Posts

Showing posts from June, 2021

සිංහල යුනිකෝඩ් අකුරු ඔබේ ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථනයට

Image
  මෙතනදී අප ඔබට උපදෙස් දෙන්නේ ලංකාවේ බොහෝ දෙනා භාවිතා කරනු ලබන ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයක සිංහල අක්ෂර ස්ථාපනය කරගන්නා ආකාරය පිළිබඳවයි. එහිදී අප උපයෝගී කරගන්නේ හෙළකුරු ඇප් එකයි. හෙළකුරු ඇප් එක සංවර්ධනය කරන ලද භාෂා ආයතනයේ වෙබ් අඩවිය  මෙතැනින්  පිවිස බලන්න. පළමු පියවර: ඔබේ ජංගම දුරකථනයේ ගූගල් ප්ලේ ස්ටෝර් එක වෙත පිවිසෙන්න. ඉහළ තීරයේ මෙසේ ටයිප් කරන්න. දැන් හෙළකුරු තෝරා පහත දැක්වෙන පරිදි ඉන්ස්ටෝල් බොත්තම ක්ලික් කර එය පිහිටුවාගන්න. දැන් ඕපන් බොත්තම ඔබන්න. දැන් ඉදිරියට යන්න ඔබන්න. සක්‍රිය කරන්න. හෙළකුරු ඉදිරියේ ඇති ස්විචය ඔන් කරන්න. එය කොළ පාට වේ. (අවසන් නැහැ. තව පහළට යන්න) පහත දැක්වෙන ආකාරයේ පණිවුඩ එයි. ඒ ගැන කලබල වන්නට එපා. ඕකේ කරන්න. ක්‍රෙඩිට් කාඩ් තොරතුරු ආදිය ජංගම දුරකථනයේ සේව් කර තබන්න එපා. දැන් මාරුවෙන්න බොත්තම ඔබන්න. ඔබ දැන් හෙළකුරු යතුරු පුවරුව වෙත මාරු විය යුතුයි. මේ රූපයේ දැක්වෙන්නේ සැම්සුන් යතුරු පුවරුව භාවිතා කරන බවයි. ඒ යතුරු පුවරුව තමයි ඔබ කලින් රූපවලදී දැක්කේ. යතුරු පුවරුව මාරු කරගත් පසු ෆේස්බුක් හෝ වෙනත් ඕනෑම යතුරුලියනය කළ හැකි තැනක් ස්පර්ශ කර යතුරු පුවරුව අරගන්න. සිං යනුවෙන් දැක්

පොහොර දෙනු! සහනාධාර නොදෙනු!

Image
  June 27, 2021   admin   Agriculture   Politics මේ රටේ දැනටත් පොහොර සඟවාගෙන තිබෙනවා විය හැකිය. ඒ වනාහි පෞද්ගලික අංශය විසින් රජයට වැඩි මිලට විකිණීම සඳහා ආනයනය කරන ලද පොහොර තොග වේ. පොහොර සහනාධාරය ලබාදීම සඳහා රජය පෞද්ගලික ආනයනකරුවන්ගෙන් මිලදීගත් පොහොර වෙනුවෙන් රු. බිලියන 30ක ණයක් ඇති බව වාර්තා වේ. රු. 3,500ක් පමණ වන පොහොර මිටියක් රජය වී ගොවීන්ට ලබාදෙන්නේ නිකම්මය. සෙසු වගාකරුවන්ට දෙන්නේ රු. 2,000ටය. ඉතිරිය රජය ආනයනකරුවන්ට ලබාදිය යුතුය. විවෘත වෙළඳපොලේ නියාමනය නොකරන ලද මිලකට හෝ රු. 3,500ක් 4,000ක් වැනි නියාමනය කරන ලද මිලකට පොහොර විකිණිය හැකි නම් පෞද්ගලික අංශය වෙළඳපොළට පොහොර නිකුත් කරනු ඇත. වානිජ වශයෙන් ලාභදායී එළවළු, තේ වැනි වගාවන් සඳහා ගොවීහු ඒ මිලට පොහොර යොදන්නට කැමැත්තක් දක්වති. එළවළු වැනි ඇතැම් කෘෂි නිෂ්පාදන මිල වෙළඳපොළ තත්වයන් මත රඳාපවතින නිසා ගොවීන්ට ලාභ ලැබීමේ හැකියාවක් තිබේ. එවැනි ගොවීන්ට වෙළඳපොළෙන් හෝ පොහොර මිලදී ගන්නට නිදහස තිබිය යුතුය. ආණ්ඩුවේ කාබනික පොහොර ගොවීන් මත බලෙන් පටවන්නට යාම මෙරට කෘෂිකර්මාන්තයේ විනාශයට හේතු වනු ඇත. කාබනික පොහොර ප්‍රවර්ධනය කිරීම සඳහා ආණ්ඩුව කියන වස විස කත

දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලැබුණේ හරි පාරෙන්ද?

Image
  June 24, 2021   admin   Crime   Law දුමින්ද සිල්වාට ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34(1) වගන්තියෙන් තමන්ට හිමිවන බලතල ප්‍රකාරව සමාවක් ප්‍රදානය කර තිබේ. භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු තවත් අය ඝාතනය කරන ලද ගැටුමෙහිදී දුමින්ද සිල්වාට ද බරපතල තුවාල සිදුවූ බව බොරුවක් නොවේ. කෙසේ වෙතත්, ඔහුට මරණ දඬුවම හිමි වූ නඩු තීන්දුවෙන් නීති විරෝධී රැස්වීම් හා මිනීමැරීම ඔප්පු වී තිබෙන නිසාත්, අග විනිසුරු ප්‍රියසාත් ඩෙප් ප්‍රධාන ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලයක් විසින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලේ තීන්දුව අනුමත කළ නිසාත් දුමින්ද සිල්වා සැකයකින් තොරව වරදකරු වී තිබේ. දුමින්ද සිල්වා හා ඔහුගේ පවුලේ අය නීතියෙන් ගැලවීමේ දුෂ්කර මාර්ගය ගැන බලාපොරොත්තු තබා ගත හැක්කේ රාජපක්ෂ පවුල යළි බලයට පත් කර ගැනීම තුළ ය. හිරු රූපවාහිනිය හරහාත්, වෙනත් අප නොදන්නා මාර්ගවලිනුත් වත්මන් පාලනය සමග පැවැත්වූ ආචාරධාර්මික නොවන සම්බන්ධතා හරහා දුමින්ද සිල්වාට ජනාධිපති සමාවක් ලබාගැනීමට සිල්වා පවුල සමත් වී තිබේ. සිරගත වීම කෙතරම් කණගාටුදායක ඉරණමක් ද යන්න දන්නේ සිරගත වූවෝ පමණි. අධිකරණයෙන් මරණීය දණ්ඩනයට ලක් වීම යනු පහසුවෙන් ලිහා

තෙල් මිලට සමාජවාදී විසඳුම

Image
  June 23, 2021   admin   Economy   Politics අජිත් පැරකුම් ජයසිංහ ආණ්ඩුව තෙල් මිල වැඩිකිරීම සමාජයේ දැවැන්ත විරෝධයකට හේතු වී තිබේ. මේ අතර ආණ්ඩුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ශ්වය උත්සාහ කරමින් සිටින්නේ එහි වරද ඇමති උදය ගම්මන්පිල මත පටවා අත සෝදාගැනීමටයි. මේ අතර ගෑස් මිල ඉහළ නැංවීමේ අවදානමක් ද මතු වී තිබේ. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට 99.94%ක කොටස් හිමි ලිට්රෝ ගෑස් ලංකා ලිමිටඩ් සහ 100% කොටස් හිමි ලිට්රෝ ටර්මිනල් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයන් මේ වන විට අධික පාඩු ලබයි. වෙළඳපොළෙන් 73% කට වැඩි වෙළඳපොළ කොටසක් හිමි ලිට්රෝ සමාගම මේ වන විටත්, ගෑස් සිලින්ඩරයේ බර අඩු කරමින් වංචනික ලෙස ගෑස් මිල වැඩි කර ඇත. තෙල් ආනයනය කර විකිණීමෙන් ලංකාවේ රජයට අයත් ආයතන දැවැන්ත පාඩුවක් ලබන්නේ ඇයි? 2020 වසරේදී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රුපියල් බිලියන 18ක් පාඩු ලැබූ බව සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ පසුගිය දෙසැම්බර් මාසයේදී මව්බිම පුවත්පතට පැවසීය. ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව පාඩු ලැබීමට හේතු ලෙස සඳහන් වන්නේ කොළඹ වරායේ තෙල් ගොඩබාන බෝයාවේ සිට කොළොන්නාව ගබඩා සංකීර්ණයට ඉන්ධන පොම්ප කරන නළ පද්ධතිය අබලන් වීම නිසා සිදුවන

පුළුවන් නම් මරල පෙන්නන්න බලන්න රාළහාමි

Image
  June 22, 2021   admin   Crime   Democracy කොතලාවල විශ්වවිද්‍යාලය සම්බන්ධ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ උද්ඝෝෂණයෙදි පොලිසිය තමයි සාමකාමී උද්ඝෝෂණයකට අත තියන්නෙ. එහෙම තියලා පොලිසියෙම එකෙක් තමයි කියන්නෙ “අත තියපන් බලන්න. මරනව තෝව” කියලා. මෙහෙම කියන්නෙ මහජන මුදලින් වැටුප් ලබන රජයේ සේවකයෙක්. ඒ වගේම වැඩිහිටි පුද්ගලයෙක්. පොලිස් නිලඇඳුම නැතිනම් එවැනි ලොකු ටෝක් දෙන්න කිසිම හැකියාවක් නැති මිනිහෙක්. මේ පුද්ගලයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න ඕනැ. මේක වහසි බසක් නෙමෙයි. පොලිසිය එහෙම තමයි. මේ කරන්නෙ මරණ තර්ජනයක්. පොලිසිය මරණ තර්ජනවලින් නවතින්නෙ නැති ඉතිහාසයක් ගැන අපි දන්නවා. රාජ්‍ය බලය පාවිච්චි කරලා පොලිසිය මිනීමරලා තියෙනවා. මේක ඉතාම පැහැදිලිව සාපරාධී ලෙස මරණ තර්ජන කිරීමක්. මෙම නිලධාරියා ඒ තර්ජනය පුන පුනා කරනවා. ඒ සම්බන්ධ නීතිය මෙතනදි අදාළයි. මරණ තර්ජන මානසික වධහිංසනයක්. මානසිකව කරනු ලබන මෙවැනි ක්‍රියා වධහිංසන බව පැහැදිලි කරන නඩු තීන්දු ශ්‍රී ලංකාවේ අධිකරණය විසින් ලබාදී තිබෙනවා. මෙවැනි මෝඩ පොලිස් නිලධාරීන්ට අපට කියන්නට තිබෙන්නේ සරල කාරණයකි. සාමකාමී උද්ඝෝෂණ කරගන්නට මිනිසුන්ට ඉඩහරින්න. නිරෝ

