Posts

Showing posts from August, 2012

ශිෂ්ට මිනිසුන් කළ යුත්තේ එක් අපරාධයක් දිරි ගන්වමින් තව අපරාධයකට එරෙහිවීම නොවේ (අනාගමිකයකුගේ ධර්මදේශනාව)

Image
පිංවත්නි, සතුන් මෙන්ම මිනිසුන්ද මැරීම හැමදාමත් ලෝකයේ තිබිණි. මිනිසා සර්වභක්ෂක සතෙකු වන බැවින් ඔහු සතුන් මරා කයි. මස් මිනිසාගේ ආහාරයේ ප්‍රධාන ‍කොටසකි. පසුකාලීනව මිනිසා මස් පිණිස සතුන් ඇති කිරීම ආරම්භ කළ අතර අද වන විට එය සතුන් වගාකිරීමක් වැනි දියුණු කර්මාන්තයක් බවට පත් වී තිබේ. මිනිස්සු මස් කන එක තහනම් කරන්නට ලංකාවේ ජාතික හෙළ උරුමයට තබා ඉතිහාසයටවත් බැරිය. සත්ව හිංසනය තහනම් කිරීම කියා දෙයක් කළ නොහැක. පරිණාම ඉනිමගේ ඉහළින් සිටින ලොකු සතුන්ට හිංසා කිරීම අවම කිරීම හොඳය. මන්ද, මිනිසා ඇතැම් සතුන්ට ආදරය කිරීමට කැමැත්තක් දක්වයි. ඇතැම් සත්තු මිනිස් ඇසුරේ ජීවත්වෙති. මිනිසුන්ට සේවය කරති. සතුන්ට වුණත් කළගුණ සැලකීම හොඳ දෙයකි. මස් කෑමට මෙන්ම තමන් සංවේදී මිනිසුන් බව පෙන්වීමටද මිනිසුන්ට අයිතියක් තිබේ. ඒ නිසා ගව ඝාතනාගාර මෙන්ම සත්ව මිතුරු සංවිධානද ලෝකයේ ඇත. ආණ්ඩුව මේ දෙකම ලියාපදිංචි කර ලියාපදිංචි ගාස්තු හා බදු ආදිය ලබා ගනියි. ප්‍රදර්ශනාත්මක සත්ව ඝාතන නම් කිසිසේත්ම අනුමත කළ නොහැකිය. මස් කනවානම් කන එක වෙනම දෙයකි. ප්‍රසිද්ධියේ සතුන් බිලි දීම වැනි ක්‍රියා තහනම් කළ යුතුය. ඒවා ශිෂ්ට රටවල නොතිබිය යු

ජටාය ජටිතා පජාය - ඒ වුණාට අපි නටාය

ආණ්ඩුවට වැඩ වැඩීය සභා තුනක ඡන්දයක්ය නැවකින් තෙල් ලීක් වේය ඒ ගැන මාළුවෝ බලති වැස්ස නැතුව විදුලිය නැත නොරොච්චෝලෙ ගලවලාය විදුලිය නැති අඳුරෙ ඉඳන් චීනෙට ණය ගෙවනවාය බුදු හිමියනි ඔබේ ධාතු මෙහෙ ඡන්දෙට විකුණනවා කකුල් කඩුත්තුව හදාන සැදැහැවත්තු ඇඹරෙනවා නැගෙනහිරේ ඡන්දය නම් ආණ්ඩුවට අප්සෙට් වගෙ ජාතිවාදෙ එපා කියා කුලවාදී ඩලා කියයි ජාතිවාදෙ නම් දැනගනු මුළු රටටම එකයි ඇත්තෙ සුළු ජනයිනි දැන ගනියව් අපි සිංහල අපියි උතුම් එළුවො මරති හින්දු යක්කු සිංහලයිනි නැගිට වරෙව් මිනී මරන එක වගේද මේවා හරි පව්නෙ බොලව් අයං වහින කාලෙ කාලො ගිනි පාගන එකයි ප්‍රශ්නෙ රටටම ගිනි පෑගෙන කල කාලො ඔයා කොහෙද හිටියෙ අන්තෝ ඇතුළත ජටාය පිටතත් මහ බහි ජටාය ජටාය ජටිතා පජාය ඒ වුණාට අපි   නටාය W3Lanka මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

So many people try to escape from 'Wonder of Asia'

This is a set of news links adopted from Sri Lanka Navy website. It is only for this year and so far. All pertain to foiled attempts to migrate illegally out of the country via sea. So many people take the risk of escaping from this Wonder of Asia. 123 Australia bound Persons arrested 29-Aug-12 16:17 147 Australia bound Persons arrested 28-Aug-12 12:44 76 Australia bound Persons arrested 26-Aug-12 20:24 98 Australia bound Persons arrested 25-Aug-12 15:09 69 Australia bound Persons intercepted in Negombo Seas 21-Aug-12 12:25 83 Australia bound Persons arrested 20-Aug-12 13:32 Navy foils Illegal Australia-bound Attempt 18-Aug-12 15:34 30 Australia-bound Persons stranded in Southern Seas rescued 17-Aug-12 17:23 57 Australia bound Persons arrested 17-Aug-12 11:27 43 Australia bound Persons intercepted West of Negombo 14-Aug-12 17:28 Navy assists in the Repatriation of 11 Sri Lankan Fishermen 09-Aug-12 10:17 68 Aust

දීප්තියි, නිර්මාලුයි, මායි (කවි)

Image
දීප්තිගේ මුහුණ ලස්සන යයි ඔහු සිතයි දීප්ති මුහුණ කැත යයි කියනු ඇතැයි නිර්මාල් බයය මගේ මුහුණ කැත බව මම දනිමි දීප්ති තමන් යන්නේ ඉදිරියෙන්ම යයි සිතයි නිර්මාල් බොහෝ අය පසුපස යයි මගේ ඉදිරියෙන් මෙන්ම පසුපසින්ද කිසිවෙක් නැත දීප්ති බොහෝ පොත් කියවන බව කියයි දීප්ති කියවතැයි සිතෙන පොත් නිර්මාල් සොය සොයා කියවයි මම පොත් නොකියවමි  දීප්ති මාක්ස්ගේ බාප්පාය නිර්මාල්ගේ බාප්පා මාක්ස්ය මගේ බාප්පා බීලා මළාය දීප්ති මකරාක්ෂයාය නිර්මාල් ට්‍රෝජන් කාන්තාවෝය මම ධර්මසිරිය W3Lanka කවියාගේ ස්වයං විවරණය : මෙහි දීප්ති යනු  එනමින් ලංකාවේ තිබෙන දේශපාලන විකෘතියයි.  නිර්මාල් යනු නිර්මාල් පමණක් නොව  ප්‍රභා-බුද්ධික, සුමිත් චාමින්ද, වංගීස සුමනසේකර, රෝහිත භාෂණ,  පැට්‍රික් ප්‍රනාන්දු, පුබුදු ජයගොඩ වැනි  දීප්තිට බයේ දේශපාලනය කරන අයයි. මම නම් මමම නොව  ලෝකය යහපත් ලෙස වෙනස් කරන්නට මැදිහත් වන  නව මිනිසකු පිළිබඳ බලාපොරොත්තුවයි. මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

කවුද මාගේ අමුඩෙ රීලා

Image
අද්යාපනේ කන්නට මැදගෙන සිටින දත කට  මෙරට මෙන් පිටරට ඇත කුමන්ත්‍රණකරුවො සැක පිට බන්දුල ඇමති හට  සිස්සත්වය කරන්නට සුමනසිරි බංඩට ළමයි කැම්පස් ගන්නට විභාග මල් කුමරුට  විභාගය කොර ගන්නට  නොදෙති උන් කිසිවිට ගසාගෙන හැම විටම පිටපොට මේ කුමන්ත්‍රණකරුවෝ ප්‍රශ්නපත්තර වැරදුවෝ සංශෝධනත් කෙරුවෝ මදිවාට පිට කෙරුවෝ  ගඳක් ආයෙන් නැවිලා බලන කල විය අපුලා බලන විට ඉඹලා කවුද මාගේ අමුඩෙ රීලා - W3Lanka මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

මෙරට බාබේරියාවේ තානාපති ලෙස පත් වූ බාබරා ජයරත්න සාදරයෙන් පිළිගනිමු!

Image
බාබේරියාවේ සිට සෝම්බේරි අයියා වාර්තා කරයි.  මේ රටේ බාබේරියාවේ තානාපති තනතුරට බාබරා ජයරත්න පත් කර ඇති බව දැනගන්නට ලැබිණි.  මේ බාබරා කලින් බාබර් කෙනෙකි. කොණ්ඩය කැපුවේ බාබ්රියාවේ බාතොට හා බැන්ඩුන් සඟරා මිල දී ගත් 'බුද්ධිමත්' බාබේරියානු වාමාංශිකයන්ගේ ය. මේ දිනවල වැලේ වැල් නැති නිසා ඔහු වෙලේ වල් ආරක්ෂා කිරීම හෙවත් වාමාංශිකයන්ගේ මුරදේවතාවා වීම භාරගෙන ඇත. බාබේරියානු විපක්ෂ නායකයා ජනාධිපති වී, බාබරාගේ අනුග්‍රාහක භවතා අගමැති වූ පසු බාබරාට බාබේරියාවේ බේක්හවුස් විසින් ප්‍රසිද්ධ කරනු ලබන නවයුගය සඟරාවේ කර්තෘකම දෙන්නට පොරොන්දු වී තිබිණි.  පශ්චාත්භාගවාදය හෝ වෙන මොකක් හෝ වාදයකට හෝ ඉම්පෝටඩ් චින්තකයකුට මුවා වෙමින් වළං කඩේට පැන්න ගොනා සේ හැමෝටම අනින්නෙමැයි ප්‍රාර්ථනා කරමින් සිටි ඔහු මේ ළඟදී මාර සොයාගැනීමක් කර ආකිමිඩීස් සේ උපන් ඇඳුම පිටින් අන්තර්ජාලයේ දුවන්නට පටන් ගෙන තිබේ.   ඒ වනාහි තමන්ට අනින්නට බැරිවුන්ට ආණ්ඩුව ලවා අන්නවන්නට පුළුවන් නේද යන උදාර මාකස්වාදී නියායයි.  ඉන්පසු ඔහු ඒ සඳහා තමන්ට සම්මාන ඉල්ලා සිටි නිසා ආණ්ඩුව ඔහුට පශ්චාත්භාගයෙන් හිනාවෙමින් පශ්චාත්භාගය ආසන්නයේ ඇති මේ රටේ තාන

Mahinda College is the School by Sundara Nihathamani de Mel

Image
(Check out the Sinhala article here ) Search for identity is considered a very important feature of esteem needs of Maslow's hierarchy of needs. Identity can be all inclusive as well as narrow to margin. If all human kind is the broadest of identity the narrowest can be one's self. But here our focus is on social identity. As a person who liked the leftist social identity I tended in most of my life to value broader identities especially due to dislike of ethno-religious chauvinism of Sinhala Buddhists we were engulfed in and perhaps due to masculine superiority which I like to deny fundamentally. I have relentlessly argued against concurrent Sinhala Buddhist identity on the basis that it is chauvinism. I wanted to be a Sinhala man looking forward to progress, i.e. integrating to world society crossing nationalist borders. But seemingly narrower identities also have beauty. As Yamu studies "Colombo is home to rather a lot of sports clubs. Covering a wide range

මහින්ද තමයි පොර කාලෙ 'මහින්දෙ තමයි ඉස්කෝලෙ'

Image
පසුගිය දිනෙක අපි අන්තර්ජාලයෙන් මිදුණු අවකාශයක නිවාඩුවක් සඳහා ගියා. යද්දී පොතක් ගෙන ගියා.  එක දිගට කියවාගෙන ගිය ඒ පොත කතාවක් තරම් රසවත්. නැතිනම් රස කතා ගොඩක් එකට ඇනූ කතාවක් නොවන පොතක්.  පොත සුන්දර නිහතමානි ද මැල්ගේ 'මහින්දෙ තමයි ඉස්කෝලෙ'. මේ පොත දොරට වඩින දවසේ උත්සවයට එන්න ආරාධනාවක් ලැබුණත් නොගිය නිසා යම් වරදකාරිත්වයක් පිළිබඳ හැඟීම තමයි මේ පොත කියවන්න පෙළඹවූවේ.  මේ කාලෙ මහින්ද තමයි පොර. ඒත්, අනේක වාරයක් ස්තුතියි මේ පොත ඒ අතින් සුපිරිසුදුයි. ඔනැ නම්, අර මැක්කගෙ කතාවෙ වගේ ඒ කාලෙ මහින්ද රිච්මන්ඩ් හිටියා හරි මොකක් හරි කියලා එතැන ඉඳන් දවසේ වීරයා ගැන කතා කරන්න තිබුණා. ගානක් හොයා ගන්න හෝ තනතුරක් හිඟා ගන්නත් තිබුණා. ඒ වුණාට සුන්දර ඒ වෙනුවට කල් පවතින වීරත්වයක් ගැන කතා කිරීම තෝරාගෙන. ඇත්තෙන්ම ස්තුතියි, හිරිකිතයකින් තොරව ආදරෙන් රාක්කෙ තැන්පත් කරන්න පුළුවන් පොතක් ලියුවාට.  ලංකාවේ ප්‍රබන්ධ නොවන සාහිත්‍යය හෙවත් non-fiction කියන සාහිත්‍ය ප්‍රවර්ගය ගැන සංවාද අඩුයි. කතන්දර නොවන සියලු ‍කෘති  ප්‍රබන්ධ නොවන සාහිත්‍යය නොවෙයි. ප්‍රබන්ධ නොවන සාහිත්‍යය වන්නේ සාහිත්‍යමය ලක්ෂණවලින් පිරිපුන්, රස

නඩුකාර හාමුදුරුවෝ ගලේ පැහැරුවා වගේ (බාබේරියානු පුවත්)

Image
(Source: Albert Bigelow Paine,  Thomas Nast: His Period and His Pictures , 1904.)   බාබේරියාවේ සිට සෝම්බේරි අයියා වාර්තා කරයි. ලංකාවේ අධිකරණය ස්වාධීන බව අසා ඇත. ඒ වුණාට බාබේරියාවේ එහෙම නැත. බාබේරියාවේ අධිකරණය පක්ෂපාතීය.පක්ෂපාතී ඒ රටේ රජ පවුලට හා රජ පවුලට ගැති හෙංචයියලාටය. ළඟදී එහේ මැතිවරණයක් පැවැත්විණි. මැතිවරණ කියන්නේ මෙහෙම ජාතියකි. රජ පවුලේ කට්ටිය තමන්ගේ මාළිගාවේ ඉඳුල් කමින් පැහැනිපත් කරන එක එක කට්ටිය ඡන්දයට දමා රජයේ ඇමතිවරු, නිලධාරි, වාහන, ෆයිල් කවර, ඩස්බින් ආදී හැම එකක්ම පාවිච්චි කරමින් ඒ ගොල්ලන්ට ඡන්දය දෙන්නැයි කිය කියා මාසයක් විතර ඇවිදිති. විපක්ෂයේ කට්ටිය තමන්ට ඡන්දය දෙන්නැයි කියා කියන විට ඒ හඬ නෑසී යන පරිදි හයියෙන් ආණ්ඩුවේ කට්ටිය අපට ඡන්දය දෙන්නැයි කියති. විපක්ෂයේ එවුන් ඔනෑවට වඩා සද්දෙ දාගෙන ආවොත් රජයේ දේපලකින් ඔවුන්ට පහර දෙති. විපක්ෂය කියන්නේ ආණ්ඩු පක්ෂයට රිංගා ගන්නට ඉඩක් හැදෙන තෙක් බලා සිටින කට්ටියක් නිසා ආණ්ඩු පක්ෂය විපක්ෂය කියා දෙකක් ‍බාබේරියාවේ නැත. ආණ්ඩුවේ කට්ටිය නඟන මහා ඝෝෂාව හමුවේ ජනතාවගේ කණ ගිනිකණ වැටේ. ඒ රටේ මහජනතාව ලංකාවේ මෙන් බුද්ධිමත් නැති අතර සහජයෙන්ම ම

Twinkle twinkle Super Star (poem)

Image
Twinkle twinkle Super Star How much is the price you are Up above the TV high Like the carbon in the sky -W3Lanka Share with others

Dialog (A poem)

Image
Dialog sent a letter of demand Pay or perish I went to their branch Here's a dialogue Power cut System out No bills; no worries So I got out and perished - W3Lanka Share with others 

මසාජ් ක්ලිනික් එකේදී පොලිසියට අසු වූ සහෝදරයාට - V r with u. Dont Wory.

Image
ජාත්‍යන්තර ලිංගික ශ්‍රමික හිමිකම් දිනය නිමිත්තෙන් එක්ස් කණ්ඩායම විසින් කොළඹ කොටුවේ පවත්වන පෙළපාලියක් වමේ දීර්ඝ කාලීන ක්‍රියාධරයකු ලිංගික ශ්‍රම සේවාවන් සැපයූ ස්ථානයක් හා සම්බන්ධව පොලිසිය විසින් අත්අඩංගුවට ‍ගෙන ඇති බවට කතාවක් පැතිරෙමින් තිබේ. මෙ කතාව පතුරවමින් සතුටින් උඩ පනින්නේ කලක් මෙම සහෝදරයා වැඩ කළ කණ්ඩායමේ අයයි. එහි ඇත්ත නැත්ත සොයන්නට අපි නොවෙහෙසෙමු. මක් නිසාද යත්, චරිත ඝාතනය වාමාංශික ව්‍යාපාරයේ ප්‍රධාන කාර්යයක් බැවිනි. ලංකාවේ වාමාංශික නායකයෝ බොහෝ දෙනෙක් තුවක්කු නැති ත්‍රස්තවාදියෝය. තමන්ගේ නායකත්වය පිළි නොගන්නා සියලු දෙනා ඝාතනය කිරීම ඔවුන්ගේ අවශ්‍යතාවයි. ඔවුන්ට ඇති ප්‍රශ්නය තුවක්කු නැතිකමයි. තුවක්කු තිබුණත් මොවුන්ට තව එකක්ද නැත. ඒ වනාහි කොකා ගැස්සීමට ආත්ම ශක්තියක් නැතිකමයි. එබැවින් හැම විටම එවැනි මොළ සේදූ හෝ සෝදන්නට තරම් මොළයක් නැති අමනයන් පිරිසක් ඉතා ළඟින් තබා ගැනීම මේ වාමාංශික නායකයන්ගේ සුලබ ලක්ෂණයකි. ඔබ දන්නා වාම කල්ලි නායකයන් තුළින් මෙය ඇත්තද බොරුද යන්න විග්‍රහ කරගෙන බලන්න.  ලාංකික වාමාංශිකයන් බහුතරය සාමාන්‍ය මිනිස්කම් නොදත් අධමයන් පිරිසක් බව අප පුන පුනා කියන්නේ මෙවැනි

ජනකවිය: ධාතු ගෙනාවා වඳිනට සාධු කියා

Image
තරු වන්නට සිහින දකිනට සුපර් ස්ටාර් එහෙම වෙන්න බැරි ළමයිනි යමු කොරියා සිහින දකින්නට බැරි අය වැ‍ඩ බැරියා ධාතු ගෙනාවා වඳිනට සාධු කියා මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ජනකවිය: කාගෙද අනේ මේකේ (කඩු නාටකයේ) නිෂ්පාදනය?

කඩුකාරයෝ කුඩු වී ඇත පාපිල්ලෙන් කඩු අරගත්තෙ කුඩුකරුවොයි කටුගෙදරින් කඩු සෙවු පොලිසියට හමු වුණෙ කුඩු ය ඉතින් කඩු ප්‍රශ්නය විසඳුවේ අපි කුඩු කියමින් කඩු අරගත්තෙ කුඩුකරුවන් පිරිසක් ය පොලිසිය කිව්වෙ කඩු නැති වුණ දවසෙම ය මාස හයක් මේ අය සෙවු පොලීසිය කොහෙවත් නෙවෙයි කටු ගෙට යවනට හොඳ ය මේ කඩු නාටකය මුල මැද අග නැති ය පිටපත දුර්වල ය ඩයලොග් කම්මැලි ය අධ්‍යක්ෂණය කිසී..ම කමකට නැති ය කාගෙද අනේ මේකේ නිෂ්පාදනය  මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

බාබේරියාවෙන් ලියුමක් - A Letter from the Land of Barbarians

Image
මේ ලිපිය ලියන මම බාබේරියාවේ පුරවැසියෙක්මි. මේ බ්ලොගය ලියූ පැරාට හා පැරාට උපදෙස් දෙන මෙම බ්ලොගයේ කමෙන්ටුකරුවන්ට තමන් ජීවත් වන රට කොයි තරම් හොඳ එක්දැයි තේරුම් ගනු පිණිස මා ජීවත් වන බාබේරියාව ගැන විස්තර දිගටම මෙම බ්ලොගයට ලියන්නට අදහස් කරමි. බාබේරියාව බටහිර අධිරාජ්‍යවාදී, දුප්පත්, ඒකාධිපති, ෆෙඩරල් රටකි. එහි අගනුවර කෝලම්පූර් නම් වේ. බහුතර ජනයා පේට්‍රියට්වරු වන අතර සුළුතරය ට්‍රේටර්වරු වෙති.  රට පාලනය කරන්නේ සුළුතරය විසිනි. ඔවුන්ගේ භාෂාව බාබේරියන් භාෂාව ය. ප්‍රධාන ආගම මුදල් ය. විනිමය ඒකකය ලේ ය. රටේ පාලකයා මහජන ඡන්දයෙන් පත් වන රජෙකි. රට පාලනය කරන්නේ රජුගේ පවුල විසිනි. මහජන නියෝජිතයන්ට කතා පවත්වන්නට කතා සාප්පුවක් තිබේ. මේවා ගැන විස්තර පසුව ලියමි. ඔය රටේ මෙන් මෙහි මාධ්‍ය නිදහසක් නැත. මේ රටේ බ්ලොග්කරුවන් ජීවත් වන්නේ අතිශය අනතුරුදායක තත්වයක නිසා මෙසේ මේ බ්ලොගයට ලියන්නට ‍තීරණය කළෙමි. බාබේරියාවේ අපට මෙහෙම අන්තර්ජාලයෙන් එක එක ඒවා ප්‍රසිද්ධ කරන්නට බැරිය. ඔහේ මෙන් නොව, මෙහේ ආණ්ඩුව වෙබ් සයිට්වලින් පවා මුදල් අය කරයි. බාබේරියාවේ මිනිස්සු ඔහේ 'ජනතාව' මෙන් බුද්ධිමත් නැත. ඔවුහු දූෂිතයෝ ය.

මේක හැක් කරපු අපි කවුරුද?

Image
වයස අවුරුදු 18 පමණ සිට ලාංකීය පන්නයේ වාමාංශිකයකු වූ ඒ හැව අරින්නට අකැමැති නිසාම අවසානයේ මේ බ්ලොග් පඩංගුව ලියූ  මෙම ඡායාරූපයේ සිටින පුද්ගලයා  අප විසින්  කටෙන් අත දමා නගුටෙන් කණපිට ගසන්නට යෙදුණ බව ප්‍රීතියෙන් දැනුම් දෙමු. ඔහු භූමදාන කරනවා වෙනුවට  ඔහුගේ පැරණි ලිපි  හුදී ජන ටියුබ් ලයිට් සංවේගය පිණිස එම්බාම් කර මෙහි තිබෙන්නට ඇර තිබේ දැන් ඔහු කෝන්ගොඩ වික්‍රමබාහුට කිසිදු නෑකමක් නැත ජවිපෙ, හිරු පත්තරේ වැනි අටමගල ඉතිහාසයක් පමණි ලංකාවේ අනාගතය නාමල් අතේය ඒ කියන්නේ මහින්දගේ පුතාගේ අතේය ලාංකික අනාගත පරපුරේ බඩුත් අතේය මීයන් මැරූ නලාකාරයා පසුපසින්  ම්ලේච්ඡත්වයේ අඳුරු ගුහාව වෙත  නට නටා යන වීරෝදාර ජනතාවනි තොපි ‍ඕනෑ කුදයක් ගහගනිව් අපි තොපේ අසික්කිත නරිනාටකය සාහිත්‍යයක් කර ලෝකයට තිලිණ කරන්නට  ලියන්නෙමු ඔබත් පිට සක්වල ජීවයෙක් නම් එන්න අපි ලියමු (තොපිටත් ඕනෑනම් තොපි ලියපියව්! අපට ඕනෑ නිසා අපි ලියමු) මෙයට, ලංකාවේ ජීවත් වන පිටසක්වළ ජීවීන්ගේ සංගමය මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

W3Lanka දැන් අපේ අතේ! පැරාට අනිච්ඡාවත සංඛාරා! @#$%^&*()_+|<>?,./

Image
මෙම බ්ලොගය, එය සංස්කරණය කළ පුද්ගලයා ද සමග සාර්ථක අන්දමින් හැක් කිරීමට හැකි වූ බව දැනුම් දෙන්නෙමු.  මෙය සංස්කරණය කළ පුද්ගලයාට නොපෙනෙන මානයක් ඔබට දර්ශනය කරමින් අපි ළඟදීම මෙය නැවත ලියන්නෙමු.  මෙහි සංස්කාරකට ඔහු කරන්නට යන අලුත් වැඩේට අපෙන් සුබ පැතුම්! (ඔහුට කරන්නට පුළුවන් අලුත් අහවල් එකක් නැත .) අපි කවුරුද?  අපි කියනවා.  කවදද? ළ ඟ දී ම . -ලියමු මේ ලිපියට ඔබ කැමති වුණත් නැතත් වෙන අයත් එක්කත් බෙදා ගන්න

අලුතින් කරන දෙයට තාක්ෂණික උපදෙස් අවශ්‍යයි

අලුතින් සකසන්නට යන අපගේ වෙබ් අඩවිය සඳහා අධ්‍යයන කරමින් සිටියදී මුහුණ දෙන ගැටලු කීපයක් සාකච්ඡා කරන්නට අදහස් කරමි. මේ ක්ෂේත්‍ර‍යේ පළපුරුදු අයගේ උපදෙස් පතමි. අප දැනට අදහස් කරමින් සිටින්නේ සමාජ සාහිත්‍ය සංසද ස්වරූපී වෙබ් අඩවියක් නිර්මානය කරන්නටයි. අප සිතන අන්දමින්, වත්මන් තත්වය වෙනස් කිරීම පිණිස සිංහල සීමාවන් ඉක්මවා ගිය සාහිත්‍යමය මැදිහත්වීමකට විශාල කාර්යභාරයක් ඇත.  අපට වියදම් කිරීමට හැක්කේ සුළු මුදලක් නිසා ලාභ ක්‍රම කෙරෙහි අවධානය යොමු කර තිබේ.  අප විසින් ම හොස්ට් කරනු ලබන Wordpress බ්ලොග් අඩවියක් පිළිබඳ සලකා බලමින් සිටිමු. වර්ඩ්ප්‍රෙස්හි වැඩ කර යම් පළපුරුද්දක් ඇත. එහෙත්, එහ ගූගල් ඇඩ්ස් හෝ වෙනත් ඇඩ් පළ කිරීම ගැටලුවකි. ඒ සඳහා විජට්ටුවක් ඇති බව දැන ගතිමි. භාවිතා කර අත්දැකීම් ඇති අය සිටී නම් උපදෙසක් දෙන්න.  වර්ඩ්ප්‍රෙස් සමග bbPress ෆෝරමයක් භාවිතා කිරීමේ අදහසක් ඇත. අත්දැකීම් තිබේද? යම් වෘත්තිකභාවයක් පිළිබඳ අදහසක් සමග වර්ඩ්ප්‍රෙස් කෙරෙහි ඇල්මක් ඇති වුවත්, බ්ලොගර් ඊට වඩා සුරුබුහුටි යයි සිතේ. ඒ සඳහා වියදම් ද අවම ය.  මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

වෙනස් වෙන්නට සිතාගෙන ඇත

Image
‍්‍වසර ගණනක් අපි මේ ස්වරූපයෙන් ඔබ වෙත ආවෙමු.  අභියෝග අලුත් වී ඇත.  එබැවින් අපි ද වෙනස් විය යුතු ය.  කඩේ වසා දමන්නට අදහසක් නැත. ලෝකය යහපත් තැනක් වනු දැක්මේ සිහිනයෙන් අප අවදි විය යුතු නැත.  අරගලය යනු අපේම ජීවිතයයි. ජීවිතයත් අරගලයත් එක්ව යන නව ජීවන විලාසයක් සෙවිය යුතුව ඇත.  ළඟදී ම අපි වෙනස් වෙමු.  බලාපොරොත්තු වන්න.  මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න