Posts

Showing posts from October, 2010

රෝහල්වල බාහිර රෝගී අංශ සවස හත වන තුරු විවෘත කිරීම දිළින්දන්ට සහනයකි

Image
( 2010 ඔක්තෝබර් 30,  W3Lanka )  නොවැම්බර් 15 දින සිට, දිවයින පුරා ප්‍රධාන රෝහල්වල බාහිර රෝගී අංශ සවස හත දක්වා විවෘත කර තැබීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගනු ලබන බව නිවේදනය කර තිබේ.  අති විශාල වශයෙන් බදු ගෙවන ලංකාවේ බහුතරයක් දිළිඳු ජනතාවට නිදහස් සෞඛ්‍ය සේවාව හැරුණු විට ලෙඩකදී, දුකකදී අන් පිළිසරණක් නැත. පෞද්ගලික වෛද්‍ය සේවා සාමාන්‍ය ජනයාට ඔරොත්තු නො දෙන තරම් මිළ අධික ය.  දැනට පවතින තත්වය තුළ වැඩ කරන මිනිසෙක් තමන්ට හෝ තම පවුලේ අයෙකුට රෝහලක බාහිර රෝගී අංශයෙන් යම් වෛද්‍ය සේවාවක් ලබා ගැනීමට නම්  එදා දවස නිවාඩු දමා පෝලිම්වල ලැගීමට සිදු වේ.  නැතිනම්, වැඩ ඇරී ගෙදර පැමිණ සවස වෛද්‍ය කඩයකට යා යුතු ය. ඒවායේ ද පෝලිම් නැතුවා නො වේ. පෝලිම්වලට අමතරව ඒවා අධික මිළක් ද අය කරයි.  පැය විසි හතර ම බාහිර රෝගී අංශ විවෘත කර තැබීමට ජනාධිපතිතුමා කළ යෝජනාව ප්‍රායෝගික කර ගැනීම දුෂ්කර ය. එහෙත්, සවස හත දක්වා හෝ බාහිර රෝගී අංශ විවෘත කර තැබීම දිළිඳු ජනයා පැත්තෙන් පැසසිය යුතු පියවරකි.    Bookmark, remember easily and come again   www.w3lanka.com

පත්තර විකුණන අලුත් ම උපාය: පාසල්වල බ්ලැක් ලයන් මාෆියා ඇති බව කීම | Black Lions: the latest sales gimmick of newspaper industry of Sri Lanka

Image
ලංකාවේ ඡායාරූපයක් නො වේ. ( 2010 ඔක්තෝබර් 30,  W3Lanka )  පාසලක ක්‍රියාත්මක වන බව කියන බ්ලැක් ලයන් නම් කල්ලියක් පිළිබඳ දැවැන්ත ප්‍රචාරයක් ප්‍රධාන ධාරාවේ පුවත්පත් කීපයක් විසින් ආරම්භ කර තිබේ. මෙම ජනමාධ්‍ය විසින් කරමින් තිබෙන්නේ ඉතා සුළු තොරතුරක් හෝ ප්‍රබන්ධයක් හෝ අතිශයෝක්තියට නඟා ප්‍රචාරය කරමින් භීතිකාවක් නිර්මානය කිරීමයි. බ්ලැක් ලයන් කල්ලිය පිළිබඳ ලිපියක් මුලින් ම ගිය සතියේ ඉරිදා ලංකාදීප පුවත්පතේ දක්නට ලැබුණු අතර, එය ජනප්‍රිය වීමත් සමග මේ සතියේ දිවයින පුවත්පත ද බ්ලැක් ලයන් වලිගය අල්ලාගෙන තිබේ. දිවයිනේ ලිපියට සබඳතා පුරුක මෙන්න . මෙවැනි කල්ලියක් පාසලක තිබෙන බව දන්නේ නම් මුලින් ම කළ යුතුව තිබෙන්නේ ඒ පිළිබඳව පාසලේ පරිපාලන හා විනය අංශ වෙත ඒ පිළිබඳව සොයා බලන ලෙස දැන්වීමයි. නැතිනම් පොලිසියට පැමිණිලි කිරීමයි. අවශ්‍ය නම්, රහස් පොලිසිය හෝ යොදවා පරීක්ෂණයක් පැවැත්විය හැකි ය. පත්තරකාරයන් කියන හැටියට එතරම් රහසිගත සංවිධානයක ස්වරූපයක් දක්නට නැති මෙම සංවිධානය පිළිබඳ තොරතුරු සොයා ගැනීමට පොලිසියට පැයක්වත් ගත විය නො හැක. එහෙත්, මෙම සංවිධානය ගැන දන්නා බව කියන පුද්ගලයෝ පිරිසක් එසේ නො කර ජනම

අන්තරේට ඇඩ්‍රස් නැති වෙන්න දෙන්න මෙන්න පාර! | A method to chase Inter University Students' Federation away from Sri Lanka's universities

Image
( 2010 ඔක්තෝබර් 29,  W3Lanka )   පසුගිය මැතිවරණ කිසිවකදී මේ රටේ ජනතාව ජවිපෙ කියන දෙයක් අසන බව ආණ්ඩුවේ හෝ ආණ්ඩුවට පක්ෂපාතී මාධ්‍ය කීවේ නැත. එසේ ම, ජනතාව ජවිපෙට රැවටෙන්නේ නැති තරමට බුද්ධිමත් බව ද කියන ලදී. එහෙත්, දැන් හදිසියේ ම ජවිපෙට හා ජවිපෙ විසින් මෙහෙයවනු ලබන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයට රැවටුණ ශිෂ්‍ය පිරිසක් විශ්වවිද්‍යාලවලින් බිහි වී ඇත. ගෝඨාභය රාජපක්ෂට වඩා ජවිපෙට කවුරුවත් බිය විය යුතු නැති වුවත්, ආණ්ඩුවේ ජනමාධ්‍ය කියන පරිදි සරසවි සිසුවෝ පමණක් අන්තරේට බියේ පෙළපාලි යති. බියේ යන පෙළපාලි අතරමැද හතර වටෙන් ආරක්ෂාවට සිටින පොලිසිය වෙත දිව ගොස් භාර විය හැකි මුත් ඔවුහු එසේ නො කරති. ඒ ඇයි? අප සිතන පරිදි නම්, සරසවි සිසුන් වීදි බස්සන්නට අන්තරේට හැකි වී තිබෙන්නේ ඔවුන්ට තිබෙන ගැටලු නිසා ය. ඒ ගැටලුවලට විසඳුම් දුන්නා නම් අන්තරේට ඇඩ්‍රස් නැති වනු ඇත. විශ්ව විද්‍යාලයේ අන්තරේට විකල්ප 'ශක්තිමත්' සංවිධාන හිමි කරගෙන සිටින බව කියන විමල් වීරවංශ වැනි ඇමතිවරු විශ්ව විද්‍යාල තුළ ඇති ප්‍රශ්න හොඳින් දන්නවා ඇත. පහත පළ වන්නේ ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දන්නා දේ කීපයකි. උ

මාධ්‍ය තුළින් ඇහැ ගිනි කණ වට්ටන සංවර්ධනය හා ලාංකිකයන්ගේ ජීවිතවල සංවර්ධනය

Image
( 2010 ඔක්තෝබර් 29,  W3Lanka )   ජනමාධ්‍ය තුළ නම් ලංකාව අධි වේගයෙන් සංවර්ධනය වෙමින් තිබේ. ඒක පුද්ගල ආදායම කිසි කිසි ගා දෙගුණ වෙමින් ඇත. ලංකාවට මේ වසරේ තව ම සංචාරකයන් ලක්ෂ පහක් ආවේ නැති මුත්, සංචාරකයන් ලක්ෂ 25ක් එන ලංකාවක් ගැන මාධ්‍ය කතා කරති. 2018 පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල සඳහා සත්කාරක නගරය තෝරා ගන්නේ 2011 නොවැම්බරයේ මුත්, ලංකාවේ මාධ්‍ය කියන පරිදි හම්බන්තොට ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්තයේ ගෝල්ඩ් කෝස්ට් නගරය පරදවා ඒ තැන අත් පත් කරගෙන හමාර ය. මාධ්‍යවලින් මැවෙන සිහිනය අනුව, හම්බන්තොට සුර පුරයක් වී හමාර ය.  ලංකාවේ පරිගණක සාක්ෂරතාව යන්තම් 20% ඉක්මවූවා පමණි. ආණ්ඩුවේ ඊ රාජ්‍යය ඊ ග්‍රාමසේවක දක්වා පැතිරී ඇති බව මාධ්‍යවලින් ප්‍රකාශ කෙරේ. නුදුරු අනාගතයේදී හැම ගෙදරකට ම අන්තර්ජාලය දෙන බව ජනාධිපති කියයි. එහෙත්, ලංකාවේ නිවෙස්වලින් 15%කට විදුලිය නැති බව කියන්නේ ද ඒ ආණ්ඩුව ම ය. ජනතාව සංවර්ධන වන්දනාවේ යති. වරාය බලන්නට ගිය අයට දැන් මත්තල හැදෙන ජාත්‍යන්තර ගුවන් තොටුපළ බලන්නට යන්නට පුළුවන. ඊළඟට දක්ෂිණ අධිවේගී මාර්ගය බලන්නට යා හැකි ය. ඉන් පසු ගාලු මුවදොර ගොඩ කරන හැටි පෙන්විය හැකි ය.   ඉහළ යන බඩු

සරසවි සිසුන්ගේ ලුම්පන් අම්මලාගේ නාසි සංදර්ශන, ගොබෙල්ස් මීඩියා හා සරසවිය මුදා ගැනීමේ මෙහෙයුම

Image
ලු ( 2010 ඔක්තෝබර් 28,  W3Lanka )   අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ අත්තනෝමතික ක්‍රියාකාරීත්වය කෙරෙහි දැඩි විරෝධය පළ කරමින් සරසවි සිසුන්ගේ මවුපියන් ප්‍රමුඛ කැලණිය ප්‍රදේශවාසීහු කැලණිය විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී ඊයේ (27) උද්ඝෝෂණයක නිරත වූ බව අද දිනමිණ වාර්තා කර තිබේ. මේ මවුපියන් ප්‍රමුඛ කැලණිය ප්‍රදේශවාසීන්ගේ හැසිරීම දැක බලා ගන්නට අවශ්‍ය නම් ඩේලි මිරර් පුවත්පතේ මෙම වීඩියෝව බලන්න. ඔවුන් අම්මලා, තාත්තලා වන්නට පුළුවන. එහෙත්, ඔවුන් කී දෙනෙකු සරසවි සිසුන්ගේ අම්මලා, තාත්තලා ද යන්න සොයා බැලිය යුතු ය. 'කාගෙ ද මේ බලවේගේ - මර්වින්ගේ බලවේගේ' යන සුපුරුදු සටන් පාඨය කටින් පිට වීම වළක්වා ගත නො හැකි මෙම බීමත් මැරවර පිරිස සරසවි සිසුවකුට අඩන්තේට්ටම් කරන ආකාරය අද පුවත්පත් රැසක පළ වූ ඡායාරූපවලින් පෙනේ. මෙම උද්ඝෝෂණයේදී ගැහැනුන් පිරිසක් කලහකාරී ලෙස හැසිරෙන ආකාරය හා සරසවි සිසුවකුට අඩන්තේට්ටම් කරන ආකාරය දැක ගත හැකි ය. ඒ අතරින් එක් ගැහැනියක වන්නේ දිනමිණට අනුව 'එම අවස්ථාවට සහභාගි වූ බියගම කාන්තා සංවිධානයේ සාමාජිකා බිමල්කා පොත්තෙවෙලයි.' දිනමිණ කියන අන්දමින් නම් 'ප්‍රදේශයේ ජන

ආණ්ඩුවේ අලුත් සතුරෝ: උදුල් ප්‍රභාකරන්, අන්තරේ කොටි හා සරසවි දෙමළු

Image
( 2010 ඔක්තෝබර් 27,  W3Lanka )  කොටින්ගේ පරාජයෙන් පසු ආණ්ඩුවට ශක්තිමත් සතුරකු ඕනෑ වී තිබිණි. දෙමළ ඩයස්පෝරාව කලක් සතුරාගේ භූමිකාව රඟ දක්වමින් සිටියේ ය. එහෙත් ශක්තිමත් සතුරකු නො වූ හෙයින් ආණ්ඩුවට පහසුවෙන් එය පසුබැස්විය හැකි විය.  එක්සත් ජාතික පක්ෂය පමණක් නො ව ජනතා විමුක්ති පෙරමුණ පවා ශක්තිමත් සතුරකු සැපයීමට අසමත් ය.  සතුරකු නැතිව පැවතිය නො හැකි ය. ආණ්ඩුව තම පාක්ෂික බලවේගය හැම විට ම නඩත්තු කළේ සතුරකුට එදිරිව සටන් කිරීමටයි. එසේ ම, සිය සියලු නො හැකියාවන් වසා ගත්තේ ද සතුරා පෙන්වමිනි.  බඩු මිළ ඉහළ යාම, ණය බර වැඩි වීම, පොරොන්දු කඩ කිරීම මධ්‍යයේ විරැකියාව, ජීවන වියදම ඉහළ යාම වැනි තත්වයන් හමුවේ මහජන අසහනය වැඩි වීම නිසා දැන් සතුරාගේ පුරප්පාඩුව ආණ්ඩුවට තද බල ලෙස දැනේ.  ඔන්න දැන් සතුරා සොයාගෙන ඇත.  ආදේශ වීම මෙසේ ය: දෙමළා සරසවි සිසුවා ය.  කොටි අන්තරේ ය. ප්‍රභාකරන් උදුල් ප්‍රේමරත්න ය. වන්නිය සරසවි ය. මුදා ගැනීමේ මෙහෙයුම සඳහා සරත් ෆොන්සේකා එස්.බී. දිසානායකයි. මුදා ගැනීමේ මෙහෙයුම ඉක්මණින් සිදු නො වනු ඇත. මාධ්‍ය මෙහෙයුම දැනටමත් ජයට ම සිදු වේ. සිසුන්ට එරෙහිව මාපියන් කර

මංජු වන්නිආරච්චිලාගේ රත්තරං රැක ගත හැක්කේ කෙසේ ද?

Image
( 2010 ඔක්තෝබර් 26,  W3Lanka ) පොදු රාජ්‍ය ක්‍රීඩා උළෙලේ බොක්සිං රන් පදක්කම්ලාභී මංජු වන්නිආරච්චි නැන්ඩ්‍රලෝන් නම් තහනම් උත්තේජකය පාවිච්චි කර ඇතැයි නැඟුණ චෝදනාවෙන් පසු, යමකු මලල ක්‍රීඩාවෙන් ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණයක් ලබා ගන්නේ නම්, එය තම ජනප්‍රියත්වයට ඉවහල් කර ගැනීම සඳහා  ජනාධිපතිතුමා   එම පුද්ගලයාට දුරකථන ඇමතුම් දීම වැනි කාර්යයන් කිරීම ක්‍රීඩකයාගේ මුත්‍රා සාම්පල වාර්තාව එන තෙක් ප්‍රමාද කරනු ඇතැයි අපේක්ෂා කළ හැකි ය. වාසනාවට කලින් වතාවේ සුසන්තිකා සම්බන්ධයෙන් ලංකාව කටයුතු කළ අන්දමින්, මේ වනාහි අප වැනි පුංචි රටක ක්‍රීඩකයකුගේ නැඟීමට ඉරිසියා කරන මහ බලවතුන් විසින් කරනු ලබන කුමන්ත්‍රණයකැයි කියමින් රට තුළ බාල දේශප්‍රේමය අවුළුවා සමස්ත ක්‍රීඩා ක්ෂේත්‍රය ම අවුල් කරන ස්වභාවයක් නම් තවම දක්නට නැත.  2018 පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල හම්බන්තොට පැවැත්වීම සඳහා සිහිනයක් ද නිර්මානය කෙරෙමින් තිබේ.  ප්‍රධාන ක්‍රීඩා උලෙලක් කිසියම් නගරයක පැවැත්වීම ක්‍රීඩාවට එහි ගිය ආර්ථික, දේශපාලන තරගයක ප්‍රකාශනයකි.  ක්‍රීඩා උළෙලක සත්කාරක රට එම උළෙලේදී යම් තරගකාරී මට්ටමක සිටීම අත්‍යවශ්‍ය ය. 2018 පොදු රාජ්‍ය ක

හයවන ශ්‍රේණියේ දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබා දීම නරක ද? | Is sex education bad for Grade Six?

Image
චීනයේ පළමු ශ්‍රේණියේ ළමුන්ගේ ලිංගික අධ්‍යාපන පෙළ පොතකින් පිටුවක් ( 2010 ඔක්තෝබර් 25,  W3Lanka )  කොළඹ ජාත්‍යන්තර පාසලේ (Colombo International School) හයවෙනි ශ්‍රේණියේ විෂය නිර්දේශයට ලිංගික අධ්‍යාපනය එකතු කිරීම ගැන ළමා ආරක්ෂක අධිකාරිය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව අද දිනමිණ පුවත්පත වාර්තා කරයි. බාලවයස්කාර දරුවන් නොමඟ යවන ආකාරයේ ලිංගික අධ්‍යාපනයක් ලබාදෙන ජාත්‍යන්තර පාසල්වලට එරෙහිව නීතිමය පියවර ගන්නා බව අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන පැවසූ බව ද එම වාර්තාවේ සඳහන් වේ. අධ්‍යාපන ඇමතිවරයා ලිංගික අධ්‍යාපනය යන්නෙන් අදහස් කරන්නේ ළමයින්ට නුසුදුසු කිසියම් වලත්ත දෙයක් බව පෙනේ. එහෙත්, ලිංගික 'අධ්‍යාපනය' නම් එහෙම දෙයක් නො වේ. වලත්ත දේ වන්නේ ඈත අතීතයේ සිට ම ළමා අපචාරකාර වැඩිහිටියන්ගෙන් ළමයින් ඉගෙන ගත් පාඩම් ය. ඒවා ලිංගික අධ්‍යාපනය නො වේ. අයෝග්‍ය ලිංගික අත්දැකීම් ය. හයවන ශ්‍රේණියේ සිටින නව යොවුන් වියට එළඹීමට ආසන්න දරුවකු සිය සිරුරේ සිදු වන්නට ඉඩ ඇති වෙනස්කම් පිළිබඳ විධිමත් අන්දමින් ඉගෙනීම අත්‍යවශ්‍ය ලිංගික අධ්‍යාපනයකි. විශේෂයෙන් ම, මල්වර වීමට ආසන්න ගැහැනු ළමුන් හට ඒ පිළිබඳවත්, ලිංගි

පළාත් පාලනය ජනතාවගෙන් ඈත් කරන අලුත් ඇප මුදල්

Image
( 2010 ඔක්තෝබර් 23,  W3Lanka )  පළාත් පාලන ආයතන ඡන්දයට ඉදිරිපත් වන පිළිගත් දේශපාලන පක්‍ෂයක අපේක්‍ෂකයෙක්‌ රුපියල් පන් දහසක්‌ද, ස්‌වාධීන කණ්‌ඩායමක අපේක්‍ෂකයෙක්‌ රුපියල් විසිදහසක්‌ද ඇප තැබිය යුතු බව ඔක්තෝබර් 21දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනතේ සඳහන් වේ. මෙතෙක් පැවති ක්‍රමයට අනුව දේශපාලන පක්‍ෂ ඇප මුදල් තැන්පත් කිරීමක්‌ අවශ්‍ය නො වීය. ස්‌වාධීන කණ්‌ඩායමක අපේක්‍ෂකයෙක්‌ රුපියල් දෙසිය පනහක තැන්පත් කළ යුතු විය. පළාත් පාලන දේශපාලනයේදී නව ඇප මුදල් සුළු ගණන් නො වේ. එහෙයින් විශාල අරමුදලක් නැති කුඩා පක්ෂවලට හා ස්වාධීන දේශපාලකයන්ට මෙය බලපානු ඇත. පළාත් පාලන ඡන්දයේදී කණ්ඩායම් ඉදිරිපත් කිරීමට හැකි වනු ඇත්තේ ධනවත් දේශපාලන පක්ෂ හා කණ්ඩායම්වලට පමණි.  රට පුරා අපේක්ෂකයන් ඉදිරිපත් කරන කුඩා දේශපාලන පක්ෂවලට ඇප මුදල් තැන්පත් කිරීම සඳහා රු. කෝටි ගණනක් අවශ්‍ය වනු ඇත. ජනතා විමුක්ති පෙරමුණ, වාමාංශික පෙරමුණ වැනි පක්ෂවලට මෙම තත්වය බලපානු ඇත. මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම කොට්‌ඨාස ක්‍රමය යටතේ සහ අනුපාත ක්‍රමය යටතේ පැවැත්වීම සඳහාද මෙම පනත් කෙටුම්පත්

චෞර රැජින, වික්ටර් අයිවන් සහ ඉලංගේස්වරන් චන්ද්‍රිකා ඝාතනයට වරද පිළි ගැනීම

Image
( 2010 ඔක්තෝබර් 22,  W3Lanka )   1999 දෙසැම්බර් 18 දින කොළඹ නගර ශාලාව අසල පැවති ජනාධිපතිවරණයේ අවසන් ප්‍රචාරක රැළියේදී එවකට ජනාධිපති චන්ද්‍රිකා බංඩාරනායක කුමාරතුංග ඝාතනය කිරීම පිණිස බෝම්බයක් පිපිරවීම සම්බන්ධයෙන් කොටි සංවිධානයේ සාමාජිකයකු බව කියන පුද්ගලයෙක් වරද පිළි ගෙන තිබේ. ඉලංගේස්වරන් නම් මෙම පුද්ගලයා විසින් දෙන ලද කට උත්තරය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව අධිකරණය පිළි ගෙන තිබිණි. එහෙත් 2001 සිට මේ දක්වා පැවැත්වෙමින් තිබෙන මෙම නඩුවේදී විත්තිකරු තමන් නිවැරැදිකරු බව කියමින් සිටි අතර පසුව අධිකරණ‍යේදී ඔහු වරද පිළි ගෙන තිබේ.  වසර දහයකට වැඩි කාලයක් රිමාන්ඩ් භාරයේ සිටියත්, 26දෙනෙකු මරා දමන ලද, රටේ ජනාධිපති ඇතුළු සියයක පමණ පිරිසකට තුවාල සිදු කරන ලද සිද්ධියක විත්තිකරුවෙක් නිවැරැදිකරුවකු වුව ද යම් සහනයක් පතා වරද පිළි ගනීවි යයි සිතිය නො හැකි ය. මන්ද, ඔහුට සහනයක් දීමට අධිකරණයට බැරි බැවිනි.  මෙම සැකකරු මීට පෙර අධිකරණයේදී පැවසුවේ තමන් ත්‍රස්ත විමර්ශන අංශයේ සහකාර පොලිස් අධිකාරි ආර්ලිස්ට දුන් කට උත්තරය ලෙස ඉදිරිපත් කරන ලද්දේ සිංහල බසින් සකසන ලද, තමන්ට නො තේරුණ, තමන් විසින් බිය නිසා අත්සන් තබන ලද ල