A COVID HONEYMOON: සිනමාවට පාර පෙන්වන අධ්‍යක්ෂවරයෙකුගේ සම්ප්‍රාප්තියක්

Image
  June 20, 2021   admin   Art   Cinema අජිත් පැරකුම් ජයසිංහ උදන් ප්‍රනාන්දුගේ A Covid Honeymoon කෙටි චිත්‍රපටය බැලීමෙන් පසු සිතට නැගුණ අදහසක් සටහන් කරන්නට සිතිණි. එයඉතා නිර්මාණාත්මක, සුන්දර චිත්‍රපටයකි. ඒ සුන්දරත්වයේ රහස සරලකමයි. පුංචි දේවල ඇති ලස්සනයි. සියුම් විස්තරවලට යොමුකළ අවධානයයි. උදාහරණයක් ලෙස තරුණයා පළඳින මේස් කුට්ටම එහිදී රඟන භූමිකාව එවැනි සියුම් තැනකි. “මොකක්ද මේ ගඳගහන මේස් කුට්ටම මගෙ ඇඟේ ගාන්නෙ?” යි තරුණිය අසන දෙබස් ඛණ්ඩය කෝවිඩ්-19 සීමාකිරීම්වල ආර්ථික හා මානසික පීඩනයේ, ලිංගික ඊර්ෂ්‍යාවේ සහ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයේ කූටප්‍රාප්තියක් ඡේදනය කිරීම සඳහා යොදාගෙන ඇති ආකාරය මනරම්ය. අධ්‍යක්ෂවරයා නළුවන් මෙහෙයවාගෙන තිබෙන ආකාරය දුටු විට පසුගියදා මා තරිඳු උඩුවරගෙදරගේ සටහනකට ප්‍රතිචාර ලෙස කෞශල්‍යා ප්‍රනාන්දු මූලික කරගෙන රංගනය පිළිබඳ තැබූ සටහනක් මෙසේ පළකරමි. “මේක මට රංගනය කියන කාර්යය පෙනෙන විදිය. හැමෝම රඟපාන චරිතයක් තියෙනවා. ඒක තමන්ගෙ ස්වරූපයෙන් මතුවන එකක්. චරිතය තමන්ගෙ අච්චුවෙන් ප්‍රතිනිර්මාණය කරන එක තමයි රඟපානවාය කියන හැමෝම කරන්නෙ. මං 1988 කාලෙ ගමනායකව ඇසුරු කරලා තියෙනවා. ගින්නෙන් උපන් සීතල චි

ත්‍ර‍ස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කළ යුත්තේ ඇයි?

Image
  June 19, 2021   admin   Politics අජිත් පැරකුම් ජයසිංහ ශ්‍රී ලංකාවට ලබාදෙන ජීඑස්පී ප්ලස් තීරු බදු සහනය ඉවත් කරන්නැයි යෝජනාවක් යුරෝපා සංගම් පාර්ලිමේන්තුවේ සම්මත වී තිබේ. 705 මන්ත්‍රීන් සිටින යුරෝපා පාර්ලිමේන්තුවේ මෙම යෝජනාවට විරුද්ධව, ලංකාවට පක්ෂව ඡන්දය පාවිච්චි කළේ 15දෙනෙකු පමණි. ලංකාවට තිබෙන ජාත්‍යන්තර පිළිගැනීමේ තරම එසේය. GSP+වැදගත්කම පිළිබඳ මෙම ලිපියෙන් කියවන්න: අර්බුදය තවත් තීව්‍ර කරන ජීඑස්පී ප්ලස් අහිමි වීම ශ්‍රී ලංකාව මහා මානව හිමිකම් උල්ලංඝනයන් නැවත සිදුකිරීමේ මාර්ගය වෙත යොමු වී තිබෙන අවදානම කෙරෙහි අවධානය යොමුකරන යුරෝපා සංගම් පාර්ලිමේන්තුව ජීඑස්පී ප්ලස් ඉවත් කිරීමට හේතු ලෙස දක්වන්නේ සිවිල් රාජ්‍ය කටයුතුවලට හමුදාව මැදිහත්වීම වැඩිවීම, වගවීමේ ක්‍රියාවලිවලට දේශපාලනික බලපෑම් කිරීම, (වගකීම්වලින්) බැහැර වන බවට කයිවාරු ගැසීම, සිවිල් සමාජයට තර්ජනය කිරීම හා ත්‍රස්ත විරෝධී නීති භාවිතා කිරීමයි. වත්මන් ආණ්ඩුව විරුද්ධවාදීන්ගෙන් පළිගැනීම සඳහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදාගන්නා ආකාරය පිළිබඳ නිදසුනක් ලෙස හිටපු ඇමති රිෂාඩ් බදිඋදීන් නඩුවක් හෝ විධිමත් චෝදනාවක් නොමැතිව සිරගත කරගෙන සිටින ආකාරයෙන්

අර්බුදය තවත් තීව්‍ර කරන ජීඑස්පී ප්ලස් අහිමි වීම

Image
  June 16, 2021   admin   Economy අජිත් පැරකුම් ජයසිංහ 2021 අභියෝග මොනවාද?’ මැයෙන් 2021 ජනවාරි 1දා මෙම වෙබ් අඩවියේ ලිපියක් ලියමින් අපි මෙසේ විමසුවෙමු. “අනෙක් සියලු රටවල් ලංකාව ගිලගන්නට බලාගෙන සිටී යයි සිතන අපට ඉන්දියාව, එක්සත්, ජනපදය, යුරෝපා සංගමය, එක්සත් රාජධානිය, ජපානය, ඔස්ට්‍රේලියාව වැනි බලවත් රටවල් සමග යහපත සම්බන්ධතා රැකගත හැකිවෙයිද? ජීඑස්පී ප්ලස් වැනි බදු සහන සුරැකෙයිද? චීනය අපට ඇති තරම් මුදල් දෙයිද? ඒ වෙනුවෙන් කුමක් ආපසු ගනීවිද? ගෝලීයකරණය වූ ලෝකයේ ජාත්‍යන්තරය සමග සුහද සම්බන්ධතා රැකගනිමින් එක්ව ගමනක් යන්නට අපට හැකිවේද? ලෝකයම තරහා කරගෙන වෙන්ව ගමනක් යා හැකිද? ආනයන තහනම් කරමින් අපනයන පමණක් කරගෙන පැවතිය හැකි සොඳුරු ආර්ථික උපායමාර්ගය ලෝකය පිළිගනියිද? ශ්‍රී ලංකාවේ පාලකයන්ට එරෙහිව යළි මතුවිය හැකි මානව හිමිකම් හා යුද අපරාධ චෝදනා රටට කුමන අන්දමින් බලපායිද?” ශ්‍රී ලංකාවට ලබාදෙන ජීඑස්පී ප්ලස් තීරු බදු සහනය ඉවත් කරන්නැයි යෝජනාවක් යුරෝපා සංගම් පාර්ලිමේන්තුවේ සම්මත වී තිබේ. 705 මන්ත්‍රීන් සිටින යුරෝපා පාර්ලිමේන්තුවේ මෙම යෝජනාවට විරුද්ධව, ලංකාවට පක්ෂව ඡන්දය පාවිච්චි කළේ 15දෙනෙකු පමණි. ලංකාවට තිබ

මේ වෙලාවෙ මං ජනාධිපති නම් අපේ ගෙදර

Image
June 15, 2021   admin   Satire අජිත් පැරකුම් ජයසිංහ මේ වෙලාවෙ මං ජනාධිපතිනම් අද උදේ අපේ ගෙදර කතාබහ මෙන්න මේ වගේ. බිරිඳ: තාම කොම්පියුටරේ ළඟ වාඩිවෙලා ෆේස්බුක් යන්නෙ මූණ හෝදගෙන ඔෆිස් යන්නෙ නැද්ද? මම: මට බැහැ ඒයි. අද යන්නෙ නැහැ කියන්න. බිරිඳ: එහෙම කියල බෑනෙ. ඔයා මේ රටේ ජනාධිපතිනෙ. මේ වෙලාවෙ රටට ඔයා අවශ්‍යයි. මම: ඉතින් මං ඔෆිස් ගියා කියල මොනව කරන්නද? බිරිඳ: ඇයි අද කොවිඩ් කමිටුව රැස්වෙනව නේද? මම: ඉතින් මොකෝ? ඕක රැස්වුණයි කියල මොකක් කරන්නද? ඩොකාල රට වහන්න කියනවා අපි වහනවා. බිරිඳ: ජයසුන්දරයි, ලස්මනුයි එක්කත් මීටිමක් තියෙනවා නේද? මම: උන්ට කියන්න කොහෙන් හරි සල්ලි හොයාගෙන ණය ටික බේරන්නය කියලා. බැරිනං ඕනැ කුදයක් ගහගන්න කියන්න. මට සල්ලි හොයන්න ක්‍රමයක් නැහැ. යකෝ මං බංගලියන්ටත් කිච වෙනවා. මේ මගුල ඉවර වෙච්ච දාකහරි අපි අපේ රටට ගියාම ඕකුන් කෝචොක් එක දායි. ෂිකේ! බිරිඳ: ණය ගෙවාගන්න එක තමයි දැන් ප්‍රශ්නෙ වෙලා තියෙනවාය කියන්නෙ. මම: දොස්තරයලගෙන් සල්ලි ඉල්ලගන්න බැරියැ. උන්නෙ රට වහන්න කියල මැරෙන්න හදන්නෙ. ඔන්න ඔය තියෙන ඕවිටි කෑල්ලක් හරි විකුණලා ණය ගෙවන්නය කියන්න. බිරිඳ: හරි හරි. දැන් ලෑස්ති වෙන්නකෝ. මම: මට බෑ

මේ විප්ලවීය මොහොතේ වම බලය නොගන්නේ ඇයි?

Image
  June 13, 2021   admin   Politics අජිත් පැරකුම් ජයසිංහ ලංකාවෙ සමාජ දෘෂ්ටිවාදය රාජ්‍ය මූලික ජාතික ධනවාදය. සමාජවාදී රටවල් වුණත් කොමියුනිස්ට්වාදය ඉලක්ක කරගෙන ජාතික සමාජවාදී ප්‍රතිසංස්කරණ කියලා කරගෙන ගියේ ඒවම තමයි. මේකට එරෙහිව ධනේශ්වර විප්ලවය පූර්ණ කිරීම ඔස්සේ දියුණු ධනේශ්වර සමාජයක් හරහා සමාජවාදයට පරිණාමය වීම තමයි විශේෂයෙන්ම වමෙන් කැඩුණු වාමාංශිකයන් ඉන්න ස්ථාවරය. යහපාලනයට උදව් කරපු පැරණි වමේ බලවේගවල තිබුණේ ඒ දැක්ම. හැබැයි, ලංකාවෙ සමාජ යටිතලය තුළ ඒ දෘෂ්ටිවාදය පැළවුණේ නැහැ. දැන් වුණත්, වරාය නගරය වගේ ව්‍යාපෘති ගැන අපි හිතන විදියයි, රටේ බහුතර ජනයා හිතන විදියයි අතර වෙනස නිර්මාණය වෙන්නෙ ඔතනින්. මේක නොරොච්චෝලෙ වගේ උදාහරණයකින් පෙන්නුවොත් අපි නම් හිතන්නෙ චීන්නු ඔය නිතර කැඩෙන අටමගල අයිති කරගෙන, නඩත්තු කරගෙන අපට යම් සාධාරණ මිලකට විදුලිය දෙනවා නම් අපට මොකද කියලයි. ඉන්දියාව නැගෙනහිර ජැටිය අරගෙන බිස්නස් ගෙනල්ලා අපට එයින් වාසියක් සැලසෙනවා නම් මොකද කියලායි. චීන්නුන්ට හම්බන්තොට වරාය බදු අරගෙන උනුත් වාසි අරන් අපටත් වාසියක් අත්පත් කරදෙන්න පුළුවන්නම් මොකද කියලායි. මේ වැටිල ඉන්න වලෙන් මුලින්ම ගොඩඑන්න ඕනැ. ඊට