ඡන්දය දිනන්නත් කලින් ආණ්ඩුව රට විකිණීම අරඹයි. ගිනි පොළියට රු. කෝටි 5000ක්
(2010 පෙබරවාරි 14-W3Lanka) රජයේ වියදම් අධික ලෙස ඉහළ යාම හා ආදායම් පහත වැටීම හේතුවෙන් රජය මේ වන විට විදේශ සංචිත වියදම් කරමින් සිටින බව වාර්තා වේ.
ඒ මදිවාට මැයි මාසයෙන් පසු විවෘත මුල්‍ය වෙළඳපළෙන් දස වසකින් ආපසු ගෙවීම සඳහා ඉහළ පොලියට ඩොලර් මිලියන 500ක හෙවත් රු. කෝටි 5000කට අධික ණයක් ලබා ගැනීමට ද මහ බැංකුව සැලසුම් කර තිබේ. ඒ ණය ගෙවිය යුතු වන්නේ නාමල් රාජපක්ෂ ජනාධිපති වු පසුව අනාගත පරම්පරා විසිනි.
විදේශ සංචිත ඉහළ නැංවීම සඳහා පසුගිය වසරේදී රජය ජාතන්තර මුල්‍ය අරමුදලෙන් රු. කෝටි 30,000ක ණයක් ඉලිලා සිටි අතර එහි වාරිත දෙකක් මේ වන විට ලබාගෙන තිබේ
2009දී මීට අමතරව රු. කෝටි 12,000කට අධික ණය විවෘත මුල්‍ය වෙළඳපළෙන් ගිනි පොළියට ද ලබා ගන්නා ලදී.
මේ ණය හැඳින්වීම සඳහා ඩොලර් බොන්ඩ්ස් වැනි සුන්දර ප්‍රයෝගකාරී වචන පාවිච්චි කිරීම ධනවාදයේ ආර්ථික විජ්ජාව වී තිබේ. එහෙත් මේවා සහ කෝපි කඩේ පොලී මුදලාලිගෙන් ඩිංගි මහත්තයලා ගන්නා ණය අතර කිසිදු වෙනසක් නැත.
මෙසේ ලබා ගන්නා ණය වෙනුවෙන් ලංකාවේ අනාගත පරම්පරා උලසට තබා තිබේ. මේ ණයවලින් කරනු ලබන සංවර්ධනය යයි හැදින්වෙන කාර්යය පසුපස ප්‍රධාන වශයෙන් ම තිබෙන්නේ කොමිස් ජාවාරම් ය. කොමිස් කාක්කන් හා කොන්ත්‍රාත්කරුවන් විසින් ලාභ ගරා ගැනීමෙන් පසුව ඇත්තෙන ම යම් සංවර්ධනයක් ද සිදු වන බව කිව යුතු ය.
රු. කෝටි 30,000ක් පමණ වූ වෙළඳ ශේෂය හෙවත් ආනයන හා අපනයන වියදම් අතර හිඟය පියවා ගැනීම සඳහා මේ රජය අනුගමනය කරනු ලබන ක්‍රමවේදය වන්නේ විවෘත මුල්‍ය වෙලඳපොළෙන් ඉහළ පොලියකට ණය ගැනීමයි. එම ණය කල් පිරී ආපසු ගෙවන්නට සිදු වූ විට රජය තවත් ණයක් ගෙන කලින් ණය ගෙවා දමයි. ණය පැටවුන් ගසන්නේ මෙසේයි. ලංකාවේ විදේශ ණය ප්‍රමාණය 2008 අවුරුද්ද වන විට රටේ දළ දේශීය නිෂ්පාදනයෙන් 81%ක මට්ටමට ඉහළ ගොස් තිබිණි.

Comments
Post a Comment
මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.