Posts

Showing posts from August, 2015

ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් වෙතින් පද්‍ය රචනා තරගයක්

Image
ශ්‍රී ලංකාව කියන්නේ මිනිසුන් අතුරුදහන් වීම ඉතා බහුලව සිදු වූ රටක්. නීතියට පිටින් මිනිසුන් මරා දැමීම ඉතා අසීලාචාර ක්‍රියාවක්. ලංකාවේ පාලකයන්, ත්‍රස්ත කණ්ඩායම්, ආරක්ෂක අංශ, දේශපාලකයන් හා තවත් අය පුද්ගලයන් පැහැරගැනීම්වල හා අතුරුදහන් කිරීම්වල යෙදුණා. අතුරුදහන් කිරීම පිළිබඳ බිය, වධ හිංසාවන්ට ලක් කිරීම, ඝාතනය, පවුල් අසරණ වීම, වියෝව යනාදී කාරණා විසින් අප සමාජය තුළ ඇති කරන ලද තුවාල අතිශය ගැඹුරුයි. අප ඒ ගැන කවි ලිවිය යුත්තේ ඇයි? අප විසින් සෞන්දර්යය ඔස්සේ ඇති කරන සංවේදිතාව නැවත එවන් අමානුෂික ක්‍රියා මේ සමාජයේ ඇති නො වන වටපිටාවක් නිර්මානය කරන්නට දායක වේවි. ඇම්නෙස්ටි ජාත්‍යන්තරය විසින් සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා තුනෙන් පද්‍ය රචනා තරගයක් පවත්වන බව නිවේදනය කර තිබෙනවා. තරගයෙන් ජයගත්තත් ඔබට තෑගි නම් ලැබෙන්නේ නැහැ. ඔබගේ කවි පද්‍ය එකතුවක් ලෙස ප්‍රකාශයට පත් කරනු ලබනවා. අතුරුදහන් වීම් පිළිබඳ ඔබගේ සංවේදිත්වය පැදියකින් පළ කරන්න. තරග විස්තර හා අයදුම්පත් මෙතැනින් මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස

එක්නැලිගොඩ මරා දැමීම සිද්ධියක් පමණක් ද?

Image
දිවයින පුවත්පතෙන් උපුටාගත් මෙම පුවත විවිධ අරමුණු වෙනුවෙන් ප්‍රවෘත්ති අර්ථකථනය කිරීම තේරුම් ගන්නට කදිම සාධකයකි. සිද්ධිය මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් මරා දැමීම පිළිබඳ හමුදා නිලධාරියකුගෙන් ප්‍රශ්න කිරීමයි. එහෙත් මේ වාර්තාකරුවා පළමු ඡේදයෙන් කියන්නට උත්සාහ කරන්නේ ‘ත්‍රස්‌තවාදය පරාජය කිරීමේ සටනේදී සුවිශේෂී කාර්යභාරයක්‌ සිදුකළ යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ තවත් උසස්‌ නිලධාරියකුට' කරදරයක් වී ඇති බවයි. ඔහුගෙන් ප්‍රශ්න කරන්නට යන්නේ කෘෘර ඝාතනයක් ගැනයි. සිය වෘත්තියේ ම යෙදී සිටි, වෙනස් දේශපාලන මතයක් දැරූ මිනිසකු කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව මරා දැමීම මෙම වාර්තාකරුවාට නිකම් ම නිකම් ‘එක්‌නැලිගොඩ සිද්ධියකි'. “It is not enough for journalists to see themselves as mere messengers without understanding the hidden agendas of the message and the myths that surround it.”  ―  John Pilger ,  Hidden Agendas එක්‌නැලිගොඩ සිද්ධියට තවත් බුද්ධි නිලධාරියෙක්‌ අද සී අයි ඩී ය හමුවට සමන් ගමගේ එල් ටී ටී ඊ ත්‍රස්‌තවාදය පරාජය කිරීමේ සටනේදී සුවිශේෂී කාර්යභාරයක්‌ සිදුකළ යුද හමුදා සන්නද

Cleaning the drawer (poem)

Image
I'm cleaning my drawer Mercilessly concentrating Piling the past To be burnt away Old pay slips Paid bills and letters Expired warranty certificates Collected name cards Old identity cards With fading faces Bits of crushed paper Lines jotted on them Perfumed love letters Yes, they too have to go In a black garbage bag I take them to the roadside When the truck rolls in Leave it there and come back Without looking back I get in my room The drawer is half-empty What a brutal neatness අස් කරමි ලාච්චුව කෘෘර ලෙස තත්පරව ගොඩ ගසමි කසල ලෙස දවන්නට අතීතය වැටුප් විස්තර පරණ ගෙවූ බිල් එවූ ලිපි කල් ඉකුත් වගකීම් සහතික එකතු වූ නාමපත් දියව ගිය මුහුණු ඇති පරණ හැඳුනුම්පත් කවි ලියූ තුණ්ඩු හා සුවඳවත් පෙම්පත් දමා කුණු මල්ලක අරන් යමි පාරට කුණු ලොරිය එනවිට තබා එමි පෙනෙන්නට නො බලා ම ආපසු ඇවිත් කාමරයට වදිමි ලාච්චුව හිස් ය බාගෙට නැවුම් ය දයා විරහිත ලෙස - Ajith Perakum Jayasinghe  මේ ලිපිය වෙන අයත

දෙමළ ජාතික සන්ධානයට විපක්ෂ නායකකමෙන් වැඩක් තිබේ ද?

Image
එක්සත් ජනතා නිදහස් සන්ධානය සම්පූර්ණයෙන් හෝ කෑල්ලක් ලෙස හෝ ආණ්ඩුව සමග සන්ධානගත වූ විට එයට විපක්ෂ නායකකම ද දැරීමේ සදාචාරාත්මක අයිතියක් නැත. ඒ අනුව, ඒ සඳහා පාර්ලිමේන්තුවේ තුන්වන බලය වන දෙමළ ජාතික සන්ධානයට යුක්තියුක්ත අයිතියක් තිබේ. දෙමළ ජාතික සන්ධානයට විපක්ෂ නායකකම දීම, නො දීම ගැන මේ දිනවල මහා ලොකු කතාවක් තිබේ. සිංහල ජාතිවාදීහු සුපුරුදු ලෙස ඒකටත් විරුද්ධ ය. මේ අතර, තවත් සමහරු සිය මනුෂ්‍යත්වය ප්‍රදර්ශනය කරමින්, දෙමළ ජාතික සන්ධානයට අනුකම්පා කර, විපක්ෂ නායකත්වය පූජා කර සිය ජාතිවාදී පව් සෝදාගන්නට දත මදිති. එය නරක යයි අපි නො කියමු. එහෙත්, විය යුතුව තිබෙන්නේ දෙජාස ආණ්ඩුවට සම්බන්ධ කරගෙන උතුර සංවර්ධනය හා සම්බන්ධ බලවත් අමාත්‍යාංශයක් ඇතුළු වගකිවයුතු ඇමති තනතුරු කීපයක් ඔවුන්ට පිරිනැමීමයි. ජාතික සමෝධානය ඇති කිරීමට නම් දෙජාස මධ්‍යම ආණ්ඩුව ඇතුළට ගත යුතු ය. විපක්ෂයේ සිට කරන්නට පුළුවන් රෙද්දක් නැත. විපක්ෂ නායකකම නිකම් සෙරමෝනියල් මලඉලව්වක් පමණි. මීළඟ ආණ්ඩුවේ අගමැතිකම ඉල්ලා සිටීම සඳහා ශ්‍රීලනිප හා එජාප ජ්‍යේෂ්ඨයන්ට නම් විපක්ෂ නායකකම වැදගත් විය හැකි ය. දෙජාස මධ්‍යම රජයේ ආණ්ඩුවක් පිහිටුවන්නට ඉන්න ප

ලාච්චුව අස් කිරීමේ ව්‍රතය

Image
අස් කරමි ලාච්චුව කෘෘර ලෙස තත්පරව ගොඩ ගසමි කසල ලෙස දවන්නට අතීතය වැටුප් විස්තර පරණ ගෙවූ බිල් එවූ ලිපි කල් ඉකුත් වගකීම් සහතික එකතු වූ නාමපත් දියව ගිය මුහුණු ඇති පරණ හැඳුනුම්පත් කවි ලියූ තුණ්ඩු හා සුවඳවත් පෙම්පත් දමා කුණු මල්ලක අරන් යමි පාරට කුණු ලොරිය එනවිට තබා එමි පෙනෙන්නට නො බලා ම ආපසු ඇවිත් කාමරයට වදිමි ලාච්චුව හිස් ය බාගෙට නැවුම් ය දයා විරහිත ලෙස මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

නයා සහ ඉනිමග ක්‍රීඩාවේ ජාතික ලැයිස්තුව

Image
එජාප, එජනිස හා ජවිපෙ යන පක්ෂ තුනේ ම ජාතික ලැයිස්තු මන්ත්‍රී තනතුරුවලට පත් කිරීම් පිලිබඳ රටේ පුළුල් කතා බහක් ඇති විය. එජාප ලැයිස්තුව ගැන ලොකු මතභේදයක් ඇති නො වුණත්, දයා ගමගේ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත් වී සිටියදී, ඔහුගේ බිරිය වන අනෝමා ගමගේත් ජාතික ලැයිස්තුවෙන් පත් කිරීම විවේචනයට ලක් විය? ජාතික ලැයිස්තුවෙන් කාන්තාවක් පත් කළ එකම පක්ෂය වුණේ එජාපයි. එහෙත්, මේ මන්ත්‍රීකමට රෝසි සේනානායක වැනි කාන්තාවක් පත් කළා නම් වඩා ඵලදායී වන්නට ඉඩ තිබුණා. පරාජිත අපේක්ෂකයන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් නො කරන ස්ථාවරයක එජාප නායකයා සිටි මුත්, සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය එජාප ජාතික ලැයිස්තුවෙන් තමන්ට ලැබුණු ආසනය වෙන් කළේ පරාජිත අපේක්ෂකයකුටයි. එජනිස නායකයා වන මෛත්‍රීපාල සිරිසේනගේ නම් මූලික ප්‍රතිපත්තිය වුණේ ම තමන්ට අවශ්‍ය පරාජිත අපේක්ෂකයන් ජාතික ලැයිස්තුවෙන් පත් කර ගැනීමයි. එජාප - එජනිස හවුල් ආණ්ඩුවක මහින්ද සමරසිංහ, එස්.බී. දිසානායක, පියසේන ගමගේ, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, විජිතමුනි සොයිසා, තිලංග සුමතිපාල වැනි පරාජිත අපේක්ෂකයන් සිටින්නට බොහෝ විට ඉඩ ඇත. මෙම අපේක්ෂකයන් පරාජය කළේ සන්ධානයේ

ඝාතන සංස්කෘතිය තීරණාත්මක ලෙස අවසන් කළ යුත්තේ ඇයි?

Image
2010 ජනවාරි 24දා ප්‍රගීත් එක්නැලිගොඩ සහෝදරයා පැහැරගෙන ගොස් අතුරුදහන් කළ සිද්ධිය ගැන සැක සංකා රැසක් තිබිණි. සාමාන්‍ය විරුද්ධ පක්ෂ දේශපාලනයක් කළ, කැරැලි-කුමන්ත්‍රණ සම්බන්ධයක් නො තිබුණු, එතරම් අභියෝගාත්මක මාධ්‍යකරණයක ද නො නියැලුණු ඔහු මරා දැමීමට හේතුවක් අප ද ඇතුළු බොහෝ දෙනෙකුට තේරුම් ගත නො හැකි විය. මාධ්‍යවේදී සිවරාම් මරා දැමීමට හේතුව ඔහු අති දක්ෂ ලෙස කොටි සංවිධානය වෙනුවෙන් මානසික යුද මෙහෙයුමක් දියත් කිරීමට සමත් වීමයි. ලසන්ත වික්‍රමතුංග අභීත මාධ්‍ය වෘත්තිකයකු ලෙස රජයේ දූෂණ ප්‍රශ්න කළේ ය. ඔවුන්ට සාපේක්ෂව ප්‍රගීත් එතරම් අභියෝගාත්මක මාධ්‍යකරුවකු වූයේ නැත. එහෙත්, දැන් හෙළිදරව් වන තොරතුරු අනුව, එවැනි අහිංසකයන් පවා මරා දැමීමේ ලේ පිපාසයකින් පෙලුණ උම්මත්තක නායකත්වයක් එකල රට පාලනය කළ බව දැන් පැහැදිලි ය. ප්‍රගීත් පැහැරගත් සමයේ රට අරාජික වී තිබුණේ නැත. එපමණක් නොව, ආරක්ෂක අංශ තිබුණේ දැඩි මධ්‍යගත පාලනයක් තුළ ය. ආරක්ෂක අංශවල ඉහළ අනුග්‍රහයකින් තොරව මෙවැනි දඩ බල්ලන්ට පැවැත්මක් නැති බව පසුගිය සතියේ සත්හඬ පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වූ, පැහැරගෙන ගොස් මරා දමන්නට පෙර ජීවිතය බේරා ගත් ඩොනල්ඩ්

ප්‍රතිචක්‍රීයකරණ හා අපද්‍රව්‍ය කළමනාකරණ අමාත්‍යංශයක් පිහිටෙව්වොත් නරක ද?

Image
මේ දවස්වල අලුත් ඇමති මණ්ඩලය පත් කරන හැටි, අමාත්‍යාංශ, බලතල, විෂය ආදිය ගැන දොරවල් වසාගෙන සාකච්ඡා කරනවා නේ.  ශ්‍රීලනිපය ලොකු ලොකු ඇමතිකම් ඉල්ලනවා ලු. දෙන ඒව මදියි කියනවා ලු. ඇමතිකම් බෙදාගන්න ඉතින් හැමදාමත් රණ්ඩු නේ.  එජාපයට බහුතරය සඳහා අඩු මන්ත්‍රී සංඛ්‍යාව සොයා ගන්න එක අමාරු වැඩක් නෙමෙයි. මහින්ද හිටියා නම් කරන්නේ ඇමති තනතුරු පෙන්නලා සන්ධානෙන් මාළු ටිකක් බා ගන්න එක නේ. ඔය දිනේෂ්, විමල්, ගම්මන්පිල වගේ හයියෙන් කෑගහන වීරයන්ව තමයි බාගන්න ලේසි ම.  මන්ත්‍රීවරුන්ගේ ගරුත්වය නැති නො කර, ජනතාව පක්ෂවලට දුන් බලය විකෘති නො කර මෙවැනි සම්මුතිවාදී ආකාරයකට කටයුතු කරන්න අගමැති රනිල් වික්‍රමසිංහත්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනත් කටයුතු කිරීම කුහකකමින් තොරව අගය කළ යුතුයි.  ඡන්දයෙන් පරාජිත අපේක්ෂකයන්ව ජාතික ලැයිස්තුවට පස්ස දොරෙන් රිංගවා මන්ත්‍රීකම්වලට පත් කරනවාට අමතරව ඇමතිකමුත් දෙනවා නම් එය බරපතල තත්වයක්.  කොහොම වුණත්, ඉදිරි වසර පහක් ස්ථාවර ආණ්ඩුවක් පවත්වා ගන්න කටයුතු කළ යුතුයි. ශ්‍රීලනිපයේ වනචාරීන් සමග මේස චාරිත්‍ර සහිත භෝජන සංග්‍රහ පැවැත්වීමේදී රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා සහ එජාපය පරිස්සම් විය

ඝාතන සංස්කෘතිය ගැන වැඩිදුරටත්

Image
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ක්‍රියාකාරිකයන් දෙදෙනෙකු වූ ජානක බණ්ඩාර ඒකනායක හා සිසිත ප්‍රියංකර යන සිසුන් දෙදෙනා 2012 සැප්තැම්බර් 27දා ගම්පහ දිස්ත්‍රික්කයේ ඉඹුල්ගොඩ ප්‍රදේශයේදී මිය ගිය හ. ඔවුන්ගේ මරණවලට හේතුව මෝටර්සයිකල් අනතුරක් බව පොලිසිය පවසයි. එහෙත්, අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මෙම මරණ ඝාතන බව දැඩිව අවධාරණය කරයි. ඒ පිළිබඳ සාධක රැසක් ද ඔවුන් විසින් ඉදිරිපත් කරනු ලැබේ. මෙම මරණ පිළිබඳ මෙවැනි බරපතල සැකයක් මතු වී තිබෙන මෙම සන්දර්භය තුළ ඒ පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම අනිවාර්යයෙන් ම කළ යුතු ය. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මුල් අවස්ථාවක් වූ ජන අරගල ව්‍යාපාරයේ ක්‍රියාකාරිකයන් දෙදෙනෙකු වූ ලලිත් කුමාර වීරරාජ් හා කුගන් මුරුගානන්දන් අතුරුදහන් වූයේ 2011 වසරේ මානව හිමිකම් දිනය වෙනුවෙන් යාපනයේ මාධ්‍ය හමුවක් සංවිධානය කරමින් සිටියදී ය. පසුව ඔවුන් ගමන් ගත් යතුරු පැදිය කෝපායි පොලිසියේ තිබී හමුවීම විශේෂත්වයක් විය. ආරක්ෂක අංශ ඔවුන් නීති විරෝධී ලෙස රඳවාගෙන සිටින බව පෙරටුගාමී පක්ෂය කලක් තිස්සේ පැවසී ය. එහෙත්, ඔවුන් ආපසු ආවේ නැත. මොවුන් දේශපාලනයට සම්බන්ධ අයයි. එහෙත්, 2013 වර්ෂයේ සැප්තැ

නීති විරෝධී අණ ක්‍රියාත්මක කළ අයට වඩා දඬුවම් ලැබිය යුතු වන්නේ ඒ අණ දුන් අයයි

Image
ප්‍රගීත් එක්නැලිගොඩ සහෝදරයා පැහැරගෙන ගොස් අතුරුදහන් කළ බව පිළිගන්නට මම ද මුලදී කැමැත්තක් නො දැක්වූයෙමි.  සාමාන්‍ය විරුද්ධ පක්ෂ දේශපාලනයක් කළ, කැරැලි-කුමන්ත්‍රණ සම්බන්ධයක් නො තිබුණු, එතරම් අභියෝගාත්මක මාධ්‍යකරණයක ද නො නියැලුණු ඔහු මරා දැමීමට හේතුවක් මට නම් තේරුම් ගත නො හැකි විය.  එහෙත්, දැන් හෙළිදරව් වන තොරතුරු අනුව, එවැනි අහිංසකයන් පවා මරා දැමීමේ ලේ පිපාසයකින් පෙලුණ නායකත්වයක් රට පාලනය කළ බව දැන් පැහැදිලි ය.  ආරක්ෂක අංශවල ඉහළ අනුග්‍රහයකින් තොරව මෙවැනි දඩ බල්ලන්ට පැවැත්මක් නොමැත. එමෙන් ම, මෙවැනි පැහැරගැනීමක් ගැන තොරතුරු ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ වැනි අයෙකුට ඉතා පහසුවෙන් සොයා ගත හැකි ය.  ප්‍රගීත් පැහැරගත් සමයේ රට අරාජික වී තිබුණේ නැත. එපමණක් නොව, ආරක්ෂක අංශ තිබුණේ දැඩි මධ්‍යගත පාලනයක් තුළ ය. එහෙයින්, එදා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා පැහැදිලිව ම මෙම සිද්ධියට වගකිව යුතු ය.  නීති විරෝධී අණ ක්‍රියාත්මක කළ අයට වඩා  දඬුවම් ලැබිය යුතු වන්නේ   ඒ අණ දුන් අයයි.  ඒ අණ නිකුත් වී තිබෙන්නේ මහා මිනීමරු සංස්කෘතියකින් බව දැන් ඉතා පැහැදිලි ය. එය වනාහි මරා දැමීමෙන් සතුටු

The Practice and Theory of Bolshevism

Image
රුසියානු විප්ලවය විසින් දල්වාලන ලද නව ලෝකයක් පිලිබඳ බලාපොරොත්තු වලින් මහත් සේ ප‍්‍රබෝධයට පත්ව සිටි චින්තකයෙකු වූ බර්ට‍්‍රන්ඞ් රසල්ට, 1920 වසරේදී සෝවියට් දේශය කරා බි‍්‍රතාන්‍ය කම්කරු පක්ෂයේ දූත කණ්ඩායමක් කල සංචාරය හා එක්වන්නට අවස්ථාවක් ලැබුණි. මෙම සංචාරය, බොල්ෂෙවික්වාදයේ භාවිතය සහ මාක්ස්වාදී න්‍යාය සම්බන්ධ ඔහුගේ අදහස්වල තීරණාත්මක සන්ධිස්ථානයක් විය. එම සංචාරයේ අත්දැකීම් මත පදනම්ව ලියැවුණු මෙම කෘතිය, සෝවියට් රුසියාවේ එදිනෙදා ජීවිතයත්, පාලනය ගෙනයාමේදී බොල්ෂෙවික්වරුන් මුහුණ දුන් අභියෝගයනුත්, එ්වා ජයගැනීමට ඔවුන් ගන්නා කි‍්‍රයාමාර්ගත් පිලිබඳව ඉන් පෙර රුසියාව වෙත සංචාරය කල කිසිවෙකුත් නොපැවසූ විස්තරයක් ඉදිරිපත් කරයි. සමාජවාදය බිහිකිරීම නම් කාරණයේදී බොල්ෂෙවික්වරුන් සැපයූ ආදර්ශයත්, ඔවුන්ගේ අසාර්ථකත්වයන්ගෙන් පාඩම් ඉගෙන ගැනීමේ වැදගත් කමත් අවධාරණය කෙරෙන මෙම විග‍්‍රහය රසල් සිදු කරන්නේ ඔවුන්ගේ න්‍යායද තියුණු විශ්ලේෂණයකට ලක් කරමිනි. පොත මේ සතියේ පිට වේ. එහි කතුවරයා අප මිත්‍ර නිශාන්ත කුලරත්නයි. විස්තර ඔහුගෙන් දැන ගත හැකි ය.  nishanthaku@gmail.com මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්

මෙතනින් එහාට දේශපාලනය...................................?

Image
ඡන්දය නිම වී දින කීපයකි. දේශපාලන ඩීල්කරුවන් එළියට බැස සිටිති. විශේෂයෙන් ම සන්ධාන හා එජාප ජාතික ලැයිස්තු තුළ ඩීල් දේශපාලනය කැපී පෙනේ.  ඩීල් දේශපාලකයන්ට තිබෙන්නේ පෞද්ගලික අරමුණු මිස පොදු අරමුණු නො වේ. එජාප හා ශ්‍රීලනිප අතර ජාතික ආණ්ඩුවක් නිර්මානය වෙමින් තිබේ. වසර දෙකක කාලයක් ඔවුන්ට සිය ‘වැඩපිළිවෙල' දියත් කරන්නට විවේචනාත්මක සහයෝගය දිය යුතු ය.  එජාප ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති හා ශ්‍රීලනිප රාජ්‍ය කේන්ද්‍රීය ආර්ථික ප්‍රතිපත්තිවල සම්ප්‍රයුක්තය ලෙස ලංකාවේ සැලකිය යුතු ආර්ථික ප්‍රතිසංස්කරණ හෝ සංවර්ධනයක් හෝ ආයෝජකයන් ආකර්ශනය වීමක් හෝ පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඉත සිතින් අපේක්ෂා කරන අන්දමට නව ලිබරල් ආර්ථිකයක් ඔස්සේ දිළින්දන්ට කෙළවීම හෝ සිදු වන්නේ නැත. ලංකාවේ තව දුරටත් පවතිනු ඇත්තේ මැද මාවතේ අසාර්ථක ආර්ථිකයකි. මේ සන්ධානයේ අවසානය දැඩි ආර්ථික අර්බුදයක් ඔස්සේ දෙවසරකින් පමණ සටහන් වන පරිදි මහින්ද රාජපක්ෂ ආර්ථික විනාශයේ ගුලිය අඹරා තිබේ. ඔහු හා ඔහුගේ අන්තේවාසිකයන් සිදු කළ අපරාධවලට නියමිත දඩුවම් ලබා දිය යුතු ය. නැතිනම් දෙවසරකින් පසු ජාතිවාදය අමෝරාගෙන ඔහු නැවත නැගිටින්නට ඉඩ තිබේ.  ලංකාවේ ආර්ථික අර

ජවිපෙ නො කළ යුතුව තිබුණේ කුමක් ද?

Image
ජනතා විමුක්ති පෙරමුණට ලැබුණු ඡන්ද ප්‍රතිඵලය පිළිබඳ මේ වන විට පුළුල් සංවාදයක් ඇති වී තිබේ. තමන් මීට වඩා ප්‍රතිඵලයක් අපේක්ෂා කළ බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක නිල වශයෙන් පැවසී ය. එහෙත්, මැතිවරණ ව්‍යාපාරය ආරම්භයේදී ජවිපෙ බලාපොරොත්තු වූ ප්‍රතිඵලයට වැඩි ප්‍රතිඵලයක් ඔවුන්ට ලැබී තිබෙන බව සිතන්නට සාධක තිබේ. ජවිපෙ නියෝජනය කරමින් පසුගිය පාර්ලිමේන්තුවේ සිටියේ මන්ත්‍රීවරුන් තිදෙනෙක් පමණි. ජවිපෙ 2004 මහ මැතිවරණයේදී ජාතික ලැයිස්තු ආසනයක් සමග ආසන හතරක් දිනා ගත්තේ සරත් ෆොන්සේකා සමග සන්ධානගතව තරග කිරීමෙනි. පසුව අජිත් කුමාර මන්ත්‍රීවරයා පෙරටුගාමී සමාජවාදී පක්ෂය සමග කැඩී ගියේ ය. නාමයෝජනා භාර දෙන විට ඔවුන්ට තිබුණු ගණනය කිරීම අනුව එක් ආසනයක් හෝ ලබා ගැනීමේ විශ්වාසය තිබුණු කොළඹ දිස්ත්‍රික්කයෙන් අනුර කුමාර දිසානායක හා ලාල් කාන්ත ඉදිරිපත් වූ හ. ජවිපෙ ඉදිරි පෙළ නායකයන් දෙපළ වන මේ දෙදෙනා ම කලින් කුරුණැගල හා අනුරාධපුර දිස්ත්‍රික්වලින් තරග කර තේරී පත් වූ අයයි. සුනිල් හඳුන්නෙත්ති මාතරට පිටමං කරනු ලැබුවේ අසාධාරණ අන්දමිනි. ඔහුට මැතිවරණයට සූදානම් වීමට හෝ කාලයක් නො ලැබිණි. ඔහු යැවුණේ පරාජය වීම සඳහා ය. නායකත්වය

මහ මැතිවරණයෙන් පසු පුරවැසි වගකීම

Image
මැතිවරණයෙන් පසු පුරවැසි සංවිධානයක් විසින් නිකුත් කරන ලද බැනරයකි.  1994දී එක්සත් ජාතික පක්ෂය පරාජය කර පොදු පෙරමුණ බලයට පත් කරන්නට කලාකරුවෝ, බුද්ධිමත්තු, වෘත්තීය සමිති හා වෙනත් සිවිල් සංවිධාන නායකයෝ විශාල පිරිසක් දායක වූ හ. ඉන් පසු මේ අයගෙන් ඇතැමෙක් තනතුරු, වරප්‍රසාද හා වෙනත් අවස්ථා ලබා ගත් හ. සමාජ නායකයෝ විශාල වශයෙන් මාධ්‍යවලට ලොල් වූ හ. අවසානයේදී රූපවාහිනී තිරයේ කවටයන් බවට පත් වූ හ. ආණ්ඩු පෙරළියට මුල් වූ සිවිල් සංවිධාන නායකයෝ තනතුරු, වරප්‍රසාද, අවස්ථා හරහා ස්වයංව ම මෙල්ල වී පාලකයන් පාමුල දැවටෙන්නට පටන් ගත් හ. එකිනෙකා සමග පොර වැදුණ හ. තමන්ගේ පෞද්ගලික පැවැත්ම වෙනුවෙන් පාලකයන්ට වන්දිභට්ටකම් කරන්නට පටන් ගත් හ. 1994 බල පෙරළිය ක්‍රම පෙරළියක් නො වූයේ ඒ නිසා ය. අවසානයේදී එදා ජනතා පැතුම වූ ආණ්ඩුව 2014 වන විට අද්භූත සත්වයකු බවට පත් වී තිබිණි. 2015දී මහින්ද රාජපක්ෂ පාලනය පෙරළා දැමීමට පුරවැසි සංවිධාන, වෘත්තීය සමිති, ආගමික නායකයෝ ආදීහු සුවිසල් දායකත්වයක් දුන් හ. දැන් මේ අය ඉදිරියේ ද 1994දී පැවති අභියෝගය ම තිබේ. තනතුරු, වරප්‍රසාද හා වරදාන ලබා ගන්නවා ද? නැතිනම් තමන්ගේ භූමිකාව නැවත අර්ථකථනය කර

දේශප්‍රේමී හා මාක්ස්වාදී චව් චව්ලාට ටයි මාමාගෙන් සෙනෙහසින්

Image
උතුරට කණ දීගෙන බෝම්බ පුපුරනවා ද අසා සිටින, හීනෙන් ඩයිනමයිට් පෙනෙන මිනිසෙක් ඔබ අසල සිටින්නේ නම් ඒ වනාහි ‘දේශප්‍රේමියෙකි'.  යූඇන්පීකාරයන් හොරකම් කරනතුරු හා ආර්ථිකයට කෙළ වී ජනතාව කන්න බොන්න නැතිව හාමත් වනතුරු බලා සිටින කෙනෙක් සිටියි නම් ඒ අනිවාර්යයෙන් ම 'මාක්ස්වාදියෙකි'.  පළමුවැන්නා මහින්දට කෙළින් ලව් කරයි. දෙවැන්නා හොරෙන් ලව් කරයි.  ඔබට ටයිටස් තොටවත්තයන් විසින් හඬකවන ලද දොස්තර හොඳහිත මතකද? එහි චව් චව් කියා චරිතයක් සිටියා මතක ද?  චව් චව් නිතර කියන දෙයක් වන්නේ “මං කිව්වනෙ. ඕක හරියන්නෙ නැහැ," යන්නයි. ඉහත දක්වන ලද දේශප්‍රේමියෝ හා මාක්ස්වාදියෝ ද නියම චව් චව්ලා ය.  වාමාංශික හා දේශප්‍රේමී චව් චව්ලා වෙනුවෙන් අපි මේ ගීය බෙදා දෙන්නෙමු.  මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන්

පෙසප විසින් ජවිපෙ නැටවීම හෙවත් වලිගය විසින් බල්ලා වැනීම

Image
මෙවර මහ මැතිවරණය ජනතා විමුක්ති පෙරමුණ හා පෙරටුගාමී සමාජවාදී පක්ෂය අතර වෙනස පෙන්වූ අවස්ථාවකි.  ජවිපෙ ඡන්ද ලක්ෂ පහකට වඩා ලබා ගත් අතර පෙසප ඡන්ද දහදාහක්වත් ලබා ගත්තා ද නො දනිමි. පෙසප ඉලක්කම් හතරේ ඡන්ද සංඛ්‍යාවක් ලබා ගත් එක ම දිස්ත්‍රික්කය ඔවුන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සිටි ගාල්ලයි. ඔවුන් පදනම් වී සිටින කොළඹ දිස්ත්‍රික්කයේ ඔවුන්ට ඡන්ද 500ක්වත් නැත.  දේශපාලන පක්ෂයක වැදගත්කම මැනීම සඳහා තිබෙන එකම නිර්ණායකය ඡන්ද පදනම නො වේ. එහෙත්, දිළිඳු හා පීඩිත ජනයා අතර ජනප්‍රිය වාමාංශික පක්ෂයක් වූ ජවිපෙ යටිතලය බිඳ දමා පෙසප විසින් නිර්මානය කර තිබෙන දෙය කණගාටුදායක ය. පෙසප පසුගිය වසර කීපයක මහා සංවාදය තුළ ජවිපෙන් බිඳී ආ කේඩරය දිය කර හැරියේ ය. ඉන් පසු ඡන්දය ඉල්ලීම ප්‍රධාන කාර්යය බවට පත් කර ගත් කුඩා කල්ලියක් නිර්මානය කරගෙන තිබේ. යම්, යම් කුඩා ජාත්‍යන්තර සංවිධාන සමග සම්බන්ධ නව සමසමාජ පක්ෂය, එක්සත් සමාජවාදී පක්ෂය හා සමාජවාදී සමානතා පක්ෂය වැනි ව්‍යාපෘති පක්ෂයක් බවට පත් වීමේ ලක්ෂණ දැන් පෙසප වෙතින් මතු වී තිබේ. වත්මන් සංකීර්ණ සංදර්භය තුළ මෙවැනි පක්ෂයකට සිය විප්ලවීය ෆැන්ටසිය නඩත්තු කර ගැනීම සඳහා එය ප්‍රමාණවත්

ජනතාවට පෙම් කිරීම හෝ වෛර කිරීම දේශපාලනය නො වේ

Image
අජිත් පැරකුම් ජයසිංහ වන මම 1989 මැයි මාසයෙන් පසු ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධ කිසිදු කාර්යයක යෙදී නැත. ඉන් පසු වසර පහක පමණ කාලයක් හිරු කණ්ඩායමේ ක්‍රියාකාරිකයකු වී සිටියෙමි. පසුගිය වසර 20ක පමණ කාලයක් මා සිටියේ නිදහස් මතධාරියකු ලෙස ය. එහෙත් මම හැමදාමත් දේශපාලන ක්‍රියාකාරිකයකු වීමි. විවිධ අවස්ථාවලදී වාම පක්ෂ, කණ්ඩායම්වලට උදව් කර ඇත්තෙමි. 1994, 2004, 2005 වර්ෂවල ජවිපෙ ශ්‍රීලනිපය සමග යද්දී මම එයට උදව් නො කළෙමි. 2005දී මහින්ද වැළැක්විය යුතු ය යන දැඩි මතයේ සිටියත් රනිල්ට උදව් නො කළෙමි. 2010දී එම ස්ථාවරයේ ම සිට ෆොන්සේකාට ද (ජවිපෙ සමග), 2015දී මෛත්‍රීපාල සිරිසේනට හා රනිල් වික්‍රමසිංහට ද උදව් කළෙමි. මට මගේ අරමුණ ඉතා පැහැදිලි ය. මා පෙනී සිටින අරමුණ වෙනුවෙන් මම හැම විට ම සීයට සීයක් කැප වුණෙමි. එසේ සීයට සීයක් වැඩ නො කිරීම ගැන අවසන් පාඩම ඉගෙන ගත්තේ 2005දී ය. එදා පුරවැසියන් මහන්සි වුණා නම්, අඩු තරමේ ඡන්ද වර්ජනයකට ජනතාව යොමු නො කරන්නැයි කොටි සංවිධානයෙන් ඉල්ලා සිටියා නම්, මහින්ද රාජපක්ෂ නම් ජනාධිපතිවරයකු හා සම්බන්ධ ලේ වැකි දූෂිත ඉතිහාසයක් ලංකාවේ නිර්මානය වන්නේ නැත. මහ මැතිවරණය සම්බන්ධයෙන් නිර්මාල

කවුරු දිනුම් ද? කවුරු පරාද ද?

Image
මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ජය ගන්නා බව මේ වන විට තහවුරු වී තිබේ.  ප්‍රංශ පුවත් සේවය අමතමින් මහින්ද රාජපක්ෂ පරාජය පිළිගෙන තිබේ. එහෙත් ඔහු හොඳ තරගයක් දුන් බව පිළිගත යුතු ය. එහෙයින් ඔහුගේ කාර්යභාරය අවසන් වන්නේ නැත. විපක්ෂ මන්ත්‍රීවරයකු ලෙස හිඳිමින් කොයි මොහොතක හෝ බලය ඩැහැගැනීම සඳහා ඔහු වලි කනු ඇත.  මහින්ද විරෝධී ඡන්ද සැලකිය යුතු ප්‍රමාණයක් කඩා ගැනීමට ජවිපෙ සමත් වී තිබේ. අලුතෙන් දිනා ගත් මධ්‍යම පංතික පාවෙන ඡන්ද හැරුණු විට ජවිපෙ ස්ථාවර ඡන්ද පදනම බෙහෙවින් දිය වී ගොස් ඇති බවක් පෙනේ. බොහෝ දිස්ත්‍රික් මට්ටම්වලදී ජවිපෙට දුන් ඡන්ද අපතේ ගොස් තිබේ. එහෙත්, ජවිපෙ සාමාන්‍ය ආසන ගණනක් දිනා ගන්නා බව පෙනේ. මැතිවරණ වෙනුවෙන් මොකක් හෝ ගේමක් ගසා එතෙර වීම හා ජනමාධ්‍යවලට සීමා වීම වෙනුවට බිම් මට්ටමේ වැඩ කිරීම වෙත ජන පදනමක් ඇති එක ම වාමාංශික පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණ යොමු විය යුතු ය.  දෙමළ ජාතික සන්ධානය සිය ජනප්‍රියත්වය තව දුරටත් වර්ධනය කරගෙන ඇති බව ඉතා පැහැදිලි ය. දෙමළ ජනතාව නැවතත් අවධාරණය කර තිබෙන්නේ ඔවුන්ගේ ජාතික ඉල්ලීම්වලට සිංහල මූලික ආණ්ඩුව අවධානය යොමු කළ යුතු බවයි. අලුත් ආණ්ඩුවේ කැබිනට් ම

හෙට පත් වන ආණ්ඩුවෙන් ජනතාවට අවශ්‍ය කුමක් ද?

Image
අද මහ මැතිවරණයේදී ජනතාව විවිධ පක්ෂවලට ඡන්දය දෙන්නට ඇත. හෙට වන විට බලය කා අතට පත් වනවා ද යන්න තීරණය වනු ඇත.  කවුරු රට පාලනය කළත්, කවුරු විපක්ෂයේ හිටියත්, කවුරු තේරී පත් වුණත්, නො වුණත්, මේ රටට හා එහි ජීවත් වන ජනතාව හෙටින් පසු රජයෙන් බලාපොරොත්තු වන්නේ මොනවා ද යන්න අවබෝධ කර ගත යුතු ය.  අපට ප්‍රජාතන්ත්‍රවාදය අවශ්‍ය ය. පුද්ගල නිදහස අවශ්‍ය ය.  ජාතිවාදයට වැට බැඳිය යුතු ය. ජාතික, ආගමික, කුල ආදී වෙනස් අනන්‍යතා ප්‍රකාශ කරන ප්‍රජාවන්ට සම තැන හා සංහිඳියාව ඇති කළ යුතු ය. ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වන පරිදි බලය බෙදීම සඳහා පියවර ගත යුතු ය. අපේ පාලකයන් සොරුන්, අවස්ථාවාදීන් නො වන, ජනතාවට සවන් දෙන, ජනතාවට නායකත්වය දෙන්නට හැකි මහජන සේවකයන් වනවා දකින්නට අවශ්‍ය ය.  අපේ නායකයෝ ජනතාව අතර බහුභාණ්ඩිකත්වය හා කාමසුඛල්ලිකානුයෝගය ප්‍රවර්ධනය කරනවා වෙනුවට සැපවත්, රසවත්, නිරෝගී, අර්ථවත් ජීවිත ප්‍රවර්ධනය කරන්නනෝ විය යුතු ය.  ඒ වෙනුවෙන් මනා ආර්ථික සැලැස්මක් දියත් කළ යුතු ය. අධික ලෙස ණය ගනිමින් සංවර්ධන ව්‍යාපෘති මුවාවෙන් මහා පරිමාණ දූෂණයක යෙදෙනවා වෙනුවට රටට ගැලපෙන සංවර්ධ සැලැස්මක් සකසා ගත යුතු ය.  මෙරටට

ජවිපෙ දන්න, පෙසපෙ දන්න, අරය දන්න, මෙයා දන්න, අපි නො දන්න වම (පුබුදු ජයගොඩට පිළිතුරක්)

Image
(මෙම සටහන තබන්නේ පුබුදු ජයගොඩ විසින් මහ මැතිවරණයට පෙර දිනයේ ෆේස්බුක්හි තබන ලද සටහනක් ඔස්සේ සංවාදයකට පිවිසීම සඳහා ය. පුබුදුගේ සටහන මෙම සටහන අවසානයේදී රතු පැහැයෙන් දක්වා තිබේ.) සමාජය ගැන ගතානුගතික විග්‍රහ හා වචන භාවිතයන් ඔස්සේ ප්‍රශ්නවලට පිළිතුරු සෙවිය නො හැකි ය. ඔබ කියන පළමු ප්‍රවාදය නම් පැහැදිලිව තේරුම් ගත හැකි ය. දෙවන ප්‍රවාදය වන පෙසප පෙනී සිටින බව කියන දෙය සටහන් කිරීම සඳහා ඔබ භාවිතා කරන වචන දෙස බලන්න. ‘අනෙක් ප්‍රවනතාව කියන්නේ මේ අසාධාරණ, අයුක්තිසහගත සහ වහල් බවට ඇද දැමු ජීවිතය භාරගත නොහැකි බවය. අපේ අනාගත පරම්පරා වලට අපි අත්විඳි ඉරණම අත්පත් කර දිය නොහැකි බවය. ඒ නිසා එම ප්‍රවනතාව ප්‍රමුඛතාව දෙන්නේ මේ ක්‍රමය වෙනස් කරන පළමු පියවර තැබීමටය. (ඕනෑම ආරම්භයක් දුෂ්කරය. එහෙත් ආරම්භයක් නැතිව දිනුම් කනුවක්ද නැත.) ඒ සඳහා පීඩිත ජනතාව සූදානම් කිරීමටය. එයට බාධාකාරී සමාජමය අගතීන් පරාජය කිරීමටය.’ ‘අසාධාරණ, අයුක්තිසහගත සහ වහල් බවට ඇද දැමු ජීවිත’ යන යෙදුම ගන්න. අපි රජයේ සේවකයන් ගනිමු. ඔවුන්ට එවැනි ජීවිත නැත. ඔවුහු ඉතා පැහැදිලිව ම මහජන මුදලින්, සාපේක්ෂ වශයෙන් අඩුවෙන් වැඩ කර වැඩියෙන් වැටුප් ගනිති.

මැතිවරණ ප්‍රචාරණයේ අනාගත සංඥා

Image
(දින කීපයකට පෙර සත්හඬ පුවත්පත වෙනුවෙන් ලියන ලද ලිපියකි) මහ මැතිවර ප්‍රචාරණ ව්‍යාපාරය එහි අන්තය කරා ළඟා වෙමින් තිබෙන මේ මොහොතේ ප්‍රධාන පක්ෂ තම අවධානය යොමු කර තිබෙන කාරණා ඔස්සේ එම දේශපාලන ව්‍යාපාරවල අනාගතය පිළිබඳ අදහසක් ඉදිරිපත් කළ හැකි ය. එජාප ඉදිරිය දෙසට යොමු වූ ප්‍රායෝගික දේශපාලනයක යෙදෙන පක්ෂය ලෙස එක්සත් ජාතික පක්ෂය නම් කිරීම සාධාරණ ය. එම පක්ෂය ඉතා පැහැදිලිව ම ලිබරල් ධනේශ්වර රාමුවක් තුළ සමාජ වෙනසක් සිදු කිරීම පිළිබඳ අපේක්ෂා සමාජය වෙත මුදාහරිමින් සිය ඡන්ද ප්‍රචාරණ ව්‍යාපාරය ඉදිරියට ගෙන යයි. එය මහින්ද රාජපක්ෂ පාලනය විසින් පසුගිය වසර නවය තුළ ස්ථාපිත කරන ලද දේශපාලන ක්‍රමයට එරෙහි ගැඹුරු විවේචනයක් ලෙස සැලකිය හැකි ය. එජාපයේ ප්‍රතිපත්ති ප්‍රකාශයනය හා අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු එජාප අපේක්ෂකයන් විසින් දේශපාලන වේදිකාවලදී කරන ලද ප්‍රකාශන ඔස්සේ රටට ලබා දෙන ලද සංඥා  අනුව, එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් විසින් දැනට පවතින රාජ්‍ය මූලික ආර්ථික ක්‍රමය වෙනස් කරනු ඇත.එජාපය යටතේ රජය ව්‍යාපාරකරණය වෙත යොමු වනු ඇත්තේ අවම මට්ටමකිනි. එපමණක් නොව, ශ්‍රී ලන්කන්, මිහින් ලංකා, සතොස වැනි රජයට