශ්‍යතාවක්ද නැද්ද යන්න ගැන මට තිබෙන්නේ විවෘත පිළිතුරකි. කතාවක් සියුම්‍ ලෙස ගොඩනැගීම අතිශය නිර්මානාත්මක කටයුත්තකි. හඳගම කතා ගොතන්නට එවැනි සුරුබුහුටිකමක් කිසිදා නොපෙන්වයි. චන්දකින්නරී චිත්‍රපටයේදී ඩ ී . එච්. ල ෝරන්ස් ගේ 'ඕඩර් ඔෆ් ක්‍රිසැන්තමම්ස්' නම් කෙටිකතාව ස්පර්ශ කරන හඳගම පසුකලෙක කතාකරුවන්ට වඩා පුවත්පත් වාර්තාකරුවන්ට ලොල් කරයි. ඔහුගේ 'තනි තටුවෙන් පියාඹන්න' කතාවේ සූප්පු උරන බොස්, ගැහැනියක සමග පවුල් කෑ ගැහැනිය ආදීන් පිළිබඳ පුවත්පත් වාර්තා මම චිත්‍රපටයට කලින් පුවත්පත් වාර්තා ලෙස කියවා ඇත්තෙමි. හඳගම ඒ චරිත හා ප්‍රස්තුතයන් පුවත්පත් වාර්තාකරුවකුට එහා යමින් විවරණය කි රීමට අසමත් වූයේය.  ඉනි අවන්ද එවැනිම වාර්තාවක

ධනවාදය හලාල් වීම හා සමාජවාදය හරාම් වීම

Image
අධ්‍යතන සිංහල ජාතිකවාදයට සුළුතර ජාතීන් කෙරෙහි වෛරය පැතිරවීමෙන් තොරව පැවැත්මක් නැත.එයට හේතුව සිංහල ජාතිකවාදයේ මූලික පදනමම ප්‍රතිගාමී ස්වෝත්තමවාදී එකක් වීමයි. රාජ්‍යය තුළ සිංහල ජාතික ආධිපත්‍යය තහවුරු කරගැනීමෙන් පසුව පවා ජාතිවාදීන්ට සැනසීමක් නැත. සෙසු ජාතීන් වඩාත් පරාධීන කිරීමේ නොතිත් ආශාවෙන් පෙළෙන සිංහල ජාතිවාදියෝ සිය කාලය හා ශ්‍රමය යොදන්නේ සුළුතර ජාතීන්ට එරෙහිව සිංහල සමාජය තුළ බිය හා වෛරය පැතිරවීමටයි.  සිංහල ජාතිවාදී ශ්‍රී ලංකාව වෙනුවට වඩා පුළුල් දේශපාලන ප්‍රජා අනන්‍යතාවක් වන, සිංහල, දෙමළ, මුස්ලිම්, මැලේ, බර්ගර්, වැදි ආදී සියලු වාර්ගික ප්‍රජාවන්ට සමතැන් හිමි ලාංකීය අනන්‍යතාවක් වෙනුවෙන් අප අරගල කළයුතුබව අප කියන් න ේ මෙම සංදර්භය තුළයි . ඉතා පැහැදිලිවම එය ආරම්භ කළ හැක්කේ රාජ්‍ය ප්‍රතිසංස්කරණ ඔස්සේය. ජනතාව අතට බලය ලැබෙන ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ඔස්සේය.  පෙරේදා ජවිපෙද ජාතිවාදයට එරෙහිව පිටකොටුවේ පත්‍රිකා බෙදාහැරියේය. ජාතිවාදයට උඩගෙඩි දෙමින් දෙමළ සංහාරයක ලේ දෑත්වල තවරාගත් ව්‍යාපාරයක් එවැනි තැනකට තල්ලුවීම නරක නැත. එහෙත් ගැටලුවක් තිබේ. ජවිපෙ කියන්නේ මේ සියලු ප්‍රශ්න විසඳීම සඳහා තමන්

ස්මාට් ෆෝන් යුගයේ දියේ ගිලුණ මිනිස්කම

Image
"මෙම සිද්ධිය වන අවස්‌ථාවේ වන්දනාවේ පැමිණි සියයකට අධික පිරිසක්‌ වැව් කණ්‌ඩියට වෙලා බලාගෙන හිටියා. ඔවුන් කිසිවකුත් අපිට උදව් කළේ නැහැ. ඔවුන් කළේ ඔවුන්ගේ අත තිබුණු කැමරා ෆෝන්වලින් සහ වීඩියෝ කැමරාවලින් අපේ පින්තූර ගත්ත එකයි වීඩියෝ කරපු එකයි විතරයි." මේ පසුගියදා තිස්සමහාරාම වැවේ බෝට්ටුවක් පෙරළීමෙන් පසු පීනාවිත් දිවි බේරාගත් පුද්ගලයකු කියූ කතාවකි. "මළ සිරුරු ගොඩට ගන්නා අවස්‌ථාවෙහි මළ සිරුරු ගොඩට ගත් අයගෙන් සමහරු කිව්වා මේ අය මැරිලද නැද්ද කියලා අපි දන්නෙ නැති නිසා ඉක්‌මනට රෝහලට රැගෙන යමු කියලා. ඒ අවස්‌ථාවෙත් වැව්කණ්‌ඩිය දිගට මෙම සිද්ධිය බලන්න ආපු අයගේ රථවාහන පෝලිමේ ගහල තිබුණා. ඒ එක වාහනයක්‌වත් එම සිරුරු රෝහලට ගෙනියන්න ඉදිරිපත් වුණේ නැහැ." මේ කොටසත් උපුටා දැක්විය යුතුය. "පසුව ත්‍රීවිල් රථ රියෑදුරන් දෙදෙනකු ඉදිරිපත් වෙලා දියේ ගිලුණු අයගේ සිරුරු රෝහලට රැගෙන ගියා." ස්මාට් ෆෝන් යුගයේ ස්මාට් මිනිසුන්ගේ මේ හැසිරීම් අප තේරුම් ගන්නේ කෙසේද? මේ ස්මාට් මිනිසුන් වැඩිදෙනෙකුට පීනන්නට බැරිබව සත්‍යයකි. දියේ ගිලෙන මිනිසකුගේ දිවි බේරාගැනීම සාමාන්‍ය පිහිනුම්කරුවකුට පවා ප

තාත්තා දරුපවුල පිළිස්සීම, ප්‍රශ්න පත්තර ලීක්වීම, ජාතිවාදය, ධනකාමය ..................

Image
ශ්‍රී ලංකාව මේ වනවිට නෙළාගනිමින් සිටින්නේ පසුගිය දශක ගණනාවක් තිස්සේ වපුරනු ලැබූ ජාතිවාදයේ, ධනවාදී පරිභෝජනවාදයේ හා මිථ්‍යාවේ අස්වැන්නයි. දෙමළ බස කතා කරන්නාට එරෙහිව සිංහලයාත්, සිංහල බස කතා කරන්නාට එරෙහිව දෙමළ බස කතා කරන්නාත් උසිගැන්වීම පිණිස සිංහල, දෙමළ දෙජාතියේම නායකයන් විසින් පසුගිය සමයේ ප්‍රවර්ධනය කරනු ලැබූ ජාතිවාදී හා ස්වෝත්තමවාදී අදහස් පද්ධතියේ ඵලයකි, අද රටේ පවත්නා තත්වය. මෙහිම කොටසක් ලෙස සමාජවාදී අදහස් සමාජයෙන් තුරන් කරන ලදී. නැතිනම් ඒවා ජීවිතයට සම්බන්ධ නැති පොතපතේ පමණක් ඇති දේ බවට පත් කරන ලදී. ඒ තත්වයටනම් ප්‍රධාන වශයෙන් වගකිව යුතු වන්නේ වාමාංශිකයෝ, බුද්ධිමත්තු, කලාකරුවෝ ආදීහුය. විශේෂයෙන්ම සිංහල හා දෙමළ ජාතිවාදයන් ප්‍රවර්ධනය කිරීම පිණිස බටහිර විද්‍යාවට එරෙහි මතවාදයන් යොදාගැනීම පසුගිය සමයේ විලාසිතාවක් විය. බටහිර විද්‍යාව යනු දාර්ශනික තලයකදී ඉතා පරිස්සමෙන් සංවාදයට භාජනය කළයුතු දෙයකි. එය කළ යුත්තේ සමාජය පසුගාමිත්වය වැළඳගැනීම වැළැක්වීමේ වගකීමකින් යුතුවය. එහෙත් නලින්ද සිල්වා වැනි අය ඒ සඳහා යොදාගත්තේ ජාතිවාදය වැපිරීම පිණිස යොදාගන්නා දිවයින කොලමයි. එහි ප්‍රතිඵලයක් ලෙස මේ සංවාදය ශාස්

ගුනදාස අමරසේකර අරුණලු දකින්නේ කවදාද?

Image
ගුනදාස අමරසේකර ලංකාවේ විශිෂ්ටම නවකතාකරුවන් අතරින් කෙනෙකුබවට තර්කයක් නැත. ලේඛකයා යනු කවරෙක්ද? ඔහු තවත් එක් වෘත්තිකයකු පමණි. ඔහු අනිවාර්යයෙන්ම මානව හිතවාදියකු, යථාර්ථවාදියකු, ප්‍රගතිශීලියකු විය යුතු නැත. විශිෂ්ට ලේඛකයකුට කෙතරම් වර්ගවාදියකු, ප්‍රතිගාමියකු හා මානව පමණක් නොව ඉතිහාස විරෝධියකු පවා වීමට පුළුවන්ද යන්නට නිදසුනකි, ගුනදාස අමරසේකර. අමරසේකරට වතුර කොරහේත් ඇමරිකන්, බටහිර හා කොටි කුමන්ත්‍රණ පෙනීම ඔහුගේ සමාජ න්නෝන්මාදයේ දීර්ඝකාලීන රෝග ලක්ෂණයකි. ජාතිවාදය යනු ලංකාවේ බොහෝ සිංහල, දෙමළ මිනිසුන්ගේ පොදු රෝගයක් බැවින් එය එතරම්ම අසාමාන්‍ය නැත. ඒ නිසා ගුනදාස අමරසේකරගේ ජාතිවාදී අදහස් පවා යම් පමණකට ඉවසිය හැකිව තිබිණි. එහෙත්, මේ විශිෂ්ට මිනිසා දැන් කොන්දේසි විරහිතවම ආණ්ඩුව විසින් දෙනු ලබන ඕනෑම අසූචි බාල්දියකට කරගැසීමට සූදානම්වීම ඇත්තෙන්ම ගුනදාස අමරසේකර යන නමටද කැළලකි. ගුනදාස අමරසේකරට තමා කැමතිනම් ජාතිවාදියකු, ඉතිහාස විරෝධියකු වීමට අයිතියක් ඇත. දීනයකු, බැලයකු වීමට වුව හැකිය. ඒත්, මෙ තරම් ම ලජ්ජා විරහිතව ?  කුමන මතයක් ප්‍රකාශ කරමින් වුව හ ෝ කතාකරුවකු ලෙස සිටියයුතු ම ේ මහළු මිනිසා පුවත්පත

රාජපක්ෂ පාලනයේ වසන්තය නිමාවෙමින් තිබේ

කරුණු කීපයක් නිසා මහින්ද රාජපක්ෂ පාලනය අර්බුදයට ගොස් තිබේ. ඉන් පළමුවැන්න ආර්ථික කළමනාකරණයේ අසමතුලනයයි. ඔවුන් විසින් ලංකාවේ ප්‍රවර්ධනය කරමින් සිටින සංචාරක කර්මාන්තය (හා විදේශ රැකියා) මූලික කරගත් ආර්ථිකය සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ඔවුන් දරන පිරිවැය මේ වනවිට ලංකාවේ ජනතාව මත සුවිසල් බදුබරක් පටවා ඇත. මෑතදීම කරන ලද පෙට්‍රල් මිළ වැඩිකිරීම මේ බදුබරේ අලුත්ම පියවරයි. සියලු බර දරා සිටින මහජන බූරුවාගේ කොන්ද කැඩෙන පිදුරු ගස කොයි මොහොතේ හෝ පටවන්නට ඉඩ තිබේ. දෙවැන්න, ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ කාරණයයි. ස්වභාවිකවම ප්‍රජාතන්ත්‍රවාදයට නැඹුරුවක් නැති ග්‍රාම්‍ය මානසිකත්වයක් සහිත පාලක පවුල තමන් විසින්ම පත් කරගන්නා ලද දූෂිත අගවිනිසුරුවරියට එරෙහිව මතු කරගෙන ඇති දෝෂාභියෝග අර්බුදය සියතින්ම කරගන්නා ලද හානියකි. දුර්වල පෞරුෂයක් වන අගවිනිසුරුවරිය පාලනය කරගැනීම සඳහා ඇය විසින්ම ඇද දී තිබුණු රැහැන් පාවිච්චි නොකර, ඒකාධිපතිවාදී සංදර්ශනයක් පවත්වන්නට යාමෙන් මේ වනවිට පාලක‍ රෙජිම පස්ස බිම ඇනගෙන ඇත. බටහිරට ලෝක ආධිපත්‍යය අහිමි වෙමින් තිබෙන වත්මන් සංදර්භය තුළ බටහිරට ගැලවුම ඇත්තේද ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රවර්ධනය

යාපනයේ තරුණ මර්දනය ඇයි?

Image
දකුණේ ඉල්මහ විරු සමරුවක් ආණ්ඩුව මේ වනවිට යාපනයේදී ජාතීන්ගේ ප්‍රශ්නයට 'විසඳුම්' දෙමින් සිටි‍යි.  පසුගිය 'මහවිරු දිනයේදී' මියගිය සිය නෑ මිතුරන් වෙනුවෙන් පහන් දැල්වූ 'වරදට' සරසවි සිසුන් ප්‍රමුඛ යාපනයේ මිනිසුන් අත්අඩංගුවට ගෙන  සිරගත කරනු ලබමින් තිබේ.  ලංකාවේ සිංහල තරුණයෝ 1971දී හා 1989දී කැරැලි ගැසූ අතර ඒ කැරැලිවලින් මියගිය අය අවුරුදු පතා සැමරීම සඳහා මහා උත්සව පැවැත්වීම සඳහා කිසිදු බාධාවක් නැත. මියගිය මිනිසුන් වෙනුවෙන් පහන් දැල්වූ පළියට ඔවුන් නැගී සිටිනු ඇතැයි ඝාතකයින් බිය විය යුතු නැත. අනෙක් පැත්තෙන් ඝාතකයින්ට දේශීය මහජන හා රාජ්‍ය ආරක්ෂාවද ජාත්‍යන්තර නීතියේ දුබලතාවල රැකවරණයද ලැබී, අපරාධ සම්බන්ධයෙන් මුක්තිය තහවුරු වී තිබෙන සංදර්භය තුළ කුමට බිය වන්නද?  මෙතරම් බිය හෘදය සාක්ෂියටද? එය නම් පිළිගත නොහැකිය. ඔවුන්ට හෘදය සාක්ෂියක අංශුමාත්‍රයක්වත් තිබේ යයි මෙතරම් කලක්නම් පෙනෙන්නට තිබුණේ නැත. එසේනම් ආගමට බයද? මොවුන් වනාහි ගස් ගල් වඳින ප්‍රාථමික ආගම් අදහන්නෝය. ඔවුන්ගේ ආගම් දියුණු ආගම් නොවන ඔවුන්ට සැනසීම ලබාගැනීම සඳහා ඕනෑ ආකාරයකට විග්‍රහ කරගතහැකි ආගම් වේ.  මේ ඔවු

ඔබත් පාර්ලිමේන්තු සිහිවටනයක් මිළදීගන්න

Image
ලංකාවට එන විදේශ සංචාරකයන්ට සිහිවටනයක්‌ ලෙස විකිණීම සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සංකීර්ණයේ ආකෘතියක්‌ ඇමැති ඩග්ලස්‌ දේවානන්දාගේ උපදෙසින් නිර්මාණය කර තිබෙන බව අද දිවයින පුවත්පතේ දැක්වේ. ලංකාවට එන විදේශ සංචාරකයන් මේ දැවැන්ත සිහිවටනය රැගෙන යනු ඇතැයි දේවානන්දා බලාපොරොත්තු වනු ඇත. මේ සිහිවටනය නිකම් විකිණෙන්නේ නැ. එය අලෙවි කළ යුතුය. ඒ සඳහා ලංකාවේ පාර්ලිමේන්තුවේ ඇති වැදගත්කම පැහැදිලි කර දිය යුතුය. දේවානන්දා වැනි ත්‍රස්තවාදීන් අවි අත දරාගෙනම ඡන්ද විස්සෙන් තිහෙන් තේරී පත් වී දිගු ගමනක් පැමිණි පාර්ලිමේන්තුව මෙයයි. ලංකාවේ කළු සල්ලිවලින් සුදු වූ රෙදි ඇඳගත් ලජ්ජා රහිතම මිනිසුන් සිටින තැන මෙයයි. ජනතාව බලවත්ම පල් හොරුන්, මිනීමරුවන්, ස්ත්‍රී දූෂකයන්, මහජන දේපල සොරකම් කරන්නන් ආදීන් තෝරා පත් කර එවන ස්ථානය මෙයයි.  මෙහි නි ය ෝජිතයකු වීමට මුවාවී මහජන මුදලින් අසීමිත සැප සම්පත් විඳින මිනිසුන් සිටින පාර්ලි ම ේන්තුව මෙයි.  මේ ලැයිස්තුවට ඔබේ අදහසුත් එක්කරන්න. මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

දෝෂාභියෝගයේ අලුත්ම ඩීල්එකද මේ?

Image
අගවිනිසුරු ශිරානි බංඩාරනායකට එරෙහි චෝදනා විමර්ශනය පිණිස පත් කරන ලද පාර්ලිමේන්තු තේරීම් කමිටුව ජනාධිපතිවරයා විසින් දෙකේ කොළේට දමා තිබේ. ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ නව බහු මහල් ගොඩනැඟිලි සංකීර්ණය විවෘත කිරීම නිමිත්තෙන් ඊයේ (11) පැවැති උත්සවය අමතමින් ජනාධිපතිවරයා කළ කරුණු දැක්වීමෙන් පෙනී යන්නේ ඔහු සිය මුල් සැලැස්ම වෙනස්කරන්නට සැරසෙන බවකි. දෝෂාභියෝග වාර්තාව සම්බන්ධයෙන් තවදුරටත් සොයා බැලීම සඳහා ස්වාධීන කමිටුවක් පත්කිරීමට පියවර ගන්නා බව දැන් ඔහු පවසයි. එවැනි කමිටුවක් ගැන පොතක පතක ලියවී නොමැති බවද, නීතියක් නොමැති නමුත් එය තමා සෑහීමට පත්වීම සඳහා කරන්නක් බවද මේ උතුම් මහතා කීයා සිටී. මේ පිළිබඳ එතුමා හරිහැටි නොදැන සිටි බවද, අර එතුමාගේ හොඳකම නිසා මෙය කරගෙන ගිය නසරානින්ට එය කරන්නට බුරුල දුන් බවද එතුමාග් ප්‍රකාශයෙන් පෙනේ. අල්ලස් කොමිසම වෙත ගොස් පැමිණිලි කොට දෝෂාභියෝගයක් රැගෙන එන බවට ප්‍රචාරය කළ බවත්, පසුව අදාළ දෝෂාභියෝගයට අත්සන් කොට පාර්ලිමේන්තුවට ඉදිරිපත්කළ බවත්, කමිටුවක් පත්කොට වාර්තාවක් නිකුත් කිරීම සිදුවූ බවත් දැන් එය පාර්ලිමේන්තුවේ පවතින බවත් සඳහන් කරන එතුමාණෝ "වෘත්තියෙන

අධිකරණ අර්බුදයේදී අප ගතයුතු මග කුමක්ද?

අගවිනිසුරුවරියගේ ක්‍රියාකලාපය බරපතල ප්‍රශ්න මතුකරයි. එහෙත් ඇයටද සාමාන්‍ය පුරවැසියකු ලෙස සාධාරණ නඩුවිභාගයක් සඳහා හිමිකමක් ඇත. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඇයට එවැනි සාධාරණ නඩු විභාගයක් සඳහා අවස්ථාව දී නැත. වීදි බැස උද්ඝෝෂණ කරන්නන් සටන් කරන්නේ අසරණ සාමාන්‍ය පුරවැසියකුට සාධාරණ නඩු විභාගයක් දිනාදීම සඳහා නම් එයට කාගේත් සහයෝගය ලැබිය යුතුය. මේ වනවිට මෙම සිද්ධිය ලාංකීය පාලන ක්‍රමයේ ගැඹුරු න්‍යායික හා ප්‍රායෝගික අර්බුදයක් බවට පත් වී තිබේ. ව්‍යවස්ථාදායකය හා අධිකරණය අතර ඇති වී තිබෙන ගැටලුව ව්‍යවස්ථා සම්පාදනය පිළිබඳ අභියෝගයකි. මහජන උද්ඝෝෂණ අරමුණු කරගත යුත්තේ වඩා ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය ප්‍රතිසංස්කරණයකි. එහෙත්, බොහෝ විරුද්ධ පාක්ෂිකයන්ට අවශ්‍යව තිබෙන්නේ මහින්ද රාජපක්ෂ පවුල් පාලනය පෙරළා දැමීම සඳහා කුමක් හෝ කරත්තයක නැගීමටයි. මහින්ද රාජපක්ෂ පවුල් පාලනය යනු ප්‍රජාතන්ත්‍රවාදය හරහා වැටුණු පොල්ලක් බවට තර්කයක් නැත. එහෙත්, එය ශක්තිමත්, මුල් බැසගත් බලවේගයකි. එය සෙලවීම ලෙහෙසි නැත. ඔවුන්ගේ කෙරුවාවල් සමග සන්සන්දනය කර බැලූ කල අගවිනිසුරුවරියගේ කෙරුවාවල් නතිංය. එහෙත්, එහිද සම්තිං තිබේ. ලොකු වැරදිකරුවන්ට

අභියෝගෙට මෙන්න නීති උපදෙස්!

අගවිනිසුරුතුමිය වැරදිකාරිය බව ඉන්ස්ටන්ට් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විසින් තීන්දු කර තිබේ.  එයනම් පට්ට ජෝක් නඩු විභාගයකි. ඒ වුණාට ඒ නඩුව පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවලට අනුකූලය. ඒවා ව්‍යවස්ථාවට අනුකූලය. එතකොට නියම ජෝක් එක මේ ව්‍යවස්ථාවය. ඕක ඉතින් අමුත ුවෙන් කියන්නට ඕනෑ නැත. ජනතා පරමාධිපත්‍ය ය ේ මුදුන් මල්කඩ කීවාම ඇතිය. ලංකාවේ පොඩිමිනිස්සුන්ට පටලවනු ලබන රථවාහන වැරදි, ඩෙංගු වැරදි වැනි සුළු වැරදි සම්බන්ධ නඩු අහන්නේත් ඔය විදියටම බව හා ඒවායේ පරම අරමුණ නීතිඥයන් හා ආණ්ඩුව මහජනයාගෙන් දඩමුදල් ගසාකෑම පමණක් බව අගවිනිසුරුතුමියනි ඔබ දන්නවාද?  කොහොමවුණත්, දොෂාභියෝගයට එ‍රෙහි අරගලය මහින්ද රාජපක්ෂ ආණ්ඩු වෙන් චාන්ස් නැති හා මදි අයට එජාප ආණ්ඩුවක් තල්ලුකරගැනීමටත්, ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ රාජ්‍ය නොවන සංවිධානවලට සල්ලි ටිකක් පොම්ප කරගැනීමටත්, මොනවා හෝ කිරීම අරමුණු කරගත් අපේ වාමාංශික සහෝදරයන්ට ටික කලක් පිකටිං, පෙළපාලිවල රස්තියාදුවෙමින් උගුර ලේ රහකරගනිමින් ස්වපීඩක ආස්වාදයක් ලබන්න ටත් අවස්ථාවක් ලබාදෙනු ඇත. ඕනෑනම්, ම ේ අලකලංචි අලුත් චින්තනයක් මුවහත් කරගන්නට හා සංවාද ප ෝෂණය කරගන්නටත් ය ොදාගන්නට වුව බ

ඩයස්පෝරා එක සල්ලි බෙදන ගැනක් දන්නවානම් අපටත් කියන්න

යකෝ මේ ඩයස්පෝරා එකනම් මාර සල්ලි කඳක්නේ. මර්වින් සිල්වා කියන විදියට ඩයස්පෝරා එක අග්‍ර විනිශ්චයකාරිටත් සල්ලි දීලා.  තව ඔය එන්ජීඕවලට, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට, අන්තරේට, පෙරටුගාමී සමාජවාදී පක්ෂයට, එජාපට එහෙමත් කාලෙන් කාලෙට සල්ලි දුන් බව කියනවානේ.  මං හිතන්නේ ලංකාවේ ආර්ථිකයේ ප්‍රධාන කණුවක් වෙන්නේ මේ ඩොලර්. ඩොලර් කියන්නේ විදේශ විනිමයනේ. අපට මාර විදියට ඒවා ඕනෑ කරලානේ තියෙන්නෙත්.  හැබෑටම කවුරුහරි දන්නවද ඔය ඩයස්පෝරා එක සල්ලි බෙදන්නේ කොහේ ඉඳලද කියලා. අපිත් කීයක්හරි ඉල්ලගන්න. අපි ඔය දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් ගැන මේ බ්ලොග් පඩංගුවේ ලියලා, ලියලාම සෑහෙන්න කතන්දරත් අහගෙන ඉන්න එකේ මේ නැතිබැරි කාලෙ අපේ පොඩිවුන්ට පාන් කෑල්ලක් අරන් දෙන්න බැරිද ඩයස්පෝරා එකට අපටත් කීයක් හරි දෙන්න.  ඩයස් ප ෝරා එක සල්ලි දෙනවා, සල්ලි දෙනවා කියලා කියලාම ආණ්ඩුවටත් හි තෙයිද දන් නෙ නැහැ, අර නස්රුදීන්ට ව ග ේ සල්ලි ඉල්ලගන්න යන්න.  මේ ළඟදි මරු අත්දැකීමක් ලැබුණා. අපේ කාර්යමණ්ඩලයේ ඉන්නවා තරමක සිවිල් හයියක් තියෙන හාදයෙක්. මිනිහා ප්‍රසිද්ධියේම දෙමළ කතාකැන මිනිස්සු ගැන කතා කරන්නේ පර දෙමළු, ගෙරි තම්බි ආදී වශයෙන්. මේ ලියන්නා (ල

සුදු රටකජු - රතු රටකජු හෙවත් දිළිඳුකම නැතිකරන පද පෙරළි

Image
ධනවාදී ගෝඨාභය රාජපක්ෂගේ නගර අලංකරණය තුළ මිනිස් කසල ලෙස බැහැරවීමේ උරුමය ලැබ ී තිබෙන ලංකාවේ දිළින්දන්ගේ ඉරණම මෙම ඡායාරූපයෙන් කියැවේ.  මෙම ඡායාරූපයේ දැක්වෙන්නේ ගාලු බස්නැවතුමේ රටකජු ලෑල්ලක් පවත්වාගෙන ගිය දිළිඳු කාන්තාවක් එම රටකජු ලෑල්ල ඉවත්කර සිය ජීව න ෝපාය අහිමිකිරී ම පිළිබඳ ගාලු මහනගර සභාවට විරෝධය පළ කළ අන්දමයි.  ලංකාවේ බහුතරයක් වන දිළින්දන්ට ජීවනෝපාය අහිමිකරන සංවර්ධනයකින් ඇති ඵලය කුමක්ද? එ ස ේම තමන්ට දැ නෙන තැනින් පමණක් මෙ ස ේ සටන ් කිරී මෙන් ඇති ඵලය කුමක්ද? රටක ජුකාරයා, සිඟන්නා පවා අ ප ේ සම්ප්‍රදායික දරිද්‍ර ජනජීවිත ය ේ ක ොටස්ය. දිළිඳුකම නැති න ොකර, බටහිර රටවල් අනුකරණය කරමින් බ ොරු ස ෝබනය පිණිස කරන ම ේ සංවර්ධන යෙන් ඇති ඵලය කිම? මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

සරෝජා, මහින්ද (චන්ද්‍රසේකර), දීපිකා, රත්තරං, රෝහිත භාෂණ හා ජාතීන්ගේ ප්‍රශ්නය

Image
මහින්ද චන්ද්‍රසේකර 'මාතොටින් එන උතුරු සුළ‍ඟේ - ගිනි සිඹින මඩු පල්ලියේ - දෑස් අග නෙතු කඳුළු රන්දන සරෝජා මගෙ දෝනියේ' ගීය රචනා කළ සමයේ ඔහු ජාතිවාදයට විරුද්ධ ස්ථාවරයක් දැරුවෙකි. කලක් හේ ජයතිලක බංඩාර සමග 'සාදුජනරාව' සංගීතමය සාම වැඩසටහන කරගෙන ගියේය.  1994දී චන්ද්‍රිකාගේ බලයට පැමිණීම බොහෝ ශුද්ධ වූ දේ කෙළෙසීමේ ආරම්භය වූ අතර 2009දී මහින්ද රාජපක්ෂ දෙමළ අරගලය ලෙයින් යකඩින් මර්දනය කරනවිට මහින්ද චන්ද්‍රසේකර මෙන්ම රජරටින් බිහිවූ තවත් රැඩිකල් කලාකරුවන් වන කරුණාරත්න දිවුල්ගනේ වැනි අයද මහින්ද පසුපසින් වැටී සිටියහ. ඔවුන්ගේ හදවත්වල කෙසේ වෙතත් දෑත්වලනම් දෙමළ ලේ තැවරී ඇතැයි මට සිතේ. ( ම ේ පරපු ර ේ අය අතරින ් සුවි ශ ේ ෂ මිනිසා ජයති ලක බංඩාර බව ග ෞරව යෙන් යුතුව සටහන් කරමු .) කෙසේවෙතත්, මහින්ද චන්ද්‍රසේකර සොඳුරු මිනිසෙකි. මහඟු මිතුරෙකි. වරක් මෙම සටහන තබන ලේඛකයා ස්ථානමාරුවක් නිසා අතිශය දුෂ්කර තත්වයක සිටියදී මහින්ද ඔහුගේ මිතුරකු මගින් ‍එම ගැටලුව විසඳා දුන්නේ උණුසුම් මිත්‍රශීලී හැඟීමකිනි. එදා ඔහු මා සමග අනුරාධපුරයේ රාජ්‍ය නිලධාරියකුගේ නිවසට යන්නට පැමිණියේ ඔහුට කිසියම් ගුවන්විදුලි වැඩසටහනකට

අධිකරණ භීතිකාව මනෝව්‍යාධියක්ද? ජ්‍යෝතිෂමය කාරණයක්ද?

Image
හැමදාමත් උසාවියෙන් රැග්වන ලුම්පං නිර්ධනයන්ගෙන් ලුම්පන් ප්‍රභූන්ට කණේ පාරක් වසර තිහක යුද්ධයෙන් දිනා ගත නොහැකි වූ දේ අලුත්කඩේ ගොස් දිනා ගන්නට ඇතැමුන් උත්සාහ ගන්නා බව ජනාධිපති මහින්ද රාජපක්ෂ කීවේය.  ම ේ යුද්ධ යෙන් දිනාගත න ොහැකිවූ දෙය ඊලමයි. ඒ අනුව , අගවි නිසුරුවරිය ඊලම ලබා දෙන්නට ගියාද? 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සං ශ ෝධනයට අනුකූලව තීන්දුවක් දුන් පළියට ඇය ඊලම හදන්න ගියා කියා විමල් වීරවංශටවත් කිව හැකිද?  ඇත්තෙන්ම එහෙම එකක් තිබේද? එතරම් පිරිසුදු පසුබිමක් නැති, සුවිශේෂ ප්‍රගතිශීලී දේශපාලන ස්ථාවරයක්ද නැති, කිසිදු විශේෂ ජන ප්‍රසාදයක් හෝ සිවිල් සමාජ ගෞරවයක් වත් නැති අගවිනිසුරුවරිය එහෙම මාර ගේමක් ප්ලෑන් කළාදැයි සිතන්නටවත් බැරිය. එහෙම දක්ෂකමක් ඇයට ඇතිබවක් නොපෙනේ.  අනෙක ඇය පසුපස සිට එහෙම ගේමක් මෙහෙයවන්නට ඉන්නේ කවුරුද? ඇ ග ේ දූෂිත සැමියාද? සිංහල ජාතියේ නොමඳ සහයෝගයෙන් දියත් කරන ලද යුද්ධයෙන් පසු යුද අපරාධ පිළිබඳ චෝදනා හේතුවෙන් නිරතුරුවම ජාත්‍යන්තරයට බියෙන් සි‍ටින රාජපක්ෂ පවුල වතුර කොරහේත් කිඹුලන් දැකීම බලාපොරොත්තු විය හැකිමුත්, මෙතනනම් වතුර කොරහක්වත් නැත. අපට සිතෙන පරිදි නම් අගවිනිසුරු

Jaffna student activist arrested

Image
(This is a story received by us via email. We publish it in view of the safety of the student arrested) Jaffna university students' union Secretary P. Tharshananth aged 24 years was arrested by Kopay police from his residence was the statement made by his mother to "Udayan" newspaper. She further said, “at about 1.00 a.m during midnight hours, four persons attired in civil clothes knocked their home door. After examining the identity card of Tharshananth, they informed that they need to take him to the Kopay police station to take a statement. I yelled and cried it is not proper to take him, but ignoring my pleas, they took away Tharshananth. I saw them taking Tharshananth, in a vehicle which was parked outside”. Mother of Tharshanth with tears informed that the police did not submit any documents for his arrest. Regarding this complaint, when contacted the Kopay police station over the phone to confirm the information, a reply was in half Tamil, and the caller

Sri Lanka's major opposition United National Party leader Ranil gains mandate for six years's leadership

Image
Sri Lanka major opposition United National Party (UNP) general assembly today passed a proposal to amend the party constitution so as to pave way the leader of the party to hold the position for six years. Of the 6143 UNP members that participated in the48th annual congress 4978 voted in favour of the proposal while 337 voted against it. UNP national list MP and the Chairman of Bar Association of Sri Lanka Wijedasa Rajapaksa moved the proposal which was seconded by MP Ajith P. Perera. Deputy Leader Sajith Premadasa was a notable person that voted against the proposal. MPs Karu Jayasuriya, Dayasiri Jayasekara, Thalatha Athukorala and Buddhika Pathirana also voted against it. Several MPs and activists of the UNP were observed leaving early after this proposal was passed. Although there were some tension at the well guarded gates since only the pass holders were allowed to enter the UNP headquarters for the annual congress, the general assembly was held peacefully. Several M

මෙයා තමයි ඒ මිනිසා (නෑ, ගැහැනිය)

(පරමාදර්ශී විප්ලවවාදී ජීවිතයක් ගැන අසම්පූර්ණ කවියක්) දිවියේ ග්‍රහ පිහිටන හැටි ගැන හිත හිත තැවෙන ලොවක අප වෙනුවෙන් උපන් මොහොත  පමණක් සටහන් කළ නුඹ අමාවකේ තරු වියනක අසිරිය රසවත් කළ නුඹ තරු අතරේ සැඟවී ඇති පුළුල් ලොවට ඇස් දුන් නුඹ අම්මාවරු දරුවන් ගෙන පංති දුවන අතර හැල්මෙ පුංචි අතින් අල්ලාගෙන වත්තට අරගෙන ගිය නුඹ නිදිකුම්බා මැළවෙන හැටි බංඩක්කා පැළවෙන හැටි කිරිමැටි ගුලි හැඩවෙන හැටි සිත්තම් අත හුරු කළ නුඹ තරුවක් වෙන්නට නොකියා සිංදු නැටුම් කියා දීපු කලා රසය බෙදා දීපු කවි හදන්න උගන්නාපු වත්තෙන් පිටියෙන් ගෙන ආ කොළ මල් මුල් රසවත් කර ආදරයෙන් අනා කවපු ස ී නි කන්න එපා කියපු මන්දිර දැස ි දසුන් යාන   නැත ැයි කියා සුසුම් න ො හෙලු අ පෙ දුප්පත් ප ොඩි පැල්පත සෙ නෙ හෙ කැදැල්ලක් කරවපු     නරලොව හොල්මන් බලන්න ගම පිටින්ම දුවන විටදි නෑ අපි යන්නේ කියාපු අපට ඕනැ නැහැ කියාපු වන්දනීය වූ ධනයට නොවැන්ද ඒ ගැහැනිය නුඹ තපසට පැන යන්නෙ නැතිව හෙට වෙනුවෙන් වැඩ කළ නුඹ නෙළාගන්න බැරි ඉර හඳ වෙනුවෙන් නොහැඬූ ළඳ නුඹ නෙලූ පළා මිටින් ස

ඩලස් විතරද කොල්ලා

Image
ශ්‍රී ලංකාවේ පළමුවන යොවුන් සරසවිය හෙවත් යෞවන විශ්වවිද්‍යාලය දකුණු පළාතේ කරන්දෙණිය ප්‍රදේශය කේන්ද්‍ර කොටගෙන පිහිටුවීමට තීරණය කර ඇති බව යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා පැවසූ බව වාර්තා වේ. එතකොට හත්වලාමේ මේ තියෙන අනෙක් විශ්වවිද්‍යාල හැටහුටහමාර මොනවද? ඩලස්ගෙ හුට්ටලමෙ විතරද කොල්ලො ඉන්නේ? කැම්පස් 'අංකල්ලා' උත්තර දෙන්න. මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න -->

පරමාදර්ශී ජීවන විලාසිතාවක් සොයා යමු

අප පසුගිය ලිපිය අවසන් කළේ මෙසේ කියමිනි. පවත්නා ක්‍රමයට එරෙහිව ඔසවා තැබිය යුත්තේ මිනිස් සාරයකි. ජීවගුණයකි.  පරමාදර්ශී ජීවන විලාසිතාවකි. අප මින් පෙරද සඳහන් කළ මේ පරමාදර්ශී ජීවන විලාසිතාව යනු කුමක්ද? පරමාදර්ශී දේශපාලන ජීවිතයක් පිළි බ ඳ කතා කළ සැණින් අප ඉදිරියේ මැවී පෙනෙන්නේ සමාජයට ඉදිරියෙන් සිටින බව කියන පෙරටුගාමී (vanguard) පක්ෂ විසින්තොරොම්බල් කර තිබෙන ගතානුගතික වෘත්තීය විප්ලවවාදියාය. නැතිනම්, අප දන්නා ජවිපෙ ෆුල්ටයිමර්ය. ඒ කියන්නේ සාමාන්‍ය ජීවිත ය ේ සියල්ල හැර දමා තපසට යන්නා සේ පක්ෂය වෙනුවෙන් දිවිදෙන්නට කැප වී පසුව ඒ දිවියත්, සාමාන්‍ය මිනිස් ආශාත් අතර ගැටුම කළමනාකරණය කරගැනීමට බැරිව අර්බුදයට පත්ව නන්නත්තාර වන හෝ ඒ දිවියෙන් ගැලවුණු පසු විසිගුණයක් කෑදරකමින් ආශාවන් පසුපස හඹා යන හෝ මිනිසෙකි. අප කියන පරමාදර්ශී ජීවන විලාසිතාව කිසිසේත්ම මේ ෆුල්ටයිමර් නම් නොවේ. මේ ෆුල්ටයිමර්ගේ හෙළුවැල්ල දැන් හෙළි වී හමාරය. අප යෝජනා කරන්නේ කුහක තපස් ව්‍රතයක් නොවේ.  විවෘත, සක්‍රිය, සාමාන්‍ය, සරළ මිනිසෙකි. ඔහු / ඇය පවත්නා තත්වයන් සමග පැවතිය හැකි අයකු මිස උත්තර ජීවියෙක් ලෙස පෙනී සිටින්නෙක් නොවිය යුතුය. මන