Posts

Showing posts from July, 2021

අනුන්ගේ නම් බාල කිරීමේ සමාජ චර්යාව

Image
  July 29, 2021   admin   Life අජිත් පැරකුම් ජයසිංහ වෙන කෙනෙකුගේ නමක් බාල කරලා කියන එක අපේ රටේ මිනිසුන්ගෙ ලක්ෂණයක්. බොහෝදෙනෙකු ඒක කරන්නෙ දැනදැනමයි. නමක් බාල කරනවා කියන්නෙ මොකක්ද? අපි හිතමු කවුරුහරි කෙනෙකු ඉන්නවාය කියලා ශ්‍රීපාල් කියලා. ඒක සිරිපාල කියලා කිව්වොත් වෙන දේ ගැන ඔබට අවබෝධයක් තිබෙනවා නේද? අන්න ඒක තමයි නම් බාල කිරීම කියන්නෙ. ක්‍රිස්තියානි, මුස්ලිම් සංස්කෘතීන්වල වගේ නෙමෙයි, සිංහල, දෙමළ වගේ සංස්කෘතිවල නම්වලටත් පරම්පරා තිබෙනවා. 1960 දශකයේ උපන් බොහෝ අයට අජිත් කියන නම තිබ්බාට දැන් ඉපදෙන ළමයෙකුට ඒ නම තියන්නෙ නැහැ. ඒක පරණ තාලෙ එකක්. මේ විදියටම නම් මොඩ් කරගන්නත් පුළුවන්. ධර්මසිරිට ධර්ම ශ්‍රී වෙන්න පුළුවන්. සමහරු තමන්ගෙ පැරණි නම වෙනස් කරගෙන අලුත් නම් දාගන්නවා. පහළ යයි සම්මත කුල අනන්‍යතාව ප්‍රකාශ වෙන වාසගම් වෙනස් කරගන්න එක හොඳ දෙයක්. හැබැයි, සමහරුන් ඒ ගමන් වර්තමාන යුගයේ අලුත්ම නම් දාගන්නවා. සමහරුන් උපැවිදි වෙනකොටත් එහෙම කරනවා. හැබැයි, පැරණි ශරීරවලට අලුත් නම් ගැලපෙන්නෙ නැහැ. උදාහරණයක් විදියට මං ළහිරු වගේ නමක් දාගත්තොත් මගේ රූපයට ඒක ගැලපෙන්නෙ නැහැ. නම් පරණ වීමත් එක්ක ඇත්තටම ලස්සන නම් රැසක්

කොරියාවේ මැරෙන අපේ තරුණයෝ

Image
  July 28, 2021   admin   Economy   Youth කොරියාවේ ප්ලාස්ටික් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක එක දිගට පැය 18ක් තිස්සේ සේවය කරමින් සිටි 33 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයකු කර්මාන්ත අනතුරක් හේතුවෙන් මියගොස් තිබේ. Hwaseong Seobu පොලිස් ස්ථානය මාධ්‍යවලට පවසා තිබෙන පරිදි, මෙම තරුණයා මියගොස් තිබෙන්නේ Paltan ප්‍රදේශයේ ප්ලාස්ටික් නිෂ්පාදන කර්මාන්ත ශාලාවකදීය. පසුගිය ජුලි 25දා පෙ.ව. 3.30ට පමණ ඔයිල් පීඩන කොම්ප්‍රෙසරයකට හසුවීමෙන් ඔහු මියගොස් තිබේ. , ශ්‍රී ලංකාවෙන් කොරියාවේ රැකියාවලට යන තරුණ තරුණියන් ඉතා අවදානම් රැකියාවල යොදවන බව එරට රැකියාවලට යන අය පවසති. වැඩි වැටුප් හේතුවෙන් ඇතැම් ශ්‍රමිකයන් මේ රැකියාවල නිරත වන්නේ සිය කැමැත්තෙනි. ඇතැම්විට මෙවැනි රැකියා ඔවුන් පිටත් වීමේදී ගිවිසුම්ගත වූ රැකියාවලට වඩා වෙනස් ඒවාය. කොරියානු සේවායෝජකයන් ශ්‍රම නීති උල්ලංඝනය කරන අවස්ථා බොහෝය. එහෙත්, සේවා ස්ථානයෙන් ඉවත් වුවහොත් නීති විරෝධී සංක්‍රමණිකයන් බවට පත්වීමේ අවදානම නිසා බොහෝ කම්කරුවෝ දරාගෙන සිටිති. මෙම සේවකයා එම කම්හලෙහි සේවයට බැඳී මාස තුනකට අඩුය. කාර්මික දෝෂ හේතුවෙන් සිදුවූ නිෂ්පාදන පමාවක් හේතුවෙන් ඇණැවුම් ලබාදීම පමාවීම වැළ

බැසිල් රාජපක්ෂ මෙතෙක් කළ වැදගත්ම දෙය

Image
  July 27, 2021   admin   Environment   Politics බැසිල් රාජපක්ෂ මුදල් ඇමති පදවියට පත්වී මේ වන විට සති තුනකට ආසන්නය. බොහෝ අය තෙල් මිල අඩු කරනු ඇතැයි බලාපොරොත්තු වුව ද ඔවුන්ගේ බලාපොරොත්තු සුන් විය. බැසිල් රාජපක්ෂ යම් දුරකට ඇත්ත කතාකරනු නම් පෙනේ. ඇත්ත කතාකරන්නට සිදුවන තරම් ආර්ථිකයේ ගැටලුව බරපතලය. බැසිල් රාජපක්ෂ කරන දේවල බලපෑම තවම දක්නට ලැබෙන්නේ නැත. එහෙත්, ඔහුගේ පත්වීම සමග සිදුවූ එක් දෙයක බලපෑම නම් මේ වන විට තක්සේරු කළ හැකිය. බැසිල් රාජපක්ෂ මුදල් ඇමති ධුරයට පත්වූ අවස්ථාවේදී ඔහුට සුබපැතීම සඳහා රට පුරා එල්ලන ලද PVCවලින් නිෂ්පාදනය කරන ලද බැනර් සංඛ්‍යාව කීයද? එක් ආසනයකට බැනර් දහයක අවම අගයක් යොදා ගණන් හැදුවත්, බැනර් සංඛ්‍යාව 1,600ක් පමණ වේ. මේ එක් බැනරයක අවම වශයෙන් PVC කිලෝවක බරක් ඇතැයි ගණන් හැදුවත් එය කිලෝ 1,600කි. ටොන් දෙකකට ආසන්නය. මේ ඇතැම් බැනර් දාන අය සිටියද ගලවන අය නැත. ගලවන්නට සිදුවන්නේ පළාත් පාලන ආයතන සේවකයන්ටය. ඔවුන්ගේ ශ්‍රමය වෙනුවෙන් හා මේවා ප්‍රතිචක්‍රීයකරණය වෙනුවෙන් රජයට මහජන මුදලින් වියදමක් දරන්නට සිදුවේ. ඇතැම් ගම්බද ප්‍රදේශවල දාන බැනර් ගලවන කෙනෙකු ඇත්තේම නැත. ඒවා ගැලවී වැටී පරිසර

ඇස්ට්‍රාසෙනකා ලක්ෂ 14.5ක් දිවයිනට! එන්නත්කරණය සාර්ථකව ඉදිරියට

Image
  July 26, 2021   admin   Health කොවිඩ්-19 සම්බන්ධයෙන් විද්‍යාත්මක ප්‍රවේශයන් පමා කරමින් හොර වෙදකුගේ පැණියක් ප්‍රවර්ධනය කළ, ගංගාවල මුට්ටි පා කළ ශ්‍රී ලංකා ආණ්ඩුව ඒ සියල්ල අසාර්ථක වීමෙන් පසු දැන් එන්නත්කරණය සම්බන්ධයෙන් සාර්ථක පියවර තබමින් ඇති බව පෙනේ. මුල් අදියරේදී එන්නත්කරණය ඉතා අවිධිමත් විය. රාජ්‍ය නායකයන් ඇතුළු දේශපාලකයන්, සෞඛ්‍ය නිලධාරීන්, ඔවුන්ගේ හෙංචයියන් ආදීන් විසින් මුල් අදියරේදී මහා පරිමාණෙන් එන්නත් සොරකම් කළහ. මේ වන විට පවා කොවිඩ්-19 හේතුවෙන් මිය යන අති බහුතරය වයස අවුරුදු 60ට වැඩි වැඩිහිටියන් හා බහුවිධ රෝගාබාධ සහිත අයයි. මෙම පිරිස්වලට එන්නත්කරණයේදී ප්‍රමුඛතාව ලබාදුන්නා නම්, ජීවිත සිය දහස් ගණනක් බේරාගැනීමේ හැකියාව තිබිණි. කෙසේ වෙතත්, කළ වැරදි නිවැරදි කරගනිමින් ඉදිරියට යාම සම්බන්ධයෙන් අපි රජයට ප්‍රශංසා කරන්නෙමු. “ඉතා වේගවත් එන්නත්කරණ වැඩසටහනක ප්‍රතිඵලයක් ලෙසින් මේ වන විට ශ්‍රී ලංකාව, ජගත් එන්නත්කරණ සාමාන්‍ය අගය පසුකර යෑමට සමත් වී තිබෙනවා. ප්‍රථමයෙන්ම එන්නත් තොග ලබා ගැනීමට සමත් වූ ලොව බලවත් රාජ්‍යයන් හැරුණුකොට, එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇති පුරවැසියන් ප්‍රතිශතය සැළකීමේ දී ඇ

කොතලාවල පනත ගැන මා හිතන හැටි

Image
  July 25, 2021   admin   Education   Politics අජිත් පැරකුම් ජයසිංහ මට නම්, අධ්‍යාපනය, උගත්කම වගේ සංකල්පවලින් වර්තමානයේ දෙන අදහස් පූජනීය දේවල් නෙමෙයි. මං නිදහස් අධ්‍යාපනයෙවත්, අධ්‍යාපනයෙවත් නිෂ්පාදනයකුත් නෙමෙයි. හේතුව මං විධිමත් අධ්‍යාපනයක් ලබලා නැහැ. මං ගියපු ඉස්කෝලෙත්, ඉන් පස්සෙ ගියපු ගුරු විද්‍යාලෙත් කියන දෙකේම හරිහමන් ගුරුවරුන් හිටියෙත් නැහැ. මං ඒවයින් විශේෂ දෙයක් ඉගෙන ගත්තෙත් නැහැ. මං ගියපු ඉස්කෝලෙට මං අදටත් ආදරෙයි. ඒ වෙන මොකක්වත් නිසා නෙමෙයි. ඉස්කෝලෙ එක්ක තිබුණු කැලෑව නිසා. ඉගෙනගත්ත පළියට බුද්ධිමතුන් බිහිවෙනවා නම් ලංකාව මේ වගේ අපායක් වෙන්න විදියක් නැහැ. ඒ නිසා මට නම් අධ්‍යාපනය කියන්නෙ ඔය ඉස්කෝලවලයි, විශ්වවිද්‍යාලවලයි කරන විකාර නෙමෙයි. අපි පොඩි කාලෙ මේ වගේ දීර්ඝ කාලයන් ඉස්කෝල වහලා තිබුණු අත්දැකීම් අපට ලැබිලා නැහැ. 1971 අවුරුද්දෙ පළමු ශ්‍රේණියේ හිටිද්දි 71 කැරැල්ල නිසා ඉස්කෝලෙ වහලා තිබුණා. මං හිතන්නෙ ඒ කාලෙ තමයි මගේ ළමා වියේ ප්‍රීතිමත්ම කාලය. මං ළඟ පුංචි හරි නිර්මාණශීලීත්වයක් ඉතුරු වෙලා තියෙනවා නම්, මං ඒකට ස්තුතිවන්ත විය යුත්තෙ ඉගෙන නොගත්ත එකට. ඉගෙන ගන්නවා කියන්නෙම ගුරුවරුන්ගේ අධික

පුරුෂ ලිංගික ප්‍රචණ්ඩත්වය යනු කුමක්ද?

Image
  July 24, 2021   admin   Human Rights   Law Right to Life මානව හිමිකම් මධ්‍යස්ථානයේ ‘පුරුෂ ලිංගික ප්‍රචණ්ඩත්වයට ගොදුරුව ගැලවුණ අයට සහාය: වෘත්තිකයන්ට මාර්ගෝපදේශයක්’ වාර්තාව ඇසුරෙනි. පුරුෂ ලිංගික ප්‍රචණ්ඩත්වයෙහි පැවැත්ම ශ්‍රී ලංකාවේ බොහෝ විට සැලකිල්ලට නොගන්නා වූ හඳුනා නොගත් ප්‍රශ්නයකි. එසේ හඳුනා නොගැනීම එයට ගොදුරුව ගැලවුණ අයට ප්‍රමාණවත් සහාය සහ සේවා අවම වීමට දායක වන හේතුවකි. ශ්‍රී ලංකාවේ පිරිමින්ට සහ පිරිමි ළමයින්ට එරෙහි ලිංගික ප්‍රචණ්ඩත්වය යනු පොදුවේ සිතනවාට වඩා සුලබ ප්‍රශ්නයකි. 2013 වසරේදී, ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක හතරක කරන ලද අධ්‍යයනයකදී ප්‍රතිචාර දැක්වූ පිරිමින් 1,658දෙනාගෙන් හතරෙන් එකකට වඩා (28%) ළමා ලිංගික අපචාරවලට මුහුණ දී තිබිණි. ඊට අමතරව, සහභාගි වූ පිරිමින්ගෙන් 12.1%ක් වාර්තා කළේ තමන් සාමාජික වන කල්ලිවලදී පිරිමින් ලිංගික ප්‍රචණ්ඩත්වයට ලක්වන බවයි.  ( CARE and Partners for Prevention,  Broadening gender: Why masculinities matter – Attitudes, practices and gender-based violence in four districts in Sri Lanka , 2013) පිරි

ඔලිම්පික් කාඩ්බෝඩ් ඇඳන් සෙක්ස් වළක්වන්නැයි කියන කතාව බොරුවක් (වීඩියෝ සහිතයි)

Image
  July 23, 2021   admin   Sports ටෝකියෝ ඔලිම්පික් බලධාරීන් විසින් ක්‍රීඩයන්ට කාඩ්බෝඩ් ඇඳන් ලබාදී තිබෙන්නේ ඔවුන් ලිංගික ක්‍රියාවල යෙදීම වැළැක්වීමට යයි ලොව පුරා පැතිර යන කටකතාව ව්‍යාජ පුවතකි. මෙම ඇඳකට කිලෝ 441ක බරක් දරාගත හැකි බව ඔලිම්පික් නිලධාරීන් පවසන අතර අයිරිෂ් ජාතික ජිම්නාස්ටික් ක්‍රීඩකයකු විසින් එවැනි ඇඳක් මත උඩ පනින වීඩියෝවක් ද ට්විටර් මගින් මුදාහරින ලදී. එයිවීව් නම් ජපන් සමාගමක් විසින් මෙම කාඩ්බෝඩ් ඇඳන් හා පොලිඑතිලීන් මෙට්ට 18,000 සපයා තිබේ. ඔලිම්පික් අවසන් වීමෙන් පසු ඒවා සම්පූර්ණයෙන්ම ප්‍රතිචක්‍රීයකරණය කිරීමට නියමිතය. ඔලිම්පික් උළෙලට සහභාගී වන ක්‍රීඩකයන් අතර කොන්ඩම් 150,000ක් බෙදාදීම සම්බන්ධයෙන් පැතිරෙන කටකතාව ද මෙවැනිම එකකි. එය ඔවුන්ට ලබාදෙන්නේ එහිදී පාවිච්චි කිරීමට නොව, සියරට යන විට රැගෙන යාමටයි. කොන්ඩම් භාවිතය ප්‍රවර්ධනය කිරීම එහි අරමුණයි. මූලාශ්‍ර  USA Today Adapted from praja.lk

රජයේ සේවක වැටුප් ගෙවීමට රාජ්‍ය ආදායමෙන් 87%ක් වැය කරන රජයකට පැවතිය හැකිද?

Image
  July 23, 2021   admin   Education   Governance   Politics අජිත් පැරකුම් ජයසිංහ – පැරාගේ විරාමය, ලංකා පුවත්පත – 2021-07-24 2020 වසරේ රජයට ලැබුණු බදු ආදායම වූ රු. බිලියන 1216න් බිලියන 1052ක් විශ්‍රාමික හා රාජ්‍ය සේවක වැටුප් ගෙවීම සඳහා වැය කර ඇති අතර රාජ්‍ය සේවක වැටුප් ගෙවීමෙන් පසු රජයේ බදු ආදායමින් ඉතිරි වන්නේ රු. බිලියන 164ක් පමණක් බව වෙළඳ ඇමති බන්දුල ගුණවර්ධන පසුගිය 21දා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වුණු ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය. ගුරුවරුන්ගේ වැටුප් විෂමතා පිළිබඳ ගැටලුව මේ වන විට තීව්‍ර වී තිබේ. ගුරුවරුන් ඔන්ලයින් ඉගැන්වීමවලන් ඉවත් වී සති දෙකක් පමණ වෙනවා. වැටුප් විෂමතා ඉවත් කරන සටන වීදියට පැමිණ ඇත. ගුරුවරුන් දහස් ගණනින් වීදි බසිති. ගුරුවරුන්ගේ වැටුප් වැඩි කළ යුත්තේ ගුරු සේවය ආවෘත සේවාවක් බවට පත්කර වැටුප් පිළිබඳ කොමිෂමක් පිහිටුවා පුළුල් සංවාදයකින් බව ඇමතිවරයා පැවසීය. ගුරුවරුන්ට වැටුප් වැඩි කළහොත්, සෙසු රජයේ සේවකයන් ද නිකම් ඉන්නේ නැත. වැටුප් වැඩිකිරීම පසෙක තිබියදී, රජයේ සේවකයන්ට එදිනෙදා වැටුප් ගෙවාගැනීම පවා රජයට අභියෝගයක් වී තිබෙන බව ඇමතිවරයා විසින් ගෙනහැර දක්වන ලද ගණන් හි

කළු සල්ලි ආර්ථිකයට එකතු කරගැනීමේ වරද කුමක්ද?

Image
  July 22, 2021   admin   Corruption   Politics අජිත් පැරකුම් ජයසිංහ හෙළි නොකළ වත්කම් ආයෝජන සඳහා යෙදවීමේ නව මුදල් පනතට එරෙහිව ජවිපෙ අධිකරණයට යාම සාධාරණය. එහෙත්, මේ අන්දමින් සඟවාගෙන තිබෙන මුදල් ආර්ථිකයට එකතු කරගැනීමේ වරදක් මම නම් නොදකිමි. නීති විරෝධීව උපයන ලද මෙම මුදල් සම්බන්ධයෙන් වරදකරුවන්ට දඬුවම් ලබානොදෙන පසුබිමක් තුළ එම මුදල් ආර්ථිකයට එකතු කරගැනීමේ කිසිදු වරදක් නැත. ලංකාවේ ජනතාවට නීතියේ පාලනයක් අවශ්‍ය නම් කිසි සේත්ම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කරගන්නේ නැත. ලංකාවේ පුරවැසිකම අත්හළ ඔහු කවදා නීත්‍යානුකූල අන්දමින් පුරවැසිභාවය ලබාගත්තාද යන්න කවුරුවත් දන්නේ නැත. බැසිල් රාජපක්ෂ යනු දූෂණ චෝදනා රැසක් සමග නම කියැවෙන, කිසිවක් නීත්‍යානුකූලව ඔප්පු නොවූ පුද්ගලයෙකි. ඔහුට තිබෙන ඉතිරි නඩු ටිකත් ඉල්ලා අස්කරගැනීමට දැන් නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින බව වාර්තා වේ. රාජපක්ෂ පවුලේ නිර්වාන් වැනි දරුවන් හැර ඉතිරි අය ද ආණ්ඩුවෙ ඉතුරු කෙළිකාරයන් ටික ද එවැනිය. අධිකරණයෙන් වැරදිකරුවන් වූවත් ප්‍රශ්නයක් නැත. මේ වන විට, මේ රට මෙහෙයවන ප්‍රධාන නිලධාරීන් කීපපොළක් වන පී.බී. ජයසුන්දර, ලලිත් වීරතුංග වැනි අය අධිකරණයෙ

