ලසන්ත වික්රමතුංග ඝාතනය ගැන අලුත් පරීක්ෂණයක් අවශ්යයි
මාධ්යවේදී ලසන්ත වික්රමතුංග ඝාතනය ගැන නව තොරතුරු හෙළිදරව් වෙමින් තිබේ. ලසන්ත වික්රමතුංගගේ සොයුරු ලාල් වික්රමතුංගත්, හිටපු හමුදාපති සරත් ෆොන්සේකාත් ඒ පිළිබඳ වැදගත් තොරතුරු හෙළිදරව් කර තිබේ. විශේෂයෙන් ම සරත් ෆොන්සේකා විසින් ලසන්ත වික්රමතුංග හා පාර්ලිමේන්තු මන්ත්රී නඩරාජා රවිරාජ් ඝාතනය කළ කණ්ඩායමක් ගැන හෙළිදරව් කරයි. වහාම මේ පිළිබඳ පරීක්ෂණයක් පැවැත්විය යුතු ය. එය ජාත්යන්තර ස්වාධීන පරීක්ෂණයක් විය යුතු ය. මන්ද, මෙම ඝාතන සම්බන්ධයෙන් ඉතා බලවත් පුද්ගලයන්ගේ නම් කියැවී තිබේ. ඔවුන්ගේ බල අවකාශයන් තුළ ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වෙන්නට නම් එය අනිවාර්යයෙන් ම ජාත්යන්තර ස්වාධීන පරීක්ෂණයක් විය යුතු ය. මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් මෙතැනින් ගත් බව කියන්න Read in English blog.parakum.com