රණවිරුවනි, පාලම හැදූ විට තොටියා පවා වෙන රස්සාවක් සොයා ගත යුතු ය
(2010 පෙබරවාරි 06-W3Lanka) ලංකාවේ ආරක්ෂක සේවා වෘත්තිකයන් රණ විරු මුරුංගා අත්තෙන් බැස්සවීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව නිරීක්ෂණය වේ.
දිවයින වැනි ආරක්ෂක සේවා වෘත්තිකයන් විකුණා යැපුණ පුවත්පත් පවා දැන් රණවිරුවා යන වචනය පවා පාවිච්චි කරන්නේ අඩුවෙනි. දැන් දිවයිනට ජනප්‍රිය මාතෘකාවක් වන්නේ ආරක්ෂක සේවා වෘත්තිකයන්ගේ රාජද්‍රෝහිකම් ය. කියවන්න හමුදාව ජෙනරාල්කරණයෙන් ගලවා ගැනීම!
රණවිරුවන් උඩ දැමීම නවත්වන්නැයි ආණ්ඩුව මාධ්‍ය ආයතනවලට උපදෙස් දී ඇති බව ද දැනගන්නට ඇත. ඒ දිනවල නිතර දෙවේලේ ප්‍රචාරය වූ අපි වෙනුවෙන් අපි දැන්වීම්, රණවිරු ගී තබා රණවිරුවන් විකිණූ ජංගම දුරකථන දැන්වීම්වත් දැන් විකාශය වන්නේ නැත.
රාජපක්ෂ ආණ්ඩුවේ මෙම පියවර නම් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට යම් ආකාරයකට ඉවහල් වන ප්‍රගතිශීලී පියවරක් ලෙස සැලකීමට පුළුවන. පශ්චාත් යුද සමයක ශක්තිමත් කළ යුත්තේ සිවිල් ආයතනයි. එමගින් දේශපාලනය හා සමාජය මිලිටරිහරණය වේ.
විශ්‍රාමික හමුදා ප්‍රධානියකුගෙන් ජනාධිපතිවරයාගේ යළි පත්වීමේ ආශාවට එල්ල වූ අභියෝගය නිසා ඇත්ත වශයෙන් ම ප්‍රජාතන්ත්‍රවාදයට සිදු වූයේ හානියකි. මන්ද හමුදා නිලධාරියා ජනාධිපතිවරණයෙන් පැරදවීමට ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස කටයුතු කිරීමට ජනාධිපතිට සිදු වූ හෙයිනි.
දැවැන්ත හමුදා කුමන්ත්‍රණයක් පිළිබඳ විවිධ තොරතුරු ද මාධ්‍යවල පළ වේ. අප මේ සිටින්නේ හමුදා පාලනයක ද සිවිල් පාලනයක ද යන්න පැහැදිලි නැති මුත් සම්ප්‍රදායිකව අප හමුදා පාලනයකට විරුද්ධ නිසා රාජපක්ෂ වුණත් හමුදා ආණ්ඩුවකට වඩා නරක නැතැයි සිතේ.
රණවිරුවා ආරක්ෂක සේවා වෘත්තිකයකු බවට පත් වීම සමාජ සංවර්ධනයේදී ද අත්‍යවශ්‍ය දෙයකි. යුද්ධයක් නොමැති තත්වයක් තුළ රටේ අනෙකුත් වැදගත් වෘත්තීන්ට තිබෙන මට්ටමේ ගෞරවයක් ඔවුන්ට ද තිබීම ප්‍රමාණවත් ය. එහෙම නැතිව දුම්රියේ බස් රියේ යන විට ගැබිනි මව්වරුන් ඔවුන්ට ආසන දීම සඳහා සිට ගත යුතු නැත.
තිස් වසක යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස ඇති වූ සමාජ මිලිටරිකරණය කෙතරම් ද යත් ගමේ ගොඩේ ආත්තා, මුත්තා පවා පසුගිය කාලයේ එස්.එෆ්, ආටි, මල්ටි බැරල්,ඔපරේෂන් ආදිය ගැන කතා කළහ. අල්ලපු ගෙදර ඉන්න තරහාකාරයාට පවා ප්‍රභාකරන්ට නන්දිකාඩල්හිදී දුන්න ගේම වැනි ගේම් දෙන්නට සිතන තත්වයට සමාජ මනස ද ප්‍රචණ්ඩ විය. පන්සිල් ගැනීමෙන් පසු සමූලඝාතන පිළිබඳ සාකච්ඡා කරන තත්වයට ආගම හා සදාචාරය පිරිහිණි.
ගිනි අවි භාවිතය සුලබ වූ අතර ඒ පිළිබඳ පුහුණුව ලැබූ හමුදාවෙන් පළා ආ විශාල පිරිසක් සමාජයට එක් වූහ. මෙම පිරිස සේවයෙන් නිල වශයෙන් ඉවත් කිරීමට පියවර ගත්තා සේ ම ඔවුන් වෙනත් සිවිල් රැකියාවල යෙදෙන සාමාන්‍ය මිනිසුන් තත්වයට පුනරුත්ථාපනය කිරීම ද අවශ්‍ය ය.
රණවිරුවන් නැවත අවශ්‍ය වන්නේ ප්‍රභාකරන්ගේ හෝ විජේවීරගේ පුනරාගමනයක් සිදු වුවහොත් පමණි. එතෙක් සොල්දාදුවන් ආරක්ෂක සේවා වෘත්තිකයන් බවට පත් විය යුතු ය. සමාජය ගුණමකු යයි කණගාටු විය යුතු නැත. සමාජය කොහොමත් එහෙම ය. නැතිනම් සරත් ෆොන්සේකාට මෙහෙම වන්නේ නැත. සමාජය ඔහුට කළ ගුණ සැලකුවා නම් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට වන්නේ කුමක් ද?
ලෝකයේ ඕනෑම රස්සාවක් ඔහොම ය. පාලම හැදූ විට තොටියා වෙන රස්සාවක් සොයා ගත යුතු ය.

You are loosing focus... moving away from being objective to being subjective... you are loosing your readership and your integrity... you are just turning out to be a mouthpiece of a group and once you become that you will loose all the hard work you have done up to now to build up your readership... I am one reader you have just lost!
ReplyDelete