පොදු ප්‍ර‍ශ්න ජාතිවාදයෙන් අර්ථකථනය කරන එළුඟ තමිල්

පොදු සමාජ ප්‍රශ්න ජාතිවාදයෙන් අර්ථකථනය කිරීමේ ඉතිහාසය ප්‍ර‍තිනිර්මානය වෙමින් තිබේ. ඒ කෙසේ ද යත්,

බුදු පිළිම ප්‍ර‍ශ්නය උතුරේ පමණක් ප්‍ර‍ශ්නයක් නො වේ. බුදු පිළිම වනාහි බුදුන්ගේ ප්‍ර‍තිමා නො වේ. ඒවා වනාහි සිංහල බෞද්ධ ස්වෝත්තමවාදී ආක්‍ර‍මණශීලිත්වයෙහි ප්‍ර‍චණ්ඩ මෙවලම් විශේෂයකි. ඒ පසුපස දැවැන්ත ඉඩම් හා දේපල මංකොල්ලයක් ද, සිංහල බෞද්ධ ජනතාව සූරා කා, මුලාවේ ගිල්වා පසුගාමිත්වයට ගොදුරු කිරීමේ ප්‍ර‍තිගාමී ව්‍යාපෘතියක් ද තිබේ. එය සිංහලයා ද මුහුණ දෙන ප්‍ර‍ශ්නයකි.

මෙයට අඩු වැඩි වශයෙන් සෙසු ආගම් ද සම්බන්ධ ය. ඒ ආගමික ප්‍ර‍ජාවෝ ද සිංහලයා මුහුණ දෙන තත්වයට ම මුහුණ දෙති. එකී ආගමික බහුතරයන් ජීවත් වන ප්‍රදේශවල ජීවත් වන සුළුතර ආගමිකයෝ ද, සෑම තැනකදී ම අප වැනි ආගම් නො අදහන්නෝ ද පීඩාවට පත් වෙති. එය පොදු සමාජ ප්‍ර‍ශ්නයකි. දෙමළ ජනයාට පමණක් ඇති ප්‍ර‍ශ්නයක් නො වේ.

දකුණේ සුළු පිරිසක් හෝ මේවාට එරෙහිව දැඩි දුෂ්කර තත්වයන් යටතේ අරගල කළ හ. විශේෂයෙන් ම සමාජ ජාලවල මේ අරගල සිදු විය. මෙම සටන් පාඨය උතුරින් මතු වන විට එය හා එක් වන අමුතු ප්‍ර‍ගතිශීලියෝ දකුණේ මේ අරගල මතු වන විට ඒවාට වචනයකින් හෝ සහයෝගය දක්වා තිබේ ද යන්න විමසා බලන්න. 

මිලිටරිකරණය නිසා උතුරේ ජනතාවගේ ඉඩම් හමුදා කඳවුරුවලට යට වී තිබේ. ඒවා ආපසු දිය යුතු බවට තර්කයක් නැත. එහෙත්, හමුදාව යනු බලවත් ආයතනයකි. එය රජයට අයත් වුවත්, ව්‍යවස්ථාදායකයට හා විධායකයට මුළුමනින් ම එය පාලනය කළ නො හැකි බව ඇත්තකි. විශේෂයෙන් ම තිස් අවුරුදු යුද්ධය තුළ හා කොටි සංවිධානයේ යුදමය පරාජය නිසා අතිශය බලවත් තත්වයක තිබෙන හමුදාව නො තකා කටයුතු කරන්නට කිසිවකුට බැරි ය. එය හරියට 2009ට පෙර කොටි සංවිධානය නො තකා හරින්නට බැරි වුණා සේ ය. මෙම සංවිධාන දෙක විසින් අන්‍යොන්‍ය වශයෙන් එකිනෙකා ශකිතිමත් කරගෙන තිබේ.

ආරක්ෂක හමුදාවන්ට ජාතියක්, ආගමක් නො තිබිය යුතු යයි සම්භාව්‍ය තර්කයක් ගෙන ආ හැකි වුවත්, බුද්ධාගමට අසමාන තැනක් දී ඇති රාජ්‍යයක හමුදාව සිංහල, බෞද්ධ ආයතනයක් බවට පත් වී තිබීම කාටවත් නැතැයි කිව නො හැකි කණගාටුදායක යථාර්ථයකි.

මිලිටරිකරණය සමස්ත සමාජ දේහය පුරා ම පැතිරුණු සංකීර්ණ ප්‍ර‍ශ්නයකි. හුදු සටන් පාඨවලින් මිලිටරිහරණය සිදු කළ නො හැකි ය. එසේම, එය දෙමළ ජනයාගේ ප්‍ර‍ශ්නයක් ලෙස පමණක් සැලකීම ද උවමනාවට වඩා සරළමතික තර්කයකි. මිලිටරිකරණයේ ගොදුරු බවට පත් වන්නේ පීඩිතයන් පමණක් නො වේ. පීඩකයන්ට ද මිලිටරිකරණය පීඩාවකි.

සියලු දේශපාලන වෙනස්කම් අතර, මිලිටරිහරණය යනු ඉතා ඉවසිලිවන්තව කළ යුතු කාර්යයකි.

දේශපාලන සිරකරුවන්ගේ ප්‍ර‍ශ්නය ද හුදෙක් දෙමළ ප්‍ර‍ශ්නයක් පමණක් නො වේ. 1989 කැරැල්ල සමයේ එය සිංහල ජනතාවගේ ප්‍ර‍ශ්නයක් විය. වර්තමානයේදී ද කුමාර් ගුනරත්නම්ගේ ප්‍ර‍ශ්නය දෙමළ ප්‍ර‍ශ්නයකට ලඝු කළ නො හැකි ය. එසේ ම, යුද සමයේ සිදු වූ අපරාධ සම්බන්ධයෙන් සිර ගත වන්නට සිදු වූ දෙමළ ජාතිකයන් දෙස මෙන් ම, සිංහල ජාතිකයන් ස්වල්ප දෙනා දෙස ද බලන විට දැකිය හැකි කරුණක් වන්නේ දෙපාර්ශ්වයේ ම තෝරුන් හා මෝරුන් දැල් ඉරාගෙන ගොස් තිබියදී නීතියෙහි දැලේ පැටලී ඇත්තේ හාල්මැස්සන් බවයි. කරුණා, කේපී, ගෝඨා, මහින්ද වැනි දේශපාලන නායකයන් භුක්ති විඳින මුක්තිය නීතියෙන් වැරදිකරුවන් වූ සෙසු අයට ද දිනා ගත හැක්කේ පොදු සමාවක් වෙනුවෙන් කරන අරගලයකිනි. දේශපාලන සිරකරුවන් කොන්දේසි විරහිතව නිදහස් කිරීම වැනි ඉල්ලීම් ඉදිරිපත් කරන්නේ දිනා ගැනීමේ සැබෑ උවමනාවක් ඇතිව ද යන්න පැහැදිලි නැත.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වැනි නීති සංශෝධනය කළ යුතු ය. එහෙත්, ඒවා එක රැයින් කළ හැකි දේ නො වේ. පවත්නා සංදර්භය තුළ ත්‍ර‍ස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කිරීම කළ නො හැකි ය. කළ හැක්කේ සංශෝධනය කිරීමයි.

වත්මන් ආණ්ඩුව බලයට එද්දී මෙම පොරොන්දු දුන් බව සැබෑ ය. එහෙත්, දුන්නා නම් කරපියව් කී පළියට ඒවා ඉටු කරන්නට බැරි ය. ඒ සඳහා අවශ්‍ය ශක්තිය ආණ්ඩුවට නැත.  

එසේ තිබියදීත්, ආණ්ඩුව මේ වන විට ප්‍ර‍ජාතාන්ත්‍රික ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා මුල පුරා ඇත. බලය බෙදීම හෙවත් මධ්‍යය හා පරිවාරය අතර සම්බන්ධතාව එම සංවාදයේ ප්‍ර‍ධාන කොටස් හයෙන් එකකි. එළුග තමිල් දෙමළ විරෝධය හමුවේ පිබිදී ඇති ඊනියා ප්‍ර‍ගතිශීලීන්ට තමන් එම ක්‍රියාවලියට සහභාගි වෙමින් දුන් යෝජනා ගැන කතා කළ හැකි ද? ෆෙඩරල් ඉල්ලන විග්නේශ්වරන් පළාත් සභා බලතලවලින් කළ හැකි දෙයවත් කර තිබේ ද? අඩු තරමේ මධ්‍යම ආණ්ඩුවෙන් උතුරු පළාත් සභාවට වෙන් කර ඇති මුදල් ප්‍ර‍මාණය හෝ සම්පූර්ණයෙන් වියදම් කර තිබේ ද? උතුරු පළාත් සභාවේ සිදු වී තිබෙන වංචා, දූෂණ සම්බන්ධයෙන් ඇති චෝදනා විභාග කළ යුතු ය.

පසුගියදා යාපනයේ පැවැත්වුණු දෙමළ විරෝධතාවේ සටන් පාඨ අතර දෙමළ කාන්තාවන්ගේ හා ළමුන්ගේ ආරක්ෂාව හා ගරුත්වය තහවුරු කිරීම, හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයන්ට හිරිහැර නොකිරීම, හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයන්ට හිරිහැර නොකිරීම වැනි ඉතා වියුක්ත ඉල්ලීම් ද තිබේ. මේවා වෙනත් ජාතීන්වල පුද්ගලයන්ට අදාළ නැද්ද?

බලෙන්-නීතිවිරෝධී ලෙස උතුරේ වාඩි සාදා ඇති දකුණේ ධීවරයින් ඉවත් කිරීම, උතුරුනැගෙනහිර මුහුදු තීරයට බලහත්කාරයෙන් දිනපතා පැමිණෙන දකුණේ ධීවරයින් පාලනය කිරීම වැනි ඉල්ලීම් ඒ ආකාරයෙන් ඉදිරිපත් කිරීම ජාතිවාදී ය. දකුණේ ධීවරයන් සුවිශේෂයෙන් නම් කරමින්, උතුරේ මුහුද වැඩියෙන් ම සූරාකන දකුණු ඉන්දීය ධීවරයන් ගැන එසේ නමින් සඳහන් නො කිරීම ද කැපී පෙනේ.

දෙමළ ජනතාවගේ සංස්කෘතිය විනාශ කිරීම නැවතීම, උතුරු-නැගෙනහිර ජනතාව ආර්ථිකව පරාධීන කිරීම නැවතීම වැනි ඉල්ලීම් සාක්ෂි මත පදනම් නොවූ ජාතිවාදී, බොළඳ ඉල්ලීම් ය. එය වනාහි දෙමළ ජාතිවාදීන් විසින් කලින් ඉදිරිපත් කරන ලද දෙමළ තරුණයන්ට විෂ එන්නත් ලබා දී ඇති බවට චෝදනාව වැනි ම බොළඳ ඒවා ය. 

ජාතික පදනමින් ප්‍ර‍ශ්න සම්බන්ධයෙන් සටන් කිරීම උතුරේ පමණක් ඇති සුවිශේෂ තත්වයක් නො වේ. එවැනි සටන් දකුණේ ද තිබේ. 

එහෙත්, උතුරෙන් මතු වී ඇති සටන් පාඨ වනාහි දෙමළ ජනයා වැඩි වශයෙන් මුහුණ දෙන, එහෙත්, සියලු ජනයාට පොදු ප්‍ර‍ශ්න සමුදායකි. 

අප මතු කරන ප්‍ර‍ශ්නය මෙයයි. මේවා ජාතිවාදී පදනමකින් ගන්නේ කුමට ද? ඒවා ජාතිවාදී පදනමකින් ගත් විට පමණක් ඇතැම් ඊනියා ප්‍ර‍ගතිශීලීන් අවදි වන්නේ මන් ද? 

සියලු සිංහල ජනයා සිංහල බෞද්ධ ජාතිවාදියෝ නො වෙති. එසේම, සියලු දෙමළ ජනයා ද ජාතිවාදියෝ නො වෙති. එළුග තමිල් විරෝධතාවට එක් වූ සියලු දෙමළ ජනයා පවා දෙමළ ජාතිවාදය අනුයන අය නො වෙති. 

දෙමළ ජනයාට සුවිශේෂ ප්‍ර‍ශ්න ඇති බව අපි පිළිගනිමු. එහෙත්, මේ අන්දමින් ජාතිවාදය මත පදනම් වීම කෙතරම් පටු ද, බොළඳ ද යන්න පෙන්වා දීම මෙම ලිපියේ අරමුණ විය.  

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. //සියලු සිංහල ජනයා සිංහල බෞද්ධ ජාතිවාදියෝ නො වෙති. එසේම, සියලු දෙමළ ජනයා ද ජාතිවාදියෝ නො වෙති. එළුග තමිල් විරෝධතාවට එක් වූ සියලු දෙමළ ජනයා පවා දෙමළ ජාතිවාදය අනුයන අය නො වෙති. //
    පැරා මෙහෙම කියන්නේ අනුභූතික සාක්ෂි මත පදනම් වෙලාද?

    ReplyDelete
  2. විග්නේශ්වරම් ජාතිවාදියෙක්නම් මෑන්ගේ පුතා වාසුගෙ දුවට දේවිද??????

    ReplyDelete
    Replies
    1. එල කතාව. රාජපක්ෂ ජාතිවාදි තිරිසනා 2005 දී බලය නොඇල්ලුව නම් අපිට ගෞරවනීය සාකච්චා මාර්ගික විසඳුමකට යන්න තිබ්බ

      Delete
  3. "බුදු පිළිම වනාහි බුදුන්ගේ ප්‍ර‍තිමා නො වේ. ඒවා වනාහි සිංහල බෞද්ධ ස්වෝත්තමවාදී ආක්‍ර‍මණශීලිත්වයෙහි ප්‍ර‍චණ්ඩ මෙවලම් විශේෂයකි."

    සගයිනි මේ නම් කදිම නව නයුවකි,

    මින් පැරකුමු මහැදුරු පරණවිතානයන් සමවන සේය. සමාධි, අවුකන, ගල් වෙහෙර ඈ පතිමා පැරකුමු නව නයු අනුව එසේ විය යුතුමය.

    සගයිනි කොසොල් රජු දුටු එක් සිහිනයක් බුදුරදුහු මෙසේ විවරණ කරති.

    “මහරජ අනාගතයෙහි අදමිටු රජුන්ගේ කාලවල නුවණැති පරම්පරාව, දැනීමෙහි සමර්ථ අය ඒ ඒ කාර්යවල නොයොදා යස පිරිවර නොදී, ඔවුන්ට විරුද්ධ අඥාන යුක්ති අයුක්ති නොදන්නා බැලයෝ කාර්යවල යොදවති."

    වැඩි මනත නොදොඩමි.

    - මයුරවිල මි.


    ReplyDelete
    Replies
    1. මයුරවිල මි. කියන්නේ මයුරවිල බෆලෝස් වෙන්න ඕනේ.

      Delete
    2. මා ළබැදි මිතු මයුරවිලයෙනි, පැරකුමුවන සිතා සිටිනුයේ තමා බුද්ධ ප්‍රතිමා සහ විහාර බිතුසිතුවම් ඇතුලු ලාංකීක කලා පිළිබද විසාහි ආනන්ද කෙන්ටීෂ් කුමාරස්වාමි හෝ ඇම්. ටී. පී. මංජු ශ්‍රී හෝ තරම් මැ නැත හොත් ඔවුනට ද වඩා විදුහුරුවෙකු බැව් යැ. කවර නම් විසුළුවෙක් යැ?

      බුදු පිළිම විසාහි පැරකුමුවන විසින් මින් පෙර ලියැවුණු මහ පිරිසුම් පතට පිළිවදන් ලෙස අපි ආලෝචනයක් ලියුවෙමු. පැරකුමුවන අපගේ ආලෝචන යටපත් කරනට සැරසී සිටින නිසා අපි එම ආලෝචනය පළ නො ක‍ළෙමු. මෙහි ආලෝචන ලෙස පළ කළ පසු වැ අපට එම ලිපි වෙනත් තැනැ පළ කරනට ද නො හැකි යැ. ලිපිය ලිවීමට වැය කළ කාලය ද අපතේ යැ.

      පැරකුමුවනට විදුහුරු ලිපි නො නිසි යැ. පැරකුමුවන දන්නා කලා නයෙකු නැති. පැරකුමුවෝ නයි ඇරීමට නම් දනිති.

      Delete
    3. කුලියට කහින විට හොඳ හැටි සෙම වැඩුම
      ජාතිය දෙසට උඩ බලමින් කෙල ගැසුම
      පැරකුම් කලත් ඉන් පලයක් නැත කිසිම
      දිනකදි ඇරෙයි ඔහු හට නිරයේ දොරම

      Delete
    4. @ AnonymousOctober 3, 2016 at 5:51 PM
      "මයුරවිල මි. කියන්නේ මයුරවිල බෆලෝස් වෙන්න ඕනේ."

      සගය,

      "මි” යනු “වෙමි” යන්නට යෙදෙන කෙටි යෙදුමකි. “මී” යනුවෙන “මධුව” මෙන්ම “මහිෂයා” ද අදහස් කෙරේ. ඒ සමාන ඉංගිරිසි පදය “buffalow” ය.

      නමුදු එය ඔබ පියපසින් ලදුව ඔබ නම අගට යොදන බව මෙවන් කමෙන්ටු තුළින් බ්ලොග් ලොව වෙත එළිදරව් කිරීම ඔබ මව නමට නිගාවකි.

      මෙ බසින් ඔබ තුටුපහටු වනු නිසැකය.

      - මයුරවිල මි.


      Delete
    5. සුලු ජනවාර්ගික අයිතීන් වෙනුවෙන් වැඩ කිරිම පෙනි සිටිම ජාතිවාදායන් තොරව කළ හැක්කේ කෙසේද?

      Delete
  4. 1/3

    කාලයකට පසු ව පැරා වැදගත් යමක් පවස යි!
    =======================================

    කලකට පසු පැරා වැදගත් යමක් පවසන බව හැඟේ. පැරාගේ “ලාංකික” සංකල්පය පිළිබඳ අපට තිබෙන්නේ සර්ව-ප්‍රතිවිරෝධයක් නො ව වරණීය-ප්‍රතිවිරෝධයකි. එනම් ඔබ විසින් අනුයනු ලබන “ලාංකික” හැඟවුම්කරණයෙහි සංයුතිය පිළිබඳ විසංවාදයකි.

    ඔබ ”ලාංකික” යන වදන ව්‍යවහා‍ර කරන්නේ “සෝවියට් මිනිසා” වැනි වාර්ගික අනන්‍යතා නො නසන එහෙත් එකී වාර්ගික අනන්‍යතා සමතික්‍රමණය ‍කරන සංකල්පයකට නම් එය ඉතා සාධනීය එළඹුමකි. වාර්ගික අනන්‍යතා යනු හුදු සංස්කෘතික අනන්‍යතා ම නො ව වඩා පුළුල් ජෛව-සංස්කෘතික අනන්‍යතා බව අප මින් පෙර දීර්ඝ ව සාකච්ඡා කර ඇත. එවැනි වාර්ගික අනන්‍යතා නාශනය කර ඔබට ළඟා කර ගත හැකි මානවවාදයක් නොමැති අතර එවැනි එළඹුමක් තුළ ඔබ ලාලසාව දක්වනුයේ වාර්ගික ස්වෝත්තමවාදීත්වය කෙරෙහි ය. එනම් එක් ප්‍රමුඛ වාර්ගික ජාතිකත්වයක් තුළට අවශේෂ වාර්ගික ජාතිකත්වයන් ස්වීකරණය කරවා වාර්ගික ව සමජාතීය සමාජයක් ගොඩනැගීමකි. සිංහල මහා ජාතිකත්වය තල තෙල් ගඳ නැති දෙමළාට අකමැති නැති බව අප නිතොර පවසන්නේ පෙර කී වාර්ගික අනන්‍යතා ස්වීකරණයේ කාව්‍යමය ප්‍රකාශනයක් ලෙස ය.

    ඔබ විසින් නිරන්තර ව විකෘති කෙරෙන අපගේ අස්ථානයක් වන්නේ ජාතීන්ගේ ජාතික අනන්‍යතා පිළිගෙන ඒවා සුරක්ෂිතකරණය හා ප්‍රවර්ධනය කළ යුතු ය යන්න ය. අප එමඟින් එක් ජාතිකයක ජාතික අනන්‍යතාවක් උක්කර්ෂණය කිරීමක් පාඨාර්ථයෙන් හෝ ශබ්දාර්ථයෙන් හෝ කිසි ම ආකාරයකට හැඟවුම්කරණය කර නැත. එහෙත් ඔබ ද්වේෂසහගත ව අපගේ අස්ථානය විකෘති කර දක්වන්නේ අප දෙමළ ජාතිවාදීන් පිරිසක් බව පවසමිනි. අප පෙනී සිටින්නේ සියලු ජාතීනට තම ජාතික අනන්‍යතා ප්‍රවර්ධනය කර ගෙන අනෙකාගේ ජාතික අනන්‍යතාවනට ගෞරව කරමින් එක ම රටක් තුළ අවම සීමාකරණයකින් යුත් ස්වයං-පාලනයක් සහිත ව ජීවත් වීම සඳහා ය. දකුණේ පිසෙන සිංහල හාලේ සුවඳ මෙන් ම උතුරේ රත් වෙන තල තෙලේ සුවඳ ද මේ රටේ වා ගැබ පුරා පැතිරෙන සොඳුරු ශ්‍රී ලංකාව බිහි වන්නේ එමඟිනි. තමා ද ශ්‍රී ලාංකා රාජ්‍යයේ සුජාත කොටස්කරුවෙකි යන හැඟීම දකුණේ සිංහල සහෝදරත්වයට සේ ම උතුරේ දෙමළ සහෝදරත්වයට ද එක ලෙස දැනෙන ඒ අනාගත සාර සමාජය තුළ “ලාංකික” අනන්‍යතාවක් බිහි වනු ඇත.

    අනෙකාගේ ජාතික අනන්‍යතාවල පැවැත්ම නො ඉවසන, නො සලකන, සහ ඒවාට ගෞරව නො කරන දකු‍ෙණ් මහා සිංහල ජාතිවාදයට සේ ම උතුරේ දෙමළ ජාතිවාදයට ද අපි සර්වාකාරයෙන් ම විරුද්ධ වෙමු. ආන්තගාමී වාර්ගික ධ්‍රැවීකරණයක් මඟින් අප බලාපොරොත්තු වන සා‍ර සමාජය ළඟා කර ගත නො හැකි ය. වාර්ගික ධ්‍රැවීකරණය (අනන්‍යතා නො ව) යනු මානව ප්‍රගමනයේ ස්වභාවික යුක්තියක් නො වේ. එය බල ලොභීත්වය හා අශිෂ්ටත්වය මඟින් කුළු ගැන්වුණු සුළුතරයක් විසින් මානව සමාජය පුරා පතුරුවන ලද ප්‍රචණ්ඩ විෂ බීජයකි. අනෙකාගේ අනන්‍යතාවනට ගෞරව නො කිරීම වාර්ගික ධ්‍රැවීකරණය ඇති වීමට හේතුවක් සේ ම එය පැවතීමට හා වර්ධනය වීමට ද (එක ම හේතුව නො වේ නම්) ප්‍රධාන හේතුවක් වේ. අනෙකාගේ ජාතික අනන්‍යතාව නො සලකන දකුණේ අධිපති සිංහල මහා ජාතිකත්වය විසින් අනෙකාගේ ජාතික අනන්‍යතාව නො සලකන උතුරේ පීඩිත දෙමළ ජාතිකත්වය පෝෂණය කරනු ලබන්නේ ය යන්න සත්‍යකරණය වන්නේ එනිසා ය. මෙය අන්‍යෝන්‍ය වශයෙන් අනුලෝම සමානුපාතික සම්බන්ධයකි. මෙය ද්විදිශාත්මක සම්බන්ධයක් ද වන්නේ ය. මෙම සම්බන්ධතාවේ විචල්‍යයන් දෙකට ම ඒ ඒ සන්දර්භ තුළ දී ස්වායත්ත විචල්‍යය සේම පරායත්ත විචල්‍යය ලෙස ද හැසිරිය හැකි ය. වාර්ගික ධ්‍රැවීකරණය බිහි කරන හා පවත්වා ගෙන යන මූලික හේතුව වන අනෙකාගේ අනන්‍යතාව නො සලකා හැරීම පිළිබඳ විවේචනාත්මක නො වී ඔබ ඊනියා “ලාංකික” අනන්‍යතාවක් පිළිබඳ බණ කීමේ අරමුණ කුමක් ද? අතිශය ආන්තික ව වාර්ගික ධ්‍රැවීකරණයකට ලක් ව පවතින වර්තමාන ලාංකික සමාජය තුළ ඊනියා “ලාංකික” අනන්‍යතාවන් පිළිබඳ රොමැන්තික සිහින දකින ඔබ හොර රහසේ පෙම් කරන්නේ ද සේවය කරන්නේ ද අධිපති සිංහල මහා ජාතිකත්වයේ හෙජමොනික දෘෂ්ටිවාදට ය. අපගේ ආදි ආචාර්ය කාල් මාර්ක්ස් The German Ideology කෘතියේ මෙසේ පවස යි:

    "the ideas of the ruling class are in every epoch the ruling ideas, i.e. the class which is the ruling material force of society, is, at the same time, its ruling intellectual force."

    යුගයක රජයන දෘෂ්ටිවාදය නම් එම යුගයේ රජයන පංතියේ දෘෂ්ටිවාදය ය යන මාර්ක්ස්ගේ සංකල්පය ඔබගේ ඊනියා “ලාංකික” අනන්‍යතාව තුළ වෙස් වළාගෙන සිටි යි. වාර්ගික ව අතිශය ධ්‍රැවීකරණය වී පවතින සමකාලීන ලාංකීක සමාජය තුළ ජාතිකත්වය නැති කිරීම නමැති මායාකාරී ප්‍රලාපය ඔජ වඩවා ඊනියා “ලාංකික” අනන්‍යතාවක් ඇති කිරීම යනු අධිපති සිංහල මහා ජාතිකත්වයේ හෙජමොනිකත්වය සුජාතකරණය කිරීමක් පමණකි.

    Cont...

    ReplyDelete
  5. 2/3

    ජාතික අනන්‍යතා පිළිබඳ ප්‍රශ්නයට විසඳුම ජාතික අනන්‍යතා නැති කිරීම ය යන දෘෂ්ටිවාදය ඔබ විසින් නිර්මාණය කෙරෙන විට ඔබ යථාර්ථය යයි අනෙකාට හැඟෙන යමක් පවස යි. එහෙත් එය යථාර්ථය නො ව යථාර්ථයේ ඡායාවකි. එංගල්ස් 1893 වර්ෂයේ ජුලි මස 14 වැනි දින Franz Mehring වෙත ලිපියක් ලියමින් මෙලෙස පවස යි:

    “Ideology is a process accomplished by the so-called thinker consciously, indeed, but with a false consciousness. The real motives impelling him remain unknown to him, otherwise it would not be an ideological process at all. Hence he imagines false or apparent motives. Because it is a process of thought he derives both its form and its content from pure thought, either his own or that of his predecessors.”

    ජාතික අනන්‍යතා නැති කර ලාංකික අනන්‍යතාවක් ගොඩ නැඟීම යන ඔබගේ ප්‍රලාපමය ප්‍රවාදය ව්‍යාජ විඥානයක් (false consciousness) බව අප පවසන්නේ එංගල්ස් අනුයමින් ය. එවැනි ව්‍යාජ විඥානයන් ප්‍රචලිත කිරීම මඟින් ඔබ විගලිත සමාජ කණ්ඩායම්වලට සමාජ සම්බන්ධතා ඥානනය කිරීමට නො හැකි වන ලෙස ව්‍යාකූලත්වයක් නිර්මාණය කර යි. එනම් පවතින පාලක පන්තියට අභියෝග කළ හැකි විකල්පයක් බිහි වීම ඔබ විසින් වලක්වනු ලබ යි. පාලක පන්තියේ මහගෙදර වත්තේ වැලි නො පාගා ඒ මහ ගෙදර සුරක්ෂිත කරන ඔබගේ න්‍යාය නම් යස අගේ ය.

    යම් යුගයක රජයන පාලක පන්තියේ දෘෂ්ටිවාදය එම යුගයේ රජයන දෘෂ්ටිවාදය ලෙස සමාජය මත සිදු කරන ආචරණය කෙතරම් ප්‍රබල ද යන්නට දිය හැකි මාහැඟි නිදර්ශනයක් වන්නේ ද ඔබ ම ය. අතීතයේ දී සිංහල-දෙමළ මහා කලා උලෙළක් සංවිධානය කළ පුද්ගයෙක් වන ඔබ වර්තමානයේ ජාතික අනන්‍යතා නැති කිරීමට කතා කර යි. එලෙස ම ජාතික අනන්‍යතා ප්‍රවර්ධනය පිළිබඳ කතිකාව ඊනියා ජාතිවාදයක් සමඟ පටලවා “දෙමළ, මුස්ලිම්, ක්‍රිස්තියානි විරෝධයකින් තොර සිංහල ජාතිවාදයක් ද, සිංහල, දෙමළ, ඉන්දියානු දෙමළ විරෝධයෙන් තොර දෙමළ ජාතිවාදයක් ද නැත.” යන ප්‍රකාශය කර යි. අහිංසක තරුණ පරපුර නොමඟ යැවීම ඔබ විසින් වහා ම නවතා දමනු ලැබිය යුතු යි. විශ්‍රාමික වාමාංශිකයෙකු ලෙස පෙනී සිටිමින් ධනපති පන්තියේ කොන්ත්‍රාත් ඉටු කිරීම නවතනු!

    ලාංකික අනන්‍යතාව පිළිබඳ කතිකාව අන්තර්ගතය වශයෙන් විකාසනය වූ ආකාරය අපගේ සංවාදයට අදාළ ව යුග තුනක් ඔස්සේ විමර්ශනය කළ හැකි ය. එනම් ඉංගිරිසි යටත්විජිත සමයේ තෙවැනි කාර්තුව, එයට පෙර සහ පසු වශයෙනි. ඉංගිරිසි යටත් විජිත සම‍යේ තෙවැනි කාර්තුවට පෙර ලාංකික අනන්‍යතාව අන්තර්ගතය ලෙස සිංහල-බෞද්ධ එකකි. එහෙත් නිදහස දිනා ගැනීම පිළිබඳ කතිකාව නැඟී පැමිණි ඉංගිරිසි යටත් විජිත සමයේ තෙවැනි කාර්තුවේ දී ලාංකික අනන්‍යතාවෙන් සිංහල සහ බෞද්ධ යන සංඝටක ගිලිහී ගිය බව පෙනේ. එය නිදහස දිනා ගැනීම පිළිබඳ නිශ්චිත මෙහෙයක් අරබයා සිදු වූවකි. සියලු ජාතීන් ද ආගම් ද ලංකා ජාතික සංගමය තුළ රොද බැඳ තිබිණි (මේ කරුණ සම්බන්ධයෙන් කුමාරි ජයවර්ධන කියවන මෙන් ඔබගෙන් ඉල්ලා සිටිමු). එය තාවකාලික තත්ත්වයක් වු බව නිදහස දිනා ගෙන කෙටි කලකින් ම පැහැදිලි විණි (එම තත්ත්වය පසු ගිය කාලයේ ඔබට එරෙහි ව ගොඩ නැඟි කතිකා මණ්ඩපයට සමාන ය. මහින්දවාදීන් ද, ගෝඨාභයවාදීන් ද, සිංහල ජාතිවාදීන් ද බෞද්ධ ආගම්වාදීන් ද මාර්ක්ස්වාදීන් ද වාමවාදීන් ද ඔබට එරෙහි ව අරගලයේ දී එක ම රේඛාවක පෙළ ගැසුණු බව ඔබ දකින්නට ඇත!). ජාතික අනන්‍යතා හා ජාතිකත්ව පිළිබඳ පුළුල් කතිකාවකින් තොර ව හුදු අධිරාජ්‍ය විරෝධය ම අරමුණු කර ගෙන ගොඩ නැඟුණු එකී ලාංකික (Ceylonese) අනන්‍යතාව එකී කාර්යය සාධනයෙන් පසු දිය වී ගිය බව ඔබට මතක් කර දීමට රිසි ය. ඉන් පසු කාලයේ දී ජාතික අනන්‍යතා ප්‍රවර්ධනය සඳහා ඒ ඒ ජාතීහු ව්‍යාවෘත වූහ. ජාතික අනන්‍යතා පමණක් නො ව ආගමික, කුල හා ප්‍රදේශික අනන්‍යතා ද අඩු වැඩි වශයෙන් පුනර්ජීවය ලද බව නිරීක්ෂණය කළ හැකි ය. යුරෝපා ජාතීන්ගේ යටත්විජිතවාදී වතුවගාව නිසා අපට සිදු වූ ගැටලුව උඩරට ගවයනට තණ උලා කෑමට භූමියක් නැති වීම යයි වරක් ඔබ පැවසුවේ ය. යටත්විජිත හා පශ්චාත් යටත්විජිත කතිකාව පිළිබඳ ඔබගේ ස්වයංසිද්ධ ඥානයේ මානයන් අප වටහා ගත්තේ එදින ය. අදාළ විෂයේ ඔබගේ දැනුම පිළිබඳ අප එදින එළඹි නිගමනය සත්‍යය බව ඔබ දැන් තහවුරු කර යි. යටත්විජිත හා පශ්චාත් යටත්විජිත කතිකාවන් පිළිබද ගැඹුරු කියවීමකින් තොර ව ඔබ පවසන පහත ප්‍රකාශය කෙතරම් සරලමතික ද?

    //කුලභේදය නැති කළ හැක්කේ කුලය නැති කිරීමෙනි. කුල, උඩරට, පහතරට වැනි අනන්‍යතාවන් වෙනුවට ජාතිය ස්ථාපිත කිරීමෙන් සිංහල ජාතිය තුළ කුලභේදය සෑහෙන දුරට යටපත් වුණ බව ඇත්තකි.

    මෙම සංසිද්ධිය ම යාපනය, වන්නි, මඩකලපු, කුල අනන්‍යතාවන් යටපත් කරමින් දෙමළ අනන්‍යතාව ඉස්මතු වන්නට දෙමළ ජාතික අරගලයේදි හේතු විය.//

    Cont...

    ReplyDelete
    Replies
    1. පැරා, මචං "උලා කෑම" යන්න "උළා කෑම" ලෙස නිවරද කර ගනිං තරහ නැති ව. ඒක අතපසු වීමක්.

      Delete
  6. 3/3

    ඔබ යථාර්ථයේ ඡායාවන් පෙන්වා තරුණ පරපුර නොමඟ යැවීමක් මෙහි දී ද සිදු කර යි. යම් පුද්ගලයෙකු උඩරට සිංහල බෞද්ධ පරිසරයක ජන්මය ලබා හැදී වැඩීම එම පුද්ගලයා අන්‍ය ජාතීනට ද අන්‍ය ආගමිකකයනට ද පහතරැටියනට ද ගෞරව කිරීමට බාධාවක් නො වේ. එලෙස ම යම් පුද්ගලයෙකු විවාහ වන විට ආගමික කටයුතු සිදු කිරීම හෝ පෝරුවට නැඟීම හෝ එකී පුද්ගලයාගේ අසහාය විප්ලවීත්වය කෙළසා ගැනීමක් ද නො වේ. අවශ්‍ය වන්නේ තමා තම ජාතික අනන්‍යතාව ප්‍රවර්ධනය කර ගැනීමට දක්වන කැමැත්ත හා එයට තමාට ඇති අයිතිය අන්‍යයනට ද ඔවුන්ගේ ජාතික අනන්‍යතාව සම්බන්ධයෙන් පනතින බව පිළිගැනීමට තරම් සමාජ සවිඥානිකත්වයක් වර්ධනය කර ගැනීම යි. එය ආකල්පමය වෙනසකි. ආකල්පමය වෙනස්කම් කුඩා කල සිට ම සිදු විය යුතු ය. වාර්ගික හා ආගමික අනන්‍යතා මත පාසල් වර්ගීකරණය නො විය යුතු ය යන ඔබ විසින් ගොඩ නැඟෙන සංකල්පය අප අගයන්නේ එනිසා ය. අපට අවශ්‍ය වන්නේ අන්‍ය ජාතීන්ගේ අභිලාෂ කෙරෙහි අනුකම්පාව (sympathy) නො ව තදනුභූතිය (empathy) ය. අර්ථවත් හා ධරණීය ලාංකික අනන්‍යතාවක් ගොඩ නැඟෙන්නේ එමඟින් විනා ඔබ පවසන ඊනියා ජාතිය නැති කිරීමේ ප්‍රලාපීය ප්‍රවාද මඟින් නො වේ. සිංහලයාට සිංහලයාගේ අනන්‍ය දිවි පෙවෙත ද දෙමළාට දෙමළාගේ අනන්‍ය දිවි පෙවෙත ද ගත කිරීමට ඉඩ නො දෙන ඔබගේ ඊනියා “ලාංකික” අනන්‍යතාව විසින් තව තවත් වාර්ගික අර්බුද විනා වාර්ගික සංහිඳියාවක් නම් ඇති නො කෙරෙනු ඇත.

    බහුවිධ ජාතික අනන්‍යතා පිළිගනිමින් එම අනන්‍යතා අභිභවා යන පුළුල් ජාතික අනන්‍යතාවක් ගොඩ නැඟීම පිළිබඳ මයිකල් රොබර්ට්ස් මෙසේ පවස යි:

    “I hold that a situational shift from the Level X of meaning ‘up’ to the more encompassing Level Y of meaning does not mean that X has been discarded like an item of clothing. Rather X is not pertinent in that situation and is ‘on hold;’ and is therefore available for use when relevant for the speaker/writer. A Lancashireman arguing fervently with a Yorkshireman about the respective merits of their cricket teams has not discarded his English patriotism, but put it ‘on hold.’ Indeed, the allegiances to the English team (and all that this signifies) may be partly constituted by his attachment to his locality and his shire.”

    එහෙත් අපගේ පැරණි මිත්‍ර අජිත් පැරකුම් ජයසිංහ මෙසේ පවස යි:

    //ජාතික අනන්‍යතාවන් ආරක්ෂා කිරීම එක් එක් ජාතීන්ගේ ජාතිවාදීන්ගේ වැඩක් මිස ප්‍රගතිශීලීන්ගේ කාර්යයක් නො වේ.//

    රොබර්ට්ස් පේරාදෙණිය සරසවියේ ඉතිහාස අංශය ද ඇඩිලේඩ් සරසවියේ මානවවිද්‍යා අංශය ද ශෝභමාන කළ ශාස්ත්‍රවන්තයෙකි. ශාස්ත්‍රාලීය ශික්ෂණයක් පුද්ගලයෙකුට අවශ්‍ය වන්නේ කවර නම් හේතුවක් නිසා ද යන්න රොබර්ට්ස් හා ජයසිංහ තම සමාජ විනිශ්චයනට එළඹෙන ආකාරවල වෙනසෙන් පැහැදිලි වේ.

    End.

    ReplyDelete
    Replies
    1. Well Said. Para has been comprehensively checkmated here regarding the national question and deadly silent with no answers since then. A fuck-the-butt situation for the simpleton Para. Kicked out of the left-wing as well as right-wing. Frustrated Para will be the first professional blogger to commit suicide!!! RIP Para!

      Delete
  7. අවසන පැරාද එසේ කීය!

    දැන් ඇත්තේ "දෙමලාට දෙමල වීම නිසා ඇති ප්‍රශ්නය කුමක්ද?" යන්න ඇසීම පමනකි.

    - Dimithri

    ReplyDelete
    Replies
    1. දෙමළාට දෙමළ වීම නිසා ඇති ප්‍රශ්න තිබුණත්, ජාතිවාදයෙන් ඒ ප්‍රශ්නයට විසඳුම් සෙවිය නො හැකි ය. ජාතිවාදය කිසිදු සාධනීය කාර්යයක් කිරීමෙහි සමත් බවක් මෑත ඉතිහාසය තුළ දක්නට ලැබී නැත.

      Delete
    2. අනෙක් පැත්තෙන්, දැන් තිබෙන්නේ දෙමළ ජනතාව ද විශාල වශයෙන් ඡන්දය දී පත් කර ගත් ආණ්ඩුවකි. එවැනි ආණ්ඩුවක් සමග සහයෝගයෙන් කටයුතු කරන්නට විග්නේශ්වරන්ට බැරිකමක් නැත. එහෙත්, ඔහු පෙළගැසෙන්නේ පසුගිය ජනාධිපතිවරණයේදී ද, මහ මැතිවරණයේදී ද පොදු අරගලයට එරෙහිව කටයුතු කළ අය සමගයි.

      Delete
  8. පැරා, ජාතිවාදය පිළිබඳ ඔබේ අර්ථකථනය පවා දැන් දැන්නම් හොඳටම ව්‍යාකුල වි ගෙන යන හැඩක් පෙනේ. ඔබට අනූව සිංහල ජාතිවාදය එසේ වන්නේ සිය අනන්‍යතා අන් අය මත පටවන්නට යාමෙනි. දමිළ ජාතිවාදය එසේ වන්නේ එසේ පැටවිමට තමන් ජාතියක් ලෙස විරුද්ධ වන්නේ යයි පෙනී සිටීම තුළ ය ! ඉතින් මේ කියන්නේ විරෝධය නොදක්වා සිංහලීකරණය වන ලෙස අනිත් උන්ට සෞන්දර්යාත්මක නියෝගයක් නිකුත් කරන සුපුරුදු ජාතිවාදයම නොවේද ?

    ReplyDelete
    Replies
    1. //ජාතිවාදය පිළිබඳ ඔබේ අර්ථකථනය පවා දැන් දැන්නම් හොඳටම ව්‍යාකුල වි ගෙන යන හැඩක් පෙනේ. ඔබට අනූව සිංහල ජාතිවාදය එසේ වන්නේ සිය අනන්‍යතා අන් අය මත පටවන්නට යාමෙනි. දමිළ ජාතිවාදය එසේ වන්නේ එසේ පැටවිමට තමන් ජාතියක් ලෙස විරුද්ධ වන්නේ යයි පෙනී සිටීම තුළ ය//

      මා පෙනී සිටින්නේ ඔය එක් හෝ අනන්‍යතාවක් රැක ගැනීම වෙනුවෙන් නො වේ. එය රැක ගැනීම සඳහා අරගල කරන අයට මගේ විරුද්ධත්වයක් ද නැත. එහෙත්, ඒවාට සහාය දීම මගේ කාර්යයක් නො වේ. මා පෙනී සිටින්නේ පොදු අනන්‍යතාවක් වෙනුවෙනි.

      උදාහරණයක් ලෙස, මධ්‍යය හා පරිවාරය අතර සම්බන්ධය ප්‍ර‍තිව්‍යූහගත කිරීම පිළිබඳ නිල සාකච්ඡාවක් මේ වන විට ව්‍යවස්ථා ගොඩනැගීමේ ක්‍රියාවලිය තුළ සිදු වෙමින් පවතී. එය දෙමළ ප්‍ර‍ශ්නය පමණක් නොව, සමස්ත චිත්‍ර‍ය ම හසු කර ගන්නට දරණ උත්සාහයකි.

      යමක් සිදු කළ හැකි පිළිවෙලක් තිබේ. උතුරේ මහ ඇමති වැනි බලවත් පුද්ගලයෙක් එම බලතල භාවිතා කරමින් අදාළ මග අනුගමනය නො කර, වීදි බසිමින් කරන මළ විකාර මොනවා ද?

      එවැනි විකාරවලට විරුද්ධ වීම ජාතිවාදයක් වන්නේ කෙසේ ද?

      Delete
    2. ජාතික ප්‍ර‍ශ්නය යනු අර්ථකථනය කරමින් රස විඳ විඳ ඉන්නට දෙයක් නො වේ. අප උත්සාහ කළ යුත්තේ එය විසඳා ගන්නට ය. එසේම, අප ජාතිය ළඟ නතර විය යුතු නැත. එය පසු කළ යා යුතු ය.

      Delete
    3. පැරාට වෙඩි වගේ පිළිතුරක්

      “මතවාදී දේශපාලනයේ අපි අපේ ලකුණ තියලා ඉවරයි. අපි ජාතික ප්‍රශ්නය සම්බන්ධව සමාජය හමුවේ තබපු විග්‍රහය ඉක්මවා යා හැකි දේශපාලන අදහසක් සමාජය හමුවේ තියන්න තරම් තාම කවුරුවත් නිර්භීත වෙලා නෑ. ඒකට හේතු ඒ අය දන්නවා. ඔබේ ප්‍රශ්නයේ අදහස යළි පැමිණීම නම් ඒක තීන්දු කරන්නේ අපියි. එහෙම නැතිව අධිපතිවාදයන් එක්ක ගැටගැහුණු කොමෙන්ටර් පන්නයේ විහිළුකාරයන් නොවෙයි. අපි අඬබෙර ගහගෙන රටින් ගියෙත් නැහැ. අඬබෙර ගහගෙන එන්න ඕනත් නෑ”

      රිවිර 04/10/2016
      මංජුල වෙඩිවර්ධන (විශිෂ්ටයෙක්)
      ප්‍රංශයේ සිට


      “උන්ට දේශපාලන වශයෙන් අනාගතයක් නැහැ” (පසු ව ස්වයං අපලෝපණය කරනු ලැබ ඇත)

      ඩබ්ලිව් තුන ලංකා 28/09/2016
      අජිත් පැරකුම් ජයසිංහ (අශිෂ්ටයෙක්)
      මතුගම සිට

      Delete
    4. විශිෂ්ටයා රට ගියේ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ගිනුම් ප්‍ර‍ශ්න නිසා මිස ජාතික ප්‍ර‍ශ්නය වෙනුවෙන් කරපු මගුලක් නිසා නොවේ.

      //ජාතික ප්‍රශ්නය සම්බන්ධව සමාජය හමුවේ තබපු විග්‍රහය ඉක්මවා යා හැකි දේශපාලන අදහසක් සමාජය හමුවේ තියන්න තරම් තාම කවුරුවත් නිර්භීත වෙලා නෑ//

      මේක භාෂණලගේ අපේ වැඩ හෙවත් නයින්ගේ අපේ වැඩ වගේ කතාවක්.

      Delete
  9. @ Aruna Perera
    " මයුරේ උඹලට වගේ හෙළුවෙන් වනාගන්න බැරි කමට සමාවේයන්. ප්‍රොම්ටර කටුවක් තිබුනනන් මම දෙමළෙනුත් කතාකරනවා. බොට කවි සිතුවිලිම පහල වේවා!!! බයිලා නොලිය වේවා!!! මහ රාජ. යුව රාජ, කුමාර රාජ සෙවනැලි තුල නපුරු හීන නොදකිත්වා. ආමේන්..ශාන්ති.. අල් හම්දුලිල්ලා....තෙරුවන් සරණයි. බුදු අම්මෝ කියන්න බැරිවුනා සුභ අනාගතයක්!!! ඒ වුනාට අනා ගන්න නම් දෙන්න එපා රජවරුන් සහ කේවට්ටයින්ට."

    හුදු හෙළුවෙන් ඔබ හට කම් නැත අරුණ

    කියවීමි ඔබේ ලිවිසැරි හද පිරි පෙමින

    දුටුවෙමි සොඳුරු මිනිසකු හදවත දිලෙන

    “අවුල් වන්න පෙර” ඉතිරිය ලියනු මැන

    -මයුරවිල මි.

    ReplyDelete
  10. ළඟදීම මිල වඩනු ඇත්තේ

    "ගෝල්ලිෆ්" කිසි තැනක නැත්තේ

    රටේ හැම තැන ගයනු ඇත්තේ

    මවුන් ගුණ ගී ඇමති රොත්තේ

    - මයුරවිල මි.

    ReplyDelete
  11. ජාතියක් ජන්මයන් නැති පාහර බල්ලා, තෝ තොගෙ ජාකය නො දන්නවා වුණාට අපි මොනවා කරනින ද? සිරිකොතේ කුණු කාලා කාලා චීන ඌරෙක් වගේ සයිස් එක දැන්. තූ නොදකින් තෝව. තෝ වගේ ජාතිද්‍රෝහීන්ව ඇඹරිලා යන්න ඹ්නි මරුටිය අස්සේම.

    ReplyDelete
    Replies
    1. මීට ෂර්මිලා

      Delete
    2. කවුද මේ ශර්මිලා? ජහ-පාලන ආණ්ඩුවේ ජාතික ලොතරැයි මණ්ඩලේ සභාපතිනි ශර්මිලා පෙරේරා වත්ද?

      Delete
    3. මේ, මේ, ඕන්නැති කතා කියන්න එපා.
      චීනේ කොහෙද සහෝදරයා ඌරො ඉන්නේ.
      එහෙ ඉන්නේ නියම සමජවාදියෝනේ හිටන්.

      Delete
    4. මෙච්චර සත්තු ගැන කියන්නේ මේ අපේ මාර්ෂල් තුමා ඇනෝනිමස් ඇවිල්ල වත්ද?

      Delete
  12. හි.ජ.කු.දි.පා.ම. මරා මහත්මයා දෙමළ මාධ්‍යවලට මෙහෙම කියලා තියෙන්නේ. විගි ජාතිවාදියෙක් නෙමේ කියන්නෙ.

    එක එක මාධ්‍යයට එක එක අදහස්

    ReplyDelete
  13. ජාතික ප්‍ර‍ශ්නය විසඳා ගන්නට මෙන්න වත්මන් ජනතාවාදී යහපාලන රජයෙන් අතිවිශිශ්ට යෝජනාවක්;

    //පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ මසාජ්!

    පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන්ගේ සම්භාහන අවශ්‍යතා නොමිලේ සපුරාදීමටද මේවනවිට කටයුතු යොදා ඇතැයි දැනගන්නට ලැබේ.

    මේ අනුව පාද සම්භාහනය, ශීර්ෂ සම්භාහනය, පූර්ණ සිරුර සම්භාහනය, අධික තරබාරුවට ප්‍රතිකාර සහ රූපලාවන්‍ය වැනි කටයුතු නොමිලේ ලබා ගැනීමේ හැකියාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට උදා වී ඇති බව වාර්තා වේ.

    රජයේ නිවාඩු දින හැරුණු කොට අනෙකුත් සියලූම දිනයන් හීදි පෙරවරු 8.00 ත් පස්වරු 4.00 ත් අතර පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ට මෙම සේවාව ලබා ගත හැකි බව වාර්තාවේ.//

    ReplyDelete
  14. සම්භාහන සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව අජිත් පැරකුම් ජයසිංහගේ මැදිහත් වීමෙන් වැල්ලවත්තේ ගණිකානිවාස හිමිකරුවෙකුට ලබා දී ඇත. එම හිමිකරුවාගේ නමේම ආනන්දයක් ඇති අතර අජිත් පැරකුම් ජයසිංහ කලකට පෙර එම ගණිකා නිවාසයේ කළමනාකරු ලෙස ද සේවය කර ඇත.

    හෙළිදරව්ව,
    බාබරා ජයරත්න විසිනි.

    ReplyDelete
    Replies
    1. ගූබරා,
      මෙහෙම කියන්නේ අනුභූතික සාක්ෂි මත පදනම් වෙලාද?

      Delete
    2. පසුගිය දා මිරිහාන අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබූ වාමාංශික ගණිකා නිවාස හිමියා සමග සමීපව ඇසුරු කළ දාර්ශනිකයන්, කලාකරුවන් සහ වාමවාදී දේශපාලන ක්‍රියාධරයන් අතරින් කිහිප දෙනෙකු ගේ නම් පළ කරන්නෙමු.

      01-දීප්ති කුමාර ගුණරත්න
      02-පියංකාරගේ බන්දුල ජයවීර
      03-සුනිල් විජෙසිර්වර්ධන
      04-ජගත් වීරසිංහ
      05-නදීක ගුරුගේ
      06-ඉසුරු ප්‍රසංග
      07-ප්‍රසන්න විතානගේ
      08-විමුක්ති ජයසුන්දර
      09-විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපති නිර්මාල් රංජිත් දේවසිරි
      10-පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ
      11-‛ජනරළ’ පුවත් පතෙහි ප්‍රධාන කර්තෘ චන්දන සිරිමල්වත්ත
      12-ඊ නිවිස් ප්‍රධාන සංස්කාරක සඳරුවන් සේනාධීර
      13-මහාචාර්ය සුමනසිරි ලියනගේ
      14-ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින්
      15-ශෂී ප්‍රභාත් රණසිංහ
      16-ධර්මසිරි බණ්ඩාරනායක
      17-මාධ්‍යවේදී ප්‍රභාත් තරින්ද අත්තනායක
      18-චමීර පෙරේරා

      Delete
  15. ජාතික ප්‍ර‍ශ්නය මෙන්ම ඊට වඩා දැනට රටට බලපා ඇති ආර්ථික ප්‍රශ්න විසඳාගතයුතුය. පසුගිය අන්ත දූශිත රාජපක්ෂ කල්ලිය පළවාහැර අප විසින් පත්කරගත් නූතන යහපාලන රජයේ ආර්ථික ප්‍රවේශය මදක් සලකා බලමු. උදාහරණයක් ලෙස අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑණාට අයත් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ලාභය සියයට 434කින් වැඩී වි තිබෙන බව ඔවුන් විසින් ම ප්‍රකාශිත මූල්‍ය දත්තවලට අනුව දැන් හෙළි වී තිබේ. මේ වසරේ මාර්තු දක්වා සමාගමේ ලාභය පමණක් රුපියල් බිලියන 5.1ක් හෙවත් ලක්‍ෂ 51,000ක් තරම් අති විශාල මුදලකි. ගෙවුණු මාස කීපය තුළ එය තවත් වැඩි වී තිබීම අනිවාර්යකි. ඊට පෙර වසරේ එය හුදු මිලියන 767ක් විය.

    පර්පර්චුවල් ට්‍රෙෂරීස් යනු පසුගිය සමයේ බැඳුම්කර මගඩියට සම්බන්ධ මතභේදාත්මක සමාගම ය. රනිල් වික්‍රමසිංහගේ අතිජාති මිත්‍ර අර්ජුන් මහෙන්ද්‍රන් මහබැංකුවේ අධිපති ව සිටි කාලයේ දෙවරක් ම සිදු වූ ඉහත වංචාව ලංකා ඉතිහාසයේ විශාලතම මගඩිය ලෙස සැලකේ. මෙහි විශේෂය වන්නේ අදාළ මගඩියෙන් වන පාඩුව වසර 30ක් තරම් අනාගතයට ද විහිද යෑම ය. මේ අතර, මහේන්ද්‍රන් මහතා දැන් වත්මන් ආණ්ඩුවේ පස් අවුරුදු සැලැස්මේ ප්‍රධානියා වේ. සියළු ආර්ථික තීරණ ගැනෙන්නේ ඔහු හා මලික් සමරවික්‍රම හරහා ය.

    ප්‍රාථමික බැඳුම්කර ගැණුම් සමාගමක් වන පර්පචුවල් සමාගම වැඩිම ලාභ උපයාගෙන ඇත්තේ ප්‍රාග්ධන ලැබීම්වලින් බව ද වාර්තා වේ. ඉහළ පොළියක් සහිත කාලයක බැඳුම්කරයක මිල පහළ යන අතර එහි දී ප්‍රාථමික ගැණුම්කරුවන් විසින් අඩු ඒකක මිලකට විශාල බැඳුම්කර ප්‍රමාණයක් මිළට ගෙන පසුව ඒවා ලාභයක් සහිත ව ද්විතීයික ගැණුම්කරුවන්ට යළි විකුණනු ලැබේ. බැඳුම්කර ගණුදෙනුවේ ස්වභාවය වන්නේ පොලී අනුපාත පහළ යන විට බැඳුම්කර මිළ ඉහළ යාම වන අතර පොලී අනුපාත ඉහළ යන විට බැඳුම්කර මිළ පහළ වැටීම ය. ව්‍යාජ ඉහළ පොලී අනුපාතයක් නියම කොට බැඳුම්කර මිළ කෘතිම ලෙස පහළ යැවීමට සලස්වා හරහා මගඩියක් කිරීමේ විශාල හැකියාවක් ඇත. ඇත්තට ම අර්ජුන් මහේන්ද්‍රන් සමයේ සිදුවූයේ ද එය ම ය. ස්වභාවික පොලී අනුපාත 8 දශම ගණනක තිබිය දී පර්පර්චුවල් සමාගමට ඒවා විකුණා තිබුණේ 11.28ක් වැනි ප්‍රමාණයකට ය. මේ අනුව, ද්විතීයික ගැණුම්කරුවන්ට තම බැඳුම්කර විකිණීමෙන් විශාල ලාභයක් උපයා ගැනීමට ඉහත සමාගමට හැකිවූවාට සැක නැත. ඔවුන්ගේ ලාභාංශ සියයට 400% ඉක්මවා ඉහළ ගියේ එහෙයිනි.

    රටේ ආර්ථික අර්බුදයේ මුල සොයන්නෙකුට ඒ පාදා ගැනීම දැන් ඉතා පහසු ය. දුර්වල ආර්ථික කළමනාකරණ මතට රජයට රුපියල් කෝටි 6000කට පාඩුවක් සිදුකළ බැඳුම්කර මගඩිය පතිත වීම ගැන මදක් සිතා බලන්න. එහි ප්‍රතිඵලයක් ලෙස මෙන් ම විදෙස් ආයෝජන රටින් බැහැර යාමෙන් රුපියල කඩාවැටීම සීග්‍ර ලෙස සිදු වූ අතර ඒ හරහා ආනයන භාණ්ඩ මිළ ඉහළ යාම හා ‍ඩොලර්වලින් ගෙවීමට ඇති ණය ප්‍රමාණය ද සීඝ්‍ර ලෙස ඉහළ ගියේ ය. වත්මන් රජය බලයට පැමිණීමෙන් පසු පමණක් කිසිදු නව සංවර්ධනයක් නොකර තිබියදීත් වැඩි වූ විදෙස් ණය ප්‍රමාණය පමණක් රුපියල් බිලියන 2500කට අධික ය. තවද දූශිත මහින්ද රාජපක්‍ෂ විසින් ඩොලර් බිලියන 10ක පමණ මුදලක් බාරදී තිබියදීත් තිබූ විදෙස් සංචිත එක් වරම බිලියන 2.5ට කඩා වැටුණේ මේ හේතුව නිසා ය. මේ අනුව, ණය හා ආනයන සඳහා වැඩි වැඩියෙන් ඩොලර් යෙදවීමට ආණ්ඩුවට සිදුවිය. යාන්තම් හෝ රටේ ආර්ථිකය පණ අදිමින් හෝ තිබෙන්නේ අන් හේතුවක් නිසා නොව ලෝක වෙළඳපලේ බොරතෙල් මිිළ පහළ බැස තිබෙන නිසා ය. වැට්බදු වැඩිකිරීම වැනි ජනපීඩක ක්‍රියාමාර්ග හරහා රටේ ජනයා පිට පටවන්නේ මේ මහා ඛේදවාචකයේ විපාක හැර අන් කවරක් ද?

    ReplyDelete
    Replies
    1. එජාපය හොරකම් නොකරන අදහස රනිල් (හා රනිල්ගේ එජාපය) හොරකම් නොකරන ලෙස වෙනස් විය යුතුය.

      මන්දයත් අපේ බුඩ්ඩිමතුන්,ලෝකල් ගුරූ ලා හා පන්ඩිට් ලා බොහෝ දෙනෙක්ම රනිල්ගේ ෆෑන්බෝයිස්ලා හා ෆෑන්ගර්ල්ස්ලා වන හෙයිනි.

      2015 විප්ලොවියෙන් පසු මේ කස්ටිය දත කට මැදගෙන බලා සිටියේ රනිල් වික්‍රමසින්හයානෝ ස්වකීය මහා බුද්ධි කෞශල්‍ය මෙහෙයවමින් කරන මහා වික්‍රමය බලන්නටය.

      මාස 20කට පසු රනිල්ට කලහැකි වික්‍රමයක් නැති බවත් රනිල්ගේ දැනුම 90 දශකයේම (ඇමරිකාව ලොව එකම ආර්ථික, දේශපාලන බලවතා සිටි යුගයේම ) නැවතී ඇති බව පෙනෙන කලකදී පවා මේ අය තවමත් (එලුවාගේ කුට්ටම වැටෙනතුරු බලාසිටින නරියන් මෙන්) ප්‍රාතිහාර්‍රය බලාපොරොත්තුවෙන් සිටිති.

      මෙසේ ප්‍රාතිහාර්‍රය එනතුරු පෙරමග බලාසිටින තමන්ගේ ෆෑන්බෝයිස්ලා හා ගර්ල්ස්ලාට රනිල්තුමා දින 1500ක වැඩ පිලිවෙල නමින් අලුත්ම පුන්නක්කු ටිකක් තබා තිබෙනවා දුටුවාද?

      Delete
    2. රනිලා බටහිරම ගැති
      චීනයෙහි කුමට යති
      චීනුහු කවා සනසති
      මෙවන් රුදුවේ සියක් ලොව නැති

      Delete
  16. ආණ්ඩුවට මේවා වෙනස් කරන්නට අවංක වුවමනාවක් තියෙන බව පෙනෙන්නේත් නැහැ...

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා