විමල් කියන ආර්ථික ඝාතකයෝ කවරහු ද?

(2011 ජුලි15, W3Lanka) පහත සඳහන් පුවත අප උපුටා ගත්තේ ආණ්ඩුවේ ම දිනමිණ පුවත්පතෙනි. විමල් එහි නම නො කියා කියන ආර්ථික ඝාතකයෝ කවරහු ද?


ආණ්ඩුවට එරෙහි බලවේග ආණ්ඩුව තුළම ක්‍රියාත්මක වන බවත් ඇතැම් නිලධාරීන්ගේ ක්‍රියා කලාපය හේතුවෙන් මුළු මහත් ආණ්ඩුවම අපහසුතාවට පත්වන බවත් ඉදිකිරීම් ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් ඇමැති විමල් වීරවංශ මහතා පවසයි. යුද්ධය පැවති අවස්ථාවේ කොටි ත්‍රස්තවාදීන් රටේ ආර්ථිකය විනාශ කිරීමට කටයුතු කළ පරිදිම ආණ්ඩුව තුළ සිටින ආණ්ඩුවට එරෙහි බලවේගම දැන් රටේ ආර්ථිකය කඩා කප්පල් කිරීමට කටයුතු කරන බවද හෙතෙම කීය.
විෂය භාර ඇමැතිවරයා පවා මෙරට නැති අවස්ථාවක බාල වර්ගයේ පෙට්‍රල් ආනයනය කර රට පුරා බෙදූ ඇතැම් නිලධාරීන්ගේ ක්‍රියා කලාපය ඊට ප්‍රධාන උදාහරණයක් වන බවද සඳහන් කෙළේය. දූෂිත නිලධාරීන් ආර්ථික ඝාතකයින් ලෙසද හැඳීන් වූ ඇමැතිවරයා හෙජින් ගනුදෙනුවද මේ ආර්ථික ඝාතක නිලධාරීන්ගේ දූෂිත ගනුදෙනුවලින් එකක් බවද අවධාරණය කෙළේය.
මිතුරු වෙසින් පෙනී සිටිමින් ආණ්ඩුවටත්, රටටත්, ජනතාවටත්, හතුරුකම්කරන මේ දූෂිත නිලධාරීන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කළ යුතු බවද කී විමල් වීරවංශ මහතා එය එසේම සිදුවන්නේ දැයි මේ රටේ මහජනතාව දැඩි විශ්වාසයකින් යුතුව බලා සිටින බවද සඳහන් කළේය. ඊයේ (14) මොරටුව එගොඩ උයන අයිවන් වත්තේ නව නිවාස ජනතා අයිතියට පත් කිරීම වෙනුවෙන් සංවිධානය කර තිබූ උත්සවයකට සහභාගී වෙමින් ඇමැතිවරයා මෙම කරුණු සඳහන් කළේය.


ලංකාවේ ආර්ථිකය මෙහෙයවන පිරිස අපගේ නිරීක්ෂණය අනුව නම් පහත සඳහන් අයයි.



  1. ජනාධිපති මහින්ද රාජපක්ෂ
  2. ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ
  3. ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ
  4. පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ
  5. ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග
  6. මුදල් අමාත්‍යංශයේ හා මහා භාණ්ඩාගාරයේ ලේකම් පී.බී. ජයසුන්දර
  7. මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්

විමල් කියන පරිදි ආර්ථික ඝාතකයන් වන්නේ නිලධාරීන් ය. ආර්ථිකය මෙහෙයවන ප්‍රධාන නිලධාරීන් දෙදෙනා පසුව නම් සඳහන් කළ තිදෙනායි.


විමල් කියන ආර්ථික ඝාතකයන් ඔවුනුත් නො වේ නම්, වෙනත් පිරිසකි. ඒ පිරිස කටයුතු කරන්නේ ලංකාවේ ආර්ථිකයේ හා දේශපාලනයේ සර්ව බලධාරීන් වන ඉහත කී පිරිසට හොර රහසේ නම්, ඇත්තෙන් ම, ඔවුන් නම් පල් ම පල් හොරුන් පිරිසකි. ආණ්ඩුව ආරක්ෂා කර ගන්නට නම් වහා ඔවුන් පිළිබඳ සොයා බැලිය යුතු ය.


රටට නො කියනවා නම් විමල් ඔවුන්ගේ නම් ඉහත කී බලධාරීන්ට හෝ හෙළි කළ යුතු ය. නැතිනම් හේ කරන්නේ ද්‍රෝහිකමකි.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. ඔය ඝාතකයා සෝමවංශ වෙන්ඩ බැරිද?

    ReplyDelete
  2. අනේ ඔය විමලේ අත ඇරපන් බන් කතා කරන එකා නවත්තන්නෙ නැතුව පීකර් ඈම්ප් වලට ගහල වැඩක් නෑ..

    ReplyDelete
  3. විමල් කියන ඒවා ආණ්ඩුව කියා ඌවත් ගණන් ගන්නෙ නෑ බං. උඹයි මේ ර‍‍ටේ මිනිස්සුයි ගණන් ගත්තට

    ReplyDelete
  4. kanna dunnu atha hapa kannath wenawa...majority do it at wrong time...but vimala's timing is so far so good...uu daksaya....next kurumaanama....

    ReplyDelete
  5. මුං රට කලා, චොර කරලා දැන් ගාතකයෝ හොයනවා. ගිලෙන නැවෙන් මියෝ පනිනවා. උන් දන්නේ නැ උන්ම තමයි මේක කෑවේ කියල . ආර්ථිකේ විතරක් නෙවි පචවන්සයා ඇතළු මේ හොර වන්දිබට්ට නඩේ රටේ මිනිස්සුන්ගේ නිදහසේ හිතපු ඔලුත් කෑවා.

    ReplyDelete
  6. කොච්චර එපා කිව්වත් බලන්නෙම දිනමිණ.

    ReplyDelete
  7. පින්මද පුතුන් 100 ලදුවත් නිසරු
    බේගල් පච හොර මගඩි නැනෙන් යුතු
    විමලෙය ඉතා මරු...

    ReplyDelete
  8. ක්‍රිෂ්ණාJuly 16, 2011 at 10:32 PM

    ඈ ඔයි ඝාතනය කරන්න ආර්ථිකයක් තියෙනවයි,ඒක රජා ඇතුළු නඩය කාලා හප කරලා ඉවරයි.අඩො පචවංශ පයි.....තියන් ඇ.....දෙකෙං හු........නැතුව නිකං හිටහං බං.

    ReplyDelete
  9. @ kaviya liyapu anonymasata....machan "pin ETHI* puthun 100k laduwath nisaru" karapn...kaale wenas, thaale aluth.....

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා