Posts

Showing posts with the label ගාල්ල

බොදු බල සේනා, මෙත් සෙවණ හා ජර්මානු රාජ්‍ය නො වන සංවිධාන

Image
(මෙම සිද්ධියට අදාල අපගේ ගවේෂණාත්මක වාර්තාව ඉංග්‍රීසි බසින් මෙතැනින් කියවන්න ) ගාල්ලේ, පිලානේ පිහිටි මෙත් සෙවණ මධ්‍යස්ථානයෙන් වහාම ඉවත්වන ලෙස ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් ගුණේන්ද්‍ර මුණසිංහ මහතා ජී. ඥානසාර හිමි ඇතුළු බොදු බළ සේනා සංවිධානයටට අද (29) නියෝග කර ඇත. බටගොඩ ගමගේ අසංක අමරසිරි නමැති අය විසින් ගොනු කරන ලද පෙත්සමක් විභාග කළ විනිසුරුවරයා එම තීන්දුව දී ඇත. බොදු බලසේනාවේ මහ ලේකම් ජී. ඥානසාර හිමි, ඇඹිලිපිටියේ විජිත හිමි, විතාරන්දෙණියේ නන්ද හිමි සහ ලිට්ල් ස්මයිල් ඇසෝසියේෂන් නමැති රාජ්‍ය නොවන සංවිධානය වග උත්තර කරුවන් කරමින් පෙත්සම පවරා තිබිණි. තමන්ට අයිති අක්කර 3 ක ඉඩම හා අදාළ දේපල 2012 දෙසැම්බර් 16 දා බොදු බල සේනා සංවිධානය විසින් බලහත්කාරයෙන් අත්පත්කර ගෙන ඇති බව සඳහන් කරමින්, පෙත්සම්කරු 2013 පෙබරවාරි 14 දා අධිකරණයට අදාල නඩුව ඉදිරිපත් කර තිබේ. ඒ අතර, බොදු බල සේනා සංවිධානය පසුගිය මාර්තු මස 09දා තමාට හිමි ඉඩමේ තිබු ගොඩනැගිල්ල 'මෙත් සෙවන' ලෙස නම් කොට ආරක්ෂක ලේකම්වරයා එහි ගෙන්වා එහි අධ්‍යාපන මධ්‍යස්ථානයක් ආරම්භ කල බව අමරසිරි පවසයි. අප මෙම සිද්ධිය පිළිබඳ කළ අධ්‍යයනයේ වාර්තාව ...

විද්‍යාලෝකය පෙන්නූ පාසල් හැදීමේ හා විනය ගොඩනැගීමේ අධ්‍යාපනය

Image
ගාල්ලේ පාසල් සිසු මවකට කතා කර විද්‍යාලලෝක සිද්ධිය ගැන ඇසූ විට ඇය අපූරු කතාවක් කීවාය. එහි හිටපු වැඩබලන විදුහල්පත්වරයා පාසල දියුණු කළ බව හා විනය ගොඩනැගූ බව ඇය කීවාය. මව්පියන් හා සිසුන් කුපිත වී ඇත්තේ ඒ හොඳ මහත්තයා මාරු කළ නිසාය. වයස අවුරුදු පනහකට ආසන්න මේ මවද සිසුන්ගේ හැසිරීම අනුමත කරමින් කතා කළාය. පාසල් හැදීම හා විනය ගොඩනැගීම කියන්නේ කුමක්ද?  දැන් පාසල්වල ළමයි ශබ්ද විකාශන ඔස්සේ නිතර බුදුදහම අදහති. ගුරුවරුන්ට වඳිති. ඒ තරමටම ප්‍රචණ්ඩව හැසිරෙති.  අද කාලයේ පාසල් හදනවා කියන්නේ ගොඩනැගිලි හැදීම, ගේට්ටු බැඳීම, ළමයින් පෙළට යැවීම, ටයි දැම්මවීම, සපත්තු පොලිෂ් කිරීම, කොණ්ඩා කැපීම පාලනය කිරීම ආදිය හැර අන් යමක් නොවේ.  අධ්‍යාපන පද්ධතියම හිතන්නේ මේවා තමයි වැඩ කියාය. එහෙත්, ළමයින් හැදීම යනු වෙන දෙයකි. අධ්‍යාපනය හෙවත් ශික්ෂණ විද්‍යාව යනු දරුවන් ශාරීරික, මානසික, බුද්ධිමය හා ආකල්පමය ලෙස ශිෂ්ට හා දියුණු බවට පත්කිරීම හා ඔවුන් නිර්මානශීලී මිනිසුන් ලෙස ගොඩනැගීමයි.  පාසල්වල අද සිදු නොවන්නේ මෙය පමණි. විද්‍යාලෝක සිද්ධිය විසින් පෙන්නුවේ මේ නිරුවතයි.   සමාජය මේ ගැන ගැඹුරින් සිත...

මේකත් රටක් ද මර්තේලිස්? / Galle bus stand joke

Image
(2011 ජුලි 22,   W3Lanka )  ලංකාවේ දිග ම ද, ලොතු ම ද කියන බස් නැවතුම්පොළ ජුලි මාසයේ මුල ලොකු සද්දයක් දමා විවෘත කළේ රටේ රාජ්‍ය නායකයා විසිනි. ඊයේ හා පෙරේදා මේ බස් නැවතුම්පොළ නිසා ගාල්ලේ සිට බස් ධාවනය වන මාර්ග 14ක පෞද්ගලික බස් දින දෙකක් තිස්සේ වර්ජනය කළේ ය. වර්ජනයට හේතුව වැටක යකඩ බට කීපයකි. මේ බස් නැවතුම්පොළට මෑතකදී නො ගිය නිසා මේ කුණුහරුපය අපට තේරෙන්නේ නැත. හික්කඩුව වේදිකාවේ තිබූ සුළු ඉඩකඩකින් අම්බලන්ගොඩ බස් මගීන් ප්‍රවේශ වීම මේ වර්ජනයට හේතු වූ බව ආණ්ඩුවේ දිනමිණ පුවත්පත පවසයි. දිනමිණ කිසිදාක බොරු කියන්නේ නැති පත්තරයකි. යකඩ බට කීපයක් නිසා පළාතක ආර්ථිකයක් අඩපණ වන්නට ඉඩ දෙන මධ්‍යම ආණ්ඩුවක් හා පළාත් සභාවක් ඇති ලෝකයේ එක ම පාලනය තිබෙන්නේ ලංකාවේ ය. මෙවැනි දේට වර්ජනය කරන මිනිසුන් ඉන්නේත් ලංකාවේ පමණක් වන්නට පුළුවන. වර්ජනය අවසන් වූ ආකාරය ද නියම ජෝක් එකකි. එය ආණ්ඩුවේ දිනමිණ වාර්තා කරන්නේ මොස් ය: "වර්ජනය පවතිද්දී මුතුහෙට්ටිගම මන්ත්‍රීවරයා තවත් පිරිසක් ද කැටුව පැමිණ එම වේදිකා දෙක වෙන්ව තිබූ යකඩ වැට යකඩ කියතකින් කපා දැමීමෙන් පසුව වර්ජනය නිමවිය." මුතුහෙට්ටිගම යනු ප්‍රයිවෙට් බස්...

ජවිපෙ මන්ත්‍රීන් තිදෙනා කොම්පියුටර් ගේමකට සුදුසු සිරා වැඩකාරයෝ ය | JVP MP's Galle operation - a computer game

Image
(2010 අගෝස්තු 13,  W3Lanka )  නීති විරෝධී පෙළපාළියක් පැවැත් වූ බවට අත්අඩංගුවට ගෙන පොලීසියේ රඳවා සිටි සැකකරුවන් පිරිසක් මුදාහරින ලෙස තර්ජනය කරමින් ගාල්ල පොලිසියේදී එහි රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජිත හේරත් හා අජිත් කුමාර ද, දකුණු පළාත් සභා ජවිපෙ මන්ත්‍රී නලීන් හේවගේ ද යන තිදෙනා පොලිසිය විසින් ඊයේ (12) සවස අත්අඩංගුවට ගනු ලැබ ඇති බව දිනමිණ ඇතුළු රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි. පොලිසිය කියන පරිදි සැකකාර මන්ත්‍රීවරුන් පොලිස් නිලධාරින්ට පහර දී ඇත්තේ පොලිස් සිර මැදිරියේ රඳවා සිටි පුද්ගලයන් මුදා හරින ලෙස ඉල්ලමිනි. සැකකරුවන් රඳවා සිටි ගාල්ල පොලිසියේ සිර මැදිරිය අසලට අනවසරයෙන් ගොස් ඇති මන්ත්‍රීවරුන් එම සැකකරුවන් මුදා ගැනීමට උත්සාහ දරා ඇති බව රාජ්‍ය මාධ්‍ය කියයි. මුන් තුන්දෙනා නම් සිරා වැඩකාරයෝ තිදෙනෙකි. පොලිසිය තුළට ගොස් පොලිසියට පහර දී සිරකරුවන් මුදා ගන්නා මෙවැනි මෙහෙයුම් මෑත කාලයේදී නම් අප දුටුවේ පරිගණක ක්‍රීඩාවල පමණි. මෙයින් පෙනෙන්නේ ලංකාවේ පොලිසිය අද පත් වී තිබෙන තත්වයයි. ප්‍රජාතන්ත්‍රවාදී වෙලා,...