ගලවපු ප්ලග් හයි කරන්න - ඔන්න එනව ඔකොන්ජෝ නෝනා

(2010 දෙසැම්බර් 15, W3Lanka"During these meetings, I hope to understand how the Bank can best assist Sri Lanka during this period of transition. As a trusted knowledge partner for over 50 years, the World Bank looks forward to building upon this established collaboration and to continue supporting Sri Lanka's ambitious development agenda." said Dr. Okonjo-Iweala.


"මෙම රැස්වීම්වලදී මම බලාපොරොත්තු වෙනවා තේරුම් ගන්න මෙම සංක්‍රාන්ති සමයේදී ලෝක බැංකුවට කෙසේ ද හොඳින් ම ලංකාවට උදව් කළ හැකි යන්න. වසර පනහක් තිස්සේ විශ්වාසවන්ත ඥාන පාර්ශ්වකරුවකු ලෙස ලෝක බැංකුව බලාපොරොත්තු වෙනවා මෙම ස්ථාපිත සහයෝගය වර්ධනය කර ගන්න සහ ශ්‍රී ලංකාවේ උන්නතිකාමී සංවර්ධන න්‍යාය පත්‍රයට දිගට ම උදව් කරන්න."


මෙසේ කියන Okonjo-Iweala වනාහි ලෝක බැංකු සාමූහිකයේ කළමනාකාර අධ්‍යක්ෂවරියයි. 


පසුගිය කාලයේ ලංකාව විසින් ගලවන ලද ප්ලග් නැවත සවි වෙමින් ඇති අතර දැනටත් ලෝක බැංකුව ලංකාවේ ඩොලර් බිලියන 1.25ක් වටිනා ව්‍යාපෘති 17ක් මෙහෙයවයි. 


ඒවා අධීක්ෂණය කරන්නත්, ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු ආණ්ඩුවේ හා රජයේ ලොකු ලොක්කන් සමග සාකච්ඡා කරන්නත්, මහ බැංකුවේදී දේශනයක් පවත්වන්නත් Okonjo-Iweala නම් වන මෙම 'බටහිර' බලවේගය සිකුරාදා ලංකාවට සැපත් වන්නී ය.  


ලෝක බැංකුව බටහිර වුණත් මේ තැනැත්තිය නම් නයිජීරියානු කාන්තාවකි. 


1954දී ඇබර්ඩීන් ලක්ෂපාන විදුලි බල ව්‍යාපෘතියෙන් ඇරඹුණු ලෝක බැංකු - ලංකා ඇයි හොඳයියේ අලුත් පරිච්ඡේදයක් ලියන්නට මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සැරසෙන බව පෙනේ. 


පසුගිය කාලයේ ලෝක බැංකුව විසින් ලංකාව වෙනුවෙන් සකසන ලද ලංකාවෙ ගෝලීය ධනවාදයේ ගොදුරු බිමක් බවට පත් කරන 'යළි පුබුදමු ශ්‍රී ලංකා' වැනි සැලසුම් දූවිලි ගසා බසා දමා නැවත කරළියට එමින් තිබේ.


රනිල් ඒ දේ කරන විට නරක් වූ දේශප්‍රේමීන්ට දැන් මහින්දගේ ආණ්ඩුව යටතේ ඒවා ලස්සනට පෙනෙන්නට පටන් ගෙන ඇත. 

Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

Comments

  1. එදා යූ.එන්.පී එකට රෙදි උස්සගන බැනපු එවුන් දැන් ඉන්නේ ගලේ පහරපු බළල්ලු වගේ....

    ReplyDelete
  2. Sri lankan poltics is a matter for worry to moderate people and people with consience.Politicians are playing game with people's trust, they showed in the elections. Sri lankan people should shift their trust more towards to the parties or individuals who involved in politics based on policies rather than popular slogans.

    ReplyDelete
  3. Okonjo-Iweala කොච්චර අහිංසකද කියලා බලන්න මේකත් බලන්න
    http://www.youtube.com/watch?v=kI6S_Xhmt7U

    ReplyDelete
  4. http://www.youtube.com/watch?v=apwuIB_0pA0&feature=related
    http://www.youtube.com/watch?v=y1PnDT8TSaE&feature=related
    http://www.youtube.com/watch?v=UbYOHnNNNcQ&feature=related
    http://www.youtube.com/watch?v=xLQuoRunnJs&feature=related
    http://www.youtube.com/watch?v=SYl1zZMymew&feature=related

    ReplyDelete
  5. ධනපති මහින්ද 2005 දි බලය ගන්න කොහේවත් නැති ඊනියා ජාතිකවාදයක් කර ගහ ගත්ත. සමහර විට මහින්දත් දන්නෙ නැතිව ඇති තමන් ශක්තිමත් කළේ කව්ද කියල. ඒයාට අවශ්‍ය වුනේ කොහොම හරි බලයට එන්න.

    නමුත් මහින්ද ධනපතියෙක්. ලෝකෙ හැම තැනම ඉන්න ධන්පතියන් වගේම මහින්දත් කළේ බලයට එන්න උපක්‍රමයක් යොදා ගැනීම. ඊනියා ජාතිකවාදයක් බදා ගත්තට මහින්ද දන්නව දේශීයත්වයෙන් ආණ්ඩුවක් ගෙන යන්න බැරි බව. එයා කොහොම හිතුවත් ධනපති පංතිය ක්‍රමය තල්ලු කරන්නෙ එයාලට අවශ්‍ය විදිහටයි. ඒකයි මහින්ද ජාත්‍යන්තර මූල්‍ය ආයතන එක්ක ගිවිසුම් ගහන්නෙ.

    දැන් බොහෝ දෙනෙක් කියාවි මහින්ද අර්බුදයකට යන්නෙ දැන් කියල. අපෝ එහෙම වෙන්නෙ නැහැ.ගෝලීය ප්‍රාග්ධනයට පක්ෂතාක් මහින්දව අයින් කරන්න බටහිරට අවශ්‍ය නෑ. නමුත් අර්බූදයකට යන්නෙ ලංකාවෙ ඊනියා ජාතිකවාදීන් යැයි කියා ගන්නා වර්ගවාදී සත්ව කොට්ඨාශයයි. නලින් ද සිල්වා, ගුණදාස අමරසේකර හා චම්පික රණවක යන වර්ගවාදී න්‍යායචාරීන් මෙන්ම විමල් වීරවංශ ඇතුළු දේශහිතශී ජාතික ව්‍යාපාරයත්, ජනතා විමුක්ති පෙරමුණත්, ජාතික හෙල උරුමයත් නිරුවත් වෙන එක නම් අනිවාර්යයි.

    රනිල් කරන කොට රෙද්ද කඩා ගෙන උඩ පැන්න මේ වර්ගවාදීන්ට දැන් සිද්ධ වේවි තමුන් මොකක්ද කරන්නෙ කියල මිනිස්සුන්ට කියන්න. බඩ ගෙඩි වලට දැවිල්ල එන කොට ඊනියා දේශප්‍රේමී මිනිස්සුන්ටත් තේරේවි සිද්ධ වුණේ මොකක්ද කියල.

    ඒ නිසා ආයෙත් වටයකින් ධනපති රනිල් විකීට හිස ඔසවන්න හොද ඉඩ කඩක් නිර්මාණය වීම අනිවාර්යක්. එතකොට අයිවන්ල ආයෙත් බලය බෙදීම ගැන ලියන්න ගනීවි.

    ශාන්- බුමුතුරුණු

    ReplyDelete
  6. ප්ලග් කථාව කිව්වේ වීරවංශ දැන් ඌගේ දේශප්‍රේමේ තියෙන්නේ පුකේද.දිපංකෝ මේවට උත්තර පුළුවන්නම්.

    ReplyDelete
  7. බොලවු මේ නොදන්න කමට අහන්නේ. ධනපති ක්‍රමයට, එහෙම නැත්තං වෙළඳපොල කෙරේමෙට හෙළ උරුමේ විරුද්දයි කියල කිවුවේ කාදද බොලං? මුංගෙ දායකයෝ වැඩිහරියක් මෙ කෙරේමෙං සල්ලි හොයන එව්වොනේ බොලවු!

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා