මාස හතරක් තුළ හය වතාවක් පමණක් රැස් වන පාර්ලිමේන්තුව

(2010 පෙබරවාරි 05-W3Lankaනීති සම්පාදනය කිරීම සඳහා තිබෙන පාර්ලිමේන්තුව අද රැස් වේ. ඒ හදිසි නීතිය මසකින් දීර්ඝ කර ගැනීමටයි. එය මෙම පාර්ලිමේන්තුවේ අවසන් රැස්වීම විය හැකි බව ජනමාධ්‍ය පවසයි.


නිති සම්පාදනයේදී මහජනතාව නියෝජනය කිරීම සඳහා පාර්ලිමේන්තුවට පත් කර යවනු ලබන මන්ත්‍රීවරුන් 225දෙනා නඩත්තු කිරීම සඳහා සමාජය අති විශාල පිරිවැයක් දරයි.


මහජන මුදලින් දැවැන්ත වැටුප්, සුඛෝපභෝගී වාහන, ඉන්ධන, දුරකථන, කාර්ය මණ්ඩල, ගෙවල් කුලී වැනි වරප්‍රසාද රැසක් ලබා ගන්නා, 110ක ඇමති කට්ටුවක් ද නඩත්තු කරන පාර්ලිමේන්තුව සිය මූලික කාර්යය වන නීති සම්පාදනය හා ඒ හා සම්බන්ධ මහජන නියෝජනයන් ලබා ගැනීම සදහා මසකට දින අටක් රැස් විය යුතු ය.


"නොවැම්බර් මාසයේ නියමිත දින අටෙන් සභාව රැස්‌වුණේ දින තුනයි. ජනාධිපති පදවි ප්‍රාප්තියත්, එතුමාගේ උපන් දිනයත් නිසා රැස්‌වෙන්න බෑ කිව්වා. දෙසැම්බර් මාසෙත් දවස්‌ අටෙන් රැස්‌ වුණේ එක දිනයයි. ජනවාරි මාසෙත් එක දවසයි. පෙබරවාරිත් එහෙමයි," යි ජනවාරි මාසයේ පාර්ලිමේන්තු රැස්වීමේදී පෙන්වා දීමට සිදු වූයේ ජවිපෙ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක අනුර කුමාර දිසානායකටයි.


දැන් දැන් පාර්ලිමේන්තුව රැස් වන්නේ හදිසි නීතිය මසකින් දීර්ඝ කරවා ගැනීමට පමණක් බව පෙනේ. රටේ ප්‍රජාතන්ත්‍රවාදය අනතුරට ලක් වී තිබෙන තරම පෙන්වා දීම සඳහා මීටත් වඩා නිදසුනක් තවත් අවශ්‍ය නැත.


මේ ප්‍රජාතන්ත්‍රවාදය නිර්වචනය කරන රුවන් වැකියක් ඇමති නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කළේ ය. "ජනාධිපතිවරණයට සෑම පක්‌ෂයක්‌ම දේශපාලන ක්‍රියාවල යෙදී සිටිනවා. විපක්‌ෂයටත් මේ කාලය අවශ්‍යයි. එහෙම කාලය ලබාදීම තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ."

Comments

  1. අනෙ නිමල් මහත්තයො අල්ලලා ගහපන්කො මගෙ ඔලුව බිත්තියෙ...

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා