Posts

Showing posts from June, 2012

වෙබ් අඩවි දෙකක කාරියාල සීල් තබා නවදෙනෙක් සිර කිරීමේ සුළු සිද්ධියක්

Image
අදාළ වෙබ් අඩවියක පළ වූ ඡායාරූපයක් ශ්‍රී ලංකා මිරර් හා ශ්‍රී ලංකා එක්ස් නිව්ස් නම් ත්‍රිභාෂා වෙබ් අඩවි දෙක පවත්වාගෙන ගිය කාර්යාල වටලා ඒවා සීල් තබා ජනමාධ්‍යකරුවන් ඇතුළු නවදෙනෙක් අත්අඩංගුවට ගැනීමේ සුළු සිද්ධියක් ඊයේ සිදු වී තිබේ. මෙය සුළු සිද්ධියක් යයි අප කියන්නේ ලංකාවේ හෝ ජාත්‍යන්තර ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය හෝ මෙය එතරම් වැදගත්කමක් දී වාර්තා කර නැති නිසා ය. ඒ විශේෂ වාරණයක් නිසා යයි සිතිය නො හැක. වාරණය තමන් විසින් ම කර ගන්නට මේ මාධ්‍ය දනිති.  අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරමින් රට අපකීර්තියට පත් කරමින් පවත්වාගෙන ගිය මෙම වෙබ් අඩවි දෙක අධිකරණ නියෝගයකට අනුව තහනම් කොට කාර්යාලය සීල් තැබූ බව ද අන්තර්ජාල ප්‍රවෘත්ති සේවාවන් ලියාපදිංචි කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරනු ලැබූවත් මෙම වෙබ් අඩවි දෙක එම තීරණයන්ට ගරු නොකරමින් පවත්වාගෙන ගොස්‌ ඇතැයි ද  ජාතික ආරක්‍ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්‌ථානයේ අධ්‍යක්‍ෂ ජනරාල් ලක්‍ෂ්මන් හුළුගල්ල පවසයි. මේ නීති සියයට සියයක් ම අපැහැදිලි ය. එහෙත්, එකක් පැහැදිලි ය. ඒ 'නඩුත් හාමුදුරුවන්ගේ - බඩුත්  හාමුදුරුවන්ගේ' යන ප්‍රස්ථාව පිරුළයි.  මෙම වෙබ් අඩවි දෙක ම එක්ස

මුට්ටිය බිඳින්න ජනතාවට ශක්තිය තිබේද?

උතුරුමැද, සබරගමු හා නැගෙනහිර පළාත් සභා මැතිවරණ ආණ්ඩුමේ මුට්ටිය දමා බැලීමක් බව පැහැදිලි ය.  අතිශය පීඩනයට පත් වී සිටින ජනතාව මුට්ටියට කෙළියොත් ආණ්ඩුව ගේ බිඳීම නවත්වා පළා යනු ඇත.  එහෙත් ප්‍රශ්නය ජනතාවට මුට්ටිය බිඳින්නට ශක්තිය තිබේ ද යන්නයි. බොහෝ විට වෙන්නට ඉඩ තිබෙන්නේ මුට්ටිය දැක දැකත් නිදා ගත්තා සේ සිටීමයි. හොරු තව වතාවක් ප්‍රජාතන්ත්‍රවාදය නම් ගේ බිඳින විටත් ඔවුන් නිදි සේ ම සිටිනු ඇත.  මෙතැන ඇති ප්‍රශ්නය මුට්ටියට පොලු පාර දෙන්නට එඩිතරකම හා ශක්තිය ගොනු කර ගන්නට ජනතාවට උපකාරී විය හැකි විපක්ෂ දේශපාලන බලවේගයක් නොමැති වීමයි.  මුට්ටිය බිඳින්නැයි කියන පුද්ගලයන් සේ ම ගේ බිඳිමට ලක් වන තමන් ද හොරුන් බව ජනතාව දන්නා නිසා බලයේ සිටින සොරුන්ට විශේෂ විරුද්ධකමක් කිරීමට ඔවුන්ට උවමනාවක් නැත.  මේ ඡන්දයේදීත් ජය මහින්දට ම වීම සාමාන්‍ය සංසිද්ධියකි.  මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

නිර්මාල් රංජිත් දේවසිරි සම්බන්ධයෙන් ආණ්ඩුවේ උපාය මාර්ගය කුමක්ද?

Image
ආරක්ෂක අමාත්‍යංශයේ යයි කියා ගත් පිරිසක් ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිගේ නිවසට පැමිණ ඔහු සහ ඔහුගේ පවුලේ අයගේ සිත් තුළ බිය ඇති වන ආකාරයෙන් කටයුතු කර තිබේ.  නිරිමාල් රංජිත් දේවසිරි යනු එක්ස් කණ්ඩායමෙ හිටපු දෙවෙනියා ය. (පළමුවෙනියා දීප්ති කුමාර ගුනරත්න නම්)  2004 අග භාගයේදී එක්ස් කණ්ඩායම මේ දෙදෙනාගේ නායකත්වයෙන් කැඩී ගියේ ය. ඒ සමග ම ඒ දේශපාලන ව්‍යාපෘතිය දිය වී ගිය බව අද වන විට පැමිණිය හැකි නිගමනයයි. විශේෂයෙන් ම නිර්මාල් නායකත්වය දුන් පාර්ශ්වය සංවිධානමය වශයෙන් ස්වයංව දිය වී යාම තෝරා ගත් බව පෙනේ.  රැස් වළලු සහිත නායකත්වයක් වටා ඒකරාශී වූ සටන්කාර අනුගාමිකයන් පිරිසක් වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාධරයන්ගේ නිදහස් අවකාශයක් නිර්මානය කරන්නට නිර්මාල් පාර්ශ්වය දැරූ තැත පැරණි එක්ස්වරුන්ට ම දරා ගත නො හැකි විය. ප්‍රමාණයෙන් කුඩා රැස් වළලු වටා යළි ඔවුහු ගොනු වෙමින් සිටියහ. නිර්මාල්ට ද රැස් වළල්ලක් තිබිණි. එහෙත්, මෑත කාලීන වාම අන්තවාදීන් බොහෝ දෙනෙකුට පරමාදර්ශය වූ වේලුපිල්ලේ ප්‍රභාකරන් නිර්මාල්‍ට නම් පරමාදර්හයක් නොවූ බව ඔහු සමග ඇසුරින් ලේඛකයාට අවබෝධ විය.  දීප්තිගේ පාර්ශ්වයට ද කැමැත්තෙන් හෝ අකැමැත්

ජාතියේ පළමු මස්සිනාට පුතාලා දුන් තෑගි

Image
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපති නිශාන්ත වික්‍රමසිංහගේ ගල්කිස්සේ පිහිටි ගෙය සොරු බින්දෝ ය.  නිශාන්ත වික්‍රමසිංහ කියන්නේ රටේ පළමු කාන්තාව වන ශිරන්ති වික්‍රමසිංහ නෝනාගේ සහෝදරයා ය. ඒ කියන්නේ ඔහු ජාතියේ පළමු මස්සිනා ය.  හොරු ගේම දුන්නේ මරු තැනකට ය. ඔවුහු එක්සත් ජනපද ඩොලර් 11,500ක්, ස්ටර්ලිං පවුම් 10,500ක් හා රු. මිලියන හතරක් වටිනා දියමන්ති එබ්බවූ රොලෙක්ස් රන් ඔර්ලෝසුවක් රැගෙන ගිය හ.  මෙච්චර විදේශ විනිමය හා ඔර්ලෝසුව කොහෙන්ද කියා සහ ඒවා නීතිමය ආකාරයෙන් ගිනුම්ගත නො කර ලිබ්බොක්කේ වළලා තිබුණේ ඇයිදැයි විපක්ෂයේ හොරු ඇසූ හ.  උන්ගේ ආච්චිලාගේ ඉහටිය ය.  සල්ලි හා ඔර්ලෝසුව කොහෙන්දැයි දැන් ජාතියේ පළමු මස්සිනා පැහැදිලි කර දී ඇත. මේ වනාහි ඔවුන්ගේ ඕස්ට්‍රේලියාවේ සිටින පුතාලා අලුත් අවුරුද්දට හා උපන් දිනයට දුන් තෑගි ය. දුන්නේ අවුරුද්දට නිසා තාම දින 90 පැන නැත. ඒ නිසා ලිබ්බොක්කේ තබා ගන්නට පුළුවන.  ලංකාවේ මහජනතාව වන බහුතරයක් සිඟන්නන්ට මේවා තේරෙන්නේ නැත. අනුන්ට ඉරිසියා නො කර, තමන්‍‍ගේ දරුවන්ව ද මහන්සි වී ලෝකෙන් උතුම් රටින් ජය භූමියට යවනවා නම් මෙවැනි තෑගි ලබා ගැනීමට කාට කාටත් බැරි නැත.  තාත්තලාට සර

බලු ප්‍රශ්නයට විසඳුම් පිණිස බලු යෝජනාවක්

Image
බල්ලා මිනිසාගේ සුහද ම මිතුරා ය. බල්ලා මිනිසා නිසා සිය වනචාරී ජීවිතය නැති කර ගත්තේ ය. අද බල්ලා මිනිසාගෙන් යැපෙන්නෙකි.  වල් බල්ලෝ ගෙවන්නේ දුක්ඛිත ජීවිත ය. පාරේ නිදා ගත්ත බල්ලා වගේ යයි උපමාවක් පෞද්ගලික බස්වල අකුළන සීට්වල හිඳ ගන්නා මගීන් සම්බන්ධයෙන් යෙදේ.  දඩාව‍තේ යන බල්ලෝ කුණු තුවාල හා කුෂ්ට නිසා අපරිමිත‍ වේදනා විඳිති. ඔවුන් ඇත්තෙන් ම අවලස්සන දර්ශනයකි.  ඒ මදිවාට ඔවුහු තැන තැන මළ පහ කරති. කෑම හා වෙනත් කුණු ගෙනැවිත් දමති.  මෝටර් බයිසිකල්වලින් යන මිනිස්සු බල්ලන් නිසා බොහෝ අනතුරුවලට ලක් වෙති. මෙම ලේඛකයා ද වරක් බල්ලකු නිසා බයිසිකලයෙන් වැටී සෑහෙන දුකක් වින්දේ ය.  බල්ලෝ ජල භීතිකාව බෝ කරති. මාස කීපයකට ඉහතදී නාලන්දා විද්‍යාලයේ සුරතල් කුඩා සිසුවෙක් ජලභීතිකාවෙන් මිය ගියේ ය. ජල භීතිකාවෙන් බේරීමට බල්ලන් විසින් සපා කන ලද මිනිසුන්ට එන්නත් දීම සඳහා විශාල වශයෙන් මහජන මුදල් වැය වේ.  මේ පිංතූරවල සිටින නෝනලා හා මහත්තුරු බල්ලන්ගේ හා අපේ බලු ජීවිත දන්නේ මොනවාද?  පටු මංවල උස තාප්පවලින් වට කරන ලද පර්චස් දහයේ ලෝකවල ජීවත් වන නෝනලා උදේට කුරු බිලිය ඇර බලු මහත්තයලා කක්කා දමන්නට පාරට යවනවා ලේඛකයා දැක ඇ

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ අරමුදල් වංචාව; අප ඔවුන් ආරක්ෂා කළ යුතු ද?

Image
ලෝකයේ ඔබට වන්නට අවශ්‍ය වෙනස ඔබ ම විය යුතු බව මහත්මා ගාන්ධි පැවසී ය.  You must be the change you want to see in the world. - Mahatma Gandhi  මෙය සමාජ වෙනස්කම් වෙනුවෙන් සටන් කරන මිනිසුන්ගේ මූලික ම ප්‍රතිපත්තියක් විය යුතු ය.  මේ දිනවල නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කුප්‍රකට අරමුදල් වංචාව යළි කරළියට පැමිණ තිබේ.  ලංකාවේ දූෂණයට එරෙහිව, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් හා වෙනත් සාධනීය සමාජ පරමාර්ථ වෙනුවෙන් සටන් කරන බව කියන රාජ්‍ය නොවන සංවිධාන හා දේශපාලන කණ්ඩායම්වල (මේවා ද අඩු වැඩි වශයෙන් රාජ්‍ය නොවන සංවිධාන ය) මූලික ම ලක්ෂණයක් වන්නේ තමන් පෙනී සිටින බව කියන පරමාදර්ශ කිසි සේත් ම තම සංවිධාන ක්‍රියාකාරිත්වය තුළ දක්නට නො ලැබීමයි.  ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින බව කියන සංවිධානවල නායකයෝ දරුණු ඒකාධිපතියෝ ය. . ප්‍රකාශනයේ නිදහස වෙනුවෙන් පෙනී සි‍ටින බව කියන සංවිධානවල නායකයෝ සිය බල අවකාශය තුළදී තමන් අකැමැති අදහස් දරුණු අන්දමින් වාරණය කරන්නෝ වූහ.  දූෂණයට එරෙහිව පෙනී සිටින බව කියන සංවිධානවල නායකයෝ මහජන අරමුදල් ගසා කන්නෝ ය.  ලංකාවේ සමාජ පඑිහාණියේ ප්‍රධාන වගඋත්තරකාර පාර්ශ්වයක් වන්නේ රාජ්‍ය නොව

වැඩි පඩි ඉල්ලා උද්ඝෝෂණය කරන රජයේ සේවකයන්ට ආදර්ශයක්

Image
රජයේ සේවකයෝ වැඩි පඩි ඉල්ලා උද්ඝෝෂණය කරති.  රජයේ සේවකයන්ට ජීවත් වීමට තරම් වැටුපක් නැති බවට ඔවුහු කෙඳරිගාති.  මේවා පිළිගත නො හැකි කරුණු ය.  තමන්ගේ වැටුප අරපිරිමැස්මෙන් පරිහරණය කළහොත් ලබන ආත්මයත් මේ ලෝකෙන් උතුම් රටේ ම ඉපදී සැප විඳීමට හේතු වාසනා වන අන්දමේ පින්කම් කර ගත හැකි ය.  රජයේ සේවකයන් ආදර්ශයට ගත යුත්තේ අපේ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්තුමා ය. නැති බැරිකම් කියමින් නො සිට එතුමා සිය 63වන උපන් දිනය සැමරුවේ මහා දානමය පිංකමකිනි.  එය ද සුළුපටු දානයක් නො වේ. කෝට්ටේ ඊයම්පෝරුවේ රජ මහා විහාරයේ භික්ෂූන්ට පිරිනමන ලද දෙමහල් සංඝාවාසයකි. ඒ 101 නමක් විෂයෙහි දුන් සංඝගත දක්ෂිණාවට, 1000කට බෙදා දුන් වියළි ආහාර මුල්වලට, 1000ක් ඇස් කන්නාඩිවලට, 200ක් ස්පර්ශක කාචවලට හා 20ක් රෝද පුටුවලට අමතරව ය.  හිත ඇත්නම් පත කුඩා ද?  මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

අම්මලා දරුවන් මරන්නේ ඇයි?

Image
ඡායාරූපයේ සිටින්නේ ග්‍රීස් යකකු යයි හංවඩු ගසා පසුගිය සමයේ ජනතාව විසින් පහර දී මරා  දමන ලද දුප්පතකුගේ බිරිඳ හා දරුවෝ ය. ලංකාවේ මෑත වකවානුවේදී මව්වරුන් විසින් දරුවන් මරා දැමීම් රැසක් වාර්තා විය. අද පුවත්පත්වල වාර්තා වන එක සිද්ධියක මව සිය අලුත උපන් දරුවා පණ පිටින් වළ දමා ඇත. අනෙක් සිද්ධියේ මව අලුත උපන් දරුවා අල්මාරි ලාච්චුවක දමා මරා දමා ඇත. මෙම අපරාධකාරී කාන්තාවන් බහුතරය අතිශය දිළිඳු කාන්තාවෝ වෙති.  ලංකාවේ මෙවැනි සිද්ධි සුලබ වන්නේ ඇයි?  එක් හේතුවක් නම් දැඩි ආර්ථික පීඩනයයි. ආණ්ඩුව ගිය සතියේ සිට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසකට අලුත් ආනයන බදු පනවා තිබේ. වැඩි වන ජීවන වියදමට එරෙහිව ජනතා උද්ඝෝෂණ මතු වන්නේ නැත. එහෙයින් ජනතාව ආර්ථික දුෂ්කරතාවලට ඉක්මණින් හැඩ ගැසෙන බවක් ආණ්ඩුව සිතනවා ඇත.  ප්‍රජාතන්ත්‍රවාදී මහජන උද්ඝෝෂණ ඇති වන්නේ දියුණු සමාජයන් තුළ ය. අද වන විට ලංකාව සමාජමය වශයෙන් පිරිහී ඇති මට්ටම අනුව සිදු වන්නේ ජනතාව සිය අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නැඟීම නොව, ම්ලේච්ඡ හා ස්වයං නාශක අන්දමින් ප්‍රතිචාර දැක්වීමයි.  මව්වරුන් දරුවන් මරා දැමීම යුරෝපය, ඇමරිකාව වැනි රටවල වහල් ජනතාව අතර දක්නට ලැබුණු

චේ ගුවේරාට නෝන්ඩි කරන්න විමල් වීරවංශට පුළුවන් ද?

Image
චේ ගුවේරා යනු කියුබානු ජාතික සමාජවාදය අතික්‍රමණය කළ ජාත්‍යන්තරවාදියෙකි. ආජන්ටිනානුවකු වූ ඔහු කියුබාව වෙනුවෙන් සටන් කළේ ලෝක විප්ලවයේ වගකීමක් ලෙසයි. කියුබානු සමාජවාදී ආණ්ඩුවේ ඇමතිකමකින් ඔහුගේ විප්ලවවාදී ජීවගුණය සුරතාන්තයට පත් වූයේ නැත. ඔහු බොලීවියාවේදී මිය ගියේ කියුබානු ජාතික සමාජවාදයට වඩා පුළුල් ජීවන පරමාදර්ශ ඉතිරි කරමිනි.  ඔහුගේ චරිතයේ ප්‍රධාන ම ලක්ෂණය වන්නේ විප්ලවීය හෘදය සාක්ෂියයි. මානුෂවාදී සමාජවාදයක් උදෙසා හා ඒ වෙනුවෙන් සටන් කර දිවි දුන් සගයන් වෙනුවෙන් වූ හෘදය සාක්ෂිය ඔහු කිසි දිනෙක අත් හළේ නැත. ලොව පුරා රැවුල් වවා ගත් රතු කමිස අඳින එහෙත් නින්දිතකමින් පිරුණු හදවත් ඇති බොරු සමාජවාදීන්ට චේගේ අසූචිවලටවත් සමාන වන්නට බැරි ඒ නිසා ය. චේ ලෝක උරුමයකි. ඔහුගේ ජීව විද්‍යාත්මක බිරිඳ හෝ දරුවෝ චේගේ එක් භෞතික සංකේතයක් පමණි. විප්ලවීය හෘදය සාක්ෂිය රැක ගැනීමට සටන් කරන ලොව පුරා සිටින මිනිස්සු චේ සංකේතවත් කරන සජීවී නිදර්ශන වෙති.  එවැනි මිනිසුන්ට මරණය හා වේදනාව උරුම කර දෙන ඒකාධිපතියෝ හා ඔවුන්ගේ බත්බැළයන් බවට පත් වූ අතීත සමාජවාදියෝ චේගේ බිරිය හා දරුවන් හමු වීමට ගොස් එය මහ ඉහළින් ප්‍රචාරය කිරීම ඉති

දේශපාලන කටුවනක් වූ ලංකාව

"අහවලා කළා කියලා රජයට විරුද්ධව ඔය චෝදනාව කරන්න පුළුවන්. ඒත් ඒ ගැන හරි හැටි ඔප්පු කර පෙන්විය යුතුයි. පොලිස්‌ පරීක්‍ෂණවලටත් එය පහසුවක්‌. ඒත් බොරුවට චෝදනා කරලා පලක්‌ නැහැ." කටුවන ජවිපෙ සාමාජිකයන් ඝාතනය ගැන මෙසේ කියන්නේ ජනමාධ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ලයි. ඒ කියන්නේ දැන් යම් සිද්ධියක් පිළිබඳ ආණ්ඩුවේ පුද්ගලයකුට විරුද්ධව පැමිණිලි කරනවා නම් එය කළ යුත්තේ චෝදනාව ඔප්පු කරලා ය. චෝදනා ඔප්පු කරන්නේ අධිකරණයේ ය. මිනීමැරුමක් නම් ඒ පිළිබඳ පැමිණිල්ල මෙහෙයවන්නේ මිය ගිය පුද්ගලයා නොව පොලිසියයි. පොලිසිය එසේ කළ යුත්තේ මහජනතාව පොලිසිය නඩත්තු කරන්නේ ඒ වෙනුවෙන් වන බැවිනි. ලංකාවේ අපරාධ රැල්ල දැන් දේශපාලන මෙහෙයුමෙන් මිදී පාලනය කළ නො හැකි තත්වයට පත්ව ඇති බව පෙනේ.  පසුගිය දිනෙක පළාත් සභා මන්ත්‍රීවරයකු කප්පම් ගැනීම සඳහා පැහැර ගෙන යමින් සිටියදී ඇමති ජීවන් කුමාරතුංග ඔහු බේරා ගත්තේ ජනාධිපතිට හැ ආරක්ෂක ලේකම්ට කතා කරලා ය. සැකකරුවන් අත් අඩංගුවට ගත්තේ නැත.  කටුගෙය බිඳ පුරා වස්තු සොරකම් කර දැන් මාස ගණනකි. සැකකරුවන් අත් අඩංගුවට ගත්තේ නැත.  තවත් මෙවැනි සිදිධි බොහෝ ය. මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක

ඩයලොග්, එයාටෙල් කොම්පැනි සොරකමේ යන හැටි | How Dialog and Airtel companies swindle money

‍ අහම්බෙන් ක්ලික් වූ අන්තර්ජාල දැන්වීමක් ඔස්සේ මෙම සබඳතා පුරුකෙහි දැක්වෙන පිටුව වෙත යොමු වීමි. එය ඔස්සේ යාමට පෙර ආපසු එන්න. අහු වෙන්න එපා. ඉන් පසු එහි වූ අති සරළ බුද්ධි පරීක්ෂණ ප්‍රශ්න තුනකට හෝ හතරකට පිළිතුරු දුනිමි. මෙවැනි පණිවුඩයක් දිස් විය. Congratulations You have completed the quiz. To find out the result of your IQ test, Please enter your mobile number now! ජංගම දුරකථන අංකය ඉල්ලුවේ බුද්ධි පරීක්ෂණයේ ප්‍රතිඵල දෙන්න කියා ය. එබැවින් නිකමට මෙන් ජංගම දුරකථන අංකය එකතු කළෙමි. කෙටි පණිවුඩයක් ලැබිණි. එහි වූයේ පින් අංකයකි. එය ඇතුළත් කළෙමි. මාත් නො දැන මොකක්දෝ මගුලකට මා දායක වෙලා ය. රු. 30කුත් බදුත් කපාගෙන ය. එහෙම මුදල් ගෙවීමක් කරන්නට කිසිදු උවමනාවක් මා හට නො තිබිණි. එසේ මගේ ජංගම දුරකථනයෙන් මුදල් කපා ගන්නට ඒ වෙබ් අඩවිකරුවාට ඇති අයිතිය කුමක් ද? එසේ ම, මා ඩයලොග් කොම්පැනියට ගෙවූ මුදල් මෙසේ අවසරයකින් තොරව එක එකාට බැර කරන්නට ඩයලොග් කොම්පැනියට ඇති අයිතිය කුමක් ද? ඒ වෙබ් අඩවියට ගොස් බැලුවෙමි. එය මෙසේ ය මෙය භෞතික ලිපිනයක් නැති හොර කොම්පැනියක් ඩයලොග් හා එයාටෙල් සමාගම් සමග

එන්න, අපි දෙමළයින්ට බනිමු

Image
බෙනින් - කැනඩාවට යතුරක් කැනඩාවට පනින්නට ගොස් බටහිර අප්‍රිකාවේ යතුරක් වැනි කුඩා රටක් වූ බෙනින් රාජ්‍යයේ අතරමං වී සිටි ලාංකිකයන් 148ක් ඊයේ ආපසු ලංකාවට පැමිණිය හ.  එරටින් පිටුවහල් කරන ලද මොවුන් අතරින් ඇතැමෙක් වසර ගණනක් එහි සිට ඇති බව වාර්තා වේ.  ඔවුන් බෙනින් වෙත ගොස් ඇත්තේ එතැනින් කැනඩාවට යාමේ අරමුණෙනි. විස්තර මෙතැන   ආපසු පැමිණීමෙන් අනතුරුව ද ඔවුහු සිය උත්සාහය අතහැර නො දමනු ඇත.  ලංකාවේ බොහෝ දෙනෙකුගේ ජීවිත අරමුණ බටහිර රටක ස්ථිර පදිංචිය ලබා ගැනීමයි. ලංකාවේ සිටින අග්‍ර දේශප්‍රේමීන් වන පාලක පවුලේ අය හා සරත් ෆොන්සේකා පවා රාජ්‍ය බලය ලබා ගැනීමට පෙර මේ අරමුණ ඉටු කරගෙන කුල්මත් වූ අයයි.  රටට මාරෙට ආදරේ බව කියන මේ මිනිස්සු මෙසේ රටින් පිට වී යාම ජීවිත අරමුණ කර ගන්නේ ඇයි? W3Lanka දෙමළයින්ට බනිනවා මදි බව අපේ වීර සිංහලයෝ නිතර කියති. වැඩේ මේක ය.  W3Lanka කොයි තරම් දෙමළයින්ට බැන්නත්, ඔවුහු සිංහල නො කියවන නිසා වැඩක් නැත. එහෙත්,  W3Lanka දැන් ලංකාවේ දෙමළයින්ට බනින්නට යයි. ඒ වීර සිංහලයින්ගේ ඉල්ලීම මත නම් නොවේ.  ඊලාම් දේශයක් වෙනුවෙන් දිවි හිමියෙන් සටන් කරන බව ශපථ කර ඇති දෙමළයින්ගෙන් වැඩි දෙ

ඩැඩී, පප්පා, තාත්ති, අප්පච්චි හා අපුච්චා

Image
"මගේ සහෝදරයන් සිවු දෙනා විජයරත්න බණ්ඩා, සෙනෙවිරත්න බණ්ඩා, කරුණාරත්න බණ්ඩා සහ අභයරත්න බණ්ඩා ලෙසින් නම් ලැබුවා. මගේ අම්මගෙ මවුපියො හිටියෙත් අපේ ගමේමයි. මං අපේ අම්මගෙ තාත්තට කිව්වේ කිරි අත්තා කියලා. අම්මගෙ අම්මා කිරි අම්මා වුණා. අපේ ගෙදර පරණ ගෙදර වුණා වගේ මේ ගේ ‘අලුත් ගෙදර’ වුණා. මං පුංචි කාලෙදි මේ ගෙවල් දෙකේ ම ජීවත් වුණා. ඒ කාලෙ අපේ අම්මා එයාගෙ පියාට කිව්වේ ‘අපුච්චා’ කියලා. ඒත් මං මගෙ පියා ආමන්ත්‍රණය කළේ ‘අප්පච්චි’ කියලයි. මට තේරෙන අවදිය වෙනකොට මං මේ දෙකේ වෙනස මොකක්ද කියලා සොයා බැලුවා. අපේ ගම අයිති වුණේ හතර කෝරළයට. ඒත් අපේ අප්පච්චි උඩුනුවරට අයිති කෙනෙක්. මේ නිසා පියාට කරන ආමන්ත්‍රණවල වෙනසක් ඇති බව මං වටහා ගත්තා. මේ හැම සියලු දෙයක් ම භාෂාව ගැන හොයන්න මට ඉඟියක් ලබා දුන්නා.”  දිනමිණ පුවත්පතට මෙසේ කියන්නේ මහාචාර්ය ජේ. බී. දිසානායකයි.  අප මෙය උපුටා දැක්වූයේ මෑතක සිට ලංකාවේ විලාසිතාව වී ඇති තාත්තාට අප්පච්චි යයි ඇමතීම පිළිබඳ සාකච්ඡා කරන්නටයි. කාලෙන කාලෙට තාත්තලා ඩැඩීලා, පප්පලා, තාත්තිලා වී දැන් ස්ටයිල් එක අප්පච්චි ය.  මේ අප්පච්චි ස්ටයිල් එක දැන් නැගලා යන පුහු සිංහල ජාතිවාදී ප්‍රවණත

ඇති හැකි අයට සුර සැප දෙන, නැති බැරි අයට සුරතාන්තයවත් නො දෙන සුර

Image
ඉන්දියාවේ පැවැත්වෙන  'ජලක් ඩිලාක් ජා'  නැටුම් සංදර්ශනය සඳහා සහභාගි වීමට ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී අකලංක ගනේගමගෙන් නැටුම් පුහුණු වෙමින් වෙමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී හා ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරියගේ ශරීරයේ අතනින් මෙතනින් ගලවන ලද රත්තරං සුර අටක් එර්දි වීම නිසා ජයසූරිය කම්පනය වී ඇති බව වාර්තා වේ.  එසේ නම්, ජයසූරිය ක්‍රිකට් ගසා ඇත්තේ, මුදල් උපයා ඇත්තේ, ඡන්ද දිනා ඇත්තේ තවත් දේ කර ඇත්තේ මේ සුර නිසා ය. දක්ෂතාව නිසා නො වේ.  මේ සුර අට ශරීරයේ තැන තැන එල්ලාගෙන සිටින සනත් ජයසූරියගේ ඡායාරූපයක් දක්නින්ට ලැබුණා නම් හරි අපූරු ය.  ජනාධිපතිවරයා ද යන යන තැන රැගෙන යන මොකක්දෝ මෙවැනි දෙයක් ඇත. ඔහුට ද වාසනාව පහළ වන්නට ඇත්තේ එය නිසා ය. ලංකාවේ අලුත් ධනවතුන් හා බලවතුන් සමග මෙවැනි යන්ත්‍ර, මන්ත්‍ර, ගුරුකම් මෙහෙවින් සම්බන්ධ ය.  ඔවුන්ට නම් ඒවායින් වාසනාව පෑදී ඇත.  දිළින්දෝ ද මෙම යන්ත්‍ර, මන්ත්‍ර, ගුරුකම් ආදිය කරති. ඔවුන් වැඩි දෙනෙකුගේ දිළිඳුකමට හේතුව ද එයයි.  ගම්වල දේවාලවල කපුවෝ මිනිසුන් බියපත් කර අපල දුරු කිරීම සඳහා සෙත් සාන්ති කරවා ගන්නැයි උපදෙස් දෙති. බියපත් මිනිස්සු මේ සෙත් සා

ලන්ඩන් චාරිකාවෙන් වරදක් වුණා ද? දිනමිණ කතුවැකිය ගැන වැකියක්

ලන්ඩන් චාරිකාවෙන් වරදක් වුණා ද?  මේ අද දිනමිණේ කතුවැකියයි.  මෙහෙම අසන්නට සිදු වී ඇත්තේ ආණ්ඩුවේ වීරයන්ගේ මහ ලොකු අධිරාජ්‍ය විරෝධය සමග මේ රැජිනගේ දෙපතුල් ලෙව කෑම නො ගැලපේ යයි ආණ්ඩුවේ අය ම සිතන නිසා විය යුතු ය.  එහෙම සිතිය යුතු නැත. එංගලන්තයේ මහ රැජින හා පොදු රාජ්‍ය මණ්ඩලය බවට අද පත්ව ඇති ඉංගිරිසි හිරු නො බසින අධිරාජ්‍යය යනු ඇත්තෙන් ම අපේ පාලකයන්ගේ ඇති යටත් විජිත මානසිකත්වයේ සංකේතයි. රැජිනගේ ගෙදර පාටියකට ගොස් එන්නට ඇත්නම් ඔවුන්ට වෙන චූන් එකක් නැත.එහෙම නැති පාලකයන් අපේ රටේ කවදාවත් සිට නැත.  රැජිනගෙන් ආරාධනාවක් ලැබුණා නම් පපුව කීං නො ගාන අධිරාජ්‍ය විරෝධීන් මේ රටේ ප්‍රසිද්ධ අධිරාජ්‍යවාදීන් අතර නම් නැත. තද ම අධිරාජ්‍ය විරෝධීන් වන මාක්ස්වාදීන් යයි තමන් හඳුන්වා ගන්නා අයට මෙවැනි ආරාධනාවක් ලැබුණා නම් ඔවුන් එහි යනු ඇත්තේ හතර ගාතෙන් ය. ඇවිත් කතා කරන්නේ අපි අධිරාජ්‍යය ඇතුළින් වටලන්නට ගියා කියා ය. මේ අය මහ නායක හිමිවරුන් හමු වන්නට ගොස් කාටත් වාඩි වන්නට දෙන මිටි පුටුවල හෝ වාඩි නොවී බල්ලන් ලගින කාපට් මත වාඩි වූ හැටි ඔබට මතකද? දිනමිණට කතුවැකි ලියන්නට සිදු වන්නේ මේ ඇත්ත සුදු රෙද්දෙන් වසන්නට බැර

සාමාන්‍ය හොරුන් මැරිය යුතු අන්දම කියන ලංකාදීපය

Image
පහත පළ වන්නේ ලංකාදීප වෙබ් අඩවියේ පළ වූ වාර්තාවකි. තමන්ගේ රබර්වත්තේ තනියම ජීවත් වූ අසූ හතර හැවිරිදි පුද්ගලයකු මරා දුම්ගෙයි දමා පුළුස්සා අලු වැසිකිලිවලකට දමන ලැදැයි සැකපිට එම වත්තේ කිරි කපන දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය කියයි. මෙන්න, ඒ පුවත පිළිබඳ පළමු පාඨක ප්‍රතිචාරය: ගිනි කසයා 2012-06-07 12:40:21 ඇසට ඇසක්... දතට දතක්.... මේ මිනිසුන් දෙදෙනාවත් ප්‍රසිද්ධියේ මරා ඒ දුම් ගෙයිම පුලුස්සා දැමිය යුතුයි සාමාන්‍යයෙන් සිංහල බ්ලොග්වල, වෙබ් අඩවිවල කමෙන්ට් දැමීම හෙවත් අදහස් පළ කිරීම එම වෙබ් අඩවි පරිපාලකයන් විසින් ම සංවිධානය කරන දෙයක් බව ප්‍රසිද්ධ රහසකි. විශේෂයෙන් ම පළමු අදහස් පළ කිරීම් කීපය කරන්නේ එම අඩවියට ම සම්බන්ධ අය වෙනත් නම්වලින් බව දන්නෝ දනිති. ලංකාදීප පුවත්පත ලංකාවේ වැඩියෙන් ම විකිණෙන පුවත්පතයි. එම පුවත්පත සිය වෙබ් පාඨකයන් වෙත ප්‍රවර්ධනය කරන ආකල්ප කෙබඳුද? මේ ත්‍රස්තවාදය හැර වෙන කුමක්ද? මේ ත්‍රස්තවාදය ගොඩනඟනු ලබන්නේ සාමාන්‍ය අපරාධකරුවන්ට එරෙහිව ය. ඒ අතරතුර සමස්ත මානව වර්ගයාට ම එරෙහිව අපරාධ කරන පුද්ගලයන් මෙම ජනමාධ්‍ය විසින් වන්දනා කරන ආකාරයක් ද දක්නට ලැබේ. දැන් දැන් සාම

ඉංගිරිසි අජීර්ණයට ඇමති ඩලස් එංගලන්තයෙන් ගෙනා බෙහෙත හා පශ්චාත් යටත් විජිත සිංහලයන්ගේ ශ්‍රී ලංකන් ඉංග්ලිෂ්

Image
සිංහල ජාතියේ පිනට පහළ වූ ඇමතිවරයකු වන ඩලස් අලහප්පෙරුම ලංකාවේ ඉංගිරිසි අජීර්ණයට බෙහෙතක් එංගලන්තයෙන් ගෙන්වා තිබේ. මහ ඉහළින් ප්‍රචාරය කරමින් එසේ ගෙන්වන්නට යන්නේ එංගන්තයේ ගුරු පුහුණුව ලබමින් සිටින සිසුන් පිරිසකි. ඔවුන් ස්වේච්ඡාවෙන් මෙහි ඉංග්‍රීසි උගන්වන බව ආණ්ඩුව කියන මුත් ඇත්තනේම ඔවුන් කරන්නේ සිය පුහුණුවේ ප්‍රායෝගික කොටසකි. එසේ පැමිණ කරන සේවය අගය කළ යුතු ය. එහෙත් සුද්දන් වන්දනා කරන්නන් ඒ ගැන කරන ප්‍රචාර ජාතික වශයෙන් අවමන් සහගත ය.  ඩලස් අලහප්පෙරුම වැනි ඇමතිවරුන් තවමත් සිතාගෙන ඉන්නේ ඉංග්‍රීසි එංගන්තේ සුද්දන්ගේ භාෂාව වන නිසා ලංකාවේ කොයි කාටත් වඩා එංගලන්තේ සිඟන්නෝ පවා ඉංග්‍රීසි දන්නවා ය කියා වන්නට පුළුවන. ලංකාවේ සිංහල ජාතිකවාදීන්ට ඉංග්‍රීසි පිළිබඳ ඇත්තේ පැරණි යටත් විජිත මානසිකත්වයම ය. ජාතිකවාදීන්ට පමණක් නොව මාක්ස්වාදීන්ට ද තත්වය එසේ ම ය. ලේඛකයා එක්තරා අති වාමාංශික කණ්ඩායමක ක්‍රියාකාරීව සිටියදී ලද අත්දැකීමක් මෙසේ ය. කිසියම් ප්‍රශ්නයක් අරභයා තානාපති කාර්යාලවලට යැවීමට ලියුමක් සැකසීමේ තීරණයක් එම කණ්ඩායම විසින් ගනු ලැබූ අතර ලේඛකයාට එය සැකසීම පැවරිණි. ලේඛකයා එය සැකසූ අතර කණ්ඩායමේ අසහාය

පූජකයන් දේශපාලනය කළ යුතු ද? අපේ අදහස මෙන්න

Image
සෙසු අයට මෙන්ම පූජක පක්ෂයට ද පාර්ලිමේන්තුවට තරග කිරීමට අයිතියක් තිබිය යුතු බව අපේ ද අදහසයි. පාර්ලිමේන්තුවට තරග කිරීම පමණක් නොව, වාහන පැදවීමට බලපත් ලබා ගැනීම ආදී මතභේදයට තුඩු දුන් කරුණුවලදී ද පූජක පක්ෂයට අවස්ථාව ලබා දිය යුතු බව අපේ අදහසයි. ඕනෑ හාමුදුරු නමක්, පූජකවරයෙක් බස්, ලොරි, ත්‍රිරෝද රථ එළෙව්වත් අපට නම් කමක් නැත. එහෙත් පාරේ යන එවුන් ලවා, විශේෂයෙන් ම අප වැනි ආගම් නැති නිදහස් මිනිසුන් ලවා වන්දවා ගැනීමට ඔවුහු උත්සාහ නො කළ යුතු ය.  එමෙන් ම, පූජක පක්ෂයට කසාද බැඳීමට අවසර නැති ආගම්වල පූජකයන් ලිංගික ආශාවන් සංසිඳුවා ගන්නට පෙළඹුණු අවස්ථාවලදී ඔවුන්ට එරෙහිව විනය පියවර ගැනීම මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් ලෙස සැලකිය යුතු බව ද අපගේ අදහසයි. හැබැයි, පූජක පක්ෂය ගිහියන් හා සමානව මෙම අවස්ථා භුක්ති විඳින අතරතුරදී බලෙන් ගරු වෙන්නට උත්සාහ කිරීමට ඉඩ නො දිය යුතු ය.  පූජකයන් දේශපාලනය කළ යුතු ද, නො යුතු ද යන්න තීරණය කළ යුත්තේ ඒ, ඒ ආගමික සභා විසින් මිස පාර්ලිමේන්තුව විසින් නො වේ. පාර්ලිමේන්තුවට මොන ආගම් ද? එය අනාගාමික ආයතනයක් විය යුතු ය.   ප්‍රජාතන්ත්‍රවාදය තුළ පූජකවරුන් නැත. ඉන්නේ පුරවැසියෝ පමණ

පොසොන් භක්ති ගී රියේ නිවේදකයන් හා සිල්වායන්

Image
ජාතික වස්තු හැඳින්වීමේදී නම අගට 'යන්' කියා කියනු ලැබේ. අමරදේවයන්, කේමදාසයන්, සුනිල් ආරියරත්නයන්, සෝමරත්න දිසානායකයන් ආදී වශයෙනි. නන්දා මාලිනී වැනි අය සම්බන්ධයෙන් 'යන්' එතරම් ගැලපෙන්නේ නැත. එබැවින් කියන්නට සිදු වන්නේ මාලිනිය කියා ය. රේනුකා බාලසූරියන් යයි කියනවා නම් අසා නැත. එහෙත්, තිස්ස නාගොඩවිතානයන් යයි කියනු අසා ඇත්තෙමි. ඇතැම් ස්ත්‍රී ජාතික වස්තුවලට 'යන්' වෙනුවට 'වන්' සුදුසු ය. ඒ අනුව, රේනුකාවන් කියන්නට පුළුවන. එහෙත් ජැක්සන් ඇන්තනියන් යයි කීවිට එය ටිකක් ඇන්තනියා, අන්තෝනියා වැනි අපහාසාත්මක වදනකට සමාන වන නිසා ප්‍රශ්නයක් පැන නඟියි. මේ සිද්ධිය සිදු වුණේ යා පදවිය පැත්තේ පාසලක ය. විද්‍යාලයේ සෞන්දර්ය අංශය විසින් පොසොන් බැති ගී රථයකින් ජනපදයේ වීදි පුරා බැති ගී විසුරුවන වැඩසටහනක් සංවිධානය කර තිබිණි. වැඩසටහනේ සංගීතමය නිර්මානශීලිත්වය පාසලේ සංගීත ආචාර්ය පුෂ්පකුමාරයන්ගේ ය. ප්‍රශ්නයක් නැත. උපදේශකත්වය නියෝජ්‍ය විදුහල්පති ප්‍රේමරත්නයන්ගේ ය. එතැනත් ප්‍රශ්නයක් නැත. විදුහල්පතිනිය පෙරේරා මැඩම් ය. නිවේදක සුදත් ගුනරත්නයන්ට ප්‍රශ්නයකි. ඒ නිසා ඔහු කීවේ පෙරේරා මැත

හොස්නි මුබාරක්, චාල්ස් ටේලර් සිපිරි ගෙට යැවූ ලෝක නීතිය හා සදාචාරය

Image
ඊජිප්තු ජනාධිපති හොස්නි මුබාරක් ජීවිතාන්තය දක්වා සිරගත කිරීමට එරට අධිකරණය තීරණය කර තිබේ. ඔහු සමග ඔහුගේ අභ්‍යන්තර ආරක්ෂක ඇමතිවරයා ද ජීවිතාන්තය දක්වා සිර ගෙට නියම වී සිටිති. ඒ 2011 වසරේ ඔවුන්ගේ රජයට එරෙහිව පැවති උද්ඝෝෂණවලදී වෙඩි තබා මහජනතාව ඝාතනය කිරීමට පියවර ගැනීමේ වරදට ය. සියේරා ලියෝන්හි 1991 වසරේ සිට 2009 තෙක් කාලයේ පැවැති සිවිල් යුද්ධයේදී දියමන්ති හිලව්වට එරට කැරැලිකරුවන්ට අවි ආයුධ සපයා දී, මහා පරිමාණයේ මිනිස් ඝාතන සිදු කිරීමට අනුබල දීමේ චෝදනා මත, ලයිබීරියාවේ හිටපු ජනාධිපති චාල්ස් ටේලර්ට 50 වසරක සිර දඬුවමක් නෙදර්ලන්තයේ එක්සත් ජාතීන්ගේ යුද අපරාධ අධිකරණය විසින් පනවනු ලැබුවේ පසුගිය 30දා ය.  ලෝක නීතිය හා සදාචාරය අනුව, කුමන තත්වයක් යටතේ හෝ රටක ජනතාව මරා දැමීමට හා පොදු සම්පත් සොරකම් කිරීමට ඒ රටේ හෝ වෙනත් රටක පාලකයන්ට අයිතියක් නැත. එය ඇමරිකාව වැනි බලවත් රටවලට මෙන් ම ලයිබීරියාව වැනි දිළිඳු රටවලට ද පොදුවේ ක්‍රියාත්මක විය යුතු ය. ඇමරිකාවට එරෙහිව නීතිය ක්‍රියාත්මක නො වුණා ය කියා වෙනත් රටවල පාලකයන්ට ද එවැනි අපරාධ සම්බන්ධයෙන් මුක්තිය ලබා ගැනීමට අයිතියක් නිර්මානය නො වේ.  දුබල රටවලට ලෝක

වෛද්‍ය පර්යේෂණායතනයේ ජංගම දුරකථන මයිටාවන්ට එරෙහිව සෞඛ්‍ය අමාත්‍යංශය ගන්නා පියවර මොනවා ද?

Image
ලංකාවේ තිබෙන රූපවාහිනී සේවාවන් වැඩි හරියක ප්‍රවෘත්ති ලෙස විකාශය කරන්නේ ඕපාදූප ය. මාධ්‍ය සදාචාරය අඩු ම තුට්ටු දෙකේ ජාවාරමක් වූ ස්වර්ණවාහිනිය නම් රූපවාහිනිය ප්‍රවෘත්ති හිඟ පසුගිය දිනවල නිර්මානය කළ මොබයිල් ෆෝන් මයිටි කතාව බොරු බව කියමින් සෞඛ්‍ය අමාත්‍යංශය ද නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ මෙසේ ය: ජංගම දුරකථන ආශ්‍රිතව මයිටා වර්ගයේ කෘමියකු බෝවී ඇති බවට පැතිර යන පුවත්වල කිසිදු සත්‍යතාවක් නොමැති බැවින් ඒ පිළිබඳ අනියත බියක් ඇති කර නොගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය මහජනතාවට දැනුම් දෙයි. සිද්ධියට මුල්වී ඇති ජංගම දුරකථනයට මයිටාව ඇතුළුවී ඇත්තේ බාහිරින් බවත්, එම සතා කිසිසේත්ම ජංගම දුරකථනයෙහි ඇතිවූවකු නොවන බවත් අමාත්‍යංශය පවසයි. එසේම දූවිලි සහිත ඕනෑම අපිරිසුදු පරිසරයකදී මෙවැනි මයිටාවන් ජංගම දුරකථනවලට ඇතුළු වියහැකි බවද පෙන්වා දෙයි. වෛද්‍ය පර්යේෂණායතනයේ සේවකයකුගේ දුරකථනයෙන් හමුවූ මයිටාවා ශ්‍රී ලංකාවේ වෙනත් කිසිදු තැනක භාවිතාවන ජංගම දුරකථනයකින් මෙතෙක් සොයාගෙන නැති බවද සෞඛ්‍ය අමාත්‍යංශය අවධාරණය කරයි. මෙම ‍සොයා ගැනීම සිදු කළ ජංගම දුරකථනය හිමියා අපිරිසිදු පුද්ගලයකු විය යුතු ය. මහත්තයකු ලෙස ඇඳ සිට

සෞඛ්‍ය ඇමතිතුමනි, සිරකරුවන් අතර උපත් පාලන කොපු බෙදා හැරීමට වහා පියවර ගන්න

Image
්‍ය වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් අතර සිටි ඒඩ්ස් රෝගයකු මිය යාම නිසා සිරකරුවන් අතර තවත් ඒඩ්ස් රෝගීන් සිටී ද යන සැකය බන්ධනාගාර හා සෞඛ්‍ය අධිකාරීන්ට ඇති වී තිබේ.  ලංකාවේ වැඩියෙන් ම සමලිංගික සේවනය ඇති ස්ථානයක් වන්නේ බන්ධනාගාරයි. ආගමික ආයතන, නේවාසිකාගාර ආදියෙහි ද සමලිංගික සේවනය සිදු වන මුත්, සිරකරුවන් අතර එය අතර ඇති සමලිංගික සේවනය ප්‍රශ්න ඇති කරන මට්ටමක ඇත.  හේතුව, විරුද්ධ ලිංගික ඇසුර ප්‍රිය කරන සිරකරුවන් පවා සමලිංගික ඇසුරට ඇද ගන්නා ලිංගික අසහනයක් හා බලහත්කාරයක් එහි ඇති නිසා ය.  මුලින් විරුද්ධ ලිංගිකයන් ඇසුර ප්‍රිය කළ, ඇතැම් විට, සමලිංගික සේවනය පිළිකුල් කළ අය පවා සිරගෙදරදී සමරිසියන් බවට පත් වන අයුරු නිරීක්ෂණය කළ හැකි ය. ඇතැම් පැරණි සිරකරුවන් සිරගෙදරදී සමලිංගික සේවනයෙහි ඇති කර ගන්නා ‍අධික ලොල්කම අධ්‍යයනය කළ යුතු දෙයකි. සෑම ලිංගිකයකු ම තුළ සමලිංගිකයකු ද ජීවත් වනවා වන්නට පුළුවන. මෙවැනි ලිංගික පීඩනය අධික ස්ථානයකදී එම සමලිංගිකයා මතු වනවා වන්නට ද පුළුවන.  සිරගෙදර ඇති ප්‍රසිද්ධ කතාවකට අනුව එක් පැරණි සිරකරුවකු අලුත සිරගත වූ තරුණයකු සමග සමලිංගික ඇසුරක් ඇති කර ගනියි. අලුත් සිරකරුගේ මව ඔහු බ