අධිකරණ භීතිකාව මනෝව්‍යාධියක්ද? ජ්‍යෝතිෂමය කාරණයක්ද?

හැමදාමත් උසාවියෙන් රැග්වන ලුම්පං නිර්ධනයන්ගෙන් ලුම්පන් ප්‍රභූන්ට කණේ පාරක්
වසර තිහක යුද්ධයෙන් දිනා ගත නොහැකි වූ දේ අලුත්කඩේ ගොස් දිනා ගන්නට ඇතැමුන් උත්සාහ ගන්නා බව ජනාධිපති මහින්ද රාජපක්ෂ කීවේය. 

ේ යුද්ධයෙන් දිනාගත ොහැකිවූ දෙය ඊලමයි. ඒ අනුව, අගවිනිසුරුවරිය ඊලම ලබාදෙන්නට ගියාද? 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංෝධනයට අනුකූලව තීන්දුවක් දුන් පළියට ඇය ඊලම හදන්න ගියා කියා විමල් වීරවංශටවත් කිව හැකිද? 

ඇත්තෙන්ම එහෙම එකක් තිබේද? එතරම් පිරිසුදු පසුබිමක් නැති, සුවිශේෂ ප්‍රගතිශීලී දේශපාලන ස්ථාවරයක්ද නැති, කිසිදු විශේෂ ජන ප්‍රසාදයක් හෝ සිවිල් සමාජ ගෞරවයක්වත් නැති අගවිනිසුරුවරිය එහෙම මාර ගේමක් ප්ලෑන් කළාදැයි සිතන්නටවත් බැරිය. එහෙම දක්ෂකමක් ඇයට ඇතිබවක් නොපෙනේ. 

අනෙක ඇය පසුපස සිට එහෙම ගේමක් මෙහෙයවන්නට ඉන්නේ කවුරුද? ේ දූෂිත සැමියාද?

සිංහල ජාතියේ නොමඳ සහයෝගයෙන් දියත් කරන ලද යුද්ධයෙන් පසු යුද අපරාධ පිළිබඳ චෝදනා හේතුවෙන් නිරතුරුවම ජාත්‍යන්තරයට බියෙන් සි‍ටින රාජපක්ෂ පවුල වතුර කොරහේත් කිඹුලන් දැකීම බලාපොරොත්තු විය හැකිමුත්, මෙතනනම් වතුර කොරහක්වත් නැත.

අපට සිතෙන පරිදි නම් අගවිනිසුරුවරියට මෙතරම් බියෙන් අවි අමෝරාගන්නට හේතුව එක්කෝ මනෝ ව්‍යාධියකි. නැතිනම් මනෝ ව්‍යාධිවලම පැතිකඩක් වන ජ්‍යොතිෂමය හේතු මත සිදුවන්නකි.

කොහොමවුණත්, මේ දිනවල සර්වබලධාරී අධිකරණයට එරෙහිව අපේ ත්‍රීවීල් මල්ලිලාට පවා පෙළපාලි යන්නට පුළුවන් පසුබිමක් නිර්මානය වී තිබීම නම් සතුටට කරුණකි.

අපට නම් අධිකරණයත් ව්‍යවස්ථාදායකයත් දෙකම එකම සමාන ගුණ ඇති මිනිසුන්ගෙන් සැදුම්ලත් තැන් වන හෙයින් මේ සටනේදී අපට කීමට ඇත්තේ 'උසී' කියන සටන් පාඨය පමණි.විමල් වීරවංශ හෝ රාජිත සේනාරත්න වැනි පොල්කටු උසාවි අත්දැකීම් ඇති අය අගවිනිසුරුවරියට එරෙහිව නඩු අසනඑක ගැන අපටනම් කිසිම අප්සෙට් එකක් නැත. අවසානයේදී බලන කල මේ ඔක්කෝම එකවල්ලේ පොල්ය.

අලුත්කඩේ කළුකෝට්කාරයන් වෙනුවෙන් සටන් පාඨ කියන්නට, පොල් ගසන්නට යන අපේ වාමාංශික සහෝදරයන් ගැන ඇත්තේ අතිශය කණගාටුවකි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

Comments

  1. mobile version eke comment karannath, comment balannath be. Mokakda aula kiyala hoyala balanawa nam sthuthiwantha wenawa.

    ReplyDelete
  2. අපට ඉතින් උසි, උසී කියලා නිකා ඉන්න තමා තියෙන්නේ මේ විගඩම් බලලා. වෙන මොනා කරන්නද ඉතින්.

    උසි උසී ..

    ReplyDelete
  3. මටත් අධිකරණයට කෙළවීම පිළිබඳ කාළකන්නි සතුටක් තියෙනවා. ඔය වගේ තීන්දු 18 වන ව්‍යවස්ථාවට එරෙහිව දෙන්න. ඒ දවස්වල පෑන් වල තීන්ත තියෙන්නේ නැතුව ඇති.

    ReplyDelete
  4. Eththatama uba kiwwa wage rajapakshala unge hewanellatath bayay..mokada ithin yudde iwara kalaa kiyala baluweda karana eka thawama nathara karala nehe ney... hhhmmmm...

    ReplyDelete
  5. එකක් තමා පුර්ණ ධනවාදය එනකම් ඔය වගේ ගැටුම් ඇති වෙනවෙන එක වලක්වන්න බැහැ. අනික් අතට රජතුමා අනුන්ගේ කේන්දරත් බලවනවා ඇති නිතර. මේකත් "රාජයෝග" වල ප්‍රශ්නයක් වෙන්න ඉඩ තියනවා.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා