මරණ දඬුවම නියමව සිටි ලංකාවට කුඩු ගෙනා විදේශික ගැහැනුන්ට නො ඉල්ලා ම දුන් ජනාධිපති සමාව ගන්න ෆොන්සේකා ඉල්ලා සිටිය යුතු ම ද?

ජොනීගේ ශරීර භාෂාව කියවන්න
(2010 එක්තෝබර් 02, W3Lankaවැරදි කිරීම මිනිස් ගතියකි. සමාව දීම දේව ගතියකි. වඩා නිවැරදිව කියන්නේ නම් වැරදි කිරීම පොදු ය. එහෙත්, දඬුවම් කිරීම හා ජනාධිපති සමාව ලබා දීම කළ යුත්තේ තෝරාගෙන ය.


අපේ ජනාධිපතිතුමා නම් බෝධිසත්වයෙකි. නැතිනම් මාර සත්වයෙකි. තමන් මරන්නට කුමන්ත්‍රණ කළ එකාට පවා සමාව දී ළඟට ගන්නට තරම් හේ අසම්මත චරිතයකි.


රටක ජනාධිපති ඝාතනයට කුමන්ත්‍රණ කළ බවට චෝදනා එල්ල වූ පුද්ගලයෙකුට කැබිනට් ඇමතිකමක් දෙන රටක් ඇත්නම් ඒ අනෙකක් නොව ලෝකෙන් උතුම් ම වන මේ රටයි. ඒ අනුව, රටේ රාජ්‍ය නායකයාව මරන්නට කුමන්ත්‍රණ කර බෙල්ල මුලින් ම මාට්ටු වූ එකෙක් දැන් රට පාලනය කරයි.


මොහු අනෙකෙකු නොව වත්මන් අභ්‍යන්තර වෙළඳ හා සමුපකාර ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු ය. මේ බව හෙළි කරන්නේ අප නොව, රහස් පොලිසියයි. ජනාධිපති ඝාතනය කරන්නට ඇමති ජොන්ස්ටන් සමග කුමන්ත්‍රණ කළ පිරිස තව දුරටත් රඳවාගෙන පරීක්ෂා කිරීම ආරක්ෂක ඇමති වන ජනාධිපතිවරයා ම විසින් සම්බාධා කර ඇති බව හා නිතිපති උපදෙස් මත පරීක්ෂණය අවසන් කරන බව රහස් පොලිසිය අගෝස්තු 17දා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාට දැනුම් දුන්නේ ය.


මෙම සිද්ධියට සම්බන්ධ සුබා ක්‍රිෂ්නම්, කවරාසා සුබා සිංහම් හා ලින්කන් චන්ද්‍රසිවම් නැමති සැකකරුවන් නීතිපතිවරයාගේ දැනුම් දීම මත නිදහස්‌ කර මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා ඔක්තෝබර් 01දා නියෝග කළේය. 


සිරගත කරන ලද හිටපු හමුදාපති සරත් ෆොන්සේකා ජම්පර් ඇඳගෙන මිටි බංකුවක වාඩි වී හිර ගෙදර සම්බෝලයි බතුයි මුල් වරට කෑවේ එදා ය. 


රහස් පොලිසිය මෙම පරීක්ෂණය පවත්වනු ලැබුවේ හා ජොන්ස්ටන් ප්‍රනාන්දු හැර පුද්ගලයන් හයදෙනෙකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කළේ පොලිස්පතිවරයා විසින් ම කරන ලද පැමිණිල්ලක් අනුවයි.


අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරන ලද අය අතර දෙමළ ජාතික සන්ධානයේ මඩකලපු දිස්ත්‍රික් හිටපු මන්ත්‍රී හා දැන් රටින් පිට ඊලාම් පාරජාතික පාලනයේ සම්බන්ධීකාරක ජයනන්ද මූර්තිගේ පෞද්ගලික සහකාර ලෙස කටයුතු කළ ඔහුගේ බෑණා වන නඩරාජසිංහම් සුභාෂ් ද වේ.


මැලේසියාවේ සිටින රාජන් නමැත්තෙක් ජොන්ස්ටන් ප්‍රනාන්දුට ලක්ෂ දහයක් පමණ දී ඇති බව ද, ජොන්ස්ටන් මාදිවෙල පාර්ලිමේන්තු නිල නිවාසයේදී කොටි නායකත්වය විසින් එවන ලද සෙසු කුමන්ත්‍රණකරුවන් සමග ජනාධිපති ඝාතනය පිළිබඳ සාකච්ඡා කර ඇති බව ද, ඔහු ජනාධිපති මහින්ද රාජපක්ෂ යන එන තැන් යයි කියන තැන් දෙකක් කුමන්ත්‍රණකරුවන්ට පෙන්වා ඇති බව ද රහස් පොලිසිය අධිකරණයට වාර්තා කළේය.


මේ ජොන්ස්ටන් ප්‍රනාන්දු වනාහි සරත් ෆොන්සේකාට දඬුවම් කළ යුද්ධාධිකරණය හමුවේ සාක්කි දුන් අයෙකි.


ජනාධිපති ඝාතනයට කුමන්ත්‍රණය කළ මොවුන් නිදහස ලබන්නේ වැරදි කිරීම මිනිස් ගතියක් හා තමන්ට ඕනෑ අයට සමාව දීම ජනාධිපති ගතියකි නිසා ය.


ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 34(1) වගන්තිය යටතේ ජනාධිපතිවරයාට පැවැරී ඇති විධායක බලතල උපයෝගී කරගෙන ජනාධිපතිට සමාව දිය හැකි ය.


ජනාධිපති සමාව නම් කෙසේ ද යත්, සිය සැමියාගේ අනියම් භාර්යාව හා ඇගේ සේවිකාව මරාදැමීමේ චෝදනාවට වරදකරුව මරණ දඬුවමට ලක්ව සිටි මේරි ජුලියට් මොනිකා ප්‍රනාන්දුට පවා ජනාධිපතිවරයා සමාව දී නිදහස් කළේ ය.


මෙම මරණ දඬුවම සුවිශේෂ එකකි. මක් නිසා ද යත්, 2004දී විනිසුරු සරත් අඹේපිටිය ඝාතනය කිරීමෙන් පසු රජය මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට ගත් තීර‍ණයෙන් පසු අධිකරණය විසින් නියම කරන ලද පළමු මරණීය දණ්ඩනය මෙය වීමයි. මේ සමග ඇය සමග මිනීමැරම සිදු කළ තවත් තිදෙනෙකු ද ජූරියේ සාමාජිකයන් සත් දෙනාගෙන සයදෙනෙකු විසින් ම වරදකරුවන් බවට තීරණය කරනු ලැබ මරණ දඬුවමට ලක් වූ හ. 


සැමියාගේ අනියම් බිරිය ඇගේ සේවිකාව ද සමග ඝාතනය කර බන්ධනාගාර භාෂාවෙන් කියනවා නම් කොන්ඩෙම් වී යන්තම් වසර හතරකින් ගෙදර ම නැවත පදිංචි වීමේ වරම් ලද මේ සුවිශේෂ ගැහැනිය නැවත පදිංචි කිරීමේ ඇමති මිල්රෝයි ප්‍රනාන්දුගේ නීත්‍යනුකූල භාර්යාවයි.


ඇමති මිල්රෝයි ප්‍රනාන්දුගේ භාර්යාව 2009 ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් විශේෂ ජනාධිපති සමාවක් යටතේ නිදහස් කිරීමට ජනාධිපතිවරයා පියවර ගත්තේය. මෙම කාන්තාව 1991දී කරන ලද වරදට 2005දී තව තිදෙනෙකු සමග මරණ දඬුවමට ලක් කරනු ලැබ සිටි අතර මීට කලින් ජනාධිපතිවරයා ඇයගේ දඬුවම ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් බවට අඩු කර තිබිණි.


ඇය නිදහස් කිරීමත් සමග සමාන බරපතල අපරාධ කර තිබුණු තවත් කාන්තාවන් 12දෙනෙකු ද නිදහස් කරන ලදී. ඔවුන් අතර, ලංකාවට මත් කුඩු ගෙන ආ විදේශික ගැහැණු දෙදෙනෙක් ද වූහ.


ජනාධිපති සමාව කියන්නේ මෙවැනි බාල හා ලාභ එකකි. හබරාදුව වප් මඟුල් උළෙලකදී කළ කතාවකින් ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස වුයේ යැයි චෝදනා ලැබ වසර දෙකක සිර දඬුවමකට නියමව සිට පසුව ජනාධිපති විශේෂ සමාවකින් නිදහස ලැබූ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්ව මහින්ද රාජපක්ෂගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයට එක් වූ එස්.බී. දිසානායකට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පුර්ණ සමාව ලබා දුන්නේ දේශපාලනයට තිබුණු බාධා ඉවත් වනු පිණිස ය.


ප්‍රභාකරන්ගෙන් පසු කොටි සංවිධානයේ නායකත්වයට පත් වූ කුමරන් පත්මනාදන් හෙවත් කේ.පී.ට දුන් සමාව හා නිදහස කෙතරම් ද යත් රජීව් ගාන්ධි ඝාතනය ගැන ඔහුගෙන් ප්‍රශ්න කිරීමට අවශ්‍යව සිටි ඉන්දියාවට පවා දැන් ප්‍රශ්නය අමතක වී තිබේ. 


දළදා මාළිගාවට බෝම්බ ලොරි එවූ, අරන්තලාවේදී භික්ෂූන් හා කාතන්තුඩ් පල්ලියේදී යාඥා කරමින් සිටි මුස්ලිම් බැතිමතුන් බුරුතු පිටින් ඝාතනය කරවූ බවට මීට පෙර රජය විසින් ම චෝදනා කරන ලද කරුණා අම්මාන්ට නීතියේ හුළං පොදක්වත් වදින්නට නො දී ජනාධිපතිතුමා ඔහු ආරක්ෂා කළේ ය. එපමණකින් නො නැවතී පදවි තානාන්තරවලින් ද පිදුවේ ය.


මෙවැනි සමාව දීම් කිසිවකු කර තිබේ ද? බුදුන් පවා තමන් හිසට ගල් පෙරළූ දේව්දතුන් පොළෝ පළාගෙන අපාගත වද්දී කිසිවක් කළේ නැත.


එහෙව් එකේ සරත් ෆොන්සේකාට සමාව දෙන්නට ඔහු සමාව ඉල්ලා සිටිය යුතු ද? නැත.


සමාව ඉල්ලන්නට තමන්ට හේතුවක් නැති බව ෆොන්සේකා කියයි. සමාව දෙන්නට ජනාධිපතිට හේතු ඕනෑ නැත. නැතිනම් ලංකාවට කුඩු ගෙනැවිත් අසු වී මරණ දඬුවමට ලක් වී සිටි, සමාව නෙ ඉල්ලූ විදේශික ගැහැනුන් නිදහස් කර ආපසු ගෙදර යවන්නේ නැත.


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

Comments

  1. රජෙක් යැයි අපිට නොසිතෙන බලු රජානෝ

    ReplyDelete
  2. "අාසියාෙව් අාශ්චර්යය" තවත් අටුවා, ටීකා, ටිප්පනි අවශ්‍යද?

    ReplyDelete
  3. ඉතාම කණගාටුයි , මෙවා අපිට අමතක වෙලා නැහැ. අපිට මතකයි නමුත් මෙ රටේ ඉන්න බහුතරයක් මිනිස්සුන්ට මතක නැහැ.

    ReplyDelete
  4. අපගේ ප්‍රතිචාරය සඳහා මෙතැන බලන්න.
    http://ambagaha.blogspot.com/2010/10/blog-post.html

    ReplyDelete
  5. යකුනේ ! එකෙක්ගෙන් (එක පවුලකින්) පලිගන්න මුලු රටක් ගැනම හිතන්නැතුව රටම එක්සත් ජාතින්ගේ සංවිධානයට පාවා දීලා ඩොලර් වලින් ආතල් අරන් ජීවිතේ සැපට ගෙවන්න හිතපු ෆොන්සේකා වගේ දේශද්‍රෝහියෙකුට සමාව දුන්නොත් හැම පකිස් බල්ලෙක්ම රටට කෙලෝලා සමාව ඉල්ලයිනේ? එතකොට මොකද වෙන්නේ? ෆොන්සේකට සමාව දුන්නොත් මහින්දත් ප්‍රතිපත්ති පාවදීපු හාල්පාරුවෙක් වෙනවනේ...

    ReplyDelete
  6. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  7. @Anonymous

    රට ගැන හිතන්නේ කවුද, නොහිතන්නේ කවුද කියලා කවුරුත් දන්නවා... තමන්ගේ දිවි පරදුවට තියලා රට බේරගත්ත රණවිරුවාට අපහාස කරන්න එපා..... තොපිට හොඳක් වෙන්නෑ.

    ReplyDelete
  8. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  9. @Anonymousහා හා එත්කොට ෆොන්සේකා අයියා විතරයි යුද්ද කොලේ? නාවික හමුදාපති සහ නාවික සෙබලු ආතල් එකේ හිටියා? ගුවන් හමුදාපති සහ ගුවන් සෙබලු චක් ගුඩු පැන්නා? සිවිල් ආරක්ෂකේ සෙබලු බට්ටා පැන්නා? රටට නායකත්වෙ දුන්නු ජනාදිපතිතුමා සහ සියල්ල සම්බන්දීකරනය කරපු ගෝඨාභය රාජපක්ෂ බාබිකිව් දැම්මා? ඒකද ඔහෙලා මේ කියන්නේ?

    ReplyDelete
  10. කේ.පී යි කරුණයි මහින්දගේ අරක චූන් කරන නිසයි සමාව දුන්නේ..ඒත් ෆොන්සේකා කැමති නෑ ඒක චූන් කරන්න...ඒ නිසා සමාව දෙන එකක් නෑ මම හිතන්නේ...ඒක චූන් කරන්න කැමති වුන දාක සමාව දෙයි...

    ReplyDelete
  11. මහින්ද හාල්පාරුවෙක් වෙන්න දෙයක් නැහැ බන්.. හාල් පාරු වෙලා
    ඉවරයි.. මුළු ලෝකෙම උන් මේ වෙච්ච දේට හිනා වෙනවා..
    දෙමල මිනිස්සු අපිට හිනා වෙන්නෙ හිටගෙන... මේ කරපු වැඩේ කැතම
    කැතයි.. සරත් ෆොන්සේකා හිරේ නොදා ඉන්නයි තිබුනෙ..
    දැන් බයිල ගහනව සමාව ඉල්ලුවොත් ඒ ගැන සලකා බලනවා කියල..
    අන්තිමේදි සරත් ෆොන්සේකා තවත් නෙල්සන් මැන්ඩෙලා
    කෙනෙක් වෙලා තමයි එලියට එන්න... අනික තමයි මේ වෙනකම්
    මහින්දට තිබුන ලකුණු සොහොන් ලකුණු උනා..

    අර කථාවක් තියෙන්නෙ... එම්.ආර් වසලෝ හෝතී.. එස්.එෆ්. හෝති
    බ්රහක්මනෝ... කෙනෙක් වසලයෙක් හෝ බ්රහක්මනයෙක්
    වෙන්නෙ ක්රියාවෙන් කියල....

    ReplyDelete
  12. බූරු චාමිටයිOctober 3, 2010 at 6:22 AM

    මේ ටික අඹගහ යට ඉන්න අර චාමි කියන එකාටයි...
    (උබ ඉපදුන තැන එතන වෙන්න ඇති නේද?)
    මේ මහත්තයෝ උබල තමයි නියම ශ්රීලාංකීය
    පුත්තු... මොකද උබල තමයි මේ රටේ හරි දේ කරන්නෙ
    කව්ද? වැරදි දේ කරන්න කව්ද කියල හරියටම දන්න උන්...
    අනේ මේ මල්ලී... බයිල කියවන්නෙ නැතුව කකුල්දෙක පොලොවෙ ගහල
    ජීවත්වෙයල්ල බන්... වැරදි දේ වැරදී කියන්නත්.. හරි අම්මෙක්
    ගෙන් කල හතක් වත් කිරිබීල තියෙන්නෙ ඕන... කොන්ද පන ඇතිව
    ජීවත් වෙයල්ල... අඩු තරමින් උබෙ වයසට තව පොත් පත් ටිකක් කියවල වරෙන්..
    අඩුම තරමින් උබ 88,89 කාලෙ අම්මගෙ ‍කුක්කුව අත ගගා කිරිබීපු එකෙක් වෙන්න
    ඕන... උබල හිතන්නෙ ලංකාව බිහිවුනේ උබෙ උපන්දිනෙන් පස්සෙ කියල...
    එහෙම නේද? කමෙන්ට එකක් දාපන් මම කිව්වෙ බොරුනම්...

    ReplyDelete
  13. @SrilankaFirst

    Kalawadekka wenne kohomada?

    ReplyDelete
  14. "යකුනේ ! එකෙක්ගෙන් (එක පවුලකින්) පලිගන්න මුලු රටක් ගැනම හිතන්නැතුව රටම එක්සත් ජාතින්ගේ සංවිධානයට පාවා දීලා ඩොලර් වලින් ආතල් අරන් ජීවිතේ සැපට ගෙවන්න හිතපු ෆොන්සේකා වගේ දේශද්‍රෝහියෙකුට සමාව දුන්නොත් හැම පකිස් බල්ලෙක්ම රටට කෙලෝලා සමාව ඉල්ලයිනේ? එතකොට මොකද වෙන්නේ? ෆොන්සේකට සමාව දුන්නොත් මහින්දත් ප්‍රතිපත්ති පාවදීපු හාල්පාරුවෙක් වෙනවනේ"


    පාවා දුන්නේ කොහමද කියල කිව්වනම් ? මහින්දගේ ප්‍රතිපත්තිගරුක දේශපාලෙනේ හින්දද අහෝසි කරනවා කිව්ව විධායක ජනාධිපතිදුරයේ ඉන්න පුළුවන් වාර ගණන අසීමිත කරේ. ඇත්තටම ජනාධිපති මාධ්‍ය අංශෙ උන්ට බ්ලොග් වලයි එළකිරියෙයි බඩගානවා හැරෙන්න වෙන වැඩක් නැද්ද .

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා