Posts

Showing posts from July, 2011

නලින් ද සිල්වා, චතුස්කෝටිකය හා සමාජවාදය / Nalin de Silva, Chathuskotika and Socialism

Image
(2011 ජුලි 31   W3Lanka )  තමන් විසින් ම නිර්මානය කර ගන්නා ලද නීති රීති පද්ධතියක් සහිත චතුස්කෝටික යයි කියන තර්කන අවකාශයක පාළු ගෙයි වළං බිඳීමේ ශූරයකු වී සිටි අනාථ අසරණ නලින් ද සිල්වා ඇණ ගත්තේ ආසනික් ප්‍රශ්නයෙන් ය. ඊනි‍යා චතුස්කෝටික චින්තනයෙන් ගොඩනඟා ගන්නා ලද බව කියන බටහිර නො වන විද්‍යාවක මහිමයෙන් රජරට වකුගඩු රෝගයට හේතුව ලෙස ගවේශනය කර ගත් ආසනික් ප්‍රශ්නය නලින් ද සිල්වා විසින් ද්විකොටික චින්තකයන්‍ ලෙස හුවා දක්වන විද්‍යාඥයන් විසින් සාර්ථක ලෙස අභියෝගයට ලක් කරන ලදී.  නලින් ද සිල්වාගේ චතුස්කෝටිකයට, දිවයින පත්තරයට, ඔහු අදහන කූ ක්ලක්ස් කෑලෑන් කල්ලිවලට, ජාතික හෙළ කරුමයට හා ආණ්ඩුවට බියේ බත් කන්නට  හා දත් මදින්නට පමණක් කට අරිමින් සිටි මේ සරසවි ඇදුරන් නැගී සිටි බලාපොරොත්තු නො වූ විරූ නැගී සිටීම හමුවේ වියරු වැටුණ නලින් ද සිල්වා හා ඔහුගේ අනුගාමිකයෝ ආසනික් සොයා ගන්නට තමන්ට උදව් කළ බව කියන මතු බුදු වන නාථ දෙවියන් අතහැර සීනිගම දෙවියන් වෙත ගොස් තමන්ට අභියෝග කළ පිරිස විනාශ කරන්නැයි පලි ගැසුවේ සිය ඊනියා සිංහල බුද්ධාගමේ නිරුවත ප්‍රදර්ශනය කරමිනි කැලනිය මධ්‍ය මහා විද්‍යාලයේ විද්‍යා පීඨයේ පීඨාධිපති වන

දන්සල් දොරෙහි නැත යදියෝ - සල්පිල්වල ය පුරවැසියෝ, මේ ජනමාධ්‍ය යුගයයි / How development takes place in Sri Lanka's media society

Image
(2011 ජුලි 29,   W3Lanka )  ජනමාධ්‍යවලින් කොතරම් දේ කළ හැකි ද? මේ බලන්න. රට පුරා ගෙවතුවල ආහාර භෝග වවන හැටි! උපුටා ගැනීම දිනමිණෙනි. 'දිවි නැඟුම’ ජාතික වැඩසටහනට සමගාමීව එළඹෙන මහ කන්නය සඳහා රට පුරා ගෙවතු ලක්ෂ 15 ක් ආරම්භ කිරීමට රජය තීරණය කර ඇත. ග්‍රාම සේවා වසම් 13110 ක ක්‍රියාත්මක මේ වැඩසටහන යටතේ ගෙවතු දහතුන්ලක්ෂ දොළොස් දහසක් (1312000) මේ වන විට ආරම්භ කර තිබෙන අතර දිවි නැඟුම ජාතික වැඩසටහනේ මූලික වටයේදී කෘෂිකාර්මික අංශය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර තිබෙන බව ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා පවසයි. ඊට අමතරව පශු සම්පත්, ධීවර හා කෘෂිකර්මාන්ත අංශ කෙරෙහි ප්‍රමුඛත්වය දී තිබෙන බවද හෙතෙම සඳහන් කරයි. ඇමැතිවරයා මේ බව සඳහන් කළේ දිවි නැඟුම ජාතික ව්‍යාපාරයේ වර්තමාන ප්‍රගතිය සම්බන්ධයෙන් ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ පැවැති විශේෂ සාකච්ඡාවකදීය. මේ වැඩසටහන මගින් අපේක්ෂා කරන්නේ පරිභෝජනය ඉහළ නැංවීම මගින් පෝෂණ තත්ත්වය වැඩි දියුණු කිරීම බවත් ඒ හේතුවෙන් නිවෙසේ පුද්ගලයන්ට පරිභෝජනය සඳහා ප්‍රමාණවත් පරිදි පශු සම්පත් ලබා දෙන ලෙසත් ඇමැතිවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. පරිභෝජන අවශ්‍යතා ඉක්මවා යාම

රට බෙදමු ද? නො බෙදා රැක ගනිමු ද? / Shall we divide Sri Lanka or keep the unity?

Image
(2011 ජුලි 28,   W3Lanka )  පසුගිය කාලයේ ආණ්ඩුවේ ඇතැම් බලවේග විසින් දෙමළ නාසිවාදියකු ලෙස හඳුන්වන ලද එම්. ඒ. සුමන්තිරන් නම් දෙමළ ජාතික සන්ධාන මනිත්‍රීවරයා හොඳ ළමයකු බව ආණ්ඩුවට එක පාරට ම තේරී ඇත. අද දිනමිණේ මුල් පුවත ද සුමන්තිරන් ගැන ය. වැඩි දෙනා කැමැති විසඳුම පිළිගන්න දෙමළ සන්ධාන මන්ත්‍රී සුමන්දිරන්ගෙන් දෙමළ ප්‍රජාවට අවවාදයක් රටින් පිට වී සිටින දෙමළ ජනතාව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දරන මතය වෙනස් කිරීමේ කාලය එළඹී තිබෙන බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් මහතා ලන්ඩනයේ දී ප්‍රකාශ කර තිබේ. ශ්‍රී ලංකාව තුළ වෙනම රාජ්‍යයක් ලබා ගැනීමේ සටන ගැන එල්ටීටීඊ හිතවාදී දෙමළ ඩයස් පෝරාව ප්‍රශ්න කළ අවස්ථාවේ දී සුමන්දිරන් මහතා එසේ ප්‍රකාශ කර තිබේ. දෙමළ ජාතික සන්ධානයේ ලන්ඩන් ශාඛාව විශේෂ රැස්වීමක් සංවිධාන කර තිබූ අතර, එම රැස්වීමට එල්ටීටීඊ හිතවාදීන් මෙන්ම මධ්‍යස්ථ මතවාදීන් ද සහභාගී වී සිටි බව අපේ ලන්ඩන් නුවර වාර්තාකරු සඳහන් කරයි. සුමන්දිරන් මහතා මෙම රැස්වීම අමතද්දී එල්ටීටීඊ හිතවාදීහු දිගින් දිගටම ඒ මහතාට බාධා කළහ. එහිදී ඉතා දැඩි ලෙස අදහස් දැක්වූ සුමන්දිරන් මහතා කියා සිටියේ දෙමළ ප

රට ම වෙනුවෙන් - ඇදුරො හෙළුවෙන් / A post-mortem on the struggle of the university teachers of Sri Lanka

Image
(2011 ජුලි 27,   W3Lanka )  වැටුප් වැඩි වීමක් ඉල්ලා දීර්ඝ කාලීන වෘත්තීය ක්‍රියාමාර්ගයක නියැලුණ සරසවි ඇදුරන් දෙකට බෙදී ඇති බව නිරීක්ෂණය කළ හැකි ය. ඇතැම් විට එම නිරීක්ෂණය වැරදි වෙන්නට පුළුවන දෙකට බෙදෙන්නට පුළුවන් එකට සිටි පිරිසකට පමණක් බැවිනි.  ඔවුන් සිය අරගලය දිනුවා ද පැරදුණා ද යන්න ද අවිනිශ්චිත ය.  විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ රැඩිකල් කොටස කියන පරිදි රජය සිය ඉල්ලීම් ඉටු කිරීමට පොරොන්දු වී ඇති මුත්, පොරොන්දු ඉටු කිරීමට නිශ්චිත කාල රාමුවක් දී නැත.  මහින්ද චින්තන නම් කඩවුණු පොරොන්දු මාලාවක හිමිකරු වන, පසුගිය ජනාධිපතිවරණයේදී රජයේ සේවකයන්ට රු. 2500ක වැටුප් වැඩි වීමක් දෙන බව කියා ඔවුන් අමු අමුවේ රැවටූ, දූෂණයෙන් හා මහජන මුදල් කාබාසිනියාවෙන් කෙළ පැමිණි, ආචාර ධර්ම හෝ සදාචාරය ගැන අබ මල් රේණුවක තැකීමක් නැති මේ ආණ්ඩුවට සරසවි ඇදුරන් රවටනවා ය කියන එක සුළු ම සුළු දෙයකි.  මොනවා කීවත් දැන් සටන පරාද ය. අපට පෙනෙන පරිදි එසේ වූයේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ බහුතර කැමැත්ත අනුව ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ය. ඒ නිසා අරූ අපව පාවා දුන්නා යයි බනින්නට කෙනෙකු ද නැත.  එසේ ස

අරාබියේ ලේ වන්දි ක්‍රමය ආසියාවේ ආශ්චර්යයටත් එයි ද? / Will the Arab blood money system be introduced in Sri Lanka?

Image
(2011 ජුලි 26,   W3Lanka )  ගාල්ල මධ්‍යම බස් නැවතුම්පොළේ හික්කඩුව වේදිකාවේ යකඩ වැට කපා දැමීමෙන් සිදුවූ අලාභය ලෙස රුපියල් 18,000 ක මුදලක් නගර සභාවට පුද්ගලයකු විසින් ගෙවා ඇතැයි අද දිනමිණ වාර්තා තරයි. මේ සිද්ධිය පිළිබඳ අපි 'මේකත් රටක් ද මර්තේලිස්?' නම් ලිපියෙහි ලියුවෙමු. ඇත්තෙන් ම රට නම් ආසියාවේ ආශ්චර්යය ම තමා ය. ප්‍රසිද්ධියේ පොදු දේපලවලට හානි කළ බලවත් පුද්ගලයකුට එරෙහිව නීතිමය පියවර නො ගෙන ගැනීම සඳහා මෙවැනි සෙල්ලම් දාන්නට ඉඩ දෙන වෙනත් රටක් ලෝකයේ නැත. නිශාන්ත මුතුහෙට්ටිගම මන්ත්‍රීවරයා මෙම වාධ්‍ය සංදර්ශනය හරහා ලබා ්‍ගත් ප්‍රසිද්ධිය මිළ කළ නො හැකි ය. එහෙත් වැටේ අලාභය රු. 18,000ක් පමණි. මෙය ඉතා නරක පූර්වාදර්ශයක් විය හැකි ය. ප්‍රසිද්ධිය ලබා ගැනීම හා ප්‍රචාරය පිණිස පොදු දේපලවලට හානි කර පසුව අලාභය ගෙවන ක්‍රමයක ආරම්භය මෙය විය හැකි ය. තව ටික කලක් ගිය පසු මෙය මිනී මරා, මරණකරුගේ පවුලේ අයට මුදල් ගෙවා නිදහස් වන අරාබි ලේ වන්දි ක්‍රමයක් දක්වා 'සංවර්ධනය' වන්නට ද පුළුවන. එක අතකට එය බලවතුන් මිනී මරා, පොදු දේපල සොරකම් කර, කිසිදු දඬුවමක් නො ලැබ ඉන්න වත්මන් ක්‍රමයට වඩා හොඳ ය.

ආණ්ඩුව හම්බන්තොට ඉවැන්ජලික ක්‍රිස්තියානි ආගමික ප්‍රචාරයේ යෙදෙන හැටි / Sri Lanka government entangled in evangelical Christianism spread

Image
(2011 ජුලි 25,   W3Lanka )  වරායකට නැවක් ආවා කීවා ම එහි කිසිදු විශේෂත්ටයක් නැතත්, හම්බන්තොට වරායට නැවක් ආවා ය කීවා ම නම් ඇත්තට ම අති විශේෂ දෙයකි.  ඇත්තෙන් ම බලන්න වටින දර්ශනයකි.  ඒ නිසා පසුගිය දිනවල ආසියාවේ ආශ්චර්යයේ අගනුවර වන හම්බන්තොට පදිංචි වාසනාවන්ත ජනතාව රැස් කකා නැවක් බැලූ බව ආරංචි ය. නැව පොත් නැවකි.  නැවේ නම ලෝගොස් හෝප් (Logos Hope) ය. කලින් ගාලු වරායේ නැංගුරම් ලා තිබියදී මෙම ලේඛකයා ද එම නැව බලන්නට දෙවරක් ම ගියේ ය. හේතුව එහි පොත් මිළ අඩු වීමයි.  නැව බලන්නට සූ ගා සෙනග ආවත් ඒ වැඩි දෙනෙක් පොත් බලන බවක් හෝ මිළ දී ගන්නා බවක් දක්නට නො ලැබිණි. සෙනග රැස් කෑවේ එහි ඇති විවිධ සමරු භාණ්ඩ සොරකම් කර ගන්නට ය. පොත් ගත්තාදැයි නැව බලන්නට පාසල් දරුවන් කැටුව පැමිණි ගුරුවරියකගෙන් ඇසූ විට ඇය කීවේ පොත් හරි ගණන් ය කියා ය. එහෙත්, පොත් මිළ දන්නා අය එහි පොත් ලාභ බව දැන ගත් හ.  කලින් සැලසුම් කර නො තිබුණ ද, නැව හම්බන්තොට වරායට ගෙන යාමට ද ආණ්ඩුව සමත් විය. ප්‍රමාණයෙන් එතරම් විශාල නැවක් නො වන නිසා ගල් පර අස්සෙන් ඇදගෙන එන්නට පුළුවන් වන්නට ඇත. මේ නැව ගැන කිව යුතු දෙයක් වන්නේ එය වනාහි ක්‍රිස්තියානි

මුළු රට ම ප්‍රජාතන්ත්‍රවාදයේ වැලිකන්දක් කරමු / Let us make entire Sri Lanka a Welikanda of democracy

(2011 ජුලි 25,   W3Lanka )  ජනතාවනි, ප්‍රජාතන්ත්‍රවාදයේ ආශ්චර්යය හදමු. මුළු රට ම වැලිකන්දක් කරමු. වැලි කමු. ගල් රෙමු. වැලිකන්දට විපක්‍ෂයක්‌ නෑ අජිත් අලහකෝන් (දිවයින) ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට විපක්‍ෂයක්‌ නොමැති පළාත් පාලන ආයතනයක්‌ පෙරේදා පැවැති ඡන්දය නිසා බිහිවූ බව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මහ ලේකම්, ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා "දිවයින" ට කීය. ඒ අනුව වැලිකන්ද ප්‍රාදේශීය සභාව විපක්‍ෂයක්‌ නොමැති පළමු ප්‍රාදේශීය සභාව බවට පත්වන බව ද මෛත්‍රිපාල සිරිසේන මහතා කීය. වැලිsකන්ද ප්‍රාදේශීය සභාවට මන්ත්‍රී ධුර නවයක්‌ හිමිව ඇතැයිද ඉන් මන්ත්‍රී ධුර අටක්‌ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයට හා එක්‌ මන්ත්‍රී ධුරයක්‌ ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසයට බව ද කී මෛත්‍රිපාල සිරිසේන මහතා එම මන්ත්‍රී ධුරයද එජනිසයට සහාය දක්‌වන බව කීය. මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

දේශප්‍රේමීනි, ඔන්න ඔහේ මේ හෙජිං ප්‍රශ්නයත් ෂේප් කර දෙමු! / Sri Lankans unite! Let us pay the hedging compensation

Image
(2011 ජුලි 24,   W3Lanka )  අපේ රටේ දේශප්‍රේමී පාණ්ඩුව විසින් ගසන ලද දේශප්‍රේමී හෙජින් ගිවිසුම නිසා රටට ඩොලර් මිලියන 500ක් විදේශ බැංකුවලට ගෙවීමට සිදු වී තිබේ. දේශප්‍රේමීන් විසින් කරන ලද කාර්යයක් නිසා මේ ගෙවීම ද දේශප්‍රේමී ගෙවීමකි. ඒ නිසා ඔය ආසනික් ප්‍රහ්න ආදී ‍අවධානය වෙන අතකට යොමු කරන හොටු ප්‍රශ්න අමතක කර මෙම දේශප්‍රේමී වන්දිය ගෙවන හැටියක් අපි කල්පනා කළ යුතු ය. මෙහිදී ජවිපෙ විසින් 2004 ආසන්න වකවානුවේදී රට සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය ප්‍රාග්ධනය සොයා ගැනීම පිණිස කරන ලද යෝජනාවක් අපට සිහිපත් වේ. ජවිපෙ නායකයන් කීවේ ප්‍රාග්ධනය සොයා ගැනීම සඳහා ඔය ලොතරැයියක් වැනි එකක් ආරම්භ කළ හැකි බවයි.මෙවැනි වටිනා අදහස් ඇති ජවිපෙ වැනි පක්ෂ ආණ්ඩුවේ නැති එක ඇත්තට ම ආණ්ඩුව මෙවැනි වලවල්වල වැටීමට හේතුවකි. ඒති ඉතින්මේක සිංහල අපේ ආණ්ඩුවනේ. යකාගේ හැටියට තියෙන විමානෙ නේ. මේ වන්දිය ගෙවන්න නිර්මාණාත්මක අදහසක් අප ඉදිරිපත් කරන්නේ මේ නිසා ය. මෙතන ගෙවන්න තියෙන මුදල ඩොලර් මිලියන 500යි (500,000,000) ඒ කියන්නේ රු. මිලියන 54,710කි. (54,710,000,000) ලංකාවේ ජනගහණය කෝටි දෙකකි. ඒ අනුව හැම කෙනෙකු ම මෙම දේශප්‍රේමී ව

ප්‍රෝඩාවට නො රැවටෙන එක් ජන කොටසක් හෝසිටීම ආඩම්බරයකි / Northern Tamils unbound before fraudulent politics of Sri Lanka

Image
(2011 ජුලි 24,   W3Lanka )  ආණ්ඩුව උතුරේ පළාත් පාලන ආයතන ටික දිනා ගැනීම සඳහා උපරිම බලය පාවිච්චි කළේ ය. හමුදාව ද ඡන්ද ප්‍රචාරයේ යෙදුණේ ය. භීෂණය ඇති කරමින් විරුද්ධ පක්ෂවල මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට බාධා කළෙ ය. ඩග්ලස් දේවානන්දාගේ අතුරු හමුදාව නිදහසේ මැර බලය පාවිච්චි කළේ ය. බැසිල් රාජපක්ෂ යාපනයේ පදිංචිව සිටිමින් ඡන්ද ප්‍රචාරයේ යෙදුණේ ය. ජනාධිපතිවරයා ද යාපනයේ හා කිලිනොච්චියේ ඡන්ද ප්‍රචාරක රැළි ඇමතූ අතර බස්වලින් ඒවාට සෙනග එකතු කර ගත්තේ ය. ජනමාධ්‍ය හරහා විශාල සංවර්ධනයක් මවා පෑවේ ය. ඒත් අන්තිමේදී සිදු වී ඇත්තේ කුමක් ද? යාපනයේ ඡන්ද ප්‍රතිඵල මෙතැනින් බලන්න. ආණ්ඩුවට යාපනයෙන් ලැබී ඇති මුළු ඡන්ද සංඛ්‍යාව 35,000ට අඩු ය.  කිලිනොච්චි, මුලතිව් තත්වය මීටත් අන්ත ය.  මේ එක් ඡන්දයක් වෙනුවෙන් ආණ්ඩුව රු. ලක්ෂයක්වත් වැය කරන්නට ඇත.  ආණ්ඩුවේ උතුරේ ජොකියා වන දේවානන්දා අන්තිම අසාර්ථක ය. ඔහුගේ අතුරු හම්දාවට පාලනයක් ඇත්තේ බූරුවන් සඳහා ප්‍රසිද්ධ ඩෙල්ෆ්ට් දූපතේ පමණි.  මේ ප්‍රෝඩාවට නො රැවටෙන එක් ජන කොටසක් හෝ මේ රටේ සිටීම ඇත්තෙන් ම ආඩම්බරයකි.  මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත්

කොළඹ පාරවල්වලට අලුත් නම් දැමීමේ තේරුම කුමක් ද? Is there any meaning of renaming Colombo roads

Image
(2011 ජුලි 23,   W3Lanka ) ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ට උපහාර පිණිස මෑතදී කොළඹ ඩ්ක්මන් පාර ලෙස්ටර් ජේම්ස් පීරිස් මාවත ලෙස නම් කරන ලදී. කාලාන්තරයක් තිස්සේ භාවිතා කරන ලද වෙනත් නම් මිනිසුන්ගේ කටට හුරු වී තිබෙන මෙවැනි පාරවල් හදිසියේ වෙනත් අයගේ නමින් නම් කිරීම ඇත්තෙන් ම විකාරයකි. ඩුප්ලිකේෂන් පාර ආර්.ඒ.ද මැල් මාවත ලෙස නම් කර දැන් බොහෝ කලකි. මේ මැල් කවුරු ද යන්න දන්නේ දෙවියන් සහ තවත් කීපදෙනෙක් පමණි. අප දන්නේ ඔහු දකුණු කොළඹ හිටපු මන්ත්‍රීවරයකු ය යන කරුණ පමණි. මෙවැනි පාරවල් හා ස්ථාන තවත් රැසක් කොළඹ නගරයේ ඇත. පහත සඳහන් දිවයින පුව්පතෙන් උපුටා ගන්නා ලද පුවත නිරීක්ෂණය කරන්න. කොළඹ නගරයේ රථවාහන තදබදය අවම කිරීම සඳහා ගාලු පාරෙහි සහ ඩුප්ලිකේෂන් පාරෙහි (ආර්.ඒ. ද මෙල් මාවත) දැනට ක්‍රියාත්මක වන රථවාහන සැලැස්‌ම ගාලු පාර ඩික්‌මන් පාර (ආචාර්ය ලෙස්‌ටර් ඡේම්ස්‌ පීරිස්‌ මාවත) හංදිය සහ ඩුප්ලිකේෂන් පාර ඩික්‌මන් පාර හංදිය දක්‌වාද දීර්ඝ කිරීමට සැලසුම් කර ඇත. මෙම රථවාහන සැලැස්‌ම අද (23 වැනිදා) පෙරවරු 6.00 සිට ක්‍රියාත්මක කිරීම ආරම්භ කිරීමට නියමිතය. නව සැලැස්‌ම පරිදි රථවාහන ගමනාගමනය සිදුකෙරෙන ආක

සොසේජස් කන්නේ බලාගෙන / Beware of sausages

Image
(2011 ජුලි 22,   W3Lanka )  සොසේජස් නිෂ්පාදනය කිරීම සඳහා මෙරටට ගෙනා කල් ඉකුත් වූ කුකුළු මස් හා සෝයා ප්‍රෝටීන් කිලෝ ග්රෑම් දෙලක්ෂ අනුහයදහසක තොගයක් විනාශ කිරීමට පන්නල මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරු පියවර ගෙන ඇත. කන්ටේනර් හතරක බහා තිබූ මේ කුකුළු මස් හා සෝයා ප්‍රෝටීන් ප්‍රමාණය බෙල්ජියම රටෙන් ගෙන්වා ඇති බවත් මෙරට ඉතිහාසයේ මෙතරම් ආහාර තොගයක් එක්වර විනාශ කළ ප්‍රථම අවස්ථාව මෙය බව ද, මේ කල් ඉකුත් වූ ආහාර තොගය දින දෙකක් පුරා විනාශ කළ බව ද, පිටරටින් ආහාර ගෙන්වා ඒවා වරායෙන් හෝ ගබඩාවලින් මුදා හැරීමේදී අදාළ නිලධාරීන් ඒවා පරීක්ෂා කර බලා නිදහස් කළ යුතු යැයි ද ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් සෙනරත් බණ්ඩාර මහතා පැවැසු බව පුවත්පත් වාර්තා කළේ ය. පන්නල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ලැබුණු තොරතුරක් මත මේ වැටලීම පන්නල මාකඳුර කර්මාන්තපුරයේ නිෂ්පාදන ඇසුරුම් ආයතනයේදී ම සිදුකර තිබේ. පසුගිය පෙබරවාරියේදී ද පන්නල සොසේජස් කර්මාන්ත ශාලාවක තිබී කල් ඉකුත් වූ මස් අත් අඩංගුවට ගැනිණි. ඒ පිළිබඳ වාර්තා කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ද ඉදිරිපත් කරන ලදී. අපි අන්තර්ජාලය ඔස්සේ මෙම සොසේජස් කම්හලේ නම සෙව්වෙමු

මේකත් රටක් ද මර්තේලිස්? / Galle bus stand joke

Image
(2011 ජුලි 22,   W3Lanka )  ලංකාවේ දිග ම ද, ලොතු ම ද කියන බස් නැවතුම්පොළ ජුලි මාසයේ මුල ලොකු සද්දයක් දමා විවෘත කළේ රටේ රාජ්‍ය නායකයා විසිනි. ඊයේ හා පෙරේදා මේ බස් නැවතුම්පොළ නිසා ගාල්ලේ සිට බස් ධාවනය වන මාර්ග 14ක පෞද්ගලික බස් දින දෙකක් තිස්සේ වර්ජනය කළේ ය. වර්ජනයට හේතුව වැටක යකඩ බට කීපයකි. මේ බස් නැවතුම්පොළට මෑතකදී නො ගිය නිසා මේ කුණුහරුපය අපට තේරෙන්නේ නැත. හික්කඩුව වේදිකාවේ තිබූ සුළු ඉඩකඩකින් අම්බලන්ගොඩ බස් මගීන් ප්‍රවේශ වීම මේ වර්ජනයට හේතු වූ බව ආණ්ඩුවේ දිනමිණ පුවත්පත පවසයි. දිනමිණ කිසිදාක බොරු කියන්නේ නැති පත්තරයකි. යකඩ බට කීපයක් නිසා පළාතක ආර්ථිකයක් අඩපණ වන්නට ඉඩ දෙන මධ්‍යම ආණ්ඩුවක් හා පළාත් සභාවක් ඇති ලෝකයේ එක ම පාලනය තිබෙන්නේ ලංකාවේ ය. මෙවැනි දේට වර්ජනය කරන මිනිසුන් ඉන්නේත් ලංකාවේ පමණක් වන්නට පුළුවන. වර්ජනය අවසන් වූ ආකාරය ද නියම ජෝක් එකකි. එය ආණ්ඩුවේ දිනමිණ වාර්තා කරන්නේ මොස් ය: "වර්ජනය පවතිද්දී මුතුහෙට්ටිගම මන්ත්‍රීවරයා තවත් පිරිසක් ද කැටුව පැමිණ එම වේදිකා දෙක වෙන්ව තිබූ යකඩ වැට යකඩ කියතකින් කපා දැමීමෙන් පසුව වර්ජනය නිමවිය." මුතුහෙට්ටිගම යනු ප්‍රයිවෙට් බස්

මදුරුවන් ලවා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම / Sri Lanka implements death penalty through mosquitoes

Image
පාලකයන්ගේ ඩෙංගු ප්‍රාර්ථනාව (2011 ජුලි 21,   W3Lanka )  ලංකාවේ බන්ධනාගාරවල පවතින නීති රෙගුලාසි අනුව සිරකරුවන්ට මදුරු දැල් හෝ මදුරු ‍දඟර පාවිච්චි කිරීමට ලැබෙන්නේ නැත. අලුත් ම වාර්තා පවසන්නේ මේ වන විට වැලිකඩ සිරගෙදර ඩෙංගු ව්‍යාප්ත වෙමින් පවකින බවයි. මරණ දඬුවම් නියම වීමෙන්, පසු වැලිකඩ බන්ධනාගාරයේ චැපල් වාට්ටුවේ රඳවා සිටි සිරකරුවකු හා වසර 15ක සිරදඬුවම් නියම වූ ගාල්ල ප්‍රදේශයේ සිරකරුවකු මෙසේ මිය ගොස් තිබේ. තවත් අයටත් ඩෙංගු වැළඳී ඇති අතර, විශාල පිරිසක් ඩෙංගු අවදානම මැද ජීවත් වෙති. ලංකාවේ සිරකරුවන් යනු කිසිදු මානව හිමිකමක් නොමැති පිරිසක තත්වයට පත් වී සිටිති. පසුගිය දිනෙක ශ්‍රේෂ්ඨාධිතරණයේදී හෙළි වූයේ ගංජා මිටි කීපයක් ළඟ තබාගෙන සිටීම නිසා අත් අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනෙක් වසර තුනක පමණ කාලයක් දඬුවම් කිරීමකින් තොරව රිමාන්ඩ් භාරයේ සිට ඇති බවයි. ඔවුන් හැට වතාවක් පමණ අධිකරණයට ඉදිරිපත් කර ඇති මුත් නීතිඥයන් ඉදිරිපත් කිරීමට මුදල් නොමැති වීම නිසා ඔවුන්ට ඇප ලබා දීමට විනිසුරුවරු කටයුතු කර නැත. ලංකාවේ නීතිය ඉදිරියේ දුප්පතුන් අන්ත අසරණ වන අන්දම පිළිබඳ මීට වඩා තවත් සාක්කි කුමට ද? පසුග

ලංකාව චීනය අනුගමනය කිරීම වහා නැවැත්විය යුතු ය / Sri Lanka should immediately stop following China

Image
(2011 ජුලි 21,   W3Lanka )  මේ සටහන තබන්නේ ආණ්ඩුව ගැන ඇති වූ බිය නිසා ය. මේ බිය ඇති වූයේ අද දිවයින පුවත්පතේ පළ වූ පුවතක් කියවීමෙනි. ලංකාව චීනය අනුගමනය කිරීම වහා නැවැත්විය යුතු ය. එසේ කළ යුතු යයි අප කියන්නේ අපේ දේශප්‍රේමී නායකයන්ගේ ආරක්ෂාවට ය. එපමණක් නොව චීනය මානව හිමිකම් කඩ කරන, මරණ දඬුනම ක්‍රියාත්මක කරන ජරා රටක් බවට ප්‍රචාරයක් ආගිය කතා ලියන මහින්ද අබේසුන්දර හරහා වහා ආරම්භ කළ යුතු ය. එසේ ම, ලංකාවේ මරණ දඬුවම වහා අහෝසි කළ යුතු ය. මින් ඉදිරියට කිසි ම විනිසුරුවෙකුට මරණ දඬුවම නියම කිරීමේ බලයක් හිමි නො වන පරිදි නීති සංශෝධනය කළ යුතු ය. ඒ ගැන කවුරුවත් අප්සෙට් විය යුතු නැත. අයින් කළ යුතු අය ඉන්නවා නම් අයින් කරන්නට ක්‍රම සහ විධි ඕනෑ තරම් ඇත. ඒවා ගැන ලංකාවේ අපි විශාරද ය. අප බිය පත් කළ පුවත පහත පළ වේ. මෙවැනි බිය ජනක පුවත් ලංකාවේ පුවත්පත්වල පළ කිරීම ද තහනම් කළ යුතු ය. දූෂණ චෝදනා ලැබූ චීනයේ හිටපු නියෝජ්‍ය නගරාධිපතිවරුන් දෙදෙනකුට චීන අධිකරණය විසින් මරණ දඬුවම පනවා තිබේ. හැංෂු හා සුෂු නගරවල හිටපු නියෝජ්‍ය නගරාධිපතිවරුන් දෙදෙනකුට මෙසේ මරණ දඬුවම නියම වූයේ එම නගරවල ඉදිකිරීම් කොන්ත්‍රාත