එක්නැලිගොඩ මරා දැමීම සිද්ධියක් පමණක් ද?

දිවයින පුවත්පතෙන් උපුටාගත් මෙම පුවත විවිධ අරමුණු වෙනුවෙන් ප්‍රවෘත්ති අර්ථකථනය කිරීම තේරුම් ගන්නට කදිම සාධකයකි. සිද්ධිය මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් මරා දැමීම පිළිබඳ හමුදා නිලධාරියකුගෙන් ප්‍රශ්න කිරීමයි.

එහෙත් මේ වාර්තාකරුවා පළමු ඡේදයෙන් කියන්නට උත්සාහ කරන්නේ ‘ත්‍රස්‌තවාදය පරාජය කිරීමේ සටනේදී සුවිශේෂී කාර්යභාරයක්‌ සිදුකළ යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ තවත් උසස්‌ නිලධාරියකුට' කරදරයක් වී ඇති බවයි.

ඔහුගෙන් ප්‍රශ්න කරන්නට යන්නේ කෘෘර ඝාතනයක් ගැනයි. සිය වෘත්තියේ ම යෙදී සිටි, වෙනස් දේශපාලන මතයක් දැරූ මිනිසකු කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව මරා දැමීම මෙම වාර්තාකරුවාට නිකම් ම නිකම් ‘එක්‌නැලිගොඩ සිද්ධියකි'.

“It is not enough for journalists to see themselves as mere messengers without understanding the hidden agendas of the message and the myths that surround it.” 
― John PilgerHidden Agendas


එක්‌නැලිගොඩ සිද්ධියට
තවත් බුද්ධි නිලධාරියෙක්‌ අද සී අයි ඩී ය හමුවට

සමන් ගමගේ
එල් ටී ටී ඊ ත්‍රස්‌තවාදය පරාජය කිරීමේ සටනේදී සුවිශේෂී කාර්යභාරයක්‌ සිදුකළ යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ තවත් උසස්‌ නිලධාරියකුට අද (31 දා) රහස්‌ පොලිසියට පැමිණෙන ලෙස දැනුම් දී තිබේ.
ප්‍රගීත් එක්‌නැලිගොඩ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක්‌ ලබාගැනීම සඳහා මෙම කැඳවීම කර ඇත.
එක්‌නැලිගොඩ සිද්ධිය සම්බන්ධයෙන් රහස්‌ පොලිසිය වෙත කැඳවන ලද යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ හයවන හමුදා නිලධාරියා මොහු වේ.
ඉකුත් බ්‍රහස්‌පතින්දා මෙම නිලධාරියා රහස්‌ පොලිසියට කැඳවා ප්‍රශ්න කිරීමෙන් පසු මුදාහැර යළි මෙසේ අද පැමිණෙන ලෙස එක්‌නැලිගොඩ විමර්ශනය සිදුකරන රහස්‌ පොලිස්‌ කණ්‌ඩායම විසින් දැනුම් දෙන ලදී.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. තවත් රණවිරුවෙකුට විරුද්ධව බටහිර කුමන්ත්‍රණයක්!

    ReplyDelete
  2. දිවයින කියන එක 'ජාතික පුවත්පතක්'වෙන්නේ ලංකාවේ සිංහලබෞද්ධ ගෝත්‍රිකයින්ට විතරයි

    ReplyDelete
  3. මාධ්‍ය වේදියා සහ මාධ්‍ය කරුවා අතර වෙනස පැහැදිලි වන කදිම උදාහරණයක් ! අපේ මාධ්‍ය වල "කරුවන්" මිස "වේදීන්" නැති බවට තවත් එක උදාහරණයකි.

    ReplyDelete
  4. මේ "රණ විරුවො" , හොර නොම්බර ගහපු සුදු වෑන්වල "රාජකාරි" වලට යෑම , බොහොම බරපතල වැ‍රැද්දක්. මේ ලඟදිත් එහෙම ගිය සිද්දිය , ලිස්සල ඇරියා නේද?

    හාල් මැස්සො අහුවෙයි, ‍තෝරු මෝරු බේරෙයි. නැත්නම් නඩුව ඉල්ලා අස්කර ගනිවි.වුනේ කොහොමද දන්නෙ නැති වුනත්, නීතියට අහුනොවෙච්ච, හිටපු කුප්‍රකට ඝාතකයො , බෝම්බ වලට අහුවෙලා හැඳි ගෑවිලා ගියා. තිත්ත ඇත්ත තමයි, රණවිරුවොයි කිව්වාට, සොල්දාදුවො කියන්නෙ මිනී මරන්න පුරුදු කරපු කුලී හේවායො. ඉහළින් එන අණට , හරි වැරදි නොබලා අවනත වීම තමයි හමුදා විනය. ඇත්තටම වෙන්න ඕනෙත්, කවදාවත් නොවෙන්නෙත් ඔය ඝාතනය ක්‍රියාත්මක කරපු" බළල් අත " හොයා දඩුවම් දෙන එකයි.

    අපේ ඝාතන සංස්කෘති මානසිකත්වය, රුපියලටත් වඩා බාල්දු වී ඇති මිනිස් ජීවිත, මෙව්වා හැදෙන්න කාලයක් යාවි.

    ReplyDelete
  5. I have seen Saman Gamage's articles. For him the soldier who assassinated Krishanti Kumarasswami was also a hero. Another Warnakulasooriya.

    ReplyDelete
  6. දිවයින කියන්නේ කසිකබල් ජාතිවාදි පඩංගුවක්

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා