Posts

Showing posts from December, 2020

පසුපසින් එන නුඹ

Image
  December 24, 2020   admin   Literature   Poems අජිත් පැරකුම් ජයසිංහ ඇයි මේ නුඹ යන හැමතැන මා පසුපස  එන්නෙ මෙහෙම? නුඹ කවුරුද? මට සතුරුද? රැකවලෙක්ද? මමිතුරෙක්ද? නැතිනම් මා කරන කියන සිතනා දේ  ගැනම සොයන ඔත්තුකාර හාදයෙක්ද? රාජකාරි කාටද නුඹ? යන යන තැන නුඹ ඇවිදින්  මුල්ලක සිට බලාඉඳියි මට තනි නැහැ ඇයි නුඹ මේ? මා හැර ඇයි  යන්න බැරිද? අතීතයේ ලිපිගොනුවල අනාගතේ  වළා අතර ඔබ මොනවද ඔය ලියන්නෙ? ඒ අකුරුද හද ගැහෙන්නෙ? හැමතැනකම ඔබ සිටියා නොදුටු විලස මා සිටියා ඔබ නොසැලී එහි සිටියා මාත් මෙහෙම මෙහි සිටියා හොඳයි මිතුර ඔව්, මමිතුර කියන්න මට කළ යුතු දෙය මා හරි නම් ඔබේ තඹය* මට පෙනෙන්න අප් කරන්න** වැරදියි නම් තොල අඹරා හිස සලන්න රණ්ඩු වෙන්න * සහ ** thumb up හෙවත් අතේ මහපටැඟිල්ල ඔසවා අනුමත කිරීම Adapted from praja.lk

හෙල්පිං හම්බන්තොට සිට බේබි-81 දක්වා සුනාමි වංචා

Image
  December 26, 2020   admin   Disaster   Governance   Politics සුනාමි ගැන දේශපාලන කතා අතරින් හොඳ ම කතාව ‘හෙල්පිං හම්බන්තොට’ කතාවයි. මෙම ලිපියේ මුලදී හෙල්පිං හම්බන්තොට ගැන විස්තර කරනමුත්, සුනාමි වංචා හෙල්පිං හම්බන්තොටට සීමා නොවුණු බව අපි පැහැදිලිවම කියන්නෙමු. ඒ පිළිබඳ ලිපියේ අගහරියේ දැක්වේ. සුනාමිය සමයේ ශ්‍රී ලංකාවේ අගමැති වූ මහින්ද රාජපක්ෂ‍ ජාතික සහන අරමුදලට ජාත්‍යන්තර ආධාරකරුවන් විසින් එවන ලද මුදල් පෞද්ගලික ගිනුමකට බැර කිරීමෙන් රු. අට කෝටි තිස් ලක්ෂයක් පිළිබඳ විශ්වාසය කඩ වුණේ ය යන පදනම මත එකල රහස් පොලිසිය විසින් පරීක්ෂණයක් ආරම්භ කරන ලද අතර එකල අග්‍රාමාත්‍ය ලේකම් වූ ලලිත් වීරතුංගගෙන් පැය පහක් ප්‍රශ්න කරන ලදී. මෙම පරීක්ෂණය ඔස්සේ සිය මානව හිමිකම් කඩ වන්නේ යයි රාජපක්ෂ අගමැතිවරයා විසින් ඉදිරිපත් කරන ලද පෙත්සමක් අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එම පරීක්ෂණය අත්හිටුවන ලදී. එකල අග්‍ර විනිශ්චයකාරයා නම් සරත් නන්ද සිල්වා ය.  දේශපාලන බලපෑමක් මත පොලිසිය එම නඩුව පැවරීමට උත්සාහ කළ බව කියමින් මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයා ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් නඩුව පිළිගත් අගවිනිසුරු සරත් නන්ද සිල්වා ප්‍රමුඛ ශ්‍

කොමියුනිස්ට් පක්ෂ තුළ මිනිස් සම්බන්ධකම් ගැන චිත්‍රපටියක්

Image
  December 25, 2020   admin   Art   Cinema අජිත් පැරකුම් ජයසිංහ Within the Whirlwind (සුළිසුළඟ ඇතුළත) කියන්නෙ Marleen Gorris විසින් අධ්‍යක්ෂණය කරන ලද, 2009දී එළිදක්වන ලද චිත්‍රපටයක්. එයට පදනම් වුණේ Evgenia Ginzburg විසින් 1967දී පළකරන ලද ඇගේම ජීවන අත්දැකීම්. 1934දී රුසියානු කොමියුනිස්ට් පක්ෂයේ නායකයකු වූ සර්ජි කිරොව් ඝාතනයට ලක්වීමෙන් අනතුරුව 1936-38 සමයේ රුසියානු කොමියුනිස්ට් පක්ෂයේ නායක ජෝසප් ස්ටාලින්ගේ මෙහෙයවීමෙන් දියත් කරන ලද මහා මර්දනය යනු වෙනම කතා කළ යුතු විෂයයක්. එහිදී සුළුතර ජාතීන්, බුද්ධිමතුන් ඇතුළු විවිධ සමාජ කොටස් වෙත ඉතා තිරශ්චීන මර්දනයක් දියත් කළා. මිලියනයක් පමණ ජනයා මරාදැමූ බව වාර්තා වෙනවා. එයට හේතු මොනවාද යන්න අතිශය සංකීර්ණයි. කෙසේ වෙතත්, මේ සංහාරය ස්ටාලින්ගේ උන්මාදයකින් පැනනැගුණු එකක් වුණත්, එය සමස්ත පක්ෂ දේහය පුරාම පැතිරුණු එකක්. එයට වගකිවයුතු විශාල පිරිසක් ඉන්නවා. ඒ වගකිවයුතු අයත් ඇතැම් විට ඒ සංහාරයේ ගොදුරු බවට පත්වෙනවා. මේ මර්දනය කොමියුනිස්ට් පක්ෂය තුළමත් දරුණු ලෙස සිදුවෙනවා. එව්ජීනියා ගින්ස්බර්ග් කොමියුනිස්ට් පක්ෂයේ ද ක්‍රියාකාරිනියක වන, කසාන් විශ්වවිද්‍යාලයේ සාහිත්‍

අලුත් දේශපාලන මුලපිරුම් සඳහා කාලයක්

Image
  December 22, 2020   admin   Politics අජිත් පැරකුම් ජයසිංහ මෙය අලුත් දේශපාලන මුලපිරුම් පිළිබඳ සිතන්නට කාලයකි. පරණ වැඩ ශෛලීන් වෙනස් කරගෙන අලුත් අනාගතයකට සූදානම් විය යුතු කාලයකි. ශ්‍රී ලංකාව පතුලක් නොපෙනෙන අගාධයක පහළට සතුටින් හැල්මේ යමින් සිටියි. දේශපාලනික වශයෙන් අඳබාල නායකත්වයක් හා සීමිත සහචර පිරිසක් ඉදිරියෙන් යති. ඔවුන්ගේ අදහස් පළකිරීම් හා ඔවුන්ගේ මාධ්‍ය විසින් පසුපසින් එන ජනතාවගේ දෑස් මිථ්‍යාවෙන් අන්ධ කර තිබේ. නලින් ද සිල්වා වැනි ඊනියා න්‍යායාචාර්යවරුන්ට මෙම පාලක කල්ලියේ සමීප සහචරයන් වීමට අවස්ථාව ලැබී නැතිමුත්, ඔවුන්ගේ මුග්ධ, නාස්තිකවාදී, වඳ මතවාදය වර්තමාන පාලනයේ දෘෂ්ටිවාදය වී තිබේ. ඉදිරි කාලයේදී ලංකාව හමුවේ අභියෝග රැසක් තිබේ. රාජ්‍ය හා ජාතික ආදායම් බිඳවැටීම, ණය ගෙවාගැනීමට නොහැකි වීම, ණය ගැනීමට නොහැකි වීම, ජීඑස්පී ප්ලස් වැනි සහන අහිමි වීම, චීනය විසින් ලංකාවේ මහජන දේපල අත්පත් කරගැනීම, ජිනීවා මානව හිමිකම් ගැටලු, හරක් ඇමතිවරුන්ගේ මරිවැඩ, රාජ්‍ය සේවයේ අකාර්යක්ෂමතාව, පෞද්ගලික අංශයේ බිඳවැටීම්, බැංකු කඩාවැටීම්, උද්ධමනය, විරැකියාව, කොරෝනා, දූෂණය ආදී වශයෙන් වන එම ලැයිස්තුවේ අවසානයක් නැත. එහෙත

මයික් කඩා අත කපාගත් දිලුම් පොල්ලක් ගෙන මෝටර් ප්‍රවාහන වළං කඩේට පනියි

Image
  December 19, 2020   admin   Governance වත්මන් ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව විසින් සුද්දකිරීම සඳහා අතගසා තිබෙන ප්‍රමුඛතම ආයතනය මෝටර් ප්‍රවාහන දෙපාර්තමේන්තුවයි. එය දූෂිත ආයතනයක් බව ආණ්ඩුවේ අදහසයි. මීට වසරකට පමණ පෙර, මම මගේ රියදුරු බලපත්‍රය අවම කරවා ගැනීම සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ රස්තියාදු වුණෙමි. ( එම ලිපිය මෙතැනින් ) එය එතරම් විශාල රස්තියාදුවක් නොවේ. සාමාන්‍යයෙන් රජයේ සේවක සේවිකාවන් මහජනතාව සමග කටයුතු කිරීමේදී දක්වන මූසල ප්‍රතිචාර හැර විශාල අකාර්යක්ෂමතාවක් එහි තිබුණේ නැත. සාමාන්‍ය රස්තියාදුවට අකැමැති පිරිස්වලට හොර පාරෙන් කටයුතු කරගතහැකි පහසුකම් සපයන බාහිර පුද්ගලයන් ඒ අවට ගැවසෙන බව සත්‍යයකි. ඔවුහු යම් මුදලක් ලබාගෙන ඔබේ කටයුතු පහසුවෙන් කරදෙන බව කියති. ඇතුළේ සිටින නිලධාරීන් ඔවුන් සමග සම්බන්ධ බවට සැක කළ හැකිය. 2019 වසරේ දෙසැම්බර් 26 දින ජනාධිපතිවරයා මෝටර් ප්‍රවාහන දෙපාර්තමේන්තුවට කඩාපැන නිරීක්ෂණයක් සිදු කළේය. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දූෂිත යයි කියන නිලධාරීන් 600ක් මාරු කර ඇති බව ද ඔවුන් මාරු කළේ බුද්ධි අංශ නිලධාරීන් යොදවා විමර්ශනය කිරීමෙන් පසුව බව ද ප්‍රවාහන රාජ්‍ය ඇමති දි

ගොන්කම්වල මිල ගෙවන කාලය

Image
  December 18, 2020   admin   Politics   Uncategorized අජිත් පැරකුම් ජයසිංහ ශ්‍රී ලංකාවේ මේ වන විට ආණ්ඩුවක් තිබේද යන්න පැහැදිලිව පෙනෙන්නේ නැත. රජය යම් ආකාරයකට පුරුද්දට මෙන් ක්‍රියාකාරී වෙමින් තිබේ. ආණ්ඩුව ලෙස සැලකිය හැකි ජනාධිපති හා ඔහුගේ හිතවත් දේශපාලකයන් හා නිලධාරීන් ද, කැබිනට් මණ්ඩලයේ ඇමතිවරු ද, පොලිසිය හා හමුදාව ආදිය ද, සෞඛ්‍ය අංශය ද වෙන වෙනම, තනි තනිව ක්‍රියාත්මක වේ. මධ්‍යගත මෙහෙයවීමක් තිබෙන බවක් නොපෙනේ. පෞද්ගලික අංශය කෙසේ හෝ තම ව්‍යාපාර කරගෙන යන නිසාත්, වෙළඳපොල නිසාත් රට දුවයි. එහෙත්, කෙතරම් කලකටද යන්න සැක සහිතය. රජය පවත්වාගෙන යන්නට නම්, ගත් ණය ගෙවන්නට ණය ගත යුතුය. ණය ගන්නට නම් ආර්ථිකය ණය ගත හැකි අන්දමින් කළමනාකරණය කරගත යුතුය. විදේශ සංචිත වැය කර ණය ගෙවා දැමූ විට සිදුවන්නේ අනාගත ණය ගෙවීමේ හැකියාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සැකයට භාජනය වීමයි. ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන වන ෆිච්, ස්ටෑන්ඩඩ් ඇන් පුවර් වැනි ආයතන විසින් ශ්‍රී ලංකාව ණය ආපසු ගෙවීමේ දුෂ්කරතාවක් තිබෙන රටක් ලෙස නම් කරන්නේ ඒ නිසාය. ඒකට මෙරට දේශපාලකයන් හා නිලධාරීන් ඒ ආයතනවලට බැනලා වැඩක් නැත. ඔවුන් සේවා සපයන්නේ ණය දෙන්නන්

ධම්මික පැණිය හා පැණි දේශපාලනය

Image
  December 17, 2020   admin   Politics අජිත් පැරකුම් ජයසිංහ – පැරාගේ විරාමය, ලංකා පුවත්පත – 2020-12-17 විද්‍යාවට අනුව නම්, වයිරස් රෝගයකට ප්‍රතිකාරයක් හෝ නිවාරණ එන්නතක් හෝ සොයාගැනීම අතිශය දුෂ්කරයි. විද්‍යාව බටහිර දෘෂ්ටිවාදයකැයි අවශ්‍ය නම් තර්ක කර ඔප්පු කරන්නට පුළුවන. දේශීය ජාතික චින්තනයක් ඒ වෙනුවෙන් ලංකාවේ තිබෙනවා. ඒකත් බටහිර දර්ශනයන්ගෙන් බිඳගත් එකක් බවට තර්ක කරන්න පුළුවන්. ඒක වෙනම කාරණයක්. මේ වන විට, ශ්‍රී ලංකාවේ සිංහල සමාජයේ පමණක් නොව, රාජ්‍යයේ ද අධිපති මතවාදය මෙම ජාතික චින්තනයයි. මහින්ද චින්තනය කියන පාඨය සකසාගත්තේ මෙම ජාතික චින්තනයෙනුයි. වර්තමානයේදී එය ගෝඨාභයගේ මිලිටරි චින්තනයෙන් සෞභාග්‍යයේ දැක්ම ලෙස අච්චාරු දමා තිබෙනවා. එහෙත්, වර්තමාන ආණ්ඩුවේ මූලික චින්තනය ජාතික චින්තනය තමයි. ආණ්ඩුවේ න්‍යායාචාර්යවරයා මහාචාර්ය ජී.එල්. පීරිස් හෝ මහාචාර්ය චරිත හේරත් වැනි අයෙකු නොවෙයි. මහාචාර්ය නලින් ද සිල්වාම තමයි. මහාචාර්ය පට්ටම් ද බටහිර සංකල්පයක් නිසා ඒවාට ඔවුන් ගරු කරන්නේ නැහැ. ඒ නිසා අපිත් ඒවා ඔවුන් වෙනුවෙන් ව්‍යවහාර කරන එක තේරුමක් නැහැ. ජාතික චින්තනය කියන්නේ තර්ක කිරීමේ ආකාරයක් මිස, ප්‍රායෝගිකව සම

චම්පකය

Image
  December 16, 2020   admin   Opinion   Politics අජිත් පැරකුම් ජයසිංහ චම්පික යන නම නලින් ද සිල්වා වහරන්නේ චම්පක ලෙසය. ඇත්තෙන්ම, චම්පික කියා වචනයක් සිංහල භාෂාවේ නැත. චම්පක යන වචනයෙහි තේරුම සපු ගස යන්නයි. පාටලී හා පලොල් කියන්නේද එයටමය. චම්පික යන වචනය සකසාගෙන තිබෙන්නේ චම්පක ඇසුරෙනි. සපු ගසෙන් පිපිණු මලක් නිසා චම්පික නූතන සපුමල් කුමාරයකු ලෙස සැලකිය හැකිය. නිල තුරඟුට නැඟෙමින් රිවි දෙව් සිරින දුල කැරැ සේසත් මිණි බරණ කිරණින බලපිරි සෙන් සහ යාපා පටුන් ගෙන බල සේනානායක සපු කුමරු එන සැලලිහිණි සංදේශයේ එන මෙම කවියෙන් ද කියවෙන්නේ සපුමල් කුමාරයා ගැනයි. මලයාලි සම්භවයක් සහිත සෙම්බගප්පෙරුමාල් නම් වන මෙම සෙනෙවියා යාපා පටුන ජයගෙන ශ්‍රී ලංකාවම අවසන් වරට එක්සේසත් කළ රජු බවට පත්වීමට කෝට්ටේ රාජධානියේ හයවන පරාක්‍රමබාහු රජුට උපකාර කළේය. පසු කලෙක හයවන බුවනෙකබාහු ලෙස රජ විය. 1983න් පසු ශ්‍රී ලංකාව නැවත යුදමය වශයෙන් එක්සේසත් කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂට මිලිටරි දේශපාලන සපුමල් කුමාරයා වුණේ චම්පක රණවක බව රහසක් නොවේ. එහෙත්, යුදමය වශයෙන් රටක් එක්සේසත් කරන පමණින් එම රට ජාතික වශයෙන් එක්සේසත් වන්නේ නැත. ශ්‍රී ලංකාවට සි

මුස්ලිම් අවස්ථාවාදය ජාතික දේශපාලනයෙන් දුරුවන ලකුණු

Image
  December 15, 2020   admin   Opinion   Politics සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය ද මුස්ලිම් අවස්ථාවාදී දේශපාලකයන්ගෙන් ඈත් වෙමින් පවතින බව පෙනෙන්නට තිබේ. ඉදිරියේදී මුස්ලිම් හා දෙමළ පක්ෂවල අපේක්ෂකයන්ට සමගි ජනබලවේගය යටතේ නාම යෝජනා ලබා නොදෙන බවත්, ඔවුන්ට අවශ්‍ය නම් මැතිවරණයෙන් පසු එකතු වී වැඩ කළ හැකි බවත් විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක මහනුවර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්‍ෂමන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කර තිබේ. ඔහු විසින් කරන ලද ප්‍රකාශය අතිශය වැදගත් දේශපාලන ප්‍රවණතාවකි. සමගි ජනබලවේගය යටතේ නාමයෝජනා ලබාගත් මුස්ලිම් හා දෙමළ දේශපාලන පක්ෂවල නියෝජිතයින් 20වන ව්‍යවස්ථා සංශෝධනයේදී විශාල පාවාදීමක් කළ බවත්, වෙනත් පක්ෂයක නියෝජිතයින් නිසා ඔවුන් ඉවත් කිරීම සම්බන්ධව නෛතික ගැටලූ තිබෙන බවත් කිරිඇල්ල ප්‍රකාශ කර තිබේ. කිරිඇල්ලට ද වැරදුනා වෙන්නටත් පුළුවන. මුස්ලිම් පක්ෂ නායකයන් වන රවුෆ් හකීම් හා රිෂාඞ් බදුර්දීන් 20වන ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ විය යුතු බවට ඔවුන්ගේ පක්ෂ දේශපාලන මණ්ඩලවලදී තීරණයක් ගෙන නොමැති නිසා පාවාදීම් කළ මන්ත‍්‍රීවරුන් සම්බන්ධයෙන් තීරණයක් ගැනීමේ හැකියාව ඔවුන්ටද නැති බව ඔහු පවසයි. එහෙ

ගෞරවනීය ආදාහනයකට ඇති අයිතිය ගැන සිතන්නට ප්‍රභූවරයකු කොවිඩ්-19න් මැරෙන්නට ඕනැද?

Image
  December 13, 2020   admin   Democracy   Health   Life අජිත් පැරකුම් ජයසිංහ කොවිඩ්-19 යනු ශ්‍රී ලංකාවේ තවදුරටත් දුර්ලභ තත්වයක් නොවෙයි. එය ප්‍රජාව අතර පැතිරී ඇති බවක් රජය ප්‍රකාශයට පත්කර නැතත්, රට පුරා හැමතැනින්ම රෝගීන් හමුවන බව බොරුවක් නොවෙයි. ඇතැම් රෝගීන්ට රෝගය වැළඳුණු ආකාරයත් අපැහැදිලියි. උදාහරණයක් ලෙස, පසුගිය දෙසැම්බර් 8දා ළමා රෝහලේදී මියගිය මෝදර ප්‍රදේශයෙන් රෝහල්ගත කරන ලද දින 20ක් වයසැති බිළිඳාගේ පියාට හෝ මවට හෝ කොවිඩ්-19 වැළඳී තිබුණු බවක් හෙළිදරව් වුණේ නැහැ. එම දරුවාට කොවිඩ්-19 වැළඳුණු ආකාරය තවමත් සෞඛ්‍ය බලධාරීන් විසින් රටට කියා නැහැ. මේවා පැහැදිලි කිරීම පහසුත් නැහැ. ඇත්තම කියනවා නම්, දැන් තිබෙන තත්වය අනුව, ඔය සුලමුලවල එච්චර වැදගත්කමකුත් නැහැ. මිනුවන්ගොඩ පොකුර හැදීමට මුල්වුණ බ්‍රැන්ඩික්ස් ආයතනයට කොවිඩ්-19 වයිරසය පැමිණි ආකාරයවත් සොයාගන්නට තවම සෞඛ්‍ය හෝ ආරක්ෂක අංශවලට බැරි වුණානෙ. තව මොන කතාද? දැන් ඉතින් අප කතා කළ යුතුව තිබෙන්නේ කොවිඩ්-19න් මියයන මේ රටේ පුරවැසියන්ට ගෞරවනීය ආදාහනයක් වෙනුවෙන් තිබෙන අයිතිය පිළිබඳවයි. එය තවදුරටත් මුස්ලිම් ජාතිකයන්ගේ විතරක් ප්‍රශ්නයක් නොවෙයි. මළසිරුරු පි

කොවිඩ්-19 රෝගී සිරකරුවන් පවා මරන රටක්

Image
  December 11, 2020   admin   Crime   Human Rights අජිත් පැරකුම් ජයසිංහ – පැරාගේ විරාමය, ලංකා පුවත්පත, 2020-12-13 පසුගිය නොවැම්බර් 29දා මහර බන්ධනාගාරයේදී සිදුවීමකින් රැඳවියෝ 11දෙනෙකු මියගියා. බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු 100කට වැඩි පිරිසකට තුවාල සිදුවුණා. මෙහි තිබෙන අමානුෂිකම පැතිකඩ වන්නේ මියගිය 11දෙනාගෙන් නවදෙනෙකුම කොවිඩ්-19 රෝගීන් බව සනාථ වීමයි. ඒ කියන්නේ, මරා දමා තිබෙන්නේ රෝගීන් පිරිසක්. ඔවුන් මරාදැමීමට හේතු වුණේ, රෝගී අයිතිවාසිකම් උදෙසා පැනනැගුණු අරගලයක ප්‍රතිඵලයක් ලෙස බව තමයි අපගේ නිරීක්ෂණය. මහර බන්ධනාගාරය ගැන එහි අධිකාරි ජගත් වීරසිංහ කියන පරිදි මහර බන්ධනාගාරය කියන්නෙ අපරාධ වැරදි සම්බන්ධයෙන් දෙවරකට වඩා සිරගත වන පුද්ගලයන් රඳවා තබන විශේෂ බන්ධනාගාරයට. එහි ඉඩ තියෙන්නෙ 670ක් සඳහායි. දැන් 3,000ක් පමණ රඳවා තිබෙනවා. එහි රිමාන්ඩ් අංශයක් ද තිබෙනවා. අධිකරණ 10කින් පමණ රිමාන්ඩ් කිරීම් සිදුවන්නේ මෙම බන්ධනාගාරය තුළයි. මේ අනුව බලන කල, මහර බන්ධනාගාරයේ එක් සිරකරුවෙකුට තිබෙන ඉඩ තුළ සිරකරුවන් සිව්දෙනෙකුට වඩා රඳවා තබා තිබෙනවා. මෙය තමයි ශ්‍රී ලංකාවේ බන්ධනාගාරවල සාමාන්‍ය තත්වය. දොළොස් දහසක් සිරකරු

වඩා හොඳින් සුවපත් වෙන්න – මානව හිමිකම් වෙනුවෙන් නැගීසිටින්න

Image
  December 10, 2020   admin   Human Rights   Opinion අද, දෙසැම්බර් 10දා, මානව හිමිකම් දිනයයි. මෙවර මානව හිමිකම් දිනයේ තේමාව වන්නේ “වඩා හොඳින් සුවපත් වෙන්න – මානව හිමිකම් වෙනුවෙන් නැගීසිටින්න (Recover Better – Stand Up for Human Rights)” යන්නයි. මෙවර මානව හිමිකම් දිනයේ තේමාව කොවිඩ්-19 ගෝලීය වසංගතය සමග සම්බන්ධයි. සුවපත් වීමේ හා කිරීමේ උත්සාහයන්වලදී මානව හිමිකම් තහවුරු කිරීම තමයි එහි අරමුණ. මේ තේමාව ශ්‍රී ලංකාවට ඉතා වැදගත්. ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 සම්බන්ධ ක්‍රියාමාර්ගවලට නායකත්වය දෙන්නේ සෞඛ්‍ය අංශවලට වඩා හමුදාවයි. පොලිසියත් එහිදී විශාල කාර්යභාරයක් ඉටුකරනවා. මුල්කාලයේදී ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 මර්දන උපායමාර්ගය වුණේ හැකිතරම් පරීක්ෂණ සිදුකර ආසාදිතයන් හඳුනාගැනීම නොවෙයි. ඒ වෙනුවට කළේ ආසාදිතයන් පිළිබඳ විමර්ශනය කර ආශ්‍රිතයන් හඳුනාගෙන, ඔවුන් අල්ලා නිරෝධායනයට පැටවීමෙන් හා සමාජය තුළ රෝගීන් හා ආශ්‍රිතයන් සම්බන්ධයෙන් භීතියක්, පිළිකුලක් නිර්මාණය කිරීමෙනුයි. මෙම වසංගත මෙහෙයුම මුල්කාලයේදී සාර්ථක බව පෙනුණත්, එය තිරසර නැති බව අප නම් මුල සිටම පෙන්වා දුන්නා. මේ වන විට, එය මුළුමනින්ම අසාර්ථකබව ඔප්පු වී හමාරයි.

මහර බන්ධනාගාර අධිකාරි ජගත් වීරසිංහගේ ‘විනය, ඉවසීම හා සංවේදීකම’

Image
  December 9, 2020   admin   Crime   Human Rights   News මහර බන්ධනාගාරයේ අධිකාරි ජගත් වීරසිංහ විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් සමග පවත්වනු ලබන මාධ්‍ය සම්මුඛ සාකච්ඡාවක කියන පරිදි මහර බන්ධනාගාරය කියන්නෙ අපරාධ වැරදි සම්බන්ධයෙන් දෙවරකට වඩා සිරගත වන පුද්ගලයන් රඳවා තබන විශේෂ බන්ධනාගාරයට. එහි ඉඩ තියෙන්නෙ 670ක් සඳහායි. දැන් 3,000ක් පමණ රඳවා තිබෙනවා. එහි රිමාන්ඩ් අංශයක් ද තිබෙනවා. අධිකරණ 10කින් පමණ රිමාන්ඩ් කිරීම් සිදුවන්නේ මෙම බන්ධනාගාරය තුළයි. මහර රැඳවියන්ගෙන් 65%ක් පමණ ඉන්නේ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අය බව හා ඔවුන්ගෙන් 99%ක්ම සිංහල බෞද්ධයන් බව ද මහර බන්ධනාගාරයේ අධිකාරි ජගත් වීරසිංහ පවසනවා. මත්ද්‍රව්‍යවලින් පහරදෙන්නේ සිංහල බෞද්ධ ජාතියට බවත්, එය වළක්වාගැනීමට නම්, හොඳින් හෝ නරකින් හෝ මත්ද්‍රව්‍ය පාලනය කළ යුතු බවත් ඔහු මෙම සම්මුඛ සාකච්ඡාවේදී පවසනවා. මෙම සම්මුඛ සාකච්ඡාව සිදු කළේ මාස දෙකකට පමණ පෙර බව එම සිසුන්ගෙන් විමසූ විට දැනගන්නට ලැබුණා. එම වීඩියෝවේ තේමාව ලෙස දැක්වෙන්නේ විනය, ඉවසීම හා සංවේදීකම නොමැති වීම අපරාධ වර්ධනයට හේතුවක් බවයි. අධික තදබදයකින් යුතු මහර බන්ධනාගාරය තුළ, කොවිඩ්-19 හේතුවෙන් පැවති තත

කොරෝනා නසන පැණියේ තිරය පිටුපස කතාව

Image
  December 8, 2020   admin   Health   Life එක පැත්තකින් කොරෝනා සුවකරන බව කියන පැණිය හැදූ කෑගල්ලේ ධම්මික බණ්ඩාර සොයා ගොස් ඔහුගෙන් පැණිය ලබාගැනීමට රැස්කන මිනිසුන්ය. අනෙක් පැත්තෙන් එම පැණියේ විද්‍යාත්මකබව, එහි සාර්ථකත්වය පරීක්ෂා කළ ක්‍රමවේදය, එහි ප්‍රතිඵලවල සත්‍ය අසත්‍යභාවය හා එය හැදූ පුද්ගලයාගේ සුදුසුකම් ප්‍රශ්න කරන පුද්ගලයෝය. ශ්‍රී ලංකාව මෙසේ දෙකට බෙදී ඇත. මෙම බෙදුම්කඩනය 2019 ජනාධිපතිවරණයේදී බයි ටොයි වශයෙන් සිදු වූ විභේදනයට වෙනස් එකකි. විද්‍යාව විශ්වාස කරන බයියෝ පවා පැණියට විරුද්ධය. ඒ අතර පැණිය විශ්වාස කරන ටොයියෝ ද වෙති. මේ පැණි සීන් එක පිටුපසින් මහා ඉතිහාස කතාවක් තිබේ. එසේම, ගැඹුරු දාර්ශනික කතිකාවක් ද තිබේ. ඉතිහාස කතාව නම්, බටහිර වෛද්‍ය ශාස්ත්‍රය ලොව පුරා පැවති විවිධ වෛද්‍ය ශාස්ත්‍රයන් අභිභවා ඉදිරියට පැමිණීමේ කතාවයි. එම සාර්ථකත්වය පසුබිමේ වූයේ බටහිර විද්‍යාවේ දියුණුවයි. ලෝකයේ සෙසු වෛද්‍ය ශාස්ත්‍රයන් පිළිබඳ අප දන්නේ නැත. එහෙත්, ශ්‍රී ලංකාවේ තිබෙන වෛද්‍ය ශාස්ත්‍රයන් පිළිබඳ අපට යම් අවබෝධයක් තිබේ. ඒ කිසිවක් බටහිර විද්‍යාවට ළංවන්නේ නැත. ඒ හැම එකක් සමගම යන්ත්‍ර, මන්ත්‍ර, ගුරුකම්, නිමිති, කෙ

1978 සුළිසුළඟෙ අතුරු කතාවක්

Image
  December 2, 2020   admin   Life අජිත් පැරකුම් ජයසිංහ 1978 සුළිසුළඟ අපට එතරම් බලපෑවෙ නැහැ. ඒ ගැන තියෙන්නෙ පත්තරවල කියවූ, රේඩියෝ ප්‍රවෘත්තිවලට ඇසූ හා පස්සෙ කාලෙක සුළිසුළඟෙන් විපතට පත් මිනිසුන්ගෙන් අහපු කතා මතකය විතරයි. ඊට අමතරව, ඇන්ටන් ජෝන්ස්ගෙ ‘මඩකලපුව අම්පාර පොළොන්නරුව සමන්තුරෙ’ සිංදුව මතකයි. ඒ පැතිවල සුළිසුළඟින් අවතැන් වුණ මිනිසුන් ඉන් පසුව යුද්ධෙනුත් අවතැන් වුණා. ඒ කාලෙ වගේ නෙමෙයි දැන්. සැඩසුළං හමනකොට ගස් වැටෙන වගේ ඒවට අපි දැන් පට්ට බයයි. ඒ නිසා අද අපි නිදාගන්නෙ ගෙදර කොංක්‍රීට් තට්ටුව යට තියෙන සාලෙ මෙට්ට දාගෙන. ගස් කඩාවැටුණත්, වහලවල් ගහගෙන ගියත්, පණහරි බේරගන්න පුළුවන් වෙයි. මං අල්ලපු ගෙදර ඉන්න අම්මවයි තාත්තවයිත් ගෙන්නගෙන පහළ කාමරේක නිදිකෙරෙව්වා. හීනියට අඩියකුත් ගැහුවා. කිසිම හුළඟක් නැහැ. පරිසරය ගල්හැහිලා වගේ. ඒ එක්ක පරණ සිද්ධියක් මතක් වුණා. 1978 සුළිසුළඟ වෙලාවෙ මං හිටියෙ අටේ පන්තියෙ. ඒ සුළිසුළඟ අපේ ගම් පැත්තට වැඩියෙන්ම බලපාපු දවසෙත්, මං ඉස්කෝලෙ ඇරිලා බස්සෙකේ ගෙදර ඇවිත්, තාත්තගෙ ෆ්ලයිං පිජන් බයිසිකලෙන් කිලෝමීටර් තුනක් විතර ඈත තිබුණ පන්තියකට ගියා. යද්දිත් හුළඟ තිබුණා. එද්දි තිබුණ හුළ