Posts

Showing posts with the label යන්ත්‍ර මන්ත්‍ර

ඇති හැකි අයට සුර සැප දෙන, නැති බැරි අයට සුරතාන්තයවත් නො දෙන සුර

Image
ඉන්දියාවේ පැවැත්වෙන  'ජලක් ඩිලාක් ජා'  නැටුම් සංදර්ශනය සඳහා සහභාගි වීමට ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී අකලංක ගනේගමගෙන් නැටුම් පුහුණු වෙමින් වෙමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී හා ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරියගේ ශරීරයේ අතනින් මෙතනින් ගලවන ලද රත්තරං සුර අටක් එර්දි වීම නිසා ජයසූරිය කම්පනය වී ඇති බව වාර්තා වේ.  එසේ නම්, ජයසූරිය ක්‍රිකට් ගසා ඇත්තේ, මුදල් උපයා ඇත්තේ, ඡන්ද දිනා ඇත්තේ තවත් දේ කර ඇත්තේ මේ සුර නිසා ය. දක්ෂතාව නිසා නො වේ.  මේ සුර අට ශරීරයේ තැන තැන එල්ලාගෙන සිටින සනත් ජයසූරියගේ ඡායාරූපයක් දක්නින්ට ලැබුණා නම් හරි අපූරු ය.  ජනාධිපතිවරයා ද යන යන තැන රැගෙන යන මොකක්දෝ මෙවැනි දෙයක් ඇත. ඔහුට ද වාසනාව පහළ වන්නට ඇත්තේ එය නිසා ය. ලංකාවේ අලුත් ධනවතුන් හා බලවතුන් සමග මෙවැනි යන්ත්‍ර, මන්ත්‍ර, ගුරුකම් මෙහෙවින් සම්බන්ධ ය.  ඔවුන්ට නම් ඒවායින් වාසනාව පෑදී ඇත.  දිළින්දෝ ද මෙම යන්ත්‍ර, මන්ත්‍ර, ගුරුකම් ආදිය කරති. ඔවුන් වැඩි දෙනෙකුගේ දිළිඳුකමට හේතුව ද එයයි.  ගම්වල දේවාලවල කපුවෝ මිනිසුන් බියපත් කර අපල දුරු කිරීම සඳහා සෙත් සාන්ති කරවා ගන්නැයි උපද...