නාමල් අයියාගේ වත්කම් හා යෝ බබාගේ බැරකම්

2010දී මැතිවරණයට ඉදිරිපත් වන විට කාල්ටන් ළදරු පාසලේ ගුරුවරයකු ලෙස නාමයෝජනා පත්‍රයේ සඳහන් කළ නාමල් රාජපක්ෂ දැන් මාර සල්ලිකාරයෙකි. ඔහු CSN නාලිකාවේ මෙන්ම ගවර්ස් කෝපරේට් සර්විසස් පෞද්ගලික සමාගමේ ද අයිතිකරු වීමත් රුපියල් කෝටි දො‍ළහමාරකට හෙලෝකෝප් සමාගම මිලදී ගැනීමත් සිදුවූයේ කෙසේද යන්න අබිරහසක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පැවසීය. මේ ඒ පිළිබඳ දිනමිණ පුවතයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් පමණක් හිමිව තිබූ පුද්ගලයකු මෙතරම් මුදලක් උපයාගත් ආකාරය සොයාබැලීම සඳහා අධිකරණ අවසරය මත මූල්‍ය අපරාධ කොට්ඨාසය විමර්ශනයක් සිදුකරමින් සිටින බව ද හෙතෙම අවධාරණය කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස නාමල් රාජපක්ෂට හිමිවන වැටුප් හා දීමනාවලින් හෝ ඔහුගේ නීතිඥ වෘත්තියෙහි මෙතරම් මුදලක් උපයාගත නොහැකි බව පෙන්වා දෙන නලින් බණ්ඩාර මහතා, කීර්තිමත් නීතිඥයෙක් නොවන නිසා ඔහුට එම වෘත්තියෙන් ද එතරම් මුදලක් උපයාගත නොහැකි බව ද හෙතෙම කියා සිටියේය.
එම අබිරහස අනාවරණය කර ගැනීමේ පරීක්ෂණ පැවැත්වීමට අධිකරණය මූල්‍ය අපරාධ කොට්ඨාසයට අවසර ලබාදී තිබෙන බවත් ඒ මහතා පැවසීය.
ගවර්ස් කෝපරේට් සර්විසස් පෞද්ගලික සමාගමේ පූර්ණ අයිතිය පවතින්නේ නාමල් රාජපක්ෂ මහතාට බව සමාගම් රෙජිස්ටර් කාර්යාලයේ ලේඛන ගත වී ඇත. හෙලෝකෝප් සමාගම මිලදී ගෙන ඇත්තේ 2012 වසරේ බවත් නලීන් බණ්ඩාර මහතා පැවසීය. තවද ජනාධිපතිවරණයේ පරාජය පෙනි පෙනී නාමල් රාජපක්ෂ මහතා තමන් සතුව තිබුණු ලැම්බෝගිනි කාර් තුන ශ්‍රීලංකන් ගුවන් යානා මගින් මැලේසියාවට යවා ඇත.
ඉන්පසු එම කාර් තුන මැලේසියාවේ කුඩු රජාගේ නිවසට භාරදී ඇත. නාමල් සහ යෝෂිත පුත්‍රයින් පිටරටවලදී කාර් රේස් ධාවනයේ යෙදුණේ කුඩු රජාගේ බලපත්‍රය පාවිච්චි කරමින් බවත් අනාවරණය කරගෙන ඇත. මේ ලැම්බෝගිනි කාර් පිළිබඳවත් අධිකරණ නියමයෙන් මූල්‍ය අපරාධ කොට්ඨාසය විමර්ශන සිදු කරගෙන යයි.
මේ අතර යෝෂිත රාජපක්ෂගේ උවමනාව මත වධ දී සිදු කළ ඝාතනයක් යයි සැකයට භාජනය වී තිබෙන වසීම් තජුඩීන්ගේ මළ සිරුර ලබන සඳුදා ගොඩගෙන වැඩිදුර පරී්ක්ෂණ සිදු කිරීමට නියමිත ය. මේ ඒ පිළිබඳ ලංකාදීප පුවතයි.

රගර් ක්‍රිඩක මොහොමඩ් වසීම් තාජුඩීන්ගේ සිරුර ලබන සඳුදා (10) ගොඩ ගැනීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පිරිස් මහතා රහස් පොලිසියට අද (06) අවසර දුන්නේය.
2012 දී ඝාතනයට ලක් වු බව කියන තාජුඩීන්ගේ සිරුර දෙහිවල මුස්ලිම් පල්ලියේ මිහිදන් කැරිණි. අධිකරණ වෛද්‍ය මණ්ඩලයක්,පල්ලියේ පුජකවරුන් හා ග්‍රාම සේවක නිලධරයා ඉදිරියේ සිරුර ගොඩ නැගිමට නියම කළ මහේස්ත්‍රාත් පොලිස් ආරක්ෂාව සලසන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. යූඑන්පී චන්ද කඩන්න බලාගෙන ඉන්න ගොන් ජෙප්පන් දැන්වත් තේරුම් ගන්න ඔනෑ 2005 උන් ජාතිවාදයෙන් ඇස් අන්ධ කරගෙන මරාව කරේ තියන් ඇවිත් කලේ මොනතරම් නිහීන වැඩක්ද කියලා...
    තාමත් ලැජ්ජ නැතිව මරට වක්‍රාකාරයෙන් වාසිවෙන විදිහට ජෙප්පො කැම්පේන් කරන හැටි හිරිකිතයි...

    රට හදන්න නම් 2025 තෙක් රටට රනිල්ගේ නායකත්වයෙන් යුතු යූඑන්පී ආන්ඩුවක් අවශ්‍ය බව මැටි මෝලෙක් නොවෙන ඔනෑම එකෙකුට මෙලහකට තේරුම් යන්න ඔනෑ..

    ReplyDelete
    Replies
    1. එදා එහෙම නොකළනම් අද රට දෙකඩ වෙලා. ඉන්දියාවයි පාකිස්ථානයයි වගෙ ශ්‍රාලංකාව හා ඊළම සීතල යුද්ධයක.
      ජෙප්පො එහෙම නොකළනම් අද රටේ තියන ප්‍රශ්නෙ වෙනමොකවත් නෙමෙයි අනුරාධපුරය ,පොලොන්නරුව සහ අම්පාර අසල්වැසි ඊළාම් ආක්‍රමනවලින් බේරා ගැනීම.
      යූඇන්පීකාරයො ඇටිකෙහෙල් කාපු උගුඩුවො වගෙ අපේ පාට කොළ ,අපේ කෑම පුන්නක්කු ,අපි කවදත් යූඇන්පී කිය කිය ඉදීවි.

      Delete
    2. ඩොන් ස්ටෙපස් සෙනානායක අරක්කු රෙන්ද කාරයාගේ පුතා ඩී.එස්,කලු සුද්දො රට පාවා දුන්නු අය,කවුරු මොනව කිව්වත් රනිල් දිනලා අන්ඩු මහින්දගේ කට්ටිය එක්ක නේ ජ.වි.පෙ යන්නේ නැහැනේ,අපින් නේ දන්නේ නාමල් මහින්ද කවදත් ගොඩ,හරින් නයිට් කල්බ් යන්නේ,නාමල් එක්ක එකට නේ,නදීශා හෙමමාලි හරින්ලා,නාමල්ලා,කොල කැදයගේ පුතා ,දයාසොරිලා එකට නේ සෙක්ස් කරන්නේ යු.එන්.පී.ගමේ ඔයාල මොනවාද අනේ දන්නේ ,ජ.වි.පෙ නිසා ඔයාලාට සමගි වෙන්න වෙනවානේ ප්‍රසිද්දියේ

      Delete
    3. 94 දී සාකච්ජා කරනු ලැබුයේ
      රත්තරන් පුටු ඇදන්
      රිචට් සොයිසා, ලියනාරච්චි
      60000ක් සිංහල තරුණයන්
      මාධ්‍ය නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය බලය බෙදීම පිලිබදවය

      2015 දී

      ලැම්බෝගිනි, ඇපල් වතු
      ලසන්ත, එක්නැලිගොඩ
      උතුරේ සිදුවු යුධ අපරාධ
      මාධ්‍ය නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය බලය බෙදීම පිලිබදවය

      94 දී සිදුවුයේ විප්ලවයක්යැයි ඒ දිනවල කියන ලදී
      2015 සිදුවුයේ විප්ලවයක්යැයි ඒ දිනවල කියනු ලැබේ

      94 විප්ලවයට පසු මහින්ද බිහිවිය
      2015 විප්ලවයට පසු,.........................????

      නැවතත් අපි රැවටිය යුතුද?

      සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය දිනා ගැනීම වෙනුවෙන් පෙළගැසෙමු....


      Delete
  2. දැන්නම් කර ගාවටම හිර වෙන්නයි යන්නෙ. ඔයතරම් මුදලක් එක තැනකට එකතුවෙන කොට තෑඅ ගොඩක් අයට අසාධාරණයක් වෙනවා. ඒ වැරැද්ද නම් නිවැරදි කරන්න ලැබෙන එකක් නෑ. මධ්‍ය පරිමාණ ව්‍යාපරොකයො සැලකිය යුතු ගණනකට තමන්ගෙ ව්‍යාපාර අහිමි වුනා මේ අයගෙ වැඩ නිසා

    ReplyDelete
  3. අනේ මේ සැරේවත් පැරාට දිනමිණ කර්තෘ කම හම්බ වෙනව නම් හොඳයි. එතකොට මේවා පත්තරේටම ලියත හැකි.

    ReplyDelete
  4. යෝෂිත මිනීමරුවා යුද්දෙට ගියානම් කෝ ඌට අර සම්මාන පදක්කම් මොකුත් නෑ පේන්න ඕකා කලේ බඩු යුද්දේ

    ReplyDelete
  5. පැරාට දිනමිණ දියව් !

    ReplyDelete
  6. ජවිපෙ පිබිදීමත් සමග ඊනිව්ස් කඩමාල්ල, පැරා බ්ලොග් ඇතුලු රාක්ජපක්ෂ විරෝධී සියලුම මාධ්‍ය ජවිපෙට ගසන්නට පටන් ගෙන තිබේ. ඔවුන්ට අනුව ජවිපෙට දීම යනු රාජපක්ෂ දිනවීමකි. ගියවර හංසයා ගත් ඡන්ද ලක්ෂ 62 තුල යුඇන්පී, ජවිපෙ, ෆොන්සේකා,දෙමළ සන්ධානෙ ඇතුළු සියලුම රාජපක්ෂ විරෝධීන්ගෙන් සමන්විත විය. දැන් ඒ සියලු බලවේග වෙන් වෙන්ව තරඟකරන දේශපාලන පොර පිටියක, ශුද්ධ යූඇන්පී ඡන්ද ප්‍රමාණය ලක්ෂ 58ට අඩුවුවහොත් රාජපක්ෂ පිල වැඩි මන්ත්‍රී ප්‍රමාණයක් ගෙන ආණ්ඩුවක් පිහිටවීමේ යම් සම්භාවිතාවක් පවතී. නමුත් මෙය දිස්ත්‍රික්ක මට්ටමින් අධ්‍යනයකර ගණනය කළයුතු සංකීර්ණ ක්‍රියාවලියකි. ලැබෙන ආරංචි අනුව සන්ධානයට ඡන්දය දුන් ඡන්දදායකයා පසුගිය මාස 6 තුල වෙනසක්වී නොමැත. කලකිරීම නිසා ඡන්දය ප්‍රකාශ නොකළහොත් හැරෙන්නට සන්ධාන ලක්ෂ 58 වැඩි වෙනසක් නොමැතිව එසේම පැවතුණහොත්, පිං අගමැති රනිල්ගේ අගමැති සිහිනය බොඳවී යයි. රටේ විද්වතුන්, කලාකරුවන්, වාමාංශිකයන් ජවිපෙ වටා රොක්වනවිට මහින්ද විරෝධී ඡන්ද සියල්ල ජවිපෙට යන නිසා පිං අගමැති රනිල් ඇතුලු නඩය සෑහෙන බියකින් පෙලෙන බවක් පෙනේ. මේ නිසා දැන් මාධ්‍ය හරහා දිගට හරහට ජවිපෙ පතුරු ගසයි. කලින් සන්ධානය රතු අලි පැටියා යනුවන් අනුර කුමාර හඳුන්වා තිබියදී, ඉදිරියේදී මේ නඩය රතු බුලත් කොලේ යනුවෙන් හැඳින්වීමටද බැරි නැත.

    ReplyDelete
    Replies
    1. [. ලැබෙන ආරංචි අනුව සන්ධානයට ඡන්දය දුන් ඡන්දදායකයා පසුගිය මාස 6 තුල වෙනසක්වී නොමැත]
      අන්න අන්න උබේ මරාවාදියා එලියට එනව.... යූඑන්පී චන්ද කඩල ඒකාධිපති මැදමූලන වනචාරියව ආයිත් බලයට ගන්න ආස ඇති නේද?
      කොහෙද පසික්කාට්ටුවො රනිල් පිං අගමැති වෙන්නෙ? රනිල් අගමැති වෙන්නෙ අගෝ.17 චන්දෙ දිනල පාර්ලිමේන්තු ඇවිල්ල...

      තොපිලගෙ මහ එකා පුන්ංචිඅම්මත් එක්ක බුදියෙන අනුරය හිතාගෙන හිටියෙ රාජපක්ශට කත් ඇදල යූඑන්පිය 3වෙනි තැනට දාල ප්‍රධාන විපක්ශය වෙන්න නේද?

      Delete
    2. පාරාජය හමුවේ වියරු වැටුන යු.එන්.පි සුනඛයෙක් මෙ අයුරින් උඩ බුරයි.

      Delete
    3. 94 ඉඳන් ගොට්ටො ටිකක් කෘත්‍යාධිකාරෙට දාගෙන, පක්ෂෙ නායකය වෙලා ඉන්න, ලංකා ඉතිහාසයෙ වැඩිම වාර ගණනක් මැතිවරණ පැරදුණු ලංකාවෙ එකම පක්ෂ නායක දෙවරක් පිං අගමැති, රනිල්. මුලින් පිං අගමැති වුණේ ප්‍රේමදාසගෙ මරණෙන්, ඊට පස්සෙ මෛත්‍රීට පිං සිද්ධ වෙන්න ආයෙත් පිං අගමැති. 1999, 2005 ජනාධිපතිවරණ දෙකම පරාදයි, 2010, 2015 ජනාධිපතිවරණ දෙකම පැරදෙන බව දන්න නිසා පොදු අපේක්ෂකයෙක් බිල්ලට දෙනවා. අනුර පුංචි අම්ම බැරිනම් උඹේ අම්ම එක්ක බුදිය ගත්තත් අපිට වැඩක් නෑ, පක්ෂෙ ප්‍රතිප්ත්තියටයි ඡන්දෙ දෙන්න ඕනෙ.

      Delete
    4. පරබල්ලො එකියන්නෙ රනිල් අගමැති නොවී මහින්ද දිනන එක හොදයි කියලද? වසලයො අර සුනන්ද දේශප්‍රිය ඊනිවුස් එකට ලියල තියෙනව ලිපිය කියවහන්...
      ඔන්න ඒකෙ කෑල්ලක් මම ඇලෙව්ව...

      //මෙම අවස්ථාවේදී මහා ජනයාගෙන් ජවිපෙ ඉල්ලා සිටින්නේ ආන්ඩු මට්ටුකරවන බලයක් තමන්ට ලබා දෙන ලෙස ය. කව්රුත් දන්නා බාසාවෙන් කියන්නේ නම් ආන්ඩුවේ රිමෝට් කොන්ට්‍රොල් එක තමන්ට දෙන ලෙසය. කෙටියෙන් තම පක්ෂයේ මංත්‍රීවරුන් ගණන ටිකක් වැඩි කර දෙන ලෙස ය‍.

      මේ කියන රිමෝට් කොන්ට්‍රෝල් දේශපාලනය 2002 වසරට පෙර ජවිපෙ විසින් අත්හදා බලා අසාර්ථක වූ එකකි. එය චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය සමඟ ඇතිකර ගත් පරිවාස ආන්ඩුව අන්තිමේ දී එජාප ආන්ඩුවකට ඉඩ දී පරාජයට පත් විය. 2005 වර්ශයේ දී මංත්‍රී ආසන 42 ක් දිනා ගැනීමෙන් පසුව පවා ජවිපෙට සිය ප්‍රධාන හවුල්කරුවා වූ රාජපක්ෂගේ අඥාදායක ගමන නැවැත්වීමට නොහැකි විය. මෙම මැතිවරණයෙන් පසු ඊට වඩා දෙයක් කිරීමට ජවිපෙට හැකිවනු ඇතැයි කීමට ඇති සහතිකය කුමක් ද?

      ජනතා විමුක්ති පෙරමුණෙහි දේශපාලනය චීනයෙහි මෙන් කොමියුනිස්ට් ධනවාදයක් අරමුණු කරයි. ජවිපෙ ආදර්ශයට ගන්නා රටවල් ලෙස එහි ප්‍රචාරක මාධ්‍යයන්ගෙන් දැක්වෙන්නේ පූටින්ගේ රුසියාව, චීනය, කොමේනිවරුන්ගේ ඉරානය සහ කියුබාව යනාදී රටවල් ය. මෙම කිසිදු රටක සැබෑ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයක් නැත. ජනමාධ්‍ය නිදහසක් හෝ අන් සිවිල් දේශපාලන නිදහස් හෝ නැත. ඇමෙරිකාව ඇතුලු ධනවාදී රටවල් පට්ට ගසන නමුත් ජවිපෙ කිසි විටෙක එම රටවල පාලන ක්‍රම විවේචනය කර නැත. තව ද රුසියාව සහ යුක්රේනය අතර ගැටුමෙහි දී ජවිපෙ ඉන්නේ ආක්‍රමනික රුසියාව පැත්තේ ය.

      ජවිපෙට අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානය යනු අධිරාජ්‍යවාදීන්ගේ උගුලකි. එජා සංවිධානය විසින් ලොව පුරා මානව හිමිකම් ආරක්ෂා කිරිමට යම් යම් සීමා කිරිම් යටතේ වුව කරනු ලබන අරගලය ජවිපෙ සළකන්නේ අධිරාජ්‍යවාදී සැළසුම් ලෙස ය. ජවිපෙට මානව හිමිකම් දැක්මක් නැති බවට හොඳම නිදසුන නම් අතුරුදහන් කරවන ලද දහස් ගණනාවක් වූ සිය පාක්ෂිකයින්ට යුක්තිය ලබා දීමට කිසිදු මැදිහත්වීමක් නොකිරීම යි. ජවිපෙට රාජ්‍ය ආරක්ෂා කිරීම මානව හිමිකම් වලට වඩා වැදගත් ය. මේ අනුව බලන විට බලය ලැබුනහොත් ජවිපෙ වාම අඥාදායකත්වයක් ක්‍රියාත්මක කරනු ඇතැයි බියවීම අහේතුක නොවේ.//

      http://lankaenews.com/news/2430/si

      Delete
    5. UNP (රනිල් ප්‍රමුඛ යහපාලන නඩය) UPFA (මහින්ද ප්‍රමුඛ දුෂිත සංධානය) යන දෙපාර්ශවයම බලය ගෙන ඒම තුලින් අද දිනයේ ඇති කිසිදු ගැටලුවකට විසදුමක් නොලැබෙන අතර
      ගැටලු මතුවන එක් එක් මොහොතේදි තමන්ට වාසි පරිදි ජාතිවාදය, දුෂණ විරෝධය, උගත්කම, ආදි සමාජය තුල කතිකාවට එන කරුණු තදින්ම අල්ලා ගනිමින් එක් එක් මොහොතෙ පැන නැගෙන ගැටලු අනුව දේශපාලනය තොරන එදාවේල ටුවර්ස් බවට පත්වි ඇති ජවිපෙට වැඩි බලයක් ලබා දීම හරහා හෙට දවසේ සිදුවන ප්‍රතිසංස්කරණ වලදී ඔවුන් සමාජය පිටුපසට තල්ලු කරනු ඇත.
      ඒ හරහා නැවත ජාතිවාදය හෝ සමාජයතුල ඇති පසුගාමී අදහස් ඉදිරියට එනු ඇත.

      ඉහත කොටස් තුනම යම් සීමාවක් දක්වාම පමණක් සමාජයට ප්‍රජාතන්ත්‍රවාදය, මාධ්‍ය නිදහස, සමාජ සාධාරණත්වය ලබා දෙනු ඇත.

      Delete
  7. මෙන්න බලන්න වටිනා ලිපියක්.
    http://ravaya.lk/?p=9444

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා