Posts

Showing posts from 2023

රාජ්‍ය අංශයේ පුරප්පාඩු අභ්‍යන්තර තුලනය මගින් පියවීම

Image
අජිත් පැරකුම් ජයසිංහ වර්තමානයේ පවතින ආර්ථික අර්බුදයට ප්‍රධාන හේතුවක් තමයි රාජ්‍ය වියදම. එයට ප්‍රධාන හේතුවක් තමයි, රාජ්‍ය සේවක අතිරික්තය. එවැනි අතිරික්තයක් තියෙන්නට ප්‍රධානම හේතුව තමයි රැකියා විරහිත උපාධිධාරීන්ට පුරප්පාඩු නොමැතිව රජයේ රැකියා සැපයීම. මෙය 2001-2004 කාලයේදී පැවති රජය විසින් නතර කර තිබුණා. ඒත්, ඉන් පසු බලයට පැමිණි ජවිපෙ සමග හවුල් ශ්‍රීලනිප ආණ්ඩු (චන්ද්‍රිකා සහ මහින්ද) නැවත උපාධිධාරීන්ට රැකියා ලබාදීම ආරම්භ කළා. එසේ උපාධිධාරීන්ට රැකියා පිරිනැමූ ඇතැම් උත්සවවල ජවිපෙ නායකයන් කතා පවත්වමින් එසේ රැකියා නොදීම ගැන කලින් ආණ්ඩුවට දෙහි කැපුවා. මේ වීඩියෝ තවමත් අන්තර්ජාලයේ තිබෙනවා. කවුද එහෙම රස්සා දුන්නෙ කියල අහන ජවිපෙ කට්ටියට ඒ වීඩියෝ නැවත බලන්නට පුළුවන්. වර්තමාන රජය රාජ්‍ය අංශයේ බඳවාගැනීම් නවත්තලා. ඒ වෙනුවට රාජ්‍ය සේවයේ පුරප්පාඩු අභ්‍යන්තර අතිරික්ත සේවකයන් මගින් තුලනය කිරීම ආරම්භ කර තිබෙනවා. මෙය ඉතා හොඳ ප්‍රතිපත්තියක්. පසුගිය කාලයේ සංවර්ධන සහකාරවරුන් ලෙස රාජ්‍ය සේවයට බඳවාගත් උපාධිධාරීන්ට තවමත් පැහැදිලි සේවා වගකීමක් හෝ උසස්වීම් පටිපාටියක් නැහැ. ගුරු පුරප්පාඩු පිරවීම සඳහා දැන් රජයේ සේවයේ

මැතිවරණ වියදම් පාලන පනත අනුව පළාත් පාලන මැතිවරණයට වියදම් කළ හැකි ආකාරය

Image
මෙම පනත අනුව මැතිවරණයට නාම යෝජනා කැඳවා දින පහක් ඇතුළත එක් ඡන්ද හිමියකු වෙනුවෙන් වියදම් කළ හැකි මුදල මැතිවරණ කොමිෂන් සභාවට තීරණයකළ හැකිය. ඒ අනුව, මෙම මෙම පළාත් පාලන මැතිවරණයේදී එක් ඡන්ද හිමියකු වෙනුවෙන් වැය කළ හැකි මුදල රු. 20ක් බව ගැසට් මගින් ප්‍රසිද්ධ කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් පුංචිහේවා පවසයි. ඒ අනුව, අපේක්ෂකයකුගේ කොට්ඨාසය තුළ ඡන්දදායකයන් දහසක් සිටින්නේ නම්, එම අපේක්ෂකයාට වියදම් කළ හැකි මුදල රු. 20,000කි. දේශපාලන පක්ෂයක් විසින් සමස්ත පළාත් පාලන බල ප්‍රදේශය තුළම ප්‍රචාරණ කටයුතුවල යෙදිය යුතු නිසා, එම පළාත් පාලන බල ප්‍රදේශය තුළ ඡන්ද හිමියන් ගණන රු. 20න් වැඩිකර ලැබෙන මුදල වැය කළ හැකිය. උදාහරණයක් ලෙස, ඡන්ද හිමියන් 100,000ක් සිටී නම් ලක්ෂ 20ක් වැය කළ හැකිය. එහිදී 60%ක් පක්ෂයට වියදම් කළ හැකි අතර 40%ක් කොට්ඨාස අපේක්ෂකයන් වෙනුවෙන් වියදම් කළ හැකිය. 2023 අංක 3 දරන  මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත 2023 ජනවාරි 24 සිට බලාත්මකය. Adapted from praja.lk

අද මට හෙට ඔබට

Image
අජිත් පැරකුම් ජයසිංහ අජිත් පැරකුම් ජයසිංහ ෆේස්බුක් ප්‍රොෆයිල් එකට කළ දේ අනෙක් අයටත් අත්දැකීමක් වනු පිණිස මෙසේයි: මම සාමාන්‍යයෙන් ස්ට්‍රෝං පාස්වර්ඩ් එකක් පාවිච්චි කරනවා. ඒත්, මේ පාස්වර්ඩ් එක වෙනස් කළේ සිද්ධිය වුණාට පස්සෙ. ඊට කින් ඒක දිග කාලයක් පාවිච්චි කළා. ජනවාරි 26 සවස 5ට විතර තමයි මම ප්‍රොෆයිල් එක බෑන් වෙලා තියෙනවා දැක්කෙ. වහාම මට යොමු කළ ක්‍රියාමාර්ග සියල්ල ගත්තා. රිවීව් එක පෙන්ඩිං. දවල් 1-5 අතර කාලයේ මම ෆේස්බුක් එකට එන්න නැතුව ඇති. ඒත් පරිගණක ඔන්වෙලා තියෙන නිසා ලොගිං වෙලා ඉන්නවා. ගෙදර නිසා අවදානමක් නැහැ. මේ අතර කාලයේදී තරිඳු ලොකුගමගේ දැකලා තියෙනවා මගේ ප්‍රොෆයිල් ඉමේජ් එක විදියට අයියෙස්අයියෙස් (නම් ලියන්නත් බයයි) පිංතූරයක්. එයා පුදුමත් වෙලා ඒත් දැනගෙන හැක්වෙලා කියලා. මේක මම දැක්කෙම නැහැ. තරිඳුට ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න අමතක වෙලා. එහෙම දාපු එවුන්ම රිපෝට් කරන්නත් ඇති. ටෙරරිස්ම් ප්‍රමෝට් කරනවාය කියලා තමයි මාව බෑන් කරන්නට ඇත්තෙ. මේක අද මට. හෙට ඔබට වෙන්නට පුළුවන්. රිකවර් කරගැනීම ලේසි නැහැ.   Adapted from praja.lk

‘බඹරා’ වැල්ලේ කැරකෙන්නේ කාටද?

Image
අජිත් පැරකුම් ජයසිංහ ජාතික ජන බලවේගය විසින් සිය පළාත් පාලන මැතිවරණ රැළි මාලාව ආරම්භ කරනු ලැබුවේ අනුරාධපුරයෙනි. රාජපක්ෂවරුන් ද බොහෝ විට අනුරාධපුරය සුබ කටයුතු ආරම්භය සඳහා යෝග්‍ය ස්ථානයක් ලෙස සලකති. ජාජබ අනුරාධපුර රැස්වීමට දස දහස් ගණනක සෙනග සිටි බව එහි නායක අනුර කුමාර දිසානායකගේ කතාවෙහිම සඳහන් වේ. ඔහු සිය කතාව ආරම්භයේදී රාජපක්ෂලාගේ බඹරා වැල්ලේ කැරකුණු සමයේ ඔවුන් නිතිපතා මැතිවරණ පැවැත්වූ බව ද දැන් බඹරාට ගමට යාමට හෝ නොහැකි බව ද පවසයි. වේදිකාවේ සිටි අයෙකු ඔහු නිවැරදි කරන්නට උත්සාහ කරමින් එය බඹරා නොව බඹරේ බව කියයි. ඇත්තටම ජවිපෙට බඹරේ වැල්ලේ කැරකෙමින් තිබෙන බවක් නිරීක්ෂණය වේ. මෙය 2019 වන විට ගෝඨාභය රාජපක්ෂට තිබුණු තත්වය වැනිය. මෙම අවස්ථාවේදී මැතිවරණයක් පැවැත්වීම ආණ්ඩුවට කිසි සේත්ම වාසිදායක නොවන බව ඉතා පැහැදිලිය. ආණ්ඩුව සිදුකරමින් සිටින විප්ලවීය ධනේශ්වර ප්‍රතිසංස්කරණ හමුවේ මධ්‍යම පන්තිය දැඩි පීඩාවකට පත්වී සිටිති. මධ්‍යම පන්තිය නියෝජනය කරන ජාතික ජනතා බලවේගය වැනි බලවේගවලට මෙය අතිශය වාසිදායක තත්වයකි. මධ්‍යම පන්තික බලවේගය මුල්වී 2019දී ගෝඨාභය රාජපක්ෂ බලයට පත්කිරීමෙන් අනතුරුව ඔවුන්ට ලැබුණු බදු සහන ර

‘හොරු අල්ලමු තේමාව’ වෙනුවට ‘පළිගනිමු’ ඉදිරියට

Image
  අජිත් පැරකුම් ජයසිංහ තවමත් ඍජු බදු රජයේ බදු ආදායමෙන් 10%ක්වත් නැහැ. රජ්‍ය සේවකයන් ලක්ෂ 14කට, විශ්‍රාමිකයන්ට වැටුප් ගෙවන්නෙ රජය. නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍යය, දිළිඳු සහනාධාර, යටිතල පහසුකම් නඩත්තුව හා සංවර්ධනය කරන්නෙත් රජයේ ආදායම්වලින්. ඔය ටික කරන්නත් ණය ගන්න වෙනවා. බදුවලින් ‘වැඩක්’ කියල දෙයක් වෙන්න නම්, අනිවාර්යයෙන්ම මේ ක්‍රමය වෙනස් කරන්නම වෙනවා. ක්‍රමය වෙනස් කරනවාය කියන්නෙ බලය හිමි පැළැන්තිය වෙනස් කිරීම නෙමෙයි. ජවිපෙ යෝජනා කරන්නෙ ප්‍රධාන ධාරාවෙ ප්‍රභූන් අතින් මධ්‍යම පන්තික ප්‍රභූන් වෙත බලය හුවමාරු කිරීම. රනිල් කරමින් ඉන්න ධනේශ්වර විප්ලවය තුළ සිදුවෙන්නෙ රජය ආදායම් උපදවන, වියදම් කරන ක්‍රමය වෙනස් වෙන එක. ඒ කියන්නෙ, රජය ආදායම් වර්ධනය කරගන්නවා. වියදම් අඩුකරනවා. ඒ සඳහා රාජ්‍ය අංශය හකුළනවා. පෞද්ගලික අංශය දිරිගන්වනවා. රජය ව්‍යාපාරවලින් අයින් වෙනවා. පෞද්ගලික ව්‍යාපාර නියාමනයට සීමාවෙනවා. වෙළඳපොළ වැඩියෙන් නිදහස් කරනවා. එදිනෙදා වියදම් සඳහා ණය ගැනීම සීමාකරමින් විදේශ ණය සංවර්ධනයට යොමු කරනවා. රජය හකුළන කොට රජයෙන් යැපුණු මධ්‍යම පන්තියට අමාරු වෙනවා. ඒ වගේම, ආර්ථික අර්බුදයෙන් රට ගොඩගන්න, උද්ධමනය පාලනය කර

පාසල්වලට බස් බෙදීම සම්පත් නාස්තියක්

Image
  අජිත් පැරකුම් ජයසිංහ අවුරුදු දහයකට විතර කලින් මං අන්තිමට වැඩකරපු පාසලේ ක්‍රිකට් ක්‍රීඩාව භාර ගුරුවරයා විදියට හිටියා. ඒ පාසලට කුමාර් වෙල්ගම බස් එකක් දුන්නා. බස් දුන්නාට ඩ්‍රයිවර්ලා හරි, තෙල් හරි, නඩත්තු වියදම් හරි දෙන්නෙ නැහැනෙ. ඒ දවස්වල මැච්වලට පාසලේ ළමයින් පිටතට අරගෙන යද්දි ඩ්‍රයිවර් කෙනෙකුටයි, ඉන්ධනවලටයි, නඩත්තුවටයි ගෙවලා ඉස්කෝලෙ බස් එක ගන්නවාට වඩා ලාභයි පිටින් වාහනයක් කුලියට අරගන්න එක. ඒ නිසා මං ළමයින්ව වැඩිපුර එක්කගෙන ගියේ ටවුමෙ පාක් එකෙන් කුලියට ගත්ත වෑන්වල. ක්‍රිකට් ටීම් එකක ළමයින් 15ට අඩු ගණනක් යන්න හතළිහක් විතර යන්න පුළුවන් බස් එකක් අවශ්‍ය නැහැ. පාසල්වලට නොමිලේ බෙදන බස් වැඩි කාලයක් තියෙන්නෙ නිකම්. දුවන්නත් බැහැ. සර්විස් කරන්න, ටයර් ගෙවුණොත් ඒ ටික දාගන්න පවා ළමයින්ගෙන් සල්ලි එකතු කරන්නට වෙනවා. එහෙම නැතිනම්, ළමයෙකුව ඉස්කොලෙට ඇතුළත් කරගන්න මුවාවෙන් සල්ලි ගන්න වෙනවා. තමන්ගෙම බස් එකකින් යන්න තරම් ගමන් ගොඩක් බොහෝ පාසල්වලට නැහැ. ඒ වගේම, මේ දෙන තනි දොරේ බස්වලින් අධ්‍යාපන චාරිකා වගේ ගමන් යන්නත් බැහැ. ඉඩ මදි. බස් එකක් තියෙන පළියට ගමන් යන්න බැහැනෙ. අවශ්‍යතා හඳුනගෙන තමයි පාසල්වලට සම්පත්

PDF ප්‍රශ්නය

Image
  කලාව යනු උසස් රසාස්වාදයකි. හුදු විනෝදාස්වාදය නොවේ. උසස් රසවින්දනයක් ඇති මිනිසුන් යනු දියුණු පුරවැසියන්ය. එසේම, දියුණු පාරිභෝගිකයන්ය. ඔවුහු කලා කෘතියකට ගෙවිය යුතු මිල ගෙවීමට මැලි නොවෙති. කෘතිය මිලදීගැනීමට මුදල් නැතිනම් වෙනත් ආකාරයකින් අගයති. ඇතැම් විට එය ප්‍රිය වචනයක් විය හැකිය. චිත්‍රය නිදසුනකට ගතහොත්, එය රස විඳීම සඳහා මිලදීගැනීම අවශ්‍ය නැත. ඒ වෙනුවෙන් වැය කළ යුත්තේ අවම මිලකි. චිත්‍රපටය හොර කොපි හා ටොරන්ට් ගැටලුව විසඳාගන්නේ නෙට්ෆ්ලික්ස් වැනි උසස් ඩිජිටල් වේදිකා මගිනි. නාට්‍යයට ගැටලුව ඇත්තේ රංගශාලාවට ප්‍රේක්ෂකයන් කැඳවාගැනීම සම්බන්ධයෙනි. පොත් පීඩීඑෆ් වීම හා ෂෙයා වීම මහලොකු ගැටලුවක් නොවේ. පුස්තකාලවලින් සිදුවන්නේ ද ඒ හා සමාන දෙයකි. ඒ ගැටලුව සම්බන්ධයෙන් ද ඩිජිටල් වේදිකාවල පිහිට ලබාගත හැකිය. නොමිලේ පොත් බෙදීම නැවැත්වීම ද අවශ්‍යය. මාධ්‍යකරුවන් මෙසේ නොමිලේ පොත් ලබාගැනීමට ලොල් පිරිසකි. පුවත්පතේ නොමිලේ දෙන ප්‍රචාරයක් වෙනුවෙන් පොතක් දෙනවා නම් එය දිය යුත්තේ මාධ්‍ය ආයතනයටයි. කලා කෘති වෙනුවෙන් අදාළ මිල ගෙවීම උසස් පුරවැසිකමක ලක්ෂණයකි. එය ප්‍රවර්ධනය කළ යුතුය. ⁣මිල නොගෙවා කලාකෘති රසවිඳීම ප්‍රවර්ධනය න

කඩතොලු විකට්ටුවක දැවී, නොදැවී බැට් කරන වික්‍රමසිංහ

Image
  අජිත් පැරකුම් ජයසිංහ “බුද්ධිය, දක්ෂතාවය සහ හැකියාව නියම අවස්ථාවේදී යොදන පුද්ගලයන් ඉතිහාසය තුළ තමන් පිළිබඳ මතකය රඳවා තබයි. අතීතයේ ජනතා ව්‍යාපාරයේ නායකයෝ,  පොදු ජන සමූහයා අතර කැපී පෙනුණු හා විශාල කීර්තියක් හිමි කර ගත්තෝ වූහ.   සෑම සමාජයක්, පංතියක් උදෙසාම නායකත්වයන් තමන්ට අවශ්‍ය ලෙස සහ ඊට ගැලපෙන ලෙස සකස් කර ගනියි.” – දේශපාලන විද්‍යාවේ මූලධර්ම, රුසියාවේ ප්‍රගති ප්‍රකාශක මන්දිරය, 1978 ශ්‍රී ලංකාව බරපතළ නායකත්ව අර්බුයක් සහිත රටකි. එය සැබෑ ජාතික ක්‍රීඩාව ලෙස සැලකිය හැකි ක්‍රිකට් ක්‍රීඩාවේ කණ්ඩායම් නායකත්වයේ සිට ජනාධිපති ධුරය දක්වා විහිදෙයි. එයින් අදහස් වන්නේ නායකත්ව අර්බුදය තිබෙන්නේ දේශපාලනයේ පමණක් නොවන බවයි. නායකත්ව අර්බුදය අනාගතය දක්වා විහිදෙන බව ප්‍රදර්ශනය කරන ප්‍රධාන ස්ථානය පාර්ලිමේන්තුව නොව පාසලයි. වර්තමානයේ පාසල් අධ්‍යාපනය තුළ නායකත්ව සංකල්පයම විකෘති වී තිබේ. අධ්‍යාපන ක්‍රියාවලියට නායකත්වය දිය යුතු නිලධාරියකු වන පාසල් විදුහල්පතිවරයා හුදු පරිපාලකයකු බවට පරිවර්තනය වී තිබේ. පාසල යනු පෞද්ගලික අධ්‍යාපනය හෙවත් ටියුෂන් වෙනුවෙන් භූමිය සකස්කරන, තරග විභාග හා වෙනත් ක්‍රියාකාරකම් පවත්වන ස්ථානයයි.

බස් එලෝන ළමයි හා අධ්‍යාපන චාරිකා

Image
  – අජිත් පැරකුම් ජයසිංහ ළඟදි අධ්‍යාපන චාරිකාවක් ගිය මගේ දුව හරි සතුටින් කිව්වා, උදේ කෑමට නවත්තපු තැන පිට්ටනියක බස් පහම මියුසික් හෝන් ගහමින් ඇලකරගෙන වේගෙන් රවුමට රවුමට ගියාලු. මේ වගේ ගමනකදි නුවරඑළිය පැත්තෙදි ළමයෙකුම බස්එක පදවන අයුරු දැක්වෙන වීඩියෝවකුත් සංසරණය වුණා. මං ගුරුවරයකු කාලෙ ළමයින් එක්ක, අධ්‍යාපන චාරිකා, ක්‍රීඩා තරගවලට එක්කගෙන යන ගමන් බිමන් එහෙම සෑහෙන්න ගිහින් තියෙනවා. ළමයින් කියන්නෙ ළමයින්. හැබැයි, අපේ රටේ ගුරුවරුන්, බස් සේවකයන් ආදී හැමෝම ඒ ළමයින්ට වඩා ලොකු වෙනසක් නැහැ. රියදුරන් ගැන කියනකොට මට මෙහෙම හිතෙනවා. ලංකාවේ අප අතරින් බොහෝ දෙනෙකු කාර් රේස් යන්නට ලැබුණු අවස්ථා අහිමි වුණ සාංකාවකින් පෙළෙන පිරිසක්. ඒ නිසා වාහනයක් අතට ගත්තත්, වෙන කෙනෙකු පදවන වාහනයක යන විටත් ඒ අය රිය පැදවීමේ විනෝදය විඳිනවා. ඒ අයට රථගාය කියන්නෙ නොසිඳෙන ආසාවක්. ලංකාවේ බස් රියදුරන් වැනි අය බස් එළවන ගමන් දුරකථන ඇමතුම් දීම්, මැසේජස් බැලීම, යැවීම, මාර්ගයේ යන එන අනෙක් වාහන තිබෙන තැන ෆලෝ කිරීම, වෙනත් අයට දැනුම් දීම, විට කෑම, වතුර බීම, සිංදු ඇහීම විතරක් නෙමෙයි සිංදු කීමත් කරනවා. ඔවුන් නොකරන ප්‍රධාන දෙය තමයි, තමන්ගේ දෑ

විශ්වවිද්‍යාල සිසුවියන් ඝාතනය හා නීතිය ක්‍රියාත්මක වන හැටි

Image
  අජිත් පැරකුම් ජයසිංහ “මගේ ආදරණීය මධූ අක්කේ, මට දුකක් දෙන්න එපා, මාව අමතක කරන්න එපා. මට විභාගය හොඳටම ළඟයි. මට හිත හදාගෙන පාඩම් කරන්න බැහැ. ඇයි මට මෙහෙම වද දෙන්නෙ ඔයාට මාව එපාම නම් කැම්පස් එකෙන් අපි පිටවෙලා ගියාම මා අමතක කරන්න. මගේ අධ්‍යාපන කටයුතු විනාශ කරන්න එපා.” මෙසේ සඳහන් වුණේ 1992දී මධුවන්ති නම් කැලනිය විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ සිසුවිය පිහියෙන් ඇන මරා දමන ලද සමන් නමැති සිසුවා ලියූ ලිපියකය. එම ඝාතනයෙන් පසු සමන්ගේ ද අභිප්‍රාය වූයේ සියදිවි නසාගැනීම බව ඔහු ලියූ තවත් ලිපියකින් හෙළිදරව් විය. එහෙත්, ඔහු සියදිවි නසාගත්තේ නැත. ඇප ලැබුණු පසු අනවසරයෙන් විදේශගත වූයේය. සමන් නොමැතිව මිනීමැරුම් නඩුව විභාග වූ අතර වරදකරු වූ සමන්ට මරණ දඬුවම නියම විය. අභියාචනාධිකරණයෙන් ද එම දඬුවම තහවුරු විය. දඬුවමට ලක් නොවී සමන් කොහේ හෝ රටක හොඳින් ජීවත් වනවා විය හැකිය. කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ සිසුවියක ඊයේ කොළඹ තුරග තරග පිටියේදී ඝාතනයට ලක්වූවාය. ඇගේ පෙම්වතා බව කියන එම පිඨයේම සිසුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. උගත්, බලවත් වැරදිකරුවන්ට වෙනත් වැරදිකරුවන්ට නොමැති විශේෂ සමාවන් ශ්‍රී ලංකාව විසින් ප්‍රදානය කර තිබේ.

ප්‍රචණ්ඩත්ව ආකාර වර්ගීකරණය කරන හැටි

Image
  ස්ත්‍රී දූෂණය සහ බරපතල ලිංගික අපයෝජනය ස්ත්‍රී දූෂණය යනු එකඟතාවයකින් තොරව යෝනි මාර්ගය විනිවිදීමයි (කෙතරම් සුළු වශයෙන් වුවද). ස්ත්‍රී දූෂණය හැර වෙනත් ඕනෑම බරපතළ ලිංගික අපයෝජනයක්, එනම්, ශිෂ්ණය හෝ වෙනත් ශරීර කොටසක් මගින් ගුදය හෝ මුඛය විනිවිදීම සහ වස්තුවක් මගින් යෝනි මාර්ගය හෝ ගුදය විනිවිද යාමයි.  පහත දැක්වෙන ක්‍රියා ද බරපතල ලිංගික අපයෝජන වේ. ස්ත්‍රී දූෂණය හෝ ලිංගික අපයෝජනයට උත්සාහ කිරීම කැමැත්තකින් තොරව පියයුරු, ලිංගේන්ද්‍රිය සහ කකුල් අනවශ්‍ය ලෙස ස්පර්ශ කිරීම ලිංගික අවයව වලට පහර දීම කාමුක දර්ශන නැරඹීමට/ ඒවායේ පෙනීසිටීමට බල කිරීම ස්ත්‍රී ලිංගික අවයවය කැපීම / විකෘති කිරීම ලිංගික අතවරය අකමැත්ත ප්‍රකාශ කළ ඕනෑම ලිංගිකව සමීපවීමක්, ලිංගික අනුග්‍රහයක් ඉල්ලා සිටීමක්, වෙනත් කෙනෙකුට වරදක් හෝ නින්දාවක් ඇති කරන්නේ යැයි සාධාරණ ලෙස සැලකිය හැකි ලිංගික ස්වභාවයේ වාචික හෝ ශාරීරික හැසිරීමක් හෝ අභිනයක්, හෝ ලිංගික ස්වභාවයේ වෙනත් හැසිරීමක්. එයට එක් සිදුවීමක් හෝ සිදුවීම් මාලාවක් ඇතුළත් විය හැකිය. ලිංගික අතවරයක් හිතාමතාම අනවසරයෙන් සහ බලහත්කාරයෙන් සිදු කළ හැකිය. ඩිජිටල් තාක්‍ෂණයන් මගින් සිදුකරන ප්‍රචණ්ඩත්වය ඇතුළු

මේක මොන වගේ විප්ලවීය කාලයක්ද?

Image
  අජිත් පැරකුම් ජයසිංහ වාමාංශිකයන් නොවන අය විප්ලවය, විප්ලවීය අවධිය වගේ වචන භාවිතා කළාම මුලින්ම කලබල වෙන්නෙ මාක්ස්වාදීන්. ඔවුන් සිතන්නේ ඒ සංකල්ප වරනැගුවේ ඔවුන්ගේ රැවුල්කාර සීයලාය කියායි. ඒ නිසා ඒවා අයිති ඔවුන්ට යයි ඔවුන් සිතනවා. ඒත් විප්ලවය පිළිබඳ අදහස මුලින්ම පැනනැගෙන ඇරිස්ටෝටලියානු යුගයේදීයි. ඒ කාලයේ එයින් අදහස් වූයේ ආණ්ඩු ක්‍රමවල චක්‍රීය වෙනස්කම් පිළිබඳවයි. එහෙත්, නූතන යුගයට එන විට විප්ලවයෙන් අදහස් කරනු ලබන්නේ පෙර පැවති දේශපාලන පර්යායට අභියෝගයක් වන රැඩිකල් ලෙස වෙනස් වූ නව පිළිවෙලක් ස්ථාපිත කරනු ලැබීමයි. ඉතිහාසයේ මහා විප්ලවයන් ලෙස සැලකෙන ඉංග්‍රීසි, ප්‍රංශ සහ රුසියානු විප්ලවයන්වලදී ආණ්ඩු ක්‍රමය මෙන්ම එම සමාජවල ආර්ථික ක්‍රමය, සමාජ ව්‍යුහය සහ සංස්කෘතික වටිනාකම් ද පරිවර්තනයට ලක්වුණා. 16 වැනි සියවසේ ඉතාලියේ ජීවත් වූ චින්තකයකු වන නිකොලෝ මැකියාවෙලි විප්ලවයේ තර්ජනය දරාගත හැකි රාජ්‍යයක් නිර්මාණය කිරීම වෙනුවෙන් කටයුතු කළ අයෙක්. එහෙත්, බලය පිළිබඳ ඔහුගේ දැක්ම අනුව, ඇතැම් අවස්ථාවලදී ආණ්ඩු ව්‍යුහයේ වෙනස්කම්වල අවශ්‍යතාවය පිළිගන්නා හෙයින් මැකියාවෙලි නූතන විප්ලවවාදී චින්තනයේ පුරෝගාමියෙක්. ඔහු කිසි විට

ලංකාවෙන් තෙල් හම්බ වෙයිද?

Image
  භූ කම්පන සමීක්ෂණ (seismic data) මත පදනම්ව, රටේ උතුරු වෙරළට ඔබ්බෙන් වර්ග කිලෝමීටර් 30,000 ක ප්‍රදේශයක තෙල් සම්පත් බැරල් මිලියනයකට වඩා ඇති බව ශ්‍රී ලංකා රජය ඇස්තමේන්තු කරයි. ශ්‍රී ලංකාව ඛනිජ තෙල් ගවේෂණ සඳහා ජාත්‍යන්තර බලපත්‍ර පිරිනැමීම 2007 දී පළමු වරට පැවැත්වූ අතර, ඉන්දියානු සමාගමකට එක් ගවේෂණ බිම් කට්ටියක් පිරිනමන ලදී. 2015 දී තෙල් මිල පහත වැටුණු විට එම ඉන්දියානු සමාගම ඉවත් විය. 2019 දී, තෙල් නිෂ්පාදනය සඳහා හැකියාව අධ්‍යයනය කිරීම සඳහා ප්‍රංශ සහ නෝර්වීජියානු සමාගම් දෙකකට බිම් කට්ටි පිරිනමන ලදි. රටට අත්‍යවශ්‍ය ආයෝජන ගෙන මේ අරමුණින් විදේශීය සමාගම් සඳහා දිවයින වටා සාගර බිම් කට්ටි 900ක් සඳහා තෙල් හා ගෑස් ගවේෂණය කිරීම සඳහා වසර දෙකක බලපත්‍ර නිකුත් කිරීමට ශ්‍රී ලංකාව සූදානම් වන බව රාජ්‍ය ඛනිජ තෙල් සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සුරත් ඕවිටිගම පසුගිය බ්‍රහස්පතින්දා රොයිටර් වෙත පැවසීය. සමාගම් දෙකක් දැනටමත් දැඩි උනන්දුවක් ප්‍රකාශ කර ඇති අතර, ගවේෂණ බලපත්‍ර සඳහා සාකච්ඡා කිරීම සඳහා යෝජනා (RFPs) සඳහා ඉල්ලීම් නුදුරේදීම නිකුත් කරන බවත් ඔහු පැවසීය. පවතින සාකච්ඡා රහසිගත බැවින් සමාගම් නම් කිරීම මෙම නිල

විදේශ ශ්‍රමිකයන් ලංකාවට මුදල් එවීම වැඩිවෙලා

Image
  ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයින් 2022 දෙසැම්බර් මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 475.6ක් එවා ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසයි. 2022 නොවැම්බර් මාසයේදී විදෙස්ගත ශ්‍රමිකයෝ මෙරටට ඩොලර් මිලියන 384.4ක් එවූහ. එයට සාකේෂව 25%කට වඩා වැඩි වීමක් දෙසැම්බර් මාසයේදී සිදුවී තිබේ. කෙසේ වෙතත්, 2021 දී ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ඩොලර් බිලියන 5.49 ක් එවා ඇති අතර 2022 දී ප්‍රේෂණය කර ඇත්තේ ඩොලර් බිලියන 3.8 ක් පමණක් බව දත්ත අනාවරණය කරයි. 2022 දී ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 2021 ට වඩා සියයට 31 ක් අඩුවෙන් මුදල් ප්‍රේෂණය කර ඇති බව මහ බැංකු දත්ත අනුව පෙනී යයි. වසර මුල හරියේදී බාහිර මූල්‍ය වෙළඳපොළේදී ඩොලරයට වැඩි රුපියල් ප්‍රමාණයක් ලැබීම නිසා ද, රාජ්‍ය විරෝධී දේශපාලනඥයන් විසින් රටට ඩොලර් නොඑවන ලෙස විදේශ ශ්‍රමිකයන්ගෙන් ඉල්ලා සිටි නිසා ද විදේශ ශ්‍රමික ප්‍රේෂණ අඩු වූ අතර, උන්ඩියල් වැනි නීති විරෝධී ක්‍රම මගින් මුදල් එවීම වැඩි විය. විදේශ ශ්‍රමික ප්‍රේෂණ සාමාන්‍ය තත්වයට පත්වීම ආර්ථික හා දේශපාලනික ස්ථාවර වීමේ ලක්ෂණයකි. ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ ශ්‍රී ලංකාවට විදේශ ආදායම් ලැබෙන ප්‍රධාන මූලාශ්‍රයකි. Adapted

සිංහල බෞද්ධ ගොවිගම ප්‍රවෘත්ති විග්‍රහය – 1

Image
  අජිත් පැරකුම් ජයසිංහ මෙය කුලය පදනම් කරගත් දේශපාලන විග්‍රහයකි. එසේ නොමැතිව කුලවාදී විග්‍රහයක් නොවේ. දේශපාලනයේ යටිතලයේ පවතින, උඩු තලයේ ක්‍රියාකාරීත්වයට දැඩි බලපෑමක් කරන කුල ප්‍රවණතාව බොහෝ අය හඳුනාගන්නේ නැත. වර්තමාන ශ්‍රී ලංකාව හොඳ නරක සියල්ල සමගින් මේ විදියට නිර්මාණය කිරීමට නායකත්වය දුන් ප්‍රමුඛ සමාජ බලවේගය සිංහල බෞද්ධ ගොවිගම ප්‍රජාවයි. එය මේ රටේ ජනගහනයෙන් 50%කට වැඩිය. ‘අරගලය’ විග්‍රහ කිරීමේදී මෙම සිංහල බෞද්ධ ගොවිගම නායකත්වයට එරෙහි සකලවිධ ජාති, කුල, ආගම් මෙන්ම පිරිමින්ට එරෙහි ලිංගික සුළුතරයන්ගේ ඒකාබද්ධ සාමූහික ප්‍රහාරයක් දැකිය හැකිය. එය එල්ල වන මෙම මොහොත සිංහල බෞද්ධ ගොවිගම නායකත්වය දැඩි ලෙස දුර්වල වී සිටින මොහොතකි. එසේම, විරුද්ධ බලවේග ඇමරිකාව ප්‍රමුඛ බටහිර ආර්ථික හා වෙනත් ආධාරවලින් ශක්තිමත්ම වී සිටින මොහොත ද මෙයයි. ‘අරගලය’ අවසන් වී නැත. එය අලුත් වටයකින් එළිදකිමින් තිබේ. වසන්ත මුදලිගේගේ වෛවර්ණ ‘නළු’ පෝස්ටරයක් රට පුරා අලවා ඇත. විශ්වවිද්‍යාල සිසුන්ට කන්න සල්ලි නැති බව කියැවේ. එහෙත්, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයට එකක් රු. 100ක් පමණ වන, මැදපු කඩදාසියේ සමතල මුද්‍රිත වෛවර්ණ පෝස්ටර් ද

පාස්කු ප්‍රහාරයේ මහමොළකරු

Image
  අජිත් පැරකුම් ජයසිංහ මුස්ලිම් සමාජයට සහරාන් කෙනෙකු හදන්නට තරම් සහ ක්‍රිස්තියානින්ට පහර දෙන්නට තරම් සාධාරණ හේතු තිබුණේ නැත. මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩත්වයක් ලාංකීය සමාජයේ පැවතියද එය පාස්කු ප්‍රහාර වැනි ආන්තික ප්‍රචණ්ඩත්වයකට යොමුවීමට තරම් මට්ටමක තිබුණේ නැත. බොහෝ සමාජවල ආගමික අන්තවාදය තිබේ. එහෙත්, ආගමික අන්තවාදයේ වඩාත්ම පහසුවෙන් ඇවිළෙනසුලු ගිනි පුළිඟු ඇත්තේ මුස්ලිම් සමාජයේ විය හැකිය. එහෙයින් පසුගිය කාලයේ ප්‍රවර්ධනය කරන ලද අන්තවාදය සම්බන්ධයෙන් සමස්ත මුස්ලිම් සමාජය වගකිව යුතුය. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වඩාත්ම නිවැරදි ප්‍රකාශය ඉන් පසු එවකට ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු විසින් කරන ලදැයි මම සිතමි. එනම්, ගහන බව දැනගෙන සිටියත්, මෙවැනි ප්‍රහාරයක් එල්ල කරනු ඇතැයි නොසිතූ බවයි. ඇත්තෙන්ම, එවැනි ප්‍රහාරයක් එල්ල කරනු ඇතැයි කලින් අනුමාන කළ කිසිවෙකු සිටිත්ද? මෙතැනදී ‘එවැනි ප්‍රහාරයක්‘ යන වචනය අවධාරණය කළ යුතුය. ප්‍රහාරයක් ගල් ගැසීමේ සිට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් දක්වා ඕනෑම එකක් විය හැකිය. මෙහි තිබුණේ විය හැකි ආන්තිකම දෙයයි. එසේම, ප්‍රහාරවල උන්මත්තක ස්වභාවය අනුව ඕනෑම ක්‍රිස්තියානි පල්ලියක් ඉලක්ක ව