මේකත් රටක් ද මර්තේලිස්? / Galle bus stand joke

(2011 ජුලි 22, W3Lankaලංකාවේ දිග ම ද, ලොතු ම ද කියන බස් නැවතුම්පොළ ජුලි මාසයේ මුල ලොකු සද්දයක් දමා විවෘත කළේ රටේ රාජ්‍ය නායකයා විසිනි.


ඊයේ හා පෙරේදා මේ බස් නැවතුම්පොළ නිසා ගාල්ලේ සිට බස් ධාවනය වන මාර්ග 14ක පෞද්ගලික බස් දින දෙකක් තිස්සේ වර්ජනය කළේ ය. වර්ජනයට හේතුව වැටක යකඩ බට කීපයකි.


මේ බස් නැවතුම්පොළට මෑතකදී නො ගිය නිසා මේ කුණුහරුපය අපට තේරෙන්නේ නැත. හික්කඩුව වේදිකාවේ තිබූ සුළු ඉඩකඩකින් අම්බලන්ගොඩ බස් මගීන් ප්‍රවේශ වීම මේ වර්ජනයට හේතු වූ බව ආණ්ඩුවේ දිනමිණ පුවත්පත පවසයි. දිනමිණ කිසිදාක බොරු කියන්නේ නැති පත්තරයකි.


යකඩ බට කීපයක් නිසා පළාතක ආර්ථිකයක් අඩපණ වන්නට ඉඩ දෙන මධ්‍යම ආණ්ඩුවක් හා පළාත් සභාවක් ඇති ලෝකයේ එක ම පාලනය තිබෙන්නේ ලංකාවේ ය. මෙවැනි දේට වර්ජනය කරන මිනිසුන් ඉන්නේත් ලංකාවේ පමණක් වන්නට පුළුවන.


වර්ජනය අවසන් වූ ආකාරය ද නියම ජෝක් එකකි. එය ආණ්ඩුවේ දිනමිණ වාර්තා කරන්නේ මොස් ය:


"වර්ජනය පවතිද්දී මුතුහෙට්ටිගම මන්ත්‍රීවරයා තවත් පිරිසක් ද කැටුව පැමිණ එම වේදිකා දෙක වෙන්ව තිබූ යකඩ වැට යකඩ කියතකින් කපා දැමීමෙන් පසුව වර්ජනය නිමවිය."


මුතුහෙට්ටිගම යනු ප්‍රයිවෙට් බස් හිමියෙක් හා කලින් රියදුරෙකු ද නිසා ඔහු මේ කාරණා ගැන හොඳින් සන්නවා ඇත. ඔහුට අවශ්‍ය වී තිබෙන්නේ දකුණු පළාතේ මර්වින් සිල්වා භූමිකාව රඟන්නට ය. ඒ සඳහා අවශ්‍ය ශරීරය හා මොළයේ ප්‍රමාණට ඔහුට තිබේ. නැත්තේ ආචාර්ය උපාධිය පමණි.


ඒ ටිකත් සම්පූර්ණ කරන්නට ඕනෑ නම් වැල්ලමඩම මධ්‍ය මහා විද්‍යාලයට පුළුවන.


අපට ඇති ප්‍රශ්නය මෙයයි: "මේකත් රටක් ද මර්තේලිස්?"

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. මුතුහෙට්ටියා, මර්වියා කරන වැඩ වලින් හිතෙන්නෙ මේ රටේ ජනාදිපති මොන පොන්නයෙක්ද කියලා??

    ReplyDelete
  2. මේවා කියවනකොට මට සිසිර කුමාර මාණික්ක ආරච්චි මහත්මයාව මතක්වෙනවා. 'සාගරයක් මැද අමන රටක් ඇත'

    ReplyDelete
  3. MR is done. now it's looks like burst of bubble empire. too uncontrollable to survive. let's welcome next presidential candidate basil in 2018 to win the development war. he will chase these gonnu.

    ReplyDelete
  4. ගජ මුතු වලටත් වඩා වටිනව.. ඇඟේ තරමට මොලෙත් තිබුනනම්...

    ReplyDelete
  5. මේකත් රටක් ද මර්තේලිස්?
    එහෙම කියන්ඩ එපා මර්තේලිස්...
    මේකේ තියනවා
    දේශපාලන පක්ශ ටිකකුයි
    හොරු ටිකකුයි
    උන්ට කඩේයන පිසො ටිකකුයි ඉන්න
    උතුම්ම උතුම් Island එකනෙ මේක

    ReplyDelete
  6. wedak neha ban... muthuwa wage gon harak onei rataka innwa ...unta chande dena harak inne lankaawe witharai...SL will never develop. it's just a dream for us.all countries had people with developed thinking b4 they get physical development. lankaawe gonnunta kawadaa mole paadeida...

    ReplyDelete
  7. the result of ballange rate guu ballek raja wieema.

    ReplyDelete
  8. Eka hari, me Muthuhettiyage waraddak newe. Me gon patiyata chande deepu unge weraddak. "Weda beri unata gama galle" Ane ape Dakunata giya kalak .... KO DAKUNE ABHIMANAWATH MINISSU ?????????????
    (Chanda karain galeryiye chanda ilakka karan wedakaranathak me rata duwnu karanna be Martheliyo

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා