ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන බැංකුව නමින් නව සංවර්ධන බැංකුවක්


  Economy News

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා ඍජුව ණය සැපයීමට හා ණය ඇපකර සැපයීම සඳහා ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන බැංකුව නමින් නව සංවර්ධන බැංකුවක් පිහිටුවීමට සැලසුම් කරමින් තිබෙන බව මහ බැංකු අධිපති ඩබ්.ඩී. ලක්ෂ්මන් පවසයි.

ඔහු මේ බව පැවසුවේ මහ බැංකුවට 70 වසරක් පිරීම නිමිත්තෙන් පැවැත්වුණ දේශනයකදී ය.

ස්ථාවර ණය ඇපකර ආයතනයක් පිහිටුවන බව ද ඔහු පැවසී ය.

කෙසේ වෙතත්, සංවර්ධන බැංකු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඉතිහාසය දුර්වල බව ද ඔහු පැවසී ය.

Adapted frompraja.lk

Comments