දෙමළ ජාතික සන්ධානයට විපක්ෂ නායකකමෙන් වැඩක් තිබේ ද?

එක්සත් ජනතා නිදහස් සන්ධානය සම්පූර්ණයෙන් හෝ කෑල්ලක් ලෙස හෝ ආණ්ඩුව සමග සන්ධානගත වූ විට එයට විපක්ෂ නායකකම ද දැරීමේ සදාචාරාත්මක අයිතියක් නැත. ඒ අනුව, ඒ සඳහා පාර්ලිමේන්තුවේ තුන්වන බලය වන දෙමළ ජාතික සන්ධානයට යුක්තියුක්ත අයිතියක් තිබේ.

දෙමළ ජාතික සන්ධානයට විපක්ෂ නායකකම දීම, නො දීම ගැන මේ දිනවල මහා ලොකු කතාවක් තිබේ.

සිංහල ජාතිවාදීහු සුපුරුදු ලෙස ඒකටත් විරුද්ධ ය.

මේ අතර, තවත් සමහරු සිය මනුෂ්‍යත්වය ප්‍රදර්ශනය කරමින්, දෙමළ ජාතික සන්ධානයට අනුකම්පා කර, විපක්ෂ නායකත්වය පූජා කර සිය ජාතිවාදී පව් සෝදාගන්නට දත මදිති.

එය නරක යයි අපි නො කියමු. එහෙත්, විය යුතුව තිබෙන්නේ දෙජාස ආණ්ඩුවට සම්බන්ධ කරගෙන උතුර සංවර්ධනය හා සම්බන්ධ බලවත් අමාත්‍යාංශයක් ඇතුළු වගකිවයුතු ඇමති තනතුරු කීපයක් ඔවුන්ට පිරිනැමීමයි. ජාතික සමෝධානය ඇති කිරීමට නම් දෙජාස මධ්‍යම ආණ්ඩුව ඇතුළට ගත යුතු ය. විපක්ෂයේ සිට කරන්නට පුළුවන් රෙද්දක් නැත. විපක්ෂ නායකකම නිකම් සෙරමෝනියල් මලඉලව්වක් පමණි. මීළඟ ආණ්ඩුවේ අගමැතිකම ඉල්ලා සිටීම සඳහා ශ්‍රීලනිප හා එජාප ජ්‍යේෂ්ඨයන්ට නම් විපක්ෂ නායකකම වැදගත් විය හැකි ය. දෙජාස මධ්‍යම රජයේ ආණ්ඩුවක් පිහිටුවන්නට ඉන්න පක්ෂයක් නො වේ.

ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා දෙජාස ආණ්ඩුවට සම්බන්ධ කර ගන්නට බැරෑරුම් උත්සාහයක් දරා නැත. විපක්ෂ නායක උලව්ව අතහැර දෙජාස ආණ්ඩුවට ගැනීමට බල කරනු! හැකි නම් උප අගමැතිකමක් දෙන්නැයි බල කරනු!

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. පැරා,

    දෙමළජාතික සන්දනයත් ආණ්ඩුවට ගන්නවානම්, මොන රෙද්දටද එක්සත් ජනතා නිදහස් සන්දානය සමග ජාතික ආණ්ඩු අටවන්නේ. එහෙම කලානම් බලවත් විපක්ෂයකුත් ලැබෙනවා නේද ?

    ReplyDelete
    Replies
    1. තොන්ඩමන්ගේ ලංකා කම්කරු කොන්ග්‍රසය පැවති සෑම ආණ්ඩුවක් සමඟ ම සන්ධාන ගත් වී වතු දෙමළ ජනයාට සුළු හෝ යමක් ලබා දුන්නා සේ දෙමළ ජාතික සන්ධානය රජයට සම්බන්ධ වී උතුරු-නැඟෙනහිර දෙමළ ජනයාට වැඩක් කර දීම යෝග්‍ය නොවේද?

      Delete
  2. Para/Pera, This is a magnificent catalytic article. I would embrace you with my affection and respect comrade Para/Pera (provided you have already had a decontamination bath!)

    It is futile in deed and nonsensical in thought to keep TNA in the opposition or TNA by itself to remain in the opposition in case they wish as such. TNA should join the government and possess a determinant partnership with the reigning government.

    The core of our national question is the unrequited aspiration of Tamil people to share the governmental powers which of course they deserve as a distinct ethnic identity. The failure to realise that aspiration by means of discussion and discourse has surfaced several times in boisterous manner in armed stuggles. This is just a brief interval of dormancy in an unhealthy time and environment for the Tamil aspirations to sprout out.

    Assassination of Mr. Pirabhaharan has been deemed as a permanent solution only by the immature cults in the Southern part. Phoenix rises from its ashes. Mr. Pirabhaharan was only an instance of a huge heterogeneous class. His methodology was costly and wrong although initially he was driven by a reasonable motivation (towards the end he lost the track with "bonkers" fantasy of a separate state). The instance was destroyed by waging war. But the class will never be. There is no guaranty whatsoever that there will not be future rebound insurrections. More intense the suppression, more intense the rebound response. The current governmental model can not privide the opportunity for extensive power sharing. As a seasoned ex-leftist, comrade Para/Pera should smell the rat what I am indicating for. Until the dawn of such renaissance Tamil people should not be kicking their heals. Something is better than nothing. Therefore as a major representative of the Tamils if not "the" representative, TNA should utilise the current opportunities until the dawn of the promising era. Tamil people will never be served their rights on a tray by the Southerners. SLFP or Mahinda fraction will never even think about it. If SLFP gets the determinant power of the current government while TNA is out, that will be catastrophic.

    May this national government fiasco go into dust,! May TNA look away from Trojan horses of opposition leaderships! May our comrade Para/Pera the courageous associate of our hey day, extend a supporting hand to realise the reasonable and well deserved aspirations of Tamils (as he has done hitherto since leaving JVP).

    ReplyDelete
  3. කොහොම හරි හැමදාම ඇමතිකම් ගන්න තොන්ඩ්මන් වගෙ එවුන් සම්බන්ද කරගන්නවට වඩා, ජනවරි 8 වෙනිදත් හරි තැන ඉඳපු දෙජස එකතුකරගෙන ආණ්ඩුවක් පිහිටුවන එක හොඳයි. අනිත් එක හැමදාම වැරදි පෙන්න පෙන්න ඉන්නවට වඩා ඒ අයටත් වැඩ කරන්න දීල බලන්න ඔන ඔය කියන ප්‍රෂ්න විසඳන්න පුලුවන්ද කියලා. එතකොට උතුරෙ ජනතාවගෙ ප්‍රශ්න සැබෑ ලෙසම විසඳන්න උවමනවක් තියෙනවනම් එගොල්ලො ඒකට අව්‍යාජ උත්සහයක් දරයි

    ReplyDelete
  4. අද දවසේදි විපක්ෂ නායක කම ලබාදීම පිලිබදව ගැටලුවක් ඇතිකරගෙන කතා කරමින් සහ තම තමන්ගේ මතයන් දක්වමින් සිටින සිවිල් සමාජය සහ බුද්ධිමත් ප්‍රජාව සහ සමාජ ක්‍රියාකාරිකයින් විසින් ගොවින් විසින් මේ මොහොතේ මුහුනදී ඇති ගැටලුන් පිලිබදව සාකච්ජා කිරීම මග හරිමින් සිටියි.

    ඒ අනුව ඉදිරියේදි ඇතිවීමට නියමිත පාර්ලිමේන්තුව පිලිබදවත්, ඇමති මණ්ඩලය සහ ලබාදෙන අමාත්‍යංශයන් පිලිබදව සහ විපක්ෂ නායක කම පිලිබදව උපකල්පන හා ඕපාදුප ලියන මාධ්‍ය වී ගොවින් සෑම කන්නයකටම වරක් මුහුණදෙමින් සිටින පොදු ගැටලුව අමතක කරමින් සිටියි.
    සෑම කන්නයකටම පෙර රැස්වී තිරණය කිරීමෙන් පසු වගාවන් කරන වී ගොවීන් අවසානයේදි අස්වැන්න අලෙවි කර ගැනීමට නොහැකිව රස්තියාදුවන අතර, පවතින තත්වයන් යටතේ වගා කීරීම තුලින් වී කිලොවක් නීශ්පාදනය කිරීමේ පිරිවැයද ඉතා අධික බැවින් ඔවුන්ගේ වියදම පියවා ගැනීම සහ තම සහ පවුලේ ජිවිත ඉදිරි කන්නය වෙනුවෙන් පවත්වාගෙන යෑමේ මිල ඔවුන් සමාජයෙන් ඉල්ලා සිටියි.

    ඒ වෙනුවට පැවති පාලනයන් සහ පවතින පාලනය (තවමත් නිසි පරිදි ක්‍රියාත්මක වී නොමැත) චන්දයේදි පොරොන්දු ලබා දෙමින්ද අස්වැන්න ලබා ගන්නා කාලයේදි ඇතිවන පිඩනය අවම කරගැනීම සදහා මොනවා හෝ කරමින්ද පවතියි.

    නැවත ඊලග කන්නය පැමිණෙන තුරු වී ගොඩවල්වලට කලයුතු දේ පිලිබදව වැඩසටහනක් නොමැතිව වී වලට රු 50 මිලක් සහතික කරමින් මිලදි ගන්නා වී ගබඩාතුල විනාශ විමට ඉඩ හැරීම මගින් ගොවින්ගේ ශ්‍රමයේ වටිනාකම සහ ජනතාවගේ බදු මුදල් ගුල්ලන්ට ආහාර සදහා සපයා ඇත.
    වී රු 50 මිලදී ගැනීමෙන් හාල් කිලොවක් රු 100ක් පමණ වන අතර එමගින් නැවත සාමාන්‍ය ජනතාව පිඩාවට පත්වීම වැලැක්වීම සදහා ඉන්දියාවෙන් හා පකිස්තානයෙන් රු 60 සහල් ගෙන්වයි. මෙම ක්‍රියාදාමය තුලම මිලදිගත් වී විකිණිමට නොහැකි වීමෙන් නැවත නැවතත් ගැටලුව ඇතිවේ.

    ගොවින්ගේ ජිවන තත්වයන් ඉහල නැංවීමටත්, නිශ්පාදන වියදම අඩුකිරීම, අස්වැන්න වැඩිකිරීම සහ ක්‍රමවත් ගබඩා හා විකිණිමේ යාන්ත්‍රණයක් ඇති කිරීම ආදී කරුණු පිලිබදව හැමදාමත් චන්ද වලදි සහ අයවැයේදි ජනතාවට බොරු කියන පාලකයින්ද, මෙවන් ගැටලු පිලිබදව විසදුම් සහ යෝජනා ඉදිරිපත් කරමින් මහජන මතය ගොඩනැගීමටත් ඒ වෙනුවෙන් පාලකයින්ට බලපෑම් කිරීමත් වෙනුවට එදාවෙල වෙනුවෙන් ජාතික ලැයිස්තුව කතානායක විපක්ෂනායක ඇමති තනතුරු සංඛ්‍යාව හා ජාතික ආණ්ඩුව පිලිබදවද මරාගෙන මැරෙන විපක්ෂයක් සහ එවැනි ගැටලු මගහැර යමින් සිටිනා සමාජ ක්‍රියාකාරිකයින්ද අද දවසේ බල්ටි ගසමින් සිටියි.

    මෙම ගැටලුව වී සම්බන්ධව පමණක් නොව සියලු බෝග සම්බන්ධයෙන් ඇතිවී තිබෙන අතර අතර මැදියන් විසින් ගොවින්ගේ ශ්‍රමය කොල්ලකමින්ද පාලකයින් ජනතාවගේ බදු මුදල් මේ වෙනුවෙන් විනාශ කරමින්ද පවති

    යැපුම් සහ පවතින වැඩවසම් කෘෂිකර්මය වෙනුවට ගොවින් අතර අනොන්‍ය සහයෝගය සහ සම්මුතිය මගින් විධිමත් අධ්‍යනයක් සමග තාක්ෂණය යොදවා සිදුකරනු ලබන වැඩි පලදාවක් සහ ආදායමක් අපෙක්ෂා කල හැකි වැඩපිලිවෙලක් සකස්කල යුතුව ඇත. ආරම්භයේ සිට අවසන් නිශ්පාදනය තෙක් අතරමැදියන් අතට යන කප්පම් අවම කිරිමක්වත් පවතින පාලනයන් තුලින් ඉල්ලා සිටිය යුතුය. ඒ වෙනුවෙන් අරගල කිරිමත් ඉන් ඉදිරියට අරගලය රැනෙ යෑමට ගොවින් ශක්තිමත් කිරිමත් වෙනුවෙන් අප සංවිධානය විය යුතුව ඇත.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා