Posts

Showing posts from 2019

ලබන අවුරුද්දේ ට්‍රම්පච්චි ගෙදර යයි ද?

Image
December 30, 2019   admin   International අජිත් පැරකුම් ජයසිංහ – 2019 දෙසැම්බර් 29 ලංකා පුවත්පතේ පළ විය එක්සත් ජනපදයේ 45වන ජනාධිපතිවරයා වන ඩොනල්ඩ් ට්‍රම්ප් දෝෂාභියෝගයට ලක්කර තිබෙනවා. එක්සත් ජනපද පාර්ලිමේන්තුවේ හෙවත් කොංග්‍රස් සභාවේ මණ්ඩල දෙකක් තිබෙනවා. ඒ අතරින් නියෝජිත සභාවේ ඡන්ද විමසීම් දෙකකට පසුව ඔහු දෝෂාභියෝගයට ලක්කරනු ලැබුවා. එම ඡන්ද දෙකේදී ට්‍රම්ප් බලය අපහරණය කළ බවට වූ වගන්තිය 237-197 ලෙස හා කොංග්‍රසයට බාධා කළ බවට වූ අනෙක් වගන්තිය ඡන්ද දෙකේදී 229-198 ලෙස ඡන්ද ලැබ සම්මත වුණා. ට්‍රම්ප් මෙම චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරනවා. නියෝජිත සභාවේ බහුතර බලය තිබෙන්නේ ඩිමොක්‍රටික් පක්ෂයටයි. ට්‍රම්ප් අයත් වන්නේ රිපබ්ලිකන් පක්ෂයටයි. ඊළඟ අදියරේදී කොංග්‍රසයේ උත්තර මන්ත්‍රී මණ්ඩලය හෙවත් සෙනෙට් සභාවේ සහාය ලැබුණොත් ඔහු ධුරයෙන් ඉවත් කරනු ඇති. රාජ්‍ය ද්‍රෝහීත්වය, අල්ලස හා බරපතල අපරාධ හා වැරදි සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දෝෂාභියෝගයට ලක්කර දණ්ඩනයට ලක් කළ හැකි බව එක්සත් ජනපද ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා. එහෙත්, මෙම දෝෂාභියෝග ක්‍රියාවලිය අපරාධ විමර්ශනයකට වඩා දේශපාලන ක්‍රියාවලියක් බවට පත් වී තිබෙනවා. මී

අම්පිටියේ සුමනරතන හිමි ආර්ථිකයට දෙන දායකත්වය සුළුපටු ද?

Image
December 29, 2019   admin   Crime   Economy   Human Rights අම්පිටියේ සුමනරතන භික්ෂුව රඟපා, ප්‍රචාරය කරනු ලබන ප්‍රචණ්ඩ වීඩියෝ දර්ශන සිංහල බුද්ධාගමට අපහාසයක් යයි අපි නොකියමු. සිංහල බුද්ධාගම යනු සිංහල ජනතාවට අලෙවි කිරීමට ඇති දේශපාලන දර්ශනයක් මිස සෙසු ජාතීන්ට අදාළ දෙයක් නොවේ. එය බුදුන්ගේ බුදු දහම සමග පටලවා ගත යුතු නැත. අම්පිටියේ සුමනරතන භික්ෂුවගේ ප්‍රචණ්ඩ ක්‍රියා ආර්ථික වශයෙන් ඉතා දේශප්‍රේමී ය. එම ක්‍රියා ආර්ථිකයට කරන සේවය සුළුපටු නොවේ. මෙම භික්ෂුවට හා එවැනි වෙනත් ප්‍රචණ්ඩ භික්ෂූන්ට ද, ඩෑන් ප්‍රියසාද් වැනි සෙසු මෙවැන්නන්ට ද විදෙස්ගත ශ්‍රී ලාංකිකයෝ සල්ලි එවති. මේ අය එයින් කාලා ඇඳලා හිටියාට ඔවුන් නීතියඉදිරියේ අවදානමක් ගනිති. කෙසේ වෙතත්, විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් එවන විදේශ විනිමය අප කාටත් මේ වෙලාවේ අත්‍යවශ්‍ය ය. මෙවැනි භික්ෂූන් මෙන් ම ඩෑන් ප්‍රියසාද් වැනි ගිහියන් ද වැඩි වැඩියෙන් මෙම විදේශ විනිමය උත්පාදන මාර්ගයට පිවිසෙන නිසා විදේශගත ශ්‍රී ලාංකිකයෝ වැඩි වැඩියෙන් ලංකාවට මුදල් එවති. මේ විදේශ විනිමය ප්‍රවාහය එතනින් නතර වන්නේ නැත. කණේ පාරක් දෙකක් කෑ විට මෙම ඉවැන්ජලික ක්‍රිස්තියානි නිකායන

හතේ අපේ පොතේ අල්ලපු ගෙදර අංකල්

Image
December 28, 2019   admin   Education   Life අජිත් පැරකුම් ජයසිංහ – 2019 දෙසැම්බර් 29 අනිද්දා පුවත්පතේ පළ වන ලිපියකි හත ශ්‍රේණියේ සිසුන්ට අධ්‍යාපන හා සෞඛ්‍ය අමාත්‍යාංශ එක් වී හඳුන්වා දුන් හතේ අපේ පොත නම් ලිංගික අධ්‍යාපනික අතිරේක කියවීම් පොත සම්බන්ධයෙන් මැදගොඩ අභයතිස්ස හිමි විසින් මතු කරන ලද ප්‍රශ්නය හේතුවෙන් සමාජයේ ලිංගික අධ්‍යාපනය පිළිබඳ කතිකාවක් ඇති වී තිබෙනවා. බොහෝදෙනෙකු ඒ හිමියන් ඉතා දරුණු අන්දමින් විවේචනය කරනවා. ඒ හිමියන් මතු කළ කාරණය පිළිබඳ අවධානය යොමු කරන්නේ නැතුවයි එහෙම කරන්නේ. එහෙත්, ඒ හිමියන් තුළ සහ එකී පුවත්පත් සාකච්ඡාවට සහභාගි වූ අනෙකුත් හිමිවරුන් අතර ලිංගික අධ්‍යාපනය සම්බන්ධයෙන් සුබවාදී ආකල්ප නැති බවක් ද පෙනෙන්නට තිබෙනවා. ලිංගික අධ්‍යාපනය ගැන කතා කරන විට ‘වයසට ගැලපෙන ලිංගික අධ්‍යාපනය’ කියන සංකල්පය ඉතා වැදගත්. හතේ ළමයින්ට ලිංගික අධ්‍යාපනය ලබාදිය යුත්තේ හතේ ළමයින්ට ගැලපෙන්නටයි. මැදගොඩ අභයතිස්ස හිමියන් මෙහිදී උපුටා දක්වන කොටස ඇත්තට ම මෙම පොත ලියූ ලේඛකයන් හා එය අධීක්ෂණය කළ අය අතරින් සිදු වූ වරදක්. මෙන්න එම පිටුව. අල්ලපු ගෙදර අංකල් මෙමගින් හතේ ළමයා තු

ජනාධිපතිතුමාගේ ආර්එම්වී විසිට්ටෙක

Image
December 27, 2019   admin   Development   News   Politics ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෝටර් ප්‍රවාහන දෙපාර්තමේන්තුව හදිසි නිරීක්ෂණයකට ලක්කිරීම අගය කළ යුතු ය. මෙම ආයතනය ශ්‍රී ලංකාවේ දූෂිතම රාජ්‍ය ආයතන අතරින් එකක් බවට සැකයක් නැත. ලංකාවේ ඉහළ සිට පහළ දක්වා ගතානුගතික රාජ්‍ය සේවකයන් වැඩිදෙනෙකු සිතාගෙන ඉන්නේ රජයේ ආයතන තිබෙන්නේ තමන්ට වැටුප් හා වරප්‍රසාද ගැනීමට ය කියා ය. ඔවුන් වැඩකරන්නේ එම වැටුප් ගැනීම යන්තමින් සාධාරණීකරණය කළ හැකි මට්ටම දක්වා පමණි. තමන් මෙම ආයතනයවලට සේවා ලබාගැනීම සඳහා පැමිණෙන මහජනයාගේ සේවකයන් පිරිසක් ය යන ආකල්පය බොහෝ සේවකයන් තුළ ගෑවීවත් නැත. එසේ පැමිණෙන මහජනයා අතර විවිධ තරාතිරම්වල මිනිසුන් සිටින බව හා වෙනත් තැන්වලදී තමන්ට එම පුද්ගලයන් සමග සම්බන්ධතාව වැදගත් වන බව හෝ ඔවුන් සිතන බවක් නොපෙනේ. කම්කරුවන්ගේ, ආරක්ෂක නිලධාරීන්ගේ සිට බොහෝ රජයේ සේවකයන් හැසිරෙන්නේ හිස උදුම්මාගෙන ය. ඔවුන් තමන් ඉදිරියට පැමිණෙන මහජනතාව තඹයකට ගණන් ගන්නේ නැත. මේ ලොක්කන් ජනාධිපතිවරයා ඉදිරියේ ඇඹරෙනු දැකීම මහජනයාගේ සතුටට හේතු වේ. එහෙත්, මහජනයා ද ඒ ජාතියේ ම ය. වින්දිතයන් වන විට අසරණ වන්නා සේ ම ඔවුන් පීඩකයන්

මොන කෝලම් ද? ලිංගික අධ්‍යාපනය ගැන කතාකරන ලැජ්ජා කෝලම ඇවිත්

Image
December 25, 2019   admin   Art   Education ලිංගික අධ්‍යාපනය ගැන නැවතත් සමාජ කතිකාවක් ඇති වී තිබෙනවා. ඒ නිසා මේ වෙලාව හොඳයි මේ වීඩියෝව ගැන කතාකරන්න. ලිංගික අධ්‍යාපනය ගැන කතාකරනකොට ‘වයසට ගැලපෙන’ වචන දෙකත් ඉතා වැදගත්. ලිංගික අධ්‍යාපනය ඉතා කුඩා වයසෙන් ආරම්භ වෙනවා. කුඩා දරුවකු තමන් ගැහැණු ළමයකු හෝ පිරිමි ළමයකු බව තේරුම්ගැනීමත් ලිංගික අධ්‍යාපනය ම තමයි. වයසට ගැලපෙන ලිංගික අධ්‍යාපනය අනුව මේ වීඩියෝ නිර්මාණය ගැලපෙන්නේ තරුණ වයසට. තරුණ වයසෙදි කතා කළ යුතු මාතෘකාවක් මේ වීඩියෝවේ විවෘතව, නිර්මාණශීලීව සාකච්ඡා කරනවා. එහි නම ලැජ්ජා කෝලම. කතා කරන්නෙ කොන්ඩම් ගැන. නාට්‍යයක් ලෙස මෙය නිර්මාණාත්මකයි. ලංකාවේ ඇතැම් ප්‍රසිද්ධ ජනමාධ්‍ය පවා කොන්ඩම් කිය වචනෙ භාවිතා කරන්නට බයයි. ඒ වෙනුවෙන් උපත් පාලන කොපු කියලා සිංහල වචනයක් තියෙනවා. හැබැයි කොන්ඩම් තියෙන්නෙ උපත් පාලනය කරන්නට විතරක් නෙමෙයි. එමගින් ද්විත්ව ආරක්ෂාවක් ලැබෙනවා. ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදනවලින් ආරක්ෂාව ලබාදෙන්නටත් කොන්ඩම් එකට පුළුවන්. ඒ නිසා මෙයට උපත් පාලන කොපු කියන්නෙ මොකටද? කොන්ඩම් කියන වචනෙ අපට පහසුවෙන් උච්චාරණය කරන්නටත් පුළුවන් නිසා අපි ක

කශෝගි ඝාතනය හා රාජ්‍ය ත්‍රස්තවාදය සම්බන්ධයෙන් සවුදියෙන් උගත හැකි පාඩම්

Image
December 24, 2019   admin   Comics   Crime   International   Politics අජිත් පැරකුම් ජයසිංහ සවුදියේ රාජ්‍ය අභිචෝදක කාර්යාලය විසින් ඊයේ ජමාල් කශෝගි ඝාතනය සම්බන්ධයෙන් නඩු විභාග පිළිබඳ කරන ලද නිවේදනය අනුව, ඝාතනයට ඍජුව සම්බන්ධ වීම පිළිබඳ පස්දෙනෙකුට මරණ දඬුවම පනවා තිබෙනවා. තව තිදෙනෙකුට අපරාධය වසන් කිරීම හා නීති උල්ලංඝනය සම්බන්ධයෙන් වසර 24ක සිර දඬුවම් පනවා තිබෙනවා. සැකකරුවන් 31දෙනෙකුගෙන් 21දෙනෙකු අත්අඩංගුවට ගෙන, 11දෙනෙකුට එරෙහිව නඩු විභාග කර තිබෙනවා. මෙම තීන්දුව ජාත්‍යන්තර වශයෙන් දැඩි විවේචනයට ලක් වී තිබෙනවා. සිය තුර්කි ජාතික පෙම්වතිය විවාහ කරගැනීම සඳහා අවශ්‍ය ලේඛනයක් ලබාගැනීම සඳහා 2018 ඔක්තෝබර් 2දා තුර්කියේ ඉස්තාන්බුල්හි සවුදි කොන්සල් කාර්යාලයට පැමිණි සවුදි ජාතිකයකු වූ ජමාල් කශෝගි තානාපති කාර්යාලය තුළ ම ඝාතනය කර මළසිරුරු සැඟවීමේ මෙහෙයවීම සම්බන්ධයෙන් සවුදි අරාබියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මන් කුමරු චෝදනාවට ලක්වී තිබෙනවා. එහෙත්, ඔහු පවසන්නේ මේ සම්බන්ධයෙන් ඔහු වගකිව යුතු මුත්, රහස් මෙහෙයුම්කරුවන් විසින් මෙම ඝාතනය කර තිබෙන්නේ ඔහුගේ අණකින් තොරව ස්වාධීන තීරණයකින් බවයි. සවුදියෙන් ප

ප්‍රේමදාසගේ අවතාරය සජිත්ගේ හෘදය සාක්ෂිය කළඹන හැටි

Image
December 22, 2019   admin   Politics අජිත් පැරකුම් ජයසිංහ අද පවත්වපු කතාවකදි සජිත් ප්‍රේමදාස කෙළෙහි ගුණ ගැන කතා කරනවා. චම්පික එයාගෙ කැම්පේන් එකට බැහැලම වැඩ කළ නිසා සජිත් ප්‍රේමදාස කෙළෙහි ගුණ අමතක කරන්නෙ නැහැ ය කියනවා. ඒ එක්ක මට කතාවක් මතක් වුණා. සජිත් ප්‍රේමදාස අධ්‍යාපනය කඩාකප්පල් කරගෙන ගෙදර ඇවිත්, නිදන් හාරන අරවා මේවා චෝදනාවන්ට ලක්වෙමින් ඉඳිද්දි හේමා ප්‍රේමදාස එක්කගෙන ගිහින් රනිල් වික්‍රමසිංහව මුණගස්වලා පක්ෂ සාමාජිකත්වය අරගෙන දෙනවා. ඒ වෙලාවෙ අම්මා පුතාගෙන් ඉල්ලා සිටි එක් දෙයක් තමයි කවදාවත් රනිල්ට විරුද්ධ වැඩ කරන්න එපා ය කියන එක. ඒකට හේතුව, දෝෂාභියෝගය වෙලාවෙ ලලිත්ලා, ගාමිණීලා ප්‍රේමදාසට එරෙහිව යද්දි රනිල් තමයි පක්ෂයේ නායකයාව බේරාගන්න මූලිකත්වය ගෙන වැඩ කළේ. ඒ සම්බන්ධයෙන් ආර්. ප්‍රේමදාසට රනිල් ගැන කෘතවේදිත්වයක් තිබුණ බව හේමා දන්නවා. එක එක මිථ්‍යා විශ්වාසත් එක්ක රනිල් දැඩි ලෙසම විශ්වාස කළා එයාට මොන විදියකින් හරි රටේ ජනාධිපති වෙන්නට ලැබෙයි කියලා. ඒ නිසා තමයි ඔහු 2018 ඔක්තෝබර් 26 කුමන්ත්‍රණයෙදිත් අඩියක් පස්සට ගන්නෙ නැතුව සටන් කළේ. ඔහු බලාපොරොත්තු වුණා, පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂ

තරුණ පරපුර තාප්ප චිත්‍රවලින් වීදි පිරිසිදු කිරීමට

Image
December 22, 2019   admin   Life නගර අලං­කාර කිරීමේ නිර­තව සිටින තරුණ තරු­ණි­යන්ට රාජ්‍ය මට්ට­මින් සම්මාන පිරිනැමීම සඳහා කමිටුවක් පත්කරන බව අගමැති මහින්ද රාජපක්ෂ පවසයි. තාප්පවල චිත්‍ර ඇඳීම මේ වන විට තරුණ රැල්ලක් බවට පත් වී තිබේ. එය එක්තරා තරුණ ක්‍රියාකාරිත්වයක්, තරුණ හමුවක් හා විනෝදාස්වාද මාර්ගයක් බවට පත් වී තිබේ. එහෙත්, එය දෘෂ්‍ය දූෂණයකට හා පොදු අවකාශ අවභාවිතාවකට හේතු වන බව අපි කලින් ද පෙන්වා දුන්නෙමු. කියවන්න: දෘෂ්‍ය දූෂණය හා චිත්‍ර අඳින රැල්ල අගමැති මහින්ද රාජපක්ෂ යනු හැමදාමත් ජනප්‍රිය රැළි සමග යන නායකයෙකි. එහෙත්, මේ වයසේදී හෝ තරුණ තරුණියන්ට නිසි මග පෙන්වා දීමට ඔහුට හැකිනම් හොඳ ය. ඒ සඳහා ඔහු වටා සිටින උපදේශකයන් ඔහුට මග පෙන්වා දිය යුතු ය. තාප්පවල චිත්‍ර අඳින රැල්ල හා පොදු අවකාශ තමන් කැමති ආකාරයට වෙනස් කිරීමේ රැල්ල මෙන් නොව, මතභේදාත්මක නොවන, අඩු වියදමකින් පහසුවෙන් කළ හැකි කාර්යයක් වන්නේ නගර හා මංමාවත් පිරිසිදු කිරීමයි. මේ වන විට ගම් හා නගර වෙනසකින් තොරව, වීදි දෙපස දැඩි ලෙස අපවිත්‍ර වී තිබේ. වාහනවල ගමන් කරන මිනිසුන් හා පයින් යන එය මෙන් ම, වීදි අසල ජීවත් වන අය ද පාරවලට

රජය නව නිර්මාණාත්මක ආර්ථික සූදුවක ද?

