රජය හා දෙමළ ජාතික සන්ධානය අතර සාකච්ඡා හිර වේ; ඉදිරිය කුමක් ද?

(2011 අගෝස්තු 04, W3Lankaශ්‍රී ලංකා රජයත්, දෙමළ ජාතික සන්ධානයත් අතර බලය බෙදා ගැනීම පිළිබඳ සාකච්ඡා අවසන් වෙමින් ඇති බව පෙනේ.


මෙම දෙපාර්ශ්වය අතර 10වන සාකච්ඡා වටය අගෝස්තු 04දා පැවැත්වුණ අතර 11වන වටයට දින යොදාගෙන නැත.


දෙමළ ජාතික සන්ධානය කරුණු තුනක් ගැන රජයේ නිශ්චිත පිළිතුරක් ලබා දීමට දින 10ක කාලයක් ලබා දී තිබේ.


රජය යෝජනා කරන බලය බෙදා ගැනීමේ ව්‍යුහයේ ස්වභාවය, මධ්‍යම ආණ්ඩුව සහ පළාත් ආණ්ඩුවේ විෂයයන් පිළිබඳව හා මූල්‍යමය තත්වයන් පිළිබඳ කරුණු පැහැදිලි කර දෙන ලෙස දෙමළ ජාතික සන්ධානය ඉල්ලා ඇත.


මේ වනාහි මෙම සාකච්ඡාවල තර්කානුකූල අන්තයයි.


රජය සාකච්ඡා අතරමගදී කියා සිටි කරුණක් වන්නේ දෙමළ ප්‍රශ්නයට විසඳුම් සෙවීම සඳහා සියලු පක්ෂ නියෝජනය කරන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන බවයි. දැනට දැන ගන්නට ලැබී ඇති අන්දමට, ‍එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය හා ජනතා විමුක්ති පෙරමුණ වැනි කිසිදු විපක්ෂ දේශපාලන පක්ෂයක් මෙම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට යාමට අදහසක් නැත. කෙසේ වෙතත්, රජය මේ මොහොතේ නම් ඒ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ගැන කතා කරන්නේ ද නැත.


රජය උතුරු පළාත් සභාව පිහිටුවා එහි පාලන බලතල එම පළාත් සභාව ජය ගැනීමට බොහෝ දුරට ඉඩ ඇති දෙමඵ ජාතික සන්ධානය සමග බෙදා ගැනීමට සූදානම් නැත්තේ එහි සංවර්ධන කටයුතුවලට මුවා වී කෙරෙන මහා පරිමාණ දූෂණ පවත්වාගෙන යාමට බව අදහසක් ඇත.


එසේ ම, 'දෙමළුන්ට කිසිවක් නො දෙමු' යන ජාතිවාදී මතය සිංහල සමාජයේ සිය ජනප්‍රිය පදනම් ආරක්ෂා කිරීමට හේතු වන නිසා ද රජය දිගින් දිගට ම සිටින්නේ සාකච්ඡාමය විසඳුමකට නො එළඹෙන තැනක ය.


දෙමළ ජාතික සන්ධානය මේ සාකච්ඡාවලට සහභාගි වුණේ මනා වෘත්තිකභාවයක් පෙන්වමිනි. සාකච්ඡා අතරමැදදී දෙමළ ජාතික සන්ධානය දෙමළ ජනතාවගේ නියෝජිතයා නො වන බව ද, සියලු පාර්ශ්ව සමග සම්මුතියකට එළඹිය යුතු බව ද ආදී වශයෙන් දෙමළ ජාතික සන්ධානය ප්‍රකෝප කිරීම සඳහා ඉවහල් වන ප්‍රකාශ පවා කළ මුත්, ඔවුහු ඒවාට ප්‍රතිචාර නො දක්වමින් රාජ්‍ය තාන්ත්‍රිකව කටයුතු කර රජය පැත්තේ පන්දුව තබමින් සාකච්ඡා අවසන් කළ බව පෙනේ. සාකච්ඡාවලින් දෙමළ ජාතික සන්ධානය නැගිට යැවීමට සලස්වා වරද ඔවුන් මත පැටවීමට රජය දැරූ උත්සාහය අවසන් වී තිබෙන්නේ එසේ ය.


මෙතැනින් එහාට වැදගත් වන කරුණු වන්නේ රජය බලය බෙදා ගැනීමේ නිශ්චිත ව්‍යූහයක් පිළිබඳ අදහසක් ඉදිරිපත් කරාවි ද නැතිනම් කලින් කී අන්දමේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරාවි ද, ඉන්දියාවේ ප්‍රතිචාරය කුමක් වේ ද ආදී කරුණු ය. 


‍මහින්ද රාජපක්ෂ පාලනය 2005 සිට ම මෙම ක්‍රීඩාව කරගෙන ආවේ ය. දැන් නම් එය අවසන් වෙමින් තිබේ.   සිංහල ජනයා ද මෙම ක්‍රීඩාවේ නරක ප්‍රතිඵල භුක්ති විඳින ගමන් ම, අනාගත පරම්පරා ද අනතුරට පත් වන බව දැන දැන ම එම ක්‍රීඩාවට හුරේ දමති. 


සහෝදර සුළු ජාතීන් සමග තිරසාර සංහිඳියාවක් ඇති කර ගන්නා තෙක් සිංහලයන්ට කිසි දිනෙක දියුණුවක් අත් පත් කර ගත නො හැක. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. "රජය යෝජනා කරන බලය බෙදා ගැනීමේ ව්‍යුහයේ ස්වභාවය, මධ්‍යම ආණ්ඩුව සහ පළාත් ආණ්ඩුවේ විෂයයන් පිළිබඳව හා මූල්‍යමය තත්වයන් පිළිබඳ කරුණු පැහැදිලි කර දෙන ලෙස දෙමළ ජාතික සන්ධානය ඉල්ලා ඇත"
    >> magulak kiyanawa. MR ta hinaa...pollak aran pehadili karai...

    ReplyDelete
  2. ජාතික ප්‍රශ්නයට මේ රෙජීමය මගින් පුර්ණ උත්තරයක් බලාපොරොතුවීම ඉබ්බාගෙන් පිහිටු ගැනීමක්. මෙයල ජීවත් වෙන්නේ මේක විකුණලා නම් හිඟන්නා තුවාලය සනීප කරගනියි කියලා හිතනවද? මේක ටී එන් ඒ එකටත් පොදුයි. මෙයාලා අයිත් පරණ සෙල්ලම පටන් ගන්නවා. අන්තිමට ඉන්දියාවට සහ බටහිරට මෙහෙ ඇඟිලි ගහන්න ඉඩ අරිනවා. හිතන්නේ එකත් ජීවත් වෙන්න ඕන කියල. මේ ප්‍රශ්නය විසදන්න ඕන නම් ඉස්සර වෙලාම ජාතිවාදය අත හරින්න ඕන. රටේ බහුතරයක් සිංහල සහ දෙමල මිනිස්සු ඉන්නේ ජාතිවාදය බීල. සාම කාලයේදී ඒක හොදට පොවනවා. මේකට සියලු පක්ෂ සහ මාද්දයත සම්මාදමේ වෙනවා.

    ReplyDelete
  3. දෙමල ජනතාව මෙතරම් ජාතිවාදී ඇයි ?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා