Posts

Showing posts from August, 2011

ප්‍රමිතියේ ප්‍රමිති ආශ්චර්යයෙන් බාල සිමෙන්ති ප්‍රමිතිය හොඳ වේ / Sri Lanka Standards given to cement they said low in quality

Image
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් තත්වයෙන් බාල නිසා ප්‍රමිති සහතිකය නිකුත් නො කරන ලද, ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු ය‍ටතේ ඇති ජාතික සමුපකාර මණ්ඩලය විසින් පකිස්තානයෙන් ආනයනය කරන ලද සිමෙන්ති මිටි තොගයේ ප්‍රමිතිය ඊයේ සිට හොඳ වී ඇත. ඒ අනුව, ගබඩාවල තිබියදී ආශ්චර්යවත් ලෙස තත්වය හොඳ වූ මේ සිමෙන්ති ශ්‍රී ලංකා ප්‍රමිති ලාංඡනය සහිතව දැන් වෙළඳපොළේ ඇත. සම්පීඩතා ප්‍රබලතාව අඩු බව කලින් කී මෙම සිමෙන්ති වර්ගයෙන් රජයේ කාර්යාල, පාලම්, පාසල් හා වෙනත් පොදු ගොඩනැගිලි ආදිය ඉදි වී නුදුරු කලෙක මිනිසුන්ගේ හිස් මත කඩා වැටෙනු ඇත.  අදාළ පාකිස්‌තාන සමාගමේ සිමෙන්ති ප්‍රමිතියෙන් තොර බවට පසුගිය ජූලි 20 වන දින ලිඛිතව දැනුම් දුන්නද ජාතික සමුපකාර මණ්‌ඩලය විසින් අත්තනෝමතිකව මෙම සිමෙන්ති තොගය ඇණවුම් කර ඇති බව ප්‍රමිති ආයතනය කලින් පැවසී ය. මේ පිටුපස කොමිස් ජාවාරම් ඇති බව ඇතැම් මාධය වාර්තා කර තිබිණි.  Anti Corrupt වෙබ් අඩවිය පවසන පරිදි 2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතේ 12(1) වෙනි වගන්තිය අනුව 2007.11.02 දින අංක 1521/29 දරණ ගැසට් නිවේදනය මගින් "සිමෙන්ති නිෂ්පාදකයෙකු ආනයනකරුවෙකු අසුරන්නෙකු බෙදා හ

පොලිසිය, පාතාලය පවා දැන් හරි නිර්මානාත්මකයි / Sri Lanka in an age creativity in police brutality

Image
අලුත් පොලිස්පතිවරයා යටතේ එක්කෝ පොලිසිය නිර්මානාත්මකව කටයුතු කරයි. නැතිනම්, දැන් අපරාධකරුවෝ නිර්මානාත්මකව කටයුතු කරති. කොහොම වුණත් නිර්මානශීලිත්වය හොඳ දෙයකි. 'අලුත් අලුත් දෑ නො තනන ජාතිය ලොව නො නගී' යයි කුමාරතුංග මුනිදාස ශූරීහු ද කී හ. අලුත් ක්‍රම හා විධි සොයා ගැනීමෙන් ජාතිය නග්ගන්නට පොලිසියට හා පාතාල අපරාධකරුවන්ට ද දායක විය හැකි ය. සති දෙකකට පමණ ඉහතදී අත්අඩංගුවට ගත් පාතාල ප්‍රබලයකු වන නේවි අසංක ඊයේ හවස මළේ දියේ ගිලී බව නුගේගොඩ කොට්ඨාස භාර පොලිස් අධිකාරී දේශබන්දු තෙන්නකෝන් මහතා කියයි. පසුගිය 11දා අත් අඩංගුවට පත් වූ මොහු ආයුධ පෙන්වන්නට යාම නිර්මානාත්මක ලෙස කල් දමා ඇත. පොලිස් අත්අඩංගුවේ සිටියදී කරන ලද ප්‍රශ්න කිරීම් වලට අනුව සඟවා ඇති ටී 56 ගිනි අවියක තොරතුරු හෙළි කර ඇති මොහු නවගමුව පොලිස් වසමට අයත් වෑවල නම් කැළණි ගඟ අභියස පාලු පෙදෙසකට පොලිසිය එක්කගෙන ගොස් පොහොර උරයක බහා වල දමා ඇති ගිනි අවිය ගොඩට ගෙන ඇත. පසුව සැකකරු පොලිසියෙන් මිදී කැලණි ගඟට පැන පලායමට තැත් කිරීමේදී පොලීසියද සැකකරු සමඟ දියට පැන ඔහු බේරා ගැනීමට වෙර දරා ඇත. නමුත් විලංගු සමග දියේ ගිලුණ සැකකරු බේරා ගැනීමට පොලීසියට

වැද්දන් මිනිස් ගජ්ජුන් කරමු

Image
වැදි මිනිසකු මහනුවර රෝහලේ සේවය කරන බව කියන සිය පුතා හමු වන්නට යන්නට නො දුන්නේ යයි උරණව දුන්නෙන් මානා ඊතලයක් විද ආරක්ෂක නිලධාරියකුට බරපතල ලෙස තුවාල සිදු කර තිබේ.  මෑතදී පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබා දුන් එක් වැදි නායකයකු කියා තිබුණේ තමන් වැදි නායකයා වුව ද මස් මාළු නො කන, සත්ගුණවකකු බවයි. මස්, මාළු නො කෑම හෝ නො කන බව කීම හෝ දැන් ලංකාවේ විලාසිතාවක් වී තිබේ. එය කෙනෙකුගේ පෞද්ගලික පිළිවෙතක් වුව ද, මස්, මාළු කන මිනිස්සු නරක මිනිස්සු ය කියා හුවා දැක්වීමේ උවමනාවක් සමාජයේ ඇතැමුන්ට තිබේ.  ආදි වැද්දෝ මූලික වශයෙන් දඩයම් ජීවිතයක් ගත කරන්නෝ වූ හ. කෘෂිකර්මාන්තය නො කළ ආහාර එකත් කරන්නන් වූ ඔවුන්ට සිය සම්ප්‍රදායික ජීවිතයේදී මස්, මාළු අනුභව නො කර පවතින්නට හැකියාවක් නො තිබිණි.  වැද්දන් කියා හඳුන්වනු ලබන ජන කොට්ඨාසය නූතන සමාජ විපර්යාසය හමුවේ දැඩි අනන්‍යතා අර්බුදයකට මුහුණ දී සිටිති. නවීන වන සංරක්ෂණ නීති හේතුවෙන් වන ජීවිතය අහිමි වී සිටින ඔවුහු නවීන ගැමි හා නාගරික ජීවිතයත්, වැදි ජීවිතයත් අතර අතරමං වී සිටිති.  විශේෂයෙන් ම සංචාරක කර්මාන්තය හේතුවෙන් වැදි අනන්‍යතාවට කුඩා වෙළඳපොලක් නිර්මානය වී ඇති හෙයින් ඔවුන

පරීක්ෂණ අවසන් නො වී තිබියදීත් රජීව් ගාන්ධි ඝාතනයේ විත්ත්කරුවන් පෝරකයට

Image
නලිනි 1991මැයි 21දා තමිල්නාඩුවේ ශ්‍රී පෙරුම්බුදුර්හිදී දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානයේ අවශ්‍යතාව අනුව මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකට සම්බන්ධ වී ඉන්දීය හිටපු අගමැති රජිව් ගාන්ධි ඝාතනය කිරීම සම්බන්ධව වරදකරුවන් වූ ශ්‍රී ලාංකික මුරුගන්, ශාන්තන් හා ඉන්දී ජාතික පෙරරිවාලන් යන සැප්තැම්බර් 09දා තමිල්නාඩුවේ වෙල්ලෝර් බන්ධනාගාරයේදී එල්ලා මරා දැමීමට නියමිත බව ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත ඊයේ වාර්තා කළේ ය. මෑතදී මෙම තිදෙනාගේ සමා අයදුම්පතක් ඉන්දීය ජනපතිනි ප්‍රතිභා පටෙල් විසින් ප්‍රතික්ෂේප කරන ලදී. මරණීය දණ්ඩනය පිළිබඳ විත්තිකරුවන්ට දැනුම් දී ඇති අතර, ඔවුන් දැන් අන් සිරකරුවන්ගෙන් වෙන් කර වෙන ම රඳවා තිබේ. මුරුගන්ගේ බිරිඳ නලිනිට ද මරණ දඬුවම නියම වුවත් ඇය බන්ධනාගාරයේදී මෙගාරා නම් දියණියක ප්‍රසූත කළ බැවින් ඇගේ මරණ දඬුවම ඉවත් කර ජීවිතාන්තය දක්‌වා සිර දඬුවමක්‌ පනවන ලදී. නලිනි මරාගෙන මැරුන බෝම්බකාරය වූ ධනූ අසාර්ථක වුවහොත් යොදා ගන්නට සිටි අතිරේක ප්‍රහාරිකාව වූවා ය. ප්‍රහාරයෙන් පසුව පළා යමින් සිටියදී පෙමින් බැඳී විවාහ වූ නලිනි හා මුරුගන්ගේ දියණිය කුඩා කල වසර කීපයක් මව සමග බන්ධනාගාරයේ වාසය කළා ය

පුදපු ගමන් කාපි යකා

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපතිතුමා ඊයේ ජනාධිපතිවරයා විසින් නිල නිවස ලෙස පරිහරණය කරනු ලබන මහජන දේපලක් වන අගමැති නිල නිවාසය වන අරලියගහමන්දි‍රයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය නම් වන දේශපාලන පක්ෂයේ කොළඹ මහ නගර සභා අපේක්ෂක කණ්ඩායම මුණගැසුණේ ය. සංග්‍රහයක් ද පැවැත්වූ බව වාර්තා වේ. මෙය කියවන ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී රටකැයි සිටින ඡන්දදායකයෝ 'ඉතින් මොකද?' යි අසනු ඇත. මහජන දේපල අයුතු ලෙස පරිහරණය කිරීම ලංකාවේ මිනිසුන්ට සාමාන්‍ය දෙයකි. මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

සඳරුවන් සේනාධීරටත් සජිත් ප්‍රේමදාස එපා වෙලා

Image
(ලංකා ඊ නිව්ස් -2011.අගෝ.26, පෙ.ව.3.00-ජහමනයාගේ කොළම) මෙවර ඡන්දය සඳහා එජාප අපේක්‍ෂකයන් තෝරා ගැනීමට පත් කළ එජාප කමිටුවේ සාමාජිකයෙකු වූ එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතා තමන් ද එකතුව තේරූ අපේක්‍ෂකයන් ගැන ඊයේ විවේචනය කරමින් රූපවාහිනී මාධ්‍ය 3 කට ප‍්‍රකාශයක් කෙළේය. ඔහු මෙසේ කීය. ‘‘එක්සත් ජාතික පක්‍ෂයේ නාම යෝජනා මණ්ඩලය එකමුතු භාවයෙන්, සහෝදරත්වයෙන් හිතෛෂීත්වයෙන් දිනන අපේක්‍ෂක ලැයිස්තුවක් ස්ථාපනය කරන්නට තීන්දු කළා. නමුත් ප‍්‍රායෝගිකව ගත් කළ ප‍්‍රතිසංවිධාන වෙනුවෙන් පෙනී හිටපු එක්සත් ජාතික පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත‍්‍රීවරුන් ගණනාවකට ආධුනිකයින් විසින් එල්ල වුනු පලිගැනීම් නිසා එ් අයට අපේක්‍ෂකත්වය අහිමි වුනා. මේ දක්‍ෂ පක්‍ෂ හපන්කම් තිබෙන පුද්ගලයින් එජාපය වෙනුවෙන් ඇප කැපවීම් වසර ගණනාවක් මුළුල්ලේ කළ එ් අයගේ කප්පාදුව මා දකින්නේ දේශපාලන පළිගැනීමක් හැටියටයි. මේ පලිගැනීමට ලක්වුනු සියලූම දෙනා වෙනුවෙන් මා පෙනී සිටිනවා’’ යි සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය. ඔහු මෙසේ එජාප අපේක්‍ෂක ලැයිස්තු ගැන විවේචනය කෙළේ නාමයෝජනා භාර දෙන අවසන් දවසේ වීම ද විශේෂත්වයකි. නියෝජ්‍ය නායකයා ලෙස තමාද සාමාජිකයෙ

දේශපාලන පක්ෂ විකිණීමට තිබේ / Political parties of Sri Lanka are sold in market

Image
ලංකාවේ දේශපාලන පක්ෂ හිමියන් අතර උන්මත්තකයෝද සිටිති. කුරුණෑගල නගර සභාවට චන්ද්‍රිකා කුමාරතුංගගේ දුවගේ හා පුතාගේ නම් සහිත නාම යෝජනාවක් ඉදිරිපත් කර ඇත්තේ යයි සැලකෙන පුද්ගලයා ඔහුගේ දේශපාලන පක්ෂය යයි කියන ජනතා බලවේග පක්ෂයේ නායකත්වය භාර ගන්නා ලෙග ඉල්ලා සිටිමින් චන්ද්‍රිකාට නිතර ලියුම් ලියන බව ඇගේ පෞද්ගලිත ලේකම්වරිය ජනමාධ්‍යවලට පවසා ඇත. ලංකාවේ දේශපාලන පක්ෂ 67ක් ඇත. එයින් බොහොමයක් බෝඩ් ලෑලි ය. ඒවායේ සාමාජිකත්වය, සංවිධාන, අරමුදල් ආදී සියල්ල ඇත්තේ ලිපි ගොනුවල පමණි. දේශපාලන පක්ෂ නායකයන්ට දේශපාලකයන් ලෙස නිල පිළි ගැනීමක් තිබේ. ඒ හරහා ඔවුහු යම් යම් වරප්‍රසාද භුක්ති විඳිති. මේ බෝඩ් ලෑලි පක්ෂ අතරින් සමහරක් පිහිටුවාගෙන ඇත්තේ තනිකර ම පටු අරමුණු වෙනුවෙනි. සන්ධානවලට නම් එකතු කරන විට, වැඩිපුර ඡන්ද පොළ නියෝජිතයන් පත් කර ගැනීමට හා ප්‍රචාරක කටයුතුවලදී වාසි ලබා ගැනීමට බොරු ලැයිස්තු ඉදිරිපත් කරන විට,  ඇතැම් සල්ලිකාරයන්ට දේශපාලනයට පිවිසෙන්නට තමන්ගේ ම පක්ෂ ඕනෑ විට හා පොදු අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමට ස්වාධීන පෙනුමක් ඇති ඡන්ද ලකුණු ඕනෑ වූ විට මෙකී පත්ෂ හිමිකාරයන්ට අවස්ථාව ලැබේ. ආනන්ද සංගරී දෙමළ එක්සත් විම

අඟුලානේ නිව්ටන්ගේ ඉරණම සෑම නිව්ටන් කෙනෙකුට ම පාඩමකි

Image
අඟුලානේදී තරුණයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන මරා දැමූ අඟුලාන පොලිසියේ ස්ථානාධිපති නිව්ටන් ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනා සහ ග්‍රාමාරක්ෂකවරයා අද මරණ දඬුවමට ලක් වූ හ.  උසාවියේදී විදුලි පහන්, පංකා නිවා දමා, ගාම්භීර ලෙස යමකුට මරණ දඩුවම දුන් පසු, ඔවුන් සිරගෙදර වෙත ගෙන යද්දී තවත් උසුළු විසුළු කිරීම නීච ක්‍රියාවකි. අඟුලානෙන් ආ ජන රාශිය උසාවියේදී එසේ කළේ හරියට මේ විත්තිකරුවන් පිරිස අත් අඩංගුවට ගත් මිනිසුන් මැරූ ලංකාවේ පළමු හා එක ම පොලිස්කාරයන් පිරිස වාගේ ය.  මෙවැනි වැරදි කළ සියලු දෙනාට මරණ දඬුවම දෙනවා නම් ලංකාවට ෆුල් ටයිම් අළුගෝසුවන් දහ පහළොස්දෙනෙකුවත් මුර ක්‍රමයට සේවයේ යෙදවීමට සිදු වනු ඇත.  එහෙත් නිව්ටන් ඇතුළු පිරිසට අත් වූ ඉරණම මේ රටේ අනනෙකුත් අතිනවි දරන, ඒ නිසා බලය යනු තමන් යැයි සිතා සිටින බොහෝ හමුදා, පොලිස් නිලධාරීන්ට පාඩමකි. කෝ නිව්ටන්, කත්‍රිආරච්චි වගේ ඔයාවත් බේරා ගන්න රජවරු?  ඒ වෙලාවේ මිනිසකු මැරීමෙන් ලද වනචාරී ආතල් එක වෙනුවෙන් ඔයාට ගෙවන්න වුණ මිළ දරා ගන්න ඔයාට පුළුවන් ද?  එවැනි ආතල් ගන්න කොයි නිව්ටනුත් මතක තියා ගන්න, ජන බලය හමුවේ, ජනප්‍රියත්වය වෙනුවෙන් බලවත්තු අළුයම ලූ කෙළ ප

මහේස්ත්‍රාත්වරයකුගේ ඡායාරූපයක් ගැනීම නීති විරෝධී ද? / Is photographing a judge illegal?

Image
ග්‍රීස් යක්ෂ හුටපටයක් නිසා නාවල්තුරෛ හමුදා කඳවුර සමග ගැටී අත්අඩංගුවට ගන්නා ලද 17දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කරන ලද අවස්ථාවේ ඔවුන් ඡායාරූපගත කිරීමට ගිය යාපනයේ උදයන් පුවත්පතේ ඡායාරූප ශිල්පියකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.  හේතුව, ඔහු විසින් මහේසුත්‍රාත්වරයකු ඡායාරූපගත කිරීම බව ද, අත්අඩංගුවට ගැනීම සිදු වී ඇත්තේ මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය මත බව ද යාපනය පොලිසියේ නිලධාරියකු කී බව අද දිවයින පුවත්පත වාර්තා කරයි.  අප දන්නා පරිදි නම් මහේස්ත්‍රාත්වරයකු හෝ විනිසුරුවරයකු ඡායාරූපගත කිරීම නීතිමය වරදක් නො වේ. එහෙත්, අධිකරණ භූමියේදී එසේ කිරීම රාජකාරියට බාධා කිරීමක් ලෙස අර්ථ දැක්විය හැකි ය. මෙම මාධ්‍යකරුවා ඡායාරූප ගත්තේ අධිකරණ භූමියේදී ද, පිටතදී ද යන්න පැහැදිලිව වාර්තා වී නැත. ප්‍රසිද්ධ ස්ථානයකදී සාමාන්‍ය පරිදි යමෙකුගේ ඡායාරූපයක් ගැනීමට අයිතියක් පුවත්පත් කලාවේදියකුට ඇත. එහෙත්, ජාතික ආරක්ෂාව සඳහා අදාල ඇතැම් නීති රීතිවලින් ඒ නිදහස සීමා කර තිබේ. එහෙත්, බොහෝ විට ඒවා අදාළ වන්නේ හමුදා කඳවුරු වැනි ස්ථානවලට අදාළව මිස පුද්ගලයන්ට අදාළව නො වේ.  ලංකාවේ නීති පද්ධතිය හා මාධ්‍ය භාවිතාව තුළ මෙවැනි කාර

හම්බන්තොට ගලේ පැහැරූ අසූචි රොයිටර්ට පෙන්නයි

Image
ැා නියෝජ්‍ය ඇමති රත්තරං සහ ආණ්ඩුව පර සක්වල ගහමින් අර ෂෝක් එකට තියෙනවා ය කියූ හම්බන්තොට වරාය කටේ ගල් පර්වතයක් තියනවා ය කියා ඒක හැදූ විශ්වකර්මයා වන ඇඹිලිපිටියේ ගලප්පත්ති‍ගෙන් අසූ නමයේදී බේරී රටේ අනාගතය වෙනුවෙන් තිලිණ වූ බන්දු වික්කරම ආචාරිතුමා රොයිටර්ට කියා තිබේ.  මේ ගල කඩන්නට ආණ්ඩුව චීනයෙන් ඩොලර් මිලියන 40ක් හෙවත් කජු ඇට, කොස් ඇට නො වන රුපියල්   4,404,147,200ක් හෙවත් කෝටි 440ක් වැනි සොච්චම් මුදලක් ණයට ඉල්ලා ඇති බව උන්නැහේ රොයිටර්ට කියා ඇත.  එපමණක් නො ව, මේ වරාය හදන්නට පෙර පටන් ම මේ ගල එතැන ඇති බව උන්නැහේලා දැන සිටි බව ද රොයිටර්ට කියා ඇත.  අවුරුද්දකට පෙර 2010 අගොස්තුවේදී ඩෙඟා නටා මේ වරායට වතුර පිරවූ අතර, වරාය නිකම් තිබුණත් අපි චීනයට පොලී ගෙවමින් සිටිමු.  උන්නැහේලාට මොකද ඉතින්? තවත් ලිපි:  හම්බන්තොට වරායේ ගලේ පැහැරූ බළල්ලු කවුරු ද? වැලිඔය සම්පත්නුවර, මිහින්තලේ රේල් පාර හා හම්බන්තොට මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

ලංකාව ගමන් කරමින් සිටින්නේ ම්ලේච්ඡත්වය දෙසට ය

Image
මෙම ඡායාරූපයේ සිටින විඡේරත්න මුදියන්සේලාගේ නවරත්න බණ්‌ඩාර නම් 31 හැවිරිදි තරුණයා පොලිස් නිලධාරියෙකි. පුත්තලම ප්‍රදේශයේදී මේ රටේ වීරෝදාර මහජනතාව මේ මිනිසා පහර දී කපා, කොටා මරා දැම්මේ තවම ව මව් කුසේ සිටින ඔහුගේ දරුවාට පියකු අහිමි කරමිනි. ඔහු කළ වරද ග්‍රීස් යකකු යයි නම් කර වධ හිංසනයට ලක් කරමින් සිටි මිනිසකු බේරා ගැනීමයි. මීට පෙර මේ රටේ අසන්නට ලැබුණේ මෙවැනි සිද්ධිවල අනෙක් පැත්තයි. දැන් මෙසේ සිදු වන්නේ ඇයි? එහෙත් මේ පහර දුන්නේ ඝාතනය කළේ නවරත්න බණ්‌ඩාර නම් මිනිසා නොව නීතිය ක්‍රියාවේ යොදවන සාමය අගයන පොලිස්‌ නිලධාරියාත්, අව්වැසි දුහුවිලි දිවා රෑ නොතකා සමස්‌ත ජනතාව වෙනුවෙන් අනේකවිධ දුක්‌කන්දරා චෝදනා උසුලා මානසික ඒකාග්‍රතාවකින් කටයුතු කරන පොලිස්‌ නිලධාරීන් මෙසේ අමානුෂික ලෙස ඝාතනය කිරීම තුළින් අවනීතිය රජවීම වැළැක්‌විය නොහැකිය. එය එසේ නොවන්නට නම් මේ පොලිස්‌ නිලධාරියාගේ මරණින් මතු හෝ එවැනි සිදුවීම් නොවන්නට නීතිය, සාමය අගය කරන ශ්‍රී ලාංකීය ජනතාව ධාරණය කරගත යුතුය. අවස්‌ථාවාදී පුද්ගලයන්ගේ අසත්‍ය වදන් වලට නොරැවටී බුද්ධිමත්ව කටයුතු කිරීම බණ්‌ඩාරට කළ හැකි උපරිම ගෞරවයයි. පොලිස්‌ අධිකාරි ප්

මා ඉතින් යන්න යනවා - ගඩාෆි

Image
මචං මං යන්න ද උඹත් පස්සෙන් එනව ද හිටියෙ මං කොහොම ද මේව පාඩං උඹට ද මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

මොකක්ද මේ පක? කුණුහරුප ද පක?

Image
විභාග දෙපාර්තමේන්තුව උසස් පෙළ සිසුන්ට දුන් ව්‍යාපාර අධ්‍යයන ප්‍රශ්න පත්‍රයේ චෙක් පක කියා සඳහන්ව ඇත. එසේ ලිවීම හොඳ ද, නරක ද කියා මේ දිනවල කුණුහරුප පරීක්ෂා කිරීම පිළිබඳ ස්වේච්ඡාවෙන් පත් වී සිටින ඔලුව නැති සිරසට ඔබ කැමති නම් එස්.එම්.එස් කරන්න. ඇත්තෙන්ම මේ පක කියන්නේ කුමක් ද? පක කියා සිංහලෙන් කියන්නේ අන් කිසිවකට නොව ගෙඩියට ය. යම් කිසිවක් තිඹිරි පකක් හෝ පොල් පකක් සේ ඉදිමී ආ බව වැනි යෙදුමක් සද්ධර්මරත්නාවලියේ තිබුණා මතක ය. එහෙත් සොයා ගන්නට බැරි විය. සද්ධර්මරත්නාවලියෙන් සොයා ගත් පකවල් මෙසේ ය. එක් දේවතා දුවණි කෙණෙක් තිඹිරි පකක් පිළි ගන්වා ලා දිව සැප ත් ලත් නියාව කිවු ය. අනික් දේවතා දුවණි කෙණෙක් කැකිරි පකක් පිළිගන්වා ලා දිව සැප ත් ලත් නියාව කිවු ය . අනික් දේවතා දුවණි කෙණෙක් බොරළු දමන පකක් පිළිගන්වා ලා දිව සැපත් ලත් නියාව කිවු ය. (මුගලන් මහ තෙරුන් වහන්සේ ප්‍රශ්න විචාළ වස්තුව) මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

ග්‍රීස් යක් බිය නිසා පොලිස් නිලධාරියකුට, අපස්මාර ලෙඩෙකුට පහර දී මරලා

Image
Policeman, epilepsy patient beaten to death thanks to Grease Devils; are we crazy? Posted by  Editor   at  7:48 AM   Monday, August 22, 2011 Labels:  grease devil ,  grease yaka ,  myths A police officer was beaten to death and five civilians were shot and injured in Sri Lankan yesterday in an incident related to the fear psychosis known as Grease Devil. The incident took place in Managunduwa in Puttalam area as some people caught a suspicious person. As they were taking him to be handed over to the Village Officer, they were shot by an unidentified group injuring five persons including a woman.  A tense situation erupted there and Navy and Army officials were deployed to defuse the tension. However, police say hundreds of e people pelted stones at the security forces. Meanwhile. a police officer was caught by the mob and his body was later found beaten to death, police say.  Read the full article in W3Lanka English මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

සිරසට කිරි පණු ගාය

Image
"Power without responsibility. Privilege of the harlot . Throughout the ages. " -Ranil Wickramasinghe තිස්ස අත්තනායක ගැන ලියන ලද 'තිස්ස' නම් පොතේ දොරට වැඩුමේදී රනිල් වික්‍රමසිංහ harlot නම් වදන පරිවර්තනය කළේ 'වේස ගෑනි' ලෙසයි.  එම පරිවර්තනය කුණුහරුපයක් ය කියා සිරස දැන් මහා ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ.  මධුර ශබ්දකෝෂයේ ඒ සඳහා දී ඇති පරිවර්තන වන්නේ ගණිකාව, වෙසඟන, වෛශ්‍යාව, වේශ්‍යාව යන වචනයි.  ඉංග්‍රීසි බසින් නම් ඒ සඳහා සමාන වචන ලෙස දැක්වෙන්නේ  prostitute,  whore  ආදියයි.  තේරුම අතින් ගත් කල රනිල් වික්‍රමසිංහ යොදා ගන්නා වචනය සංදර්භය හා හොඳින් ගැලපේ.  ප්‍රශ්නය වී ඇත්තේ ලංකාවේ ඒ වචනය අසභ්‍ය එකක් ලෙස සැලකීමයි. රනිල් වික්‍රමසිංහ වෛශ්‍යාව යන වචනය පාවිච්චි කළා නම් ඇත්තෙන්ම මෙවැනි ප්‍රශ්නයක් පැන නගින්නේ නැත. ඔහු සිංහල භාවිතා කිරීමේදී මෙවැනි වැරදි නිතර කරයි.  තමුසෙ කියන්නේ තමුන්නාන්සෙට ය කියා තර්ක කරන්නා සේ වේසි කියන්නේ වෛශ්‍යාවට ය කියා ද තර්ක කළ හැකි ය.  ලිංගික සේවා සපයන්නන්ට 'වේස ගෑනු' කියා අවමන් කිරීම ද නො හොබී. එහෙත්, ලංකාව වනාහි එම වෘත්තියට හෙවත් අත්‍යවශ්

රජයේ බොරු දුම්වැටි විරෝධයට දුම්කොළ සමාගමෙන් සල්ලි

Image
මේ දිනවල දුම්කොළ සංස්ථාව අලුත් ප්‍රචාරක ව්‍යාපෘතියකට අත ගසා තිබේ. එය දියත් වන්නේ ආණ්ඩුවේ දුම් බීම පාලනය කරන්නන් ලවා රූපවාහිනියේ කොටු වෙනුවට දුම් බීමේ ආදීනව කියන කෙටි වැකි යෙදීම හා සිගරැට් පෙට්ටියේ පිළිකා හැදෙන හැටි රූපවලින් පෙන්වීම වැනි දේ ඇතුළත් කිරීම සඳහා පියවර ගැනීම හරහා ය. ඒ ඔස්සේ නැවතත් සමාජයේ දුම්වැටි පිළිබඳ කතා බහ වැඩි කර තිබේ. ඒ වෙනුවෙන් මෙම වැඩසටහන් මෙහෙයවන අයට ඇතැම් විට දුම්කොළ සමාගම මුදල් ගෙවනවා විය හැකි ය. දුම්කොළ සමාගම් දුම් බීම ජනප්‍රිය කරවීම සඳහා නව උපායන් පාවිච්චි කරයි. පහත පළ වන්නේ උදාහරණයකි. We entered the disco at about midnight. Within a minute, a “golden girl” approached me, holding out a box of Benson & Hedges: “Here, take one”. I took it. She extended her hand again, this time holding a small glowing orb—a cigarette lighter, I soon realised. I balked; she encouraged me: “Go ahead—I want to see you smoke it now”. I told her I thought it would make me cough. “No, these are smoother, not so strong” she reassured me. “I want to see you smoke it no

මධ්‍යම සංස්කෘතික අරමුදල රුපියල් පහෙන් කරන්න යන විජ්ජාව

Image
අපේ අගමැතිතුමා තරම් ජාතියට, ආගමට, සංස්කෘතියට, ඉතිහාසයට, පුරා විද්‍යාවට, පන්සල්වලට, පන්සල්වල පොත්ගුල්වල ඇති පුස්කොළ පොත්වලට ආදරය කරන වෙනත් දේශප්‍රේමියෙක්, ජාති හිතෛශියෙක්, අරින් එක්කෙනෙක්, මෙයින් එක්කෙනෙක් මේ දවස්වල වෙන නැත. එතුමා ළඟදී මධ්‍යම සංස්කෘතික අරමුදලට වටිනා උපදෙසක් දී ඇත. ඒ අනුව, දිවයින පුරා වෙහෙර විහාරස්ථානවල තැන්පත්කර ඇති පුස්කොළ පොත් සංරක්ෂණය කිරීම සඳහා රජය විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කැර තිබේ. දිවයින පුරා වෙහෙර විහාරස්ථානවල පුස්කොළ පොත් දස ලක්ෂයකට අධිත ප්‍රමාණයක් ඇති බව ගණන් බලා ඇති අතර මේ ජාතික උරුමයන් අනාගත පරපුරට ආරක්ෂා කැර දීම ව්‍යාපෘතියේ මූලික අරමුණ වන බව මේ පිළිබඳව සඳහන් කරන සිළුමිණ පුවත්පත වාර්තා කරයි. ඒවා සංරක්ෂණය කිරීමේ මෙම විශේෂ ව්‍යාපෘතිය සඳහා මූලික වශයෙන් රුපියල් මිලියන පහක මුදලක් වෙන් කර තිබේ. ඒ කියන්නේ එක පුස් කොළ පොතකට රු. පහ ගානේ ම සල්ලි, සල්ලි කියා නො බලා වෙන් කර තිබේ. (සමහර විට පස්සේ තව දෙන්න හිතේ තියෙනවා ඇත. හැබැයි ඉතින් අමාත්‍යංශෙකට කාර් එකක් ගන්න එහෙම වෙන්කරන්නේ මේ වගේ සුළු ගණන් නො වෙයිනේ.) අනේ සාදු! රුපියල් පහකින් කොච්චර දෙයක් කරන්න පුළුවන් ද?

සුසිල් ප්‍රේම ජයන්තට මුහුදෙන් හමු වූ තෙල් ඉන්දියාව හංගලා ද?

Image
SL 2007-01-001 ඉන්දියාවට කැනීම් සඳහා දී ඇති කොටසයි ලබන වසරේ මුල් කාර්තුව තුළ ශ්‍රී ලංකා මුහුදු තීරයේ තෙල් සම්පත තිබේ දැයි සත්‍ය වශයෙන්ම පැවැසිය හැකි බව ශ්‍රී ලංකාවේ තෙල් ගවේෂණ කටයුතුවල යෙදෙන ඉන්දියාවේ “කෙයාන්” ලංකා සමාගම පවසයි. -දිනමිණ 2011 අගෝස්තු 19 මේ 2010 මැයි 01 දා දිනමිණ පළ කළ වාර්තාවකි. (දිනමිණ කියවන්නේ ඇයිදැයි අපේ පාඨකයෝ අසති. අප දිනමිණ උපුටා දක්වන්නේ ආණ්ඩුවේ මාධ්‍ය මෙහෙයුම්වල නිරුවත පෙන්වීමටයි. මෙවැනි පුවත් ජාතික රූපවාහිනියෙන් හා ස්වාධීන රූපවාහිනියෙන් ද නිතර ප්‍රචාරය වේ. ඒවායෙන් සිදු වන බලපෑම දිනමිණට වඩා බෙහෙවින් වැඩි ය.) මෙරට තෙල් කැණීම් ලබන වසරේ ඇරැඹේ සුභාෂිණී සේනානායක ශ්‍රී ලංකාවේ තෙල් කැණීම් කටයුතු ලබන වසරේදී ආරම්භ කෙරේ. තෙල් කැණීම් සඳහා සිදුකරන ලද පරීක්ෂණ කටයුතු සදහා ගවේෂණ කටයුතු සියල්ල සිදු කොට අවසන් බව ඛනිජ තෙල් කර්මාන්ත ඇමැති සුසිල් ප්‍රේමජයන්ත් මහතා දිනමිණ ට ප්‍රකාශ කෙළේය. තෙල් කැණීම් කටයුතුවලදී මේ රටේ වාසනාවට තෙල් ලැබුණහොත් ඉදිරි කැණීම් කටයුතු පුළුල් කරන බවද හෙතෙම ප්‍රකාශ කෙළේය. මුහුදේ සිදුකරන ලද පරීක්ෂණ කටයුතු මුළුමනින්ම අවසන් බව පැවසූ ඇමැතිවරයා දිනකට තෙල

නොපවතින මිනිස්සු

Image
මට හැඳුනුම්පතක් නැත මම මිනිහෙක් නොවෙයිද? උප්පැන්න සහතිකය නැති විය මා උපන්නේ නැද්ද? වලංගු ගමන් බලපත්රැයක්? පාර වසා තිබුණු බැවින් මම ගමන් නොගියෙමි රියදුරු බලපත්ර කුමක් පදවන්නද? ඔවුහු දුම්රිය වාර ප්ර වේශ පත්රියක් ගැන අසති එවිට නම් මට හිනාව නවතා ගත නොහැක මට විශේෂ අනන්යනතා සහතිකයක් ඇද්දැයි ඔවුහු අසති අනන්යශතාව ගැන මම බොහෝ කලක සිට සිතමි ඇත්තෙන්ම ඉතිහාසයේ මා සිටින්නේ කොතැනද? මම කවුරුද? (2009 මැයි මස ලංකාවේ රජයේ හමුදා විසින් උතුරේ වැසියන් 'මුදා ගත්' කාලයේ ලියා පළ කළ කවියකි. නැවත පළ කරන්නට සිතිණි.) -අජිත් පැරකුම් ජයසිංහ මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

හම්බන්තොට වරායට නැවක් ආවෝ! / A ship in Sri Lanka's Hambanthota harbour

Image
ඔබ දැකුමෙන් අප පිං කළ බව දැනිණි. රට ම බැලිය යුතු දෙයකි. හම්බන්තොට වරායට නැවක් ආවා ය. වරායවලට නැව් මිස කෝච්චි එනවාදැයි අපෙන් නො අසන්න. බල්ලෙක් මිනිහකු සපා කෑ විට පුවතක් නො වන මුත්, මිනිහෙක් බල්ලකු කෑ විට එය පුවතක් බවට පත් වන බව ජනමාධ්‍යවේදයේදී කියැවේ. ඈත මුහුදේ තිබෙන නෞකා සඳහා සේවා සැපයීමට හම්බන්තොට වරායට බෝට්ටු දෙකක් ගෙනැවිත් දීමට bluga නම් මේ නැව වරායට ආවේ ය. ඇවිත් ගියේ ය. තව නැව් ආවොත් රජයේ මාධ්‍ය අපට ඒ බව කියනු ඇත. බලාපොරොත්තුවෙන් සිටින්න. මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

ආණ්ඩුව අපට සුදු ලූනු පොඩි කරයි / Garlic tax of Sri Lanka government

Image
සිංදුවක් ලියන්න අලුත් මලක් සුදු ලූනු මල ආණ්ඩුව අල, ලොකු ලූනු හා සුදු ලූනු සඳහා ආනයන බදු වැඩි කර තිබේ.  අලවලට කිලෝකට රු. 5 බැගින් ද, ලොකු ලූන්වලට කිලෝවකට රු. 10 බැගින් ද සුදු ලූනුවලට කිලෝවකට රු. 15 බැගින් ද බදු වැඩි කර තිබේ. මේ දැනට වලංගු බදුවලට අමතරව ය.  සමුපකාර හා අභ්‍යන්ත වෙළඳ ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසන්නේ එසේ කරන්නේ මිළ අඩු ආනයන නිසා දේශීය ගොවියාට ලැබෙන මිළ අඩු වීම පාලනය කර ඔවුන් රැක ගන්නට බවයි.  මේ කතාව අල හා ලොකු ලූනු සම්බන්ධයෙන් යම් දුරකට පිළි ගත හැකි ය.  එහෙත්, අප දන්නා පරිදි නම් ලංකාවේ ගොවීන් සුදු ලූනු වවන්නේ නැත. එහෙත් වැඩි ම බදු වැඩි කිරීම කර ඇත්තේ සුදු ලූනුවලට ය.  පසුගිය මාසවල අහස උසට නැග තිබුණු සිදු ලූනු මිළ දැන් සෑහෙන්න පහළ බැස ඇත. ආණ්ඩුවට කාලා ඉන්නට බැරි දුප්පත් අපි සුදු ලූනු මාළුවක් හදාගෙන කන එක ය.  සුදු ලූනු පොඩි කරනවා කියා ජන වහරේ කියන්නේ මෙවැනි වැඩවලට ය.  Read in English Garlic tax of Sri Lanka government The Cooperatives and Internal Trade Ministry has increased import taxes on big onions, potatoes and garlic. Taxes on a kilo of big on

ගැලියෙන් නිදහස් කර ගත් තවත් වහලෙක්

Image
කත්‍රිආරච්චි චන්ද්‍රිකාගේ ආණ්ඩුව කාලේ රාජ්‍ය ත්‍රස්තවාදය මෙහෙයවීමේ ප්‍රබලයකු විය. එවකට ඔහු පිළියන්දල එජාප මැර නායකයා වූ ලොකුගේ හා සමාන, ප්‍රතිවිරුද්ධ නිව්ටන්ගේ නියමය විය. දැන් මේ දෙන්නා ම ආණ්ඩුවේ ය.  නිකම් ම ආණ්ඩුවේ නො ව, රාජපක්ෂ කඳවුරේ ය.  ඒ නිසා දැන් කත්‍රිආරච්චිට රත්මලාන ආසනයේ සංවිධායකකම දී ඇත. කත්‍රිආරච්චි රාජපක්ෂ කඳවුරට ජැක් එක ගසා ගත්තේ හිරේ වැටෙන එකෙන් වළකින්නට ය. එතුමා ඔහු වෙනුවෙන් බොහෝදේ කර ඇත. එයට කළ ගුණ සැලකිය යුතු ය. මොහු ද ඉදිරියේදී ජොන්ස්ටන් වැනි සිමෙන්ති බැලයකු වනු ඇත.  ඉදිරිය දුෂ්කර ය. ගැලියෙන් නිදහස් කර කන්න බොන්න දී හදා වඩා ගත් වහලුන්ගේ මරාගෙන මැරෙන හමුදාවක් 'පවුල'ට අවශ්‍ය ය.  මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

අනන්‍යතා පත්‍රයත් විකුණන් කාපියව්

Image
නව විද්‍යුත් ජාතික හැඳුනුම්පතක් ජනතාවට විකිණීමට රජය තීරණය කර ඇත. මෙය නොමිළේ දෙන්නේ දැනට ජාතික හැඳුනුම්පත ඇති අයට පමණි. ඒ කියන්නේ අලුතෙන් හැඳුනුම් පත් ගන්නා සාමාන්‍ය පෙළ ලියන දරුවන් මුදල් ගෙවා විද්‍යුත් හැඳුනුම් පත ගත යුතු ය. විද්‍යුත් හැඳුනුම්පත නැති අය හරි හමන් පුරවැසියන් ලෙස නො සලකනු ඇති බැවින් දරුවන්ගේ අනාගතය ගැන නිරතුරු බියෙන් පසු වන මේ රටේ අම්මලා, තාත්තලා ඒ වෙනුවෙන් ද මුදල් ගෙවිය යුතු ය. ඒ ලබ්බ නැතිව දැනටත් ඡන්දය දාන්න, පාරේ යන්න, වැඩක් කර ගන්න, රස්සාවක් කරන්න කරදර ය. රස්සා නැත. හරියට කන්න, අඳින්න නැත. ජීවිතවල මෙලෝ රහක් නැත. අනන්‍යතාව විතරක් විද්‍යුත් වෙන්න යනවා ය. විද්‍යුත් පතකින් දක්වන්නට මේ රටේ මිනිස්සුන්ට ඇත්තේ මොන අහවල් අනන්‍යතාව ද? මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

නන්දාගේ කවිය - සමිත බී. අටුවබැන්දවැව

Image
සමිත බී අටුවබැන්දෑල යනු කවියෙකු ලෙස සිය අනන්‍යතාව ප්‍රකාශ කිරීමට මහ වෙහෙසක් දරන්නෙක් නො වේ.  ඔහු මට කිසි දිනෙක හමු වී හෝ මම ඔහු ගැන කිසිවක් දන්නේ හෝ නැත.  එහෙත්, කලක සිට මම ඔහුගේ කවි කියවමි. ඒ කවි මගේ සිත් ගනිති. ඒ බොහෝ විට ඒවායේ ඇති අව්‍යාජ සුන්දරත්වය නිසා වන්නට ඇත.  අද ලියවෙන බොහෝ කවි හා කවියෝ මහා වධකාරයෝ ය. ඔවුහු කවියක්, දෙකක් ලියා සමාජයෙන් විශාල මිළක් ඉල්ලති. ඒ කවි කියවීම පෙර කළ කරුමයක් පළ දීමක් වැනි ය.  සමිත බී. අටුවබැන්දෑලගේ නම මට හැමදාමත් පැටලේ. නම පැටලී මෑතදී මම එක් තරුණ කවියකුගේ කවි පොතක් මිළ දී ගතිමි. එපමණක් නො ව, ඔහු සමිත බී අටුවබැන්දෑල යයි වරදවා වටහාගෙන මම ඔහුගේ කවිවලට කැමති බව ද කීවෙමි. ගෙදර ගොස් කවි පොත කියවා බැලූ කල මට වහ කන්නට සිතිණි.  ඔහුගේ කවි මට ලැබෙන්නේ කවි සිතුවිලි නම් ෆේස්බුක් කණ්ඩායමක විද්‍යුත් ලිපි සේ ය. එම කණ්ඩායමෙන් එන සෙසු කවි පි ද අර මා කලින් කී වර්ගයේ ම ඒවා ය.  සංසාර මාව ත සමිත බී. අටුවබැන්දෑලගේ කවි ඇතුළත් බ්ලොග් අඩවියයි. නන්දාගේ කවිය  - සමිත බී. අටුවබැන්දවැව සොහොන් පිටියක් බඳූ මහගෙදර ! ගල් ගුහාවක් බඳු  මහගෙදර ! මහගෙදර මහා පාළුව