තලතාට මහින්දානන්ද කළේ ලිංගික අතවරයක්

Image
  July 21, 2021   admin   Crime   Law උදය ගම්මන්පිලට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද විශ්වාස භංග යෝජනාව සම්බන්ධ විවාදය අතරතුර උදය ගම්මන්පිල විපක්ෂ මන්ත්‍රිනී තලතා අතුකෝරළගේ කතාවට පිළිතුරු දෙමින් සිටි අවස්ථාවකදී තවත් කෑකෝගැසීම් අතරතුර කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ ඉතා පැහැදිලිවම වාචික ලිංගික හිංසනයක යෙදුණේය. ඔහු ‘රෑට කමු අපි වම්බටු වම්බටු’ යනුවෙන් යෙදෙන ජනප්‍රිය සිංදුවක පදයක් කියනු දෙරණ රූපවාහිනියේ සවස ප්‍රවෘත්ති විකාශයෙන් ද ඇසිණි. එම ගීතයම ලිංගික සංඥා සහිත හාස්‍යෝත්පාදක ගීතයකි. තලතා සම්බන්ධයෙන් ඔහු එවැනි සිංදු කෑල්ලක් කීම අසභ්‍ය ප්‍රකාශනයක් මෙන්ම ලිංගික හිංසනයක් ලෙස ද සැලකිය හැකිය. එය අමුතුවෙන් මෙතන විග්‍රහ කරන්නට අවශ්‍ය නැත. දන්නෝ කවුරුත් දනිති. මෙය ඉතා පැහැදිලිවම ලිංගික හිංසනයකි. ඒ හා සම්බන්ධ වන 1995 අංක 25 දරණ පනතෙන් සංශෝධිත දණ්ඩ නීති සංග‍්‍රහයේ 345 වගන්තිය මෙසේය: ”අඩන්තේට්ටම් කිරීමෙන් හෝ සාපරාධී බලහත්කාරය පෑමෙන් යම් තැනැත්තෙකුට ලිංගික අතවර කරන හෝ වචනයෙන් හෝ ක‍්‍රියාවෙන් යම් තැනැත්තෙකුට ලිංගික හිරිහැරයක් හෝ අතවරයක් සිදු කරන කවර හෝ තැනැත්තකු, ලිංගික අතවර කිරීමේ වරද සිදු ක

ප්‍රජා සංස්කාරකට ප්‍රශ්න පහක් හා උත්තර පහක්

Image
  July 20,  Adapted from praja.lk

ළමා ශ්‍රමය තුරන් කිරීමේ ජාත්‍යන්තර වර්ෂයේදී බදුර්දීන්ගේ ගෙදරදී මරාදැමූ/ මියගිය හිෂාලිනී

Image
  July 20, 2021   admin   Politics අජිත් පැරකුම් ජයසිංහ රිශාඩ් බදුර්දීන්ගේ නිවසේදී මියගියේ දැරියක නොවේ. 16 හැවිරිදි ගැහැණු ළමයෙකි. දරුවා හෝ දැරිය හෝ කියන්නේ ළමයෙකුට පෙර වයසේ පුද්ගලයන්ටය. අපයෝජනයට ලක්වන ගැහැණු ළමයින් සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවා දැරිය යන වචනය යොදයි. දැන හෝ නොදැන මේ කරන්නේ ළමා අපයෝජකයන්ගේ පරිකල්පනීය ෆැන්ටසියට අවශ්‍ය පරිදි මේ ප්‍රවෘත්ති සංවේදී කර සැපයීමයි. නිසි තාක්ෂණික වචන භාවිතා නොකිරීම ද අපයෝජනවලට දිරි දීමකි. රිෂාඩ් බදුර්දීන්ගේ නිවසේදී අපයෝජනයට ලක්කර ඝාතනයට ලක්කරන ලද ගැහැණු ළමයා දින 12ක් පමණ රෝහල්ගතව ප්‍රතිකාර ලබා තිබේ. ඇය අසාධ්‍ය තත්වයක සිටි නිසා ඇගෙන් කටඋත්තරයක් ගන්නට බැරිවන්නට ඇත. ඇය අපයෝජනයට ලක්කළ පුද්ගලයාට එයින් නීතිමය ආරක්ෂාවක් ලැබී තිබේ. මෙම ගැහැණු ළමයා ගිනිතබාගෙන සියදිවි නසාගත්තා වන්නට පුළුවන. ගිනිතබාගෙන සියදිවි නසාගැනීමේ වේදනාකාරී ක්‍රමය වතුකරයේ දිළිඳු කාන්තාවන් අතර ප්‍රචලිත දෙයකි. සියදිවි නසාගැනීමට මූලික පෙළඹවීම ඇතිකරන විෂාධය නම් මානසික තත්වය සම්බන්ධයෙන් සංවේදී වීමේ මට්ටමට ලංකාවේ වෛද්‍ය සේවා පවා දියුණු වී නැත. සියදිවි නසාගැනීම් මෙතරම් වැඩිවන්නට ප්‍ර

කංසා නීතිගත කිරීමේ සුන්දර අරගලය

Image
  July 19, 2021   admin   Life නිශාන් පෙරේරා කංසා ,ගංජා කියූ පමණින් අපේ සමාජයේ ඇතැම් පිරිස් තුළ තවමත් ඇති වන්නේ අඳුරුමය ආකල්පයකි. ඖෂධ ගුණයෙන් පිරි, ප්‍රයෝජන රැසක් ලබා දෙන කප්රුකක් බඳු කංසා පැලෑටිය මෙලොවට බිහි වන්නේ මිනිසා බිහිවන්නටත් පෙරය. අප්‍රිකාවේ බිහිවූ ආදි මිනිසා අදින් වසර 18,000 කට පමණ ඉහත චීනයේ අල්තායි කඳුවැටියේ ගංගා නිම්නයේ දී කංසා ශාකය හඳුනා ගත් අතර ඒවා ‘මා’ ලෙස නම් කරන ලදී. හින්දු වේද ග්‍රන්ථවල සඳහන් ආකාරයට කංසා ශාකය මහා දෙවියන් හෙවත් ශිව දෙවියන්ගේ ශාකයයි. එය වේදයේ ‘බාංග් ‘ ලෙස හඳුන්වා ඇති අතර සංස්කෘත භාෂාවෙන් ඊට නම් 43ක් දී ඇත. ​ත්‍රෛලෝක්‍යවිජයා යනු ඉන් එක් නමකි. එහි සරල අරුත ‘ තුන් ලොවජයගත හැකි’ ලෙස ගත හැකිය. කංසා ශාකය අප රටට පැමිණ ඇත්තේ ප්‍රාග් ඓතිහාසික යුගයේ රාවණ රජ සමයේ බව කියැවේ. ලංකාවේ මුලින්ම කංසා තහනම් කරන ලද්දේ යටත් විජිත යුගයේ වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 1961 දී කංසා තහනමක් පනවන ලදි. එසේ වුවද පාරම්පරිකව පැවති කංසා දැනුම ඔස්සේ කංසා පිළිබඳව රටවල් කිහිපයක විද්‍යාඥයන් විසින් පරීක්ෂණ කළ අතර ඔවුහූ මෙහි ඇති වටිනාකම ගැන ලොවට හෙළි කළහ. වසන්ත සේන වැලිඅංග අපේ රටේ බ