ඇමරිකන් ජී.එස්.පී. තීරු බදු සහනය නැවත ලැබීම හා ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය

ශ්‍රී ලංකාවට නැවත වතාවක් ජී.එස්.පී. තීරු බදු සහනය ලබා දීමට ඇමරිකා එක්සත් ජනපදය තීරණය කර තිබේ. ජනාධිපති බැරැක් ඔබාමා පසුගිය ජුනි 29දා මේ සම්බන්ධ ලේඛනයට අත්සන් තැබුවේ ය. ඒ අනුව ශ්‍රී ලංකාවට 2017 දෙසැම්බර් 31 දක්වා මෙම සහනය හිමි වේ. 

පසුගියදා අගමැති රනිල් වික්‍රමසිංහ සමග පැවැත්වුණු සාකච්ඡාවකදී ජී.එස්.පී. තීරු බදු සහනය ලැබුණු පසු සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට ඇඟලුම් ක්ෂේත්‍රයේ සේවායෝජකයෝ එකඟතාව පළ කළ හ.

ජී.එස්.පී. හෙවත් Generalized System of Preferences යටතේ ශ්‍රී ලංකාව ඇතුළු රාජ්‍ය 122කට තීරු බදු රහිතව භාණ්ඩ 5000ක් එක්සත් ජනපදයට අපනයනය කළ හැකි ය. 

එය ශ්‍රී ලංකාවට දැවැන්ත ආර්ථික වාසියකි. මෙම තීරු බදු සහනය 12.5%කි. එය හිමි වීමෙන් ලංකාවට තරගකාරී මිළකට සිය නිෂ්පාදන එක්සත් ජනපද වෙළඳපොළට ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබේ. ලංකාවෙන් ඇමරිකාවට අපනයනය කරනු ලබන ප්‍රධාන නිෂ්පාදනය වන ඇඟලුම්වලට ජී.එස්.පී. අදාළ නො වන හෙයින් එදා ආණ්ඩුව මේ හානිය නො තකා හැරී ය. එහෙත්, එයින් රබර්, ප්ලාස්ටික්, පෝසිලේන්, වීදුරු හා කොහු වැනි අමුද්‍රව්‍ය භාවිතා කරන කර්මාන්ත රැසකට පාඩු සිදු විය.

ලංකාවට ඇමරිකන් ජී.එස්.පී. සහන අහිමි වන්නට හේතු වුණේ ලංකාවේ ශ්‍රම අයිතිවාසිකම් පිළිබඳ ඇමරිකන් ෆෙඩරේෂන් ඔෆ් ලේබර් නම් වන ප්‍රධාන පෙළේ වෘත්තීය සමිතියක් විසින් ඉදිරිපත් කරන ලද පැමිණිල්ලකි. එහි සඳහන් කරුණු අතර කම්කරු අයිතිවාසිකම්, වෘත්තීය ක්‍රියාමාර්ගවලට එරෙහි අධිකරණ ක්‍රියාමාර්ග, ආයෝජන පාරදෘෂ්‍යභාවය වැනි කාරණා රැසක් තිබිණි. මෙම වෘත්තීය සමිතිය 2008දී ද මෙවැනි ම පැමිණිල්ලක් ඉදිරිපත් කළ මුත් එය එදා විභාගයට ගැනුණේ නැත.

2013 ජුලි 31 දින සිට මෙම තීරු බදු සහනය ශ්‍රී ලංකාවට අහිමි කෙරිණි. එහෙත්, 2014දී ද ඇමරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 178ක හෙවත් රුපියල් බිලියන 23කට වැඩි අපනයන මිළ දී ගත්තේ ය. 

ශ්‍රී ලංකාවට යුරෝපා සංගමය විසින් සපයන ලද ජී.එස්.පී. ප්ලස් තීරු බදු සහනය ද අහිමි කරනු ලැබුවේ මානව හිමිකම්, කම්කරු අයිතිවාසිකම්, සංවර්ධනය හා යහපාලනය හා සම්බන්ධ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්ති 27ක් ක්‍රියාත්මක කිරීමට නිසි පරිදි කටයුතු නො කළ නිසා ය. ඇඟලුම් නිෂ්පාදන ඇතුළු භාණ්ඩ වර්ග 7200කට මෙම සහනය අහිමි විය. ඒ වන විට ලංකාවේ ඇඟලුම් නිෂ්පාදනවලින් 40%කට වඩා අපනයනය කරනු ලැබුවේ යුරෝපා සංගමයටයි.

ජී.එස්.පී. සහන අහිමි වීම හමුවේ ලංකාවේ ප්‍රමුඛ ඇඟලුම් නිෂ්පාදන සමාගම් සිය නිෂ්පාදනවල ගුණාත්මකභාවය නංවා ගැනීම ඔස්සේ තත්වය කළමනාකරණය කර ගන්නට සමත් විය. එය කර්මාන්තයේ උසස් ගුණාංගයකි. 

සම්ප්‍රදායික ඇමරිකන් විරෝධීන් හා අධිරාජ්‍ය විරෝධීන් විසින් මෙම කරුණ ද සැලකිල්ලට ගත යුතුව තිබේ. ශ්‍රී ලංකාවේ ආර්ථික පැවැත්මට ඇමරිකාවේ හා යුරෝපයේ වෙළඳපොළ අතිශය වැදගත් ය. මේ වන විට ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන වෙළඳපොළවල් වන්නේ එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය, ජර්මනිය, බෙල්ජියම හා ඉතාලියයි. 

රාජපක්ෂ ආණ්ඩුව එක්සත් ජනපදය හා යුරෝපය සමග එදිරිවාදිකම් නිර්මානය කරමින් චීනය සමග සමීප විය. එහෙත් ඇත්ත වශයෙන් ම ගත්තොත් චීනය ලංකාවේ අපනයන වෙළඳපොළ ලේඛනයේ සිටින්නේ 16වන ස්ථානයේ ය. 2012 වසරේ දත්ත අනුව, එරට ලංකාවෙන් මිළ දී ගන්නේ සමස්ත අපනයනයන්ගෙන් 1.2%ක් පමණි. ඒ වෙනුවට ඔවුහු සිය භාණ්ඩ විශාල වශයෙන් ශ්‍රී ලංකාවට අපනයනය කරයි. ශ්‍රී ලංකාවට වැඩිපුර ම භාණ්ඩ අපනයනය කරන රට ඉන්දියාවයි. දෙවන ස්ථානය හිමි වන්නේ චීනයටයි. 2012 වසරේ ලංකාවේ ආනයනවලින් 14%ක් ම ලබා ගන්නේ චීනයෙනි. චීනයෙන් කරනු ලබන ආනයනවල වර්ධන වේගය ශ්‍රී ලංකාව චීනයට කරනු ලබන අපනයනයන්ගේ වර්ධන වේගයට වඩා වැඩි ය. චීනය ශ්‍රී ලංකාවේ ශක්තිමත් වෙළඳ සහකරුවකු වුව ද, එරටින් කරන ආනයන හා එරටට කරන අපනයන අතර පරතරය 2012දී ඩොලර් බිලියන 2.4ක් තරම් විශාල විය.

අධිරාජ්‍ය විරෝධයෙන් හෝ ඇමරිකන් විරෝධයෙන් ලංකාවේ මිනිසුන්ට කෑම ලැබෙන්නේ නැත. රටින් බඩු ගෙනැවිත් පරිභෝජනය කරන්නට නම් විදේශ විනිමය අවශ්‍ය ය. ඒවා වැඩිපුර ලැබෙන්නේ ඇමරිකාවෙන් හා යුරෝපයෙනි. ලංකාවේ මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය ගැන බලපෑම් කරන්නට ඇමරිකාවට හා යුරෝපයට අවස්ථාව ලැබී තිබෙන්නේ එමගිනි. භාණ්ඩ මිළ දී ගන්නට ඕනෑ තරම් කඩ ඔබේ ගමේ කඩමණ්ඩියේ තිබේ නම් හා ඔබ භාණ්ඩ මිළ දී ගන්නේ අත්පිට මුදලට නම්, ඔබට වුණත් කඩේ සේවා තත්වය, සේවකයන්ට සලකන ආකාරය ආදිය ගැන මුදලාලිට කොන්දේසි දමන්නට පුළුවන. මුදලාලි ඔබ නො තකා හරින්නේ නම් භාණ්ඩ මිළ දී ගන්නට ඔබට තවත් කඩ තිබේ.

ලෝක වෙළඳ සංවිධානය හරහා ප්‍රවර්ධනය කරනු ලබන ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය අනුව කිසියම් රටක් වෙළඳ සහන ලබා දෙන්නේ නම්, එම සහනය සපයන්නේ තමන් නිසා තමන්ට ඕනෑ අයට පමණක් සහන දෙන්නේ ය යන කොන්දේසිය ඉදිරිපත් කළ නො හැකි ය. එය ප්‍රජාතන්ත්‍ර විරෝධී ය.

2004 දී ඉන්දියාව යුරෝපා සංගමයේ ජී. එස්‌. පී. බදු සහන ක්‍රම සම්බන්ධයෙන් ලෝක වෙළෙඳ සංවිධානය ඉදිරියේ නඩුවක්‌ පැවරුවේය. පසුව ඇමරිකා එක්‌සත් ජනපදය ද යුරෝපා සංගමයේ පැත්ත ගනිමින් එම නඩුවට එක්‌ විය. යුරෝපා සංගමයත් ඇමරිකාවත් එක්‌ව තර්ක කළේ ජී. එස්‌. පී. බදු සහන ක්‍රම තමන්ගේ රටවල් විසින් ලබාදෙන නිසා එය ඔවුන්ට කැමති අයට දීමටත් අකමැති අයට නොදී සිටීමටත් තමන්ට අයිතියක්‌ ඇති බවට ය. ලෝක වෙළෙඳ සංවිධානය එම තර්කය ප්‍රතික්‍ෂේප කළේය.

ඇමරිකා එක්සත් ජනපදය හා යුරෝපා සංගමය ලංකාවට ලබා දුන් ජී.එස්.පී. ප්ලස් බදු සහන සම්බන්ධයෙන් ගත් තීරණය ඇත්තෙන් ම දේශපාලනික එකකි. ශ්‍රම අයිතිවාසිකම් හා එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්ති ආදිය ඇත්ත වශයෙන් ම මෙම තීරණය ආවරණය කරන්නට යොදා ගත් ඒවා බව පැහැදිලි ය. එහෙත්, ලංකාව එයට ප්‍රතිචාර දැක්වීමේදී උපායශීලී විය යුතු ය. ඉහත දක්වන ලද නඩුව පදනම් කර ගනිමින් නඩු කියන්නට ලංකාවටත් පුළුවන. එහෙත්, ජී.එස්.පී. ප්ලස් අහිමි කිරීම සඳහා වෙනත් තර්ක උපයෝගී කර ගත් විට එයින් ගැලවීම ලංකාවට පහසු නැත.

ඇමරිකාව හා යුරෝපා සංගමය එසේ කළේ කොටින්ට පක්ෂපාතී වෙමින්, කොටි සංවිධානය පැරදවූ තමන්ගෙන් පළි ගන්නට යයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා හා ආණ්ඩුව විසින් ප්‍රචාරය කරන ලදී. එහෙත්, කොටි සංවිධානය විනාශ කිරීමේ යුද්ධයේදී ඇමරිකාව හා ඉන්දියාව ශ්‍රී ලංකාවට බෙහෙවින් ආධාර කළ බව රාජපක්ෂ ආණ්ඩුව මෙහිදී හිතා මතා අමතක කර දමයි.

ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් ලෝක බලවතුන් සමග යහපත් සම්බන්ධතා පවත්වාගෙන යා යුතු ය. එසේම, ලෝක යහපාලන වැඩසටහන් සමග අනුගත විය යුතු ය. එසේ අනුගත වීම ලජ්ජාවට කරුණක් නොවේ. ලංකාව එසේ කළ යුත්තේ ලෝක බලවතුන්ගේ බලපෑම් නිසා නොව, තමන් ශිෂ්ට, ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් නිසා ය. බලවත් රටවල් විසින් ගෝලීය වශයෙන් තල්ලු කරනු ලබන දුප්පත් රටවලට අයහපත් ප්‍රතිඵල ඇති කරන ප්‍රශ්නවලදී වුව ලංකාව වැනි රටවල් සටන් කළ යුත්තේ සමූහයක් ලෙස මිස හුදකලාව නො වේ.

ලංකාවේ ජනතාවට තිබෙන මූලික උවමනාව වන්නේ ලෝක බලවතුන්ට පාඩම් ඉගැන්වීම නො වේ. මෙරට ජනතාව ආණ්ඩු පත් කරන්නේ ඇමරිකාවට, යුරෝපයට, ඉන්දියාවට හෝ චීනයට හෝ පාඩම් උගන්වන්නට නො වේ. අපට අවශ්‍ය ලෝකය සමග මිත්‍රශීලී සම්බන්ධතාවක් පවත්වා ගනිමින් රට සංවර්ධනය කිරීමයි. යහපත් ජීවන තත්වයක් සොයා අපේ මිනිසුන් ඇමරිකාවට, යුරෝපයට පළා යන එක නවත්වන්නටයි. ඒ රටවල ඇති ජීවන තත්වය ශ්‍රී ලංකාවෙහි ද ගොඩනැගීමයි.

රාජපක්ෂ ආණ්ඩුව අතිශය කණගාටුදායක ලෙස රාජ්‍ය තාන්ත්‍රික මධ්‍යස්ථභාවය පවත්වාගෙන යාමට අසමත් විය. අයහපත් රාජ්‍ය තාන්ත්‍රිකභාවය නිසා ලංකාවට සිදු වූ හානි පිළිබඳ ඓතිහාසික අත්දැකීම් එමට ය. 1977න් පසු ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ ආණ්ඩුව විසින් ගෙන ගිය ඇමරිකන් ගැති ප්‍රතිපත්තිය හේතුවෙන් ලංකාවත්, ඉන්දියාවත් අතර ඇති වූ විරසකය අවසානයේදී ඉන්දියාව විසින් ලංකාව නො නිල වශයෙන් ආක්‍රමණය කරන තැනකට දිග්ගැසුණේ ය.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් තෝරා ගනු ලැබුවේ ඇමරිකාව හා යුරෝපා සංගමය සමග අමනාප වෙමින්, චීනය සමග සමීප වීමේ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රතිපත්තියකි. එම තත්වය අසල්වැසි ඉන්දියාවේ ද සතුටට හේතු වූයේ නැත. පසුගිය ආණ්ඩුව සමයේ ශ්‍රී ලංකාව සමීප සම්බන්ධතා පැවැත්වූ චීනය, ඉරානය, බුරුමය, ස්වාසිලන්තය, උගන්ඩාව, බහරේන්, ජෝර්දාන් වැනි රටවල් ප්‍රජාතාන්ත්‍රික ඉතිහාසයක් ඇති රාජ්‍ය නො වේ.

දැන් නැවතත් සිදු විය යුතුව තිබෙන්නේ චීනය සමග අමනාප වී ඇමරිකාව, යුරෝපය හා ඉන්දියාව සමග හාද වීම නො වේ. ශ්‍රී ලංකාව ප්‍රශස්ථ හා අවංක රාජ්‍ය තාන්ත්‍රික දේශපාලනයක් ගොඩනගා ගත යුතු ය. ඒ සඳහා නැවතත් නොබැඳි විදේශ ප්‍රතිපත්තිය වෙත නැඹුරු විය යුතු ය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගියදා චීනයේ චාරිකාවක් සිදු කළේ ය. එහිදී සාකච්ඡා කරන ලද වැදගත් ම කරුණක් වූයේ චීනය හා ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශවීය නිදහස් වෙළඳ ගිවිසුමක් අත්සන් කිරීමයි. එමගින් දෙරට අතර ඇති ශ්‍රී ලංකාවට අවාසි සහගත දැවැන්ත වෙළඳ ශේෂය පියවා ගැනීමට උත්සාහ කිරීමේ ඉඩකඩ තිබේ.

රජය දැනටත් විදේශ සේවය නිර්දේශපාලනීකරණය සඳහා වැදගත් පියවර රැසක් ගෙන හමාර ය. විදේශ සම්බන්ධතා ප්‍රශස්ථ ලෙස කළමනාකරණය කර ගැනීම සඳහා රජය හැකි සෑම උත්සාහයක් ම ගත යුතු ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. Again dollar began to speak! Usa back licking is the most lucrative job of so called Marxists guys! Usa 's closest ally Saudi Arabia is very democratic! Nonsense! Tony Blair war criminal has come to felicitate Ranil's foreign policy! World still remember the story of Mass destruction weapons of Sadam Hussai, created by this war criminal! Foreign policy? Does Ranil have such a thing? Other than USA boot licking? You guys are penning for Dollars! At you should know this fact: Shanghai investment bank is becoming popular. USA requested France, Britain, Germany and Italy not to be member of this bank, but all these countries became members. This is the reality in the present day world. USA exports its democracy to developing countries. By exporting it they butchered 14,00000 civilians in Iraq. Today Libya is no more! Syria is being destroyed on a daily basis! Ukrain is almost finished. Do your dollar notes allow you to write this? Mattala Airport, Hambantota ?Harbour are going to be sold to Usa? Ranil has already agreed to sell out SL to America. Please don't misguide people for Dollars!

    ReplyDelete
    Replies
    1. US is far more democratic than China or Russia you moron...

      And as per Iraq and Libya, USA indeed tried to restore democracy in those countries by getting rid of their long time dictators Saddam & Gaddafi, but people in those countries were either far too divided, extreme minded or simply to dumb to understand democracy or freedom.. Which is indeed not USA's fault..

      And update your knowledge about Ukraine.. Its your cocksucker Putin who illegally invaded the eastern part of that country...

      Delete
    2. හා...හා...කට වරද්ද ගන්න එපා. එජාපෙට සපෝර්ට් කරන්ඩ. හැබැයි ඇමරිකා ඔය කියන තරම් උස්සල තියන්ඩ ඕන නෑ.

      Delete
    3. @AnonymousAugust 13, 2015 at 3:38 PM

      Im a US resident you idiot...
      WTF you know about USA than me?

      Delete
    4. Why don't you give up your citizenship and come to Sri Lanka?

      Delete
    5. These replies show how dollar is powerful than conscience! Usa destroyed Iraq and Libya. It is fact! Nobody can deny this truth! All the dictators in the world are maintained and sustained by so called democracy of USA. Russia is more democratic than USA. It is a fact. Putin is the greatest statesman in the present day world. Dollar kaputas can't see it because there eyes are covered by dollar notes. The irony is that so called Marxists, Trotskyites, and socialists are nakedly licking the boots of USA and UNP. Anura kumara and entire JVP are funded by USA. Wikileleaks has revealed how JVP was given money by the U.S. Embassy in Colombo! Dollar can make miracles! Rohana Wijeweera never was dazzled by dollars! Today JVP's great friend is USA and Russia and China are enemies of JVP! These are dollar miracles! War criminal Thony Blair is today in SL not for meditating! This is the international coup! Mr Para has no guts to write this fact!

      Delete
    6. අජිත්, අපිට මේ කැඩුණු ඉංග්‍රීසියෙන් ලියලා තියෙන මරි මෝඩ කොමෙන්ටු කියවීමට කිසි ම උවමනාවක් නැහැ. ඔබේ පාඨකයන් වන අප හට මෙවැනි කොමෙන්ටු දැකීමත් හිරිහැරයකි. කරුණාකර ඒවා කපා දමන්න. ස්තුතියි.

      Delete
  2. ලංකාවෙ සහ දකුනු ආසියාවෙ සමහරකගෙ ජානගත වෙලා තියෙන ඔය ගොබ්බ තකතීරු බටහිර විරෝදය 70, 80 ගනන්වල ඉදල ඔය රටවල දගලන වම්මුන්ගෙ ප්‍රථිපලයක්...
    ලෝකයට වැඩිපුරම සේවයක් කරල තියෙන්නෙ බටහිර රටවල්..
    දෙවැනි ලෝකයුද්ධයෙන් පස්සෙ ලෝකයට වෙච්ච ලොකුම සේවය විදිහට මම සලකන්නෙ මිනෙමරු සෝවියට් සංගමය පෙරලීම. අද මිනිස්සුන්ගෙ ජීවිත පහසු කරන බොහෝ නිර්මාන සොයාගත්තෙත්, මැදපෙරදිග රටවලට පොලවෙන් තෙල්ටික ඇදල දෙන්නෙත් ඔය 'දුශ්ට බටහිර රටවල්' ම තමා...

    වෙන දෙයක් ඔනෙ නෑ, මිනිස්සු සංක්‍රමනය වෙන්න බලන්නෙත් චීනයේ/රුසියාවේ සිට බටහිර යුරෝපයට, කියුබාවේ/ වෙනිසුලාවේ සිට ඇමරිකාවට, උතුරු කොරියාවේ සිට දකුනු කොරියාවට මිස අනෙක් අතට නෙමේ.. ඔන්න සමාජවාදයේ කෙරුවාව...

    ලෝකයේ සමාජවාදී රටවල්, ඒකාධිපති රටවල් හා ආගමික රාජ්‍ය වල ඉන්න පාලකයො තමන්ගේ හෑම අඩුපාඩුවක්ම වහගන්න බටහිරට බනින එක ඉස්සර ඉදල තියෙන විලාසිතාවක්...

    ReplyDelete
  3. You guys are exporting quality tea and drinking the dust tea. while your women work as slaves in those factories others are send to wash toilets in Middle-east countries. Your youth is been introduced to Heroin and other drugs and also gambling by the open economy that time through the UNP government and JR's policies a war which dragged the country hell. Now make sure not to f*** this thing up again . the link https://www.youtube.com/watch?v=p7gxkgssngU

    ReplyDelete
  4. පට්ට මචන් එලටම ලියලා තියනවා

    ReplyDelete
  5. මෙතන ලස්සන වැඩේ තියෙන්නේ ඇමරිකාවට,යුරෝපයට බනිනවා, ඒත් තමන් ඉන්නේ ඒ රටවල, නැත්නම් ළමයි ඒ රටවල.ලංකාවේ මහා දේශීයත්වය ගැන නලියන මහැදුරුවරයෙකුත් එහෙමයි.අනික ඒ සේරටමත් වඩා වැඩේ සමහරුන්ට තමන් අහවල් රටේ පුරවැසියෙක් බව කියන එක තමන්ගේ පොරත්වය පෙන්නන වැඩක් වෙලා, හැබැයි ඒ රටේ ප්‍රතිපත්තිය පට්ට ගහන ගමන්.අඩු ගානේ ඒ රටේ රජයට බැරිද දන්නේ නෑ තමන්ගෙ රටේ පුරවැසිබව ගන්න අයට හරියට ඉංග්‍රීසි ඉගෙන ගන්න කියන්න ඈ....

    ReplyDelete
  6. ආර්ථික අතින් තිබෙන තර්කය වගේම රටේ ඒකීය භාවය ගැන තර්කයකුත් තියෙනවා. 1945 දෙවන ලෝක යුද්ධය අවසන් වූ පසු එතෙක් තිබූ අධිරාජ්‍ය නිදහස ලබන්න පටන් ගත්තා. ඒ සමඟම ජාති භේද උත්සන්න වීමෙන් රටවල් දෙකඩ කිරීමේ සහ නව රටවල් ඇතිවීමේ ප්‍රවණතාවයක් ඇති උනා. අද වෙනකොට ඊශ්‍රායලය, සයිප්‍රස්, බංගලාදේශය, කොසොවෝ රාජ්‍ය, නැගෙනහිර ටිමෝරය, දකුණු සුඩානය වගේ රටවල් කිහිපයක් ඇතිවෙලා තියෙනවා. මෙයින් තුර්කිය සයිප්‍රස් දේශය හැදූ අතර ඉන්දියාව පාකිස්තානය කඩා නැහෙනහිර පාකිස්තානය බංගලදේශය සැදීමට උදව් වුනා. ඇත්ත වශයෙන්ම 1987 වන තුරු දෙමළ බෙදුම්වාදීන් බලාපොරොත්තු වුනේ ඉන්දියාව කවදා හෝ ල/න්කාව ආක්‍රමණය කර ඔවුනට ඊලම ලබා දෙයි කියලයි. 1987 වඩමරච්චි සටන ජේ ආර් අවසන් කොට ඉන්දියාව සමඟ ගිවිසුම අත්සන් කලේ එවන් තර්ජනයක් තිබුණ නිසයි. එම ගිවිසුමේ වගන්ති වලින් ඔවුන්ගේ අවශ්‍යතාවය ඉටු නොවුන නිසා තමයි එල් ටී ටී එක ඉන්දියානු සාම සාධක හමුදාව සමඟ යුද්ධයකට ගියේ.

    ඉන්පසුව වනේ බෙදුම්වාදීන් උත්සාහ කලේ බටහිර රටවල් කොසොවෝ රාජ්‍ය ඇතිකල ආකාරයට වෙනම රටක් ලබා ගැනීම. ඒ සඳහා යුද්ධයේදී මානව හිමිකම් කඩවීම්, යුධ අපරාධ ආදී චෝදනා හරහා ගොස් එක්සත් ජාතීන්හේ මානව හිමිකම් කොමිසම හරහා බටහිර ජාතීන් යොදාගෙන එය ලබා ගැනීම. මෙය කලින් දුටු රනිල් වික්‍රමසිංහ ඔහු අගමැති විට හඳුන්වාදුන් යුධ අපරාධ සම්බන්ධ රෝම ප්‍රඥ්ඥප්තිය අත්සන් කිරීම ප්‍රතික්ශේප කළා.

    ප්‍රභාකරන්ගේ පරාජය බෙදුම්වාදීන්ට තම අරමුණු ඉක්මනින් ලඟාකරගැනීමට ඉල්ලමක් ලෙස පෙනුනා. එම නිසා යුද්ධය පවතිද්දීම යුධ අපරාධ ලෙස පාවිච්චි කළ හැකි දර්ශණ එකතු කරගැනීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක වුනා. යුධ ජයග්‍රහනයෙන් මත්වී සිටි කිසිම රාජ්‍යතාන්ත්‍රික දැනීමක් නැති රාජපක්ශ ලවා 2009 ජූනි මාසයේ ලංකාවට පැමිණි බැන්කී මූන් යුධ අපරාධ පරීක්ශනයට එකඟ වල ලියවිල්ලට අත්සන් ගත්තා.

    ඉදිරියේදී එලිදැක්වීමට නියමිත එක්සත් ජාතීන් ගේ මානව හිමිකම් වාර්තාවෙන් පසුව ආර්ථක සම්භාධක ආදිය මඟින් බෙදුම්වාදීන්ගේ අනාගත බලාපොරොත්තු වෙත යොමුවීමේ අවධානම තවමත් පවතී. මෙයින් ගැලවිය හැක්කේ බෙදුම්වාදීන්ට ඇති බටහිර සහයෝගය ඔවුන්ගෙන් ඉවත් කර අපේ රට වෙතට ලබාගැනීමයි. සියළුම බෙදුන රටවල් බෙදී ඇත්තේ බටහිර සහයෝගයෙන් බැවින් ඔවුන්ගේ සහය රට පැත්තට ලබා ගැනීම රට දීර්ඝ කාලීනව නොබෙදී තබා ගැනීමට ඉතා අවශ්‍ය දෙයකි. මහින්ද රාජපක්ශ වැන්නෙකුට මෙය කෙදිනකවත් ලබා ගැනීමට නොහැක. ඔහුගේ බොරු සහ මවා පෑම් ගැන හොඳ අවබෝධයක් ලංකාවේ සමහරකට නොතිබුනාට, වෙනත් ජාතීන්ට ඇත.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා