නරින්ට කුකුළන් භාර දීම හෙවත් බස්නායකට අලි භාර දීම

අද දිවයින පුවත්පතේ මෙසේ තිබිණි.

වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා වන අලින් සිරකර තබා නොගෙන රැකබලා ගත හැකි ආයතනවලට ලබා දෙන්නැයි රුහුණු කතරගම මහ දේවාලයේ බස්‌නායක නිලමේ ඩී. පී. කුමාරගේ මහතා ඉල්ලී මක්‌ කරයි.

අත්අඩංගුවට ගන්නා අලි කතරගම මහා දේවාලයට ලබා දුනහොත් උන් හොඳින් රැක බලාගත හැකි බව ද බස්‌නායක නිලමේවරයා කීය.

අලින්ට කෑමට ඇති තරම් පලතුරු වර්ග කතරගමට ලැබෙන බවත් එම පලතුරු කන අලින් ලස්‌සන වන බවත් අනෙකුත් ආහාර ද අඩු නැතිව මෙහිදී ලැබෙන බවත් බස්‌නායක නිලමේවරයා කියා සිටී.

නීති විරෝධීව ළඟ තබාගෙන සිට ඊයේ පෙරේදා අල්ලාගෙන ගිය භානු නම් අලි පැටවා උදේ කාලයේදී කතරගම දේවාලයේ කිරි වෙහෙර පැත්තේ දොරටුව ඉදිරිපිට තබාගෙන පසුගිය කාලයේ නැටූ නාඩගම් මතක අයට මෙය මතක් කර දෙමි.

මේ අලියාගේ බඩ යටින් මිනිසුන් රිංගවා මුදල් ගරා ගනු ලැබිණි.

අලියාගේ ළඟ ම අයිස්ක්‍රීම් වෙළෙන්දෙකු සිටියේ ය. ශ්‍රද්ධාවන්ත පිංවත්තු අලි පැටවාට අයිස්ක්‍රීම් කෝන් දන් දුන් හ.

කෙසෙල්ගෙඩි, කොමඩු වැනි පලතුරු, උක් දඬු ආදිය හොඬෙන් ස්පර්ශ කර බලන අලියා ඒවා එතැන ම බිම දැමුවේ ය. ඌ කෑවේ අයිස් කෝන් පමණි.

මේ ජවනිකාව දුටු අය තව බොහෝ ඉන්නවා ඇත.

දළදා මාළිගාව වැනි ස්ථානවල සිටින රිලව් ද අයිස්ක්‍රීම්, අයිස් පලම් ආදිය කන්නට රුසියෝ ය. මේ සත්තු දැනටමත් බෝ නො වන රෝගවලින් පීඩා විඳිනවා විය යුතු ය. ඔවුන්ගේ ආයුෂ කෙටි වන්නට මේ සැදැහැවතුන්ගේ දාන මාන හේතු වනවාට කිසිදු සැකයක් නැත.

කතරගම දෙවියන් කියා දෙවි කෙනෙක් ඉන්නවා නම්, ඔය කතරගම දේවාලයේ කෙරෙන හොර බිස්නස් හා එහි බස්නායක කියන මේ අල්ලෙ පැල වෙන පච ඒ දෙවියාට හසු විය යුතු ය.

මම මාසයකට ඉහතදී කතරගම ගොස් ආවෙමි. එක දෙයියෙකුටවත් පූජා වට්ටි දුන්නේ, පොල් ගැහුවේ, පඬුරු දැම්මේ, නූල් බැන්දේ, වාහනයේ මල්මාල-දෙහි-මිරිස් බැන්දේ නැත.

දෙවියන්ගේ නාමෙන් නරින්ට කුකුළන් භාර නො දිය යුතු ය. නොඑසේ නම්, බස්නායකට අලි භාර නො දිය යුතු ය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. පෑරා වෙනුවෙන් වයිෆ් ඔක්කොම කරන්න ඈති. වයිෆ් පූජා වට්ටියක් තියල ඔක්කොම ප්‍රශ්න දෙවියන්ට කියන්න ඇති.

    ReplyDelete
    Replies
    1. ඒ මචං ජවිපෙ, පෙසප වගේ පක්ෂවල පවුල් සම්බන්ධතා. අපි එතන පසු කරලා ගොඩක් කල්.

      අපි ඉන්න අභියෝගය ඔතන නෙමෙයි. විස්තෘත පවුලේ සම්බන්ධකම් මැද ගමක ජීවත් වන අපි දෙන්නගෙන් එක්කෙනෙක් මැරුණොත් අවමංගල්‍යය ආගමික වතාවත් නැතුව කරන්නට අනෙකාට ශක්තිය තියෙයි ද කියන තැත.

      Delete
    2. පැරාට තිබ්බෙ මැරෙන තැන යුරෝපෙ හරි ඔසී හරි කරගන්න... එහෙනම් ඔය ප්‍රශ්න නෑනෙ...

      Delete
  2. එලියකන්දෙදී යදමින් බැඳ ගත්තූ
    තුරුණු රැසක් මැරුවයි කොළ පැහැ ඇත්තූ
    ඒ බව හොඳටම දෑසින් දැක ගත්තූ
    එකෙක් සිරිකොතෙය යහමින් ලැබ වස්තූ

    - මයුරවිල මි

    ReplyDelete
    Replies
    1. තුන්ඩු කෑලි දී කඩවල් වහ ගත්තූ
      මිනිසුන් රැසක් මැරු ජවිපේ නිරි සත්තු
      බළලුන් ලවා කොස්ඇට ටික බා ගත්තු
      බාසන, (මයුරවිල) යුරෝපෙ පැන ගත්තු

      - මාරවිල ඇන්ටන්

      Delete
    2. සගය මරුවීල ඇන්ටනයානෙනි,

      තොප කව් බස මනාය. නමුදු එහි යම් දොසක් වේය. තොප සිව්වෙනි පදෙහි වරහන නොදුව මනාය.ඒ රස හීන කරමින විරිතට බාධා කෙරෙයි. මෙලෙස යෙදුවේ නම් මැනවි. " බාසන - මයුරවිල යුරෝපෙ පැනගත්තූ".

      පිය සගය බස් අබයවඩුන් කොයි දෙස වේදැයි මම නොදනිමි. නමුදු මයුරවිල නමැති මම නිදුක්ව සිරිලක වෙසෙමි.

      සගය තොප කවෙහි පළමු පද දෙක තොප අනවසරයෙන් ණයට ගෙන මෙසේ පවසමි, මා කමා කළ මැනවි.

      තුන්ඩු කෑලි දී කඩවල් වහ ගත්තූ
      මිනිසුන් රැසක් මැරු ජවිපේ නිරි සත්තූ
      “ලිබරල්” හමක් දැන් දැන් පොරවා ගත්තතූ
      පලියට වේද මතු බුදුවන බෝසත්තූ

      පිය සගය කුදලාගමයිනි, සාරසයෙනි, මෙහි තොපද දකිනු රිසිවෙමි.



      Delete
    3. තැන්කිව් වේවා, මයුරවිලයනි.

      Delete
  3. මූනු සයක් අත් දොලහක් ඇති දෙවියා
    පෙර රජ කල සිටම රුහුනේ වැඩ හිටියා
    යහපාලනෙන් උගෙ අලි පැටියට කෙලියා
    වනජීවියෙන් ගෙන යති දෙවියගෙ අලියා


    යුදයට අදිපතිලු හරි බලගතු කෙනෙකි එයා
    තේවානි ට වඩා වල්ලිට දැක්වීය දයා
    හරෝ හරා කියමින් කාටත් නොකියා
    එෆ් සී අයිඩියෙන් කුදලාගෙන අරන් ගියා


    තමන් ගේ අලි ඇත්තු බැරි නම් රැකගන්ට
    අපේ වැඩක් හැකි වෙද කොරවා ගන්ට?
    පූජා වට්ටි අරගෙන කොලඹට එන්ට
    කඩුවෙල උසාවිය ලඟ ඔබ සැම බැහගන්ට


    රුහුනේ බලවතෙකු වූ පව අද පලදෙන්නේ
    උසාවියෙන් වැලිකඩටය ගෙන යන්නේ
    නඩු අහනා තුරාවට හිරබාරෙට ගන්නේ
    කඳසුරිඳුනේ කවදද එලියට එන්නේ?

    ReplyDelete
  4. //අලින්ට කෑමට ඇති තරම් පලතුරු වර්ග කතරගමට ලැබෙන බවත් එම පලතුරු කන අලින් ලස්‌සන වන බවත් අනෙකුත් ආහාර ද අඩු නැතිව මෙහිදී ලැබෙන බවත් බස්‌නායක නිලමේවරයා කියා සිටී//

    ඒ වුනාට කතරගම දේවාලයේ ඉන්න කපු මහත්තුරුන් බොහොමයක් ලස්සන අය නෙවෙයි. ඒගොල්ලෝ පලතුරු කනවා නම් හොඳයි. කපු මහත්වරුන්ගේ වාර්ෂික ආදායම අනුව, පිටරටවල මිදී වතු, ඇපල් වතු, තියාගන්න පුළුවන්. ගුවනින් ගිහින් කාලා එන්නත් පුළුවන්.

    //කතරගම දෙවියන් කියා දෙවි කෙනෙක් ඉන්නවා නම්, ඔය කතරගම දේවාලයේ කෙරෙන හොර බිස්නස් හා එහි බස්නායක කියන මේ අල්ලෙ පැල වෙන පච ඒ දෙවියාට හසු විය යුතු ය//

    කවුද කියලා තිබුණා කතරගම දෙයියෝ මේ දවස්වල ඉන්නේ මන්නාරම පැත්තේ කියලා. රිෂාඩ් බදුර්දීන් කරන වැඩ බලන්න යන්න ඇති.

    මේ අලි කෙළිය, නොපමාව, පැහැදිළි නියාමනයකට යටත් කළයුතුයි. වනජීවී, අර ජීවී, මේ ජීවී, ඔක්කොම එකතු කරලා, එක ආයතනයක් යටතට සියලු බලතල කේන්ද්‍ර ගතකොට, පාලනය කලයුතුයි.

    ReplyDelete
    Replies
    1. //අලින්ට කෑමට ඇති තරම් පලතුරු වර්ග කතරගමට ලැබෙන බවත් එම පලතුරු කන අලින් ලස්‌සන වන බවත් අනෙකුත් ආහාර ද අඩු නැතිව මෙහිදී ලැබෙන බවත් බස්‌නායක නිලමේවරයා කියා සිටී//

      ඔව්ව ඔහොම තමයි විචාරක මචං,

      දැන් හිතල බලපන් ඒ කාලේ "සාසෙ","ලාකො", "කාසෙ", "ලාබො"වගේ එවුන්ට සහ ඊටත් පහල "බැට්මන්" ලට හම්බුනේ මොනවද කියල? උමලටත් එහෙම තමයි.

      හිතල බලපන් තිහක් විතර කොල්ලො ඉන්න ඈත දුර "අනු ඛණ්යඩක" "නිඅ" විදියට උපරිමව GPMG දෙකක් විතරක් ඇතුව කරපු කෙලිය. මතකනේ GUN එක load කරල බිත්තියට හේත්තු කරල ඊට ලඟින්ම magazine pouch එකයි torch එකයි අතේ වියදමින් ZIP හයි කරපු boots දෙකයි ළඟ තියාගෙන flask එකෙන් කෝපි බිබී dimmed light වලින් පොත් කියෝ කියෝ නැගිට නැගිට "rounds" ගිය යුගය.

      මචං උඹ ලඟදී T 56 ගැන ලියල තිබුන. හොඳයි.නමුත් උඹ අමතක කරනව ඇයි උඹල අපි SLR එපා කිව්ව හේතුව. ඊලඟට උඹ අමතක කරනව ඇයි අපිටත් කලින් සැබෑ රයිෆල් රෙජිමේන්තුව වන "සිංහ" උඹලටනේ FNC දෙන්න හැදුවෙ? උඹල ඒක එකහෙලා එපා කිව්ව. ඒක හරි එයා trpitalized නෑ.

      මචං, විචා ඔය මොන _ත්තවල් තිබුනත් උඹේ වගේම මගෙත් සදාතනික ප්‍රේමවන්තිය .303 bolt action Lee Enfield. ප්‍රථම ප්‍රේමය කොහොම අමතක කරන්නද මචං ?

      Delete
    2. නිවැරදි කෙරුමැයි.

      තුන්ඩු කෑලි දී කඩවල් වහ ගත්තූ
      මිනිසුන් රැසක් මැරු ජවිපේ නිරි සත්තූ
      “ලිබරල්” හමක් දැන් දැන් පොරවා ගත්තූ
      පලියට වේද මතු බුදුවන බෝසත්තූ

      -මයුරවිල මි



      Delete
    3. කට, කට.
      ඕක ඇහුනොත් ඊළඟට අලි ඇමති කෙනෙකුත් පත් කරාවි.
      තව, ගව ඇමති, කුකුල් ඇමති, පුත්තලමට බූරු ඇමති.
      අනේ විචාරක, උඹත් කරන්න යන දෙයක්.

      Delete
    4. //හිතල බලපන් තිහක් විතර කොල්ලො ඉන්න ඈත දුර "අනු ඛණ්යඩක" "නිඅ" විදියට උපරිමව GPMG දෙකක් විතරක් ඇතුව කරපු කෙලිය. මතකනේ GUN එක load කරල බිත්තියට හේත්තු කරල ඊට ලඟින්ම magazine pouch එකයි torch එකයි අතේ වියදමින් ZIP හයි කරපු boots දෙකයි ළඟ තියාගෙන flask එකෙන් කෝපි බිබී dimmed light වලින් පොත් කියෝ කියෝ නැගිට නැගිට "rounds" ගිය යුගය//


      හික් හික් හික්, ඔහේ කියන්නේ ලංකාවේ හමුදාව ගැන වෙන්ඩ බෑ. ප්‍රංශ හමුදාව වෙන්න ඇති. නැත්නම් ඉන්දියාවේ පාකිස්ථානයේ තියන boarder guards ලා ගැන වෙන්ඩ ඕනේ. මේ උන්නැහේ, කාගෙන්වත් අහගත්ත කතාවලින් හමුදාව ගැන ලියන්ඩ බෑ. තමන්ම අත්විඳ තියෙන්න ඕනේ.

      ප්ලැටූන් එකකට GPMG දෙකක් දෙනවා කියන කියමන හිකෙන් පුනායන කතාවකි. GPMG කියන්නේ area weapon එකකි. එයින් ගන්නා ප්‍රයෝජන දන්නේ නැතිබව මේ ගොන් කතාවෙන්ම පෙනේ.

      අතේ වියදමෙන් බූට් වලට සිප් හයිකිරීමට වඩා තවත් බොහෝ දේවල් කළා. ෆ්ලාස්ක් එකෙන් කොපි බීමත් හිකෙන් පුනායන වැඩකි. සෑම සොල්දාදුවකුටම නිසි වෙලාවට රාත්‍රියේදීත් තේ ලැබේ. ඩිම් ලයිට් එකෙන් පොත් කියෙව්වා නම්, ඒ මිනිහා යුද බිමේ නොව විදිලි බුබුළු සහිත පසුපස කඳවුරක හිටිය එකෙක් ය. අපිනම් රාත්‍රිය ගතකරේ කාලතුවක්කු උණ්ඩ වලට ඔරොත්තු දෙන දෙවැනි පෙළ ශක්තිමත් බංකර් වලය.

      ඔයවැනි ගොන්පාට් කලේ දියතලාවේ කොස් ගස් යට අධිකාරිය ලැබූ බයගුලු කම්මැලියන් පමණි.

      //මචං උඹ ලඟදී T 56 ගැන ලියල තිබුන. හොඳයි.නමුත් උඹ අමතක කරනව ඇයි උඹල අපි SLR එපා කිව්ව හේතුව. ඊලඟට උඹ අමතක කරනව ඇයි අපිටත් කලින් සැබෑ රයිෆල් රෙජිමේන්තුව වන "සිංහ" උඹලටනේ FNC දෙන්න හැදුවෙ? උඹල ඒක එකහෙලා එපා කිව්ව. ඒක හරි එයා trpitalized නෑ//

      චිකේ මහත්තයෝ. එන්නකො මගේ අඩවියට ඇවිත් කොන්ද පණ ඇතුව අහන්නකො මේ ප්‍රශ්න. ස්වයංක්‍රීය අවි සහිත සතුරකු සමහ SLR වලින් හැරමිටි ගහන්නද? FNC පාවිච්චි කලේ GW විතරයි. කමකට නැති නිසා මුළු හමුදාවෙන්ම ඉවත් කළා. මහත්තයාගේ ඉංග්‍රීසි නම් ටිකක් දුර්වලයි.trpitalized නෙවෙයි tropicalised තමයි නිවැරදි වචනේ.

      පනින්න පෙර සිතා බලනු. අනේ අනේ නන්නානේ.

      Delete
    5. AnonymousOctober 12, 2016 at 11:53 PM

      මේ ඉන්නෙ මීට කලින් බැට්මන් කථාවක් ලියපු ගොන් වාහෙ. මූ හමුදාවෙ බැට්මන් කෙනෙක් වුණාට ජෙනරල් කෙනෙක් වගේ කතා කියන්න ඇවිත් විචාගෙන් පුක පැලෙන්න හම්බවෙලා තියෙන්නෙ. නොදන්න කථා නොකිය දන්න ආවතේව වැඩේ කරගෙන හිටපන් බන්. රස්සාවක් ඇත්තෙම නැත්තම් මාත් එක්ක වරෙන් කසිප්පු වඩියක් පෙරන්න.

      Delete
    6. මචං රොබර්ට්,

      මම ඔය කියන බැට්මන් කතාව ලියපු එකා නෙවී. උඹ කියන කතාව කියන්න ඇත්තෙ වෙන එකෙක්. ඉහත විචාරක කියල තියෙන්නෙ 1998/ 2000 වගේ කාලෙන් පස්සෙ විස්තරයක්. ඔය කමෙන්ට් එකේ තියෙන්නෙ 1980 දශකයේ සිදුවුණු සත්‍ය සිද්ධි, එතකොට 1985ට වගේ කලින් ටෙරාල කෙලින්ම ආමි කෑම්ප් වලට ගහන්න ආවෙ කලාතුරකින්, ඊපීආර් එල් එෆ්, ටෙලෝ එල්ටීටීඊ වගේ අය බොහොම පරිස්සමට ප්ලෑන් කරල ඇටෑක් කළේ. එල්ටීටීඊය ශක්තිමත් වුණේ ඉන්දීය හමුදාව ගියාට පස්සෙ 1991න් වගේ පස්සෙ. ආමි එකටත් වඩා හොඳ වෙපන්, උපකරණ, පිරිස් බලය වගේ ලැබුණ පස්සෙ කාලෙක 1990 ගණන්වලින් පස්සෙ සහ ඊටත් පස්සෙ 2000 ගණන්වල. නමුත් 1987 මේජර් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව, බ්‍රිගේඩියර් විජය විමලරත්න, කර්නල් විපුල් බොතේජු ඇතුළු පිරිස අද්මිරාල් මොහාන් ජයමහ වගේ නාවික නිලධාරීන් මෙන්ම ගුවන් හමුදාවත් ඉතාම සීමිත පහසුකම් යටතේ ඉතාම සාර්ථකව යුද්ධ මෙහෙයුම් දියත් කල කල අය. විශේශයෙන්ම ත්‍රිවිධ බලය වගේ මෙහෙයුම්.

      Delete
    7. විචාරක Wicharaka,

      ඔබ psc කෝස් එක කරල කමිශන්ඩ් ඔෆිසර් කෙනෙක් වුණු අයෙක්ද නැත්නම් එන්සීඕ (වොරන්ට්) වලින් කමිශන්ඩ් වුණු කෙනෙක්ද?

      ඊට අමතරව ඔඅබේ කමෙන්ට් වලින් පෙනෙන පරිදි ඔබ මේජර් ජෙනරල් වැනි නිල සහිත නිලධාරියෙක් බව පෙනේ. ඉතින් ඔබ ndc/ndu, rcds වගේ පාඨමාලා හැදෑරුවාද?

      තව WWV, RWP වගේ සංග්‍රාමික පදක්කම් සහ VSV, USP වගේ සේවා පදක්කම් එහෙම ලබල තියනවද?

      Delete
    8. // ඔබ psc කෝස් එක කරල කමිශන්ඩ් ඔෆිසර් කෙනෙක් වුණු අයෙක්ද නැත්නම් එන්සීඕ (වොරන්ට්) වලින් කමිශන්ඩ් වුණු කෙනෙක්ද? //

      මල්ටිබැරල් ප්‍රහාරයකි...

      Delete
    9. ඔව් දැන් විචාරක ලොක්කා හරියටම ඇත්ත ගලපලා ලියයි. විචාට පුලුවන් ආමි උණෙන් පොඩි එවුන්ට පුකට පයින් ගහනවා කියලා රුලන් ගු පාට දාන්න විතරයි . මු ගැන දන්නා ඔෆිසස්ලා කියන්නේ මු "රට ගොන්" කියලා

      Delete
    10. "විකාරද" down ගිහින් වගේ. දන්නව ඔලුව ඉස්සුවොත් මෙදා පාර වදිනවම තමයි කියල.

      Delete
    11. මේ පහල තියෙන්නෙ පසුගිය ජනාධිපතිවරණය ආසන්නව "විකාරද" දාපු තවත් විකාරයක්. "හිකෙන් පුනා යනව" නේද?

      "මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව ඉතා භයානක කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා. මේ තොරතුරු අනාවරණය කරගන්න මට දුරකථන ඇමතුම් ඉතා විශාල ගණනක් සහ වැදගත් පුද්ගලයන්ට නොදැනෙන පරිදි ඔවුන්ගේ අදහස් දැනගැනීමක් කරන්නට සිදුවුනා. මෙය දැලිපිහියෙන් කිරි කනවා වැනි භයානක ක්‍රියාවක් වුණා. ලැජ්ජා නැතිව සමහර ලොක්කෝ කිව්වා, අපි හොඳින් හෝ නරකින් මහින්දට බලය අරන් දෙන බව. මෙය ඉතා භයානක තත්වයක් බව මා දැඩිව අවධාරණය කරනවා. මගේ ජීවිතයට එල්ලවියහැකි තර්ජන නිසා මා දන්නා සියල්ල මෙහි හෙළි කරන්නට බැහැ. නමුත් අපි ජනවාරි 8 වැනිදායින් පසුව ඉතා භයානක තත්වයකට මුහුණ දෙන බව කියන්නට පුළුවන්. ජනාධිපතිවරණය සාධාරණව නොපැවැත්වීමටත්, ජනාධිපතිවරණයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා ජයගතහොත්, භයානක කුමන්ත්‍රණයක් මගින් එතුමා ඝාතනය කර හෝ බලය අල්ලාගැනීමටත්, සැළසුම් සකසා තිබෙනවා. බීමත්ව කටමැත දොඩවන පුද්ගලයකු කීවා නම් එය ගණන් නොගෙන ඉන්නට තිබුනා. නමුත් මා මෙම තොරතුරු හොයාගත්තේ ඉතා විශ්වාසවන්ත ආරංචි මාර්ග මගින්. රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග, ඉතා පැහැදිළිව තහවුරු කර තිබෙනවා, ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා පරදින බව. මේ රටේ යුක්තිය සාධාරණත්වය අගයන ජනතාවගෙන් මා ඉල්ලා සිටින්නේ මේ ගැන අවදියෙන් සිට, අසාධාරණයට එරෙහිව, අවශ්‍ය ක්‍රියාමාර්ග වලට අවතීර්ණ වන ලෙසයි."

      Delete
    12. PSC කෝස්... මේජර් ජෙනරල්....හික්ස්.......:):) ... විචා 8 පාස් DPD කෝස් එකක් කරපු එකෙක්. හැබැයි පැන්ෂන් ගියාට පස්සෙ PSC වෙනුවට PC කෝස් එකක් කළා බ්ලොග් ලියන්න.?
      ( DPD -දේශපාලුවන්ට පුx දෙන කෝස් )

      Delete
    13. අනේ බං ඔය අවිචාරකය උපන්ගෙයි යූඇන්පී බත්ගොට්ටෙක්.

      ඒ කාලේ දැරණියගල යූඇන්පී මන්ත්‍රී වුන වනිගරත්නය පිටිපස්සේ ගිහින් මුලින්ම 77 ආණ්ඩුවෙන් "කැකිරි ගුරුකමක්" ගත්ත. ඊට කලින් මුලින්ම සාමාන්‍ය සෙබල විදියට interview ගිහින් උඩින්ම fail වුනා.ඊට පස්සෙත් කීප පාරක් fail. පස්සෙ යන්තං වනිගරත්නයගෙ මාර්ගයෙන් සිරිල් රණතුංගට කියවල පස්සෙ දොරෙන් හමුදාවට ආව.

      හමුදාවෙදී රජ බයිට් එක. අවුරුදු විසිගානක මුළු හමුදා ජීවිතේටම ප්‍රමෝෂන් තුනයි. ඒවත් batch එකම promote වෙනකොට ලැබුන ඒව.

      junior officers course ටිකවත් හරියට කරගන්න බැරිවුන පොරකට මොන ndc/ndu, rcds වගේ පාඨමාලාද?

      WWV,RWP.RSP පදක්කම් ලැබෙන්නෙ යුද්ධෙට ගිහින් කරන වීර ක්‍රියා වලටනේ. වීර ක්‍රියා කරන්න කලින් යුද්ධ පෙරමුණට යන්න එපැයි.

      මෙස් ඇතුලේ කරන ක්‍රියාවලට නම් මෙයාට පදක්කම් ගානක් දෙන්න තිබුණ.

      දැන් බලන්න පල්හෑලි ලියලිය හීනමානය වහගන්න හදනවා. ඔය හීනමානයට මූලික හේතුව ඈත අතීතයේ විතරක් නෙමෙයි වර්තමානයේදීත් සමහර පුද්ගලික කාරණා වලදී මතුවන "සමාජ ප්‍රශ්නයක්".

      ඒ ගැන නම් මෙයාට දොස් කියන්න බැහැ.

      Delete
    14. මල්ටිබැරල් ප්‍රහාර ගොඩායි!

      Delete
  5. /කතරගම දෙවියන් කියා දෙවි කෙනෙක් ඉන්නවා නම්, ඔය කතරගම දේවාලයේ කෙරෙන හොර බිස්නස් හා එහි බස්නායක කියන මේ අල්ලෙ පැල වෙන පච ඒ දෙවියාට හසු විය යුතු ය. /
    දෙයියත් හොරෙක් නම්? සිරිලංකිකයෝ විදිහට අපට කරන්න පු‍ළුවන් හොඳම උපකල්පනය නම් දෙය්යෝ තිස්තුන් කෝටියම පට්ටපල් හොරු බවයි.

    ReplyDelete
  6. බුද්ධාගමේ අත්තූපනායික ධර්ම පරියායට අනුව තමන්ට වෙනවට අකමැති තිසිම දෙයක් තවත් ප්‍රාණියෙකුට කරන්න එපා කියලා තියනවා. ඒ අනුව, අලින්ව දම් වැල් වලින් බැඳලා මේ විධියට කරන බෞද්ධ අයවත් ඒ විධියටම බැඳලා ඉන්න කැමත් වෙන්න ඕන.

    සතුන් බැඳි රථ පාවිච්චිය අකැප කරපු, පයින්ම වැඩම කරපු බුදු හාමුදුරුවන්ගේ ධාතූන් වහස්සේගේ නාමයෙන් මේ කරන සත්ව හිංසනය උන්වහස්සේට කරන ලොකුම නිග්‍ර‍හයක්. ඒකට විරුද්ධව අනිවාරයයෙන්ම කතා කළ යුතුයි.

    ඉස්ලාම් අාගමේ සතුන් මැරීම අනුමත කරලා තියෙනවා. අලි ගැන විතරක් අලි වංසෙන් ටෝක් දෙන සමහරු රාමසාන් වලට තොග ගනන් හරකුන්ගේ බෙලි කපද්දී නෝ ටෝක්. ඒත් අහිංසක සත්තු. උදාහරණය තමයි ඔටාරා ගුණවර්ධන. ඒකට අපිනම් කියන්නේ ජඩකම කියලා. මුස්ලිම් අයට මොනවා හරි කියලා ඔඩෙල් එකේ බිස්නස් කෙළව ගන්න එයා කැමති නෑ.

    අපිට පේන හැටියට, අජිත් පැරකුම් ජයසිංහ කියන පුද්ගලයාත් අලිගැන විතරක් නහින්න හදනවා. (අප වැරදි විය හැකියි) අනික් සත්ව හිංසන ගැන එයා ලියලා තියෙන්නෙ මොනවද කියලා දැන ගන්න කැමතියි. එහෙම නැත්නම් එයාට පොඩි වෛරයක්වත් තියෙනවා වෙන්න පුළුවන් මේ රටේ බෞද්ධ මිනිස්සුත් එක්ක. (ඒක එයාට සාපේක්ෂව සාධාරණ වෙන්නත් පුළුවන් - මේ රටේ බෞද්ධ කියාගන්න සෙට් එක බහුතරයක් පට්ට ගෝත්‍ර‍වාදී අමුම අමු මාර සේනාවක්. උන් දෙවෙනි වෙන්නේ ක්‍රිස්තියානි ගෝත්‍ර‍වාදී මාෆියාවට නැත්නම් ඉස්ලාම් ත්‍ර‍ස්තවාදයට විතරයි)

    සත්ව හිංසාවට විරුද්ධ විය යුත්තේ මිනිස්සුන්ට වගේම සත්තුන්ටත් ජීවත් වෙන්න අයිතියක් තියෙන නිසා. එහෙම නැතිව කියියම් මිනිස්සු කොටසක් එක්ක තියෙන වෛරයට පළිගන්න සත්ව හිංසාව උපකරණයක් කර ගතයුතු නැහැ. එතකොට වෙන්නේ ඒ සංකල්පය හෑල්ලු වෙන එක. අර බදුඉදීන් විල්පත්තුව කපනකොට විතරක් බෝඩ් උස්සපු උන්නාන්සේලාගෙයි, මේ වගේ ජෝකර්ලාගේයි වෙනසක් නැති වෙනවා.

    ReplyDelete
  7. තමුසේ පුජා වට්ටි දුන්නේ , පොල් ගැහුවේ, පඬුරු දැම්මේ, නූල් බැන්දේ, වාහනයේ මල්මාල-දෙහි-මිරිස් බැන්දේ නැත්නම් අපිට පුකද ? තමුසෙට උන දෙයක් තමුසේ කරනවා. අපි අපිට ඕන දෙයක් කරගන්නම් ඒක නේද මානව නිදහස සහ සජිවනය කියල තමුසේට ඩොලර් කුට්ටි දෙන සුදු මහත්තුරු කියන්නේ ත්

    ReplyDelete
  8. ශ්‍රී ලංකාවේ බුද්ධාගම හා ඒකට ගෑවුන දේවාල තනිකරම අලිමත පදනම් වෙලා නේ?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා