මහජනයා භීෂණයට පත් කර පන්නා දමා පාර්ලිමේන්තු නියෝජිතයන් ගණන අඩු කිරීමේ විසඳුම
(2011 අගෝස්තු 01 W3Lanka) යාපනයේ උදයන් පුවත්පත් කාර්යාලයට නුදුරේදී මෝටර් සයිකලයකින් පැමිණි මුහුණු ආවර්ණය කරන ලද පිරිසක් විසින් පහර දෙනු ලැබූ උදයන් පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘ තවමත් රෝහලේ ය.
පහර දීම ගැන පරීක්ෂණ පවත්වන්නැයි ජනාධිපතිතුමා පොලිස්පති එන්.කේ. ඉලංගකෝන්ට උපදෙස් දුන් බව ජනාධිපති මාධ්‍ය උපදේශක බන්දුල ජයසේකර පවසයි.
මෙවැනි සිද්ධියක් වුණා ම පරීක්ෂණ පවත්වන්නැයි ජනාධිපති පොලිසියට උපදෙස් දෙන්නේ කුමට ද? පොලිසිය අනිවාර්යයෙන් ම ඒ පිළිබඳ පරීක්ෂණයක් පැවැත්විය යුතු නො වේ ද? වරදකරුවන් නීතිය ඉදිරියට ගෙන ආ යුතු නො වේ ද? එසේ නො කරන්නේ නම්, මේ රටේ මහජන මුදලින් පොලිසියක් නඩත්තු කරන්නේ තුමට ද?
එහෙත්, යාපනයේ එහෙම නැති වීම එයට හේතුව වන්නට පුළුවන. යාපනයේ අපරාධ කරන්නෝ පොලිසියට වඩා ශක්තිමත් පිරිසකි. එහෙත් එම අර්ධද්වීපය ම හමුදා බලකොටුවකි.
මීට පෙර ද දෙමළ ජාතික සන්ධානයේ පළාත් පාලන මැතිවරණ රැස්වීමකට හමුදාව බවට සැක කරන පිරිසක් පහර දුන් විට ද පරීක්ෂණ පවත්වන බව හා වැරදිකරුවන්ට දඬුවම් කරන බව ලොකු කටවලින් කියැවිණි. එහෙත් කිසිවෙක් මේ කතා සීරියස් ගන්නේ නැත. ඒ නිසා ඒ පරීක්ෂණවල ප්‍රතිඵල ගැන අහන්නේ ද නැත.
මෙවැනි කතා තව කෙතරම් ඇදිද?
මාධ්‍යවේදී නිමලරාජන් මරා දමා ඔක්තෝබර් 19දාට එකොළොස් වසරකි. ඝාතකයන් කවරහුදැයි පරීක්ෂණවලින් හෙළි වී හමාර ය. එහෙත්, ඔවුහු තවමත් නිදැල්ලේ ය. මේ එක් නිදසුනක් පමණි.
යාපනය කොටි ත්‍රස්තවාදීන්ගේ බලපෑමෙන් මිදී ඇත. දැන් එහි ඇත්තේ වෙනත් ත්‍රස්තවාදයකි. භීෂණයකි.
එහි ස්ථිරව පදිංචිව සිටි වැසියන්ගෙන් ලක්ෂ තුනක් තවදුරටත් එහි නැත්තේ එම සංදර්භය තුළ ය. ජනගහණය වැඩි වෙමින් පවතින රටක, එක් ප්‍රජාවකගේ සංස්කෘතික කේන්ද්‍රස්ථානයක් වන දිස්ත්‍රික්කයක ජනගහණය අඩු වී තිබේ නම් එය බරපතල ප්‍රශ්නයකි. රජයක් ලෙස වහා එයට විසඳුම් සෙවිය යුතු ය. විසඳුම එහි ජනයාගේ මහජන නියෝජිතයන් සංඛ්‍යාව කප්පාදු කර එම ප්‍රජාව තවත් දේශපාලනික වශයෙන් දුබල කිරීම නො වේ.
යාපනයෙන් හෙවත් දෙමළ ජනයාගෙන් පැහැර ගන්නට යන මෙකී ආසන හතර බෙදා දෙන්නට යන්නේ එම දිස්ත්‍රික්කයෙන් පළා ගිය ජනයා නැවත පදිංචි වූ ප්‍රදේශවලට බවක් ද නො පෙනේ. එසේ නම්, ඒ ජනයාට සිදු වූයේ කුමක් ද?
දෙමළ සටන්කාමීන්ට එරෙහි යුද්ධයේ අවසන් කාලයේදී රජය විසින් ප්‍රකාශයට පත් කරන ලද යුද මුක්ත කලාපයේ වාසය කළ ජනගහණය පිළිබඳ රජයේ දේශපාලනඥයන් කළ වැරදි තක්සේරුව ම්තක ද? ඒත මේ රටේ පුරවැසියෝ ය.
මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments
Post a Comment
මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.