Posts

Showing posts from February, 2010

ලංකාවට තවත් පළමු ස්ථානයක්! අන්ත්‍රාවයි! කරන්ට් වදියි! | Sri Lanka one of the most expensive places for electricity

(2010 මාර්තු 01- W3Lanka )   ලංකාව ලෝකයේ විදුලි මිළ ඉහළම ස්ථාන අතරින් එකක් බව අධ්‍යයනයකින් හෙළි වේ.  ලංකාවේ කිලෝ වොට් පැය එකක විදුලි ඒකකයක් සඳහා ඉහළ මට්ටමින් විදුලිය වැය කරන ගෘහස්ථ පාරිභෝගිකයෝ ඩොලර් ශත 30ක් පමණ ගෙවති. එහෙත් එක්සත් ජනපදයේ ගෘහස්ථ පාරිභෝගිකයකු සාමාන්‍යයෙන් එවැනි ඒකකයකට ගෙවන්නේ ඩොලර් ශත 11.76කි. (2009 ඔක්තෝබර්)  2009දී බ්‍රිතාන්‍යයේ මෙම විදුලි මිළ ඩොලර් ශත 18.59ක් විය.  අසල්වැසි ඉන්දියාවේ මෙය ඩොලර් ශත අටක් පමණකි.  රට රටවල විදුලි මිළ මෙතැනින් බලන්න:  http://en.wikipedia.org/wiki/Electricity_tariff

ලිප ගිනි මොළවන තෙක් දිය සැලියේ | The hidden tensions of Sri Lanka's ethnic crisis

Image
අජිත් පැරකුම් ජයසිංහ ලංකාවේ දෙමළ ජනයාට වර්තමානයේදී සන්නද්ධ අරගලයක් වෙත ආපසු යාමට ඇත්තේ අඩු අභිරුචියක් බව ජාත්‍යන්තර අර්බුද කණ්ඩායම නම් ගැටුම් විශ්ලේෂක විද්‍යාර්ථීන්ගේ සංවිධානයේ ආසියානු වැඩසටහන් අධ්‍යක්ෂ රොබට් ටෙම්ප්ලර් පවසයි. එහෙත්, දෙමළ ජනයාගේ සාමූහික අපේක්ෂාවන්ට ප්‍රතිචාර දැක්වීමට රජය දිගින් දිගට ම අසමත් වන්නේ නම්, ඔවුන්ගෙන් ඇතැමෙක් අවසානයේදී ප්‍රචණ්ඩත්වය හරහා විසඳුමක් සෙවීමට නැඹුරු විය හැකි බව ද ඒ සඳහා දෙමළ විදේස්ගත ප්‍රජාවේ ඇතැමුන් උදව් කරනු ඇති බව ද ඔහු පවසයි. ලංකාවේ දෙමළ ප්‍රශ්නය පිළිබඳ ජාත්‍යන්තර අර්බුද කණ්ඩායමේ අලුත් ම වාර්තාවේ මෙසේ ද සඳහන් වේ. "ලංකාවේ සිටින දෙමළ ජනයා සහ විදෙස්ගත දෙමළ ප්‍රජාව අතර පරතරය පළල් වී ඇත. රටේ සිටින බොහෝ දෙනා දශක ගණනක් තිස්සේ දිග්ගැසුණු යුද්ධයෙන් විඩාපත්ව සිටිති. ස්වාධීන රාජ්‍යයක් වෙනුවෙන් සටන් කිරීම වෙනුවට ඔවුන්ට උවමනා දුෂ්කර තත්වයන් මැද ජීවිත ගොඩනඟා ගැනීමටයි. පොදු දේශපාලන අදහසක් බලාත්මක කිරීම සඳහා එල්.ටී.ටී.ඊ. සංවිධානය නොමැති සංදර්භය තුළ ලංකාවේ දෙමළ නායකයෝ එක්සත් ශ්‍රී ලංකාවක් තුළ ප්‍රාමාණික ප්‍රතිසංස්කරණ යෝජනා කරමින් සිටිති. ප්‍රචණ්ඩකාරී න

තේ අපනයනයේ පළමු තැන කෙන්යාව ලංකාවෙන් පැහැර ගනියි | Kenya defeats Sr Lanka by tea exportation

Image
(2010 පෙබරවාරි 28- W3Lanka )   ලොව ප්‍රමුඛතම තේ අපනයනකරුවා ලෙස ලංකාවට තිබූ තැන අහිමි වී ගොසිනි. ලංකාව තේ අපනයනයෙන් කෙන්යාවට පරාජය වී ඇත. 2009 වසරේ කෙන්යාව තේ කිලෝ මිලියන 342ක් අපනයනය කළ බව එරට තේ මණ්ඩලය පවසයි. ලංකාව අපනයනය කර ඇත්තේ කිලෝ මිලියන 280කි. එය කලින් අවුරුද්දට වඩා කිලෝ මිලියන 29ක අඩු වීමකි. කෙන්යාව හෙක්ටෙයාර් 150,000ක භූමියක තේ වර්ග 50ක් පමණ වගා කරයි. කෙන්යාව ලොව පුරා වෙළඳපොළ 47කට ‍තේ අපනයනය කරමින් ලෝක තේ නිෂ්පාදනයෙන් 22%කට හිමිකම් කියයි. වසර සියයක‍ට අධික කාලයක් තිස්සේ තේ අපනයනයේ යෙදෙන ලංකාව තවමත් වැඩිපුර ම තේ අපනයනය කරන්නේ වටිනාකම් එකතු කිරීමකින් තොරව අමුද්‍රව්‍යයක් ලෙසයි. කසල තේ ජාවාරම් හේතුවෙන් මේ වන විට ලංකාවේ තේ පිළිබඳ කීර්තිනාමයට හානි සිදු වී තිබේ. තේ කර්මාන්තය නිසි ප්‍රතිපත්තියක් ඔස්සේ මෙහෙයවීමට ලංකාවේ රජය කටයුතු නොකිරීම ලංකාවේ තේ කර්මාන්තයේ පිරිහීමට හේතුවක් වී තිබේ. තේ කර්මාන්තය නඟා සිටුවීමට යයි කියමින් රජය අපනයන තේවලින් සෙස් බද්දක් පවා අය කරයි.

කන්න ඕනෑ විට කබරගොයා තලගොයා වීම හෙවත් කනගරත්නම් සන්ධානයෙන් ඡන්දෙ ඉල්ලීම | S. Kanagaratnam, the father of an LTTE air raid suspect, ruling party candidate now

Image
(2010 පෙබරවාරි 27- W3Lanka )   දෙමළ ජාතික සන්ධාන හිටපු මන්ත්‍රී සතාසිවම් කනගරත්නම් යනු 2004 මහ මැතිවරණය සඳහා වන්නි දිස්ත්‍රික් ලැයිස්තුවට කොටි සංවිධානය විසින් ඉදිරිපත් කරනු ලැබූ කොටි හිතවාදිකු යයි ආණ්ඩුව විසින් ම හඳුන්වා දෙන ලද පුද්ගලයෙකි. යුද සමයේ වසරක පමණ කාලයක් තමන් නියෝජනය කළ කොටි පාලන ප්‍රදේශයේ රැඳී සිට යුද්ධයේ අවසානයත් සමග රජයේ පාලන ප්‍රදේශයට පැමිණ අවතැන් කඳවුරක සිටියදී අත්අඩංගුවට ගෙන මාස අටකට වැඩි කාලයක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ කොළඹ රඳවාගෙන සිටි මෙම මන්ත්‍රීවරයා පසුව කිසිදු චෝදනා ඉදිරිපත් කිරීමකින් තොරව නිදහස් කරන ලදී. මෙම මන්ත්‍රීවරයාගේ පුත්‍රයා ද කොටි සංවිධානය විසින් කොළඹට එල්ල කරන ලද ගුවන් ප්‍රහාරවලට උදව් කළේ ය යන චෝදනාව මත අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන ඇත. සතාසිවම් කනගරත්නම් දැන් පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයකු ලෙස වන්නි දිස්ත්‍රික්කයට තරග කරයි. කන්න ඕනෑ වූ විට කබර‍ගොයා තලගොයා කර ගන්නා හැටි ගැන සිංහලයන්ට කියා දිය යුතු නැත. නොකා ඉන්න‍ට උවමනා වූ විට තලගොයා කබරගොයා වෙයි. ෆොන්සේකා හිරේ ඉන්නේ ඒ නිසා ය.  මේව දැකල අපට නම් පණ පලයං පෙරේදා ය. 

රාජ්‍ය ආයතනවලට පැමිණිලි යොමු කළ හැකි වෙබ් අඩවිය සම්බන්ධ පැමිණිල්ලක් | A complain regarding the website through which people can lodge complains against state institutes

Image
(2010 පෙබරවාරි 27- W3Lanka )   රාජ්‍ය ආයතනවලට එරෙහිව පැමිණිලි කිරීමට වෙබ් අඩවියක් ඇති බවට පුවතක් අද දිනමිණේ පළ විය. දිනමිණේ පළ වන හැම පුවතක් ම පච යයි සැකයක් ජනතාව අතර ඇත. මෙම පුවත ද එම කරුණ ඔප්පු කරන්නකි. පුවතට අදාළ සබඳතා පුරුක මත ක්ලික් කර බැලූ විට එය ඔප්පු වනු ඇත. රජයේ තොරතුරු තාක්ෂණ කටයුතු දෙස බලන විට පෙනී යන කරුණක් වන්නේ බොහෝ විට තොරතුරු තාක්ෂණය භාවිතා කරන්නේ බොරු සෝබනය සඳහා මිස සැබෑ මහජන සේවාවක් සැලසීම සඳහා නොවන බවයි. මේ වන විට රජය විසින් දහස් ගණනක් වෙබ් අඩවි පවත්වාගෙන යනු ලැබේ. එහෙත් මේ අතරින් 99%ක් ම කලට වේලාවට යාවත්කාලීන වන්නේ නැත. එය වෙන ම කතා කළ යුතු ප්‍රශ්නයකි.  රාජ්‍ය ආයතන වලට එරෙහිව පැමිණිලි කිරීමට වෙබ් අඩවියක් ජීවනී පතිරණ රාජ්‍ය ආයතනයකින් සේවාවක් ලබා ගැනීමට යාමේදී යම් දුෂ්කරතාවකට ලක් වුවහොත් ඒ පිළිබඳ රාජ්‍ය තොරතුරු කේන්ද්‍ර වෙබ් අඩවිය ඔස්සේ ජනතාවට පැමිණිලි කිරීමට දැන් හැකියාව ලැබී තිබේ. අන්තර්ජාලය ඔස්සේ  www.gie.gov.lk   වෙබ් අඩවියට පිවිසීමෙන් මෙසේ පැමිණිලි කිරීමට හැකි වේ. අන්තර්ජාල පහසුකම් නොමැති අයකුට තම ප්‍රදේශයේ නැණසල මධ්‍යස්ථානයකට ගොස් මේ පහසුකම් ලබා ගත හ

බිබිලේ දොඩමට හානි කරන්නේ කවුරුද? | Who attacks Bibile orange?

Image
(2010 පෙබරවාරි 27- W3Lanka )   ‘වැලන්සියා ලේම්’ නැමැති දොඩම් ප්‍රභේදය ඕස්ට්‍රේලියාවෙන් ගෙන්වා ගෙන බිබිල ගොවිපළේ රෝපණය කිරීමෙන් අනතුරුව දොඩම් වගාව ඉතා සරුවට තිබූ බිබිල ප්‍රදේශයෙහි විවිධ රෝග පැතිරෙන්නට පටන් ගත් බව දොඩම් වගා කරුවෝ කියති. 1950 දශකයේදී ‘ට්‍රිස්ටියා’ නම් වෛරස් රෝගයක් නිසා දොඩම් වගාව විනාශවී යාමට පටන්ගෙන තිබේ. ඊට අමතරව දිලීර බැක්ටීරියා , වැනි රෝග ද එම වගාව ආක්‍රමණය කරමින් දොඩම් ඵලදාවට හානි කරන්නට විය. අතීතයේදී අක්කර 4000ක පමණ ව්‍යාප්ත වී තිබූ පැණි දොඩම් වගාව මෑත අවධිය වන විට අක්කර 600 දක්වා පහත වැටී තිබිණි. 1956 වර්ෂයේ දී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් බිබිල ඊතණවත්ත ප්‍රදේශයෙන් දොඩම් ප්‍රභේදයක් හඳුනාගෙන ඇති අතර එය බිබිල ස්වීට් නමින් අද හඳුන්වනු ලැබේ. 1970 න් පසුව නැවත දොඩම් වගාව ව්‍යාප්ත කිරීම සඳහා පියවර රැසක් ගනු ලැබිණි. දේශීය දොඩම් සඳහා හොඳ ඉල්ලුමක් ලැබෙන්නට පටන් ගැනීමත් සමග දොඩම් වගාව නැවත ව්‍යාප්ත වෙන්නට පටන් ගැනුණි.

ලෝක දෙමළ සමුළුවට බ්‍රිතාන්‍ය අගමැතිගේ සහාය | British Prime Minister expresses support to Global Tamil Forum

Image
(2010 පෙබරවාරි 26- W3Lanka )   ජාතීන්ගේ ප්‍රශ්නය විසඳීම සඳහා සම්මුතියකට එළැඹීමට මැලිකමක් දක්වන මහින්ද රාජපක්ෂ රජයේ නරක නිලයක් අල්ලමින් බ්‍රිතාන්‍ය අගමැති ගෝඩන් බ්‍රව්න් ඊයේ ලෝක දෙමළ සංසදයේ නියෝජිතයන් හමු වී සාකච්ඡා කළේය. බදාදා පැවැත්වුණු ලෝක දෙමළ සංසදයේ ආරම්භක දේශනය පැවැත්වූයේ බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ඩේවිඩ් මිලිබෑන්ඩ් විසිනි. මෙය ලංකාවේ රජයේ දැඩි විරෝධයට තුඩු දුන්නේය. බලය බෙදා ගැනීම සඳහා අවශ්‍ය ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කරන ලෙස මෙම කතාවේදී මිලිබෑන්ඩ් ලංකාවේ රජයෙන් ඉල්ලා සිටියේය.  මේ අතර, මේ පිළිබඳ නිවේදනයක් නිකුත් කරන ජාතික ආරක්ෂක මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල බ්‍රිතාන්‍ය අගමැතිවරයා මෙම සමුළුවට සහභාගි වීම සදාචාර විරෝධී බව පවසයි.

ඉදිරි මහ මැතිවරණයේදී රටේ සියලූම පීඩිත ජනතාව ඒකරාශී කිරීමේ දළ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයක් | A draft manifesto to unite all Sri Lankan downtrodden masses at the general election

සරත් ප්‍රනාන්දු විසිනි (සංවාදයට විවෘතයි) නිදහස ලැබී වසර 62 ක් ගත වී ඇත. ඒ කාලය තුළ මැතිවරණ ගණනාවක් පැවැත් වු අතර රටේ ප‍්‍රශ්න නිරාකරණය කිරීමේ අපේක්‍ෂාවෙන් වරින් වර පක්‍ෂ මාරු කරමින් නියෝජිතයින් පත් කර පාර්ලිමේන්තුවට යවන ලදී. එහෙත් රටේ ප‍්‍රශ්න අවම කරනවා වෙනුවට සිදුව ඇත්තේ ඒවා උග‍්‍ර වීමයි. මේ මොහොතේ අප සිටිනුයේ තවත් මහ මැතිවරණයකට සූදානම් වෙමිනි. නැවත වතාවක් සියල්ල පැත්තකට තබා තම තමන් කැමති පක්‍ෂය හා පුද්ගලයා දිනවීම සඳහා කටයුතු කිරීමට මහජනයා අතරින් බොහෝදෙනෙක් වෙහෙස වනු ඇත. මෙකී තමන්ගේ න්‍යාය පත‍්‍රයන් වෙනුවට පොදු න්‍යාය පත‍්‍රයකට අවධානය දීම අත්‍යවශ්‍ය වන්නේ ඒවා මෙතෙක් ඉටු නොවී ඇති බැවිනි. මෙහි ඇත්තේ සියලූ පිඩිත ජන කොටස්වල එකාබද්ධ ප‍්‍රකාශනයක් සදහා දළ කෙටුම්පතකි. 1. සියලූ ජනතාවට සෞඛ්‍ය සම්පන්න පෝෂ්‍යදායික ප‍්‍රමාණවත් ආහාර වේලක් සහ ජලය ලැබිමේ අයිතිය සහතික විය යුතුයි කම්කරුවන්ට යහපත් ජීවන මට්ටමක් ළඟා කර ගැනීමට හැකි හා ආත්ම ගරුත්වය ආරක්ෂා වන පරිදි යහපත් වැටුප් මට්ටම්, සේවා තත්වයන් හා රැකියාවේ සුරක්ෂිතභාවය ආරක්ෂා වන කම්කරු නීති අනුමත කිරීම හා ක‍්‍රියාවේ යෙදවීම. වෘත්තීය සමිති ක‍්‍රිය

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ණය පමා කරයි | IMF delays the loan for Sri Lanka

Image
(2010 පෙබරවාරි 26- W3Lanka )  ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ලංකාවේ විදේශ සංචිත ශක්තිමත් කර ගැනීම සඳහා ලබා දෙන ලද ඩොලර් බිලියන 2.6 ණය මුදලේ තුන්වන කොටස ලබා දීම ප්‍රමාද කිරීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල තීරණය කර තිබේ.  එම ණය සඳහා කොන්දේසියක් වූ අයවැය පරිතරය දළ දේශීය නිෂ්පාදනයෙන් 7%ක මට්ටමකට 2009දී ගෙන ඒම සාක්ෂාත් කර ගැනීමට ලංකාව අසමත් වී තිබේ. 2009 වසරේදී රජය අයවැයක් ඉදිරිපත් කළේ නැත. එම වසර සඳහා මහ බැංකු වාර්තාව ද තවම නිකුත් වී නැත. කෙසේ වෙතත්, අයවැය පරතරය දළ දේශීය නිස්පාදිතයෙන් 9%ක මට්ටමක ඇති බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.  මෙතෙක් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ලංකාවට ලබා දී තිබෙන ණය කොටස් දෙකෙහි වටිනාකම ඩොලර් මිලියන 650ක් පමණ වේ.  ඩොලර් මිලියන 300ක් වන තෙවන කොටස මාර්තුවේදී ලැබීමට නියමිත විය. එහෙත් ඊට පෙර අරමුදල විසින් ලංකාවේ ආර්ථික ක්‍රියාකාරිත්වය පිළිබඳ අධ්‍යයනයක් කරයි. මෙම ණය කොන්දේසි අනුව ලංකාව මේ වසරේ අයවැය පරතරය දළ දේශීය නිෂ්පාදිතයෙන් 6%ක මට්ටමට ගෙනැවිත් ලබන වසරේදී එය 5%ක මට්ටමේ තබා ගත යුතුය.  ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය මේ වන විට ඩොලර් බිලියන පහකි. 2009 මැයි වන විට එය ඩොලර්

ධර්ම භාණ්ඩාගාර ආයුධ ගබඩා වීම | Treasuries of Buddhist doctrine turning into armories

Image
(2010 පෙබරවාරි 26- W3Lanka )  කොළඹ මාලිගාවත්ත බෝධිරාජාරාම විහාරස්‌ථානයේ තිබී අවි ආයුධ සහ බෝම්බ රැසක් සොයා ගනු ලැබුවේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය අතරතුර ය. සොයා ගනු ලැබූ අවි ආයුධ අතර ටී-56 ගිනි අවි දෙකක් හා බෝම්බ 50ක් තිබුණු බව කියනු ලැබේ. අවි ගබඩා භාරකරුවන් ලෙස සැක පිට ඌවතැන්නේ සුමණ හිමි ඇතුළු සැකකරුවන් සිව්දෙනෙක් මේ පිළිබඳ සැක පිට අත්අඩංගුවට ගන්නා ලදි. වැඩිදුර පරීක්ෂණ පැවැත්වෙමින් ඇති බව පොලිසිය පවසයි. අත් අඩංගුවට ගනු ලැබූ භික්ෂුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භික්ෂූ සංවිධානයේ ලේකම් ලෙස සිට පසුව ජනාධිපතිවරණයේදී සරත් ෆොන්සේකාට සහාය දැක්වූවෙකි. අධිකරණයෙන් ලබාගත් වරෙන්තුවක්‌ මත මිරිහාන පොලිසිය ඊයේ (25 වැනිදා) නුගේගොඩ නාලන්දාරාම විහාරස්‌ථානය පීරමින් අවි ආයුධ හා පුපුරන ද්‍රව්‍ය සොයා හිස් අතින් ආපසු ගියේය. මේ පන්සලේ ද ගිනි අවි හා පුපුරන ද්‍රව්‍ය ඇති බවට නිර්නාමික දුරකථන ඇමතුමක් ලැබූ තිබෙන බව පොලිසිය පැවසූ බව ද මෙලෙස නිර්නාමික දුරකථන පණිවුඩ ලැබෙන සෑම ආගමික මධ්‍යස්‌ථානයක්‌ හෝ නිවසක්‌ පරීක්‍ෂාවට ලක්‌ කිරීම සඳහා පොලිසිය අධිකරණයෙන් වරෙන්තු ලබාගන්නවාදැයි විහාරාධිපති හිමි ප්‍රශ්නකර ඇතත් ඊට කිස

දෙමළ ජාතික සන්ධානයේ අර්බුදය දේශපාලනිකව කියවමු | Let us read the Tamil National Alliance problem politically

(2010 පෙබරවාරි 25- W3Lanka )   මේ වන විට දෙමළ ජාතික සන්ධානයේ ඇති වී තිබෙන අර්බුදය දෙමළ ජාතික දේශපාලනයේ අර්බුදය ප්‍රකාශ කරන කැඩපතක් ලෙස දැකිය හැකි ය. මේ වන විට දෙමළ ජාතික සන්ධානයේ හිටපු මන්ත්‍රීන් ගණනාවකට මහ මැතිවරණය සඳහා නාම යෝජනා අහිමි වී තිබේ. නාම යෝජනා අහිමි වූ මන්ත්‍රීන් අතරින් ඇතැමෙක් ආණ්ඩුවට කඩේ ගිය අය වෙති. එහෙත් ඇතැමෙකුට නාම යෝජනා අහිමි වීම පිටුපස ඇත්තේ දේශපාලනික කාරණයකි. දෙමළ ජාතික සන්ධානයේ දේශපාලනික බෙදීම සලකුණු වන්නේ එතැනිනි. දෙමළ ජාතික සන්ධානයේ නාම යෝජනා අහිමි වඩාත් දේශපාලනික කොටස වනාහි දෙමළ ජනයාගේ ස්වයං නිර්ණ අයිතිය අවධාරණය කරන දැඩි ජාතිකවාදීහු වෙති. එහෙත්, මේ වන විට දෙමළ ජාතික සන්ධානයේ බලය හිමි වී තිබෙන්නේ ෆෙඩරල් පක්ෂය, ඊ.පී.ආර්.එල්.එෆ් හා ටෙලෝ යන පක්ෂ නියෝජනය කරන ලිබරල්වාදීන්ටයි. ඔවුහු මේ වන විට ඉන්දීය හා කොළඹ ආණ්ඩු සමග එක්ව සීමිත බලය බෙදීමක් භාර ගනිමින් ඒකීය ලංකාවක රාමුව තුළ ධනේශ්වර දේශපාලනයකට කැමැත්ත දක්වන පිරිසකි. ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් ප්‍රමුඛ සමස්ත ලංකා ද්‍රවිඩ කොංග්‍රසය හා කොටි සංවිධානයට හිතවත්ව සිටි පිරිස් දෙමළ ජාතිකවාදී සටන් පාඨ අතහැර දැමීම පිළිබඳව

යළි පදිංචි කරන ලද ළමයි දහස් ගණනක් පාසල් නොයති | Thousands of resettled children out of schools

Image
(2010 පෙබරවාරි 25- W3Lanka )   අවතැන් කඳවුරුවල සිටි පාසල් වියේ දරුවන් අතරින් තවත් දහස් ගණනක් තවමත් පාසල් නොයන බව යුනිසෙෆ් වාර්තා පෙන්වා දෙයි.  මේ වන විට කලින් කඳවුරුවල සිටි පාසල් වියේ දරුවන් 48,000ක් යළි පදිංචි කරනු ලැබ තිබේ. ඔවුන් අතරින් වයස අවුරුදු 5 සහ 18 අතර සිසුන් 43,469ක් මේ වන විට ලියාපදිංචි වී ඇති බව යුනිසෙෆ් වාර්තා පෙන්වා දෙයි.  වවුනියා, මන්නාරම, කිලිනොච්චි හා මුලතිව් දිස්ත්‍රික්කවලට අයත් වන්නි ප්‍රදේශයේ මේ වන විට පාසල් 94ක් ආරම්භ වි තිබේ. අවතැන් වූවන් යළි පදිංචි කරන ලද යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රදේශවල ද පාසල් 14ක් විවෘත කර තිබේ.  මෙම ප්‍රදේශවල කලින් පාසල් සිය ගණනක් පැවැත්විණි. ඒවා බොහොමයක් යුද්ධය හේතුවෙන් විනාශ වී තිබේ.  මෙම ප්‍රදේශයේ අධ්‍යාපනයට ඇති ප්‍රධාන බාධාවක් වන්නේ ගුරු හිඟය බව යුනිසෙෆ් ආයතනය පෙන්වා දෙයි.  වන්නි ප්‍රදේශයේ පාසල්වල ඉගැන්වීමේ කටයුතු කරන ගුරුවරුන්ට ගමන් වියදම් දීමනාවක් ලෙස රු.2000ක් ලබා දීමට ලංකා ගුරු සංගමය හා අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම ජයන්ත අතර පැවැත්වුණු සාකච්ඡාවකදී රජය එකඟ විය.  තවත් පාසල් වියේ දරු දැරියන් 25,000කට අධික ප්‍රමාණයක් මැ

ලාංකික රිෆ්කා බාරිගේ ඇමරිකාවේ මාධ්‍ය සංදර්ශනය | Sri Lankan born Rifqa Bary's media show in Us

Image
(2010 පෙබරවාරි 25- W3Lanka )   මෙම ඡායාරූපයේ සිටින 17 හැවිරිදි ලාංකික දැරියගේ නම රිෆ්කා බාරි ය. ඇය දැන් ජීවත් වන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩාහිය.  කලින් ඔහියෝහි මව්පියන් සමග ජීවත් වූ උපතින් ඉස්ලාම් ආගම ඇදහූ අයෙකු වූ ඇය පසුව ක්‍රිස්තියානියට හැරී, ඒ හේතුවෙන් තම පවුලේ අය තමන් මරනු ඇතැයි බිය බව පවසමින් නිවසින් පැන ගොස් එක්සත් ජනපද ජනමාධ්‍යයන්හි කතාවක් නිර්මානය කළාය.  ඇය පිළිබඳ පැවැත්වෙන අධිකරණ කටයුතුවලදී ඇගේ නීතිඥයන් පෙන්වා දුන්නේ ලංකාවට පැමිණීයහොත් ඇය මරා දමනු ඇති බවයි.  සිය සිහින දේශයන් වන ඇමරිකාවේ හෝ බටහිර යුරෝපයේ පුරවැසිභාවය ලබා ගැනීම සඳහා ලංකාවේ මිනිස්සු ඉතා නිර්මානශීලී ලෙස කටයුතු කරන බවට මෙම සිද්ධිය උදාහරණයක් විය හැකිය. 

ගොඩනැඟිලි හැදුවාට නොහැදෙන යාපනය පුස්තකාලය | Jaffna library that cannot be restored with buildings and equipment

Image
(2010 පෙබරවාරි 25- W3Lanka )   කලක් ලාංකීය දෙමළ සංස්කෘතියේ කැඩපතක් වී තිබුණු යාපනය පුස්තකාලය දැන් පරිහරණය කරන පිරිස දිනකට 150 නොඉක්මවන බව ප්‍රධාන පුස්තකාලයාධිපති එස්. තනබාලසිංහම් පවසයි. 1981දී රාජ්‍ය අනුග්‍රහය ලද මැර පිරිසක් විසින් යාපනය පුස්තකාලය ගිනි තැබීම ‍ලෝකයේ පිළිකුල් ම සංස්කෘතික සම්පත් විනාශ කිරීම් අතරින් එකක් ලෙස සැලකේ. එහි තිබී ගිනි බත් කරන ලද බුද්ධිමය සම්පත් අතර වටිනා පොත් ලක්ෂයක් පමණ ද ඉතා පැරණි දෙමළ පුස් කොළ පොත් ද තිබිණි. 2003දී  රජය විසින් යාපනය පුස්තකාලය ප්‍රතිසංස්කරණය කර විවෘත කරන ලදමුත්, යාපනය ජනතාව එය 1934 සිට එහි පැවති තම නූතන සංස්කෘතියේ තිරසාර අංගයක් වූ පුස්තකාලය ලෙස පිළි ගැනීමට මැළිකමක් දක්වන බව යාපනයේ විද්වත්හු පවසති.  "යාපනය පුස්තකාලය ගිනි තියලා විනාශ කරලා ඉවරයි. ඒක ප්‍රතිසංස්කරණය කරන්න බැහැ. එයින් ඇති කරන ලද සංස්කෘතික තුවාලය ගැඹුරු එකක්. ඔබට ගොඩනැඟිලි හදන්න, එය පුටු, මේස, රාක්කවලින් පුරවන්න පුළුවන්. ඒත් ඒ යාපනය පුස්තකාලය නොවෙයි. යාපනය පුස්තකාලය නැවත ගොඩනැඟීම ඉදිකිරීම් සම්බන්ධ කාර්යයක් නොවෙයි. එය සංස්කෘතික කාර්යයක්," යි නම සඳහන් කිරීමට අකැමැති

ජී.එස්.පී ප්ලස් අහිමි වීමෙන් ලංකාවේ බයිසිකල් කර්මාන්තයත් අනතුරේ | Sri Lanka bicycle industry too is at peril with the loss of GSP Plus

(2010 පෙබරවාරි 24- W3Lanka )   යුරෝපා සංගමය විසින් සපයනු ලබන ජී.එස්.පී. ප්ලස් බදු සහන අහිමි වීම නිසා සිදු වන හානි අතරින් වැඩි දෙනෙකුගේ අවධානය යොමු වී තිබෙන්නේ ඇගලුම් කර්මාන්තයටයි. බොත්තම දක්වා ඇඟලුම් කර්මාන්තයේ සියලු යෙදවුම් ආනයනය කරනමුත් දෙලක්ෂයක් පමණ ජනයා ශ්‍රමිකයන් ලෙස ඍජුව ම සම්බන්ධ වන කර්මාන්තයක් බැවින් එයින් සිදු වන හානිය කෙරෙහි වැඩි අවධානයක් යොමු වීම සාධාරණය.  ඇඟලුම් හැර තවත් භාණ්ඩ වර්ග 6500කට අධික ප්‍රමාණයකට මෙම බදු සහනය හේතුවෙන් යුරෝපා සංගමය තුළ  හොඳ වෙළඳපලක් ලබා ගැනීමට හැකි  වී තිබේ. එම භාණ්ඩ ආශ්‍රිත කර්මානතවලට ද ජී.එස්.පී ප්ලස් අහිමි වීම නිසා දැඩි වෙළඳ තරගකාරිත්වයකට මුහුණ දීමට සිදු වේ.  සියයට සියයක් ම දේශීය අමුද්‍රව්‍ය ඇසුරින් නිෂ්පාදනය කෙරෙන පෝසිලේන් කර්මාන්තය මෙහි විශේෂ අංශයකි.  තවත් කර්මාන්තයක් වන්නේ බයිසිකල් හා බයිසිකල් කොටස් නිෂ්පාදන කර්මාන්තයයි. 2008 වසරේදී යුරෝපා සංගමයේ බයිසිකල් සැපයුම්කරුවන් අතරින් සිව්වන ස්ථානයේ සිටි ලංකාව බයිසිකල් 700,000ක් එරටට යැවූ බව බයිසිකල් වෘත්තිකයන්ගේ වෙබ් අඩවියක් වන බයික් යුරොප් පවසයි. එසේම ප්‍රධාන වශයෙන් බයිසිකල් ටයර් ඇතුළු බයිසික

කොළඹ නැවතත් කොටි බෝම්බ | LTTE suicide bombers in Colombo

(2010 පෙබරවාරි 24- W3Lanka )   එල්.ටී.ටී.ඊ. සංවිධානයේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් කොළඹ සැරිසරන බවට රහස් ඔත්තු අංශ විසින් වාර්තා කර ඇති බව ද, ඔවුන් කවුරුද යන්න හා ඔවුන් ගැවසෙන තැන් නොදන්නා බව ද, ඔවුන් අත්අඩංගුවට ගන්නා තෙක් ආරක්ෂක අංශ සීරුවෙන් තබා ඇති බව ද අගමැති රත්නසිරි වික්‍රමනායක ඩේලි මිරර්ට ප්‍රකාශ කර තිබේ.  රටින් පිට සිටින ‍ලාංකික දෙමළ ජාතිකයන් ආධාර රැස් කිරීම් කරන බව රහස් ඔත්තු අංශ වාර්තා කර ඇති බව පවසන හේ ඒ කුමක් සඳහාදැයි නොදන්නා බව ද පවසයි.  කොටි සංවිධානයේ යුදමය පරාජයෙන් පසු එම සංවිධානයේ දෙස් විදෙස් ඉතිරි කොටස් සම්පූර්ණයෙන් ම යට ගොස් සිටිති. ඔවුන්ගේ වත්මන් ක්‍රියාකාරකම් පිළිබඳ රහස් ඔත්තු සේවා සතුව ඇත්තේ අවම තොරතුරු ප්‍රමාණයක් බව අගමැතිවරයාගේ ප්‍රකාශයෙන් හෙළි වේ.  කොටි සංවිධානය යුදමය වශයෙන් පරාජය කර දැමුව ද, ත්‍රස්තවාදයට සරු පසක් සපයන සමාජ අර්බුද විසඳීම සඳහා පියවර ගැනීමට ලංකාවේ රජය භයානක අන්දමින් අසමත් වී තිබේ.  ලංකාවේ මේ මොහොතේ යුද්ධයක් නැති මුත් සාමයක් හෝ තිරසාර සාමයක් ඇති කිරීම සඳහා ක්‍රියාමාර්ගවලට එළඹීමක් හෝ දක්නට නැත. 

බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ලෝක දෙමළ සමුළුව අමතයි | British Foreign Secretary to address Global Tamil Forum

(2010 පෙබරවාරි 24- W3Lanka )  ලංකාවේ භාණ්ඩ වර්ජනය කරන ලෙස හා ලංකාවේ පාලකයන් විසින් සිදු කරන ලද යුද අපරාධ පිළිබඳ පරීක්ෂණ පවත්වන ලෙස ඉල්ලා සිටින සංවිධානයක් වන ලෝක දෙමළ සංසදය හෙවත් Global Tamil Forum විසින් අද දින පවත්වනු ලබන ජාත්‍යන්තර සමුළුවක ආරම්භක දේශනය පැවැත්වීමට නියමිතව ඇත්තේ බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ඩේවිඩ් මිලිබැන්ඩ් විසිනි. තහනම් කරන ලද කොටි සංවිධානයට හිතවත්ව සිටි පිරිස් ඇතුළු ලොව පුරා දෙමළ ක්‍රියාකාරිකයන් සහභාගි වන මෙම සමුළුව පැවැත්වෙන්නේ Houses of Parliamentහිදීය. බ්‍රිතාන්‍ය විරුද්ධ පක්ෂයේ සෙවණැලි විදේශ ලේකම් හෙවත් බොහෝ විට මීළග ආණ්ඩුවක විදේශ ලේකම් විය හැකි පුද්ගලයකු වන විලියම් හේග් ‍මෙම සමුළුවේ අවසන් කතාව පවත්වන අතර පක්ෂ භේදයකින් තොරව මන්ත්‍රීවරුන් කීපදෙනෙක් ම මෙයට සහඵාගි වීමට නියමිතය. ලංකාවේ තිරසාර සාමයක් ඇති කළ හැක්කේ අව්‍යාජ ජාතික සංහිඳියාවකින් නිසා බ්‍රිතාන්‍යය එම අරමුණ වෙනුවෙන් පෙනී සිටින ලාංකික ප්‍රජාවේ සියලු සාමාජිකයන් සමග තමන් කටයුතු කරන බව කියමින් බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍යංශය මිලිබෑන්ඩ්ගේ පියවර අනුමත කර තිබේ.

දෙමළ ප්‍රශ්නය ගැන ජාත්‍යන්තර අර්බුද කණ්ඩායමේ අදහස් | International Crisis Group on Sri Lankan Tamil issue

(2010 පෙබරවාරි 24- W3Lanka )   ලංකාවේ දෙමළ ජනයාට වර්තමානයේදී සන්නද්ධ අරගලයක් වෙත ආපසු යාමට ඇත්තේ අඩු අභිරුචියක් බව ජාත්‍යන්තර අර්බුද කණ්ඩායම නම් ගැටුම් විශ්ලේෂක විද්‍යාර්ථීන්ගේ සංවිධානයේ ආසියානු වැඩසටහන් අධ්‍යක්ෂ රොබට් ටෙම්ප්ලර් පවසයි. එහෙත්, දෙමළ ජනයාගේ සාමූහික අපේක්ෂාවන්ට ප්‍රතිචාර දැක්වීමට රජය දිගින් දිගට ම අසමත් වන්නේ නම්, ඔවුන්ගෙන් ඇතැමෙක් අවසානයේදී ප්‍රචණ්ඩත්වය හරහා විසඳුමක් සෙවීමට නැඹුරු විය හැකි බව ද ඒ සඳහා දෙමළ විදේස්ගත ප්‍රජාවේ ඇතැමුන් උදව් කරනු ඇති බව ද ඔහු පවසයි. ලංකාවේ දෙමළ ප්‍රශ්නය පිළිබඳ ජාත්‍යන්තර අර්බුද කණ්ඩායමේ අලුත් ම වාර්තාවේ මෙසේ ද සඳහන් වේ. "ලංකාවේ සිටින දෙමළ ජනයා සහ විදෙස්ගත දෙමළ ප්‍රජාව අතර පරතරය පළල් වී ඇත. රටේ සිටින බොහෝ දෙනා දශක ගණනක් තිස්සේ දිග්ගැසුණු යුද්ධයෙන් විඩාපත්ව සිටිති. ස්වාධීන රාජ්‍යයක් වෙනුවෙන් සටන් කිරීම වෙනුවට ඔවුන්ට උවමනා දුෂ්කර තත්වයන් මැද ජීවිත ගොඩනඟා ගැනීමටයි. පොදු දේශපාලන අදහසක් බලාත්මක කිරීම සඳහා එල්.ටී.ටී.ඊ. සංවිධානය නොමැති සංදර්භය තුළ ලංකාවේ දෙමළ නායකයෝ එක්සත් ශ්‍රී ලංකාවක් තුළ ප්‍රාමාණික ප්‍රතිසංස්කරණ යෝජනා කරමින් සිටිති. ප්‍රචණ්

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන හැටි ආණ්ඩුව කිව යුතුයි

(2010 පෙබරවාරි 23- W3Lanka )   ඉදිරි මහ මැතිවරණය තුනෙන් දෙකක වැඩි ඡන්දයෙන් ජයග්‍රහණය කිරීමෙන් පසු මාස හයක්‌ ඇතුළත ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව වෙනස්‌ කිරීමට රජය කටයුතු කරන බව ප්‍රවාහන අමාත්‍ය ඩලස්‌ අලහප්පෙරුම ඊයේ (22 වැනිදා) මහවැලි කේන්ද්‍රයේ පැවැති එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් පැවසීය. මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීම හොඳ දෙයකි. ඒ සඳහා අවශ්‍ය නම් ජනතාවගේ තුනෙන් දෙකක් නොව තුනම වුව ඉල්ලා සිටීම නරක නැත. මෙම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිට කළ නොහැක්කේ ගැහැනියක පිරිමියකු කිරීම හා පිරිමියකු ගැහැනියක කිරීම පමණකැයි 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ නිර්මාතෘ ජේ.ආර්. ජයවර්ධන පැවසීය. ඒ අනුව ගත් කල ජනතාවට තුනෙන් එකකින්වත් ඇති වැඩක් නැත. තුන ම ජනාධිපතිට දී දැම්මා ම අහවරය. එහෙත්, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්නේ කෙසේද යන්න ආණ්ඩුව පැහැදිලිව පැවසිය යුතුය. පසුගිය ජනාධීපතිවරණ සමයේ විපක්ෂය පමණක් නොව ආණ්ඩුව පවා කීවේ විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරන බවයි. එය කරන්නේ කෙසේද? විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීම පමණක් ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම සඳහා ප්‍රමාණවත් වන්නේ

ඉඟිනියාගල පොලිස් ප්‍රචණ්ඩත්වය මැද එක් අයෙක් මරුට

(2010 පෙබරවාරි 23- W3Lanka )   අම්පාර දිස්ත්‍රික්කයේ ඉඟිනියාගල, මොරගහපල්ලම ප්‍රදේශවාසීහු ඊයේ මාර්ගය අවහිර කරමින් ටයර් පුළුස්සා විරෝධය දැක්වීමක් කළහ. හේතුව පොලිසිය සමග ප්‍රශ්නයක් තිබූ මොරගහපල්ලම පදිංචි ඊ. ඒ. සමන් තිලකසිරි නමැති 37 හැවිරිදි පුද්ගලයකු පොලිසිය විසින් මරා දමන ලද බවට ඇති සැකයයි. පොලිස් නිලධාරීන් විසින් ‍22දා අත්අඩංගුවට ගෙන රැගෙන යමින් සිටි මෙම පුද්ගලයාගේ මළ සිරුර 23දා උදේ සේනානායක සමුද්‍රයේ දකුණු ඇළේ තිබී ගම්වාසීන්ට හමු වී තිබේ. මළසිරුර පශ්චාත් මරණ පරීක්‍ෂණ කටයුතු සඳහා අම්පාර මහ රෝහලට යොමු කර තිබේ. පොලිස් ප්‍රචණ්ඩත්වය සහ එය නැති කිරීම සඳහා නිසි පියවර නොගැනීම ලංකාවට යුරෝපා සංගමය විසින් ලබා දෙන ජී.එස්.පී. ප්ලස් සහනාධාර අහිමි වීමට පවා හේතුවක් විය. පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ දිනෙක දෙනෝදාහක් බලා සිටියදී සහ වීඩියෝ කැමරා ඉදිරියේ බම්බලපිටිය පොලිසියේ නිලධාරීන් විසින් මානසික රෝගියකුට පොලු පහර දී දියේ ගිල්වා මරා දමන ලදී.

ඒක පුද්ගල ආදායම වැඩි වුණා කියා ආඩම්බර විය හැකිද?

Image
(2010 පෙබරවාරි 23- W3Lanka )   2008 වන විට ඩොලර් 2200ක් වී තිබුණු ලංකාවේ ඒක පුද්ගල දළ ජාතික ආදායම 2009 වන විට ඩොලර් 2300ක් දක්වා ඉහළ ගොස් ඇති බව රජය පවසයි. ඒ අනුව ගත් කල ලංකාවේ බාල මහළු සෑම පුරවැසියකුගේ ම වාර්ෂික ආදායම රු. 240,000ක් පමණ විය යුතුය. එනම්, මාසික ආදායම රු. 20,000ක් පමණ විය යුතුය. පස්දෙනෙකු ජීවත් වන පවුලක මාසික ආදායම රු. ලක්ෂයක්වත් විය යුතුය. එසේ සිදු වන්නේ විෂමතාවකින් සම්පූර්ණයෙන් තොරව ආදායම් සර්ව සාධාරණ ලෙසින් බෙදී යන්නේ නම් පමණි. ඒක පුද්ගල දළ ජාතික ආදායම වැඩි වීම පමණක් නොව ආදායම් විෂමතාව අවම වීම ද සංවර්ධනයේ ලක්ෂණයකි. නොඑසේ නම් සිදු වන්නේ ඉහළ යන ජාතික ආදායම ධනවතුන් සීමිත පිරිසක් විසින් සූරාකෑම නිසා ඔවුන් ධනවත් වද්දී සමාජයේ බහුතර පිරිසක් වැඩි වැඩියෙන් දුප්පත් වීමයි. කිසිදු ආදායමක් ඉපැයිය නො හැකිය යන පදනමින් ලබා දෙන සමාජ ආරක්ෂණ දීමනාව හෙවත් සාමාන්‍ය ව්‍යවහාරයේ පවතින අන්දමට නම් පිං පඩි ලබන 350,000ක් දෙනා රට පුරා විසිරී සිටින බව සමාජ ආරක්ෂණ හා සමාජ සුබසාධන අමාත්‍යංශ දත්ත පෙන්වා දෙයි. මෙම පිරිස දිවයින පුරා විසිර සිටිති. ඔවුන්ගේ මාසික දීමනාව රු. 1000 දක්

පිට්ටනි තියෙන්නේ ක්‍රිකට් ගැසීමට පමණක් නොවේ

Image
(2010 පෙබරවාරි 22- W3Lanka )   අන්තර් පාසල් ක්‍රිකට් තරඟාවලියේ කළුතර විද්‍යාලය සහ මහනුවර සිල්වෙස්ටර් විද්‍යාලය අතර වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගය දෙවන දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ මහනුවර අස්ගිරිය ක්‍රීඩාංගණයට සංචාරක ඇමති ෆයිසර් මුස්තාපාගේ හෙලිකොප්ටරය ඊයේ පාත් වීම නිසා ක්‍රිකට් තරගය අවලංගු කිරීමට සිදු වීම ඇතැමුන්ගේ විවේචනයට ලක් වී තිබේ. ඇත්ත වශයෙන් ම ලංකාවේ ක්‍රිකට්වලට වඩා වැදගත් වන්නේ දේශපාලනයයි. එසේ නොවේ නම්, සනත් ජයසූරිය ක්‍රිකට් ගසන එකට දෙවන තැන දී දේශපාලනයට එන්නේ නැත. අර්ජුන රණතුංග නම් දේශපාලනයට ආවේ ක්‍රිකට් ගැසීම නැවැත්වූ පසු ය. ලෝකයේ ක්‍රිකට් ගසන රටවල් ඇත්තේ දහයක් දොළහක් පමණි. ඒ අතරිනුත් ලංකාවට පළමු තැනට එන්නට ලැබුණේ එක ම එක වතාවක් පමණි. එහෙත්, දේශපාලනය ඒ වගේද? ලෝකයේ ලොකු ම ඇමති මණ්ඩලය අතින් ලංකාව පළමු ස්ථානයට තේරුණේ ක්‍රිකට් නිසා ද? නැත. දේශපාලනය නිසා ය. ලෝකයේ රටවල් 200ක් පමණ ඇත. ලෝක මාධ්‍ය නිදහස් දර්ශකයේ රටවල් 175ක් අතරින් 162වන ස්ථානය හෙවත් මාධ්‍ය නිදහස නැති රටවල් අතරින් 13වන ස්ථානය ලංකාවට හිමි වුණේ දේශපාලනය නිසා මිස ක්‍රිකට් නිසා නොවේ. මෙවැනි උදාහරණ තව බොහ

රනිල් මෙදා පාරත් ලොස්!

Image
අවස්ථාවේ හැටිය‍ට කේලමා කෝලමා විය යුතුය (2010 පෙබරවාරි 22- W3Lanka )   කල් තබා ම පරාජය පිළි ගෙන, මහ මැතිවරණයට තනියෙන් තරග කර ජාමෙ බේරා ගැනීමේ අදිටනින් සිටි එක්සත් ජාතික පක්ෂය එන පොට හොඳ නැති බැවින් බියට පත් වී ඇති බව වාර්තා වේ.  ජනාධිපතිවරණයේ පරාජයත් සමග එජාපය සරත් ෆොන්සේකා තනි කළේය. ජනාධිපතිවරණයේ දූෂණයට එරෙහිව සටන් කිරීම සඳහා ජනතාව කැඳවීමට කිසිදු උනන්දුවක් දැක්වූයේ නැත.  සරත් ෆොන්සේකා අත්අඩංගුවට ගැනීම පසුපස එජාපය හා ආණ්ඩුව අතර අවබෝධයක් පැවති බව ද නිරීක්ෂණවලින් පෙනේ.  සරත් ෆොන්සේකා නිදහස් කර ගැනීම සඳහා නොබියව සටන් වැදුණේ ජනතා විමුක්ති පෙරමුණයි.  ෆොන්සේකා ජවිපෙ සමග සන්ධානගතව කොළඹ දිස්ත්‍රික්කයට තරග කරන්නට යන බව වාර්තා වීමත් සමග කොළඹින් මනාප ගොඩක් ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් සිටින රනිල් වික්‍රමසිංහට දාඩිය දමා ඇති බව ද දැන ගන්නට තිබේ.  එජාප මෙන් ම ජවිපෙ නායකත්වයට ද මෙම සන්ධානය හැදීමේ ඇත්ත උවමනාවක් තිබුණේ නැත. එහෙත් ජවිපෙ උපායශීලීව කටයුතු කළේය. ජවිපෙ පොදු ලකුණක අවශ්‍යතාව අවධාරණය කරද්දී එජාපය අලියා අවධාරණය කරමින් සිටියේය.  එජාපය අලියා අවධාරණය කරන්නට එක් හේතුවක් වූයේ කොහේව

දෙමළ බළල්ලු තිදෙනෙක් ආණ්ඩුවට එක් වෙති

Image
බළලා යනු කොටියාගේ මලයා ය. (2010 පෙබරවාරි 22- W3Lanka )   තංගේෂ්වරී කදිරගාමන්, එස්. කනගරත්නම් සහ ශිවනාදන් කිෂෝර් යන දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරු ආණ්ඩුවට සහාය දැක්වීමට තීරණය කර ඇති බව වාර්තා වේ. තංගේෂ්වරී මන්ත්‍රීවරිය 2004 මහ මැතිවරණයේදී කොටි සංවිධානය විසින් මඩකලපු දිස්ත්‍රික් ලැයිස්තුවට එක් කරන ලද කරුණා ගැති කාන්තාවකි. සිවනාදන් කිෂෝර් පසුගිය සමයේ දිගින් දිගට ම ආණ්ඩුව සමග එක්ව කටයුතු කළ පුද්ගලයෙකි. ඉහත පළ වූ ඡායාරූපය අරලියගහ මන්දිරයේදී ඔහු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිප වැළඳ ගනිද්දී ගනු ලැබූවකි. එස්. කනගරත්නම් මන්ත්‍රීවරයා වසරක පමණ කාලයක් තමන් නියෝජනය කළ කොටි පාලන ප්‍රදේශයේ රැඳී සිට යුද්ධයේ අවසානයත් සමග රජයේ පාලන ප්‍රදේශයට පැමිණ අවතැන් කඳවුරක සිටියදී අත්අඩංගුවට ගෙන මාස අටකට වැඩි කාලයක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ කොළඹ රඳවාගෙන සිට කිසිදු චෝදනා ඉදිරිපත් කිරීමකින් තොරව නිදහස් කරන ලද පුද්ගලයෙකි. මෙම මන්ත්‍රීවරයාගේ පුත්‍රයා ද කොටි සංවිධානය විසින් කොළඹට එල්ල කරන ලද ගුවන් ප්‍රහාරවලට උදව් කළේ ය යන චෝදනාව මත රඳවා තබාගෙන සිටින අතර ඔහු නිදහස් කර ගැනීම සඳහා උදව් කරන බවට ද ආණ්ඩුව එහුට ප

දෙමළ ජාතික සන්ධානය බිඳවැටෙයිද?

Image
(2010 පෙබරවාරි 20- W3Lanka )   දෙමළ ජාතික සන්ධානය මේ වන විට දැඩි ලෙස ධනේශ්වර හා ඉන්දීය ගැති බලවේගවල ග්‍රහණයට ලක් වෙමින් ඇති බව ද, එහි ප්‍රතිඵලයක් ලෙස ඉදිරි මහ මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් ගණනාවකට ම නාම යෝජනා නො ලැබෙනු ඇති බව ද වාර්තා වේ.  පසුගිය ජනාධිපතිවරණයට ස්වාධීනව තරග කළ එම්.කේ. සිවාජිලිංගම්, එන්.ශ්‍රීකාන්තා, කේ. තංගේෂ්වරී, එස්. ගජේන්ද්‍රන්, පද්මිණී සිදම්බරනාදන්, සිවනන්ද කිෂෝර්, එස්. කනගරත්නම්, ටී. කනගසබෛ, සී.චන්ද්‍රනේරු ආදී මන්ත්‍රීවරු රැසක් නාම යෝජනා නො ලැබෙන පිරිස අතර වෙති.  මේ වන විට ‍දෙමළ ජාතික සන්ධානයේ ආධිපත්‍යය ආර්. සම්බන්ධන් (ඉලංකෛ අරසු කච්චි), සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් (ඊ.පී.ආර්.එල්.එෆ්.) හා සෙල්වම් අඩෛකලනාදන් (ටෙලෝ) වැනි පිරිසක් අතට පත්ව තිබේ. කොටි සංවිධානය බලවත්ව සිටි සමයේ එහි බලපෑමෙන් නාම යෝජනා ලැයිස්තුවලට ඇතුළත් වූ පක්ෂවලට අයත් නො වන මන්ත්‍රීන් හා ඉහත කී පිරිස අතර මේ වන විට ප්‍රශ්නය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙමින් ඇති බව වාර්තා වේ.   කෙසේ වෙතත්, දෙමළ ජාතිය වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානයේ සමගිය ආරක්ෂා කර ගන්නැයි දෙමළ ජනයා වෙතින් ඇති බලපෑමට සවන් දීමට ද

තිස්ස විතාරණයි ඩිව් ගුණසේකරයි මේ පාරත් ගොඩ

Image
(2010 පෙබරවාරි 20- W3Lanka )  ලංකා සමසමාජ පක්ෂයේ තිස්ස විතාරණ හා කොමියුනිස්ට් පක්ෂයේ ඩිව් ගුණසේකර මෙවරත් නොමිළේ ම ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තල්ලු වීමට සැලසුම සකස් කරගෙන ඇත.  කොමියුනිස්ට් පක්ෂය නියෝජනය කරන බව කියන චන්ද්‍රසිරි ගජධීර ඇමති හැර සමසමාජ කොමියුනිස්ට් පක්ෂවලින් ඉදිරිපත් කරන සෙසු අපේක්ෂකයන් කිසිවෙකුට පාර්ලිමේන්තුවට තේරී පත් වීමට පුංචි හෝ අවස්ථාවක් නැති මුත් කෙසේ හෝ ඔවුන් ටික කඩේ යවා එලොවටත්, මෙලොවටත් වැඩක් නැති සිය ඇමති තනතුරු දෙක රැක ගැනීමට මේ පතෝල කොමියුනිස්ට්කාරයන් දෙදෙනා සමත් වීම මෙවර මහ මැතිවරණයේ අපූරු ම සංසිද්ධියකි.  තිස්ත විතාරණ විසින් පසුගිය කාලයේ කරන ලද වැදගත් කාර්යයක් වූයේ සර්ව පාක්ෂික නියෝජිත කමිටුවේ සභාපති පදවිය දැරීමයි. ජාතීන්ගේ ප්‍රශ්නය විසඳීම සඳහා තමන් කටයුතු කරමින් සිටින බව පෙන්වමින් දෙමළ ජනයාගේ අරගලය මර්දනය කිරීමේදී ජාත්‍යන්තර පීඩනය වළක්වා ගැනීම සඳහා විතාරණගේ කමිටුව හොඳ පළිහක් වූ අතර ඒ කමිටුව විසින් ජනාධිතිවරයා වෙත ඉදිරිපත් කරන ලද වාර්තාවට සිදු වූ දේ තිස්ස විතාරණවත් දන්නවා ද යන්න සැක සහිත ය.  ඇමති ඩිව් ගුණසේකර විසින් නම් කරන ලද කිසිදු වැදගත් වැඩ

බාප්පලා එනවා! ජවිපෙ සූදානම් ද?

Image
(2010 පෙබරවාරි 20- W3Lanka )   ජනතා විමුක්ති පෙරමුණේ බත්තරමුල්ල කාර්යාලයට බාප්පලා ඇවිත් ගොස් ඇති බව වාර්තා වේ.  බාප්පලා, මහප්පලා සමග කරට අත දාගෙන සිටි යුගය අවසන් වී ඇත. දැන් ඉතින් බාප්පලා එන්නේ නෑකමට නොව එක, එක ඕනෑකම්වලටය.  මේ බාප්පලා ජවිපෙ ගැන සියලු කරුණු දනිති. බාප්පලාට ඒවා කියන්නේ බිල්ලෝ ය. අසූ නමයේදී බිල්ලන් හිටියේ ගෝනිවලින් මුහුණ වසාගෙනයි. දැන් බිල්ලන් ආවරණය සලසා ගන්නේ කළු වීදුරු සහිත සැප රියවලින් හා පාර්ලිමේන්තු, ඇමති වරප්‍රසාදවලිනි. දැන් ඉතින් දේශපාලන මණ්ඩලයේ සැඟවුණු අමුත්තන්ට ඒ සෙල්ලම නවත්වන්නට සිදු වේ.  2003 වන විට රනිල් වික්‍රමසිංහ හරහා නැඟී එමින් තිබුණු නව ලිබරල් ධනවාදී ප්‍රවණතාව පරාජය කිරීම සඳහා ජාතිවාදය පෙරමුණට ගත් ජවිපෙ 2005දී මහින්ද රාජපක්ෂ ජයග්‍රහණය කරවූයේ ඔහු දුර්වල පාලකයකු වනු ඇතැයි සිතමිනි. දෙමළ දිළිඳු ගැමි තරුණයන්ගේ දේශපාලන ව්‍යාපාරක් වූ කොටි සංවිධානය ද මේ පදනමින් ම මැතිවරණ වර්ජන ව්‍යාපාරයක් ඔස්සේ මහින්ද රාජපක්ෂ දිනවීමට ක්‍රියා කළේය.  ධනවාදය සමග අභිමුඛ වීම වෙනුවට පසුගාමිත්වයන්ට  මුවා වීමට යාමේ වන්දිය කොටි සංවිධානය විසින් මේ වන විට ගෙවා තිබේ.  ජවිපෙ සූ

Why are you outstanding? Come and understand the umbrella

Image
(2010 පෙබරවාරි 19- W3Lanka )  දෙමළ ජාතික සන්ධානයෙන් බිඳුණු මන්ත්‍රීන් කීපදෙනෙක් සහ ආචාර්ය වික්‍රමබාහු කරණාරත්න එක්ව ඉදිරි මහ මැතිවරණයේදී වාමාංශික විමුක්ති පෙරමුණ ලෙස කුඩය ලකුණින් තරග කිරීමට සූදානම් වෙමින් සිටින බව වාර්තා වේ. දෙමළ ජනතාවගේ සිවයං නිර්ණ හිමිකම පිළි ගත් එක්සත් ශ්‍රී ලංකාවක් යන පදනමින් තරග වදින මෙම කණ්ඩායමට දෙමළ ජාතික සන්ධානයේ ටෙලෝ කණ්ඩායමේ මන්ත්‍රීන් වන එම්.කේ. සිවජිලිංගම් සහ එන්. ශ්‍රීකාන්ත දැනටමත් එක් වී සිටිති. හිටපු ඇමතිවරයකු වන අබූ යුසුෆ් ද ‍මෙම සන්ධානයට එක් වී සිටින අතර දෙමළ ජාතික සන්ධානයේ සිටි රැඩිකල් මන්ත්‍රීවරුන් දෙදෙනෙකු වන පද්මිනී සිදම්බරනාදන් හා එස්. ගජේන්ද්‍රන් ද ඉදිරියේදී එයට එක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. වාමාංශික විමුකිති පෙරමුණ සියලු දිස්ත්‍රික්කවලට නාම යෝජනා ඉදිරිපත් කිරීමට සූදානම් වෙමින් සිටියි. පසුගිය ජනාධිපතිවරණයේදී ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න ඡන්ද 7055ක් ලබා ගත් අතර ඔහු සමග එක්ව ප්‍රචාරක ව්‍යාපාරයේ යෙදුණ එම්.කේ. සිවාජිලිංගම් ඡන්ද 9662ක් ලබා ගත්තේය. සිරිතුංග ජයසූරියගේ නායකත්වයෙන් යුත් එක්සත් සමාජවාදී පක්ෂය ජනාධිපතිවරණයේදී ඡන්ද 8,352ක් ලබා ගත්

මැලේරියා මර්දනය ගැන සම්මාන දිය යුත්තේ නිමල් සිරිපාලටද? මැලේරියා මදුරුවාටද?

Image
(2010 පෙබරවාරි 19- W3Lanka )  1999දී 269,000ක් වූ මැලේරියා රෝගීන් සංඛ්‍යාව 2009 වන විට 486 දක්වා අඩු කිරීම පිළීබඳව සෞඛ්‍ය ඇමති නිමල් සිරිපාලට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයීමක් ලැබී ඇති බව ඔහු පවසයි. ඒ නිසා අප ද ඔහුට ස්තුති කළ යුතු බව හා බදුලු ජනතාව ඔහු පාර්ලිමේන්තුවට පත් කළ යුතු බව ද ඔහු අදහස් කරනවා ඇත. එසේම ජනාධිපතිවරයාට ඊළග පාර්ලිමේන්තුවෙන් ද ඔහු ම සෞඛ්‍ය ඇමති ලෙස පත් කිරීමට පිළිබඳ සිත් පහළ විය යුතු යයි ද ඔහු සිතනවා විය හැකි ය.  එහෙත් ඇත්ත වශයෙන් ම මේ සම්මානය හිමි විය යුතුව තිබෙන්නේ මැලේරියා මදුරුවාට බව අපේ අදහසයි. මක් නිසා ද යත්, නිමල් සිරිපාල ඇමතිවරයා ගැසූ මදුරු තෙල් ඩෙංගි මදුරුවා සත පහකට ගණන් නොගනිද්දී ඒවා ඇ‍‍ඟේ ගාගෙන මළේ ඌ නිසා ය.  නිමල් සිරිපාලගේ මදුරු තෙල් ගැසීම හොඳ නම් 2009දී ඩෙංගි රෝගීන් ලක්ෂ තුනකට වඩා හමු වන්නේ නැත.  අපට පෙනෙන අන්දමට නම් මෙතැන ඇත්තේ මැලේරියා මදුරුවාගේ මනුස්සකමක් හෝ දුර්වලකමක් හෝ විය යුතුය. (කොහොමත් මනුස්සකම යනු දුර්වලකමක් තමා ය.)  එහෙයින් මැලේරියා මදුරුවා වහා සම්මානයක් දිය යුතුය.