ගලවපු ප්ලග් හයි කරන්න - ඔන්න එනව ඔකොන්ජෝ නෝනා
( 2010 දෙසැම්බර් 15, W3Lanka ) "During these meetings, I hope to understand how the Bank can best assist Sri Lanka during this period of transition. As a trusted knowledge partner for over 50 years, the World Bank looks forward to building upon this established collaboration and to continue supporting Sri Lanka's ambitious development agenda." said Dr. Okonjo-Iweala. "මෙම රැස්වීම්වලදී මම බලාපොරොත්තු වෙනවා තේරුම් ගන්න මෙම සංක්‍රාන්ති සමයේදී ලෝක බැංකුවට කෙසේ ද හොඳින් ම ලංකාවට උදව් කළ හැකි යන්න. වසර පනහක් තිස්සේ විශ්වාසවන්ත ඥාන පාර්ශ්වකරුවකු ලෙස ලෝක බැංකුව බලාපොරොත්තු වෙනවා මෙම ස්ථාපිත සහයෝගය වර්ධනය කර ගන්න සහ ශ්‍රී ලංකාවේ උන්නතිකාමී සංවර්ධන න්‍යාය පත්‍රයට දිගට ම උදව් කරන්න." මෙසේ කියන Okonjo-Iweala වනාහි ලෝක බැංකු සාමූහිකයේ කළමනාකාර අධ්‍යක්ෂවරියයි. පසුගිය කාලයේ ලංකාව විසින් ගලවන ලද ප්ලග් නැවත සවි වෙමින් ඇති අතර දැනටත් ලෝක බැංකුව ලංකාවේ ඩොලර් බිලියන 1.25ක් වටිනා ව්‍යාපෘති 17ක් මෙහෙයවයි. ඒවා අධීක්ෂණය කරන්නත්, ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු ආණ්ඩුවේ හ...