නඩුකාරයාගේ සිට බඩුකාරයා දක්වා

පදවියේ මාධ්‍යකරුවකු ද වන ගුරුවරයකුට වරක් මුහුණ දෙන්නට සිදු වූ සිද්ධියක් මෙසේ ය එක් වැසිබර සැන්දෑවක. ඔහුගේ යතුරු පැදිය අනතුරකට මුහුණ දුන්නේ ය. ඔහුගේ යතුරුපැදිය ගැටුණේ පොලිස් නිලධාරියකු පදවාගෙන ආ යතුරුපැදියකයි. නවතා තිබුණු යතුරුපැදි දෙක හා එහි පැවති උණුසුම් කතාබහ දැක වාහනය නවත්වා කරුණු විමසූ හිතවතකුට මාධ්‍යකරුවා පැවසුවේ තමන්ගේ යතුරුපැදියේ පොලිස්කාරයකු හැපුණු බවයි. 

මෙය ඇසූ පොලිස් නිලධාරියාට කේන්ති ගියේ ය. 

“ඇයි ඔයා මාළුකාරයා වගේ අපට පොලිස්කාරයා කියන්නෙ? අපි ඔයාට එහෙම කියන්නෙ නැහැනේ," පොලිස් නිලධාරියා ඇසී ය. 

“ඉතින් නඩු අහන කෙනාට නඩුකාරයා කියනවා නම් ඔයාට පොලිස්කාරයා කිව්වා ම වැරැද්ද මොකක් ද?" ගුරුවරයාගේ පිළිතුර විය.

නඩුකාරයා කිව්වා ම ගරුසරු මදි නිසා නඩුකාර හාමුදුරුවන් යයි කීවාට ඒ කාරයා කෑල්ල හැලී නැත. එහෙත් පොලිස්කාර හාමුදුරුවන් යයි කීවොත් එය විහිළුවක් බවට පත් වේ. 

නඩුකාරයාට විනිසුරු යයි කීම ප්‍රමාණවත් ය. ගුරුවරයාට සර් කියා ආමන්ත්‍රණය කරන පුරුද්ද නිසා ඇතැමෙක් තවමත් මට නම අගට මචං වෙනුවට සර් කෑල්ලක් දමා කතා කරති. මෙය මට මහත් කරදරයක් බව එසේ කතා කරන අයට දැනගැනීම සඳහා පවසමි. මා දැන් ගුරුවරයකු නො වේ. ගුරුවරුන්ට සර් කියා ද ගුරුවරියන්ට මිස් කියා ද කතා කිරීම ඇතැමෙක් හිතන තරම් ලොකු ගරු නම්බුවක් නො වේ. එයින් ඇත්තෙන් ම ඇඟවෙන්නේ රැකියාව පමණි.

“එයා සර් කෙනෙක්. එයාගේ නෝනා මිස් කෙනෙක්," කී විට එයින් අදහස් වන්නේ ඔවුන් කරන රැකියා ය.

මේ අතර එයා මිසී කෙනෙකු ය කීවොත් එයින් අදහස් වන්නේ ඇය හෙදියක බවයි. පිරිමි හෙද නිලධාරීන්ට පිරිමි මිසී කියන යෙදුම භාවිතා කරන්නේ අපහාසයට ය.  

ඇනස්ලි-බර්ටි-සැමුවෙල් විනෝද සමයක මාධ්‍යකරුවන් දෙදෙනෙකු ගවේශනයකට ගොස් තමන් පත්තරකාරයන් බව අමාරිස් අයියාට කියයි. 

“දැන් පත්තර කීය ද? බෝතල් ගන්නෙ නැද්ද?" අමාරිස් අයියා අසයි. 

ඇතැම් පත්තරකාරයන් කරන අසික්කිත වැඩ දිහා බැලූ විට බෝතල් පත්තරකාරයා නම්බුකාර රස්සාවක් කරන්නෙකි. 

එහෙව් මාධ්‍යකරුවන්ටත් තමන් මාධ්‍යවේදියකු යයි කියාගන්නට උවමනා ය. මම නම් කිසි දිනෙක මෙම වචනය භාවිතා නො කරමි. මාධ්‍යකරුවා යන නම මෙම රැකියාවට ප්‍රමාණවත් ය. මාධ්‍යවේදියකු යයි කිව යුත්තේ එහි සෑහෙන ප්‍රවීණයකුට ය. 

මම නම් බ්ලොග්කාරයෙකි. 

සමහර රැකියා කරන අයට තමන්ගේ තනතුරු නාමය ගැටලුවකි. පසුගිය කාලයේ දුම්රිය රියදුරන්ට සිය තනතුරු නාමය පයිලට් ලෙස වෙනස් කර ගන්නට උවමනා වී තිබිණි. 

රෝහල්වල සේවය කරන පරිපූරක වෛද්‍ය සේවයට අයත් එම්.එල්.ටී. ලෙස හැඳින්වෙමින් සිටි වෘත්තික පිරිස තම තනතුරු නාමය වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ ලෙස වෙනස් කර ගත් හ. දැන් විද්‍යාඥයාට යන කල මොකක් ද යන්න වෙන ම විමසා බැලිය යුතු ය. 

ටීචර් කියා ගුරුවරියට ආමන්ත්‍රණය කළත් ගුරුවරයාට ටීචර් කිව්වොත් ගුටි කන්නට සිදු වේ. එහෙත්, ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව වෛද්‍යවරුන්ට ඩොක්ට කියා කිව හැකි ය. 

ටෙලි නාට්‍යවල හා චිත්‍රපටවල සිවිල් වැසියෝ පොලිස් නිලධාරීන්ට ඉන්ස්පෙක්ටර් ආදී වශයෙන් ද හමුදා නිලධාරීන්ට කැප්ටන්, බ්‍රිගේඩියර් ආදී ලෙස ද අමතනු දක්නට ලැබේ. එහෙත්, ඒ චිත්‍රපටවල පමණ ය. සාමාන්‍ය මිනිසුන් ඒගොල්ලන්ට සර් කියනු ඇතැයි ඒ උදවිය බලාපොරොත්තු වෙති. 

පොලිස් කොස්තාපල්ලාට, සාජන්ලාට රාළහාමි යයි කීව ද, එස්.අයි. සිට ඉහළට ඉන්නේ මහත්තයලා ය.

දවසක් මට එක් හමුදා සෙබළෙකු කීවේ පොලිසිය හමුදාව සමග ඉරිසියා බවයි. එයට හේතුව ලෙස ඔහු දැක්වූයේ තමන්ගේ ඉහළ නිලධාරීන්ට සර් කියද්දී පොලිසියේ ඉහළ නිලධාරීන්ට මහත්තයා කියන බවයි. 

මේ අතර තවත් අලකලංචියක් වන්නේ වතුවල ටී මේකර් මහත්තුරුන්ට ය. ටී මේකර් යනු ෆැක්ටරි මැනේජර් කෙනෙකි. එහෙත්, දැන් ලංකාවේ තේ කඩවල තේ හදන අය ද ටී මේකර්ලා ය. පත්තරවල ලුහුඬු දැන්වීම් තීරයේ ටී මේකර්ලා ඉල්ලා දැන්වීම් පළ වේ.

ඉංග්‍රීසියෙහි මේ ගැටලුව නැත. ඊයේ ඩේලි නිව්ස් පුවත්පතේ පළ වූ මට් ඇන් ජෙෆ් කාටුනයේ මට් අලුත සේවයට බැඳුණු බාබර් කෙනෙකි. ඔහුගේ පළමු පාරිභෝගිකයාගේ මුහුණේ සබන් ගා සැරසෙන විට මට් කලින් වැඩ කර පුරුදු කෙනෙකුදැයි පාරිභෝගිකයා අසයි. මට් නැතැයි කියයි. ඔහු කලින් කළ රස්සාව කුමක්දැයි පාරිභෝගිකයා අසයි. “බුචර්." මට්ගේ පිළිතුර එයයි. 

බුචර්ට සිංහලෙන් කියන්නට සිදු වන්නේ මස්කඩකාරයා කියා ය. එහෙත් බුචර්ලා ඉන්නේ කඩවල විතරක් නොවේ. ඒ නිසා එම තනතුර සඳහා වඩා සුදුසු වදන බුචර්කාරයා ද? බුචර්වරයා ද? දෙක ම අවුලක් නැත. 

එහෙත් නඩුකාරයා කීවාට නඩුවරයා කියන්නට බැරි ය. විනිසුරුවරයා කියන එක වඩා හොඳ ය. 

මේ සටහන ලියැවුණේ ප්‍රසන්නගේ උසාවිය නිහඬයි චිත්‍රපටය ගැන ලියන්නට ගොසිනි. ඒක පස්සෙ ලියනවා ය.

ලෙනින් රත්නායක බඩුකාරයෙකි. එහෙත් එය රස්සාවක් නො වේ. එහෙත්, එහෙම කියන්නටත් බැරි ය. බඩුකාරකම රස්සාවට කරන පිරිමි ලිංගික ශ්‍රමිකයෝ සිටිති. මචං චිත්‍රපටයේ එවැනි චරිතයක් හමු වේ.


ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. තනතුරට විශේෂණ පද යොදාගන්නත් පුළුවන්නේ. සංගීතය උගන්නන ටීචර් , සංගීත ටීචර් වෙනව. ගණන් මිස් ලා නම් දෙකොටසක් ඉන්න පුළුවන්. ගණන් උගන්වන සහ ගණන් දාන වශයෙන්. කැඬුම් බිඳුම් වෙදමහත්තයා. තියටර් නර්ස් ආදී වශයෙන්. ඒ අනුව ලෙනින් රත්නායක මහතා බඩුකාර නඩුකාරයා වෙනවා.

    ReplyDelete
    Replies
    1. කැඬුම් බිඳුම් වෙදමහත්තයාට අපේ ගමේනම් කියන්නෙ හන්දි වෙදා කියල.
      තව ඉන්නව පශු වයිද්‍ය, ඌට කියන්නෙ හරක් වෙදා කියල.
      එහෙම බැලුවම සාරස "දත් වෙදා"

      Delete
    2. // එහෙම බැලුවම සාරස "දත් වෙදා" //

      දත් නොව නොදත් වෙදා ලෙස නිවැරදි විය යුතුය!

      Delete
    3. සාරසෝ,

      දත් වෙදෙක් වුණා මගෙ දෙවෙනි පුතා
      හිත නැතත් අනේ මං කැමති වුණා
      නැති වුණත් කාසි ටියුසොං යවලා
      මූ ඌව හැදුවෙ වෙදෙක් වෙයි හිතා

      Delete
    4. සින්හල බ්ලොග් රැල්ලට
      කවි ලියනා කොල්ලට
      කාසි දාමු බල්ලට
      දත් ගලවමු ලෙල්ලට

      Delete
  2. අපේ අම්මා නම් කියලා තියෙන්නේ කාරයා කියන්න එපා කියලා.. මාමේ කියන්න කියලා....

    ඒ අනුව අජිත් පැරකුම් ජයසිංහ - බ්ලොග් මාමා කෙනෙකි
    ලෙනින් රත්නායක - බඩු මාමා කෙනෙකි

    විමල් වීරවංශ මාමාට අනුව රනිල් මාමා... ඉස්සර ක්ලීන් මාමා කෙනෙකි...

    දැන්..., ඩර්ටී මාමා කෙනෙකි..

    ReplyDelete
    Replies
    1. මේ ඉන්නේ කේන්දර මාමාගේ බෑනා වෙන ගයිඩ් මාමා කෙනෙකි...

      Delete
    2. මේ ඇනෝ එන්නේ පොන්න කතන්දර මාමාය...

      Delete
    3. This comment has been removed by a blog administrator.

      Delete
    4. This comment has been removed by a blog administrator.

      Delete
    5. අපෝ ඔව් කුණුහරුප බ්ලොග් පඩංගුවක් අටෝගෙන බ්ලොග්කාරයෙක් නොවුන නම් නිකම්ම නිකං පනහ පැනපු ගයිඩ්කාරයෙක් .කියන ලියන එව්වයින් ජාතකේ එලියට පනිනව

      Delete
    6. කණගාටුයි ගයිඩ් මාමේ මම කතන්දරනම් නොවේ... උඹේ බ්ලොග් එකේ ඇනෝ ඇවිල්ල දැම්මෙත් මම තමා දැන්.... පුලුවන්නම් අල්ලපන්... අල්ලලා කොරපන්... උඹ මහ ජගතෙක්නේ... අර නෙලුමත් එක්ක සෙට් වෙලා උඹේ කේන්දර මාමා ගෙන්නලා කොරල පෙන්නපන්....

      Delete
    7. This comment has been removed by a blog administrator.

      Delete
    8. This comment has been removed by a blog administrator.

      Delete
    9. ඕයි මාතලන්..... කෝ ඇල්ලුවද.... ඒ බ්ලොග් එකේ දාපු කොමෙන්ට් එකත් මකලා... තමුසෙලා නිකන් ඉන්න මිනිස්සුන්ට අපහාස කරලා ලොකු ටෝක් දුන්නට ගේමට ආවාම පැනලා දුවනවා නේද.....

      උඹ කියන තැනක මම ඇනෝ කොමෙන්ට් එකක් දාන්නම් පුළුවන්නම් අල්ලපන්..

      Delete
    10. දැන් ඒකත් නෑ... දැන් නගර සභාවේ කුණු ටැට්ටරේ එලවන්නේ.... හැබයි උපාධියකුයි... කැම්පස් ටී ෂර්ට් එකකුයි.. ඉන්ගිරිසි විභාගයක් පාස් සැටිපිකට් එකකුත් තියෙනවා..

      මම ඊළඟ බ්ලොග් ගැට්ටුගැදර් එකට ඇඳගෙන එන්නම්කො...

      Delete
    11. පොන්නයෝ දැන් පොලිසීයෙන් අල්ලනෙත් නෑ... උනුත් මනුස්සයෝ නේ කියලා පොඩි සැලකීමක් තියෙනවා...

      Delete
    12. :) බොහොම කලාත්මකව මොඩරේෂන් කරලානේ, අපූරුයි.

      Delete
    13. මෙන්න අනිත් පොන්නයගේ අයි පී ඇඩ්‍රස් එක... කැමති එකෙකුට බලාගන්න පුළුවන් මූ කොහේ පොන්නයෙක්ද කියලා...

      203.122.211.181

      Delete
    14. කොහොම කතා කළත් පහල තියන විදියට කතා කරන්න එපා.

      "විචාරක - Wicharaka 5 August 2015 at 16:48

      හනේ බොල කුලී කාර් කාරයෝ. තෝ රටවටේ කුලී ගමන් යන, බේබදු කමේ අන්තයට ගිය, වේසා ගෑණු නිසා වාර ගණනක් වී ඩී හැදුන අවලමා, තොගේ තරම දැනගෙන කතාකරපිය ඉස්සර වෙලාම. තොගේ කුනුවෙච්චි අඩවිය දැන් තෝ වගේම ගඳයි. තෝ හිතාගෙන ඉන්නේ තෝ තමයි කෙරුමා කියලා. තොගේ කුලී කාර් හොර සෙල්ලම් නිසා ජොබ් එකට කෙලවගන්න ලඟයි.

      තෝ කොහොමද කලවැද්දෝ මට සිංහල උගන්නන්නේ. විඥ්ඥානය කියලා හරියට ලියනවානම් ඥ යනු දෙක එකට බඳින්න ඕනේ. නමුත් කී බෝඩ් එකේ ඒ පහසුකම නැහැ. නොදකින් සිංහල නොදන්නා හිඟන්නා.

      යකෝ කෝට් මාෂල් කියන එකේ තේරුම මගේ පරණ ලිපි කියවල ඉගෙන ගනින්. උඹ දන්න කෝට් මාෂල්. බේබදු කුලී කාර් ඩ්‍රයිවරයා."

      http://rasikalogy.blogspot.com/2015/08/what-else-is-there-to-talk-about.html?showComment=1438757332816#c8848181864457410739

      Delete
    15. මාතලන් මේ comment එක විචාරකගෙනෙ. රසිකලොජියෙ මේක තියන එක ඇත්ත. මේ කියන "කුලී කාර්කාරයා" ඔබ නෙමෙයි නම් ඇයි කලබල වෙන්නෙ?

      Delete
    16. කලබල වෙලා නෑ.... දාපු පොන්නයා ගැන කිව්වා විතරයි... මොකෝ අදහස් ප්‍රකාශ කරන්න මට කාගෙන්වත් අවසර ගන්න ඕන නෑ නේ...

      Delete
    17. මාතලන්,

      ඒක හරි. අදහස් ප්‍රකාශ කරන්න ඔබ කාගෙන්වත් අවසර ගන්න ඕන නෑ. එතකොට
      විචාරක 2015 අගෝස්තු 5 වන දින පැය 16:48 ට දාල තියන comment එක ගැන පළපුරුදු බ්ලොග්කරුවකු වන ඔබෙන් මෙහෙම අහනවා.

      01. තවත් පළපුරුදු මෙන්ම වියපත් බ්ලොග්කරුවකු වන "විචාරක" ඉහත භාවිතා කර ඇති භාෂා විලාශයට ඔබ එකඟද?

      02. එයින් කවර පුද්ගලයකු ඉලක්ක කළත් එසේ ඉලක්ක වන පුද්ගලයාට දැඩි අපහාසයක් නොවන්නේද?

      03. එහි "කුලී කාර්කාරයා" ලෙස හැඳින්වෙන්නේ මුදලට තම මෝටර් රථයේ මගීන් ගෙන යන රියදුරෙකි. එය පහත් රැකියාවක් ලෙස ඔබ සිතනවාද?

      Delete
    18. විචාරක සහා මාතාන් කෙටෙව්වේ.... ඉකොනොමැට්ටා කියන පොන්නයා... ඉකොනොමැට්ටා යනු කතන්දර ජාතියේම තවත් එකෙක්... ඌ කියනවා නේ මේ කොමෙන්ට්ස් ගැන ඌ නිරීක්ෂණයක ඉන්නවා කියලා... ඉතින් මේ විචාරකම උනත් මේ කියලා තියෙන දේ අනුමත කරනවා මිසක් දොසක් කියන්න බෑ..

      මොකො මිනිහෙක්ට අපහාස කලාම ඒක දැනෙන්නේ අපහාසය විඳි පුද්ගලයා පමණයි.. ඒකට මෙහෙම ඇනෝ ඇවිත් හරියන්නේ නෑ.. තමන්ගේ නමින් බ්ලොග් එකක් පටන් ගන්න.. වැඩි කල් යන්න කලින් පොන්නයෝ හතර දෙනාගෙන කෙනෙක් ඔයාටත් ගේම දෙයි...

      හැමෝම එනවා විචාටයි මාතලන්ටයි බණ කියන්න.. ඒත් දෙන්නට ගහන වෙලාවට හැම එකාම ඒකෙන් ආතල් එකක් ගන්නවා මිසක්... නෝ කතා නෝ සිනා..

      Delete
    19. අනික් කාරනේ තුන්වන පාර්ෂවයකට කිසිම මඩක් ගහන්න දීලත් නෑ දෙන්නෙත් නෑ කියන පොන්න රජාගේ එකේ අදත් මේවා තිබීමම ඌ මොන ජාතියේ එකෙක්ද කියලා ඔප්පු කරනවා නේද... ඉස්සා වගේ ඔළුවේ ගූ පුරෝගෙන, ඉයන් වගේ මහත්වරුන්ගේ පෝස්ට් වල මේ පොන්නයා මහත්තයා වෙන්න යනවා...

      මේක දාපු එක හොඳයි මූ මොන ජාතියේ පොන්නයෙක්ද කියලා හැමෝටම පෙන්වන්න...

      Delete
    20. මාත මචෝ,

      උඹේ කතාවට එකඟයි මෙතන. ඔය කියන 04 දෙනාම නැතත් එක්කෙනෙක් හරි දෙන්නෙක් නම් අනිවා ඔය මඩ ගැහිලි කරල බ්ලොග් කාරඉන්ට බ්ලොග් ලිවිල්ල එපා කරන බවක් පැහැදිලිවම පේනවා.

      Delete
    21. තව මොනවටද සාක්කි... ඔය උඩ දාපු කොමෙන්ට් එකම ඇති නේ... මූන් කතාකරන්නේ කටින්ද පුකෙන්ද කියන්න... බලලා බලලා බැරිම තැන තමයි නැති වෙන්නම ගැහුවේ...

      Delete
    22. පැරා.... මේවා මකන්න එපා... මොකෝ රසික නම් පොන්නයට එරෙහිව ලියන එවා උඹ කපනවා... මාතලන්ට හා විචාට ගහන ඒවා තියනවා...

      ඒක අසාධාරනයි...

      Delete
    23. "තමන්ගේ නමින් බ්ලොග් එකක් පටන් ගන්න."

      ඇත්තටම එහෙම අදහසක් නම් තියනව මාතලන්. ළඟදී ඔබ බ්ලොග් එකක් සාදා ගන්නා ආකාරය පිලිබඳව පලකළ ලිපි සියල්ලම කියෙව්වා. ඒ ලිපි ඉතා සරලව සියල්ල විස්තර කරනවා. ඒ ලිපි වලට ස්තුතියි.

      නමුත් දැන් දැන් බ්ලොග් ලෝකෙ වෙන දේවල් දැක්කම බ්ලොග් එකක් පටන්ගන්න කලින් දෙපාරක් හිතන්න වෙනවා.

      Delete
    24. // විචාරක සහා මාතාන් කෙටෙව්වේ.... ඉකොනොමැට්ටා කියන පොන්නයා... ඉකොනොමැට්ටා යනු කතන්දර ජාතියේම තවත් එකෙක්.. //

      ස ර ස තුමාත් බලාගෙන ඉන්නේ ආර්තික උස්තාද් ඉකොනොමැට්ටා තුමා අර්ජුන්ලා ගේ බැඳුම්කොරේ මගින් උපයාපු රුපියල් බිලියන් 10.1 ගැන විස්ලේසනාත්මක පෝස්ට් එකක් දානකම් හිටන්...

      කෝ... මිනිහා මිසින්ග් නේ...

      Delete
    25. අම්මප බොරදියේ මාළු බාන්න මේ සාරසා වගේ එකෙක් නම් තව නැතුව ඇති.

      Delete
    26. පනහ පැනලත් මූනේ රැවුල් කොටයක් නැති එකෙක් අනික් උන්ට පොන්නය කියනව.නූගත්කම ජාතකේ අකුරක් ලිව්වත් පේනව

      Delete
    27. // AnonymousOctober 27, 2016 at 2:13 PM
      අම්මප බොරදියේ මාළු බාන්න මේ සාරසා වගේ එකෙක් නම් තව නැතුව ඇති. //

      ටොකු ඇන තට්ටයට සරුලොක් ගේ යාලූ
      බාමුද බොර දියේ සින්ගල බ්ලොග් මාලූ?

      Delete
    28. මයිල් තියෙන පොන්නයෝ ඕන තරම් ඉන්නවා... ඔය මහ පොන්නයගේ මයිල් තියෙන්නේ ඕන් තරම්

      Delete
    29. කොයි හරියෙ වගේද?

      Delete
    30. මයිල් පොන්නයින්ට ඔයිල් ගොඩාක් ඕන ඇති. කොයිල් වෙනවා ඕයි මේවා කියවනකොට. මුන් කුණුහරුප හදනවානේ. මයිල් පොන්නයා හොඳ යෙදුමක්.

      Delete
    31. හැමෝම එක එක "කාරයො" ගැන කතා කරනව. ඒත් කවුරුත් "බෙරකාරය" ගැන කතා නොකරන්නෙ ඇයි?

      Delete
    32. "මයිල් පොන්නයා හොඳ යෙදුමක්." එතකොට "පොතලන් මාන්නයා" ?

      Delete
    33. ඒකේ පද පෙරලීමේ වැරැද්දක් තියෙනවා නේද....

      Delete
    34. මට නම් පෙන්නේ නෑ. "පොතලන් මාන්නයා" එකේ මොකක්ද වැරැද්ද?

      Delete
    35. මාතලන් මෙන්න මූට මේක කියලා දියන් බං..

      Delete
    36. ඇනෝ 3.58....උඹලා කවුද කින්ද මන්ද කියලා මම දන්නේ නැහැ. ඇනොලගේ පිටිපස්සෙ ඉන්න එවුන් හොයන්න ගියොත් තොපිට පිස්සු හැදිලා තමයි නවතින්නේ.

      Delete
    37. "මූව ඉතින් හොඳ නගුලෙ බඳින්න තමා"... එහෙම තමයිලු කේන්දර මාමා කිව්වෙ.... එහෙම කියලා දෝණිව ගැහුව කරේ.....

      Delete
    38. @ ARU
      ඇනෝලා හොයන්න පුළුවන් මීඩියම් ලව්වා කේ මාමා ගෙන්නලා..... නැත්නම් වෙලාවෙන් කේන්දරේ හදලා අයි.පී. එකෙන් තත්කාලය ගනන් කරලා පුළුවන්.....

      එහෙම නැත්නම් ටෙලිෆෝන් කෝල් පහකින් ඇනෝ කවුද කියලා ටක්කෙට කියන්න පුළුවන්.... ටහිකෙයි...

      Delete
    39. නෑ බන් මම අර මුලම ඉන්න උඹ අයි. පී එක දාපු එකා.....උඹ මාව ඇල්ලුවද...

      Delete
    40. “අද කාලෙ ප්‍රේමෙයි මාමයි බෑනයි”

      ප්‍රේමේ - අපෙ හොඳ මාමණ්ඩිට බුද්ධං සරණේ සරණයි
      මාමා - අපෙ හොඳ ප්‍රේමෙටත් ධම්මං සරණේ සරණයි
      ප්‍රේමේ - අපෙ හොඳ මාමණ්ඩිට සංඝං සරණේ සරණයි
      ප්‍රේමේ සහ මාමා - අනේ ඉතිං අපි දෙන්නට
      හඳහන් සරණේ සරණයි

      ප්‍රේමේ - මාමණ්ඩිට එන්න කියල යැවුවා මං පණිවුඩයක්
      මාමා - ප්‍රේමෙ මචං ඒ හින්දයි අවේ මං තකහනියක්

      ප්‍රේමේ - කලබල වෙන්න එපා හිත නරක් කර ගන්න එපා
      සිද්ද වෙච්ච දේ කියන්නත් මොකක්ද වාගේ
      මාමා - අයියෝ මොන පිස්සුද කියන්න ඕන දෙයක්
      කිසි වරදක් නැති මගෙ හිත මට විශ්වාසයි


      ප්‍රේමේ - ගෙදර උන්නු උඹේ කෙල්ලට අයියෝ වෙච්ච දෙයක්
      ඒකයි මට කණගාටූ
      මාමා - ඒකි බඳින්නට කලියෙන් හඳහන නැතිවුනා නේද
      ඒකයි මට කණගාටූ

      ප්‍රේමේ - අපෙ හොඳ මාමණ්ඩිට බුද්ධං සරණේ සරණයි
      මාමා - අපෙ හොඳ ප්‍රේමෙටත් ධම්මං සරණේ සරණයි
      ප්‍රේමේ - අපෙ හොඳ මාමණ්ඩිට සංඝං සරණේ සරණයි
      ප්‍රේමේ සහ මාමා - අනේ ඉතිං අපි දෙන්නට
      හඳහන් සරණේ සරණයි

      ප්‍රේමේ - බ්ලොග් ලෝකෙම ගඳ ගස්සන ගූතා දන්නවා නේද?
      මාමා - අපොයි මොකද මං නොදන්නෙ මගේ බෑන ගයිඩ නේද?

      ප්‍රේමේ - අපි කළ දෙයක් නොවෙයි තරහ ගන්න එපා මාමේ
      දෝනියන්ද වෙන එකෙක්ට රෙද්ද උස්සලා
      මාමා - අයියෝ සුළු දෙයක්නෙ එකිත් බල බලා උන්නෙ
      පොන්නයගෙන් ගැලවෙන්නේ කොහොමද කියලා

      ප්‍රේමේ - කුණුහරපම කියන එකා බ්ලොග් ලෝකෙට කෙලින එකා
      ඒකයි මට කණගාටූ
      මාමා - ආස්සරේ කරනු එපා කරන මිනිහ අමාරුවේ
      ඒකයි මට කණගාටූ

      ප්‍රේමේ - අපෙ හොඳ මාමණ්ඩිට බුද්ධං සරණේ සරණයි
      මාමා - අපෙ හොඳ ප්‍රේමෙටත් ධම්මං සරණේ සරණයි
      ප්‍රේමේ - අපෙ හොඳ මාමණ්ඩිට සංඝං සරණේ සරණයි
      ප්‍රේමේ සහ මාමා - අනේ ඉතිං බ්ලොග් ලෝකෙට
      ගූත නිසා අබ සරණයි

      Delete
    41. උඹ රාජ්ගෙන් කෑව හරිය මදිද බං...... සැරට වැදුන නේද....

      Delete
    42. අම්මට හුඩු... පැරාගේ බ්ලොග් එක ඉස්සර තුන්මුල්ල හන්දිය වගේ. සිප් එක පාත්කරන්න ඉස්සෙල්ලා කස්ටිය වටවෙනවා.

      Delete
    43. තව ටිකකින් ගූතා පැරා ගාවට ගිහින් අඬනවා කොමෙන්ට් මකන්න කියලා..... මොනවද ඔට්ටු......

      Delete
    44. අරුත් කැමතිද ඇනෝලා අල්ලන සෙල්ලම කරන්න.....

      Delete
    45. රාජ් නම් ඉතින් හොඳ එකා කෑවේ බීවේ නැති උනාට... ඌටත් ඇරපු දවසට අපි මතක් වෙයි...

      Delete
    46. කොච්චර කරත් රාජ් හරි ක්‍රියේටිව්... නිම සින්දුව මචන්...

      Delete
    47. ඇයි උඹට කියලා කේන්දරේ බලාගන්නද.... ඇනෝලා අල්ලගන්නද..... නැත්නම් හකුරු ගෙන්නගන්නද.......

      Delete
    48. /////අරුත් කැමතිද ඇනෝලා අල්ලන සෙල්ලම කරන්න.....///////

      ඇනෝලා අල්ලන සෙල්ලම මම දන්නෑ. ඒ වුනාට "අල්ලන සෙල්ලමට" නම් ඒ කාලේ ඉඳන්ම ආසයි. මරු ඕයි.

      Delete
    49. උඹ රාජ්ගෙනුයි සිරාගෙනුයි කාපු කෑම රසිකයගෙනුත් කෑවනම් උඹට අද රෙන්න පුකේ ගූත් නෑ බන්.....

      Delete
    50. අරූ... ඒ සෙල්ලම දන්නෙ නෙළුම් බිජ්ජයි.... ගූතයි.... විතරයි.....

      මුලින්ම ඇනෝ දාපු වෙලාව සහ අයි. පී එක ගන්නවා... ඊටපස්සෙ කෝල් 5ක් ගන්නවා.... මීඩියම් ලව්වා මාමා ගෙන්නනවා... තව පස්දෙනෙකුට කෝල් කරනවා..... වැඩිම මනාපෙන් ඇනෝ තෝරනවා.....

      ටක්කෙට හරි..... ටහිකෙයි.....

      Delete
    51. පොන්නයන්ට වැඩිය ආතල් දෙන්න හොඳ නෑ බඩු ජොකාගෙම යනවා... අනික මුන් එක්ක ඉඳලා අපිත් පොන්නයෝ වෙනවා.. එහෙනම් පොන්න ගැන්සියට ගුඩ් නයිට් කිව්වා...

      අරූ... උඹත් මාරු වෙයන්... නැත්නම් අරක බේර ගන්න බෑ මුන්ගෙන්...

      Delete
    52. මටනම් ඔය එකෙක් වත් සෙට් වෙලා නෑ.... හැබැයි ඕකුන් දෙන්නගෙන් එකෙක්වත් ගේම ඉල්ලලා පස්සෙ ඇනෝ ගහනෝ... ඔට්ටු නැතෝ කියලා අඬන්නෙ නෑ......

      උඹ නිකන් කෝල් දීලා අඬන්නෙ පෙට්ටිය කඩාගත්ත වගේනෙ බන්......

      Delete
    53. ඇනෝ 5.20 ඔය අල්ලන සෙල්ලම ඉවරවුනාම අර අල්ලන සෙල්ලම ඉවරවුනාම වගේම පිහිදගන්නත් ඕනද....

      Delete
    54. Anonymous October 27, 2016 at 4:34 PM
      අඩෝ උඹ අයි.පී ඇල්ලුවට කොරපු ලබ්බක් නෑනෙ බං.... උඹ හොඳයි ඉතින් හකුරු මුල් ගැටගහන්න....

      Anonymous October 27, 2016 at 4:41 PM
      හොඳයි ඉතින් හකුරු මුල් ගැටගහන්න....? මං හිතුවෙ බෙර ගහන්න හොඳයි කියල. සමහරවිට දෙකටම හොඳ ඇති.

      මොකක්ද මාතලන් ඔය හකුරු - බෙර කතාව ? මම රාජ්ගේ බ්ලොග් එකෙත් කීප තැනකම දැක්ක. මං දන්න තරමින් හේවගේල වලව්කාරයොනෙ.

      Delete
    55. යන්න එපා සුදු ඉන්න.... මොකද බයේද මාරු වෙන්නෙ...... අරූ මෙතන උඹට තනි රැක්කද උඹ ඌට යන්න කියන්නෙ.....

      නැත්නම් උඹ උගේ දතක් ගලවන්නද සෙට් වෙන්නෙ......

      Delete
    56. ඇයි යන්නෙ කියලා අහන්නේ... රජ්ටයි සිරාටයි රෑට වැඩ තියෙනවනේ... එහෙනම් ගුඩ් නයිට්.. වටේට අල්ලලා මහ පොන්නයටත් අල්ලල හෙටත් එන්නකෝ... පොන්න ආතල් දෙන්න

      Delete
    57. උඹට ඉතින් හරි හමන් රස්සාවක් නැතයි කියල මක්ක කොරන්නද බං...... අම්මල තාත්තලගෙ සල්ලිත් කාලා.... ගෑනිගෙන් හම්බවෙච්චත් විනාස කරලා.... ජීවත් වෙන්න බැරුව සුද්දො පස්සෙ ගිහින්.... රටේම තියෙන වරෙත්තු වැඩ කරන උඹ රාජ් ටයි සිරාටයි රසිකටයි ඉකොනොටයි බනිනකොට පුකෙන් හිනාබං........

      Delete
  3. ලෙනින් රත්නායක බදු කාරයෙක් නම් මහත්තයා වෙන්නේ කොහොමද?

    ReplyDelete
    Replies
    1. බදු ගෙවන මිනිහා බදු අයකරන මිනිහා බදුකාරයා ඒකවත් තොට තේරෙන්නේ නැද්ද

      Delete
    2. බයිබලේ ඉන්න "සකේයුස්" වගේ.... බදු අයකොරන්නා....

      Delete
    3. සමාවෙන්න, අකුරක් වැරදිලා... බදු නෙමේ බඩු.....

      Delete
    4. බදු කාරයෝයි, බඩු කාරයෝයි අතර මහලොකු වෙනසක් නැහැ. දෙගොල්ලම අරින්න බලන් ඉන්නේ.

      Delete
  4. // බුචර්ට සිංහලෙන් කියන්නට සිදු වන්නේ මස්කඩකාරයා කියා ය. එහෙත් බුචර්ලා ඉන්නේ කඩවල විතරක් නොවේ. ඒ නිසා වඩා එම තනතුර සඳහා වඩා සුදුසු වදන බුචර්කාරයා ද? බුචර්වරයා ද? //

    හරි වචනේ බුචර් තුමා ය!

    බුචර් තුමා සතුන් මරා සනීපාරක්ශක ලෙස විවිද කැපුම් කපා ( cuts : http://www.hirschsmeats.com/cuts-of-meat.htm ) එක සතාගෙන් විවිද වර්ගයේ මාන්ස වර්ග නිශ්පාදනය කොරනා හාදයා ය!

    ReplyDelete
    Replies
    1. බුචරයා මස් විකුනන්නේ නැත. එහෙම නම් ෆිලික්ස් පෙරේරාත් බුචරයෙක්ය. මාලු අල්ලන බුවා සහ මාලු විකුනන බුවාගේ ටයිටල් එකත් පොඩ්ඩක් අවුල් නේද..

      Delete
  5. මම ග්‍රාම නිලධාරී හම්බවෙන්න ගිය වෙලාවක මිනිහා වයසක ගෑණු කෙනෙක්ට බනිනවා මහ හයියෙන්. බලද්දි මිනිහට ග්‍රාම සේවක මහත්තයෝ කිව්වා කියලා මල පැනලා. "මට ග්‍රාම නිලධාරි මහත්තයා කියනවා. මම තමුන්ගෙ සේවකයෙක් නෙමෙනෙ." ඔන්න ඔහොමයි කිව්වෙ.

    ReplyDelete
    Replies
    1. මටත් දවසක් ඔහොම කියවුනානේ, ඒ කාලෙ ඩ්‍රයිවින් ලයිසන් අළුත් කරන්න ග්‍රාමය පදිංචිය සහතික කරන්නෝන, අන්තිමේද අල්ලපු ගමේ ග්‍රාමයට අප්ප අරන්දීලයි පදිංචිය සහතික කරගන්න වුනේ.

      Delete
  6. /* බුචර්ට සිංහලෙන් කියන්නට සිදු වන්නේ මස්කඩකාරයා කියා ය. */

    පැරා බුචර් කියන්නේ මස් කඩකාරයාටම නොවේ නේද? මස් කපන / සතුන් මරණ යන අරුත (ස්ලෝටරින්) එහි තියෙනවා. ඒ නිසයි බාබර් කොණ්ඩේ කපා ගන්නා මනුස්සයාට තමන් කලින් බුචර් කීවාම තරු පේන්න ඇත්තේ.

    ඔය බුචර් රැකියාව ගැන මං මුලින් දැන ගත්තේ දහයේ පන්තියේදී යි. පන්තියේ මිතුරෙකු තාත්තා අහවල් හෝටලේ වැඩ කීවාම, මං ඇහැව්වා මොනවාද කරන්නේ කියලා, මිතුරා කීවා බුචර් කියා. මං ඒ මොකක්ද කියා ඇහැව්වාට පොර කීවෙම නෑ. ඉතිංහ මට ඩික්ෂනරියක් බලන්න වුනා!

    ReplyDelete
    Replies
    1. රසික ගිහින් විචාරකගේ බ්ලොග් එකේ මෝඩ චුන් කොමෙන්ට් එකක් දාලා නොන්ඩි උනා නේද.

      Delete
    2. රසික,

      මේ කමෙන්ට් එක කියවපු ගමන් මම සෑහෙන වෙලාවක් හිනාවුනා. ඇත්තටම ඔබෙන් අහන්න ඕනේ, ඔබට පිස්සුද නැත්නම් මේ ඔබේ හැටිද කියලා. අපහාසය මිශ්‍ර උපහාසයට යන්න ගිහින්, මේ විදිහට නා ගැනීම ගැන, සභාවේ තදින් සිනා කියලයි මට කියන්න තිබෙන්නේ.

      ඔය බුචර් රැකියාව ගැන අන්දෝ සංසාරයක දැනුමක් ඔබට නැති බවත්, එවැනි නොදැනුවත්කමක් තිබියදීත්, ප්‍රාඥයකු මෙන් මෙවැනි ප්‍රකාශ කොට, නිකම් සවුත්තු වන බවත් මතක තියාගන්න.

      Delete
    3. බ්ලොග් ලියන සම හරක්ට පහුගිය දවස්වල වැදිච්චි පාරවල් වල වේදනාව තවම තියනවා. උන් තැන් තැන් වල, රෙද්දේ කක්කා ගිහින් කෙඳිරිගාන කමෙන්ට් දානවා දැකලා, විචාරක උඩ පැන පැන හිනාවෙනවා, විචාගේ ප්‍රහාරය හරියටම ඉලක්කයට වැදීම ගැන.

      Delete
    4. විනෝද සමයට ස්තුතියි ඇනෝවරුණි!
      එකාම ද මන්දා?

      Delete
    5. රසිකයියේ,

      //එකාම ද මන්දා?//

      මේව රස ඒව නැන්දා !

      හික්ස් (රසික මේක ලංකාවේ ඇඩ් එකක්)

      Delete
    6. මරු ඇඩ් ටික බුවා. තෑන්ක්ස්!!

      Delete
  7. මස් කඩ කාරයෝ මන් නම් වැඩි පුරම දැකල තියෙන්නෙ නරක ඇමරිකාවේ ෆිල්ම් වල

    ReplyDelete
  8. "මේ අතර එයා මිසී කෙනෙකු ය කීවොත් එයින් අදහස් වන්නේ ඇය හෙදියක බවයි. පිරිමි හෙද නිලධාරීන්ට පිරිමි මිසී කියන යෙදුම භාවිතා කරන්නේ අපහාසයටය."

    අපහාසයක් වෙන්නෙ කොහොමද පැරා? අර සමන් රත්නප්‍රිය සිවි(ව)ල් සමාජ ක්‍රියාකාරියත් පිරිමි මිසී කෙනෙක්නෙ.

    ReplyDelete
  9. ඇත්තටම මාධ්‍යකරුවා තමයි හරි වචනය . "මාධ්‍යවේදී " කියනකොට හරියට මාධ්‍ය සම්භන්ද උපාදිධාරියෙක් ද කියන සැකය එනවා . විද්‍යාවේදී, ශාස්ත්‍රවේදී වගේ.

    ReplyDelete
    Replies
    1. Bachelor of Journalism = ජනමාධ්‍යවේදී

      Delete
    2. journalism කියන්නේ ආගමක් ද?

      Delete
    3. ////journalism කියන්නේ ආගමක් ද?/////
      ආගමක් කෙසේ වෙතත්, සමහරුන්ට නම් චීවරයක් වගේ.

      Delete
  10. පැරා සර් කියනවට වඩා පැරා කාරයා කියුවම පොඩි ගතියක් තියෙනවා :)))

    ReplyDelete
    Replies
    1. ඔය අපේ ගුරුවරු ඉන්නවා නේ ද? ඌ මට සර්. මං ඌට සර්.

      ගුරු ජෝඩු කතා කර ගන්නෙත් සර්, මිස් කියලා.

      අර වෙලාවට ඩයලොග් මරු ඇති, නේ ද?

      Delete
    2. හහ් හා. නියමයි පැරෝ. ගුරු හොරු හැම තින්ම චා නේද?
      දැන් එතකොට කෙබර ලියන හිටපු නේවි කාරයින්ට කියන්න නමකුත් යෝජනා කරන්න බැරිදෝ?

      Delete
    3. පැරාට තියෙන්නෙත් උපහාර පැකේජ් එකක්ද...?

      නෑ කියන්න එපා... හොර ගෙඩියා...

      Delete
    4. පිස්සුද මචං?

      Delete
    5. ගුරුහොරු කියන එකට මම නම් එච්චර කැමති නැහැ. සරළව කිව්වොත් රජයේ සේවයේ අඩුගානේ ක්ලේම් එකක්වත් හොරට ගහගන්න චාන්ස් එකක් නැත්තෙ ම ගුරුවරුන්ටයි. අනෙක ගුරුවරු ගනුදෙනු කරන්නේ ළමයින් එක්ක නේ. දැන් හැදෙන ළමයි ගැන කියන්න ඕනැ නැහැ නේ ද?

      ඉස්සර මං ඕකුන්ව වාහන හයර් කරගෙන මැච්වලට එක්කගෙන යනවා. මුලින් සල්ලි ටික එකතු කර ගත්තෙ නැතිනම් උන් කඩචෝරු කාාලා හවසට අපේ කොණ්ඩෙ කපනවා. මං සෑහෙන්න අතින් කාලා හරක් බලලා තියෙනවා. උන් නම් සෙල්ලම් කරනවා. තල නම් තෙලට වේලේ - මීබෙටි කුමට වේලේ කියලා මං වැඩේ අතෑර දැම්මා.

      ගුරුවරුන්ට හොරකම් කරන්න චාන්ස් නැහැ. ඕනැ නම් ඔය පීරියඩ් එකක් කට් කරලා හොර කොටන්න පුළුවන්. එච්චරයි.

      උන් අහිංසකයි. කාටවත් කරදරයක් නැහැ. කන්නෙ අනාගත පරම්පරාවල ඔලු විතරමයි.

      Delete
    6. //කන්නෙ අනාගත පරම්පරාවල ඔලු විතරමයි//

      &

      //උන් අහිංසකයි. කාටවත් කරදරයක් නැහැ//

      Are u serious???

      Delete
    7. අන්න පල්ලෙහා අර ගුරු වෘත්තියේ ඉඳලා රට ගිය නෝනා ඇවිත් අරුත් පැහැදිලි කරලා දීලා තියෙනවා.

      එයා හිතන් ඉන්නවා එයාගෙ මහත්තයා කවි ලියන්නෙ එයාට ය කියලා.

      මං ළඟදිම හෙළිදරව් කරනවා අපි ඇසුරු කරපු කාලෙ අර ලස්සන කවි ලිව්වෙ කාට ද කියලා. එදාට ඔය කුණුහරුප ටික දිදුලන තාරකාවට තමයි.

      Delete
    8. ඇසුරු කරපු අන්තිම කාලෙ කියලා කිව්වම පැහැදිලියි.

      Delete
    9. මොනාද පැරා තුමෝ මේ වට තේරවිලි?

      අපට පැහැදිලි නෑ!


      වෙලාවකට හිතෙනව ඔහෙම ඇනෝ ඇවිත් ඔහෙටම අපාහස කොරලා කොමෙන්ට් දාගෙන ඔහේම ඒවට උත්තරත් බඳිනවා කියලා හිටන්!

      Delete
    10. මොනවද හිතන්න බැරි? ඒ වගේ ම තමයි සමහර දේවල් හිතාගන්නට පරණ අද්දැකීම් ගොඩක් ඉවහල් වෙනවා.

      Delete
  11. අ.පැ.ජ. කැරි වෙසිගේ පුතෝ, තෙගේ අම්මට හුකවාගන්නේ නැතුව කට වහගනින් කැරියා ගුරුවරුන්ට අපහාස නොකර. උතුම් ගුරුවරු ගැන තොට ඔය වගේ අසහන දේවල් ඇ‍රෙන්න වෙන දේවල් නැද්ද කතා කරන්න. තොගේ ගෑනි දොස්තරලත් එක්ක නයිට්දවස්වල කරන වෙලාවට කියන ඩයලොග් ගැන හිතාගනින් පකයා. සදාචාරයක් තියාගනින් අවලමා. අචාරියා දක්ඛිණ දිසා. ගුරුවරුන්ට අවමන් කරන තෝ වගේ වේස බල්ලෙක්ට ශිල්ප සැදෙයිද? හෙණ ගහපිය තොට.

    ReplyDelete
    Replies
    1. මේ කමෙන්ට් එක දාල තියෙන්නෙ සරත් ෆොන්සේකවත්ද ? පැරා හැබැයි මේ වගේ කමෙන්ට් නම් තියෙන්න ඉඩ අරින්න එපා. අපිත් පැරාට ගහනව තමයි. හැබැයි මේ විදියට නම් නෙමෙයි.

      Delete
    2. // අපිත් පැරාට ගහනව තමයි. හැබැයි මේ විදියට නම් නෙමෙයි. //

      සාදරාණ ඇනෝ තුමා ගේ කතාවට ස ර ස තුමා ද එකඟ වෙමි!

      Delete
  12. පැරා උසාවිය ගැන ලියන්න.

    ReplyDelete
  13. මගේ යාලුවෙක් බඩුවක් ගහල මළා.

    ReplyDelete
  14. 1/2

    ආතභූත අතහැර දමා ඔයාගේ මහා සිනමා විචාරය දාන්නකෝ පැරා මහත්තයෝ …
    ========================================================================

    පැරා, ගොන් කතා කිය කියා කාලය නාස්ති නො කර වැදගත් සිනමා විචාරයක් තියෙනවා කියවපං චින්තාගේ C-U-L-T එකේ. සිනමාව කියවීම යනු කුමක් ද යන්න අධ්‍යයනය කරන ඕනෑ ම මට්ටමක කෙනෙකුට චින්තාගේ සිනමා විචාර යනු අමිල සම්පතක්. මා ලංකාවේ මෑත කා‍ලයේ දුටු තීක්ෂණ ම සිනමා විචාරකයෙකු වන්නේ චින්තා බව නිසැක ව ම පවසන්නට හැකි යි. සිනමාව කර්මාන්තයක් ලෙස ගොඩ ගන්න චින්තා සිනමාව, සිනමාව ලෙස ම කියවනවා. විශිෂ්ට වින්තනයක් තිබූ වාමාංශිකයෙකු වුණු රෝහිත භාෂණ සහෝදරයා වියත් සහාවක් අමතා මහවැලි කෙන්දුයේ නූස් වේදිකාව අරා සිට ප්‍රසන්නගේ ඉර මැදියම ගැන කළ සාරගර්භ දේශනයට පසු මා දකින හොඳ ම සිනමා විචාර චින්තාගේ.

    පැරා ප්‍රසන්නගේ නව සිනමාව ඔස්සේ ප්‍රසන්නගේ සිනමා භාවිතය ඥානනය කරන විධිය කියවන්න මා බලා සිටිනවා. ප්‍රසන්නගේ සිනමා භාවිතාව තුළ පවතින දේශපාලනිකයේ සීමා ගැන හොඳ ම නිරීක්ෂණය කළේ භාෂණ සහෝදරයා. ප්‍රසන්න ඉර මැදියම තුළ දකුණ ප්‍රතිනිර්මාණය කරනවා සූර ලෙස සමීප රූපවලින්. ප්‍රසන්න චමරි තුළ ප්‍රතිනිර්මාණය කරන උතුර පිළිබඳ දකුණේ මතයට යම් ගැඹුරක් තිබෙනවා. ගැඹුරක් කියනවාට වඩා පවතින තත්ත්වයට, එනම් පවතින යථාර්ථයට සමීප වෙනවා කියන්න පුළුවන්. චමරි වරක් පවසනවා ඇයගේ ගුවන්හමුදා සැමියා උතුරේ බෝම්බ දැමුවේ දෙමළ මිනිසුන් බේරා කොටින්ට විතරක් හානි වෙන විධියට බව. දකුණේ බහුතරය අදටත් කියන්නේ ඒ කතාව ම නේ ද? ප්‍රසන්න මන්නාරමේ මුස්ලිම් සහෝදරත්වය ගැනත් යම් සමීප කියවීමක් කරනවා.

    ඒත් උතුරට පැමිණිය විට ප්‍රසන්නගේ කැමරාව නාභිගත වෙන්නේ නැහැ. දකුණට හැර වූ විට සුපැහැදිලි සමීප රූප දෙන ප්‍රසන්නගේ සිනමා කැමරාව උතුරට හැර වූ විට දෙන්නේ අපැහැදිලි දුරස්ථ රෑප පමණ යි. පැරා, ඇත්තට ම ලංකාවේ ගැටලුව ඒක නේද? උතුර සමීප රෑපයකට ගෙන විමසිලිමත් ව නිරීක්ෂණය කරන්න, කියවන්න හැකි වුණා නම් අද ලංකාව කොතරම් ලස්සන තැනක් ද? ලංකාවේ නපුරු කාලය යනු භූමි දෝෂයක් නො වෙ යි. රොබර්ට් බ්‍රවුන්රිග් 19 වැනි සිවසේ මුල වෙල්ලස්සට ගිය විට කියනවා මේක ඊඩන් උයනක් කියලා. පැය දෙක තුනක ගමනක් එක පැක්තකට ගිය විට මහ මුහුදේ රැල්ල පා ගන්නත් පුළුවන්, අනෙක් පැත්තට ගියොත් එංගලන්තයේ සීතල අත්විඳින්නත් පුළුවන්. ඒත් හැම තැන ම අවුල් වියවුල් විතර යි. මිනිසුන්ගේ ආකල්ප ලංකාව තරම් ම ලස්සන කරන්න පුළුවන් නම් කවුරුවත් මේ රට දාලා යන්නෙ නැහැ.

    මිනිසුන්ගේ ආකල්ප හදන්න සිනමාවට විශාල වැඩක් කළ හැකි යි. අපැහැදිලි දුරස්ථ රෑපවලින් උතුර ප්‍රතිනිර්මාණය කිරීමෙන් උතුර පිළිබඳ දකුණේ ජන විඥානය පිරිපහදු කළ නො හැකි යි. ඒවැනි වැඩවලින් සිසු වන්නේ උතුර ගැන දකුණේ ජන විඥානයේ පවතින ෆැන්ටසිය තවත් වර්ධනය වීම පමණ යි. සිනමාකරුවාට හැකි විය යුතු යි යථාර්ථය ලෙස අරුත් ගන්වා ඇති ෆැන්ටසි තිරය බිඳ දමා රසිකයා හා යථ එකිනෙකා අභිමුඛ කරන්න. පතී ඒක කළා හැට හැක්තෑව දශකවල. හඳගම ඒක කළා මෑත කාලයේ දී. විමුක්තිට ඒ හැකියාව තිබුණා. (ඒත් කෝ දැන්? ලස්සන ඇඩ් එකක් නම් කරලා තිබුණා. ළඟ දී කළ සිනමා නිර්මාණය බලමු ඉසිරියේ දී). රසිකයාගේ ෆැන්ටසිය බිඳ දැමීම යනු රසිකයාට ක්ෂිතිමය අත්දැකීමක්. එවැනි ක්ෂිකිමය අත්දෑකීමකට මුහුණ දෙන රසිකයාගේ තෝන්තුවා වීම ෆැන්ටසිය සමඟ අනුලෝම සමානුපාතික සම්බන්ධයක පවතින ශ්‍රිතයක්. ෆැන්ටසිය වැඩි වන තරමට එය බිඳ වැටීමෙන් ඇති වන ක්ෂිතියත් වැඩි යි. “මේ මගේ සඳ යි” බැලූ ඇතමුන් සිනමාකරුට අම්මා මුත්තා නැති ව බැණ වදින්නෙත්, හමුදාවේ නිලධාරීන් සත්ගුණවතුන් කලා විචාරකයන් බවට පත් වන්නෙත් එකී ක්ෂිතිය නිසා.

    Cont...

    ReplyDelete
  15. 2/2

    දැන් යළිත් ප්‍රසන්නට එනවා නම්: ප්‍රසන්න රසිකයාගේ ෆැන්ටසිය බිඳ දමන සිනමා භාවිතාවක් තිබූ කෙනෙක්. සිංහ කොඩියෙන් වසා මුද්‍රා තැබූ මිනී පෙට්ටිය ප්‍රසිද්ධියේ විවෘත කරීම මඟින්, කෙහෙල් කොට රණවිරුකරණය කළ දකුණේ ෆැන්ටසිය ඉතා දරුණු ලෙස බිඳ දැමු සිනමාකරුවෙක් ප්‍රසන්න (පුරහඳ කළුවර පිළිබඳ භාෂණ සහෝදරයා කළ විචාරය පැරාට මතක ඇති මගෙ හිතේ). එහෙත් කනගාටුදායක ලෙස ප්‍රසන්නට උතුර නාභාගත කර ගන්න බැරි වෙනවා ඉර මැදියම තුළ. මා එදා සිතුවා ප්‍රසන්නගේ කැමරාව ඉර මැදිය කරන විට ක්‍රියා විහිත වුණ බවක්. එහෙත් ඊට පසු ප්‍රසන්න මචං නිර්මාණය කරන විට එදා උතුර සමීප රූපයකට ගත්නට නො හැකි වූ කැමරාවට ලංකාවේ දකුණ පමණක් නො වෙ යි ජර්මනිය පවා සුපැහැදිලි සමීප රූපයකට ගත හැකි යි. එපමණක් නො වෙ යි; දකුණේ ඊනියා සම්ප්‍රදායන් තුට්ටුවකට මායිම් නො කළ සිංහල සිනමාවේ එදා මෙදා තුර සුරූපී ම නිළිය වූ සන්ධ්‍යා කුමාරි පිළිබඳ සංවේදී සමීප රෑපයක් ගන්නට ප්‍රසන්නගේ කැමරාවට හැකි යි. එහෙම නම් දකුණේ දී පමණක් නො ව ජර්මනියේ දීත් අපූරුවට වැඩ කරන ප්‍රසන්නගේ සිනමා කැමරාව උතුරේ දී අවුල් ඇයි. අවුල ඇත්තේ සිනමා කැමරාවේ ද? නැත හොත් එය මෙහෙයවන්නාගේ ද? මේ ප්‍රශ්නයට හරි ම ලස්සනට කාව්‍යාත්මක ව පිළිතුරක් දෙන්නේ රෝහිත භාෂණ සහෝදරයා. එදා සුචරිත ගම්ලත් නම් ලාංකීය ප්ලෙකානව් විසින් මුලසුන හොබවන ලද පෙර කී සභාවේ දී භාෂණ සහෝදරයා ඉතා කාව්‍යමය ලෙස පවසනවා කතා පුවත් තුනකට කිසිදු ආයාසයකින් තොරව සමීපරූප කැඳවන ප්‍රසන්න උතුර එම සිනමාපටය පුරාවට ම දුරස්ථ රූපයක් බවට පත්කර තිබෙන බවත්, දකුණේ චමරිට තමන්ගේ ස්වාමිපුරුෂයා මුණ ගැසෙන්නේ නැති සේ ම, මන්නාරමේ අරෆත්ට තමන්ගේ සුරතල් බල්ලා මුණ ගැසෙන්නේ නැති සේ ම, ප්‍රසන්නටත් උතුර මුණ ගැසෙන්නේ නැති බව. භාෂණ සහෝදරයාගේ එම අදහස ගම්ලත් සහෝදරයා විසින් ද “කාව්‍යමය” එකක් බව පැවසෙනවා.

    උතුර යනු සිනමාකරුවෙකු තමන්ගේ සූරකම් උරගා බලන අවස්ථාවක්. උතුර සිනමාවට නැඟීමේ දී සිනමාකරුගේ අවධානය ඉතා තීව්‍ර ලෙස සමාධිගත වී තිබිය යුතු යි. නිමේෂයක මඟ හැරීමක් හෝ සිනමාපටය තුළ ඉස්මතු වෙනවා. හඳගම වැනි විශිෂ්ටයෙකුට වුණත් සුළු මඟ හැරීමක් වුණත් සඟවන්න බැහැ. ඉනි අවන් ඒකට උදාහරණයක්. ඉනි අවන් විචාරය කරන්න ගිය මා දන්න මහා විචාරකයෙකුට ඉනි අවන් සිනමාව තුළ ඇති මඟ හැරීම මුණ ගැසුණේ නැති කල ඔහු ලියුවා ඉනි අවන් අශෝක හඳගමගේ අවගමනයක් ද අපගමනයක් ද කියා!

    ප්‍රසන්න නැවතත් තමන්ට මනා ව කළ හැකි දකුණේ ගැටලුවක් සිනමාත්මක ව ස්පර්ශකර තිබෙනවා. උතුරෙන් ස්වායත්ත ව දකුණේ ප්‍රජාතන්ත්‍රවාදය ගොඩ නැඟීම හා රාජ්‍ය ප්‍රතිසජස්කරණය කළ හැකි බව විශ්වාස කරන පැරා, ප්‍රසන්න දකුණේ ප්‍රශ්නය කියවා ඇකි ආකාරය ගැන තමන්ගේ කියවීම පළ කරන තෙක් මා බලා සිටිනවා. මේ සටහන තැබුවේ පැරාගේ මහා විචාරයට, සමාවෙන්න රස වින්දනයට ප්‍රවේශයක් ලෙස යි. එක එක පුද්ගලයන්ගේ කවි ගැන යි, පවුල් ජීවිත ගැන යි අනවශ්‍ය දේ කටමැත දොඩවන්නේ නැති ව හරවත් යමක් ලියන්නකෝ පැරා. විභූති මල්ලියත් එක්ක පත්තර ‍රස්සාවේ හිටි එක්කෙනෙකුගේ වචනයෙන් කායනවා නම්: පැරා, මඩින් නො ව ගොඩින් එන්න!

    (පැරා, ඔයා ඔයාගේ විචාර රාවයේ පළ කරනවා කියුවත් අපට ඒවා සොයා ගන්න බැහැ. එනිසා සංස්කරණය නො කර රාවයේ පළ කළ ලෙස ම මෙහිත් පළ කරන්න අපටත් කියවන්න!

    End.

    ReplyDelete
    Replies
    1. LTTE කාඩර් වරියන් උන්ගේ එවුන් විසින්ම සමූහ දූෂණයට ලක්කිරීම අපේ එක සිනමා උත්තමයකුටවත් පෙනුනේ නැහැ. මිනිස් පලිහවල් තියාගත්තා හැටි පෙනුනේ නැහැ. මේ උත්තම පිත්තමයෝ උන්ගේ අම්මලාට තමයි හොඳ

      Delete
    2. මචං දිදුලන තාරකාව, මින් පස්සෙ මං උඹට ආදරේට දිදූ කියන්නම්.

      දිදූ, මචං උඹේ පරණ කෙරුවාවල් මතක උඹට විතරයි බං. මොකද, ඕවා ලිඛිතව හෝ නැහැ නේ. අර ප්ලෙහානොව් නැගිටලා ආවා නම් අහයි බොට පිස්සුද කියලා.

      අපට නම් මතක උඹ ඉර මැදියම නො බලා, ඔය වගේ රැස්වීමකට ගිහින් කතා කරන්න ගිහිල්ලා තව නූලෙන් කෙළ වෙන හැටි ගැන උඹ ම රස කර, කර කියපු කතා තමයි.

      උඹට මතක ද නෙවිලා, හඳගමගේ තනි තටුවෙන් පියාඹන්න ගැන සංවිධානය කරපු සම්මන්ත්‍රණය කඩාකප්පල් කරන්න උඹ ට්‍රයි කරපු තරම. මචං නියම චිත්‍රපටි ඒවා. උඹයි, පූජකයයි දෙන්න ඒ වගේ කැත වැඩක් කළේ නෙවිලා තනියම නැගිටින එක නවත්තන්න නේ.

      තමන් ම තමන් විසින් ම වර්ණනා කරන එක නවත්තපං. නැතිනම් උඹට පිස්සු හැදෙයි.

      Delete
    3. මමනම් හිතන්නෙ දැන් නම් මේ වගේ පුෂ් තර්ජන වලින් පැරාව වැට්ටන්න බෑ කාටවත්ම. වැටෙනවනම් වැටෙන්න තිබුනෙ මුල් කාලෙදි.
      මේවලින් වෙන්නෙ පැරා තව තවත් දැනුමෙන් සන්නද්ධ වී තව තවත් දවසට 3 ගානේ විතර ලියන එක විතරයි.
      ඇර පැරා ඇර!!

      Delete
    4. පැරා මෙහෙම යි උඹේ අලුත්ම ක්‍රමෝපාය වෙලා තියෙන්නේ හතර වටේ ඉන්න සහෝදරවරුන් එක්ක අප කොටවන එක යි. උඹට බැහැ ඒක කරලා ගොඩ එන්න. මොකද උඹේ කැරැට්ටුව ෆීල්ඩ් එකේ හැමෝ ම දන්නවා. උඹට කරන උදව්වක් හැටියට නො දන්න අය දැනුවත් කරන්න අප ඉන්නවා. ඒක නිසා ඔය කැත වැඩේ නවත්තපං.

      උඹට ජුඩ් ලාල් ෆර්නැන්ඩෝ එක්ක තියෙන ඇරියස් එක රහසක් නො වේ. ඒක හැමෝ දන්නවා. ඒත් අප ගූගල් සෙවුම පෝෂණය වෙන්නත් එක්ක යළි මෙතන ලියනවා. එතකොට උඹේ කැරැට්ටුව ලස්සනට එනවනේ උඹේ කීර්තිමත් නම යෙදූ සැණ. ජූඩ් ලාල් ෆර්නැන්ඩෝ එක්ක පැරාට තියෙන මූලික කන්ෆ්ලික්ට් එක වන්නේ ජූඩ් ලාල් ෆර්නැන්ඩෝගේ ඇක්සන්ට් එක පික් කරන්න පැරාට බැරි වීම. ජූඩ් ලාල් ෆර්නැන්ඩෝ කියන දේවලි පැරාට එදත් අදත් තේරෙන්නේ නැහැ. ලක්ෂ්මන් ගුණසේකර සහෝදරයාගේ ඇක්සන්ට් එක යි, වොකැබ්‍යුලරි එක යි යන දෙකම පික් කර ගන්න බැරි පැරා, ලක්ෂ්මන් ගුණසේකර සහෝදරයාට වෛර කරනවා. ඒ වගේ ම ජූඩ් ලාල් ෆර්නැන්ඩෝගේ ඇක්සන්ට් එක පික් කරන්න බැරි පැරා, ජූඩ් ලාල් ෆර්නැන්ඩෝට ඉරිසියා කරනවා.

      ජූඩ් ලාල් ෆර්නැන්ඩෝගේ යනු නැණවත් උගතෙක්. ඒ බවට ලැබී ඇති ටෙස්ටිමොනි එසේ මෙසේ ඒවා නො වේ. අයර්ලන්තයේ සරසවියක මහාචාර්ය ධුරයක් ජූඩ් ලාල් ෆර්නැන්ඩෝට ගෞරව පූර්වක ව පුදනු ලැබීම ම ජූඩ් ලාල් ෆර්නැන්ඩෝගේ විශිෂිටත්වයට කදිම සාක්ෂ්‍යයක්. “පහළ මධ්‍යම පන්තියෙන් පැවත එන විධිමත් අධ්‍යාපනයක් නො ලැබූ” යන වෛරී හා අසත්‍ය ප්‍රකාශයෙන් පැරා විසින් ජූඩ් ලාල් ෆර්නැන්ඩෝ හඳුන්වා දෙනු ලැබු ව ද ඔහු අන්තර්ජාතික මට්ටමේ උගතෙක්; ආචාර්ය උපාධිධාරියෙක්. ආචාර්ය ජූඩ් ලාල් ෆර්නැන්ඩෝට අපහාස කරන මතුගම ප්‍රාඥ පැරා නම් අන්තර්ජාතික මට්ටමේ විධිමත් අධ්‍යොපනයක් මහ ම‍ඟෙන් හා කුණු කානුවෙන් ලැබුවෙක් බව පවසන්නේ අප නම් නො වේ; පැරා ම ය. ජූඩ් ලාල් ෆර්නැන්ඩෝ, ඔබ අපට අභිමානයකි. .

      පැරා, ජූඩ් ලාල් නිසා මතක් වුණ වෙන දෙයක් මේක. නොවැම්බර් 10 ෆාදර් මයිකල් රොඩ්රීගෝගේ අනුස්මරණය යෙදෙනවා. පැරා, උඹ ලිපියක් ලියනව ද? නැති නම් කියපං කල් ඇති ව අප සටහනක් ලියන්නම්. මානවහිතවාදී කෙනෙක් ෆාදර් මයිකල් රොඩ්රීගෝ. උඹලා වගේ අත්වල ලේ තවරා ගත්ත තරුණයන්ට අසීමිත දයාවක් පෙන් වූ අයෙක්. හොඳ ආර්ටිකල් එකක් කරපං.

      Delete
    5. පැරා, ඇයි උඹ අපේ පිළිතුර මැකුවේ? උඹ ඔතන ජූඩ් ලාල්ට ගහන කැත මඩ පහරට අපි පිළිතුරු දුන්නා. උඹ ඒක මැකුවට කමක් නැහැ. හැබැයි කියවපං. උඹ වගේ කුහක ඉරිසායාකාරයෙක් මගේ ජීවිතේට දැකලා නැහැ. ඇත්තමයි පැරා. උඹ පල්ලයි.

      Delete
    6. උඹලගෙ රෙද්දවල් මං මැකුවයි කියලා මෙතන පොළවෙ පස් කන වෙලාවේ ඒවා ඕනැ නම් ආපහු ලියපන්. කියන නිසා මං දාන්නම්. මට ඕව ලෙවල් නැහැ. අන්න මං අර අපේ අම්මා මතක් කරපු ඒවත් මකන්නැතුව එහෙමම තිබ්බා. (දැන් ඉතින් කියපල්ලා ඒවා ලිව්වෙ උඹලා නෙමෙයි බ්ලා බ්ලා බ්ලා)

      අනෙක ජූඩ් ලාල් ගැන මගේ ගේම තියෙන්නෙ වෙන එකක් බං. ඌ මනුස්සයෙක් නෙමෙයි. අපේ වෙන් වීම වුණ වෙලාවෙ ඌට තිබුණා මනුස්සයෙක් විදියට අපෙන් අහන්න මොකක්ද කේස් එක කියලා. ඌ කෙළින් ම අපිව කපා හැරියා. ඒවා මචං දේශපාලනිකව බොළඳකම්.

      අනෙක ඌ ආචාර්ය ද මොකක් ද රෙද්ද මං දන්නෙම නැහැ මචං. ඌට කියපන් මං සුබපැතුවා ය කියලා. මට ඕවට ඉරිසියා කරන්න දෙයක් නැහැ මචං. මං ජීවිතෙන් ලබපු දේවල් මගේ හැටියට මට ඇති. අනෙක මං ඔය රෙද්දෙ කොළ කෑලිවලට ලව් කරන්නෙ නැහැනේ. මගේ දේශපාලනය කොළ කෑලිවලට චැලේන්ජ් කරන එකයි. මගේ සීමාව හැදිලා තියෙන්නෙ වැඩ කරන එක ඇතුළෙ සහ අවස්ථා නැතිකම ඇතුළෙයි. අපට කවුරුවත් අවස්ථා දීලා නැහැ. දුන්නා නම් අපටත් ඕවා එච්චර ගේම් නෙමෙයි. අපි දැන් පෙනී සිටින්නේ අවස්ථා නැති සමාජය වෙනුවෙන්. ඒක මචං දේශපාලනිකයි.

      මචං මං පොඩ්ඩක් දාලා ඉන්නෙ. මට නිකම් බොක්කෙන් හිතෙන එකක් ලියන්නම්. මොන රෙද්දද මචං මේ වාදෙ? මට නම් මේ වැඩේ තිත්ත වෙලා තියෙන්නෙ. උඹල ගේම ඉල්ලන නිසා අතාරින්නත් බැහැ. ඒ වුණාට මේ රණ්ඩුව මහ තේරුමක් නැති මගුලක් නේ බං.

      මං උඹලාත් එක්ක පැටලුණේ, ඇත්ත වශයෙන් ම කියනවා නම්, ඒ දේශපාලනය ආරලු බූරලු නැතුව සුද්ද කරන එක හොඳ නිසායි. උඹලා දැන් මේ කරන දේවලිනුත් ඇත්තට ම වෙන්නෙ උඹලම රෙදි ගලව ගන්න එකනෙ. මං හිතුවෙ නැහැ උඹල එච්චර ෆෝවර්ඩ් කියලා.

      එහෙම වෙනකොට මටත් ටිකක් අප්සෙට් වගේ බං.

      මාව නිකං අවුස්සන්නැතුව හිටපල්ලා බං.

      Delete
    7. ඒ ෆාදර් රොඩ්‍රිගෝගේ වචන.

      මයිකල් රොඩ්‍රිගො අමතක කරලා දාන චරිතයක් මේ සමාජයේ. දර්ශන, නිදර්ශන, විදර්ශන, සංදර්ශන නැතුව බැලුවාම හොඳ මනුස්සයෙක්. මම දන්නේ පුද්ගලිකව නෙමේ. අහලා තියෙන දේවල් වලින්. එහෙම මිනිස්සු තව ඉන්නවා. උඹලා මරාගෙන කන්නේ නැතුව, ඒ මිනිස්සු ගැන ලියපන්. ඒකට උඹලගේ දර්ශන, න්‍යාය රිංගවන්නේ නැතුව ලියපන්. ඒ චරිත හරහා අපි දර්ශන නිර්මාණය කරගමු. පොත් උලා කෑවත්, හොඳ මිනිස්සු හැදෙන්නේ නැහැ.

      Delete
    8. This comment has been removed by a blog administrator.

      Delete
    9. Did you get it buddy?

      Delete
    10. පැරාට අද ආපු ලෝකාව‍බෝධය සහසංහිඳියාව මෙන්න මේවා ලියල කාලයේ ඇවිත් තිබුණා නම් කොතරම් සොඳුරු ද?

      http://www.w3lanka.com/2014/11/blog-post_69.html

      අපිත් අද උඹ ගැන ගොඩක් කතා කරනවා පැරා. අපටත් ටිකක් අප්සට් වගේ බං.

      Delete
    11. ඇයි උඹ ඔය කාරණේ පෞද්ගලිකව ගන්නෙ. ඒකෙ තියෙන සිද්ධිය මචං අපව සෑහෙන්න රිදවපු එකක්.

      ඒ වුණාට එතන තියෙන්නෙ අනෝමා හා හඳගම අතර ගැටුමත්, අප හා උඹලා අතර ගැටුමත් සමපාත කිරීමක්.

      හඳගම අනෝමා නැහැ වගේ ඉන්න හැදුවා වගේ ම උඹලාත් හැදුවෙ අපි නැහැ වගේ ඉන්න නේ. ඒ වගේ වෙලාවට සංවිධාන, මිනිසුන් හැසිරෙන විදිය ඉතිහාසෙ පුරා ම ඔහොම තමයි.

      ඇයි අපට උඹලා එක්ක සංවාදගත වෙන්න ඕනැ වුණේ කියන එක ගැන ගැඹුරින් හිතන්න. මනෝ විශ්ලේෂණය මේ අස්සට දාගන්න එපා. ඒක දේශපාලනිකව සලකන්න.

      Delete
    12. උඹලාට මං ගැන අලුතෙන් ලැබුණු විස්තරෙන් කල් පවත්නා කුමන්ත්‍රණ න්‍යායක් නිර්මානය කර ගන්නට හැකි වේවා යි ප්‍රාර්ථනා කරනවා.

      (මේක තරහකට නෙමෙයි කියන්නෙ. අපේ වාමාංශික සම්ප්‍රදාය ගැන මං දන්නව නේ. තොරතුරු තමන්ට කැමති විදියට වැරදියට අර්ථකථනය කර ගන්නා එක හා ඉන් පසු ඒ වැරදි අර්ථකථනය පාදක කරගෙන තව, තවත් අදහස් ගොඩනගා ගන්නා එක වමේ මූලික ගැටලුවක්.)

      නෝ ප්‍රොබ්ලම්. උඹලාගේ කැමැත්තක්.

      පීස් වේවා!

      Delete
    13. පැරා, පසු විපරමක් කරල බලන්න විතර යි මේ ආවේ. ‍මොනවා හෝ කරදර, බාධා කිරීම්, තර්ජන-ගර්ජන, බැණ-අඬ ගැසීම් නැහැනේ 29 වැනි දා සිට?

      මොනවට ද බං රණ්ඩු? මඩ ගැසීම්, ඇණ ගැසීම් නැකි වුණා ම සාමකාමි යි; ශාස්ත්‍රීය යි. උඹට හිතිලා තිබුණ අප දැක්කා "අතිශය වැදගත් අදහස් දැක්වීමක්" වගේ දේවලුත්! සාධනීය ඩිස්කෝස් එකක් ක්‍රියේට් වුණා නේ ද ඒ ආලෝචනයෙන්?

      අප ගියා එහෙනම්. අපට බොහෝ වැඩ. බ්ලොග් ලොව අප නැ දැන්!

      Delete
  16. මේකේ 'IP Address' කේස් එකක් ගියානේද කොමෙන්ට් වල මුල හරියේ.
    මාතලන්ගේ සහ රසිකගේ සටන කාලේ වෙන චන්ඩියෙක් ඩිටෙක්ටිව් වෙලා IP එකක් දාල ඇනගත්තා එකසිය ගානට.
    වර්ඩ්ප්‍රෙස් එකෙන් IP එක තියෙන කෑල්ල මකල 'රයිගන් හන්දියේ' ගූ චන්ඩියාට දැන් වෝනින් දීල තියෙන්නේ ඊළඟට කලොත් බ්ලොගම මකනවා කියල.
    පව් අප්පා! ඇඬේනවා තනි ඇහැට.

    ReplyDelete
  17. අපේ ගමේ ඉන්නව 94 චන්දුිකා ආන්ඩුවෙන් ජොබ්දීපු පාප්පකාරයෝ කාරියෝ සැට් එකක් ඒ අයට කියන්නේ “කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර“ කියලයි.

    ReplyDelete
  18. පට්ටම් ගැන දරන සැලකීම සැලකිල්ලට ගැනීමේදී පෙනී යන්නේ සිංහලයන්ගේ අධික වූ ආත්මාභිමාන පිපාසයි. නූතන සිංහල සංස්කෘතිය තුල එකිනෙකාට ගරු කිරීමක් දක්නට නොලැබෙනවා පමණක් නොව එකිනෙකා පහත් කිරීමක් ද සිදුවේ. පෙර කී පිපාසය සංසිඳුවා ගැනීමක් සිදුවන්නේ එසේය. පට්ටම්, වෘත්තීන්, ආමන්ත්‍රණ හුදෙක් සිය වැදගත්කම හුවා පෑම සඳහා යොදා ගන්නා මෙවලම්ය.

    ReplyDelete
  19. නඩුකාරයො ගොඩක් එවුන් පගාකාරයො, සමහර එවුන් බඩුකාරයො. ඔය නඩුකාරියොත් ඉහලට යන්න සමහර එවුන්ගෙ සුරතලියො වෙනවා කියල ඊනිව්ස් එකේ තිබුණා. බලාගෙන ගියාම පොඩි පොඩි ජරාව කන පොලිෂ්කාරයො පරාදයි, නඩුකාරයොන්ට. අපි නම් බඩු ගහන්නෙ අපේ වියදමින්, කාටවත් බරක් නොවී.

    ReplyDelete
  20. පැරා බ්ලොගරුත් කොමෙන්ට් මොඩරේෂොන් දාලනෙ? බය නඩුකාරයන්ටද , බඩුකාරයන්ටද ? ඔක්කොටොම වැඩියි අර පැන්සොන් ගිය හඩු වාමාංශික විප්ලවකාරයො. උන් එන්නෙම පැරාගෙන් පරණ ඇරියොස් ඉල්ලගෙන. මට හිතෙන්නෙ උන් වර්තමාන සමාජය දිහා බලල, තමන්ට නැතිවෙච්ච අධ්‍යාපන අවස්ථා, ඉහල රැකියා සහ සමාජ තත්වෙ ගැන පසු තැවෙනවා. ඒ නිසා සමාජයට වෛර කරනවා, විශේෂයෙන් තමන් එක්ක හිටපු පැරා වගේ අය ඉහළට ගියාම, උන්ගෙ වෛරය උච්ච වෙනවා. මේවයෙ පත කොමෙන්ට් දාන ගොබ්බ ඩයල් ගැන බැලුවාම පේනවා උන්ගෙ මානසිකත්වය.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා