කවුරු දිනුම් ද? කවුරු පරාද ද?

මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ජය ගන්නා බව මේ වන විට තහවුරු වී තිබේ. 

ප්‍රංශ පුවත් සේවය අමතමින් මහින්ද රාජපක්ෂ පරාජය පිළිගෙන තිබේ. එහෙත් ඔහු හොඳ තරගයක් දුන් බව පිළිගත යුතු ය. එහෙයින් ඔහුගේ කාර්යභාරය අවසන් වන්නේ නැත. විපක්ෂ මන්ත්‍රීවරයකු ලෙස හිඳිමින් කොයි මොහොතක හෝ බලය ඩැහැගැනීම සඳහා ඔහු වලි කනු ඇත. 

මහින්ද විරෝධී ඡන්ද සැලකිය යුතු ප්‍රමාණයක් කඩා ගැනීමට ජවිපෙ සමත් වී තිබේ. අලුතෙන් දිනා ගත් මධ්‍යම පංතික පාවෙන ඡන්ද හැරුණු විට ජවිපෙ ස්ථාවර ඡන්ද පදනම බෙහෙවින් දිය වී ගොස් ඇති බවක් පෙනේ. බොහෝ දිස්ත්‍රික් මට්ටම්වලදී ජවිපෙට දුන් ඡන්ද අපතේ ගොස් තිබේ. එහෙත්, ජවිපෙ සාමාන්‍ය ආසන ගණනක් දිනා ගන්නා බව පෙනේ. මැතිවරණ වෙනුවෙන් මොකක් හෝ ගේමක් ගසා එතෙර වීම හා ජනමාධ්‍යවලට සීමා වීම වෙනුවට බිම් මට්ටමේ වැඩ කිරීම වෙත ජන පදනමක් ඇති එක ම වාමාංශික පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණ යොමු විය යුතු ය. 

දෙමළ ජාතික සන්ධානය සිය ජනප්‍රියත්වය තව දුරටත් වර්ධනය කරගෙන ඇති බව ඉතා පැහැදිලි ය. දෙමළ ජනතාව නැවතත් අවධාරණය කර තිබෙන්නේ ඔවුන්ගේ ජාතික ඉල්ලීම්වලට සිංහල මූලික ආණ්ඩුව අවධානය යොමු කළ යුතු බවයි. අලුත් ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයට දෙමළ ජාතික සන්ධානය සම්බන්ධ කර ගන්නට ජනාධිපතිවරයා හා අගමැතිවරයා උපරිම උත්සාහ ගත යුතු ය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, බොදු ජන පෙරමුණ වැනි පක්ෂ මෙම මැතිවරණයේදී කැපී පෙනෙන ඡන්ද සංඛ්‍යාවක් දිනා ගැනීමට අසමත් වී තිබේ. 

අවසාන ප්‍රතිඵලය විග්‍රහ කිරීමට තවමත් වේලාසන වැඩි ය. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. තෝ ඉතින් යන්න යනවා
    තොට යන්න අවසරයි
    තොට අරන් යන්න ඇත්තේ
    හොර නාමය විතරයි

    ReplyDelete
    Replies
    1. මහින්ද මොන ඒකාධිපතික්ද දැන් වෙන දේවල හැටියට . හැබැයි මෙරට NGO නඩයට ප්‍රශ්න වෙන්නේ මෛත්‍රීගේ පරාලයට වඩා මහින්දගේ පොල් කෙන්ද විතරයි. එහෙම අයයි යහපාලනය ගැන අද කතා කරන්නේ. දැන් අර 19 සම්මත කරන්න මරාගෙන මැරෙන්න සුදානම් උන අය කියන්න බලන්න 19 න් ඉවත් කරතිබෙන අත්තනෝමතික බලතල මොනාද කියලා. 18 වන සංශෝධනයේ ජනපතිටත් වඩා 19 යේ ජනපති ඒකාධිපතියෙක් නේ. බලයට කෑදර නැති පුද්ගලයෙක්ගේ හැසිරීම ද මේ පෙන්නුම් කරමින් තිබෙන්නේ. නීතියක් සදාචාරයක් නොදන්නා ග්‍රාමීය ග්‍රාමසේවකයෙක් වගෙයි මේ හැසිරීම. ඇත්තටම එයා එහෙම කෙනෙක්ද?

      Delete
    2. ගුණපාල මලය පොඩ්ඩක් ටපලගෙන වගෙයි. මොනවද මෛත්‍රී ජනාධිපති කෙනෙක් හැටියට කරපු ඒකාධිපති වැඩ?

      රනිල් අගමැති කළා ආපු ගමන්. ඒක ව්‍යවස්ථානුකූලයි. වැඩි දෙනකුගෙ විශ්වාසය දිනාගන්න පුළුවන් වෙයි කියා ජනාධිපති විශ්වාස කරන මන්ත්‍රීවරයෙක් අගමැති කරන්න ව්‍යවස්ථාවෙන් බලය පැවරිලා තිබුන. ඒක කළා. විශ්වාසය දිනාගන්න පුළුවන් වුනා අයවැය සම්මත කරගත්තා. 19 ගැරඬි කරල හරි සම්මත කරගත්තා. බහුතරයේ සහයෝගය ලැබුනා. ආයෙ කතා කරන්න එපා.

      අගවිනිසුරුවරයා ඉවත් කළා. එහෙම කළේ ලැජ්ජාව බේරගෙන ඉල්ලා අස් නොවුනු නිසා.

      වෙන මොනවද ඒකාධිපති වැඩ? කියන්නකො බලන්න.

      Delete
    3. He is still confused after the blow. These "baiyos" can not differentiate between power within a party and country. Shame on you !

      Delete
  2. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. ලියනගේ අමරකීර්ති සම්බන්ධයෙන් ඔබට තිබෙන විවේචනය ශිෂ්ට භාෂාවෙන් ඉදිරිපත් කරන්න.

      Delete
  3. පැරා congrats! සිළුමිණ නව අගසකසු අජිත් පැරකුම් දිසානායක සූරීනි, සිළුමිණ යළි,සරසවියක් කරන්නට ඔබට අපගේ සුබ පැතුම්, අාශිර්වාද. ඔබ නිවරද වාමාංශිකයෙක් පැරා. ඉදිරියටත් ජාතිවාදයට එරෙහි ඔබේ සටන ගෙනයන්න.

    ReplyDelete
    Replies
    1. සභාවේ සිනා!

      Delete
    2. පැරා කෙසේ වෙතත් සිළුමිණට අළුත් සංස්කාරකතුමෙක් දැම්මනම් හොඳයි තමයි.

      Delete
  4. මෝඩපාල සිරිසේනයා එකක් දැනගත යුතුයි. පැහැදිලි ජයග්‍රහණයක් මහින්දට තිබියදී නූල් සූත්තර වලින් ඒ ජය කනපිට ගහලා තමන්ට උවමනා දේ කලොත්.. ඒ තමන් අභියෝග කරන්නේ රටේ බහුතර පුරවැසි බලයට කියන එක... ඡන්දය කියන්නේ මිනිස්සුන්ගේ අයිතිය.. ඒ අයිතිය නූල් සූත්තර වලින් වෙනස් කරනවා කියන්නේ මහජනයාට සතුරුකමක් කලා වෙනවා...
    ඒ වගේම ඡන්දය දාලා මිනිස්සු බලය හසුරුවන්නේ ඒ බලයම තුවක්කු බෝම්බ කඩු කිනිසි වලිනුත් හසුරුවන්න පුළුවන් ලෝකයක... මිනිස්සු ආයුධවලට වඩා ඡන්දයට ඒ බලය දීලා තියෙන්නේ අනවශ්‍ය විදියට මරාගන්න උවමනා නැති හින්දා.. ඒත් ලේ හැලීම්.. මරාගැනීම් නැතිව සාමකාමීව බලය හසුරුවන්න තියෙන ඡන්ද ක්‍රමයට කවුරුන් හෝ විරුද්ධ කම් කරයිද.. ඒ කෙනාට එරෙහිව ඊ ළගට අර කිව්ව ආයුධ එරෙහිව එන්න බැරි නැහැ...
    ඔයිට වඩා චණ්ඩියෙක් වෙච්ච ජනාධිපතිවරයෙක්ගේ කෑලි කෑලි මහ පාරින් අහුලන්න වෙච්ච ඉතිහාසයක් තියෙන රටක් මේක... තමා සතුව බලය තියෙන හින්දා තමන් ආරක්ෂිතයි කියලා කවුරු හරි හිතනවනං ඊට වඩා මෝඩකමක් තවත් නැහැ.. ඕනෑම දේකට උවමනා වෙන්නේ එකම එක අවස්ථාවක් විතරයි... තත්පර කිහිපයක පමාවක් විතරයි... රටෙන් බාගයකට වඩා තරහා කරගන්නා මිනිහෙක්ගේ අනාරක්ෂිත තත්වය ගැන අමුතුවෙන් විස්තර කරන්න උවමනා වෙන්නේ නැහැ...

    චතුෂ තුෂර කුමාර - ප්‍රතිඵල නිකුත් වීමට පෙර....

    ReplyDelete
    Replies
    1. නම වරද්දලා. මහින්ද කියලා වෙනස් කරන්න ඕනෙ

      Delete
    2. මුගෙන් කේන්දර බලාගෙන සල්ලිත් දුන්නු මැට්ටොත් ඉන්නවනෙ.

      Delete
  5. මහසොහොන් ... කෝ මේ මහසොහොන්....

    ReplyDelete
    Replies
    1. ලෝකේ අදුරුයි බයි අප්පොච්චි!!!. අරක්කු පෙවෙන්නේ නෑ බයි අප්පොච්චි!!!. ලැට් එකට යන්න බෑ බයි අප්පොච්චි!!!. බත් කට ගිලෙන්නේ නෑ බයි අප්පොච්චි!!!. හයියෝ බයි අප්පොච්චි!!!. මොකද මේ වුනේ බයි අප්පොච්චි!!! ? මේ ගූ ගොඩවල් එක්ක උබලත් වැලලිලාම පලයන් බයි අප්පොච්චි!!!.

      Delete
    2. ඉක්මන් සුව පතමි.

      Delete
    3. බය්යෝන්ටද ? මැදමුලනේ නීලකාස පොල් රැවුල් රජක තුමාටද ?

      Delete
  6. එතකොට අපේ වෙලා විදානේ මැති තුමාලට ජාතික ලැයිස්තුවෙන් වත් එකක් නැති වෙයි ද ? වේලාසන කොරන්න යන්නේ නැතිව අන්තිම දවස වෙනකම් නාමයෝජනා නොදී හිටිය නම් කුරුණෑගලින් එන්න තිබුන ගේමක් නැතුව. ඕකනේ කියන්නේ හොද වැඩේ ඕනෙවට වැඩිය වේලාසන වැඩ කරනවට. ඔය හොද පුරුදු හැමතැනටම හරියන්නේ නෑ.

    ReplyDelete
  7. බ්ලොග්වල හුඟක් දෙනෙක් කියල තිබුනු විදිහට ජේවීපී එක සෑහෙන දුරට අවංක ශක්තිමත් විපක්ෂයක් වෙන එක හොඳයි තමයි.
    ඒත් ප්‍රතිඵල බැලුවහම පේනව MR විරෝධී චන්ද තව කඩා ගෙන ජේවීපී එක ඔය ගත්තට වඩා ආසන ගත්තනම් UPFA එක දිස්ත්‍රික්කවල වැඩිම ආසන ගන්න තනි පක්ෂය වෙන අවදානම තිබුන.එහෙම වෙලා MR අගමැති වෙන්න තිබුනු අවදානමට රට ලක්වෙන එකට වඩා හොඳයි ජේවීපී එක ඔය ගාණ ගත්ත එක

    ReplyDelete
  8. කෝ මේ ජෙප්පන්ට 40 ක් හම්බ වෙනවැයි කියපු මාතලනා....???

    ReplyDelete
    Replies
    1. මම දන්න සමහර අය ජේ වී පී එකට නොදී යූ ඇන් පී එකට දුන්නා, අනතුරක් වළක්වාගැනීම සඳහා. ඒ නිසා, මේ පාර ජේ වී පී එක ගත්ත ආසන ගණන සමහර විට අඩු තක්සේරුවක්.

      Delete
    2. මේ ඉන්නේ මචෝ...

      අනේ මම නම් එහෙම කිව්වේ නෑ... මගේ ගුරු ජී නම් එහෙම කිව්වා.. ඒත් මම එයැයිටත් කිව්වා.. එච්චර නම් ගන්නේ නැතෙයි කියලා....

      මාතලන්ගේ මනාප දෙක අහක නොගියයි කියලයි තාමත් හිතාන ඉන්නේ...

      Delete
    3. අනිවා එකක් අහක. කොළඹින් එකයි

      Delete
    4. අයියෝ මයි ඩියර් ෆ්‍රැන්ඩ් කාල් ලාන්තටත් හුප්පේ නොවැ...

      Delete
    5. ගුරුජි ජී අනාගෙන ගාගත්ත

      Delete
  9. 17 ජෙප්පන්ගේ බලේ බලමු කියල ලොකු ටෝක් දුන්නට දැන් මාතලනගේ පුක බිම ඇනිලා වගේ නේද ? ජෙප්පන්ට බලේ ගන්න බැරි ඇයි කියන එක විවුර්තව කතා කරන්න ඕනේ මාතෘකාවක්. ජෙප්පොන්ගේ දේශපාලන න්‍යායාචාර්ය වරු කරන විශ්ලේෂණ හරියටම හරි කියන මතයේ හිටපු එක තමයි වැරදුන තැන. දැනට ජවිපෙට අවුරුදු 50ක් පමණ වයසයි මම හිතන්නේ. තනි පක්ෂයක් විදියට හිගින් නොපෙනෙන අනාගතේ බලය ගන්න උත්සහ කරන එකයි ඔවුන්ට වුන වැරදීම. බලු කක්කා ගොඩ අයින් කරන්න නම් කක්කා ගොඩ අතට ගන්නම වෙනවා. ඇතින් ඉදන් රිටකින් ඇනල අයින් කරන්න බැහැ. ජවිපෙ හදන්නේ කවදාවත් පවතින ආණ්ඩුවකට හවුල් වෙලා රාජ්‍ය පාලනය කරලා හරිය වැඩ කරලා දීර්ග කාලයක් ඉදලා අපිට මේක පුළුවන් කියලා ජනතාවට පෙන්නන්නේ නැතුව විපක්ෂේ ඉදලා උඩින් ඇවිත් බලය ගන්න. එහෙම බලය ගන්න බෑ මේ රටේ. බණ්ඩාරනායකටත් බලය දුන්නේ යූ එන් පී එකේ ඉදල කරලා පෙන්නපු නිසා. ජවිපෙට බලය ඕනේ නම් ඒ කඩේ බඩු එපා මේ කඩේ බඩු ෂුවර් නෑ කියල බලය ගන්න බෑ. ලෝකේ සාක්ෂරතාවය (ලිවීමේ කියවීමේ හැකියාව නොවේ, යුනෙස්කෝවට අනුව නියම සාක්ෂර තාවය) 100% වුන ජපානෙත් බල ගියේ ප්‍රවාහයට 5/6 බලයක් ලෙසින්. 5/6 අබේ කරන්නේත් ව්‍යවස්ථාවට වැරදි අර්ථ කතන දෙන එක. ලෝක දේශපාලනේ යන්නේ එකම ප්‍රවාහයක. ඒ පරවහයට එකතු නොවී යන්න හදන ජවිපෙ වගේ පක්ෂ වලට පවතින්න බැහැ. ඔවුන්ගේ හොද නායකයෝ ටිකක් ඉන්නවා. බලය ගන්න ඕනේ නම් නඩේ ගුරා නඩේ එක්ක ඔය යන කොච්චියටම නැගලා ගැස්සුනා පැද්දුනා කියල බහින්නේ නැතුව, එකම ගමනන්තයක්වත් එන තුරු යන්න වෙනවා. එහෙම නැතිනම් ඒ නඩේ ගුරා විශ්වාස කරන්නේ නැහැ මිනිස්සු. ජවිපෙට බලයක් එන්නේ නැති බව දේශපාලන ලෝකේ බොහොමයක් විශ්ලේෂකයෝ හොදින්ම දැක්ක. ජවිපෙ මතවාදයන් ගොඩක් හොදයි. එත් ඔවුන් තරන උපක්‍රමයයි වැරදි. මෙවර තේරී යුතු උපක්‍රමය වුනේ රනිල් සමග සන්ධාන ගත වීම. එහෙම වුන්න නම් ලොකු මන්ත්‍රී ගණනක් ගන්න හැකි වෙනවා. ඒවගේම රනිල්ට නාස් ලනුව දාගන්නත් පුළුවන්. මහින්ද, රනිල්, මෛත්‍රී කියන ත්‍රිකොනේ පරිවෘත්තය ඔවුන්ට අදින්න තිබුන්න එහෙම වුනා නම්. ජවිපෙ මන්ත්‍රී ගණන නැතිව අවුරුදු 4 1/2 ක් ආණ්ඩුව ගෙනියන්න බැරි නිසා බලය මහින්දට දෙන්න බැරි කමට රනිල් වුනත් ජවිපෙ එක්ක ගැටෙන්න නොඑන්නට ඉඩ තිබුනා. එත් ජවිපෙ කිවේ මොකක්ද ? 1. කාටවත් තනි බලයක් ගන්න බැහැ. 2. අපි කාටවත් සහයෝගේ දෙන්නේ නැහැ. එනිසා එපැත්තෙන් මේ පැත්තට පැනලා, ඉතිහාසයේ හැදෙන නරමක ආණ්ඩුව මේ පර හැදෙනවා. 3. ඒ නිසා ඒ නරකම ආණ්ඩුව මට්ටු කරන බලය අපිට දෙන්න. මේ තර්කයේ විශාල නොගැලපීමක් තිබෙනවා. හරියට ජවිපෙ සමන් රත්නප්‍රිය හෙද වර්ජනය කරලා වඩා හොද සෞක්‍ය සේවයක් සදහා නයිටින්ගේල් ප්‍රතිඥාව තාවකාලිකව පසෙක තබා කටයුතු කරනව කිව වගේ දෙයක් ( ) . මේක වලක්වන්න ඔවුන්ට තිබෙන හොදම මග යු එන් පී යට නාස් ලනුව දමා අතට අරගෙන වැඩ කිරීම. මම වතාවක් අනුරට කිවා සුප්‍රසිද්ද ''සැලුන් දොර'' හැදෙන්න වගයුත්තෝ ඔවුන් බව. ඔවුන් මහින්ද ජනපති කරලා පැනලා ගියා. මෙවරත් ඔවුන් කිවේ එක වෙනවා. හැබැයි අපි එක නවත්තන්නේ නැහැ. එක වුනාට පස්සේ මට්ටු කරන්න අපිට බලයක් දෙන්න කියල. මේ කතාව ජනතාව පිළිගන්නේ නැති බව ප්‍රත්‍යක්ෂයි. ජවිපෙ තොරණ උපාය මාර්ග ඉතාමත්ම වැරදියි. ජවිපෙ තරුණ නායකයොත් රෙජී අන්කල් වගේ වයසට යන බව තමයි පෙන්න තියෙන්නේ.

    ජවිපෙ දක්ෂයෝ ඉන්නවා. සන්ධාන ගත වෙලා ඇගේ ජරාව ගන්නේ නැතුව ඉන්න එක කරන්න තරම් ඔවුන් දක්ෂයෝ. නමුත් ඔවුන් පිළිගන්නේ ආශ්‍රය කරන්නේ ඔවුන්ගේ ප්‍රතිපත්ති පිළිගන්න අය පමණයි . එවැනි අයට ලෝකේ දේශපාලනේ හැසිරීම වටහාගන්න බැහැ. ජවිපෙ සන්ධාන ගතනොවී චන්දෙ ඉල්ලන හැම වතාවකම වෙන්නේ අනුරලත්, සෝම වංශ වගේ වයසට යන්න පාර කපාගන්න එක. අද ජවිපෙ අය තවම අද්‍යනය කරන්නේ කියුබාවේ සෝවියට් සංගමයේ චීනයේ වෙනිසුලාවේ අභ්‍යන්තර දේශපාලනය. එත් අධ්‍යනය කරන්න ඕනේ ඇමෙරිකානු, චීන, ඉන්දියානු, කොරියානු, ජපන්, යෝරෝපීය ජ්‍යාත්‍යන්තර දේශපාලනය. ජයත්යනතර දේශපාලනේ ගැන කතාකරනකොට මේක අම්මට සිරි ලංකාව, මෙහෙ වෙන්නේ අමුතු දේවල් වගේ කතා තව දුරටත් වලංගු වෙන්නේ නැහැ. අපි ප්‍රවාහයට අනුගත වෙන්න ඕනේ. මම හිතන්නේ තීක්‍ෂ දේශපාලන දැක්මක් තිබුන දොන් නන්දසිරි විජේවීර අද හිටියා එනම් ඔහු තෝරන්නේ අනුර තෝරපු මග නෙවෙයි කියලා

    ReplyDelete
    Replies
    1. අද ජවිපෙ අය තවම අද්‍යනය කරන්නේ කියුබාවේ සෝවියට් සංගමයේ චීනයේ වෙනිසුලාවේ අභ්‍යන්තර දේශපාලනය. එත් අධ්‍යනය කරන්න ඕනේ ඇමෙරිකානු, චීන, ඉන්දියානු, කොරියානු, ජපන්, යෝරෝපීය ජ්‍යාත්‍යන්තර දේශපාලනය. //

      එහෙමද එහෙමනම් ජවිපෙ යාවත්කාලීන වෙන්න ඕන. සාර් රාජාන්ඩුවට එරෙහිව ලෙනින් කළ කතා කටපාඩම් කිරීම නෙවෙයි වෙන්න ඕන.
      මේ 19 වැනි සියවස හෝ 20 වැනි සියවස නෙවෙයි කියල ජවිපෙට කියා දෙන්න කීන්ක් නැද්ද
      අනේ පවු ඒ අසරණයො හිතන්නෙ අවුරුදු 100 කට පෙර සමාජයට අනුව. අව් රෝරා නැවේ වෙඩි හඩ ඇහිල කියල හිතල දනිපනි ගාල ඇහැරිල බලපුවම ආප්ප කඩේ කපුටො එළවන්න රතිඥ්ඥයක් දාල.

      Delete
    2. මෝඩ කතා කියන්න ඵපා බන්.
      මිනිස්සු ජෙප්පන්ට නොදී වෙන වෙන උන්ට දුන්නේ උන්ගේ ගොන් කමට.
      උබ කියන්නේ මිනිස්සු චන්දේ දෙන්නේ ඔය උබ කියන බහුබූත කාරනා කල්පනාකරලා බලලා කියලද???
      හුකෑස්......උබ නම් නියම ජෝකරයෙක් බන්.
      යකෝ හොරු චන්දේ දෙන්නේ හොරුන්ට ගොන්නු චන්දේ දෙන්නේ ගොන්නුන්ට ඉතින් මේ රටේ ඉන්නේම හොරුයි ගොන්නුයි නිසා හොද මිනිස්සුන්ට චන්දේ නෑ....ඉතින් ජෙප්පන්ට චන්දේ නෑ.
      ඔය උබ කියන පඩි කාරණා මිනිස්සු දන්නෙත් නෑ අහලත් නෑ වෑඩකුත් නෑ.
      යකාගේ හෑටියට විමානේ මිනිස්සුන්ගේ හෑටියට පාලකයො.

      Delete
    3. මුතුහෙට්ටිලට ගීතලට චන්දෙ දෙන ජාතියේ එවුන් නෙවෙයි නේ බන් ජෙප්පොන්ට දෙන්නේ!!! මුතුගෙට්ටි ගීත පබා වගේ එවුන්ට චන්දෙ දෙන්නේ ඇන්ඩ් කොම්පැනියේ රංජි වගේ අරක්කු වීදුරුවට බුරියානි එකට. එත් ජෙප්පොන්ට දෙන්නේ පස්මහ බැලුම් බලල කිරල මැනලා හත් කල් බලල තවත් බලන්න තියෙන හැම එකම බලල හොදයි කියල හිතන එවුන්. ඒ චන්දෙ හරි සංවේදියි ලේසියෙන්ම කැඩෙන්න පුළුවන්. එනිසයි ජෙප්පොන්ගේ චන්ද වෙලාවේ හැටියට කැඩෙන්නේ හැදෙන්නේ!!! ජෙප්පෝනට ලනක්වේ චන්ද ඔක්කොම ගන්න බෑ බන්. ගන්න පුළුවන් කොටසක් තියෙනවා. ඒ කොටස තමයි හැබැයි ලේසියෙන්ම වෙනස් වෙන්නෙත්. ගීතලට චන්දෙ දීපු එවුන්ගෙන් ජෙප්පොන්ට චන්ද ගන්න පුළුවන් නම් ඉතින් කර අඹපු මාතලන් ට කියලා උගේ මෙනොපොස් මීදෙන්නුන්ව පට්ටි දම්මල පැටව් ගස්සවලා මී කිරි ගන්න පුළුවන් වෙන්න ඕනේ!!!! ජේවීපී එකට චන්දයක් ගන්න පුළුවන් කම තිබ්බ මිනිස්සුන්ගේ චන්දෙ ගන්න බැරි වුන ඒ නිසා!!!

      උබත් බත් ද කන්නේ ? එත් පොඩි කලේ ඉදල ගොන් කිරි බීපු නිසා වෙන්න ඇති ඒ ගති ඇවිත් තියෙන්නේ උබට!!!

      Delete
    4. ඉතින් බන් ලoකාවේ වෑඩියෙන්ම ඉන්නේ මෝඩයොනෙ.
      මේ වගෙ මෝඩයො ගීතට මුතුහෙට්ටියට දෙන්නෙ නෑතුව හදුන්නෙත්තිලට දෙයිද බන්?
      ටකරමට කක්කුස්සි පෝච්චියට චන්දෙදෙන උන් මිසක් රටක අනාගතයෙ ගෑන හිතලා චන්දෙ දෙන 5%ක් වත් ඉන්නවද බන් ලoකාවේ?

      Delete
  10. "මමත් ජවිපෙට 10ක් වත් ලැබෙයි කියලා හිතපු කෙනෙක්. ඒත් මම හිතනවා ලැබිලා තියෙන ටික ඇති කියලා. මදි කිව්වට ආයෙ ලැබෙන්නෙක් නෑනෙ!" (ලියනගේ අමරකීර්ති)

    මේ ක්ෂමාලාපය ලියනගේ අමරකීර්ති නමැත්තාගේ ය. මේ පුද්ගලයා කෝර්නෙල්හී උගත් බව ද හාවර්ඩ්හී උගන්වන බව ද සඳහන් බෝඩ් ලෑල්ලක් ගෙල ලා සිටී. මොහුගේ උගත්කම කට මැඩ දොඩන තෙක් පමණි. අවස්ථාවාදී ජ.වි.පෙ. ට ආවඩනා මෙවැනි දේශපාලන අතදරුවන්ට අප පවසන්නේ නාඩා ගොසින් පෞරුෂ අක්‍රමිකතා රෝගී තත්ත්වයට මනෝ වෛද්‍ය ප්‍රතිකාරයක් ලබා ගන්නා ලෙස ය. පෙරළුණු පැත්ත හොඳා කියන්නට කෝර්නෙල් යන්නට අවැසි නැත. මෙම මැතිවරණය විසින් සුසාධිත වැදගත් කරුණක් වන්නේ ජ.වි.පෙ. සිටිනා වාස්තවික අස්ථානය නීර්ණය කර දීම ය. ජ.වි.පෙ. ජනාධිපතිවරණයේ දී ද මෙම අවස්ථාවාදීත්වය ප්‍රකට කළේ ය. ඔවුන් එදා සිට ව්‍යාපෘති සකස් කළේ මෙම මැතිවරණයේ දී "උනුත් එක යි; මුනුත් එක යි" කියා ඡන්ද මඩිය තර කර ගන්නට ය. ජනතාව අවසානයේ දී ජ.වි.පෙ. ට පවසා ඇත්තේ "තොපිත් එක යි" කියා ය. ජ.වි.පෙ. ට ඇත්තේ අනෙකා ඥානනය කිරීම පිළිබඳ ගැටලුවකි. ජ.වි.පෙ. ට ද අමරේට ද මෙම මනෝගතිය උරුම කර දෙන්නේ ඔවුන්ගේ ළමා කාලය විසිනි. එනිසා අපි ඔවුන් පිළිබඳ අනුකම්පා කළ යුතු වෙමු. පැරා අවුල් වෙන නිසා එම මනෝගතියට නිසි සිප්යුරු වදන මම මෙහි නො ලියමි. අපට ජ.වි.පෙ. සහෝදරන්ට පවසන්නට ඇත්තේ සහෝදරවරු දැන්වත් ගුවනේ ලඹ නො දී පොළෝ තලයට බැස ගන්නා ලෙස ය; ජාතිවාදී මඩ ගොහොරුවෙන් මිදුණු බව භාවිතාවෙන් පෙන්වන ලෙස ය. ජ.වි.පෙ. ට 15 ක් කියමින් පසුගිය සමයේ නන්දෙඩු, ඊයේ උදයේ ද "15 too humble" ය යි කියූ අමරේට අප පවසන්නේ ඔබ වැනි භ්‍රෂ්ටයෙකු බෝධිසත්වගුණෝපේත ඩී. ඊ. හෙට්ටිආරච්චි වැනි උතුමෙකු අසුන්ගත් පේරාදෙණි සිංහල අධ්‍යයනාංශාධිපති අසුන අරයන කල ඒ අවකම් නෙත ගැටෙන්නට අප දිවිහැර තිබීම පිනක් බව ය. ගුණදාස අමරසේකර කුමක් වුවත් එක් සත්‍යයක් පැවසී ය. අමරේ ඒ ලිපිය කියවා ඇති බවට සංශයක් මට නැත. ජ.වි.පෙ.පැරණි මිතුරනි, ඔබ වෙනුවෙන් හඬක් නඟමි; සිහින ලොවෙන් බසිනු මැනවි.

    ReplyDelete
    Replies
    1. සුරාජ් දෙහිවත්තAugust 19, 2015 at 11:07 AM

      වැල්ලව විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ග්‍රන්ථ කතුවරයෙක් හා සාහිත්‍යධරයෙක් වූ ලියනගේ අමරකීර්ති සූරින‍්ගේ අධ්‍යාපනය/ තත්ත්වය ගැන ඊර්ෂයාවෙන් පසුවන තුන්වැනි පංති‍යේ මෙවැනි අැනෝවන් ගැන කුමට වදවෙමුද ? බල්ලන් බිරුවාට කදු පාත්‍ නොවේ

      Delete
    2. "කතුවරයෙක් හා සාහිත්‍යධරයෙක් වූ සූරීන්ගේ" ??? ඔබ පළමු ව සිංහල ඉගෙන ගත යුතු යි; ඔබගේ හඩු බසින් පැරාගේ විශිෂ්ට වියුණු සටහන් අඩවිය අපවිත්‍ර නො කරනු යහපතකි. ඇටෙන් පොත්තෙන් නො ගිය සුරාජ් ළදරුවනි, කතුවරුන් ද සාහිත්‍යධරයන් ද දැක නැති ඔබට අමරේ මහා ග්‍රන්ථ කතුවරයෙකු ද මහා සාහිත්‍යධරයෙකු ද සේ පෙනෙන්නට හැකි ය. අමරේ බම්බලපිටිය හංදියට වී කලිසම් සාක්කුවට අත දමා ගෙන වෘෂණ කෝෂයට තට්ටු කර කර සිටි කාලය වන විට ද අපි මහා කතුවරුන් ද මහා සාහිත්‍යධරයන් ද දැක ඇසුරු කර සිටියෙමු. අමරේගේ අධ්‍යාපනය/තත්ත්වය පිළිබඳ ඔබගේ ඔජ වැඩවීමෙන් ස්ඵුථ වන්නේ ද ඔබගේ ම කූපමණ්ඩුකභාවය යි. අද දවසේ පඳුරකට පා පහරක් දුන්න ද අමරේ වර්ගයේ ආචාර්ය මහාචාර්ය පට්ටම් ද යාර ගණන් දිග උපාධි ද දරන ඊනියා ශාස්ත්‍රාලීය පඬියෝ දුසිම් කීපයක් පිට ව විසි වෙති. වැල්ලව විද්‍යාලයේ අමරේ අධ්‍යාපනය ලද බව අපට නම් මහා කෙරුවාවක් නො වේ. ඇයි රාජකීය විද්‍යාලයේ ඉගෙන ගත් විට සිංහල බැරි වෙන බවක් ඔබ සිතුවෙහි ද? සමන්ත විද්‍යාරත්න සහෝදරයාගේ දුක්බර කටුක අතීතය පැවසුව ද ජනතාව ඔහුට ඡන්දය දී නැත. එහෙත් මාධ්‍ය එය විකුණා ලාබ ලබා ගනී. අමරේ සරසවි සමයේ කුලී වැඩ කළ පමණින් ඔහු වීරයෙකු නො වෙ යි. එහෙත් ඒ බව උත්කර්ෂණය කර ලියන මධුභාෂණි තම මිල අධික පොත විකුණා ගනී. ශාන්ති දිසානායක අනුරාධපුරයේ ගෘහිණියක ව සිට වරාමල් ලියූ බව කීවාට වරාමල් විශිෂ්ට පොතක් වන්නේ නැත; ශාන්තී විශිෂ්ට ලේඛිකාවක වන්නේ ද නැත. දීප්ති කලකට පෙර පැවසූ ලෙස ම අද මෙරට ගැටලුව වී ඇත්තේ අමරකීර්ති වර්ගයේ සරලමතිකයන් අපේ වැදගත් ශාස්ත්‍රාලීය ආයතනවලට රිංගා ගෙන පිස්සු කෙළීම ය. දේශපාලනික තොත්ත බබාලා නැළවීමට වඩා වැදගත් දේ අපට කිරීමට තිබේ. අමරේ ජ.වි.පෙ. සමඟ සහවාස වූවාට අපට දැන් කම් නැත. එය අමරේගේ සැනසුම නම් අපි ඔහුට අනුකම්පා කරමු. පව් අසරණයා! අප ව්‍යාවෘත වූයේ අමරේ තම ඊනියා ශාස්ත්‍රාලීය වහන්තරාවට මුවා වී රාජපක්ෂ විරෝධී ඡන්ද ජ.වි.පෙ. වෙත අපගමනය කරවීමේ දුෂ්ට ක්‍රියාව වැළැක්වීමට ය. අප එය සාර්ථක ව කළ බව ද අපගේ ව්‍යායාමය තීරණාත්මක කාර්යභාරයක් කළ බව ද සමස්ත ඡන්ද ප්‍රතිඵලය විසින් සාධනය කරනු ලැබ තිබේ. සුරාජ් කොලුවා වැනි ලාමක දරුවන් දැන් මේ පරාජයෙන් වියරු වැටී උඩු බිරුවාට අපට දැනේන්නේ නැත. ඔබ ජංගිය තෙමා ගන්නා කාලයේ ද දේශපාලනය මහ පොළොවේ කළ අපට ඔබගේ පරම්පරාව ජ.වි.පෙ. ගැන නන් දෙඩීම ගැන දුක යි පුතේ...

      Delete
  11. ජෙප්පන්ගේ පක්ෂය විසුරුවා හැරීමට දැන් කාලය යි!

    ReplyDelete
  12. WHERE IS OUR PARA SMARTY?

    ReplyDelete
  13. යූඇම්පිය ගත් සෑම ඡන්ද 48,000 කට ම ආසනයක් ලැබී ඇත.

    බුලත් කොළය ගත් සෑම ඡන්ද 49,000 කට ම ආසනයක් ලැබී ඇත.

    දෙමළ සන්ධානය ගත් සෑම ඡන්ද 32,000 කට ම ආසනයක් ලැබී ඇත.

    මේ අනුපාත අනුව ගණන් බැලුවහොත් ජනතා විමුක්ති පෙරමුණට ආසන 12 ක් හෝ 13 ක් හෝ ලැබිය යුතුව තිබිණි.

    එහෙත්.......

    ජෙප්පන්ට එක් ආසනයක් දිනා ගැනීම සඳහා ඡන්ද 90,000 ක් ලබා ගැනීමට සිදු විය.

    ඇයි ඒ?

    වැටෙන සැම වලංගු ඡන්දයකට ම උපරිම වටිනා කමක් ලබා ගැනීම පිණිස සිදු කිරීමට නියමිතව තිබූ 20 වන සංශෝධනය ආත්මාර්ථකාමී ලෙස කඩාකප්පල් කළ එක් පාර්ශවයක් වූයේ ජනතා විමුක්ති පෙරමුණ යි. ඒ අකුසලයේ වන්දිය දැන් ඔවුන් විසින් ගෙවනු ලැබ තිබේ.

    ජෙප්පන්ට ශීර්ෂයක් තිබුණාට මස්තිෂ්කයක් නැති බව මෙවර මහ මැතිවරණයෙනුත් මනා ව පැහැදිලි වී තිබේ.

    ReplyDelete
    Replies
    1. මිනිස්සුන්ගෙ ගොන්කo වලට ජෙප්පො මොනවා කරන්නද?
      ජවිපෙ ආසන වෑඩි උනයි කියලා ජෙප්පන්ට අමුතුවෙo මුකුත් ලෑබෙන්නේ නෑ නේ.ආසන අඩු උනයි කියලා ජෙප්පන්ට අමුතුවෙo මුකුත් නෑතිවෙන්නෙත් නෑ.
      ජෙප්පො අඩු වීමෙන් කෙලවෙන්නේ රටට තමා.
      මහින්දලා රනිල්ලා ආය සෙට්වෙලා ජනතාවට කලු කෝපි බිබි කෙලිනකොට මේ රටේ මෝඩ මිනිස්සුන්ට අය ජෙ.වී.පී කියන් අකුරු තුන මතක්වෙයි.

      Delete
    2. එක යූ ඇන් පී කාරයෙක්ගෙ වටිනාකම 48000යි
      එක සන්ධානකාරයෙක්ගෙ වටිනාකම49000යි
      එක ජෙප්පෙක්ගෙ වටිනාකම 90000යි.
      එහෙම නේද?

      Delete
  14. බුලත් කොළ සන්ධානයෙන් කොළඹ දිස්ත්‍රික්කයට පත් වෙලා ඉන්නේ එක ම එක සිරිලංකාකාරයෙක් විතරයි. අනිත් අය එක්කෝ ත්‍රීවීල් පක්ෂවල අය, නැත්නම් යූඇම්පීයෙන් පැනපු අය.

    අවුරුදු 21 ක් තිස්සේ 'අත' ලකුණ පාවිච්චි නොකිරීමේ විපාක!

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා