Posts

Showing posts from July, 2022

කොණ්ඩෙ බැඳපු චීනුන් හෝ අංකල් සෑම්ලා නැති ලෝකයක විදේශ ණය

Image
  July 30, 2022   admin   International   Politics අජිත් පැරකුම් ජයසිංහ ශ්‍රී ලංකාව තම ප්‍රමුඛ ණය සම්පාදකයකු වන චීනය සමග ණය ප්‍රතිව්‍යූහගත කරගැනීමේ සාකච්ඡා වහා සිදුකළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් අධ්‍යක්ෂ ක්‍රිෂ්නා ශ්‍රීනිවාසන් රොයිටර් පුවත් සේවය සමග ප්‍රකාශ කර තිබේ. ජාත්‍යන්තර මූල්‍ය ආයතනයේ ගණනය කිරීම් අනුව ශ්‍රී ලංකාව චීනයට විවිධාකාරයෙන් ඩොලර් බිලියන 6.5ක් පමණ ණයය. එය ඩොලර් බිලියන 51ක් පමණ වේ යයි ඇතැම් පාර්ශ්ව විසින් ගණන් බලා තිබෙන ශ්‍රී ලංකාවේ සමස්ත ණය බරෙන් 10%කට වැඩිය. එහෙත්, මේ සම්බන්ධ පර්යේෂණයක යෙදුණු උමේෂ් මොරමුදලි සහ තිලිණ පඬුවාවල ප්‍රකාශ කරන පරිදි “චීනය රජයට ලබාදී තිබෙන වාණිජ ණය සහ ශ්‍රී ලංකා රජය සතු ව්‍යවසාය (SOEs) වෙත ලබා දී තිබෙන ණය සලකා බලන විට, රාජ්‍ය සහ රජය විසින් සහතික කරන ලද ණය (PPG) යන පුළුල් අර්ථ දැක්වීම අනුව, 2021 අවසානය වන විට චීන ණය පංගුව 19.9% ​​දක්වා ඉහළ යයි. එම ණය තොගයේ ණය සේවා සමස්ත රාජ්‍ය සහ රජය විසින් සහතික කරන ලද ණය ණය සේවාවෙන් 20% කි.” කෙසේ වෙතත්, 2021 වසර අවසන් වන විට, ශ්‍රී ලංකාවේ මුළු විදේශ ණයවලින් 36.5%ක් ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර

කේ

Image
July 28, 2022   admin   Life අජිත් පැරකුම් ජයසිංහ මගේ මිත්‍රයකු වන කේගෙ රසවත් කතාව නොමිලේ කියවන එකට හිලව්වට පහත දැක්වෙන ඡේදයේ තියෙන මගේ අමන කතාවත් ඉවසා වදාරන්න. ඒ නීරස කෙටි ඡේදෙන් පස්සෙ කතාව. පිටරටවලින් ණය අරන්, රුපියල ශක්තිමත් කරන්නට යොදවලා, ඒ ඩොලර්ම වියදම් කරලා ඉන්ධන ආනයනය කරලා, ඊටත් වඩා අඩු මිලට තමනුත් තෙල් ගහගත්ත බවත්, ඒ ක්‍රමය වෙනස් කරන්නට පාලකයන් දරපු සෑම උත්සාහයකටම තමනුත් විරුද්ධ වූ බවත්, තමන් ද වරෙදහි පාර්ශ්වකරුවන් බවත් තේරුම් ගන්නකල් මේ රටේ ජනතාවට විසඳුම් හමුවෙන්නෙ නැහැ. ජනතාව අහිංසකයන්ය කියලා රවටන නායකයන්ටත් ජනතා ප්‍රශ්නවලට විසඳුම් දෙන්න බැහැ. ජනතාව විදියට අපි දැන් මුහුණදෙන ප්‍රශ්නය දිහා මෙහෙම බලන්නත් පුළුවන්. කේ කියලා පුද්ගලයෙකු ඉන්නවාය කියමු. මිනිහා මගේ පරණ යාළුවෙක්. අන්ත දුගී පවුලකින් පැවත එන කෙනෙක්. ලොකු අධ්‍යාපනයක් ලැබුවෙත් නැහැ. හැබැයි, ප්‍රායෝගික මිනිහා. ඔහුට කොරියාවේ රස්සාවක් කරන්නට අවස්ථාව ලැබුණා. ඒකෙන් මුදලක් ඉතිරි කරගත් ඔහු ආපසු ලංකාවට ඇවිත් බිස්නස් එකක් පටන් ගත්තා. සුපර් මාකට් එකක්. සුපිරිම විදියට දැම්මා. ඒකට ප්‍රාග්ධනය මදිවුණ නිසා බැංකු ණයත් ගත්තා. ඔහුට ඒකෙන් ලෙක

රනිල ශාඛයේ ප්‍රෝටීනමය සාපය

Image
  July 27, 2022   admin   Politics අජිත් පැරකුම් ජයසිංහ රමිඳු ලඛික පෙරේරා විසින් ලියන ලද ‘රනිල ශාඛයේ සාපය’ නම් ලිපිය ( එය ඔහුගේ ෆේස්බුක් පිටුවේ පළකර තිබේ ) ආවේගශීලීත්වයෙන් මිදී අරගලය පිළිබඳ විග්රහ කිරීම සඳහා දරන ලද සාධනීය උත්සාහයකි. මෙම ලිපියේ මාතෘකාව එය මඳක් වෙනස් කරගෙන සකසා තිබේ. ආවේගශීලීත්වයෙන් මිදී අරගලය පිළිබඳ විග්‍රහ කිරීම සඳහා දරන ලද සාධනීය උත්සාහයකි. කෙසේ වෙතත්, මෙම ලිපිය විසින් ද අරගලයේ සාරය හඳුනාගැනීමට අසමත් වෙයි. එනම්, නැගීසිටි ජනතාව සැබැවින්ම ඉල්ලාසිටින්නේ කුමක්ද යන්න තේරුම්ගැනීමට අසමත් වීමයි. ජනතාව ඉල්ලාසිටින්නේ තිරසර සංවර්ධනය බව මගේ අදහසයි. එය තේරුම්ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන අරමුණු මහෝපකාරී වේ. ජනතාව කිසිසේත්ම සමාජවාදයක් ඉල්ලා සිටියේ නැත. තිරසර සංවර්ධන මාවතට රට ආපසු ගැනීම සඳහා ස්ථාවර පාලනයක් අවශ්‍යය. කැරැලි අවසන් විය යුතුය. මෙහි පවතින විප්ලවීය අවස්ථාව යනු රාජපක්ෂ ක්‍රමය වෙනස් කිරීම ලෙස හැඳින්විය හැකි, දේශීය හා විදේශීය ණය මත අධික ලෙස රඳාපැවති, දරාගත නොහැකි තරම් සුබසාධනවාදී, උවමනාවට වඩා රාජ්‍ය මූලික, දූෂිත ධනේශ්වර රාජ්‍ය ක්‍රමය වඩා තිරසර අන්දමින් ප්‍රතිව්‍යූහ

දුම්රියට වහා අතගසන්න

Image
  July 26, 2022   admin   Transport ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දිනක අලාභය රු. කෝටි 10කට වැඩි බව ප්‍රවාහන ඇමති බන්ධුල ගුණවර්ධන පවසයි. 2021 වසරේදී ආදායම රු. කෝටි 260ක් වෙද්දී අලාභය රු. කෝටි 3,700ක් විය. දුම්රිය තවමත් ධාවනය වන්නේ බස් ගාස්තු මෙන් අඩක් පමණ වන සහන ගාස්තු සමගයි. දුම්රිය යනු රජය සතු අනගි සම්පතකි. දුම්රිය දෙපාර්තමේන්තුව සතුව කිලෝමීටර් 1,561ක් දිග දුම්රිය මාර්ග තිබේ. ලොකොමොටිව් දුම්රිය 72ක් ද, පවර්සෙට් දුම්රිය 78ක් ද, දුම්රිය මැදිරි 78,565ක් ද සංඥා පද්ධතියක් ද හිමි දුම්රිය දෙපාර්තමේන්තුවේ ශ්‍රම බලකාය 17,634කි. මගී ප්‍රවාහනයෙන් 6%ක් පමණ සිදුකරන දුම්රිය විසින් භාණ්ඩ ප්‍රවාහනයට කරනු ලබන දායකත්වය 1%කටත් වඩා අඩුය. අතීතයේදී දුම්ර්ය සේවය විසින් වැඩිපුර කරනු ලැබුවේ භාණ්ඩ ප්‍රවාහනයයි. ආසන්න වශයෙන් දුම්රිය ගමන් වාර 396 ක් දෛනික මෙහෙයුම් ක‍්‍රියාවලියට යොදවා ඇති අතර දුර ගමන් දුම්රිය 67 ක්ද, නගරාන්තර දුම්රිය 16 ක්ද ධාවනය කෙරේ. ශ‍්‍රී ලංකාවේ දුම්රිය ජාලයෙන් 90%ක් ක් පමණ ඒකීය දුම්රිය මාර්ග වන අතර එහි කිලෝමීටර් 126ක් ද්විත්ව දුම්රිය මාර්ග ද, කිලෝමීටර් 14 ක ත‍්‍රිත්ව දුම්රිය මාර්ග ද, කිල

රනිල් සහ අජිත්

Image
  July 26, 2022   admin   Politics අජිත් පැරකුම් ජයසිංහ මේ සමග අමුණා තිබෙන පෝස්ට් එක දාලා තියෙන්නෙ ජවිපෙන් පවත්වාගෙන යන ෆේක් ප්‍රොෆයිල් එකකින්. මෙමගින් ජවිපෙ හා ජාතික ජන බලවේගය සාමාජිකයන් අතර තිබෙන මුල්බැසගත් වැරදි ආකල්පයක් පැහැදිලි වෙනවා. ඔහු මේ ප්‍රශ්නය අහනවා ඇත්තෙ මං සමාජ මාධ්‍යවල රනිල් වික්‍රමසිංහව ප්‍රවර්ධනය කළාය කියා ඔහු හිතන නිසා වෙන්න ඇති. මං එහෙම කළා තමයි. මං ඒක කළේ ලංකාවේ ධනේශ්වර සංවර්ධනය හා රාජපක්ෂ ක්‍රමය වෙනස් කිරීම සම්බන්ධයෙන් මගේ අදහස් සමග රනිල්ගේ නායකත්වය පෑහුණු නිසා. ලංකාවේ ධනේශ්වර සංවර්ධනය සම්බන්ධයෙන් නිවැරදිම දැක්මක් තියෙන මධ්‍ය වාමාංශික නායකයා ලෙස මට පෙනෙන්නෙ අනුර කුමාර දිසානායක. රනිල්ගේ නායකත්වයෙන් දියත් වන උපායමාර්ගය සාර්ථක වුණොත්, ඊළඟ නායකත්වයට වඩාත් සුදුසු අනුර කුමාර දිසානායක. ඒ වුණාට, සමාජ මාධ්‍යවල රනිල් ප්‍රවර්ධනය කිරීම මේ අවස්ථාවෙදි රනිල්ට ප්‍රයෝජනවත් වුණා නම්, ඒ අවම මට්ටමකින්. ඒකට හේතුව රනිල් ජනාධිපති වුණේ පාර්ලිමේන්තු ඡන්දෙකින් වීම. සමාජ මාධ්‍යවල දේශපාලන බලවේග අතර තියෙන ගැටුමෙදි නම් ඒකෙන් යම් බලපෑමක් වෙන්න ඇති. ඒවා ඉතින් මානසික යුද්ධ විදියට තමයි සලකන්න ඕනැ.

අද මොකක් වෙයිද? (2022 ජනාධිපතිවරණ දිනය)

Image
  July 20, 2022   admin   Politics අජිත් පැරකුම් ජයසිංහ අද දින වඩාත්ම පුළුල් සන්ධානය නිර්මාණය වන්නේ ඩලස් සමගයි. ඩලස් + සජිත් + පොහොට්ටුවෙන් කොටසක් + විමල් + උදය + වාසු + චම්පික + සුමන්තිරන්/ ශානක්‍යන් ප්‍රමුඛ TNA + ගජේන්ද්‍රන් ප්‍රමුඛ LTTE + හකීම් + බදුර්දීන් + මනෝ ගනේෂන් + කඳුරට දෙමළ ඇතැම් කොටස් + කාදිනල් + විවිධ ක්‍රිස්තියානි කණ්ඩායම් + සිරස + ගොවිගම නොවන කුල + අරගලය + චීනය රනිල් එක්ක ප්‍රධාන වශයෙන්ම සන්ධානගත වෙන්නෙ රාජපක්ෂලා. ඔවුන්ගේ ආරක්ෂාව සහ නැවත දේශපාලනයට පිවිසීමේ අවස්ථාව ඔවුන් රනිල් දිනවීමෙන් අපේක්ෂා කරනවා. පාර්ලිමේන්තුවෙන් නියෝජනය වෙන්නෙ රටේ පොදු මතයට වඩා වෙනස් රැඩිකල් අදහසක්ය කියලා මං විශ්වාස කරන්නෙ නැහැ. සමාජයේ රනිල් විරෝධය නිර්මාණය වෙන හැටි මං ඊයෙ 1 කමෙන්ටුවේ තියෙන ලිපියෙ ලිව්වා. ඩලස් විරෝධයත් ඉතාම පටු කාරණා මත පදනම් වෙනවා. ඩලස්ගේ පෙනුම, පෞරුෂය, දෙමළ ජාතික සන්ධානයට දුන් පොරොන්දු ආදිය ගැන යන මඩ ප්‍රචාරයන් එවැනි ඒවායි. මේ වන විට මන්ත්‍රීලා සියල්ල ඡන්දය දීමට තීරණය කරලා ඉවරයි. රහස් ඡන්දයක් නිසා හැමෝම කියල තියෙන විදියට වැඩ නොකරන්නටත් ඉඩ තියෙනවා. ලාංකීය සමාජයේ සාමාන්‍ය ස්වභාවය අන

ජනාධිපතිවරණ සටන යනු කුමක්ද?

Image
  July 20, 2022   admin   Politics අජිත් පැරකුම් ජයසිංහ ජනාධිපති ඡන්දෙන් රනිල් දිනුවොත්…. දැන් කරගෙන යන විදියට ඉදිරියට යයි. අරගලකාරයන් ඉස්සරහ ඇඹරෙන්නෙ නැති පාලනයක් තියෙයි. අයිඑම්එෆ් යයි. ණය ප්‍රතිව්‍යුහගත කරගනියි. බටහිර සහාය ලැබෙයි. සිංහල, බෞද්ධ, ගොවිගම, පිරිමි සතුටෙන් ඉඳියි. ඩලස් දිනුවොත්…. ඊට පස්සෙ මොනවද කරන්නෙ කියල ඒගොල්ලො කල්පනා කරයි. අගමැතිකමට සජිතුයි, ජීඑල් පීරිසුයි පොරකයි. අරගලකරුවන්ගෙන් උපදෙස් විමසයි. කුමාර්රයියයි, ඉස්ටාලිම් අයියයි, වසන්ත මල්ලියි කියන විදියට මොකුත් කරගන්න බැරුව ඇටිකෙහෙල් කාපු උගුඩුවො වගේ ටික දවසක් ඉඳියි. අවිනිශ්චිතභාවය නිසා අයිඑම්එෆ් සාකච්ඡා, ණය ප්‍රතිව්‍යුහගත කිරීම් ඇණහිටියි. බංකොළොත් විශේෂඥ නන්දලාල් මටබැහ් කියලා මාරුවෙයි. මල්වත්තේ අස්ගිරියේ ආශිර්වාද ඇතුව රාජපක්ෂ පොහොට්ටුවේ නායකත්වයෙන් දෙමළ, මුස්ලිම්, ක්‍රිස්තියානි වි⁣රෝධී සිංහල බෞද්ධ ගොවිගම පිරිමි රැල්ලක් නැගිටියි. අරගලය ඒකට යටවෙයි. සමහරවිට ගෝටා තමන් අස්වුණේ බියවැද්දීම් නිසාය කියලා තනතුරට නැවත ක්ලේම් කරයි. මේ අස්සෙ මොනව හරි කරන්න හිතෙනකොට මොකුත්ම කරගන්න බැරි තත්වයක් තියෙයි. අනුර දිනුවොත් කියන එක කල්පනා කරන්න

අපි රනිල් එක්ක තරහ ඇයි?

Image
  July 20, 2022   admin   Politics අජිත් පැරකුම් ජයසිංහ මෙතන ඉන්න වැඩිදෙනෙක් රනිල් එක්ක තරහයි. ඇයි ඒ? බොහෝදෙනෙකු හේතුව විදියට දක්වන්නෙ තමන්වත් හරියට නොදන්න, නීතිය ඉදිරියේ පැහැදිලි නොවුණ බටලන්ද හා මහබැංකු බැඳුම්කර වංචාව කියන දේ. හැබැයි, ඇත්ත ඒකමද? හොයල බලන්න. මටත් පුළුවන් ගොඩේ විදියට හිතන්න. මොකද, මාත් ඉන්නෙ අමු ගොඩේනෙ. රනිල්ගෙ ලිංගික දිශානතිය ගැන එක එක කතා තියෙනවා. අපි ඉතින් විෂම ලිංගික මෙව්ව එකනෙ ලොකුම එක කියල හිතන්නෙ. වෙන ලිංගික ප්‍රවණතා පිළිකුල් කිරීමෙනුත් අපට පුළුවන් පොරවල් වෙන්න. අපට බැරි පුළුවන් ඒව මොනව වුණත්, අපි විෂම ලිංගික පිරිමිය කිව්වාම තියෙන ගැම්ම කොහොමද, නේ! රනිල්ගෙ නෝන ලස්සනයි. උගත්. බුද්ධිමත්. සංස්කෘතිකයි. අපට ඉතින් එහෙමම අය නෑනෙ. ලස්සන තිබුණොත් වෙන මොකක්හරි නැහැනෙ. රනිල් කොළඹ. අපි ඉතින් ඩොටේනෙ. රනිල්ගෙ තාත්තයි, අම්මයි ඉහළ සමාජයේ සම්භාවනාවට පාත්‍ර වුණ ප්‍රභූවරු. අපේ ඉතින් අම්මල තාත්තල ගමේ ඉස්කෝලෙ මහත්තුරු, ඉස්කෝලෙ හාමිනේල වගේ අයනෙ. රනිල්ලට පරම්පරාවක්, ලොකු ඥාතියො ඉන්නවා. අපට ඉතින් කවුද ඉන්නෙ? රනිල්ල ප්‍රභූවරු. ඒ නිසා රනිල්ට සමාජයේ ගරු නම්බු ලැබෙනවා. අපට හුළං. රනිල් හොඳට

‘අරගලය’ ගැන ගැඹුරුම විශ්ලේෂණය සිදුකරන ‘කෙටි චිත්‍රපටය’ ගැන විග්‍රහයක්

Image
  July 18, 2022   admin   Politics අජිත් පැරකුම් ජයසිංහ මේ වීඩියෝව හොඳින් බලන්න. මේක මම නම් දකින්නෙ යුදමය වාර්තා චිත්‍රපටයක් විදියටයි. මේකෙදි එක පැත්තක හමුදාව ඉන්නවා. අනෙක් පැත්තෙ ‘අරගලකරුවන්’ සහ ඔවුන්ගේ මාධ්‍ය ඉන්නවා. හමුදාව කොහොමත් සන්නද්ධයි. අරගලකරුවන් ඉන්නෙ කිරිබත්වලින් සන්නද්ධ වෙලා. කිරිබත් කියන්නෙ ලංකාවෙ ආහාරයක් ඉක්මවා ගිය දෙයක්. විශේෂයෙන්ම දේශපාලනික ආධිපත්‍යයේ ප්‍රකාශනයක් ලෙස සිංහල ජනයා 2009දී, 2019දි සහ තවත් අවස්ථාවලදි කිරිබත් ඒ විදියට පාවිච්චි කර තිබෙනවා. මෙතනදිත් කරන්නට උත්සාහ කරන්නෙ ඒක. මෙතනදි උපායමාර්ගය වෙන්නෙ හමුදා සෙබළෙකුට කිරිබත් කවා ඡායාරූපයක් ගැනීම. කැමරාකරුවන් මළ පෙරේතයන් වගේ ඡායාරූපයට රොද බඳින ආකාරය නම් පිළිකුල් සහගතයි. හයක් හතරක් නොදන්නා ළමයකුවත් මෙතනට ඇදගෙන ඇවිත් ඒ ළමයා ලවා හමුදාවට කිරිබත් කවන්නට උත්සාහ කරනවා. මිලිටරි අරමුණක් වෙනුවෙන් ඔවුන් උත්සාහ කරන්නේ ඒ දරුවාව අපයෝජනය කරන්නටයි. සොල්දාදුවන් කිරිබත් නොකන නිසා ඔවුන් ළමයා යොදවා ඔවුන්ට කිරිබත් කවන්නට උත්සාහ කරනවා. ඔවුන්ගේ අරමුණ ඡායාරූපයයි. ඒක ඉෂ්ට වෙන්නෙ නැහැ. ඔවුන් එතන සිටින දුර්වලයකු යයි පෙනෙන සොල්දාදුවකුට කිරිබත්

රනිල් විරෝධී ඝෝෂකයන්ට ප්‍රජාතන්ත්‍රවාදය සදහා වූ ලාංකීය අරගලය වෙනුවෙන් ප්‍රති-පිළිතුරක්

Image
  July 17, 2022   admin   Politics රංජිත් හෙන්නායකආරච්චි ඇතුළු රනිල් විරෝධී ඝෝෂකයන්ට ප්‍රජාතන්ත්‍රවාදය සදහා වූ ලාංකීය අරගලය වෙනුවෙන් ප්‍රති-පිළිතුරක් දර්ශන කාහිංගල ‘රනිල්ගේ බලහත්කාරය සාධාරණ කරන පිරිස්වලට පිළිතුරක්’ මැයෙන් රංජිත් හෙන්නායකආරච්චි විසින් ලියවුණ ලිපියක් ජූලි 16 චදින සුනන්ද දේශප්‍රිය ගේ SriLanka Brief හී පළ කර තිබෙනවා. එයට පිළිතුර ලෙස දර්ශන කාහිංගල විසින් යවන ලද මෙම පිළිතුරු ලිපිය එම වෙබ් අඩවියේ පළකිරීම සුනන්ද දේශප්‍රිය විසින් ප්‍රතික්ෂේප කරන ලදී. ඒ හා සම්බන්ධ දර්ශන කාහිංගල හා සුනන්ද දේශප්‍රිය අතර සංවාදයේ වට්සැප් තිර රූපයක් ද මේ සමග දැක්වේ. ලංකා පොළොවේ ප්‍රජාතන්ත්‍රවාදය සදහා දිගුකල් අරගලයක පරිනත අත්දැකීම්ධාරියකු විසින් මෙවැනි නර්මාලාප සහිත ලිපියක් ඉදිරිපත් කිරීම කණගාටුවට කරුණක්. මුළු ලිපිය ම පදනම්‍ වී ඇත්තේ රනිල් වික්‍රමසිංහගේ පාර්ලිමේන්තු මංත්‍රී ධූරයේ සිට ම අගමැති, වැඩ බලන ජනාධිපති හා 20 දින අනුප්‍රාප්තික ජනාධිපති තෝරාගැනීමේ පාර්ලිමේන්තු නිලවරණයේ දී අපේක්ෂකයකු වීම පවා ව්‍යවස්ථානුකූල නැති බව එක අතකින් කියන ගමන් අනිත් අතින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පළවා හැරීම ‘ව්‍යවස්ථාවට

සිංහයා නන්දිකාඩල් කිරීම

Image
  July 17, 2022   admin   Politics අජිත් පැරකුම් ජයසිංහ මේ ඡායාරූපය ගත්තෙ ජනාධිපති මන්දිරයේ පිහිනුම් තටාකයට බැහැපු තරුණයෙකු ඉන්පසු සිංහ කොඩියෙන් ඇඟ පිහදාන දර්ශනයක් තිබෙන වීඩියෝවකින්. මට සිංහ කොඩිය ගැන විශේෂ ආදරයක් නැහැ. හැබැයි, සිංහ කොඩිය කියන්නෙ සිංහල බෞද්ධ ස්වෝත්තමවාදයේ සංකේතයක්. මාත් ඒකට විරුද්ධයි. හැබැයි, මං සිංහල බෞද්ධ ස්වෝත්තමවාදය මේ විදියට නින්දිත විදියට කිච කරනවාට විරුද්ධයි. මේක මං දෙමළ ජාතිකවාදය සම්බන්ධයෙනුත් හිටපු ස්ථාවරය. 2009දි යුද ජයග්‍රහණය වෙලාවෙ යුද්ධයට වගේම සිංහ කොඩිය උත්කර්ෂයට නගනවාටත් මං විරුද්ධ වුණා. සිංහල බෞද්ධ ස්වෝත්තමවාදය පැරදවිය යුත්තේ වඩා දියුණු දේශපාලන දර්ශනයකින් හා උපායමාර්ගවලින්. දෙමළ ජාතිකවාදය වුණත් එහෙමයි. ඒ නිසායි, එල්ටීටීඊ එක නන්දිකාඩල් ඇරියට ප්‍රශ්නෙ අවසන් නොවුණෙ. තවමත් තියෙන්නෙ බෙදුණු දේශපාලන ප්‍රජාවම තමයි. ඒකෙ ප්‍රකාශනය තමයි උතුරු නැගෙනහිර මිනිසුන් ‘අරගලයට’ සහාාය නොදීම. උන් හිනාවෙවී බලන් ඉන්නෙ මොකක්ද කියල තේරුම් ගන්න එක වැදගත්. එතනින් දෙන පණිවුඩේ මේකයි. උඹලා අපට කරපු දේම තමයි දැන් උඹලට උඹලා විසින්ම කරගන්නෙ. මේ අරගලයෙ ප්‍රධාන බලවේග නම් වශයෙන් කියවලා බලන

ජයග්රහණය ගැන කෙටියෙන්

Image
  July 15, 2022   admin   Politics අජිත් පැරකුම් ජයසිංහ ජයග්‍රහණය සෙලවෙන මනස විතරයි. හැබැයි, රාජපක්ෂ ක්‍රමයේ වෙනසක් සඳහා අපි දිගටම වැඩකරනවා. ඒක ධනේශ්වර විප්ලවයක්. ඒ සඳහා අපි ගෝඨා-රනිල් ආණ්ඩුවටත් උදව් කළා. ඒක හොඳ බල තුලනයක්. ඒත් ගෝඨා කියන්නෙ තීරණ ගන්න බැරි සොකඩයෙක්. ඒ නිසා පන්නපු එක හොඳයි. හැබැයි පැන්නීමට පාවිච්චි කරපු බලවේග මූලික වශයෙන් රාජපක්ෂ ක්‍රමය දූෂණ විරෝධී පැලැස්තර දමා රැකගන්නට උත්සාහ කරන බලවේගයක්. ඒක ශක්තිමත් වීම අවදානමක්. ඒ වගේම, සිංහල බෞද්ධ විරෝධී බලවේග මෙහි පෙරමුණ ගැනීම ඊළඟ වටයේදී තද ජාතිවාදයකට හේතු වෙනවා. ලංකාව ජාත්‍යන්තර බල දේශපාලනයට තීරණාත්මක ලෙස ඇතුළුවෙලා තියෙන බව තේරුම්ගැනීම වැදගත් වේවි. තවත් යුක්රේනයක් නොවෙන්නට නම්, ලංකාවේ ක්‍රියාත්මක චීන ලයින්වලින් පරිස්සම් වෙන්න වෙනවා. ඒ වගේම, තෝරාගන්නා නායකයා සියලු ජාත්‍යන්තර බලවේග තුලනය කරගන්නට සමත් පරිණත නායකයකු විය යුතුයි. ගෝඨාභයලා වගේ ආධුනිකයන් පුහුණු කිරීමට මේක වෙලාවක් නෙමෙයි. ලංකාව තියෙන්නෙ සිවිල් යුද්ධයක මුවවිටය කියන එකත් තේරුම් ගන්න. හමුදා වැඩට බැහැලායි තියෙන්නෙ. ලංකාවේ මෙතෙක් බිහිවූ ප්‍රජාතන්ත්‍රවාදීම පාලකයා තමයි ඔබ ඔය අන්ත

ජනාධිපති ඉල්ලා අස්වුණා. ඊළඟට වෙන්නෙ මොකක්ද?

Image
July 14, 2022   admin   Politics අජිත් පැරකුම් ජයසිං ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 40 වගන්තිය අනුව පුරප්පාඩුව ඇතිවූ දිනය සහ අලුතින් පත්වූ ජනාධිපතිවරයා ධුරය භාරගන්නා දිනය අතර කාලපරිච්ඡේදය තුළදී අගමැතිවරයා ජනාධිපති ධුරයේ වැඩ ආවරණය කරනවා. ඒ අනුව, රනිල් වික්‍රමසිංහ හෙට දිනයේදී වැඩබලන ජනාධිපති ලෙස දිවුරුම් දෙන්නට නියමිතයි. වැඩබලන ජනාධිපතිවරයා විසින් අගමැති ධුරය සඳහා කැබිනට් ඇමතිවරයකු පත්කරගන්නවා. මුලින් වෙන්නෙ මේක. ඉල්ලා අස්වීම සිදුවී දින 30ක් ඇතුළත පාර්ලිමේන්තුව විසින් අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු තෝරා පත්කරගන්නවා. ඒ සඳහා ජනාධිපතිවරණයකට තරග කිරීම සඳහා අදාළ වන වයස ආදී සුදුසුකම් සහිත ඕනෑම මන්ත්‍රීවරයකුට තරග කළ හැකියි. රනිල්, සජිත්, ඩලස්, අනුර වැනි අය මේ සඳහා සුදුසුකම් සපුරා තිබෙනවා. මහින්ද රාජපක්ෂට බැහැ. ඔහු කලින් දෙවරක් ජනාධිපති ධුරය දරා තිබෙන නිසා නුසුදුස්සකු වෙනවා. පාර්ලිමේන්තුවේ ජනාධිපති මැතිවරණය පැවැත්වෙන්නේ රහස් ඡන්දයෙන්. අපේක්ෂකයන් අතරින් වැඩිම ඡන්ද ප්‍රමාණය ලබාගන්නා මන්ත්‍රීවරයා ජනාධිපති ධුරයට පත්වෙනවා. ඒ ජනාධිපතිවරයාට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ධුර කාලයේ ඉතිරිය වන අවුරුදු අවුරුදු දෙකහමාර

අරගලය මගේ හඬ නියෝජනය කරන්නේ නැත

Image
  July 14, 2022   admin   Politics අජිත් පැරකුම් ජයසිංහ මේ රටේ බහුතර ජනතාවට අවශ්‍ය පවත්නා අර්බුදයට විසඳුමකි. ඉන් අනතුරුව අර්බුදයෙන් ගොඩඒම සඳහා විසඳුම් ක්‍රියාමාර්ග ගැනීමයි. අවසාන වශයෙන් අපට අවශ්‍ය වන්නේ තිරසර සංවර්ධනයකි. පවත්නා අර්බුදයට වැරදිකරුවන් හට දඬුවම් කිරීම වුව සිදුවිය යුත්තේ සාධාරණ, අපක්ෂපාතී විමර්ශනයකින් පසුව ය. අප පිළිගන්නා ප්‍රජාතන්ත්‍රවාදය එයයි. එය කරන තෙක් මේ අර්බුදයේම පැසව පැසවා සිටිය යුතු නැත. විසඳුම ව්‍යවස්ථානුකූල විය යුතුද, නැද්ද, කොයි තරම් ව්‍යවස්ථානුකූල විය යුතුද යන්න ගැන සංවාදයක් තිබේ. මෙතැනදී මම නම් ඉතා පැහැදිලිව ව්‍යවස්ථාව සමග එකඟ වෙමි. එයට හේතුව, ව්‍යවස්ථාව වඩා නිරවුල් දෙයක් වීම හා ව්‍යවස්ථාවට අමතර දේ වන ජනබලය වැනි කාරණා අපැහැදිලි සංකල්ප වීමයි. මා ගෞරව කරන හා විශ්වාස කරන කිසිදු නායකයෙකු මේ රටේ නැත. නායකයන් කියන අයට වඩා මම දියුණු පුරවැසියෙක්මි. මට ඒ නිසා ලැබෙන නායකයා සමග ජීවිතය හැඩගස්වාගැනීමේ ගැටලුවක් නැත. මොන නායකයා ආවත්, මේ මොහොතේ කරන්නට තිබෙන්නේ ඉතා සීමිත කාර්යයන් ටිකක් නිසා මම ගෝඨාභය රාජපක්ෂ හෝ රනිල් වික්‍රමසිංහ හෝ වෙනත් ඕනෑම නීත්‍යානුකූලව පත්වූ ජනාධිපතිවරයකු