ලාල් කාන්ත යෝගට් හා කවුද බොලේ මේ ගුණරත්නම්

(2010 පෙබරවාරි 15-W3Lanka)  වැඩබලන තැපැල් ඇමති නන්දන ගුණතිලක 2000දී ජවිපෙ ජනාධිපති අපේක්ෂක ද විය. 1980 දශකයේ පේරාදෙනි විශ්වවිද්‍යාලයේ සිසුවකුව සිටියදී පූර්ණකාලික දේශපාලනයට පිවිසි නන්දන ජවිපෙ දේශපාලන මණ්ඩල සභික තනතුරක් දක්වා ඉහළ ගියේය. 2007දී පමණ ජවිපෙන් නෙරපන ලද හේ පසුව විමල් වීරවංශ සමග එක්ව ජාතික නිදහස් පෙරමුණ බිහි කළේය. දැන් එයින් ද බිඳී ගොස් ජවිපෙන් කැඩී ගිය තවත් හිටපු ප්‍රබල ක්‍රියාකාරිකයකු වන කමල් දේශප්‍රිය මන්නවත්ත සමග පුද්ගල කේන්ද්‍රීය දේශපාලනයක දැනට නියැලී සිටින නන්දන ගුණතිලක ජවිපෙ ඉතිහාසය පිළිබද තමන් දන්නා රහස් ටිකක් 'සිළුමිණ'ට වමාරා ඇත.


ඒ අනුව, "1989 දී ෆොන්සේකා ත්‍රිකුණාමලයේ හිටියේ. එදා ඔහු කර්නල්. ඔහු එදා ජවිපෙ අහුවෙන අහුවෙන අය මරා දැම්මා. ඒ කාලේදී (සරත්) ෆොන්සේකා ඉන්දියන් හමුදාව සමඟ සහ එජාපය සමඟ ගනුදෙනු කළා. ඒ කාලයේදී තමයි ඔහුට ජවිපෙ වත්මන් අදිසි නායකයා වෙන පේ‍්‍රම කුමාර ගුණරත්නම් හමු වෙන්නේ. ෆොන්සේකා එදා සිට ඔහු සමඟ ගනුදෙනු කළ බව අප දන්නවා. එහි අවසාන ප්‍රතිඵලය තමයි ෆොන්සේකා ජනාධිපතිවරණයට තරග කිරීම," යි ඔහු පවසයි.


මෙකී ප්‍රේම කුමාර ගුනරත්නම් යනු කලක් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරුව සිටි දීප්තිමත් ජවිපෙ නායකයකු වූ 1989දී ඝාතනයට ලක් වූ රංජිතන් ගුණරත්නම්ගේ බාල සොයුරායි.


"පේ‍්‍රම කුමාර ගුණරත්නම් අපට කියා තිබුණේ යාපනයේදී එවකට හමුදාවේ භාරයෙන් පැන ආ බවයි. නමුත් පසුව හමුදා නිලධාරීන් හෙළි කර තිබුණා ගුණරත්නම් නිදහස් කළේ සරත් ෆොන්සේකා කියලා. ජවිපෙට ෆොන්සේකා සමග දේශපාලන ගනුදෙනුවකට යන්න පුළුවන් වුණේ ජවිපෙ අදිසි නායක දේශපාලන මණ්ඩල සභික ගුණරත්නම් නිසා. අනුර දිසානායක ෆොන්සේකා සමග සාකච්ඡාවට යන්නේ ඒ හරහායි," යි ගුණතිලක පවසයි.


"මම ජවිපෙ දේශපාලන මණ්ඩලය නියෝජනය කරන විට පේ‍්‍රම කුමාර දේශපාලන මණ්ඩල සභිකයෙක්. නමුත් ඔහු රටට හෙළි නොකළ දේශපාලන මණ්ඩල සභිකයෙක්. එසේ රටට හෙළි නොකරන්න හේතු තිබුණා. ඔහු අත්අඩංගුවට ගැනීමේ සූදානමක් තිබුණා. අද ඔහු ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. ඔහු ඕස්ට්‍රේලියාවේ සිට ජවිපෙ මෙහෙයවනවා. ටිල්වින් සිල්වා සහ සෝමවංශ අමරසිංහට වඩා ගුණරත්නම් ඉතාම බලවත්. ජවිපෙ තීන්දු ගැනීම්වලට මැදිහත් වෙන නායකයා ඔහුයි."


නන්දන ගුණතිලකගේ කතාවේ රසම හරිය මෙසේය. "අද ජවිපෙ නායකත්ව මණ්ඩලයේ ඉන්න හැමෝම පක්ෂය අතහැර පලා ගිය උදවිය.


ටිල්වින් සිල්වා අත්අඩංගුවට පත් වුණාම යටත් වුණා. අනුර කුමාර 1989 අනුරාධපුර එප්පාවල කැලේදී අඬලා වැලපිලා පක්ෂය දාලා ගියා. විජිත හේරත් අත්අඩංගුවට පත්වුණාම අපේ සහෝදර සහෝදරියෝ පාවා දුන්නා. ලාල්කාන්ත පක්ෂයට අමාරුම කාලේ පක්ෂය දාලා ගිහින් ගෙදරට වෙලා යෝගට් බිස්නස් එකක් කරපු කෙනෙක්. ජවිපෙ නායකත්ව මණ්ඩලයේ ඉන්නේ අපි පක්ෂය ගොඩනගාගෙන යන විට අතරමගදි ගොඩ වූ අයයි."


ඔන්න මේවා කීවේ අපි නෙමෙයි සහෝදරවරුනි. ඔබගේම ආදරණීය (හිටපු) නන්දන ගුණතිලක සහෝදරයායි. මහා විප්ලවවාදීන් ලෙස පෙනී සිටින කාගේත් හම පොඩ්ඩක් සූරා බැලූ විට ඉන්නේ නන්දනලා, ලාල්ලා, අනුරලා වැනි සාමාන්‍ය මිනිස්සු බව අපි නම් දන්නෙමු. 


එක පතේ කා පසුව එක පතේ කෑ එකා පමණක් නොව කෑ පත පවා පාවා දීම ජවිපෙ ඉතිහාසයේ සාමාන්‍ය විප්ලවීය ලක්ෂණයකි. ජවිපෙ උත්තමයන්ට කන්න දුන් නිසා 1989දී කීදෙනෙක් අවසන් ගමන් ගියාද යන්න අද ජවිපෙ නායකයන්ට මතක නැත. ඔවුන්ගේ වර්තමාන නාඩගම් දෙස ඒ අහිංසකයන් කොහේ හෝ සිට බලා සිටින්නේ නම් ඔවුන් විළියෙන් ඇඹරී කඹ බවට පත් වනු නිසැකය. 

Comments

  1. The biggest betrayals were done by JVP alright. Its strange that there is no commnet about Wimal W in this article.

    ReplyDelete
  2. මේ මොකද ජවිපෙ පඩෙත් සුවඳයි කිව්ව අය දැන්....වයර් මාරු වෙලාද

    ReplyDelete
  3. ඇයි නන්දන් ඇමතියා නොකියන්නේ මම ඒ කාලයේ ඉඳලාම ස්ත්‍රි සොඬෙක්,අපේම සහෝදරියන් විශාල ප්‍රමාණයක පහස ලැබුවා,මට තිබුණු ගොණෝරියා ලෙඩේ මම නොමිලයේම මම ඒ සහෝදරියන්ට පිරිනැමුවා,මම කැ‍රැල්ලේන් පස්සේ 33 වාට්‍ටුවෙන් ප්‍රතිකාර ගත්තා,නමුත් මට ඒ කුපාඩි කම අත ඇර ගන්න බැරිවෙලා කසාද බැඳලාත් ඩබල් එන්ජින් පාවිච්චි කරන්න ගිහිං වැඩේ දුර දිග ගිහිං කැනඩාවේ තමයි නැවතුනේ කයලාත් කිව්වා නම් වැඩේ සම්පුර්ණයි

    ReplyDelete
  4. w3 මිත්රයා ඔයා ටිකක් පීල්ලෙන් පිට පනිනවා වගේ දැනෙනවා.. ජවිපේ විතරක් නෙමෙයි කොයි පක්ෂයේත් ඔයවගේ මළ ඇඩියාවල් තියෙනවා.. යන යකා යන්නෙම කොරහත් බිදගෙන බව අපි දන්නවානේ...ඕවා පචමිණට ලොකු වුනාට එයා මොකටද මේවා ලොකු කර ගන්නේ.....

    ReplyDelete
  5. Mr.Parakum, can we know why you hate the JVP so much?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා