බිල්ලන් මවා රැවටෙන රතු කමිස දේශපාලනය
![Image](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi8ERx2JyNNp8qz7vW9GpdH6kA_qTkeVnBPOafSs-PUD1p9zHNIcdHvHUGov_HjcZCwurUiO13S_LfM9LqIl3gfTKhHJ8sVHVqyLGJGEWZ0XimqWpIljJWgKIl9YFhfDnicP89vm-y6DqoZmaObZWtujhcV9qjSjCPK-VkCgwNGjUB-7whwgc3HofuGdQ/s320/che-t-shirt.webp)
සී ජේ අමරතුංග ආර්ථික ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් විවිධාකාර බිල්ලන් මැවීම මේ මොහොතේ ජයට ම සිදුවෙමින් පවතින බව පෙනෙන්නට තිබේ. ‘රටේ ජාතික ආරක්ෂාවට, ස්වෛරීභාවයට තර්ජන එල්ල වන්නේය’ කීමේ සිට කොළඹට ජලය නැති වීම, කෘෂිකර්මයට ජලය නැති වීම, විදේශ විනිමය රටට ලැබෙනවාට වඩා පිටට ගලායාම ආදී මෙකී, නොකී ආකාරයෙන් මෙම බිල්ලන් මැවීම සිදුවෙමින් පවතියි. මෙම විවිධාකාර බිල්ලන් පිළිබදව කතා කිරීම හෝ ඒවායේ බොළඳ බව පෙන්වා දීම හෝ මෙම ලිපියේ අරමුණ නොවේ. ඒ වෙනුවට මෙම කෙටි ලිපිය මගින් පෙන්වා දෙන්නට උත්සහ දරන්නේ අතීතයේ සිට මෙරට ජනතාවට මෙබඳු බිල්ලන් මැවීමේ දේශපාලන ඉතිහාසය කෙටියෙන් මතක් කර දීමත්, බිල්ලන් මැවීම දේශපාලන අවියක් ලෙස භාවිතා වන ආකාරය ගැන පෙන්වා දීමත් ය. බොහෝ විට බිල්ලන් මැවීම සිදු වී ඇත්තේ රටට අලුත් දේ හඳුන්වා දීමට එරෙහිව බව පෙනෙන්නට තිබේ. එනම් , බොහෝ විට, නව සංවර්ධන කටයුතුවලදී ය. මෙරට දුම්රිය මාර්ග ඉදිකොට සංවර්ධනය කරන්නට යන විට එයට විරෝධතා එල්ල වූ බව කියති. දුම්රිය මාර්ග මගින් ගම දෙකට බෙදීම, භයානක වාහනයකින් ඇතිවන අනතුරු ආදී වශයෙන් එම විරෝධතා එල්ල වූ බව වාර්තා වී ඇත. තවත් එබඳු බිල්ලන් මැවීමක් සිදුව ඇත්තේ ගොවි ජ