ජනකවිය: කාගෙද අනේ මේකේ (කඩු නාටකයේ) නිෂ්පාදනය?

කඩුකාරයෝ කුඩු වී ඇත පාපිල්ලෙන්
කඩු අරගත්තෙ කුඩුකරුවොයි කටුගෙදරින්
කඩු සෙවු පොලිසියට හමු වුණෙ කුඩු ය ඉතින්
කඩු ප්‍රශ්නය විසඳුවේ අපි කුඩු කියමින්

කඩු අරගත්තෙ කුඩුකරුවන් පිරිසක් ය
පොලිසිය කිව්වෙ කඩු නැති වුණ දවසෙම ය
මාස හයක් මේ අය සෙවු පොලීසිය
කොහෙවත් නෙවෙයි කටු ගෙට යවනට හොඳ ය

මේ කඩු නාටකය මුල මැද අග නැති ය
පිටපත දුර්වල ය ඩයලොග් කම්මැලි ය
අධ්‍යක්ෂණය කිසී..ම කමකට නැති ය
කාගෙද අනේ මේකේ නිෂ්පාදනය 

මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

Comments

  1. මේක බාබේරියාවේ සිද්ධියක් වෙන්නෝනෑ?

    ReplyDelete
  2. මේ පිටපත් හරියන්නේ නෑ කියලා
    බෙංගමුවේ නාලක හිමි පරල වෙලා
    මැනික් රත්තරන් ටික ඩිසපියර් වෙලා
    යකඩ ගොඩක් කුඩු ගොඩකින් පාත් වෙලා

    ReplyDelete
  3. Another drama because of upcoming Elections

    ReplyDelete
  4. හතරවෙනි මස්වාතිAugust 22, 2012 at 2:16 PM

    අතේ ගුලිය මිරික මිරික මම යන්නේ
    දුව උඩ දමා මැරුවා මමමයි දන්නේ
    ලෝකෙ කවුරුවත් නෑ මා ගෙන්වන්නේ
    ඒ හින්ඳා ස්වාසිලන්තෙ මම යන්නේ

    කලඳක් මොලේ නැති බව මූණෙන් තේරේ
    හදි හූනියම්, කොඩිවින ළඟ පන බේරේ
    ලිබියා හීන හින්ඳා නිදි නැති වාරේ
    ඉන්දියාවෙ උන් කටෙ රුන්නා තේරේ

    ReplyDelete
  5. ස්වාසිලන්තයේ කෙරුවාවල් පන්නේ
    දේවල් කරන්නටයි අප දැන් සැරසෙන්නේ
    මා ගුලි මිරිකුවත් ගහගෙන දෙපරන්දේ
    ගඩාපිගේ මුහුණ පෙනිලා ඇහෙරෙන්නේ!

    නැතිමුත් මහා මොලයක් මගේ හිස් කබලේ
    මෙතුවක් කල් දැම්ම සෙල්ලම් මදිද මලේ
    වෙන රටවලින් නොදෙනා මුත් විසා මට
    ස්වාසිලන්තයේදී පෙන්නමි මගේ තෙලේ!!

    ReplyDelete
  6. හතරවෙනි මස්වාතිAugust 23, 2012 at 1:46 AM

    වීසා එකට වැඩි දවසක් නෑනෙ පුතේ
    හැත්තෑවට දෙකයි අඩු මම හරිද පුතේ
    ඉන්නෙම පුතාලා තුන්දෙන හින්ද පුතේ
    කරන දෙයක් දැන්මම කරපියකො පුතේ

    පිට්ටනියක ගොන් බානක් කනව පුතේ
    ඉන් එක ගොනෙක් ටියුෂන් හඹුරෙක්ලු පුතේ
    අනිත් ගොනා සුසීට වහ වැටිල පුතේ
    අවුරුදු දෙකක් මහ ගෙයි ලැග්ගාලු පුතේ

    පොඩ්ඩක් හරි තිබුණු මව් අභිමනත් පුතේ
    ලංඩන් වලදි වලපල්ලට දැම්ම පුතේ
    කවුරුත් ගණන් ගන්නේ නැති හින්ඳ පුතේ
    ඔලිම්පික් බලන්නත් ගියෙ නැතිලු පුතේ

    පුතාට මතක නම් භාරතෙ ක්‍රිකට් පුතේ
    අවසන් තරඟෙ දවසෙ නම් හිටියාලු පුතේ
    ඉන්ඳා ළඟින් ජනපති අම්මණ්ඩි පුතේ
    මන් මෝහං මූට කිණ්ඩිය දැම්ම පුතේ

    යන්නම තැනක් නැතිදා කියුබාවෙ පුතේ
    එන්නද අහල හා කිව්වම ගියා පුතේ
    එතනින් එහා වෙන කොයි රටකටද පුතේ
    මේ ගොං තඩියා ගියෙ කියපන් අනේ පුතේ

    ඔබාමා ඇවිත් අල්ලපු රටට පුතේ
    ගිය හැටි මතක් වී මට ඇඩෙනවා පුතේ
    නිව්යොක් ගියත් මුගෙ මල දානයට පුතේ
    ආවේ ඉරානේ ගොබිලා පමණි පුතේ

    ඒ ඇවිදිනුත් පැය බාගෙලු හිටියෙ පුතේ
    විලි ලැජ්ජාවේම මූ හැංගුනලු පුතේ
    මේ ටික මම කිව්වෙ මූ ගැන කියනු පුතේ
    රටක් නෝංජල් කළ මූ බලුය පුතේ

    රටක කණු තුනකි එය දැන ගනින් පුතේ
    ව්‍යවස්ථාව, නීතිය, ඉගෙනීම පුතේ
    ඒ තුන මූ කාල කණු දැන් නැතිය පුතේ
    ඔන්න වැටෙන්නට රට දැන් ළඟය පුතේ

    දෙපරැන්ඳේ වල් අඟ නම් තියෙලු පුතේ
    සිරන්තියට හොරෙන් කෙරුමත් බොරුලු පුතේ
    එල්ලෙන දෙකේ කපෝලෙ දැම්මාලු පුතේ
    ඒ ගැන හරියටම කියුමට නොදනි පුතේ

    මූණු හයට අත් දොළසට නොකිය පුතේ
    පන්සල් පල්ලි, කෝවිල් ළඟ නොරැඳ පුතේ
    ලිබියාවටම ඇස් දෙක යොමු කරන් පුතේ
    හොයපි‍ය කුනු කාණුවක් අද හෙටම පුතේ

    පවුලම එක මිටට හැඳි ගාවන්න පුතේ
    වෙර වීරිය අරන් පෙරටම ඇදෙමු පුතේ
    අවලං මෝඩ පාහර ගොං රජා පුතේ
    කුනු කාණුවේ හෙළුවෙන් නිදිකරමු පුතේ

    ReplyDelete
  7. ඔයා ඔහොම හිතුවත් අපේ තාත්තේ
    ජහමනයා නොදනියි මෙහි හරි තත්තේ
    මට නම් යන්න නැහැ රටවල් ඒ පැත්තේ
    එනමුත් කුණු කාණුවට තව දුර ඇත්තේ!

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා