එන්න, අපි දෙමළයින්ට බනිමු

බෙනින් - කැනඩාවට යතුරක්
කැනඩාවට පනින්නට ගොස් බටහිර අප්‍රිකාවේ යතුරක් වැනි කුඩා රටක් වූ බෙනින් රාජ්‍යයේ අතරමං වී සිටි ලාංකිකයන් 148ක් ඊයේ ආපසු ලංකාවට පැමිණිය හ. 


එරටින් පිටුවහල් කරන ලද මොවුන් අතරින් ඇතැමෙක් වසර ගණනක් එහි සිට ඇති බව වාර්තා වේ. 


ඔවුන් බෙනින් වෙත ගොස් ඇත්තේ එතැනින් කැනඩාවට යාමේ අරමුණෙනි. විස්තර මෙතැන 


ආපසු පැමිණීමෙන් අනතුරුව ද ඔවුහු සිය උත්සාහය අතහැර නො දමනු ඇත. 


ලංකාවේ බොහෝ දෙනෙකුගේ ජීවිත අරමුණ බටහිර රටක ස්ථිර පදිංචිය ලබා ගැනීමයි. ලංකාවේ සිටින අග්‍ර දේශප්‍රේමීන් වන පාලක පවුලේ අය හා සරත් ෆොන්සේකා පවා රාජ්‍ය බලය ලබා ගැනීමට පෙර මේ අරමුණ ඉටු කරගෙන කුල්මත් වූ අයයි. 


රටට මාරෙට ආදරේ බව කියන මේ මිනිස්සු මෙසේ රටින් පිට වී යාම ජීවිත අරමුණ කර ගන්නේ ඇයි?


W3Lanka දෙමළයින්ට බනිනවා මදි බව අපේ වීර සිංහලයෝ නිතර කියති. වැඩේ මේක ය. W3Lanka කොයි තරම් දෙමළයින්ට බැන්නත්, ඔවුහු සිංහල නො කියවන නිසා වැඩක් නැත. එහෙත්, W3Lanka දැන් ලංකාවේ දෙමළයින්ට බනින්නට යයි. ඒ වීර සිංහලයින්ගේ ඉල්ලීම මත නම් නොවේ. 


ඊලාම් දේශයක් වෙනුවෙන් දිවි හිමියෙන් සටන් කරන බව ශපථ කර ඇති දෙමළයින්ගෙන් වැඩි දෙනෙක් බටහිර රටවල පුරවැසිකම ලබා ගත් අය වෙති. ලංකාවේ සිටින දෙමළ මධ්‍යම පංතිකයන්ගෙන් වැඩි දෙනෙකුගේ ද ඒකායන ජීවිත අරමුණ බටහිර රටකට පැන ගැනීමයි. 


ඔවුන් සටන කරන ඊලම කාටද? ලංකාවේ ජීවත් වන, රට පැන ගන්නට හැකියාවක් නැති කාලකන්නි දෙමළ මිනිසුන්, ගැහැනුන් වෙනුවෙන් ද? නැත. ඊලම කිසිදාක දිනා ගන්නට බැරි බව මේ රට ගිය ඇත්තෝ දනිති. ඔය ඉඳහිට නිවාඩු දවසක කොටි කොඩියක් උස්සන්නට ආවාට ඔවුන් කරන වෙනත් සටනක් ද නැත. 


සැබෑ ඊලාම් සටන කළ කොටි සටන අත හැර පළා නො ගොස් ඒ වෙනුවෙන් දිවි පිදූහ. දැන් ඉන්නේ නිකම් ම නිකම් බළල්ලු ය. ඔවුන්ට ඊලම යනු දිනා ගැනීමට අවශ්‍ය දෙයක් නොව, ඔවුන්ගේ පිටරට පැවැත්ම රැක ගන්නට හා එහිදී ඇති පීඩනය මෝචනය කර ගන්නට උපයෝගී වන සටන් පාඨයකි.  


ලංකාවේ ජීවත් වන ජාතීන් අතර සංහිඳියාව ඇති වන ප්‍රායෝගික පියවරක් වන බලය බෙදා ගැනීමට විරුද්ධ ප්‍රධාන පාර්ශ්ව දෙකෙන් එකක් වන්නේ මේ ඩයස්පෝරා ඊලාම්වාදියෝ ය. 


අනෙක් පිරිස මේ කාසියේ ම අනෙක් පැත්ත වන සිංහල ඩයස්පෝරාකාරයෝ ය. සිංහලකම වෙනුවෙන් මහ හයියෙන් කෑ ගසන, එහෙත් සිංහලකමේ පදනම වන සිංහල බස හෝ හරියට උසුරුවන්නට නො දත් මොවුන් බහුතරයක් ද ඉන්නේ බටහිරට කෙළ හළමිනි. වෙනස ඔවුන් බටහිරට සංක්‍රමණය වන්නට හදන්නේ අනාථයන් ලෙස නොව ග්‍රීන් කාඩ්කාරයන් හා ස්ථිර පදිංචිකාරයන් ලෙස වීමයි. 


ඔවුන්ගේ උපකාරයෙන් මහජන මුදල් කොල්ලකෑමෙන් ධනවත් වී සිටින පිරිසක් දැන් දිළිඳුකමේ මහ සාගරයක් මැද සෞභාග්‍යයේ දූපතක් කොළඹ තනන්නට වෙර දරති. 


W3Lanka සංස්කාරකවරයාට ද දැන් මේ රටේ ජීවිතය ඇති වී තිබේ. පළමු හේතුව ජීවත් වීමේ අපහසුවයි. කුඩා රැකියාවක් කරන ඔහුට ගෙයක් හදන්නට ගත් ණය, බස් අඩු ගමේ පාරේ පයින් යන්නට වෙලා නැති නිසා ගත් වාහන වෙනුවෙන් ගත් ණය, පොත් ගහන්නට ගත් ණය ආදිය ගෙවන්නට දවසට පැය 12ක් පමණ වැඩ කරන්නට සිදු වී ඇත. 


ඔහුගේ ජීවිත අරමුණ සාහිත්‍යකරුවකු වීම වුණත්, මේ බ්ලොගය කෙටීම හැර වෙනත් දෙයක් කරන්නට ඔහුට වෙලාවක් නැත. එච්චර වැඩ කළත්, සිය දරුවන්ට මේ රටේ අනාගතයක් තිබේ ද යන ශෝකය නිරතුරුව ඔහු පෙළයි.


මෙවැනි දිළිඳු ලාංකිකයන් බොහෝ දෙනෙකුට කාලකන්නිකම උරුම වී ඇත්තේ පිටරට ගැන සිහින දකිමින් එකිනෙකාට දත් විළිස්සාගෙන සිටින ඊලාම්වාදීන් හා සිංහල වෙනම රාජ්‍යවාදීන් නිසා ය. උන්ගේ උපකාරයෙන් ආණ්ඩුව බවට පත් වී සිටින පරපෝෂිතයෝ පිරිසක් ලංකාවේ ජීවත් වන මිනිසුන්ගේ රීරි මාංශ උරා බොමින් ජීවිත කාලකන්නි කරමින් සිටිති.  


ඒ වුණාට රට යන එක ද W3Lankaට කම්මැලි වැඩකි. ලෝකෙන් උතුම් රට නො වුණාට මේ රට හොඳ ය. නරක නායකයෝ ය. ඔවුන් බලයට පත් කර ගන්නේ මේ රටේ මිනිසුන් විසිනි. අප සිර වී ඇත්තේ පහසුවෙන් ගැලවිය නො හැකි විෂම චක්‍රයක ය.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. සම්පූර්ණයෙන් එකගයි. ඌන පූර්ණයක් හෝ එක් කරන්නට උනන්දු නොවෙමි.

    ReplyDelete
  2. ඇත්තට මූන දීපන්!

    දේශපාලනය අරක මේක නෙවෙයි.
    උඹත් එක්ක එක එක ප්‍රොජෙක්ට් කරපු කට්ටිය හිටියනේ. ඒ එකෙක්වත් උඹටවත් උඹේ ලමයින්ටවත් උදව් කරන්ඩ එයිද?

    චොකා බයිලා නෙවෙයි, ඇත්තට මූන දීපන්.
    හෙට අනිද්දට උඹේ ලමයින්ට තමන්ගේ හැකියාව තිබුනා කියල ලැබෙන ලබ්බක් නෑ. කාගේ හරි දේශපාලුවෙක්ගේ ලමයෙක්, නෑයෙක් එක්ක දිනන්න බැරි ගේම් එකක් ගහන්න තමයි වෙන්නේ.

    අධිකරනෙත් ඉවරයි- නීතියත් ඉවරයි.
    ආර්තිකේ යන්නේ පුකෙන්- පී බී හොරා මුදල් ඇමති වෙනවලු
    තවත් මේ රටේ හොඳේ මොකක්ද?

    ReplyDelete
  3. ඔය කියන යුරෝපීය රටක මගෙත් යාළුවො කීපදෙනෙක් ඉන්නවා.එයාට පැරිස්වල කෝටි 4 ක්‌ වටිනා ගෙයක් මිලදී ගෙන තියෙනවා.මොන්ටෙරෝ වර්ගයේ ජීප් එකකුත් තියෙනවා.මාසයකට ලංකාවේ මුදලින් ලක්ෂ2ක මුදලක් අව්රුදු 25 කට අසන්න කාලයක් ගෙය වෙනුවෙන් ලීසිං ගෙවන්න ඕන.සතියකට දින 6 ක්‌ දවස පුරාම රියදුරෙක් විදියට වැඩ කරනවා.ඊට අමතරව තව දින 3 ක්‌ රැ සිට උදේ දක්වා නෛට්ක්ලබ් එකක පිගන් සෝදනව.ලමයි දෙන්නෙකුට උගන්වන්නත් ඕන.දැන් අව්රුදු 12 ක්‌ වෙනව එහාට ගිහිල්ල.

    ReplyDelete
  4. මානව සංක්‍රමණය මිනිස් පරපුර ඇතිවූ දා පටන් සිධවුණු දෙයක්..ඒක අනාගතයේත් සිදු වෙවි.ඒක නවත්වන්න කාටවත් බෑ. විජය කුමාරයා සහ රංචුවත් අනවසරයෙන් සංක්‍රමණය වුනු අයනේ.

    අනික දේශප්‍රේමයයි සංක්‍රමණයයි එකිනෙකට වෙනස්....

    Why do people migrate (Source: http://www.immigration.net.in/2009/07/09/top-seven-reasons-why-people-immigrate/)
    Financially Secured Future: When we see it from an economist point of view, the picture is quite clear – people immigrate to gain ‘Financial Stability and Better Future Prospects.’ It is as simple as that! Here is an example – if another country is offering better future anticipations, higher wages and a polished lifestyle, any person would think of immigrating to the other country! And why not!

    High Standard of Living: Now some people give high emphasis on ‘High Standard of Living.’ It is often seen that parents send their children abroad to attain a better lifestyle. The reality is that they try their level-best to provide better career prospects and lifestyle to their children which they themselves might not have acquired in their lives. And ‘immigration’ is the perfect answer to their concerns.

    Education: Other countries are attired with a huge range of educational opportunities. Be it top-class universities, high schools, colleges, professional institutes or no matter what, students can get themselves enrolled in any of them in accordance with their preference levels.

    Start of a Series: If sociologists are to be believed, it is a chain of events. The first person immigrates and sends “Happily Settled” information to his loved ones living in the native country. And then what… others also immigrate to the same country (or probably a better one) to enhance their future prospects.

    Political Reasons: In addition, a wide range of political reasons are arrayed with the term ‘immigration.’ People immigrate to maintain a global presence amongst various countries. Moreover, few think that they are not decked with ample political freedom, so they immigrate to other countries in search of the same. Some change their citizenship to gain a new identity, some to get political rights and others for a better living ambiance.

    Needs of Different Personalities: Every person is decked with a different persona. Extroverts and work-oriented personalities are more likely to immigrate alone as compared to those who are introvert and family-oriented. The later ones have higher chances of immigrating with their families, rather than alone!

    Soul Mate: Various people are finding the prospect of getting married in other countries quite hot.

    ReplyDelete
  5. අද ලංකාවේ ජීවත් වන බොහෝ දෙනාගේ ඇත්ත කතාව ඕකය....ඔතෙන්ට සිංහල දෙමල වෙනසක් නැත...විඳවමින් ජීවිතය විඳින්නට උත්සාහ දරති..මෝට බයිසිකලක් ගන්නට පෙරුම් පුරන තරුණයාට මාස දෙකකින් ගත හැක්කේ සෙරෙප්පු කුට්ටමකැයි සරත් ෆොන්සේකා උන්නැහේ කිවුවේය .උන්නැහේ ආවත් ඔය ටිකම වෙන්නට ඇති ඉඩ කඩ සීයට අනු නමයකි.මොකෝ උන්නැහේ එන්න හදන්නෙත් මේ සිස්ටම් එක තුලමය..ලංකාවේ අපේ දේශප්‍රේමය හරි අපුරුය..අපිට සිටින ලොකුම දේශප්‍රේමියා පචවංශ සහෝදරයා සිය පුතු සීත රටක අධ්‍යාපනය ලබා දෙන්නට යවා තමන්ට බැරි වූ සීත රටක ජීවිතය විඳින සිහිනය තම පුතාටවත් දෙන්නට උත්සාහ කරයි..එහි කිසිම වරදක් නැත..වරද කකුළුවා අනිත් කකුළුවන්ට කෙලින් යන්න කියන එකය... දේශප්‍රේමයෙන් ඔද වැදුණු අපි කාගේත් සිහිනය ඕකය...ඕක වගගෙන අපි පෙම්බර ලංකා තනුව වයමින් හිඳිමු....

    ReplyDelete
  6. මම දැනට රැකියාව කරන රටේ පාලකයෝ පත් වෙන්නේ පරම්පරාවෙන්.ඒ කියන්නේ "ප්‍රජාතන්ත්‍රවාදයක්" නෑ.කම්කරු නීති වැඩ වර්ජන එහෙම සොරි තමයි.මහන්සි වෙන තරමට තමයි පඩිය.
    හැබැයි සාමාන්‍ය රස්සාවක් කරන මිනිහෙක්ට උනත් තුන් වේල කාල ( ලෙවකාල නෙමෙයි) ජීවත් වෙන්න පුළුවන්.ඉතුරුවක් කරන්න පුළුවන්.හම්බ කරන සල්ලිවලින් ආපහු බදු විදිහට කප්පම් දෙන්න ඕනි නැහැ.පුංචි රස්සාවක් කරන මිනිහෙකුට උනත් වාහනයක් පදින හීනය ඉටු කර ගන්න ලේසියි.ඒ විතරක් නෙමෙයි රෑ දොළහට වැඩ ඇරිලා රත්තරන් පෙරෝ ගෙන ගෙදර එන ගැනියෙකුට උනත් තමන්ගේ රත්තරන් බඩු ටික බේර ගෙන දුෂණය නොවී ගෙදර එන්න පුළුවන්.බස් එකක ජැකක් නොවැදී ගමනක් යන්න පුළුවන්.මම මේ ටික කිව්වේ ලංකාවේ ඉද්දි ලෝකෙන් උතුම් රට ලංකාවයි අහපු මට මෙහෙ ආවම "උතුම් කමේ" තරම දැනුන හැටි කියන්නයි.
    අද ලංකාවේ දේශපාලන බිස්නස් එක නොකරන ,කුඩු බිස්නස් ටෙන්ඩර් මගෝඩි වලින් සල්ලි හම්බ නොකරන මාස් පඩි කාරයෙකුට තුන් වේල කන්න තරම් වත් තත්වයක් තියෙනවද?ඉතින් ඒ වගේ මිනිහෙක් මේකෙන් එලියට පැන ගන්න හීන දකිනවා හැර වෙන මොනවා කරන්නද?

    ReplyDelete
  7. මේ රට දාල අය නවත්වන්න නම් නිදහස සාධාරනය රජයන දුෂිත මිනීමරු පාලකයින් නැති රටක් හදන්න ඕන...ජාතිවාදය ආගම්වාදය කුලවාදය කරගහගෙන...ඒ කුණු ගොඩේ ලැගල ඉන්න ගමන් ඒවාම කකා...වතුර බී නිදා ගන්න මිනිස්සුනට මේවා තේරෙන්නේ නෑ.. මෙහෙව් රටක් දාල සංක්‍රමණය වීමට උත්සාහ කිරීම විතරක් නොවේ...දැන් යන හැටියට මරණින් මතු මේ රටේ ඉපදෙන්න පතන මිනිස්සු බෞද්දයෝ අතර නැතිවෙන්න පුළුවන්... අනිත් ආගම්වල අය නැවත ඉපදෙන්නේ නැති නිසා බවුද්ද්යන්ටම තමා මේ ප්‍රශ්නයත් එන්නේ...

    ReplyDelete
  8. කෙලින් කතා කරන, ලොක්කන් ඉස්සරහ නොනැමෙන, අසාධාරණය නොයිවසන අයෙකුට කොයි රටේ උනත් දියුණු වෙන්න ටිකක් අමාරුය. ඔවැනි 'දුර්ගුණ' නැතිකර ගත්තොත්, ලංකාවේදීම සල්ලි හම්බ කරගැනීමේ අවස්ථා එමටය. විශේෂයෙන්ම ඔබේ වැනි පසුබිමක්ද ඇතිවිට. ඉතින්, තීරණය ඔබ අතේමය.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා