ඇති හැකි අයට සුර සැප දෙන, නැති බැරි අයට සුරතාන්තයවත් නො දෙන සුර

ඉන්දියාවේ පැවැත්වෙන  'ජලක් ඩිලාක් ජා'  නැටුම් සංදර්ශනය සඳහා සහභාගි වීමට ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී අකලංක ගනේගමගෙන් නැටුම් පුහුණු වෙමින් වෙමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී හා ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරියගේ ශරීරයේ අතනින් මෙතනින් ගලවන ලද රත්තරං සුර අටක් එර්දි වීම නිසා ජයසූරිය කම්පනය වී ඇති බව වාර්තා වේ. 


එසේ නම්, ජයසූරිය ක්‍රිකට් ගසා ඇත්තේ, මුදල් උපයා ඇත්තේ, ඡන්ද දිනා ඇත්තේ තවත් දේ කර ඇත්තේ මේ සුර නිසා ය. දක්ෂතාව නිසා නො වේ. 


මේ සුර අට ශරීරයේ තැන තැන එල්ලාගෙන සිටින සනත් ජයසූරියගේ ඡායාරූපයක් දක්නින්ට ලැබුණා නම් හරි අපූරු ය. 


ජනාධිපතිවරයා ද යන යන තැන රැගෙන යන මොකක්දෝ මෙවැනි දෙයක් ඇත. ඔහුට ද වාසනාව පහළ වන්නට ඇත්තේ එය නිසා ය.


ලංකාවේ අලුත් ධනවතුන් හා බලවතුන් සමග මෙවැනි යන්ත්‍ර, මන්ත්‍ර, ගුරුකම් මෙහෙවින් සම්බන්ධ ය. 


ඔවුන්ට නම් ඒවායින් වාසනාව පෑදී ඇත. 


දිළින්දෝ ද මෙම යන්ත්‍ර, මන්ත්‍ර, ගුරුකම් ආදිය කරති. ඔවුන් වැඩි දෙනෙකුගේ දිළිඳුකමට හේතුව ද එයයි. 


ගම්වල දේවාලවල කපුවෝ මිනිසුන් බියපත් කර අපල දුරු කිරීම සඳහා සෙත් සාන්ති කරවා ගන්නැයි උපදෙස් දෙති. බියපත් මිනිස්සු මේ සෙත් සාන්ති කරවා ගන්නේ දුක සේ ඉපැයූ මුදලිනි. නැතිනම් පොලියට ගත් සල්ලිවලිනි. 


ග්‍රාමීය දිළිඳුකමේ සැලකිය යුතු පංගුවක් මේ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් නිසා ය.  ඔවුන් මන්තර ගුරුකම් පසුපස යන්නේ බොහෝ විට දිළිඳුකම විසින් ඔවුන්ට අත්පත් කර දී තිබෙන කාලකන්නිකම නිසා ය.


එහෙත්, දිළින්දන් තවත් දුප්පත් වන්නේ බලවතුන්ට සුපිරි ධනවතුන් වීමට කෙටි මං සලසන මහජන මුදල් සොරා ගැනීමේ අවස්ථාව විවර කර දෙන රත්තරං සුර වැනි යන්ත්‍ර මන්ත්‍ර නිසා ය.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. සනත් ජයසූරිය යනු බෙන්තර ගගෙන් එහා පැත්තෙ මිනිහෙක්...සුරයක් නොගිබුණනම් තමයි පුදුම වෙන්න ඕන.

    ReplyDelete
  2. SURA WETENNATA ATHTHE JANGIYE HILAK NISAWETA ATHI

    ReplyDelete
  3. මහත්තයෝ,
    I also a young professional who experienced a huge personal blow to me due to my child's ailing health. hence i saw the truth of this so called black magic and if u hv any doubt regarding this contact me.

    ReplyDelete
  4. ලිපිය හරියට කියවන බවක් පෙන්නේ නෑ (ලංකාවටම පොදු සෝඩා බෝතල් අදහස් නිසා වෙන්න ඇති) ලිපියෙන් කියන්නේ ගුප්ත දේවල් බොරු කියල නෙමේ නේ, ඒකෙන් කියන්නේ ඕනෑවටත් වඩා ඒදේවල් පස්සේ ගිහින් තමන්ගේ තුට්ටු දෙකත් නැති කරගෙන තවත් වල පතුලටම වැටෙන (80%) වගේ නූගත් දුප්පතුන් ගෙනයි, මේ දේවල් විකුණන් කන හොරුන් ගැනයි.

    හිතන්න පුලුවන්නම් හිතන්න යමක්: පරම්පරා ගානක් තිස්සේ ඕව පස්සේ ගියත් හෙටත් තමන් තමන්ගේ ආච්චිලා සීයල වගේම ප්‍රශ්න ගොඩක හිරවෙලා ඉන්නේ ඇයි කියල හිතුවනම්. අනික ඔය කියන විදියට ප්‍රශ්න විසදෙනවානම් ඔය හොරුන්ට දීර්ගකාලීනව ඕක කරන්න පුලුවන්ද? සාක්ෂරතාවය 92% ලු, මන්ද මානසිකත්වය හා භින්නොන්මාදය් (FORBIA) ඊටත් වඩා වැඩි ඇති.

    ReplyDelete
  5. Mama nam mata upathiyen ma labuna su re nithara nithara wature dala bale wadi karaganawa.lankawe nangila su ra balawath karan na hodata dan nawa..

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා