ආණ්ඩුවේ අලුත් සතුරෝ: උදුල් ප්‍රභාකරන්, අන්තරේ කොටි හා සරසවි දෙමළු

(2010 ඔක්තෝබර් 27, W3Lankaකොටින්ගේ පරාජයෙන් පසු ආණ්ඩුවට ශක්තිමත් සතුරකු ඕනෑ වී තිබිණි.


දෙමළ ඩයස්පෝරාව කලක් සතුරාගේ භූමිකාව රඟ දක්වමින් සිටියේ ය. එහෙත් ශක්තිමත් සතුරකු නො වූ හෙයින් ආණ්ඩුවට පහසුවෙන් එය පසුබැස්විය හැකි විය. 


එක්සත් ජාතික පක්ෂය පමණක් නො ව ජනතා විමුක්ති පෙරමුණ පවා ශක්තිමත් සතුරකු සැපයීමට අසමත් ය. 


සතුරකු නැතිව පැවතිය නො හැකි ය. ආණ්ඩුව තම පාක්ෂික බලවේගය හැම විට ම නඩත්තු කළේ සතුරකුට එදිරිව සටන් කිරීමටයි. එසේ ම, සිය සියලු නො හැකියාවන් වසා ගත්තේ ද සතුරා පෙන්වමිනි. 


බඩු මිළ ඉහළ යාම, ණය බර වැඩි වීම, පොරොන්දු කඩ කිරීම මධ්‍යයේ විරැකියාව, ජීවන වියදම ඉහළ යාම වැනි තත්වයන් හමුවේ මහජන අසහනය වැඩි වීම නිසා දැන් සතුරාගේ පුරප්පාඩුව ආණ්ඩුවට තද බල ලෙස දැනේ. 


ඔන්න දැන් සතුරා සොයාගෙන ඇත. 


ආදේශ වීම මෙසේ ය:


දෙමළා සරසවි සිසුවා ය. 


කොටි අන්තරේ ය.


ප්‍රභාකරන් උදුල් ප්‍රේමරත්න ය.


වන්නිය සරසවි ය.


මුදා ගැනීමේ මෙහෙයුම සඳහා සරත් ෆොන්සේකා එස්.බී. දිසානායකයි.


මුදා ගැනීමේ මෙහෙයුම ඉක්මණින් සිදු නො වනු ඇත. මාධ්‍ය මෙහෙයුම දැනටමත් ජයට ම සිදු වේ. සිසුන්ට එරෙහිව මාපියන් කරන උද්ඝෝෂණ වැනි විකෘති සංදර්ශන ද ආරම්භ කර තිබේ. 


මානුෂික මෙහෙයුමට පෙර අවුරුද්දක්වත් කල් අල්ලනු ඇත. ඒකාලය තුළ අධ්‍යාපනය කඩාකප්පල් කර සරසවි සිසුන්අධ්‍යාපනයෙන් හාමත් කර රජයේ සරසවි පද්ධතියෙන් පළා යාමේ අවශ්‍යතාව ඇති කළ හැකි ය.


ඒ අතර සරසවි කොටි විභාග ලියන සිසුවියන්ට ගූ ගැසීම වැනි මෙහෙයුම් ඔස්සේ සිය වල සියතින් ම කපා ගන්නවා ඇත. 


මානුෂික මෙහෙයුම අවසන් වන විට අන්තරේ ද ඩයස්පෝරාවක් වනු ඇත. සරසවිය ද වන්නිය මෙන් සංවර්ධනයට හෙවත් පෞද්ගලීකරණයට විවෘත වනු ඇත. 


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

Comments

  1. අන්තරේට එරෙහි කන්ඩායම් (කරුනා පාර්ශව ) සරසවිය තුලින්ම බිහිවී මර්ධනය සඳහා ආන්ඩුවට සහයෝගය පල කරනු ඇත.

    පොදු මහජනතාවගේ වෛරයට හා කෝපයට සරසවි සිසුන් තෝරාගැනෙනු ඇත. (ඕකුන්ට හොඳ වැඩේ! )

    තවද ස්වර්නවාහිනිය, රූපවාහිනිය, අයිටීඑන් මගින් මහජනයාට එදිනෙදාට අවශ්‍ය කරන ආතල් ද නිබඳව සපයනු ඇත.

    Dimithry

    ReplyDelete
  2. ඇත්තෙන්ම ශිෂ්‍ය ව්‍යාපාරය පිළිබද ජනතාව තුල අප්‍රසාදයක් මේ වෙද්දිත් ඇති කරන්න ආණ්ඩුව සමත් වෙලා තියෙනව. විපක්ෂ දේශපාලනයක් නැති රටක ආනගතයෙදි හරි විරුද්ද බලයක් හදන්න විභව තාවය තියෙන්නෙ විශ්ව විද්‍යාලවලට විතරයි. පෞද්ගලික විශ්ව විද්‍යාල රට තුලට ගෙනාවහම ඒ අනුව රජ පවුලෙ අනාගතය ස්ථිරයි.

    ReplyDelete
  3. විභාගයක් වර්ජනය කිරීමට අණ කිරීම... විභාගය ලිවීමට කැමති ශිෂ්‍යයකූෙග් මානව හිමිකම් උල්ලංඝණය වීමක් ෙනාවන්ෙන්ද...

    ReplyDelete
  4. පවතින තත්වය ගැන මීට වැඩිය හොඳ පැහැදිලි කිරීමක් තවත් නැහැ. දුක කියන්නේ අන්තරේම අපේ වල කපල දෙන එක ගැන.

    ReplyDelete
  5. Anthare Mahindata kade yamin anikuth aya mardanayata udgedi dun kalayak thibunaa neda?

    ReplyDelete
  6. මේ සිදුවීම් සිදුවෙන රටාව දැක්කාම හිතෙනවා සරසවි සිසුන් ඒ උගුලේ වැටෙන එක වලක්වන්න පුලුවන් හොඳම ක්‍රමේ මේ ලිපි සරසවි සිසුන්ගේ දෙමාපියට කියවන්න සැලැස්වීමෙන් දෙමාපියන් ලවා දරුවන් මේ උගුලේ වැටෙන එකෙන් ගලවා ගැනීම කියලා . .

    මොකද ප්‍රකෝපකාරී ලේ ඇති සරසවි සිසුන් මේ මොහොතේදී සත්‍ය වටහා ගනුඇති කියා උපකල්පනය කල නොහැකි නිසා

    ReplyDelete
  7. although most of the articles in this blog are anti social and jealousy based, this looks somewhat logical and rational.

    definetely pvt universities will overrun the government universities. people will pay and get degrees.

    A degree will lose it value..
    any joker will say I have 3S passes for AL and a special degree (honours)
    ha ha

    Money driven polititians wont maintain any standrad..

    their henchmen will run the universiites

    ReplyDelete
  8. private universities is a good idea..

    But NOT for SL, SL is an extremely corrupted country, we will never maintain standards.

    Komis kakko, salli walata universities patan ganiwi, degree wikunawi...

    Onama buruwekuta salli deela degree ganna puluwan wewi..

    anthimata wenne, dakshayata thena nethi wena eka..

    thousands of graduates will be jobless at the end..

    mewa minissunta therenneth ne, therum ganna ona kamakuth ne

    ReplyDelete
  9. දෙමළා සරසවි සිසුවා ය. - විරුද්ධයි (හේතු ඉදිරිපත් කල නොහැක)
    කොටි අන්තරේ ය. - එකඟයි
    ප්‍රභාකරන් උදුල් ප්‍රේමරත්න ය. - එකඟයි
    වන්නිය සරසවි ය.- විරුද්ධයි (හේතු ඉදිරිපත් කල හැක)
    මුදා ගැනීමේ මෙහෙයුම සඳහා සරත් ෆොන්සේකා එස්.බී. දිසානායකයි. - විය නොහැක, මක් නිසාදයත් ඕනෑම ගොනෙකුට යුද්ධ කල හැකිමුත් ගොනුන්ට සරසවිවල ඉඩක් නැත.

    ප්‍රභාකරන්ට කරපු දේ උදුල් ප්‍රේමරත්නට කිරීමට පමා වන්නේ ඇයි? එය සුවහසක් සිසු පරපුරට කරන සේවයක් වනු ඇත. සිසු පරපුරේ උන්නතිය වෙනුවෙන් රජය ගන්නා ඕනෑම තිරනයකට අපි සහයෝගය පල කරන්නෙමු.

    ReplyDelete
  10. එකම විසඳුම “මරණය”
    -ප්‍රේමදාස (රණසිංහ ප්‍රේමදාස)-

    ReplyDelete
  11. okkoma hoday ara gon sb SF ta adesa karapu ekatama galapen natte....sb ya guuuu herek ne

    ReplyDelete
  12. Ela agreed.... Campus wala inna kollo Anthareta baninna pradana hethuwa thama athal eke hostal ekata wela inna nodi poster weda dena eka... den ekath nene...den moko baninne...thawath samaharu innawa campus gihin ala unama mahababage mokenda awa kiyala....me degolla hinda anduwata thama wasi....

    ReplyDelete
  13. Ane palayan ban yanna.. JVP parayo thopita ithin hondai

    ReplyDelete
  14. HONDA WADE ANTARETA OKUN THAMAI CAMPUS KANNE OKUN NATHTHATAMA NATHI KARANNA ONE OKUNGE OYA VIPLAWA WAADI ADAHAS OKKOMA OUT WENAKAN VITARAI ANTARE BANGAWEWA!!!!

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා