Posts

Showing posts from 2010

එකයි එකයි එකොළහයි - සුබ අලුත් අවුරුද්දත් වේවා!

Image
එකයි එකයි එකොළහයි තව ටික වෙලාවකින් 2011 ජනවාරි 01දා උදා වෙයි.  හැමෝ ම එකිනෙකාට සුබ අලුත් අවුරුද්දක් පතනු ඇත.  එසේ පතන ගමන් ම ආණ්ඩුව සමග හෝ ධනවාදය සමග හෝ ඇති තරහට මේ අවුරුද්දේ රටට කෙළ වේවා යි ද පතන්නට ඉඩ ඇත. රටට කෙළ වූ විට මහජනතාව වීදි බැස ආණ්ඩුව පන්නනු ඇතැයි අපි සිතමු. නැතිනම් බලාපොරොත්තු වෙමු.  රටට කෙළ වුණාට ආණ්ඩු පන්නන මිනිස්සු මේ රටේ නැත. හිටියා නම්, දැන් දේශපාලනය කරන එකෙක්වත් මේ දූපතේ සිටිය නො හැකි ය. වඩා දූෂිත ආණ්ඩුව ද, දේශපාලන පක්ෂ ද, මහජනයා ද යන්න තීරණය කිරීම අසීරු තරමට මේ තුන් කට්ටුව ම දූෂිත ය.  අප්පලා, බාප්පලා එකතු වී රටට කෙළෙව්වත්, පුතාලාගේ අනාගතයට කෙළ වෙන්නේ නැත. කෙළ වෙන්නේ අපේ දූ දරුවන්ගේ අනාගතයට පමණි.  ධනවාදය කුණු වී ඕජස් ගැලුවත්, සමාජවාදය ඉබේ හැදෙන්නේ නැත.  සමාජවාදය ගොඩනැඟිය හැක්කේ හුදෙක් ධනවාදයට කඩාකප්පල්කාරී ලෙස වෛර කිරීමෙන් නො ව, සමාජවාදය පිළිබඳ උත්තර සංවාදයක් සඳහා සමාජ අරගලයකිනි.  කෙටියෙන් ම කීවොත්, ලාභය විසින් දුවවනු ලබන අමානුෂික ධනවාදය වෙනුවට, අප සමාජවාදය නැවත සොයා ගත යුතු ය. සමාජවාදය සකලවිධ ස්වෝත්තමවාදී පසුගාමීන්ගේ ප්‍රලාපයක් නොව පෙරටුගාමී දියුණු මිනිසුන්ගේ

ජනවාරි 01දා යළි හමු වෙමු

Image
කාලය අවුරුද්ද නො දනී අවුරුද්ද හදා ගත්තේ අප ය කාලය නො වේ අවුරුද්ද හොඳ ය අලුත් ඇරඹුමකට  නැවුම් හුස්මකට පසු  ගන්නේ ද පෙර වැනි ම හුස්ම ය කමක් නැහැ අලුත් අවුරුද්ද හොඳයි අලුත් යයි සිතා ගන්නට 2011 ජනවාරි 01දා යළි හමු වෙමු Bookmark, remember easily and come again   www.w3lanka.com

හයවන ශ්‍රේණියේ සිට පාසල් දරුවන්ට ලිංගික අධ්‍යාපනය දීමේ යෝජනාවක් | A proposal to give sex education to the Sri Lankan school children above Grade 6

Image
( 2010 දෙසැම්බර් 28,  W3Lanka )   පාසල්වල හය වසරෙන් ඉහළ දරුවන්ට ලිංගික අධ්‍යාපනය පිළිබඳ දැනුමක් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යංශය කර ඇති යෝජනාව අපි අගයමු. සෞඛ්‍ය අමාත්‍යංශය මෙම යෝජනාව කරන්නේ වයස අවුරුදු 16 ට අඩු ගැබිනි මවුවරුන් 3000 ක් පමණ සංඛ්‍යාවක් වාර්ෂිකව වාර්තා වන බව නවතම සමීක්ෂණ වාර්තාවලින් හෙළිදරව් වීමත් සමගයි. ශ්‍රී ලංකාවේ ගැබිනි මවුවරුන් 385,000 ක ප්‍රමාණයක් වාර්ෂිකව වාර්තා  වන බව ද ඉන් සියයට 6 ත් 7 ත් අතර ප්‍රමාණයක් අවුරුදු 20 ට අඩු මවුවරු බව ද. ඒ අතරින් සියයට 10 ක් අවුරුදු 16 ට අඩු ගැබිනි මවුවරුන් බව ද සමීක්ෂණයෙන් සොයාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මාතෘත්වය හමුවේ මතුවන අභියෝග යන මැයෙන් මාධ්‍යවේදීන් දැනුම්වත් කිරීමේ හමුවකදී  අනාවරණය කළේය.  අඩු වයසින් ගැබ් ගැනීම ඔහු කියන අන්දමට නම් 'වක්‍රාකාරයෙන් අධ්‍යාපනය හා සම්බන්ධව පවතී. එනම් අධ්‍යාපනය වයස අවුරුදු 16 ට අඩුවෙන් නවතා දැමීමෙන් ඒ දරුවාට කළයුතු වැදගත් කාර්යයක් නොමැතිවීම නිසා ඇය ලිංගික ක්‍රියාකාරකම්වලට යොමුවීම සිදුවේ. එහිදී අඩු වයසින් ගැබ් ගැනීම සිදු වේ.' වෛද්‍ය මහීපාල කී බවට දිනමිණේ ප

නෞකා, එන්නකෝ නෞකා, මං බලාන ඉන්නේ ඔබ එනතුරු නෞකා (හම්බන්තොට ගීතය)

Image
( 2010 දෙසැම්බර් 27,  W3Lanka )   පහත සඳහන් ගීය සුනිල් ආරියරත්න විසින් ලියන ලද, වික්ටර් රත්නායක විසින් සංගීතවත් කර අබේවර්ධන බාලසූරිය විසින් ගායනා කරන ලද 'ගංගා එන්නකෝ ගංගා' ගීතයේ තනුව අනුව මෙගා සබ් ස්ටාර් දයාසිරි ජයසේකර ගායක මන්ත්‍රී වෙනුවෙන් W3Lanka විසින් ලියන ලද්දකි.   නෞකා එන්නකෝ නෞකා මං බලාන ඉන්නේ ඔබ එනතුරු නෞකා කෙරූ විවුර්තෙට බර වියදම් කොට චීනුන් දුන් ණය බර ඔසවාගෙන පොළී ගෙවද්දී මා අහක බලාගෙන යන්න ගියා ඔබ ඇයි එහෙම ඉතින් ඔබ අහක බලන් යන්නේ නෞකා  එන්නකෝ නෞකා මං බලාන ඉන්නේ ඔබ එනතුරු නෞකා ජීවන වියදම අහස උසට නැඟ නැවකුදු රහිතව බකන් නිලාගෙන පාළු කපද්දී මා පෙනෙන ඉසව්වෙන් මූදෙ ගියා ඔබ ඇයි එහෙම ඉතින් ඔබ අහක බලන් යන්නේ නෞකා  එන්නකෝ නෞකා මං බලාන ඉන්නේ ඔබ එනතුරු නෞකා මෙම ගීතය රචනා කරන්නට හේතු වූයේ දයාසිරි ජයසේකර විසින් පසුගියදා මාධ්‍ය සාකච්ඡාවකදී කරන ලද ප්‍රකාශයකි. උපුටා ගැනීම දිවයිනෙනි.  හම්බන්තොට වරායට නැව් නොපැමිණෙන්නේ එම වරාය භාවිත කිරීමට සුදුසු බවට අවශ්‍ය සහතික කිරීම් තවමත් කර නොමැති නිසා බව එක්‌සත් ජාතික පක්‍ෂයේ කුරුණෑගල දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන

සෝම හිමියන්ගේ 'අපවත් කිරීමෙන්' සත් වසරකට පසු

Image
( 2010 දෙසැම්බර් 27,  W3Lanka )  ගංගොඩවිල සෝම හිමියන් අපවත් කර  දෙසැම්බර් 12දාට සත් වසරකි. අපවත් කිරීම යන නව යෙදුම සිංහල වාග් කෝෂයට එකතු වුණේ එහිමියන්ගේ අභාවයත් සමගයි.  දැඩි ලෙස රෝගාතුරව සිටි සෝම හිමියන් ශීත ඍතුවේ රුසියාවට යන්නේ ශාන්ත පීටර්ස්බර්ග් සරසවියෙන් ආචාර්ය උපාධියක් ලබා ගන්න‍ටයි.  සෝම හිමියන් අපවත් කිරීම පිණිස එරටට ගෙන්වා ගැනීමට මෙම ආචාර්ය උපාධිය (ඇමක් ලෙස) පාවිච්චි කරන ලද බවට එදා සිහල උරුමය විසින් චෝදනා කරන ලදී.  මරණය පිලිබදව තොරතුරු අනාවරණය කිරීම සදහා කොමිෂමක් පත් කරන ලදී.මෙම කොමිෂම මගින් පරීක්ෂණ දෙකක් පවත්වනු ලැබූ අතර මෙම කොම්ෂමේ සාමාජිකයන් තිදෙනෙකුගේ අවසන් නිගමනය වුයේ එම මරණය ඕනෑකමින් කරන ලද්දක් බවයි. එක් කොමිෂන් සාමාජිකයකු පවසුවේ ඒ සදහා සාක්ෂි නොමැති බවයි. සෝම හිමියන් අපවත් කිරීමෙන් සය වසරකට පසු පොලිස්පති මහින්ද බාලසූරිය ද එම විශ්ව විද්‍යාලයට යන්නේ ය. ඒ පරීක්ෂණයක් පැවැත්වීමට නොව ආචාර්ය උපාධියක් ලබා ගැනීමටයි. එහෙත්, ඔහු ඝාතනය කිරීමක් නම් සිදු වූයේ නැත.  ආචාර්ය උපාධි පිරිනැමීම සඳහා ඒ ඒ විශ්ව විද්‍යාලවලට අනන්‍ය වූ ක්‍රමවේද තිබේ. ආචාර්ය නාමය නම ඉදිරිපිටින් ඈඳා

ලෙස්ලි ගුණවර්ධන - කේ.එන්.ඕ. ධර්මදාස විවාදය හා ගාමිනී සුමනසේකරගේ පුවත්පත් කලාව

Image
මහාචාර්ය ලෙස්ලි රණවීර ගුණවර්ධන ( 2010 දෙසැම්බර් 26,  W3Lanka )  ඉරිදා දිවයිනෙහි කලා සටහන් තීරු ලිපියෙහි ගාමිනී සුමනසේකර මෙවර සටහනක් තබන්නේ මහාචාර්ය කේ.එන්.ඕ. ධර්මදාස පිළිබඳවයි. බොහෝ අවස්ථාවල ජාතිවාදී හෙවත් ජාතික ස්වෝත්තමවාදී අන්තයන්ට තල්ලු වී තිබෙන සිංහල ජාතිකවාදී පුවත්පතක කතුවරයකු වෘත්තීය විද්‍යාර්ථීන්ගේ ශාස්ත්‍රීය ලෝකය දෙස හෙළන බැල්ම එම ලිපියෙන් උපුට‍ගෙත් පහත සඳහන් කොටසෙහි රතු අකුරින් අප විසින් මතු කර දක්වන කොටස් දෙස අවධානය යොමු කරමින් අධ්‍යයනය කරන්න. ''සිංහල අනන්‍යතාව හා සිංහල ලකුණ වනසා දැමීම සඳහා ගොඩනැඟුණු ව්‍යාජ ඉතිහාස මැවුම්වලට ධර්මදාසයන්ගෙන් එල්ල වූයේ නිර්දය ප්‍රහාරයකි. බෙදුම්වාදී චින්තන ඉතිහාසය උඩු යටිකුරු කරමින් ඔහු ලියූ ලිපි මාලාව "දිවයින ඉරිදා සංග්‍රහයෙහි" පළවූ අයුරු මගේ මතකයට නැගෙයි. එහිලා ඔහු සිය සමකාලීන විද්වතකු වූ මහාචාර්ය ලෙස්‌ලි ගුණවර්ධනයන් සමග විවාදයක පැටලුණි. ශ්‍රී ලංකාවේ විසූ අග්‍ර ගණයේ විද්වතුන් දෙපළකගේ මෙම සංවාදය ලංකාවෙන් එපිටට පවා ඇදී ගියේය. ඉංග්‍රිසියෙන් ඇවිලී ගිය එම විවාදය ඇතැම් බටහිර විශ්වවිද්‍යාල වියතුන්ගේද අවධානයට ලක්‌විය. මහාචා

කේරළෙන් පොල් - පොල්ලෙන් රෝග

Image
( 2010 දෙසැම්බර් 25,  W3Lanka )  පුංචි කාලයේ බොහෝ දෙනෙකු ලියූ රචනාවක් පටන් ගැනුණේ 'පොල් ගස වනාහි තාල වර්ගයට අයත් ගසකි' යනුවෙනි.  එහෙක්, පොල් ප්‍රශ්නය වනාහි එලොව පොල් පෙන්වන එකකි. පොල් කිරට, පොල් තෙලට, පොල් සම්බෝලයට, මැල්ලුමට හුරු පුරුදු ලාංකීය කටවලට පොල් නැතිව රස නො දැනේ.  පොල් ඉඩම් කට්ටි කර නිවාස ඉදි කිරීම පිණිස වෙන්දේසි කිරීමේ විශේෂඥයකු වූ ජානක බෝගොල්ලාගමගේ සහෝදර රෝහිත බෝගොල්ලාගම පසුගිය කාලයේ මේ ආණ්ඩුවේ විදේශ ඇමති විය.  දැන් ආණ්ඩුව පොල් සංවර්ධන මණ්ඩලයේ අවසරයෙන් තොරව පොල් ගස් කැපීම තහනම් කර ඇත.. පසුගිය දිනෙක අප මිතුරියකගේ නිවසට ගිය විට ඇගේ සැමියා මහත් ආඩම්බරයෙන් කීවේ තවමත් ඉදි කරමින් තිබූ ඒ නිවසේ වහල සම්පූර්ණයෙන් ම පොලිෂ් කළ පොල් ලී බවයි. 'ඉතින් ඒක බලන්න ඉනිමඟක් තියලා වහලට නඟින්න එපායැ'යි මගේ බිරිඳ එන අතර කීවා ය. තව ටික කලක් යන විට අර වහල ද සෑහෙන වටිනා කියන එකක් වනු ඇත.  පොල් ගෙඩිය නැග්ග නැඟිල්ලේ තරම කෙතරම් ද යත්, ආණ්ඩුවට පොල් කඩන්නට ගස් බඩ ගාන්නට හා පොල් විකුණන්නට ද සිදු වී ඇත. ආණ්ඩුවේ පොල් ලොරිය එනකල් කොළඹ මිනිස්සු බලා ඉන්නේ 1970-77 කාලයේ සමුපෙට චීත්ත එනක

රටින් අඩු මිළ බඩු එනකල් නත්තල කල් දැමීමේ තීරණයක්

Image
( 2010 දෙසැම්බර් 24,  W3Lanka )  සමුපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍යංශය විසින් නත්තග් උත්සවය වෙනුවෙන් ඉන්දියාවෙන් ආනයනය කරන ලද අඩු මිළ බිත්තර තවම වෙළඳපොළට පැමිණ නැති නිසා කේක් හැදිය නො හැකි බැවින් ද, අඩු මිළට දෙන  ඉන්දියන් කුකුළු මස් නත්තල් කෑම මේසයට නැති බැවින් ද, පකිස්තානයෙන් ගෙන්වූ අඩු මිළ ළූනු නැති නිසා අච්චාරු දමන්නට බැරි හෙයින් ද, ඉන්දියාවෙන් ගෙන්වූ ලාභ පොල් නැති නිසා හොදි කන්නට බැරි බැවින් ද මෙවර නත්තල කල් දමා ඇත.  පැරණි ක්‍රමයට නත්තල නැවත පැවැත්වෙන දිනය ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දුගෙන් විමසන්න. සිංහල බෞද්ධ ක්‍රමයට නත්තල සමරන හැටි අතුරලියේ රතන මන්ත්‍රී හිමියන්ගෙන් විමසා දැනගන්න.  Bookmark, remember easily and come again   www.w3lanka.com

රණවිරුවන් මංකොල්ලකරුවන් කිරීමේ මාධ්‍ය මෙහෙයුම් හා යුද්ධයේ අතුරු ඵල | Side effects of war and media operations to dehumanize war heroes

Image
( 2010 දෙසැම්බර් 24,  W3Lanka )  හමුදා, පොලිස් සේවාවන්වලට සම්බන්ධ අය විසින් කරනු ලබන අපරාධ පිළිබඳ වාර්තා මේ දිනවල නිතිපතා ම මාධ්‍ය විසින් වාර්තා කරනු ලැබේ. මෙම වාර්තාකරණයත් සමග ම, හමුදා, පොලිස් සේවයෙන් ඉවත් ව සිටින ලක්ෂ ගණනක් පිරිස කෙරෙහි සමාජය සැක මුසු වීමේ ප්‍රවණතාවක් ද ඇති වී තිබේ.  වාර්තා වන මෙම සිද්ධි ඇත්ත ය. වාර්තාකරණය විසින් ඒවා විශේෂයෙන් මතු කර දක්වනවා යයි ද ඍජුවම චෝදනා කළ නො හැක. එහෙත්, ඒවා වාර්තා කරන අය තත්වය වෙනස් කිරීම සඳහා ඉවහල් වන සුබවාදී අදහස් වෙනුවෙන් පෙනී නො සිටීම නිසා එම වාර්තාකරණයෙන් අගතියක් සිදු වේ.  මෙසේ මාධ්‍ය විසින් වාර්තා කරනු ලබන අපරාධකරුවන් වන ආරක්ෂක අංශ නිලධාරීන් අතරින් ඇතැමෙක් තවමත් සේවයේ යෙදී සිටින අය වෙති. බොහෝ දෙනෙක් හමුදාවෙන් ඉවත් වූ, පළා ගිය අය හා පොලිස් සේවයෙන් ඉවත් කළ අයයි. ප්‍රධාන සිද්ධි දෙකක් ගතහොත්, එච්.එස්.බී.සී. බැංකුවේ මුදල් රු. කෝටි හතක් මංකොල්ලකෑම හා සම්බන්ධ පිරිස අතර ද වරකාපොල උගස් ආයතනයකින් ලක්ෂ විස්සක් මංකොල්ල කා පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ද මරා පොලිසිය විසින් ඝාතනය කර දමන ලද අය අතර ද හමුදා, පොලිස් සේවාවල සිටි අය වෙති. අද දිවයින

අධ්‍යාපන දෙපාර්තමේන්තුව නො දන්නා ඉංග්‍රීසි මාධ්‍යයට ගොස් වරිගෙ නහ ගන්න හැටි | The counter productivity of the English medium education of government schools of Sri Lanka

Image
( 2010 දෙසැම්බර් 23,  W3Lanka )  රජයේ පාසල්වල ඉංග්‍රීසි මාධ්‍යයෙන් විෂයයන් කීපයක් උගැන්වීම වසර කීපයකට පෙර ඇරඹිණි. සිසුවෝ පන්තියෙන් පන්තියට උසස්ව ගොස් සාමාන්‍ය පෙළ සමත් වූ හ. උසස් පෙළට ගිය විට බොහෝ පාසල්වල විශේෂයෙන් ම උසස් පෙළ විද්‍යා විෂයයන් ඉංග්‍රීසි බසින් උගැන්වීමට ගුරුවරු නොමැති වූ හ.  මෙම ගුරු හිඟයට පිළියම් ලෙස ගුරුවරුන් බඳවා ගැනීමට උපාධිධාරීන් සඳහා තරග විභාගයක් පවත්වන ලදී. එයට 8000ක් පෙනී සිටි අතර, 4000ක් සමත් වූ අතර 554ක් සම්මුඛ පරීක්ෂණයෙන් පසු බඳවා ගන්නා ලදී.  මෙම ගුරුවරුන්ගෙන් බොහෝ දෙනකුට ඉංගී‍්‍රසි භාෂාවෙන් ඉගැන්විය නොහැකි බවට සිසුන් හා විදුහල්පතින්ගෙන් ලද පැමිණිලි හා මැසිවිලි නිසා ගුරු සේවයට මින් ඉදිරියට බඳවා ගන්නා සියලු දෙනාම වසරක ඉගැන්වීම් පුහුණුවකින් තොරව පාසලේ සේවයට නොයොදවන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී ඇති බව අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන පවසයි. ඔවුන්ගෙන් බොහෝ දෙනා ඉගැන්විය නොහැකි බව පවසා පත්වීම් ලිපි ආපසු බාර දුන් බවත් හේ සඳහන් කළේ ය. සම්මුඛ පරීක්ෂණ පවත්වා මෙම පිරිස තෝරා ගත්තේ ද අධ්‍යාපන අමාත්‍යංශයේ ම නිලධාරීන් විසිනි.  විද්‍යා උපාධි හිමි ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉ

ළමයින් මහණ කිරීම ගැන නැවත හිතුවොත් නරක ද? | Let us re-consider ordaining children

Image
( 2010 දෙසැම්බර් 22,  W3Lanka )  පහත සඳහන් වන පුවත ප්‍රචාරය වුණේ ‍නෙත් ගුවන් විදුලියේ ය.  "ළමයින් 13දෙනෙකු අපයෝජනය කළ බවට සැකපිට භික්‍ෂු වෙස් ගත්තෙකු අනුරාධපුර ජනකපුර ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණා. අපයෝජනයට ලක්වූ බව කියන සියලූ දෙනා පිරිමි ළමයින්.  මළ පහ කිරීමේ අපහසුතාවක් නිසා රෝහල් ගත කෙරුණු වයස අවුරුදු 14ක පිරිමි ළමයකුගෙන් කරුණු අනාවරණ වුණා. අපයෝජනයට ලක්වූ බව කියන අනෙක් පිරිමි ළමුන් සියලූ දෙනා වයස අවුරුදු 14ට අඩු අයයි.  අත්අඩංගුවට ගැනුණු භික්‍ෂු වෙස් ගත් පුද්ගලයා වයස අවුරුදු 35ක පමණ තැනැත්තෙකු වනවා.  ගම්පහ ප‍්‍රදේශයේ විහාරස්ථානයක සිට මොහු ජනකපුරයට පැමිණ ඇත්තේ මීට නොබෝ කලකට පෙරයි. පිරිමි ළමයින් අපයෝජනයට පොළඹවාගෙන ඇත්තේ අසභ්‍ය වීඩියෝ දර්ශන පෙන්වා බව අනාවරණ වී තිබෙනවා. එලෙස අපයෝජනයට ලක්වූ බව කියන පිරිමි ළමයින් හඳුනාගෙන ඔවුන් වෛද්‍ය පරීක්‍ෂණවලට භාජනය කිරීමටයි පොලීසිය අදහස් කරන්නේ." භික්ෂූන් යම් යම් වැරදි කර හෙළිදරව් වූ කල ලංකාවේ ජනමාධ්‍ය ඔවුන් හඳුන්වන්නේ ඉහත රතු අකුරින් දක්වා ඇති පදවලින්. එහෙත්, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් නම් මෙම පුද්ගලයන්

බලු පත්තරයක් වූ මන්ත්‍රී වාහන ආනයන බලපත්‍රය | Duty free vehicle import permits of some MPs of Sri Lanka go to dogs

Image
( 2010 දෙසැම්බර් 21,  W3Lanka )  පාර්ලිමේන්තු මන්ත්‍රීන් 65ක් මේ වන විට තමන්ට මහජනතාවට සේවය කිරීම සඳහා ගමන් බිමන් යාමට බදු සහන මත ආනයන මිළ රු. ලක්ෂ 55ක පමණ වටිනාකමක් ඇති වාහනයක් ආනයනය කිරීම සඳහා ලබා දුන් බලපත්‍රය නීති විරෝධී අන්දමින් විකුණා ඇති බව අද The Island පුවත්පත වාර්තා කරයි.  මෙම මන්ත්‍රීන් අතර කැබිනට් ඇමතිවරු දෙදෙනෙකු ද සිටින බව ද ඉන් එක් අයෙකු සිය බලපත්‍රය විකුණා ඇත්තේ රු. මිලියන 15කට බව ද අනෙකා සිය බලපත්‍රය රු. මිලියන 12.5කට විකුණා ඇති බව  The Island  පුවත්පත පවසයි.  මේ වනාහි ලංකාවේ රජයට ලැබිය යුතුව තිබුණු බදු ආදායමක් වංචනික අයුරින් සිය සාක්කුවට දමා ගැනීමේ මහා පොදු දේපල වංචාවකි.  දූෂණය පිළිබඳ මහ හඬින් කතා කරන ජනතා විමුක්ති පෙරමුණ පවා මෙම කරුණේදී නිහඬව සිටින ආකාරය සැක උපදවයි.  හවුලේ හොරකම් කිරීම සඳහා ජවිපෙ ද මීට පෙර ආණ්ඩුව සහ එජාපය සමග එකතු වී තිබෙන අවස්ථා තිබේ. බස්නාහිර පළාත් සභාවේ ජවිපෙ මන්ත්‍රීවරයකු ද ඇතුළුව මන්ත්‍රීන් පිරිසක් මේ වසර මුලදී මාස තුනක් පළාත් සභා රැස්වීම්වලට සහභාගි ‍නො වීම නිසා මන්ත්‍රී පදවි අහිමි වූ අවස්ථාවේ එය වළක්වා ගැනීම සඳහා නීතියට, සදාචාරයට හා