Image
December 21, 2019   admin   Economics   Economy අජිත් පැරකුම් ජයසිංහ බදු කප්පාදුව හේතුවෙන් සිදුවන රාජ්‍ය ආදායම් අහිමි වීම පදනම් කරගෙන ෆිච් ණය දර්ශකය තුළ ශ්‍රී ලංකාවේ ප්‍රමාණනය පහත හෙළීම සම්බන්ධයෙන් එම ආයතනයට විරෝධය පළ කරමින් ශ්‍රී ලංකා රජය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. එය කරුණු සොයා නොබලා හදිසියේ කරන ලද ක්‍රියාවක් බව නිවේදනය නිකුත් කළ මුදල් අමාත්‍යාංශය පවසයි. එහෙත්, ෆිච් ආයතනය යනු ණය ලබාදෙන්නන්ට ප්‍රමුඛ අවධානයක් යොමු කරන ආයතනයකි. ශ්‍රී ලංකාවේ ස්වෛරී ණය දර්ශනය කලින් තිබුණු ‘ස්ථාවර’ තත්වයෙන් ‘නිශේධනීය’ තත්වය කරා පහත හෙළීමට ෆිච් ජාත්‍යන්තර ණය දර්ශකය විසින් කටයුතු කර තිබේ. එහෙත් ශ්‍රී ලංකාවට ආධාරක අගයක් වන බී ප්‍රමාණනය හිමි වී තිබේ. අහිමි වන ආදායම් සමබර කරගැනීම සඳහා ශ්‍රී ලංකා රජය ගැනීමට නියමිත ක්‍රියාමාර්ග කෙරෙහි ෆිච් විශ්ලේෂණය විසින් අවධානය යොමු කර නැති බව මුදල් අමාත්‍යාංශය පවසයි. මධ්‍යකාලීනව රජයේ ප්‍රතිපත්ති විසින් ඇති කරනු ලබන මහේක්ෂ ආර්ථික බලපෑමේ වාසිදායක තත්වය නිසි පරිදි හඳුනාගෙන නැති බව ද මුදල් අමාත්‍යාංශය පවසයි. බදු කප්පාදුව හේතුවෙන් ආර්ථිකය උත්තේජනය වී වත්මන් ආර

ගෝඨාභයගේ බදු කප්පාදුව නිසා ණය සඳහා පොළිය වැඩි වේ

Image
December 20, 2019   admin   Economics   Economy   News ගෝඨාභය රාජපක්ෂ රජය බලයට පත් වීමත් සමග කරන ලද බදු කප්පාදුව වැනි හේතු මත රටේ ණය ආපසු ගෙවාගැනීමේ හැකියාව පිළිබඳ විශ්වාසය අඩු වී තිබෙන බැවින්, ඉදිරි කාලයේදී රජය ණය ලබාගන්නා විට ඉහළ පොළියක් ගෙවීමට සිදු වන තත්වයක් නිර්මාණය වී තිබේ. ශ්‍රී ලංකාවේ ස්වෛරී ණය දර්ශනය කලින් තිබුණු ‘ස්ථාවර’ තත්වයෙන් ‘නිශේධනීය’ තත්වය කරා පහත හෙළීමට ෆිච් ජාත්‍යන්තර ණය දර්ශකය විසින් කටයුතු කර තිබේ. එහෙත් ශ්‍රී ලංකාවට ආධාරක අගයක් වන බී ප්‍රමාණනය හිමි වී තිබේ. මෙම පහත හෙළීමට හේතුව ලෙස දැක්වෙන්නේ රාජ්‍ය මුල්‍ය ප්‍රතිපත්තියේ ඇති වූ දැඩි වෙනස්කම් ඉදිරියේ ඇතිවීමට නියමිත ආර්ථික ප්‍රතිපත්තිමය වෙනස්කම් හේතුවෙන් ණය සේවා සම්බන්ධයෙන් ඇති වී තිබෙන තිරසර නොවන තත්වයයි. 2020 සහ ඉන්පසු වසරවලදී ගෙවීමට තිබෙන අධික විදේශ ණය බර හේතුවෙන් වැඩි වැඩියෙන් බැහැරින් මුල්‍ය සම්පාදනය කරගැනීමට සිදුවන තත්වය මැද කලින් තිබුණු ආදායම් මත පදනම් වූ රාජ්‍ය මුල්‍ය ස්ථාවරත්ව මාර්ගයෙන් බැහැර වීම හේතුවෙන් ප්‍රතිපත්තිමය අවිනිශ්චිතතාවක් ඇති වී තිබෙන බව ෆිච් ආයතනය පවසයි. වටිනාකම එකතුකළ බද්ද හෙවත

ඉන්දියාව උණුසුම් කළ නව පුරවැසි නීතිය

Image
December 20, 2019   admin   International අජිත් පැරකුම් ජයසිංහ, 2019 දෙසැම්බර් 21 ලංකා පුවත්පතේ ද පළ වේ පුරවැසි සංශෝධන පනත නිසා ඉන්දියාවේ දැවැන්ත උද්ඝෝෂණ රැල්ලක් නිර්මාණය වී තිබෙනවා. එය විවිධ මට්ටම්වලින් අභියෝගයට ලක්වෙලා. මේ අතර ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය පුරවැසි පනතට එරෙහි මූලික හිමිකම් පෙත්සම් විභාග කරන්නට තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත්, නීතිය අත්හිටුවීමේ තීන්දුවක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දී නැහැ. මෙම පනතින් සිදු වී තිබෙන්නේ අසල්වැසි රටවල් තුනක මුස්ලිම් නොවන ජනතාවට පුරවැසිකම ලබාදෙන්නට මෙම පනතින් හැකි වීමයි. මෙය මුස්ලිම් විරෝධී හින්දු ස්වෝත්තමවාදී න්‍යාය පත්‍රයේ කොටසකැයි ඉන්දියාවේ මුස්ලිම් ජනයා කියනවා. ඉන්දියාවේ මුස්ලිම් ජනගහනය මිලියන 200ක්. ඒත්, බලයේ ඉන්නේ මුස්ලිම් විරෝධී, හින්දු ජාතිකවාදී ආණ්ඩුවක්. නරේන්ද්‍ර මෝදිගේ කැබිනට්ටුවේ ඉන්නේ එක් මුස්ලිම් ජාතිකයකු පමණයි. මුස්ලිම් සමාජය තුළ මෙම පනත සම්බන්ධයෙන් භීතියක් පැතිර තිබෙනවා. එරටට අනවසරයෙන් රිංගාගෙන ඇතැයි සැලකෙන අන්තවාදී බලවේග මුලිනුපුටා දැමීමේ අරමුණින් යුතුව පුරවැසියන්ගේ සම්භවය පරීක්ෂා කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව ආ

ස්විස් එම්බසියේ ‘අත අත නෑර’

Image
December 18, 2019   admin   Human Rights   Politics තමන් පැහැරගැනීමට ලක්වුණේ යයි ප්‍රකාශ කළ, ස්විස් තානාපති කාර්යාලයේ සේවය කළ ශ්‍රී ලාංකික කාන්තාවගෙන් දීර්ඝව ප්‍රශ්න කිරීමෙන් පසු ඇය අත්අඩංගුවට ගෙන තිබේ. ඇය විසින් සිදුකර තිබෙන්නේ ව්‍යාජ ප්‍රකාශයක් බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අධිකරණයටත් පෙර තීන්දුව දෙන ලදී. එපමණක් නොව, මානසික තත්වය පිළිබඳ කරන ලද ඉල්ලීම් නොතකා එම කාන්තාවගෙන් ප්‍රශ්න දින තුනක් තුළ පැය 30ක් ප්‍රශ්න කළ ආකාරය ඉතා පැහැදිලිව ම මානසික වධහිංසනයකි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වීමත් සමග පළිගැනීමේ නව සංස්කෘතියක් පමණක් නොව, පැහැරගැනීම්, වධහිංසනයන්, පහරදීම් ආදිය නැවත ආරම්භ වී තිබෙන බව මේ වන විට සාක්ෂි සහිතව ඔප්පු වී තිබේ. උදාහරණ කීපයක් දැක්විය හැකි ය. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය ඇමතිවරයකු වන මහින්දානන්ද අලුත්ගමගේ මව්බිම පුවත්පතට කළ ප්‍රකාශයක් පහත රූපයේ දැක්වේ. එසේම, පාඨලී චම්පික රණවකගේ අමාත්‍යාංශයේ වාහනයක් හදිසි අනතුරකට ලක්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණය මගින් දණ්ඩනයට ලක්කරන ලද රියදුරකුගේ බිරිඳ හා ළදරුවකු පොලිසිය විසින් පැහැරගෙන යා