Posts

Showing posts from August, 2020

නිවුන් දරුවන් පස්දෙනාගේ කතාවට පෙරවදනක්

Image
  August 29, 2020   admin   Children නිවුන් දරුවන් පස්දෙනෙකුට ඉංග්‍රීසියෙන් කියන්නෙ ක්වින්ටප්ලට්ස් (quintuplets ) කියලායි. ඔහොම දෙයක් වෙන්නෙ දරු උපත් මිලියන 60කට එකක් වගේ එකක්. මේ 29 හැවිරිදි කාන්තාවට ලැබුණු දරුවන් පස්දෙනාම ගැහැණු දරුවන් නිසා එවැන්නක් සිදු වීමේ සම්භාවිතාව ඊටත් ඉහළයි. ලංකාවෙ මේ වගේ සිද්ධියකදී මුලින් ම වෙන්නෙ මීඩියාකාරයන් මේක අමුවෙන්ම විකුණාගන්න උත්සාහ කරන එක. එතනදී වෛද්‍යවරුන්ව එහෙමත් ඔවුන් මුළාකරගන්නවා. ඒ ඡායාරූප සහ වීඩියෝ ජාත්‍යන්තර මාධ්‍යවලටත් විකුණාගන්නවා. ඒ වීඩියෝ යූටියුබ් චැනල්වල දාගෙන සල්ලි හම්බ කරන ගමන් අර දරුවන්ට කිරිපිටි ටින් එකක්වත් අරන් දෙන්නෙ නැහැ. මේ අතර, දේශපාලකයන් උදව් කරනවා ය කියා පෙන්නලා ෆොටෝ ගහනවා. මේ දරුවන් පස්දෙනාට තියෙන මාධ්‍ය ආකර්ශනය ඒ තරුණ මව්පියන් අවබෝධ කරගෙන සිල්ලරට නොවිකිණී, ළමයින්ගෙ හැම ෆොටෝ එකකට ම, වීඩියෝ එකකට ම මුදල් අය කරන්නට ඕනැ. නැතිනම්, ඒ වෙනුවෙන් මාධ්‍ය ආයතන එක්ක ගිවිසුම්වලට එළඹෙන්නට ඕනැ. හැකි නම් තමන්ගෙ ආයතනයක් පටන් අරගෙන ඒකෙන් යූටියුබ් ඇතුළු සෝෂල් මීඩියා චැනල්ස් පටන් ගන්නට ඕනැ. මේ දරුවන්ගෙ හැම ඉරියව්වකට ම මිලියන ගණන් වීව්ස් ලබාගන්නට

සමන්තභද්‍ර හිමිගේ පන්සලේ කැමල් ටෝ ඇඳුම

Image
  August 30, 2020   admin   Fashion පිටිදූවේ සිරිධම්ම හෙවත් සමන්තභද්‍ර හිමිගේ අසපුවක පැවති වැඩසටහනකදී කාන්තාවක විසින් ඇඳ සිටි ඇඳුමක රූපයක් මේ දිනවල සමාජ මාධ්‍යවල සංසරණය වෙනවා. ඒ පිළිබඳ විවිධ අදහස් ද පළවෙනවා. මෙවැනි ඇඳුමක් ඇඳි කාන්තාවක් පන්සලට ගෙන්වා ගැනීමෙන් හා පන්සල හරහා එම ඇඳුම ප්‍රසිද්ධ කිරීමෙන් එම භික්ෂුව කුමක් අදහස් කළා ද යන්න අප දන්නේ නැහැ. මෙම ලිපියෙන් ඒ ඇඳුම මොකක්ද කියා විමසා බලනවා. එයට කියන්නෙ කැමල් ටෝ කියලායි. කැමල් (Camel toe) කියන යෙදුමට සිංහලෙන් ඔටු කුරය කියා කියන්නට පුළුවන්. හැබැයි, එයින් අදහස් වන්නේ ඔටුවකුගේ ඇඟිලි නෙමෙයි. ඔටුවකුගේ ඇඟිලිවලට රූපයෙන් සමානත්වයක් තිබෙන මෙම කොටස තිබෙන්නේ ස්ත්‍රී ශරීරයේයි. ස්ත්‍රී යෝනියේ බාහිර තොල් තද ඇඳුමක් තුළින් ඉස්මතුව පෙනෙන විට එයට තමයි කැමල් ටෝ කියන්නෙ. බොහෝ කාන්තාවන් තද ඇඳුම් හරහා තම බාහිර යෝනි තොල් ප්‍රදර්ශනය වන එක වළක්වාගන්නට උත්සාහ කළත්, දැන් එය ප්‍රදර්ශනය කරන ඇඳුම් විලාසිතා පැමිණ තිබෙනවා. ශරීරයේ පාටින් ම නිමැවූ ඇඳුමක් ඒ සඳහා යොදා ගත් විට කාමෝද්දීපනය වැඩි වෙනවා. එපමණක් නොවෙයි කැමල් ටෝ එක තිබෙනවාටත් වඩා හොඳින් මතු වී පෙනෙන පරිදි සිලිකන

ආනවිලුන්දාවේ පිංතූර

Image
  August 30, 2020   admin   Environment   Photos චන්ද්‍ර ජයසිංහ ආනවිලුන්දාව පරිසර පද්ධතිය වනජීවී නීතිය යටතේ අභයභූමියක් ලෙසද ජාත්‍යන්තර රැම්සා සම්මුතිය අනුව තෙත් බිම් පද්ධතියක් ලෙසද ප්‍රකාශයට පත්කොට ඇත.පුත්තලම් දිස්ත්‍රික්කයේ මේ අපූරු පරිසර පද්ධතිය ගැන කලකට ඉස්සර රූපවාහිනී වැඩසටහනක් නිර්මාණය කරන අතර තුර ගත්තු පින්තූර ….. Adapted from praja.lk

ART FOSTERS BUDDHIST-CHRISTIAN DIALOGUE IN SRI LANKA

Image
August 28, 2020   admin   English   Religion Aruni Ruwandathi, a Christian graduate student, was surprised to find a bas-relief sculpture of Jesus washing the feet of his disciples at Tulana in Kelaniya. ( Visit Tulana ) Buddhist monk Ven. Uttarananda Thera had depicted the Biblical scene on a wall at Tulana Research Centre for Encounter and Dialogue. When monks go looking for food with their begging bowls, the master of the house washes their feet as they enter and offers them food, recalling the image of Christ washing his disciples’ feet. Jesuit Father Aloysius Pieris, a theologian and the first Catholic priest to write a PhD thesis on Buddhist philosophy, said the teacher or master washing the feet of his disciples is unique. “The teacher shouldn’t wash the feet of his disciples. The disciples should wash the feet of their master. Ven. Uttarananda Thera has depicted the image of washing of the feet in a Buddhist way,” he said. Father Pieris said this artwork is part of the creative

ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන බැංකුව නමින් නව සංවර්ධන බැංකුවක්

Image
  August 28, 2020   admin   Economy   News සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා ඍජුව ණය සැපයීමට හා ණය ඇපකර සැපයීම සඳහා ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන බැංකුව නමින් නව සංවර්ධන බැංකුවක් පිහිටුවීමට සැලසුම් කරමින් තිබෙන බව මහ බැංකු අධිපති ඩබ්.ඩී. ලක්ෂ්මන් පවසයි. ඔහු මේ බව පැවසුවේ මහ බැංකුවට 70 වසරක් පිරීම නිමිත්තෙන් පැවැත්වුණ දේශනයකදී ය. ස්ථාවර ණය ඇපකර ආයතනයක් පිහිටුවන බව ද ඔහු පැවසී ය. කෙසේ වෙතත්, සංවර්ධන බැංකු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඉතිහාසය දුර්වල බව ද ඔහු පැවසී ය. Adapted frompraja.lk

මේ තරම් සියුමැලි ද හෙරොයින්

Image
  August 28, 2020   admin   Crime   Politics අජිත් පැරකුම් ජයසිංහ, පැරාගේ විරාමය කොලම, ලංකා පුවත්පත – 2020-08-30 කොළඹ අපරාධ කොට්ඨාසය අඹතලේ ප්‍රදේශයේදී හෙරොයින් කිලෝ 42ක් සොයා ගත් බව අද පොලිසිය කිව්වා. එම තොගය මෙරටට ගෙන්වූ හැටියට ම ගබඩා කර තිබුණු බව පොලිසිය පැවසී ය. හෙරොයින් ජාවාරම් කිරීම සම්බන්ධයෙන් මහර බන්ධනාගාරයේ නියාමකවරයෙකු සහ ගුවන් හමුදා සිවිල් නිලධාරියකු ද ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් දක්වා රාජ්‍ය නිලධාරීන් පවා මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ බව දැන් හෙළිදරව් වී හමාර ය. ශ්‍රී ලංකාවේදී අසුවන මත්ද්‍රව්‍ය තොග අති විශාල ය. දින දෙකකට පෙර රත්ගම ප්‍රදේශයෙන් හෙරොයින් කිලෝ 11ක් අත්අඩංගුවට ගන්නා ලදී. බස්නාහිර පළාත තුළ අගෝස්තු 12 දින පමණක් සිදු කළ වැටලීම්වලින් හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය  ළඟ තබාගෙන සිටි පුද්ගලයින් 393 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය නිවේදනය කළේ ය. එදින පිළියන්දල ප්‍රදේශයේදී හෙරොයින් කිලෝ දෙකක් ප්‍රවාහනය කරමින් සිටි අඹු සැමි යුවළක් අත්අඩංගුවට ගන්නා ලදී. යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන්ට ලැබුණු තොරතුරු මත වැල්ලම්පිටිය, බ්‍රැන්ඩියාවත්ත

කාන්තාවන් පෞ. රෝහල්වල 70%ක්. වෛද්‍ය 50%+. අතුරු වෛද්‍ය 70%ක් සමස්ත 62%ක්

Image
  August 27, 2020   admin   Health   Women ඊශා කප්පරගේ 2016 සංඛ්‍යා දත්ත අනුව, ශ්‍රී ලංකාවේ සමස්ත සෞඛ්‍ය සහ සමාජ සේවා කාර්ය මණ්ඩලයෙන් 62%ක් ම කාන්තාවන් බවත්, පෞද්ගලික රෝහල්වල කාර්ය මණ්ඩලයෙන් 70%ක් ම කාන්තාවන් බවත් සමස්ත පෞද්ගලික රෝහල් සහ සාත්තු නිවාස සංගමය පවසනවා. “ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ සෙසු බොහෝ වැදගත් අංශවල වගේ ම සෞඛ්‍ය අංශයේත් කාන්තාවන් වැදගත් භූමිකාවක් ඉටු කරනවා. එම නිසා ඔවුන් මුහුණ දෙන අභියෝග තේරුම් ගැනීමට උත්සාහයක් දැරිය යුතුයි. ඔවුන්ගේ සේවය අගයන ගමන් එම ගැටලුවලට විසඳුම් ලබා දෙන පරිදි ප්‍රතිපත්ති සම්පාදනය කළ යුතුයි,” යි සමස්ත පෞද්ගලික රෝහල් සහ සාත්තු නිවාස සංගමයේ සභාපති වෛද්‍ය ලකිත් පීරිස් පැවසුවා. වැඩ කරන කාන්තාවන්ට දරුවන් බලාගැනීමේ නිසි පහසුකම් නොමැති වීම ප්‍රධාන ගැටලුවකි. කාන්තාවන් වැඩිපුර සේවය කරන සේවා ස්ථානවල හෝ දරුවන් වෙනුවෙන් ප්‍රමිතියක් සහිත දිවා සුරැකුම් මධ්‍යස්ථාන පිළියෙල කිරීම අවශ්‍ය ය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත අනුව ද 2019 වසර වන විට ලොව රටවල් 104ක සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලින් 67%ක් ම සමන්විත වන්නේ කාන්තාවන්ගෙන්. විශේෂයෙන් ම හෙද හා වින්නඹු රැකියා අති විශාල වශයෙන් කාන්තාවන්

නිකං ඉන්නවාට කරන තෙත් කලාපයේ වී ගොවිතැන

Image
  August 27, 2020   admin   Agriculture ඉන්දික ගුණවර්ධන – මතුගම ජනාධිපති, කෘෂිකර්මයට සම්බන්ධ ඇමතිවරු හා ඉහළ නිලධාරීන් එකතුව කෘෂිකර්මය නගාලීම සදහා ඉහළ ප්‍රචාරයක් ලබාදෙති. ඔවුන් ඉදිරිපත් කරන ලෙසින් මෙය සරලව, සුන්දරව ඉටුකර හැකිනම් එය භාග්‍යයකි. නමුත් ප්‍රායෝගිකව කෘෂිකර්මයේ යෙදීමෙහිදී ඇතිවන ගැටලු ඉතා සංකීර්ණ වේ. තෙත් කලාපයේ, විශේෂයෙන් ම බස්නාහිර පළාතේ, වී ගොවිතැන ලාභදායී නොවන බෝග වගාවකි. ඒ සදහා යන ශ්‍රම වියදම ඉතා ඉහළ වේ. එක් කෘෂි කම්කරුවකුට පමණක් දිනකට රු. 2000ක පමණ කුලී ගෙවිය යුතු ය. එසේම, පුහුණු ශ්‍රමිකයන් ද හිඟ ය. තෙත් කලාපයේ වී වගාව සිදුකරනුයේ වර්ෂාව කේන්ද්‍ර කරගෙන නිසා දේශගුණික විපර්යාස නිසා මෝසම් වැසි චක්‍රයට සිදුවන බලපැම වී වගාවට දැඩි ලෙස බලපායි. ජල කලමනාකරණ ක්‍රියාවලියක් නොමැතිකමින් තත්ත්වය තවත් උග්‍ර වේ. කන්න තුන හතරකට වරක්, පලිබෝධ උවදුරක්, ස්වාභාවික විපතක් වැනි කුමන හෝ දෙයකින් වගාව විනාශ වේ. ප්‍රදේශයේ පවතින වගුරු හා හැල් තත්ත්වය හා වගා ඉඩම් කුඩා වීම නිසා නවින කෘෂි යන්ත්‍ර සුත්‍ර භාවිතය අපහසු ය. ඉහත තත්ත්වයන් මත වී වගාවට ඉහළ පිරිවැයක් දැරුව ද එයට සරිලන ආදායමක් නොලැබේ. වර්තමානයේදී

කුණුහරුපවල සුලමුල

Image
August 26, 2020   admin   Literature අජිත් පැරකුම් ජයසිංහ සිංහල කුණුහරුප ගැන කලින් කල විවිධ අදහස් මතු වෙනවා. ඒවා අනුව, කුණුහරුප විදග්ධ භාෂා මූලයන්ගෙන් පැනනැගුණු බව පෙන්වන්නට ඇතැමෙකු උත්සාහ කරනවා. මේ පිළිබඳ හෂිත අබේවර්ධන විසින් පළ කරන ලද සටහනක මෙසේ තිබුණා. “මෑතක ෆේස්බුක් හි විවිධ අය ශෙයා කළ පෝස්ට් එකකින් කියවුනේ ‘සුතන්’ (දරුවන්) ගෙන් බිඳී ‘හු**’ යන යෙදුම ආ බවත් එහි කුණුහරුපයක් නැති බවත් ය. මගේ අත්දැකීම හා අදහස වන්නේ හු** යනු ස්ත්‍රියක් ඇයගේ ලිංගික අවයවය දක්වා ඌණනය කරන යෙදුමක් හා එහි ඇති ව්‍යභිචාරි (රහස්‍ය, තහංචිය) හැඟවුම් කාරක දක්වා යොමු කිරීම ඒ කුණුහරුපයේ අරමුණ හා එය කුණුහරුපයක් වීමේ අරමුණ බවයි.” ඔහු තරු ලකුණු යොදා තිබෙන්නේ හුත්ත යන වචනයටයි. මේ පිළිබඳ තවත් අදහසක් පළ කරන ඔහු මෙසේ පවසනවා. “උතු මග යනු යෝනි මාර්ගයයි- සෘතු වීම වන මාර්ගය උතු මගයි.” තවත් වදනක් ගැන ඔහු මෙසේ කියනවා. “වෙළඳුන් හා නිදහසේ හැසිරුනු කතුන් වේශ්‍යා ලෙස හැඳින්වුනු තැනක් කියවා තිබෙනවා.” ‘පක’ යන වචනය සද්ධර්මරත්නාවලියේත් යෙදෙනවා. ඒ ගෙඩිය යන අර්ථයෙන්. උදාහරණයක් ලෙස තිඹිරි පක කියා යෙදෙනවා. එය කුණුහරුපයක් බවට පත් වන්නේ එම අර්

යෝෂිත රාජපක්ෂ ඉල්ලන මස් රාත්තල සජීව චාමිකර නොදිය යුතු ය

Image
August 26, 2020   admin   Environment   Politics අජිත් පැරකුම් ජයසිංහ අගමැති මහින්ද රාජපක්ෂගේ පුත්‍ර හා නාවික හමුදාවේ නිලධාරියකු වන යෝෂිත රාජපක්ෂ පරිසරවේදී සජීව චාමිකරට එන්තරවාසියක් යවමින් රු. මිලියන 500ක අලාභයක් ඉල්ලා තිබේ. හේතු ලෙස දක්වන්නේ ඔහුට සිංහරාජ වනාන්තරය ආශ්‍රිතව හෝටලයක් හිමි බව සජීව චාමිකර මාධ්‍ය සාකච්ඡාවකදී පැවසීම ඔහුගේ චරිතයට අපහාසයක් බවයි. යෝෂිත රාජපක්ෂ තම නීතීඥයන් මාර්ගයෙන් සජීව චාමිකර වෙත යවා තිබෙන එන්තරවාසියෙහි දැඩි කොන්දේසි අන්තර්ගත ය. 1. මෙම ප්‍රකාශයේ කිසිඳු සත්‍යතාවක් නොමැති බව පිළිගනිමින් තමා‌ගෙන් සමාව ගැනීම 2. මාධ්‍ය ආයතන, සමාජ මාධ්‍ය හා වෙබ් මාධ්‍යයන්හි මෙම අසත්‍ය පුවත පළ කර ඇත්නම් එය ඉන් ඉවත් කරන ලෙස අදාළ ආයතන හෝ පාර්ශවයන් දැනුම්වත් කිරීම හා අදාළ පුවත ඉවත් කිරීමට කටයුතු කිරීම 3. අදාළ ප්‍රකාශයේ කිසිදු සත්‍යතාවයක් නොමැති බව මාධ්‍ය නිවේදනයක් මඟින් මාධ්‍ය වෙත දැනුම්වත් කිරීම 4. යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව නැවත පදනම් විරහිත චෝදනා සිදු නොකරන බවට ප්‍රකාශ කිරීම 5. දින 07ක් ඇතුළත් කෝටි 50 ක මුදලක් වන්දි වශයෙන් ලබාදීම අප නීතිය සම්බන්ධ විශේෂඥභාවයක් ඇති අය නොවේ. අප මේ පිළිබඳ

කොවිඩ්-19 සම්බන්ධයෙන් TEST, TEST, TEST වෙනුවට TRACE, TRACE, TRACE කළ ශ්‍රී ලංකා ආණ්ඩුවේ හෙට

Image
  August 25, 2020   admin   Politics අජිත් පැරකුම් ජයසිංහ කොවිඩ්-19 සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලෝකයේ සෙසු බහුතරයක් රටවලට වඩා ඉදිරියෙන් සිටින බව සත්‍යයකි. ශ්‍රී ලංකාව එම සාර්ථකත්වය අත්පත් කරගත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානය පවා නිර්දේශ කළ, හැකි තරම් වැඩි සංඛ්‍යාවක් පීසීආර් පරීක්ෂණ කිරීමේ ක්‍රමවේදයට මුළුමනින් ම වෙනස්, හඹා ගොස් රෝග ව්‍යාප්තිය හඳුනාගැනීමේ ක්‍රමවේදයක් අනුගමනය කරමිනි. Test, Test, Test යන ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශිත උපායමාර්ගය වෙනුවට ශ්‍රී ලංකාව අනුගමනය කළේ Trace, Trace, Trace යන උපායමාර්ගයයි. ලොව පළමුවෙන් ම කොවිඩ්-19 පාලනය කරගත් රට වන චීනය ද Trace, Trace, Trace යන උපායමාර්ගය සමග Test, Test, Test උපායමාර්ගය ද අනුගමනය කළේ ය. කොවිඩ්-19 පාලනය සම්බන්ධයෙන් ගත් කල ශ්‍රී ලංකාවට ඉදිරියෙන් මේ මොහොතේ සිටින්නේ ලාඕස් මහජන ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය, කාම්බෝජය, බුරුමය, පැපුවා නිව්ගිනියාව, අයිස්ලන්තය වැනි රටවල් කීපයක් පමණි. ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව මෙම සාපේක්ෂ සාර්ථකත්වය අත්පත් කරගත්තේ ජනාධිපතිවරයා නිතර භාවිතා කරන යෙදුමක් වන out of the box චින්තනයෙන් හෙවත්, පිළිගත් සිතීමට පිටින් ගිය සිතීමක් ඔස්සේ ය

ත්‍රීවීලර් කතා…..

Image
  August 24, 2020   admin   Life   Transport චන්ද්‍ර ජයසිංහ පළමු කතාව පහුගිය දවසක රාත්‍රියෙ පුංචි සාදයකට සහභාගි වෙන්න වුණා. පොඩ්ඩක් වෙන්න සප්පායම් වෙච්ච හිංද වාහනය සංස්ථාවේ තියල ගොඩවුනා ත්‍රීවීලර් එකකට. වෙලාව රාත්‍රී එකොලහට විතර. ගමන ටොරිංටන් ඉඳන් වනාතමුල්ලට. ත්‍රීවීලර් පදවන්නා තරුණ හාදයෙක්. යන ගමන් මං නිකමට ඇහුව ත්‍රීවීලර් එක කොහෙ එකක්ද කියල. මේක කියපි හලාවත කියල. මේ ඔහු මගේ ප්‍රශ්න වැලට දුන්න කතන්දරේ. මිනිහ හලාවත ආරච්චිකට්ටුවෙ. ත්‍රීවීලර් එක හයර් දුවන්නෙ කොළඹ අවට. නිශ්චිත නැවතුම්පොළක් නැහැ. දවස් පහක් හයක් එක දිගට හයර් දුවල දවසක් දෙකක් ගෙදර ගිහින් එනව. බෝඩිමක් නවාතැනක් නැහැ. රාත්‍රිය ගෙවන්නෙත් ත්‍රීවීලර් එකේමයි. මුහුණ කට සෝදාගැනීම, නාගැනීම ආදී කටයුතු නගර සභාවෙ පොදු ස්ථානයකින්. සැලකිය යුතු මුදලක් දවස් පහට ඔහු සොයා ගන්නව. දෙවන කතාව මං වැඩ ඇරිල සවස හයට විතර 154 බස් එකක් එනකන් ටොරිංටන් හෝල්ට් එකේ වාඩිලෙ. මාව පහු කරගෙන ගිය ත්‍රීවීලර් එකක් නතර වෙනව. මහත්තයා …. මං ඒ දිහා බලල අහක බලා ගත්තෙ ත්‍රීවීලර් එකක යන්න මගේ බලාපොරොත්තුවක් නොතිබුණ හිංද. ත්‍රීවීලර් එක මගේ ලඟටම රිවස් වෙනව. මහත්තයා මාව අඳුර

රාජ්‍ය අංශය තියෙන්නෙ රස්සා දෙන්න; රාජ්‍ය සේවය තියෙන්නෙ ඒක සාධාරණීකරණයට

Image
  August 22, 2020   admin   Politics පැරාගේ විරාමය කොලම, ලංකා පුවත්පත, 2020 අගෝස්තු 23 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ දිළිඳුභාවය පිටුදැකීම සඳහා වන නව නිර්මාණාත්මක සංකල්පයක් වන බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකාය සඳහා ලක්ෂයක් දෙනා බඳවාගැනීමේ අයදුම්පත් කැඳවීමේ දැන්වීම පසුගිය පෙබරවාරියේදී පුවත්පත්වල පළ විය. බඳවා ගන්නා අයට මාස හයක අඛණ්ඩ පුහුණුවක් සපයනු ලබන අතර පුහුණු කාලය තුළ රු. 22,500ක දීමනාවක් සැපයේ. පුහුණුව සාර්ථකව අවසන් කරන්නන්ට ප්‍රාථමික ශිල්පීය නොවන ස්ථිර තනතුරු ලැබෙන අතර වසර දහයක කාලයෙන් පසු විශ්‍රාම වැටුප් හිමිකම ලැබේ. අ.පො.ස. සාමාන්‍ය පෙළ අසමත් අයට ප්‍රමුඛතාව දෙන බව කියූ මෙම මහා රැකියා ව්‍යාපෘතිය වෙනුවට දැන් ඉදිරියට පැමිණ තිබෙන්නේ උපාධිධාරීන්ට රැකියා ලක්ෂයක් ලබා දීමේ වැඩසටහනකි. දැනට පොරොන්දු වී තිබෙන ආකාරයට උපාධිධාරීන්ට රැකියා 60,000ක් ද දිළිඳු ජනයාට රැකියා 50,000ක් ද ලබා දීමට සැලසුම් කර තිබේ. ගුරු සහායකවරුන් 50,000ක් අලුතෙන් බඳවා ගන්නා බව ද රජය නිවේදනය කර තිබේ. ගුරු සහායකවරුන් බඳවා ගන්නා බව කියා පන්තියක සිසුන් සංඛ්‍යාව ද 35 සිට 40 දක්වා ඉහළ නැංවීමට රජය තීරණය කළේ ය. එහෙත්, දැන් මේ ගුරු